Huura - හූරා

  • Home
  • Huura - හූරා

Huura - හූරා Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Huura - හූරා, Media/News Company, .

-කොත්තු රොටි-ඔන්න හාමුදුරු නමක් සිවුරු ඇරියලු. දැන් ගිහියෙක් නිසා මහණ වෙලා ඉන්නකොට බැරි උන දේවල් කරන්න පුලුවන්නෙ. මෙයාට ...
13/06/2023

-කොත්තු රොටි-
ඔන්න හාමුදුරු නමක් සිවුරු ඇරියලු. දැන් ගිහියෙක් නිසා මහණ වෙලා ඉන්නකොට බැරි උන දේවල් කරන්න පුලුවන්නෙ. මෙයාට ලොකු ආසාවක් තිබ්බා කොත්තු රොටි කන්න. මීට කලින් කොත්තු රොටි කන්න තියා කොත්තු රොටියක් ඇහින්වත් දැකලා තිබ්බෙ නෑලු. ඇයි ඉතින් දානෙට කොත්තු දෙනවා කියල යැ! ඉතින් මේ මහත්තයා ගියාලු කෑම කඩේකට. පොර හිතන් ඉඳලා තියෙන්නෙ කොත්තු රොටි නිකන් පොල් රොටි වගේ දෙයක් වෙන්න ඇති කියලා. ඉතින් කඩේට ගිහින් ඉඳගෙන කිව්වාලු
"මල්ලි මට කොත්තු රොටි 5ක් විතර ගේන්න" කියලා!
කොල්ලා ඇහුවලු සර් ගෙදර ගෙනියන්න ද කියලා.
"නෑ නෑ දැන් කන්න"
කොල්ලත් ගිහින් අරන් ආවාලු කොත්තු 5ක් එකට දාලා මූ කන හැටි බලන්න.
අනේ අරූට ආයි ගිහින් මහණ වෙන්න හිතුනලු.
-හූරා-

පරිගණක ඇසුරෙන් ප්‍රතිනිර්මාණය කරන ලද, ත්‍රස්තවාදීන් විනාශ කිරීමට පෙර බාමියන් ප්‍රතිමා වහන්සේ තිබෙන්නට ඇති ආකාරය
03/06/2023

පරිගණක ඇසුරෙන් ප්‍රතිනිර්මාණය කරන ලද, ත්‍රස්තවාදීන් විනාශ කිරීමට පෙර බාමියන් ප්‍රතිමා වහන්සේ තිබෙන්නට ඇති ආකාරය

12/05/2022
හරිම අපූරු හමුවීමක්...
06/11/2021

හරිම අපූරු හමුවීමක්...

පේන්නෙ නෑ හැබැයි. 🙄
16/10/2021

පේන්නෙ නෑ හැබැයි. 🙄

ඕස්ට්‍රේලියානු ආදිවාසී පුරාවෘත්ත ================================හිරු බිහිවුනු හැටි
21/09/2021

ඕස්ට්‍රේලියානු ආදිවාසී පුරාවෘත්ත
================================
හිරු බිහිවුනු හැටි

ඕස්ට්‍රේලියානු ආදිවාසී පුරාවෘත්ත
================================
හිරු බිහිවුනු හැටි

බොහොම ඈත අතීතයේ අහසේ හිරු නොතිබුනු අතර සඳ සහ තරු පමණකි තිබුනේ. මේ කතා කරන්නේ පොළොවේ මිනිසුන් බිහි වීමටත් බොහෝ කලකට පෙර වන අතර එකල කුරුල්ලන් ආදී සියලු සතුන් දැන් සිටින ප්‍රමාණයට වඩා ඉතා විශාල විය.

එක් දිනක් ‘මුරුම්බිජී’ නැමැති ගංගාව අසල වූ තැනිතලාවේ සිට ‘ඩයින්වන්’ හෙවත් එමු නැමැති කිරිල්ලියත් ස්වදේශික සහකාරිය ලෙස අමතන ‘බ්‍රොල්ගා’ නැමැති කිරිල්ලියත් රණ්ඩු කරමින් සිටියහ. ‘බ්‍රොල්ගා’ ඉමහත් කේන්තියෙන් යුතුව ‘ඩයින්වන්ගේ’ කැදැල්ලට ගොස් එහි තිබූ යෝධ බිත්තරයක් ගෙන ඇගේ මුළු මහත් ශක්තියම යොදා අහසට විසි කළාය.

බිත්තරය අහසට විසි වී ගොස් විශාල දර ගොඩක වැදී දර ගොඩ ගිනි ගත් අතර කහ පැහැ බිත්තර මද දර ගොඩ පුරා විසිරුනි. දීප්තිමත් ගිනිදැල්ලෙන් පහත තිබූ මුළු ලෝකයම ආලෝකවත් විය. එතෙක් අඳුරු අරුණෝදය පමණක් දැක තිබුනු සියලුම සතුන් මේ දීප්තිමත් ආලෝකයෙන් එළිය වූ ලෝකය දැක ඉමහත් සතුටට පත් විය.

