Enjoy the little things

  • Home
  • Enjoy the little things

Enjoy the little things I would like to share my own articles, photographs and much more things which can enjoy life in a si

Good morning loving hearts ❤️ඊයේ පෙරේදා දවසක Youtube එකේ වීඩියෝ එකක් බලලා ඒක අවසානේ කිව්ව දෙයක් මගේ හිත ගත්තා."අනුන්ගේ ප...
18/07/2023

Good morning loving hearts ❤️

ඊයේ පෙරේදා දවසක Youtube එකේ වීඩියෝ එකක් බලලා ඒක අවසානේ කිව්ව දෙයක් මගේ හිත ගත්තා.

"අනුන්ගේ පහනින් එළිය බලලා, ඒ පහනත් නිවලා ඉස්සරහට යන්න හදන අයට ඒ ගමන් යන්න කොහොමත් බෑ..."

ගොඩක් මිනිස්සු එහෙම තමා. වලක වැටිලා ඉද්දි ගොඩ එන්න උදව් කරපු ඉණි මඟට තමා ඉස්සෙල්ලම පයින් ගහන්නේ. එහෙම මිනිස්සු ඉස්සරත් හිටියා, අදත් ඉන්නවා, හෙටත් ඉඳියි.

ඒ වගේ ගුණමකු, කුහක මිනිස්සු ගොඩක් එක්ක තමා අපිට අපේ ගමන යන්න වෙලා තියෙන්නේ. මිනිස්සු කොහොම ඔයාට සැළකුවත්, මොනවා ඔයා ගැන හිතුවත් ඒ දේවල් ඇඟට ගන්න එපා. දවසින් දවස ඔයා ඔයාවම shine කරගන්න. ඔයා දිහාම බලලා වැරදි අඩුපාඩු හදාගන්න.

අපිට මේ ලෝකේ මිනිස්සු හදන්න බෑ. ඒත්... අපි පුළුවන් අපිව හදාගන්න.

හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න. මේ ජීවිතේ හරි ලස්සනයි ❤️❤️❤️


18/07/2023

❤️ජීවිතේ සතුටු දවස්❤️ජීවිතේ සතුටින් ඉන්න මහා ලොකු දේවල් ඕන නෑ කියලා තේරුම් ගියාම පුංචිම පුංචි දෙයක් වුණත් ඇති මහා ලොකු ස...
17/09/2022

❤️ජීවිතේ සතුටු දවස්❤️

ජීවිතේ සතුටින් ඉන්න මහා ලොකු දේවල් ඕන නෑ කියලා තේරුම් ගියාම පුංචිම පුංචි දෙයක් වුණත් ඇති මහා ලොකු සතුටක් ලබන්න.

මේ දවස් වල මං ඉන්නේ පුදුම සතුටකින්. ඒකට එක හේතුවක් වෙලා තියෙන්නේ වෙන කෙනෙක්ගේ ආදර කතාවක්. ඒ ආදර කතාව කොහෙන් කොහාට ගලාගෙන යයිද කියන්න මම දන්නේ නෑ. ඒත් මම ඒ ආදරේ විඳිනවා මාරම විදියට.

වෙන කෙනෙක් ආදරේ කරනවා බලන් ඉඳලා, ඒක අහන් ඉඳලා සතුටින් ඉන්න පුළුවන්ද කියලා අද කෙනෙක් මගෙන් ඇහුවා. මම කිව්වා පුළුවන් කියලා. මොකද මම මේ ගෙවන්නේ එහෙම දවස් නිසා.

ඒ ලස්සන ආදර කතාව ඇතුළේ තියෙන ආදරේ දැනෙන පුංචි පුංචි තැන්, පුංචි පුංචි නෝක්කාඩු එක්ක මට දැනෙන්නේ මමත් අළුත් ආදරේක පැටලිලා වගේ. ඒ ආදරේ එයාගේ ජීවිතේ අතිශය පෞද්ගලික දෙයක් වුණත් එයා මාත් එක්ක ඒක බෙදාගන්නවා. එහෙම තමන් විඳින ආදරේ තව කෙනෙක් එක්ක කියන්න වගේම ඒ කෙනා විඳින ආදරේ දිහා සතුටින් බලන් ඉන්න මම හිතනවා ලෝබ නැති හිතක් තියෙන්න ඕන කියලා.

වෙන කෙනෙක් ඒ කතාව ඇහුවොත් සමහරවිට එයාගෙන් අහයි, "මොළේ හොඳ නැතිවේගෙන එනවද..?" කියලා. ඒත් මම හිතනවා එහෙම අහන්න අයිතියක් අපිට නෑ කියලා. ආදරේ කියන්නේ ඇත්තටම හරි පුදුම හැඟීමක්. මම මේ කතා කරන්නේ s*x feeling මත පදනම් වෙන සම්බන්ධතා නෙමෙයි. ආදරේම විතරක් හොයන අය ගැන. ඒ කතා ඇතුළේ තියෙන්නේ පුංචි පුංචි රසවත් දේවල්. හැමදාම දකින්න වෙන්නේ නෑ. දකින්න වෙන්නේ කලාතුරකින්. ඒ දැක්කත් ලොකු කාලයක් ළඟට වෙලා ඉන්න බෑ. හැබැයි දෙන්නා සමුගන්නේ මතකයන් මහ ගොඩක් අරන්. ඒ සුන්දර මතකයන් ඊළඟ හමුවීම වෙනකල් ඒ ආදරේ ජීවත් කරවනවා.

ඉතිං එහෙම ආදර කතා සුන්දර නැද්ද...? මට අනුව නම් ඒවා හරිම සුන්දරයි. අතිශය ප්‍රේමනීයයි.

ජීවිතේ අපි ඉපදුණ දවසේ ඉඳන් මැරෙනකල් හොයන්නේ ආදරේ. එක එක්කෙනාට ආදරේ ලැබෙන හැටි විවිධාකරයි. ආදරේ විඳින හැටි, තව කෙනෙක්ට ආදරේ කරන හැටි, ඒක තම තමන්ට ආවේණික දෙයක්. ආදර කතාවක දෙන්නම එක වගේ, අර සුජීව ප්‍රසන්න ආරච්චිගේ පොත් වල වගේ පැලෙන්න ආදරේ කරන දෙන්නෙක් මුණ ගැහෙන්නේ හරිම කලාතුරකින්. එහෙම ආදරයක් ඔයාට තියෙනවා නම් ඔයා මේ ලෝකේ ඉන්න වාසනාවන්තම කෙනෙක්.

