Neth Web

Neth Web Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Neth Web, News & Media Website, .

16/07/2024

බයේ හැංගුන නරි - හැංගුන පාතාල සාමාජිකයන්ට පොලිස්පති දුන්න නම

08/07/2024

සුජීවගේ අලුත් සැලුන් එක ඇතුලේ දර්ශන පිටවේ - මෙන්න ඇතුලේ දී වෙඩි තබන විට සිදුවූ දේ

08/07/2024

ගායන ශිල්පිනි කේ සුජීවාට බරපතලයි - මෙන්න අලුත්ම දර්ශන

මුහුදේ පාවූ බෝතලය බිවූ හතරක්ම දැනට මැරිලා..සිරුරු තවමත් මුහුද මැද - ඉතුරු බෝතල් තවත් යාත්‍රාවලට දීලා ....මුහුදේ පාවෙමින්...
29/06/2024

මුහුදේ පාවූ බෝතලය බිවූ හතරක්ම දැනට මැරිලා..සිරුරු තවමත් මුහුද මැද - ඉතුරු බෝතල් තවත් යාත්‍රාවලට දීලා ....

මුහුදේ පාවෙමින් තිබියදී හමුවූ විදෙස් මත්පැන් බෝතලයක් බව පවසා එය පානය කිරීමෙන් පසු මියගිය ධීවරයින්ගේ ගණන හතර දක්වා ඉහළ ගොස් ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය පවසනවා.

මෙම ධීවරයින් වෙනත් ධීවර යාත්‍රාවකින් ගොඩ බිමට රැගෙන එන බවද පොලිසිය සඳහන් කළා.

අසාධ්‍ය තත්ත්වයේ පසුවන ධීවරයන් හැකි ඉක්මනින් ගොඩට රැගෙන ඒමට මැදිහත් වන ලෙසට බල කරමින් අද පස්වරුවේ මාතර කතරගම මාර්ගය තංගල්ල පල්ලික්කුඩාව ප්‍රදේශයෙන් හරස් කර ප්‍රදේශවාසීහු පිරිසක් උද්ඝෝෂණයකද නිරත වූ අතර .
නාවික හමුදාව ධීවරයන් ගොඩ බිමට රැගෙන ඒමට කටයුතු කරන බට පොලිසිය පැවසූ පසු ධීවරයින් විසිර ගොස් තිබෙනවා.

ධීවර අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා මේ පිළිබඳව මෙසේ අදහස් දැක්වූවා.

"වෛද්‍ය කණ්ඩායම් පණිවුඩ හුවමාරු යන්ත්‍රය භාවිත කරමින් ප්‍රතමාධාර ලබාදෙනවා. අපිට ගොඩබිම සිට යාත්‍රාවක් යැවීමට ප්‍රමාණවත් කාලයක් නැහැ. ඔවුන් ඉතා ගැඹුරු මුහුදේ ඉන්නේ. ඒ අසල ගමන් කරන වෙනත් නෞකාවකට ඔවුන් ගොඩ කිරීමට උත්සාහ ගනිමින් සිටිනවා. දැනට තොරතුරු වාර්තා වෙන්නේ මෙම ධීවරයන්ට හමුවූ බෝතල්වලින් කොටසක් ඒ අවට තිබූ අනෙක් යාත්‍රාවලට බෙදාදී තිබෙන බව. තවත් කුමණ යාත්‍රාවක හෝ මේ බෝතල් තිබෙන්න පුළුවන්. අපි ඒ ගැනත් දැන් දැනුවත් කරමින් යනවා."

"මේ වනවිට නාවික සැතපුම් 320කට වැඩි දුරකින් ජාත්‍යන්තර මුහුදේ තමයි මේ යාත්‍රාව තිබෙන්නේ. දැනට ගොඩබිමට ගමන් කරන වේගය පැයකට නාවික සැතපුම් 07කට ආසන්න වේගයක්. ඒ කියන්නේ දවස් දෙකට ආසන්න කාලයක් ගොඩබිමට පැමිණීමට ගතවෙනවා.

29/06/2024

අගමැතිකම ගන්න හර්ෂ ද සිල්වා කැමති වෙලා

හොරෙන් ගහපු ගේම එළියට එන දවස ....ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරග කරන ප්‍රධාන අපේක්ෂකයන්ගේ අපේක්ෂකත්වය පිළිබඳ නිල ප්‍රකාශයක් ...
29/06/2024

හොරෙන් ගහපු ගේම එළියට එන දවස ....

ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරග කරන ප්‍රධාන අපේක්ෂකයන්ගේ අපේක්ෂකත්වය පිළිබඳ නිල ප්‍රකාශයක් ජූලි මස (ලබන මස) තුන්වැනි සතියේදී ප්‍රකාශයට පත් කෙරෙනු ඇතැයි දේශයට වාර්තා වනවා.

මෙහිදී මුලින්ම සිය අපේක්ෂකත්වය පිළිබඳ ප්‍රකාශය නිකුත් කරනු ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනි. ඔහු මෙවර ජනාධිපතිවරණයට නිර්පාක්ෂික පොදු අපේක්ෂකයකු ලෙස තරග කරනු ඇතැයි ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨයන් දැනටමත් ප්‍රකාශ කර තිබෙනවා.

ජනාධිපතිවරයාගේ අපේක්ෂකත්ව ප්‍රකාශයෙන් පසු වත්මන් ආණ්ඩුවේ ප්‍රධාන හවුල්කරුවා වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) සිය අපේක්ෂකයා පිළිබඳව ප්‍රථම නිල ප්‍රකාශය නිකුත් කිරීමට නියමිතයි.

මුහුදේ මත්පැන් බෝතල් පාවෙයි - බිව්ව පිරිස ජීවිතය සහ මරණය අතර සටනක.... මුහුදේ පාවෙමින් තිබියදී හමුවූ විදෙස් මත්පැන් බෝතලය...
29/06/2024

මුහුදේ මත්පැන් බෝතල් පාවෙයි - බිව්ව පිරිස ජීවිතය සහ මරණය අතර සටනක....

මුහුදේ පාවෙමින් තිබියදී හමුවූ විදෙස් මත්පැන් බෝතලයක් පානය කිරීමෙන් පසු තංගල්ල ධීවර වරායෙන් ඉකුත් 4 වෙනිදා මුහුදු රැකියාවට ගිය බහුදින ධීවර යාත්‍රාවක් සිටි ධීවරයන් පිරිසක් අසාද්‍ය තත්ත්වයට පත්ව සිටින බව srilankan tv වෙත වාර්තා වනවා.

යාත්‍රාවේ ස්කිපර්වරයා ලෙස කටයුතු කල ධීවරයා ජීවිතක්ෂයට පත්ව ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය මාධ්‍ය වෙත කියා සිටියා.

අනෙක් ධීවරයින් පස්දෙනාගේ තත්ත්වය අසාධ්‍ය බවද මේ වන විට වෙනත් ධීවර යාත්‍රාවකින් ඔවුන් ගොඩට රැගෙන එන බවද පොලිසිය පවසනවා.

ධීවර යාත්‍රාව නාවික සැතපුම් 317 ක් දුර ගැඹුරු මුහුදේ යාත්‍රා කරමින් සිටියදී අද (29) දා මෙය සිදුවී තිබෙන අතර ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තංගල්ල උණාකූරුව ප්‍රදේශයේ පදිංචි එම්.ජේ.නයනකාන්ත නමැති 42 හැවිරිදි ධීවරයායි.

මේ වන විට නාවික හමුදා යාත්‍රාවක් මේ වන විට එම ස්ථානයට යවා ඇතැයි ද නාවික හමුදා ආරංචි මාර්ග සඳහන් කළා.

22/06/2024

යාල සද්දන්තයා දාපු සත්තම

01/06/2024

කොළඹ නාලන්දාවේ ක්‍රිකට් නායකයා
උසස් පෙළ ඉහලම ප්‍රථිපල ලබලා
මෙන්න කාටත් දුන්න පාඩම

19/05/2024

වැස්ස මිලිමීටර් එකසිය පනහ ඉක්මවනවා - දෙවියනේ මිනිස්සු ජිවත් වෙන්නේ කොහොමද

19/05/2024

නායයෑම් බහුලවේ .. ඔබ මේගැන දන්නවා ද ..මිතුරන්ටත් කියන්න

ලූනු මිල අඩු කරලා - කඩේ යන්න පෙර අද මිල ගණන් දැනගන්න .............................අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය (නාගරික සිල්ල...
09/05/2024

ලූනු මිල අඩු කරලා - කඩේ යන්න පෙර අද මිල ගණන් දැනගන්න .............................
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය (නාගරික සිල්ලර මිල )

සම්බා රු 235
පුන්නි රු 270
කැඩිච්ච කීරී රු 300
රතු කැකුලු රු 180
සුදු කැකුලු රු 210
නාඩු රු 215
හාල්මැස්සන් kg1ක් රු 1000
පරිප්පු රු 300
සීනි රු 285
පාන් පිටි රු 200
බී ලූනු රු 160
රතු ලූනු රු 320
අල රු 200
සුදු ලූනු රු 600
පොල් තෙල් බෝ 1ක් රු 440
පොල් ගෙඩියක් රු 100/120
බිත්තර සුදු රු 48
..................