ගිනිදැල්ලෙන් ආලෝකවත් වීමත් සමඟ ලෝකය මොනතරම් දීප්තිමත්ද සහ ලස්සනද යන්න එවිට අහසේ ජීවත් වූ යහපත් ආත්මය දැකබලා ගත්තේය. හැමදාම මෙලෙස ගිනි දැල්වූවානම් කොතරම් හොඳදැයි ඔහු සිතීය. ඉතින් , එතැන් සිට හැම රාත්‍රියකම අහසේ ජීවත් වූ යහපත් ආත්මය ඔහුගේ පරිවාර යහපත් ආත්මයන් සමඟ එකතු වී , මුළු රාත්‍රිය පුරාම දර එකතුකර ගොඩගැසීය. දරගොඩ අවශ්‍යය තරම් විශාල වූ පසුව යහපත් ආත්මය ආලෝකය උදාවන බව ලෝකයට පැවසීමට අරුණෝදයේ පායන දීප්තිමත් තාරකාවක් අහසට එවීය.

කෙසේ වුවත් යහපත් ආත්මයන්ට තෙරුම් ගියේ ලෝකයාට ආලෝකය උදා වන බව පැවසීමට තාරුකාව පමණක් ප්‍රමාණවත් නොවන බවයි. මන්ද නිදා සිටින සත්වයන් මේ තාරකාව නොදුටු බැවිනි. ඉතින් දවසේ උදාව ලෝකයාට දැන්වීමට සහ සියළු සතුන් අවදි කිරීමට කුමක් හෝ ශබ්දයක් ඇති කළ යුතු බව ආත්මයන් කල්පනා කළහ. නමුත් දීර්ඝ කාලයක් යනතුරු මේ සඳහා තෝරාගත යුත්තේ කාවද යන්න තීරණය කිරීමට මේ ආත්මයන්ට නොහැකි විය. අන්තිමේදී එක් හවසක ගූ ගූර් ගාගා හෙවත් ලාෆින් කොකබුරා නැමැති පක්ෂියා හඬනඟනු ඔවුන්ට අසන්නට ලැබින.

“අන්න අපිට උවමනා කරන හඬ” ඔවුන් පැවසූහ.

ගූ ගුර් ගාගා වෙතට ගිය ආත්මයන් පක්ෂියාට හැම උදෑසනකම අරුණෝදයේ තාරකාව නැතිවී යන විටම හැකි තරම් ශබ්දයෙන් ඔහුගේ හිනා හඬ නිකුත් කරන ලෙස ඉල්ලා සිටියහ. එවිට ඔහුගේ හිනා හඬ නිසා නිදා සිටින සියළු සත්ත්වයින් අවදි වනු ඇති බවත් පැවසූහ. ඔහු මීට එකඟ නොවුනොත් ආත්මයන් විසින් සෑම උදෑසනකම ගිනිදැල් දල්වා ලෝකය තවදුරටත් ආලෝකවත් නොකරන බවත් එවිට නැවතත් මුළු ලෝකයම අඳුරු වනු ඇති බවත් පැවසූහ.

නමුත් ගූ ගූර් ගාගා මෙයට එකඟ වී සෑම දිනකම හඬ නඟන බවට පොරොන්දු විය.

ඉතින් එයින් පසුව සෑම උදෑසනකම ඔහු මහ හඬින් ''ගූ ගූර් ගාගා, ගූ ගූර් ගාගා, ගූ ගූර් ගාගා'' ලෙස හඬ නැඟීය.

ආත්මයන් විසින් මුලින්ම උදෑසන මහා දර ගොඩට ගිනි තැබූ විට එයින් එතරම් උණුසුමක් නැතත් දහවල් වනවිට මුළු දරගොඩම හොඳින් ඇවිලින බැවින් දහවල් කාලයේදී එය ඉතා උණුසුම් විය. එයින් පසුව ටිකෙන් ටික උණුසුම අඩුවීගොස් සවස් වනවිට රතු පැහැ ආලෝකය පමණක් ඉතුරු වී ඉක්මනින්ම එයත් නැතිවී යයි. අහසේ ආත්ම පමණක් ඉතුරු වී නැවත් ඊළඟ උදෑසන දැල්වීමට අවශ්‍යය දර එකතු කරයි.

පුංචි ළමයි ගූ ගූර් ගාගා පක්ෂියාගේ හඬ අනුකරණය නොකළ යුතු අතර එසේ අනුකරණය කළහොත් ඒ පක්ෂියා නැවත හඬ නැඟීම නතර කළ හැකිය.

ඒ වගේම ළමයි එලෙස හඬ නැගුවොත් ඒ ළමයින්ගේ කටේ වැඩිපුර දතක් ඒමට පුළුවන. ඒ ඔවුන් කළ වරදට දඬුවමක් ලෙසයි. මන්දයත් කවදා හෝ ගූ ගූර් ගාගා සිය හඬ ගෑම නැවැත්වුවහොත් එයින් පසුව උදෑසන ඇති නොවන අතර නැවත වතාවක් මුළු ලෝකයම අන්ධකාරයෙන් වැසීයන බැවිනි.

Original Book - 'Australian Legendary Tales'
Story Name - How the Sun was Made
Selected from the collection of
K.Langloh Parker
Edited by H. Drake-Brockman
Illustrated by Cecily Trueman

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Huura - හූරා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share