හැබැයි අති බහුතරයට තමන්ට ඕන විදියට ආදරේ ලැබෙන්නේ නෑ. විඳින්න ආස විදියට ආදරේ විඳින්න ලැබෙන්නේ නෑ. එහෙම වුණාම තමා ගොඩක් අය ආදරේට වෛර කරන්නේ. වැරැද්ද තියෙන්නේ ආදරේ නෙමෙයි. ඒ හැඟීම හසුරුවන කෙනාගේ අතේ. ඒක නිසා ආදරේට වෛර කරලා වැඩක් නෑ.

ජීවිත කාලෙම වුණත් හිතන පතන විදියේ ආදරයක් ලැබෙන්නෙම නැති වුණත් ඔයා, ඔයාට ආදරේ කරන එක නවත්තන්න එපා. ඒක වෙන කෙනෙක්ගේ ආදරයක් අහිමි වෙනවට වඩා භයානක දෙයක්. හැමවෙලේම ඔයාට ආදරේ කරන්න. ඔයාව ලස්සනට තියාගන්න. ඔයාව අගය කරන්න. ඔයාටම පොඩි පොඩි තෑගි දෙන්න. ඔයාගේ වැරදි අඩු පාඩු ඔයාම හිමින් හදාගන්න. තියෙන හොඳ ගති ගුණ දවසින් දවස වැඩි කරගන්න. ඔයාට ඔයාම ආදරණීයම චරිතයක් වෙන්න.

ඔයාට බැරිනම් ඔයාගේ ජීවිතේට ආදරේ කරන්න, මේ ලෝකේ වෙන කිසිම කෙනෙක්ට බෑ ඔයාට ආදරේ කරන්න.

තව කෙනෙක් විඳින ආදරයක් දිහා බලලා හූල්ලන්න එපා. ඊට වඩා ඔයාට පුළුවන් ආදරේ හිතෙන කෙනෙක් වෙන්න. උත්සාහ කරලා බලන්න. ඒක කරන්න අමාරු දෙයක් නෙමෙයි.

16/09/2022

ඔයා හොඳින්ද...? මේ වචන දෙක අහන්න කොච්චර වෙලාවක් යයිද...? තත්පරයක්වත්...? හැබැයි ලැබෙන උත්තරේට කොච්චර වෙලාවක් යයිද...? "ම...
30/11/2021

ඔයා හොඳින්ද...?

මේ වචන දෙක අහන්න කොච්චර වෙලාවක් යයිද...? තත්පරයක්වත්...? හැබැයි ලැබෙන උත්තරේට කොච්චර වෙලාවක් යයිද...?

"මම හොඳින් ඉන්නවා..." කිව්වොත්, ඒත් බොහොම පොඩි වෙලාවයි. හැබැයි ඒ උත්තරේ ඇතුළේ කියන්න පැය ගාණක් කතාවක් තියෙන්නත් පුළුවන්.

අපි ගොඩක් වෙලාවට මිනිස්සු මැනගන්නේ එයාලගේ බාහිර ස්වරූපයෙන්. කවුරු කොහොම කිව්වත් ඇඳලා ඉන්න ඇඳුමෙන්, දාලා ඉන්න සපත්තු සෙරෙප්පු වලින්, අතේ තියෙන ඔරලෝසුවෙන්, phone, handbag මේ හැමදේකින්ම අපි මනුස්සයෙක් ගැන සාමාන්‍ය idea එකක් ගන්නවා. පිළිවෙලකට ඇඳලා ඉන්නවා නම් හොඳ ප්‍රසන්න හැඟීමක් එනවා. එහෙන් මෙහෙන් ඇදිලා ගිය, පරණ පාට ඇඳුම්, හරියට පීරලා නැති කොණ්ඩ වලින් අපිට දැනෙන හැඟීම ඒ තරම් සුන්දර නෑ.

හැබැයි මේ අයගෙන් ඇහුවොත් "ඔයා හොඳින්ද...?" කියලා ගොඩක් වෙලාවට උත්තර දෙකම එක සමාන වෙන්න පුළුවන්.

ජීවිතේ වැටෙන්න පුළුවන් අන්තිම අඩියට වැටිලා හිටියත් සමහර මිනිස්සු උත්සහ කරනවා මනස හොඳින් තියන් ජීවත් වෙන්න. කරන්න හරිම අමාරු දෙයක්. ඒත් එහෙම කරන්න බලනවා. ඒක නිසාම අපි හිතනවා, "ආ... එයා full fun එකේ ඉන්නේ... එයාට කිසිම අවුලක් නෑනේ..." කියලා. ඒත් ඇත්ත ඒක නෙමෙයි.

Social media වල මිනිස්සු හැසිරෙන විදියෙන් අපි හිතනවා, "ඔය ඉන්නේ කිසි ගේමක් නැතුව... මොන ප්‍රශ්ණද එයාට...?" කියලා.

සාමාන්‍ය සමාජයෙන්, Social media එකෙනුත් එළියට ඇවිත් බලන්න. ඔයා කවද්ද අන්තිමේට ඔයාගේ අම්මා, තාත්තගෙන්, සහෝදර සහෝදරියන්ගෙන්, wifeගෙන්, husbandගෙන්, දරුවන්ගෙන්, උදේ හවස දකින අල්ලපු ගෙදර ඉන්න කෙනාගෙන් ඇහුවේ, "ඔයා හොඳින් ද...?" කියලා.

අපි කොහොමත් ගෙදර කෙනෙක්ගෙන් එහෙම අහනවා හරි අඩුයි. අහන්නෙම නැති තරම්. ඒ මොකද උදේ හවස දකිනවා. කාලා, බීලා වැඩක් කරන් අසනීපයක් නැතුව ඉන්නවා දකින නිසා අපි එහෙම අහන්න යන්නේ නෑ. ඒත් අපිට පේනවද එයාගේ ඇත්තම මානසික තත්වය...?

නෑ... ගෙදර වැඩ එක්ක අම්මා හෙම්බත් වෙලා ඉන්න පුළුවන්. තාත්තා... රස්සාව එක්ක හැප්පිලා වෙහෙස වෙලා ඉන්න පුළුවන්... සහෝදර සහෝදරියෝ, wife, husband, දරුවෝ මේ හැමෝම මොකක් හරි දෙයක් නිසා ජීවිතේ විඳවනවා වෙන්න පුළුවන්. ඔයාට පෙනුනනට හොඳින් ඉන්නවා කියලා ඇත්තටම එහෙම නැති වෙන්න පුළුවන්. ඔයත් එහෙමයි.

පුළුවන් නම් අහලා බලන්න "ඔයා හොඳින්ද...?" කියලා. සමහරවිට ලැබෙන උත්තරෙන් ඔයා පුදුම වෙන්න පුළුවන්. එහෙම දෙයක් ගැන ඔයා හිතලවත් තියෙන්න නැති වෙන්න පුළුවන්.