අද පෑලියගොඩ මාළු මිල

සාලයා රු 350/400
ලින්නා රු 650/700
හුරුල්ලෝ රු 700
බලයා රු 800
පරව් රු 1500
තලපත් රු 1700
කෙලවල්ලා රු 1600
කොප්පරා රු 2000
තෝරු රු 2800
කුම්බලාවා රු 1200
බොල්ලෝ රු 1000
ඉරටවල්ලා රු 800
අලගොඩුවා රු 700
ඉස්සෝ රු 1400 සිට
දැල්ලෝ රු 1100 සිට
හැඩැල්ලා රු 2000
..........................................

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු තොග මිල

කැරට් රු 120/150
බෝංචි රු 150/180
ලීස් රු 150/180
තක්කාලි රු 30/40
අමු මිරිස් රු 70/80
මාලු මිරිස් රු 150/180
ලූනු කොල රු 110
රාබු රු 40/50
පතොල රු 90/120
බන්ඩක්කා රු 90/120
වැටකොළු රු 120/150
කරවිල රු 130/150
වට්ටක්කා රු 25/30
වම්බටු රු 90/150
ගෝවා රු 90/110
දෙහි රු 600
ඉගුරු රු 3000
බී ලූනු ඉන්දීය රු 140
බී ලූනු පකිස්තාන රු 100/120
බී ලූනු චයිනා රු 60...............................

පිටකොටුවේ ලූනු තොග මිල

බි ලූනු ඉන්දීය 200/210
පකිස්තාන රු 140
චයිනා රු 60/80
රතු ලූනු රු 280/300
සුදු ලූනු රු 500

අපරාධ කල්ලි නායක  මන්නා රමේෂ්ව CID ගෙනිහින් නෑ - මෙන්න පාගොඩ ගෙනගිය තැන
07/05/2024

අපරාධ කල්ලි නායක මන්නා රමේෂ්ව CID ගෙනිහින් නෑ - මෙන්න පාගොඩ ගෙනගිය තැන

අපරාධ කල්ලි නායක මන්නා රමේෂ්ව CID ගෙනිහින් නෑ - විශේෂ ආරක්ෂාවක් යටතේ බස්තාහිර පළාත දකුණු දිශාව අපරාධ කොට්ඨාසය වෙත ...

06/05/2024

කටුනායක වීසා ගැන කතාකළ තරුණයා පොලිසියට ගෙන්වයි
මෙන්න යුක්තිය ඉල්ලූ හැටි

06/05/2024

ONLINE වීසා දෙන්න ඉන්දීය ජාතිකයන් ඉඳලා නෑ..බොරුවක් - හිටියේ ලංකාවේ 13ක්

06/05/2024

මෝදරින් ඇල්ලූ දෙදෙනාගේ ඔත්තුවෙන් රාගමින් හසුවූ අවි

ටයිටැනික් චිත්‍රපටයේ 'කපිතාන් එඩ්වඩ් ස්මිත්' ජීවන යාත්‍රාවෙන් බැස ගිහින් බ්‍රිතාන්‍ය රංගන ශිල්පී බර්නාඩ් හිල් ඊයේ (5) අභ...
06/05/2024

ටයිටැනික් චිත්‍රපටයේ 'කපිතාන් එඩ්වඩ් ස්මිත්' ජීවන යාත්‍රාවෙන් බැස ගිහින්

බ්‍රිතාන්‍ය රංගන ශිල්පී බර්නාඩ් හිල් ඊයේ (5) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහු 79 වියෙහි පසුවුණු බවයි.

බර්නාඩ් හිල් ලොකු කුඩා කා අතරේත් ජනප්‍රිය වූයේ, සම්මානනීය ලෝඩ් ඔෆ් ද රිංග්ස් චිත්‍රපට මාලාවේ රොහාන් හි තියෝඩන් රජු ලෙසත්, ජේම්ස් කැමරන් අධයක්ෂණය කළ සම්මානනීය ටයිටැනික් චිත්‍රපටයේ ටයිටැනික් නැවේ කපිතාන් එඩ්වඩ් ස්මිත් ලෙසත් කළ රංගනය නිසායි.