අපි සමහරවිට රටේ ලෝකේ ඉන්න හැම කෙනාගෙන්ම අහනවා වෙන්න පුළුවන් "හොඳින් ඉන්නවද...?" කියලා. හැබැයි ගෙදර ඉන්න අයගෙන් එහෙම නිකන්වත් අහන්නේ නැති වෙන්න පුළුවන්.

පුළුවන් කමක් තියෙනවා නම් අහලා බලන්න. අම්මා, තාත්තා කැමති කෑමක්, පොතක්, පත්තරයක් ගෙනිහින් දෙන්න. සහෝදර සහෝදරියට, wifeට, husbandට, දරුවන්ට. නැත්තන් එයාලා එක්ක කතා කරන්න පොඩි වෙලාවක් හරි වෙන් කරගන්න. ඒක ලොකු මානසික සහනයක් ඔයාලා දෙන්නටම.

Social media එකේ යාළුවෝ හොඳින්ද බලන්න කලින් ගෙදර අය හොඳින්ද බලන්න. රටේ ලෝකේ අය වැළඳෙගන සනසන්න කලින් ගෙදර ඉන්න අයව වැළඳගන්න. මොකද හැමදේටම ඉස්සෙල්ලම ළඟට එන්නේ ඒ අය නිසා.

2021.11.30

👰හිනැහෙන්නේ මල් වාගේ මනමාලියෝ👰 ඔයා ගෑණු ළමයෙක්ද??? ළඟකදි bride කෙනෙක් වෙන්න බලන්ද ඉන්නේ...? එදාට ඔයා ආසම විදියට, හීන මවන...
11/10/2021

👰හිනැහෙන්නේ මල් වාගේ මනමාලියෝ👰

ඔයා ගෑණු ළමයෙක්ද??? ළඟකදි bride කෙනෙක් වෙන්න බලන්ද ඉන්නේ...? එදාට ඔයා ආසම විදියට, හීන මවන් ඉන්න විදියට ලස්සනම, සුන්දරම මනාලියක් විදියට හැඩ වැඩ වෙන්න කැමතිද...?

එහෙනම් මේ කතාව ඔයාට වැදගත් වෙයි. ලස්සන අහිංසක සුන්දර හිනාවකින් හැමවෙලේම මූණ සරසන් ඉන්න අහිංසා එයාගේ කරන රැකියාවන් අනුව නම් එක වෙලාවකට insurance කරනවා. තවත් වෙලාවකට ලස්සන කරනවා. ඉතිං Enjoy the little things අහිංසගෙන්ම අහලා බැලුවා එයා වැඩියෙන් කැමති මොන job එකටද කියලා.

👰 Beautician කෙනෙක් කියන්නේ කාටද?

💅 කෙනෙක්ගෙ සුන්දරත්වය මනා ලෙස පෙනෙන ලෙස ඔප දැමීමට හැකියාවක් තියෙන කෙනෙක්ට තමා Beautician කෙනෙක් කියන්නෙ.
සුන්දරත්වය නිවැරැදිව හඳුනා ගෙන එය තවත් වැඩි කරලා පෙන්නන්න හැකියාවක් තියෙන්න ඕනෙ.

👰 Bridal dressing එකක් කරනකොට ඔයා වැඩියෙන්ම attention එක දෙන්නේ මොකටද?

💅 Make up, Hair style හැමදේටම ලොකු attention එකක් දෙනන් ඔනේ.

👰 ඉගෙන ගන්නේ නැතුව කිසිම field එකක වැඩ කරන්න බැහැනේ. ඔයා කාගෙන්ද ඉගෙන ගත්තේ?

💅 මම ඉස්සෙල්ලාම ඉගෙන ගත්තෙ සුරංගි අත්තනායක මිස්ගෙන්. ඒක Diploma එකක්. ඊට පස්සෙ NVQ Level 4 Sunethra Beauty Salon and Acedemy එකෙන්. මගේ ගුරුවරියෝ වුණේ, Mrs. Sunethra Hettiarachchi සහ Mrs. Nandima Rathnaweera.

ඊළඟට Hair style ඉගෙන ගත්තේ Mr. Prasanna Wijewardhane ගෙන්.

Monthly one day course ගොඩක් කරා. තාමත් ඉගෙන ගන්නවා. Update වෙන field එකක්.

👰 Academy එකේ තිබුණ competition වලින් win කළාද?

💅 ඔව්...

👰 වැඩියෙන් ආස Bridal dressing වලටද නැත්තන් casual dressing වලටද?

💅 Bridal dressing වලට. මොකද girl කෙනෙක්ගේ ජීවිතේ ලස්සනම දවස එදා. ඉතිං එදාට එයාට ඕන අනික් හැමකෙනෙක්ටම වඩා ලස්සන සුන්දර විදියට සැරසෙන්න. ඉතිං මම ආසයි එයාගේ ලස්සනම දවස මගේ අතින් තවත් ලස්සන කරලා දෙන්න.

👰 මේ වෙද්දි Bridal කීයක් විතර කරලා තියෙනවද?

💅 50කට වැඩි වුණත් අඩු නැහැ

👰 හම්බුවෙන comments ගැන සතුටුද?

💅 comments තමා ලොකුම සතුට. ගොඩක් සතුටුයි. ඒ ගැන නම්

👰 කවුරු හරි ඇහුවොත් ඔයාගේ specialty එක මොකක්ද කියලා?

💅 ඇත්තටම මම හැමවෙලෙම බලන්නෙ cutomer ගේ අවශ්‍යතාවය මොකක්ද..
එයාට යන්න පුළුවන් budget එක එයාගෙ ආසාව. ඒ හැමදේටම සාදාරනයක් කරන්න බලන්වා හැම වෙලේම. සල්ලි ප්‍රශ්ණයක් තියෙන කෙනෙක් ඉන්නවා නම් bridal එකක් කරගන්න ආසාවෙන් මම නොමිලෙම වුණත් කරලා දෙන්න උත්සහ කරනවා. ඒක මට ලොකු සතුටක්...

👰 Husbandගේ support එක මොකද හිතෙන්නේ?

💅 ඒක නම් ඕනෙමයි. නැත්නම් ගොඩක් අමාරුයි වැඩේ කරන්න . උපරිමයෙන් ඒක ලැබෙනවා

👰 වැඩියෙන් කැමති clientව insurance කරන්නද? ලස්සන කරන්නද?

💅 දෙකම කරන්න පුළුවන් නම් ගොඩක් කැමතියි. මොකද මම කරන job දෙකෙන්ම වෙන්නේ හොඳක් නිසා. මම මේ job දෙකටම ගොඩක් කැමතියි. Beautician කෙනෙක් විදියට කෙනෙක්ව ලස්සන කරලා විඳින සතුට වගේම මගේ client කෙනෙක්ගේ claim එකක් ගෙවලා ගන්න සතුටත් ඒ හා සමානයි...

කියලා අහිංසා එයාගේ ලස්සනම අහිංසක හිනාවෙන් මූණ පුරවන් කිව්වා.

ඉතිං ඔයත් කැමති නම් අහිංසගේ අතින් හැඩවුණ bride කෙනෙක් වෙන්න පහළ link එකට ගියොත් පුළුවන් වෙයි එයාව contact කරගන්න.

https://m.facebook.com/Salon-Heavens-Touch-by-Ahinsa-178513092864193/

Good luck with your beautiful work Ahinsa 💞💞💞


😊😊😊

Candle Light 🪔🪔🪔 ඉටිපන්දම් කිව්ව ගමන් අපේ ඔළුවට එන එකම රූපේ සුදු පාට ඉටි පන්දමක් නේද? හැබැයි දැන් ඉටිපන්දමත් modify වෙලා...
05/10/2021

Candle Light 🪔🪔🪔

ඉටිපන්දම් කිව්ව ගමන් අපේ ඔළුවට එන එකම රූපේ සුදු පාට ඉටි පන්දමක් නේද? හැබැයි දැන් ඉටිපන්දමත් modify වෙලා තියෙන්නේ. එහෙමත් නැත්තන් සුදු පාට ඉටිපන්දම modify කරලා තියෙන්නෙ.

තව ඉටිපන්දම් සුවඳ කරලා තියෙනවා. එක එක හැඩයේ, එක එක පාටට ඉටිපන්දම් දැකගන්න පුළුවන් දැන්. කාලයත් එක්ක වෙනස් වුණේ නැත්තන් ඕනම දෙයක් නැතිවෙලා යන්න පුළුවන්. ඒක ඕනම දේකට effect වෙනවා.

Candle light dinner එකක්, Candle light honeymoon එකක් කියන්නේ හරි romantic දෙයක්. සමහරවිට ඒ දේවල් ඔයා අත් විඳපු කෙනෙක් නම් ඒ සුන්දරත්වය මොන වගේද කියලා ඔයා දන්නවා ඇති.

හොඳටම මහන්සි වුණ දවසක tub එකට වතුර පුරවන් හොඳ සුවඳ shower jel එකක් tub එකට එකතු කරලා වටේට සුවඳ candles ටිකක් පත්තු කරගෙන හිත නිවෙන music එකකුත් අහගෙන tub එකට බැහැලා ඉන්න පුළුවන් නම් කොච්චක් relax වෙයිද?

ඒ වගේම ඊළඟට එන්නේ Christmas season එක. ඔයාගේ hotel එක, restaurant එක එහෙමත් නැත්තන් ඔයාගේ ගෙදර Christmas dinner party එකේදි ගෙදර ලස්සන කරන්න ලස්සන ලස්සන candles වලින් ගෙදර light up කරගන්න පුළුවන් වුණොත් වෙනම සුන්දරත්වයක් නත්තලට එකතු වෙයි නේද?

විසිතුරු Candles නිර්මාණය කරන Authentic candles නිර්මාණකරුවන් එයාලගේ experience එක Enjoy the little things එක්ක share කළා.

ඉස්සෙල්ලම විනෝදාංශයක් විදියට පටන් ගත්ත candles නිර්මාණ business එකක් විදියට වැඩි දියුණු කරන්න එයාලා හිතලා තියෙන්නේ social media තුළ දකින අනික් business වලට සාපේක්ෂව මේ candles නිර්මාණයට යොමු වෙලා තියෙන පිරිස අඩු ප්‍රමාණයක් නිසා.

Authentic candles නිර්මාණ වල ඔවුන් යෙදෙන්නේ තවත් job එකක් කරන ගමන්. කොහොමත් අද කාලේ එක job එකක් කරලා මදි කියන එක හැම කෙනෙක්ම කියන දෙයක්නේ. ඉතිං එයාලත් extra money හොයන්න තමා මේ business එක පටන් අරන් තියෙන්නේ.

තාමත් business එක තියෙන්නේ මුල් අවධියේ. හැබැයි උනන්දුව කැපවීම එක්ක සෑහෙන දුරක් යන්න ඔවුන්ට හැකිවෙලා තියෙනවා.

නිකම්ම candle එකක් නිර්මාණය කරනවට වඩා ඒක specialize කරන්න ඒ අය Essential oil, Fragrances use කරනවා. ඒ වගේ දේවල් එකතු කරගෙන candles නිර්මාණය කරද්දි ඒ කරන නිර්මාණය අනුව ගතවෙන කාලයත් වෙනස් වෙනවා.

Christmas season එක ළඟ එන නිසා customized candles කරලා දෙන්න කියලා special request දැනටමත් ඇවිත් කියලා තමා Authentic candles කිව්වේ. මේ දවස් වල ඒ වෙනුවෙන් කාලය වෙනකරගෙන තමා එයාලා වැඩ කරන්නේ.

තාමත් basic level එකේ ඉන්න නිසා තමන්ගේ යාළුවෝ මාර්ගයෙන් තමා අළුත් අළුත් customersලා Authentic candles හොයාගන්නේ. Candles වගේම තව gift items එහෙමත් මෙයාලා කරනවා. හැබැයි එහෙම හම්බුණ හොඳ customer base එකක් Authentic candles වටා එකතුවෙලා ඉන්නේ එයාලා tradition එකෙන් මිදිලා සරළවම කිව්වොත් out of the box හිතලා අළුත් නිර්මාණ කරන අය නිසා. Authentic Candles ඊළඟ target එක export market එක.

ඔයත් කැමති නම් Christmas එකට වගේම ඕනම special event එකකදි special customized candles වලින් ඔයාගේ venue එක decorate කරගන්න, පුළුවන් වෙයි Authentic candles එකට කතා කළොත්. එයාලා ඕනම වෙලාවක ඔයාට ඕන විදියට candle එකක් නිර්මාණය කරලා දෙයි. හැබැයි ඔයාගේ event date එක decide කළාම කලින්ම order එක දුන්නොත් ගොඩක් ලේසි වෙයි. මොකද එයාලා ඔයාගේ ළඟටම candles ගෙනත් දෙන්නත් කටයුතු කරන නිසා.