බර්නාඩ් හිල් උපත ලැබුවේ 1944 දෙසැම්බර් 17 වැනිදාය. බර්නාඩ් හිල් විවාහ වූයේ රංගන ශිල්පිනියක වන ජනප්‍රිය මරියානා සමගය.

බර්නාඩ් හිල් චිත්‍රපට නළුවකු පමණක් නොව, රූපවාහිනී නළුවකු ද වුණා. ද ගෝස්ට් ඇන්ඩ් ද ඩාක්නස්, ස්කෝපියන් කිංග් යන චිත්‍රපවලට ද බර්නාඩ් හිල් රංගනයෙන් දායකවී තිබෙනවා.

අත්බෝම්බයක් රැගෙන 'දරු දෙදෙනා ප්‍රාණ ඇපයට ගත් තාත්තාගෙන්' දරුවන් බේරාගත් STF මෙහෙයුම හංවැල්ල ජල්තර රාජ්‍ය සේවක නිවාස සංක...
06/05/2024

අත්බෝම්බයක් රැගෙන 'දරු දෙදෙනා ප්‍රාණ ඇපයට ගත් තාත්තාගෙන්' දරුවන් බේරාගත් STF මෙහෙයුම

හංවැල්ල ජල්තර රාජ්‍ය සේවක නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි තම බිරිය ඝාතනය සදහා ඊයේ (05) දින සවස අත් බෝම්බයක් රැගෙන පැමිණි නීත්‍යානුකූල සැමියා බව කියන පුද්ගලයකු තම කුඩා දරුවන් දෙදෙනෙකු ප්‍රාණ ඇපයට තබා ගනිමින් සිටි සිද්ධිය පොලිස් විශේෂ කාර්ය බලකායේ පැය නවයක මෙහෙයුමකින් පසු දරුවන් දෙදෙනා බේරා ගැනීමට හැකිවිය.

එමෙන්ම අත් බෝම්බයක් සමගින් සිටි සැකකරුව ද දැඩි පරිශ්‍රමයක් දරා අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදී

දරුවන් දෙදෙනා ප්‍රාණ ඇපයේ තබාගෙන සිටි අවස්ථාවේදී සැකකරු විසින් දරුවන් දෙදෙනාට යම් එන්නතක් ලබා දී ඇති බැවින් එම දරුවන් දෙදෙනා හෝමාගම මූලික රෝහලට ඇතුලත් කිරීමට කටයුතු කරන ලදී

දරුවන් ප්‍රාණ ඇපයට ගෙන අත් බෝම්බයේ අගුලු ඉවත් කර සිටි පුද්ගලයා සමග සාකච්ඡා කරමින් එම අත් බෝම්බය යළි අගුලු ලෑමට බෝම්බ නිස්ක්‍රීය අංශයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි දිමුතු සමරනායක මහතා දැඩි වෙහෙසක් ගෙන කටයුතු කරන ලදී

පසුව පොලිස් විශේෂ කාර්ය බළකායේ නියෝජ්‍ය අණදෙන නිලධාරී (මෙහෙයුම්) ගුණරත්න මහතා සහ පොලිස් අධිකාරී දිමුතු සමරනායක මහතා විසින් පැය නවයක් තිස්සේ සැකකරු සමග සාකච්ඡා කරමින් දැඩි ලෙස ආයාචනා කළ සිටියේ සැකකරුට දරුවන් දෙදෙනාට හානි නොකර නිවසෙන් පිටතට පැමිණි ලෙසයි.

එහෙත් එම ඉල්ලීම් වලට සවන් නොදුන් සැකකරු දිගින් දිගටම දරුවන් ප්‍රාණ ඇපයට තබාගෙන සිටීම නිසාවෙන් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් එක්වරම මෙහෙයුමක් දියත් කොට සැකකරු සිටි කාමරයේ දොරවල් කඩා දමා සැකකරු අත්අඩංගැනීමට කටයුතු කරන ලදී

සැකකරු සතුව තිබූ අත් බෝම්බය විනාශ කිරීම සදහා බෝම්බ නිශ්ක්‍රීය අංශය වෙත බාර දීමට කටයුතු කල බව පොලිසිය පවසයි

අද ඉඟුරු ඉතිහාසගත මිලකට නගී - එළවළු සහ මාළු ගන්න පෙර මිල මෙතනින් දැනගන්න පෑලියගොඩ එළවළු  තොග මිල ඉඟුරු රු 3800දෙහි රු 14...
06/05/2024

අද ඉඟුරු ඉතිහාසගත මිලකට නගී - එළවළු සහ මාළු ගන්න පෙර මිල මෙතනින් දැනගන්න

පෑලියගොඩ එළවළු තොග මිල

ඉඟුරු රු 3800
දෙහි රු 1400
කැරට් රු 200
වම්බටු රු 200
බෝංචි රු 250
අමු මිරිස් රු 100
ලික්ස් රු 200
ගෝවා රු 120
බීට් රු 170
තක්කාලි රු 80
මාලු මිරිස් රු 200
පතෝල රු 200
වැටකොළු රු 250
බන්ඩක්කා රු 180
වට්ටක්කා රු 80
රාබු රු 100
නෝකොල් රු 80
ලූනු කොල රු 150
අලු කෙසෙල් රු 200
මෑකරල් රු 120
..............................