මේ තියෙන්නේ Authentic Candles page එක. කතා කරලා බලන්න එහෙනම්.

https://www.facebook.com/D2BIdea

Good Luck Authentic Candles 💐💐💐

DJ Bravo...??? Nope this is DJ Anu 💽 ජීවිතේ මේ දවස් වල නම් ගෙවිලා යන්නේ හරිම boring විදියට නේද? කවද්ද අන්තිමේට wedding එ...
05/10/2021

DJ Bravo...??? Nope this is DJ Anu 💽

ජීවිතේ මේ දවස් වල නම් ගෙවිලා යන්නේ හරිම boring විදියට නේද? කවද්ද අන්තිමේට wedding එකකට, party එකකට ගිහින් හිතේ හැටියට dance කළේ...? මතක නෑ...? යටගිය දවස බරණැස් රජ සමයේ වගේ මතකයක්ද තියෙන්නේ...?

ඉක්මණටම ඒ කාලේ ආයේ එන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් Enjoy the little things party එකක Music කරන්න experienced DJ කෙනෙක් හොයන් ගියා.

🎙️DJ අනූද? අනුපියද?

🎧මගේ නම අනුපිය ගමගේ. DJ Name එක DJ ANU.

🎙️තවත් job එකක් කරන ගමන් නේද මේ වැඩේ කරන්නේ?

🎧 ඔව්...

🎙️Job එක කරන තැනින් ප්‍රශ්ණ එහෙම එන්නේ නැද්ද?

🎧 මේ දක්වා නම් ප්‍රශ්නයක් වෙලා නෑ.මොකද මම මේ job දෙකම balance කරලා එකට කරගෙන යනවා.

🎙️ඇයි DJ කෙනෙක් වෙන්න හිතුවේ?

🎧 පොඩි කාලේ ඉඳන්ම music වලට ආසයි. DJ කියන්නෙ මොකක්ද කියලාවත් දන්නැති කාලෙ ඉඳන්ම. විවිධ භාෂා වල සින්දු එකතු කිරිම සහ සිංදු අහන්න මම පොඩි කාලේ ඉඳන්ම ආසයි.ඒ කාලේ පවුලේ විවිධ උත්සව අවස්ථාවලට songs play කරනවා ආසාවට. ඉතින් DJ කියන දේ මුලින්ම දැක්කම මට හිතුනා මේ දේ කරලා බලන්න ඕන කියලා.

🎙️Weddings විතරද කරන්නේ? නැත්තන් තව events කරනවද?

🎧 මම mobile DJ කෙනෙක්. ප්‍රධාන වශයෙන් කරන්න වෙඩින් තමයි. මම DJ industry එකේ ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙත් Wedding DJ කෙනෙක් විදිහට. නමුත් මම events play කරනවා. ඕනම event එකක් cover කරන්න මට පුළුවන්.

🎙️DJ කරන අය තවත් ඉන්නවනේ ලංකාවේ. කොහොමද ඔයාගේ place එක maintain කරන් යන්නේ?

🎧 ඔව් ගොඩක් DJ artist ලා ලංකාවේ ඉන්නවා. මම play කරන්නේ මට ම ආවේණික වූ විදියකට. මම කරන වැඩේ හරියටම කරන්න උත්සාහ කරනවා මගේ උපරිමයෙන්. පිළිවෙලට වැඩේ කරන එක අංක 1. මගේ customers ලට අවශ්‍ය දේ හඳුනගෙන ඒ දේ ඒ විදියටම කරන්න උපරිම උත්සහ කරනවා. ඒ නිසා මගේ විදියට කැමති අය මාව book කරද්දි ගාන ගැන හොයන්නේ නෑ . එයාලට ඕන මගේ quality service එක විතරයි.

🎙️කොහොමද event එකක් ඉවර වුණාම හම්බුවෙන comments?

🎧 ගොඩක් වෙලාවට මම dancing floor එකක් ඉවර කරාම 90% wedding වල clap එකක් sure. ඒ වගේම event එකක් කරල ඉවර උනහම customer ගෙන් thank කරල එන කෝල් එක. මේ වගේ තව ගොඩක් එන guest ලගෙන් ලැබෙන ප්‍රතිචාර. මේ දේවල් වලින් DJ කෙනෙක් විදියට ගොඩක් සතුටු වෙන්න පුළුවන්.

🎙️අමතක නොවෙන සිදුවීමුත් ඇති නේද?

🎧 ඔව් අනිවාර්යෙන්ම. මම එක සිදුවීමක් කියන්නම්. අපි homecoming එකකට හලාවත ගියා. හලාවතට කිලෝමීටර දහයක් තියෙද්දි අපි ගියපු ලොරිය කැඩුනා (engine heat ekak). Sound & lightning බඩු පටවපු ලොරියක් එක්ක පාර මැද අසරණ වුණා. කොහොමහරි ලොරියක් හොයාගෙන බඩු ටිකත් පටවගෙන වැඩේට ගියා. මගේ වැඩ කරන මල්ලි කෙනෙක් ලොරිය අරන් ගිහිල්ලා හදාගෙන ආවා. වැඩ ඉවර වෙලා අපි කොළඹ එන්න පිටත් වුණා. මීගමුව හරියට එනකොට ලොරිය ආයිත් heat වුණා. හදා ගන්න තැනකුත් නෑ. කොහොම හරි වතුර දදා නවත්ත නවත්ත රෑ 12:30 ට හලාවතින් ආපු අපි උදේ 7 වෙනකොට මහබාගේ ට ආවා.ආපහු start කරන්න බැරි වුණා. එතන ඉඳන් ලොරිය ඇදගෙන තමයි ගෙදර ආවෙ. මේ සිදුවීම මට කවදාවත් අමතක වෙන්නැ.

🎙️හොඳ DJ කෙනෙක් වෙන්නේ කොහොමද?

🎧 හොඳ DJ කෙනෙක් වෙන්න මුලින්ම ආසාව සහ උනන්දුව තියෙන්න ඕනේ. මේ දෙක නැතුව ඒ වැඩේ කරන්න ටිකක් අමාරුයි. ඊට පස්සේ හොඳ ගුරුවරයෙක් හොයාගෙන ඉගෙන ගන්න ඕනේ. ඉගෙන ගත්තට විතරක් මදි. හොඳට practice කරන්න ඕනේ. ඊට පස්සේ තමයි වැදගත්ම දේ. තමන් කරන හැම වැඩකින් ම අලුත් දෙයක් ඉගෙන ගන්න උනන්දු වෙන්න ඕන. Experience කියන දේ සල්ලි දීලා ගන්න බෑ.දවසින් දවස අලුත් දේවල් ඉගෙන ගෙන වැරදි අඩුපාඩු හදාගෙන ඉදිරියට යන්න ඕනේ. DJ කෙනෙක් විදිහට sound & lightning setup කරන විදිය දැනගෙන ඉන්න එකත් ගොඩක් වැදගත්.

🎙️DJ කෙනෙක් විදියට ඔයා දෙන service එක ගැන satisfaction එකක් තියෙනවද?

🎧 අනිවාර්යෙන්ම. මම කිසිම වැඩක් අඩුපාඩු තියෙන්නෙ කරන්න කැමති නෑ. මම කරන කිසිම party එකකට එහෙම වෙන්න දෙන්නෙත් නෑ. මොකද නමක් හදාගන්න අමාරුයි නමක් නැති කර ගන්න ලේසියි. ඒක මම දන්නවා. මගේ customers ල මගෙන් බලාපොරොත්තු වෙන්නේ quality ලස්සන service එකක්. ඒගොල්ලො මට ගෙවලා මාව වැඩ වලට සම්බන්ධ කරගන්නේ ලොකු විශ්වාසයකින්. ඒ නිසා පොඩ්ඩක්වත් ඒ විශ්වාසය කඩ කරගෙන මගේ ගමන අඩපණ කර ගන්න මම කටයුතු කරන්නේ නෑ. ඒ නිසා මම කරන හැම වැඩක්ම මුලින්ම මම satisfied වෙලා තමයි customer ට කරල දෙන්නේ.

🎶🎶🎶🎶🎶🎶

DJ කෙනෙක් වෙන්නත් හිතන තරම්ම ලේසි නෑ නේද? DJ Anu කියනවා වගේ හැමදේටම හොඳ practice එකක් තියෙන්න ඕන. හොඳ understand එකක් තියෙන්න ඕන. ඒ වගේම තමන්ගේ field එක ගැන හොඳට study කරන්නත් ඕන. මේකත් සුන්දර කලාවක්.

DJ Anu ගැන දැනගන්න පුළුවන් එයාගේ page එකෙන්.

https://m.facebook.com/djanuentertainment/

Good Luck DJ Anu. Rock and roll the life... 🎶 💽 🎵

Published posts up to now;🔷 ජීව්තේ සතුටු දවස් (Article)https://www.facebook.com/105415815226286/posts/187456370355563/🔷 ...
04/10/2021

Published posts up to now;

🔷 ජීව්තේ සතුටු දවස් (Article)
https://www.facebook.com/105415815226286/posts/187456370355563/

🔷 ඔයා හොඳින්ද...? (Article)
https://www.facebook.com/105415815226286/posts/128923772875490/

🔹Ormiluna
https://www.facebook.com/105415815226286/posts/117792697321931/

🔹හිනැහෙන්නේ මල් වාගේ මනමාලියෝ
https://www.facebook.com/105415815226286/posts/116802267420974/

🔹Candle Light
https://www.facebook.com/105415815226286/posts/115258364242031/

🔹DJ Bravo... Nope this is DJ Anu
https://www.facebook.com/105415815226286/posts/115177000916834/

🔹Life with Colors
https://www.facebook.com/105415815226286/posts/115027157598485/

🔹Doodle, Mandala or Zentangle?
https://www.facebook.com/105415815226286/posts/115020720932462/

🔹අහන් ඉන්න... අහගෙන ඉන්න...
https://www.facebook.com/105415815226286/posts/114551264312741/

🔹Chicken with Cauliflower - Food Recipe
https://www.facebook.com/105415815226286/posts/114280624339805/

🔹ගෙදර ඇතුළේ හැඩට වැඩට
https://www.facebook.com/105415815226286/posts/113894104378457/

🔹සීනු හඬින් ලොව පිඹිදෙනවා
https://www.facebook.com/105415815226286/posts/113868724380995/

🔹බොන්සායි කලාව ගැන සිංහලෙන් කෙවින්ගෙන් ඉගෙන ගමු
https://www.facebook.com/105415815226286/posts/113734357727765/

🔹Cactus... Cactus...
https://www.facebook.com/105415815226286/posts/113635071071027/

🔹Cake Art
https://www.facebook.com/105415815226286/posts/113577037743497/

🔹හැඩට වැඩට මල් පෝච්චි
https://www.facebook.com/105415815226286/posts/113432141091320/

🔹කන පිඟානට කැමතිද...?
https://www.facebook.com/105415815226286/posts/113376234430244/

🔹චූටි ටීචගේ අතින් හැඩවෙන "සිමෝයා"
https://www.facebook.com/105415815226286/posts/113343541100180/

🔹තේ කෝප්පෙක හැඩ
https://www.facebook.com/105415815226286/posts/113257864442081/

Life with colors 🔵🟠🔴 ජීවිතේ සමහර කාල එනවා හිතුවේවත් නැති විදියට එකම තැනකට කොටුවෙලා ඉන්න වෙන. දැනුත් අපි ගත කරන්නේ එහෙම ක...
04/10/2021

Life with colors 🔵🟠🔴

ජීවිතේ සමහර කාල එනවා හිතුවේවත් නැති විදියට එකම තැනකට කොටුවෙලා ඉන්න වෙන. දැනුත් අපි ගත කරන්නේ එහෙම කාලය. දැන් අවුරුදු දෙකකට කිට්ටු වෙන්න. එහෙම ගත කරන ජීවිතේට මොන දේකින් හරි වෙනසක් ගේන්න පුළුවන් නම්, ඒක ජීවිතේ restart කරන්න උදව් වෙයි නේද?

දිනූෂා, එයාගේ talent එක hobby එකක් විදියට කරන කෙනෙක්. දැනට දිනූෂා එයාගේ husband එක්කයි, චූටි පුතා එක්කයි ජීවත් වෙන්නේ Seychelles කියන්න ලස්සන පාරාදීසේ. හැබැයි දිනූෂා එයාගේ පරණ පුරුද්ද නම් අත අරින්න කොහොමත් හිතලා නෑ වගේ.

Enjoy the little things ගියා දිනූෂගේ පරණ පුරුද්ද මොකක්ද කියලා බලන්න.

🔴 දඟ පොඩි පැංචත් එක්ක කොහොමද වෙලාවක් හොයාගන්නේ painting එකක් කරන්න?

🔵 අකේන් මුලින් මුලින් පොඩ්ඩක් කරදර කලා. ඒත් පස්සෙ එයාට තේරුණා මම එක ආසවෙන් කරන්නෙ කියල. පස්සෙ එයත් paint ටිකක් ඉල්ලගෙන එයාගෙ sketch papers වල තනියෙන් paint කරන්න ගත්ත. දැන්නම් මම painting එකක් කරනවනම් එයගෙන් කිසිම කරදරයක් නෑ. ඊට අමතරව husband ගෙන් ලොකු support එකක් ලැබෙනව මට.

🔴 චූටි පුතා paint කරන්න ඉල්ලන්නේ නැද්ද?

🔵 දැන් හැමදාම වගෙ එයත් painting එකක් කරනව.

🔴 වැඩියෙන්ම කරන්න කැමති painting මොනවද?