මීගමුව ලෙල්ලම මාළු මිල

ලින්නා 700
සාලය 400
තලපත් 1800
කෙලවල්ලා 1200
පොඩි බලයා 500
ලොකු බලයා 800
දැල්ලො 1400
හුරැල්ලා 700
ඇටවල්ලා 600
බොල්ලු 650
ලේන් පරව් 700
වන්නා 600
කුම්බලවා 900
තොරු 2400
..........................................
පෑලියගොඩ මාළු මිල

සාලයා රු 400
හුරුල්ලෝ රු 600
බලයා 900
ලින්නා රු 800
තෝරු රු 3000
කොප්පරා රු 2300
කෙලවල්ලා රු 1500
පරව් රු 1500
තලපත් රු 2000
කුම්බලාවා රු 1200
බෝල්ලෝ රු 1000
ඉරටවල්ලා රු 900
ඉස්සෝ රු 1400 සිට
දැල්ලෝ රු 1000 සිට
ගල් මාලු රු 1000
හැඩැල්ලා රු 2000

04/05/2024
04/05/2024

VISA කලබලය ඇති කළ ඉන්දියාවේ බව කියපු
කොම්පැණියේ තොරතුරු හෙළිවේ

04/05/2024

LAUGFS Gas ලොකුවට මිල බැස්සුවේ ඡන්දෙටද - ආණ්ඩුවට හොඳ කියමින් කොම්පැනිය කියපු කතාව

04/05/2024

LAUGFS Gas හිත පිරෙන්න බස්සපු ගණන් ටික

මාළු කනවද එළවලු ගන්නවා ද ? - මෙන්න අද මිල ගණන් 👍අද මීගමුව ලෙල්ලම ලින්නා 600  සාලය 350  තලපත් 1800  කෙලවල්ලා 1200 පොඩි බල...
04/05/2024

මාළු කනවද එළවලු ගන්නවා ද ? - මෙන්න අද මිල ගණන්

👍අද මීගමුව ලෙල්ලම

ලින්නා 600
සාලය 350
තලපත් 1800
කෙලවල්ලා 1200
පොඩි බලයා 500
ලොකු බලයා 800
දැල්ලො 1400
හුරැල්ලා 700
ඇටවල්ලා 600
බොල්ලු 650
ලේන් පරව් 700
වන්නා 600
කුම්බලවා 900
තොරු 2400
👍 අද දෙවුන්දර වැල්ලේ
බලයා රු 750
ලින්නා රු 600
කෙලවල්ලා රු 1200
පරව් රු 1700
තලපත් රු 1950
දැල්ලෝ රු 1100
තෝරු රු 2000

👍 ගාල්ල ධිවර වරාය තොග මිල

දඩු තෙලි රු 750
වන්නා රු 600/700/800
මුහුදු කුකුලා රු 300
බලයා රු 700
ලින්නා රු 600
පරව් රු 1000
දැල්ලෝ රු 1200
තල් තෝරු රු 1700

👍අද නුවර මැනික්කුබුර ආර්ථික මධ්‍යස්ථානයේ දැන් තොග මිල

කැරට් රු 130
වම්බටු රු 150
බෝංචි රු 180
අමු මිරිස් රු 100
ලික්ස් රු 200
ගෝවා රු 80
තක්කාලි රු 50
බීට් රු 170
මාලු මිරිස් රු 200
පතොල රු 150
වැටකොළු රු 220
බන්ඩක්කා රු 80
වට්ටක්කා රු 60
රාබු රු 40
නෝකොල් රු 80
දෙහි රු 1100
ඉගුරු රු 2400

03/05/2024

IMF වාරිකය අහිමිවේ - සිදුවූ දේ මෙන්න

03/05/2024

තමන්ගේ ගෙදර ටොයිලට් හෝදපු අය
තමන්ට කළ දේ ගැන ගැන දමිතා කියන කතාව

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Neth Web posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Neth Web:

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share