🔵 Seychelles වල ගොඩක් artist ලා කරන්නෙ beach theme and culture එක ගැන. මට ඕන වුණා ඒ theme එකෙන් මිදිල මෙහෙ වැඩිය දකින්න නැති paintings කරන්න. ඇත්තටම මම ආස ගොඩක් nature එක ගැන paintings කරන්න.

🔴 Subject එකක් විදියට ඉගෙන ගත්තද? නැත්තන් born talent එකක්ද?

🔵 මම O/L වලට Art subject එකක් විදියට කලා. ඊට අමතරව ඒ සදහා කාලයක් වෙන් කරන්න බැරි වුනා. හැබයි මම පොඩිකාලෙ ඉඳලා චිත්‍ර ඇන්ඳා. මම හිතන්නෙ මට ඒක මගෙ අම්මගේ gene වලින් ආව talent එකක් කියල.

🔴 මේ වෙනකොට painting කීයක් විතර කරලා තියෙනවද?

🔵 මේ වෙද්දි Paintings ගොඩක් කරල තියනව. ලංකාවෙදි වගේම මෙහෙදිත් ගොඩක් කළා.

🔴 කාගෙන හරි request එකක් ආවොත් painting එකක් කරලා දෙන්න කියලා කරන්න කැමතිද?

🔵 Definitely… දැනටම මම යාලුවො ගොඩක් අයට කරල දීල තියනව. තව අළුත් ඒවා කීපයකුත් ඉල්ලලා තියනවා.

🔴 Exhibition එකක් එහෙම කරන්න idea එකක් නැද්ද?

🔵 කරන්න ඕන, ඒත් ඒකට තව Paintings කීපයක් කරන්න ඕන.
🔴 Painting එකට use කරන materials මොනවද?

🔵 මම ගන්නෙ canvas and acrylic paints

🔴 ආසාවෙන්ම කරපු painting එක මොකක්ද?

🔵 මම ආසාවෙන්ම කලේ මගේ "Green Sea Turtle" කියන painting එක. Seychelles වල ලස්සන Green Sea Turtles ල ඉන්නවා. හරිම අහිංසක ලස්සන turtle species එකක්. අනිත් දේ තමයි ඒක මගේ පුංචි අකේන්ගේ request එකක්.

🔴 පුතත් දවසක අම්මා වගේම painter කෙනෙක් වෙයිද?

🔵 මම හිතන්නෙ නැහැ.
එයා Paintings වලට කැමති උනත් වැඩියෙන් ආස මුහුද ගැන, මුහුදෙ ඉන්න සත්තු, කොරල් ගැන හොයන්න. සමහරවිට Marine Biologist කෙනෙක් වෙයි. අපි බලමු නේ...?

දිනූෂා කතාව ඉවර කළේ පුංචි අකේන් දිහා ආදරෙන් බලලා හිනාවෙන ගමන් 💞

මේ තියෙන්නේ දිනූෂගේ page එක. ඒකට ගියාම බලන්න පුළුවන් දිනූෂා එයාගේ painting talent එක කොහොමද canvas එකක් උඩ හරි අපූරුවට හසුරවලා තියෙන්නේ කියලා.

https://www.facebook.com/𝒮𝐻𝒜𝒟𝐸𝒮-𝒷𝓎-𝒟𝑒𝑒-114164300506304/

ළඟදීම දිනූෂගේ exhibition එකක් අපිට දකින්න පුළුවන් වෙයි.

Good luck with your work Dinusha and little Akein 💐💐💐


😊😊😊

Doodle, Mandala or Zentangle...? Doodle නම් අහලා පුරුදු ඇති. ඒත් Mandala, Zentangle? ටිකක් විතර නුහුරු ඇති ඒ Art එක ගැන ...
04/10/2021

Doodle, Mandala or Zentangle...?

Doodle නම් අහලා පුරුදු ඇති. ඒත් Mandala, Zentangle? ටිකක් විතර නුහුරු ඇති ඒ Art එක ගැන නොදන්න කෙනෙක්ට. නොදන්න දෙයක් ගැන දන්න කෙනෙක්ගෙන් අහලා දැනගමු නේද...?

කැමති නම් එයත් එක්ක එකතු වෙලා ඉගෙන ගන්න පුළුවන් වෙයි. එයා තිළිණි. ඉන්නේ කුලියාපිටියේ.

☯️ Mandala කියන්නේ මොකක්ද කියලා අපිට ඉස්සෙල්ලම කියලා දෙන්නකෝ.

⚛️ Mandala මේ කාලේ බොහොම ජනප්‍රිය කලාවක් . Mandala Tatoo, Coloring books, Street Art එහෙම මේ වෙද්දි ලෝකය පුරාම දකින්න පුලුවන් .
ටිබෙට් භික්ෂූන්, උන්වහන්සේලාගේ ආධ්‍යාත්මික වැඩි දියුණුව වෙනුවෙන් පූජනීය රූප යොදාගෙන තියනවා , ඒ අතරින් වඩාත්ම වටිනා නිර්මාණය වන්නේ Mandala. Mandala කියන වචනේ සංස්කෘතික භාෂාවේ අර්ථය "කවය" යන්නයි. ඒ සෑම කවයකටම inherent symbolism එකක් තියනවා.
Out circle එකේ fire ring එකක් represent කරනවා. ඒකේ meaning එක අපද්‍රව්‍ය එකතු වීම වැළක්වීම.
Next circle එකෙන් අවිනිශ්චිතතාව නිරූපණය කරනවා.
ඊලග circle එක සොහොන් 8ක වළල්ල අතර ඒවා පුනරුප්පතියේ චක්‍රයට මිනිස්සුන්ව බැඳ තබා ගැනීම represent කරනවා.
අන්තිම internal circle එකෙන් ආයේ ඉපදෙන එක represent කරනවා. ඒක නෙලුම් කොළ වලින් තමයි represent කරන්නේ.
Heart beat speed එක reduce කරන්න, stress එක නැති කරගන්න වගේ mentality benefits ගොඩක් මේ Mandala art එකේ තියෙනවා කියලා මනෝවෛද්‍යවරුන් කියනවා.

☯️ Mandala ඉගෙන ගන්න අමාරුයි වගේ නේද?

⚛️ ඉගෙන ගන්න ලොකු අමාරුවක් නෑ. ඒත් පොඩ්ඩක් study කරලා අවබෝධයෙන් කරනවා නම් ගොඩක් වැදගත්.
මොකද, ටිබෙට් හාමුදුරුවෝ Mandala එකක් plan කරන්න පටන් ගන්න කලින් ඉඳන්ම nearly අවුරුදු 3ක කාලයක් oppressed artistic and phychological studies period එකක ඉන්නේ.
ඊට පස්සේ Mandala art එකක් කරන්න permission හම්බුණාම හාමුදුරුවෝ Mandala එකක් කරන්නත් ලොකු උනන්දුවක් තියෙනවා. සාමාන්‍යයෙන් එක Mandala art එකක් කරන්න හාමුදුරුවරු 4 දෙනෙක් එකතු වෙනවා, එක හාමුදුරු නමකට එක suppoter කෙනෙක් ඉන්නවා. ඒකෙන් collective feeling එකත් develop වෙනවා.

☯️ කැමති ඕනම විදියකට Mandala art එකක් කරන්න පුළුවන්ද?

⚛️ දැන් නම් එක එක observable system වලට Mandala art කරනවා.

☯️ තිළිණි, ඔයා මේ වැඩේ business එකක් විදියට කරනවද?

⚛️ ඇත්තටම තාම නම් සල්ලි හොයලා නෑ, ඒත් කීපදෙනෙක්ගෙම request වලට Mandala ඇන්ඳා.

☯️ Job එකක් කරනවද?

⚛️ ඔව්... මම Designer කෙනෙක්

☯️ Mandala එකක් කරන්න කොච්චර වෙලාවක් යනවද?

⚛️ Mandala art එහෙම කලබලේට කරන්න පුළුවන් art එකක් නෙමෙයි. ඇත්තටම ඒක meditation එකක්. කරන Mandala එකේ size එකත් එක්ක ගතවෙන කාලය වෙනස් වෙනවා. මට දවස් 3ක් වත් යනවා. හිත කලබල නම්, අවුල් වෙලා වගේ නම් මම හිමින් තමා art එක කරන්නේ. එක තැනක් හරි වැරදුණොත් ඒ මුළු art එකෙන්ම වැඩක් නැති වෙනවා.

☯️ Mandala විතරද free time එකේ කරන්නේ?

⚛️ නෑ... හිතුනම Zentangle වගේම Doodle කරනවා.

ඒ විදියට තමා තිළිණි Enjoy the little things එක්ක interview එක ඉවර කළේ. හැබැයි තිළිණි කියන්නේ විනෝදාංශ ගොඩක් තියෙන girl කෙනෙක්. එයා වෙලාවකට Photographer කෙනෙක්. තවත් වෙලාවකට එයා Cross-Stitch කරන කෙනෙක්. Paper quilling වලටත් තිළිණි දක්ෂයි.

Enjoy the little things කියන දේ උපරිමෙන් use කරන කෙනෙක් තමා තිළිණි.

මේ තියෙන්නේ එයාගේ page එක. තිළිණිගෙන් මොනවා හරි දැනගන්න ඕන නම්, නැත්තන් තිළිණිට කියලා මොනවා හරි නිර්මාණයක් කරගන්න ඕන නම් මේ හරහා පුළුවන් වෙයි එයාව contact කරගන්න. තිළිණි ඔයාට උදව් කරයි.

Good luck Thilini !!!

https://www.facebook.com/Happy-Creations-106934694595798/


😊😊😊

🎶අහන් ඉන්න... අහගෙන ඉන්න...🎶Music කියන්නේ universal language එකක්. සමහර වෙලාවට අපි අහන සිංදු වල වචන අපි දන්නේ නෑ. තේරුම ...
02/10/2021

🎶අහන් ඉන්න... අහගෙන ඉන්න...🎶

Music කියන්නේ universal language එකක්. සමහර වෙලාවට අපි අහන සිංදු වල වචන අපි දන්නේ නෑ. තේරුම දන්නෙත් නෑ. ඒත් අහන් ඉන්නවා. ගොඩක් වෙලාවට ඒ සිංදුවේ music වලට අපි කැමතියි. නැත්තන් සිංදුව කියන කෙනාට. ඒත් නැත්තන් video එකට. ඔය මොකක් හරි නිසා මේ මුකුත්ම නැතුව වෙනම reason එකක් නිසා අපි සිංදු අහනවා.

එහෙම අහන, ඇහෙන සිංදු mono instrument එකකින් ඇහෙනකොටත් ඒකේ වෙනම රහක් තියෙනවා. Flute එකකින්, Saxophone එකකින් එහෙම සිංදුවක් ඇහෙනකොට වෙනම ලෝකෙකට රොකට් එකක් නැතුවම ගිහින් එන්න පුළුවන්.

විරාජ්, පේරාදෙණිය university එකේ Bachelor of Science degree holder කෙනෙක්. මේ වෙනකොට Technical and Deployment Support Manager කෙනෙක් විදියට work කරනවා. හැබැයි විරාජ්ට උපන් හපන් කමක් තියෙනවා Flute එක Saxophone එක play කරන්න. බලන්න විරාජ්ගේ talent එක කොහොමද කියලා.

මේ ලින්ක් එකෙන් විරාජ්ගේ music videos බලන්න පුළුවන්

https://www.youtube.com/channel/UCgE6KZV3GRY1IzTMSzXqStw


😊😊😊

Share your videos with friends, family, and the world

Chicken with Cauliflower 🍚🍗When we prepare chicken we prepare it with the same taste. Most probably it may be hot chili ...
01/10/2021

Chicken with Cauliflower 🍚🍗

When we prepare chicken we prepare it with the same taste. Most probably it may be hot chili chicken curry with gravy. For a change let's make it differently.

Things you want;
(Prepare all the measurements according to your taste)
🔸Cauliflower
🔸Chicken
🔸Black Pepper
🔸Red Chili
🔸Roasted Curry Powder
🔸Ginger Garlic Paste
🔸Salt
🔸Curry Leaves
🔸Pandan
🔸Onions
🔸Green Chili
🔸Olive Oil or Cooking Oil

Let's start;

First of all wash chicken gently with salt mixed water. Separated cauliflower small pieces wash with salted water. Sometimes you can see small insects inside the cauliflower. With salted water, you can easily remove them. Let them drain in aside.

Cut onions and green chili. If you need to cut the chicken do it this time. If you have already cut pieces let's go to the cooker.

Take a pot according to your chicken and cauliflower quantity. Switch on the cooker and let the pot get hot. Put some olive oil or oil that you use normally. If you like you can use margarine also. But add some oil with it. When the oil gets hot add two-three cloves and cardamom. Then curry leaves, pandan, ginger garlic paste, onions, and green chili. Let them fry.

When onions getting brown add chicken and cauliflower. Stir all together. Then add red chili, black pepper, roasted curry powder, and salt. Stir them well. Put some water. This isn't too much gravy curry. When you close the pot will get its water also. So don't put too much water. 1/2 cup may be enough.

After add water stirs the curry again and close with a lid and let it cook for 20-30 minutes. The time also depends on your quantity.

Wait until the water drains.

Tik... Tok... Tik... Tok...
Wooh... time up...
Woow... Look at what you have got... Yepi...👏👏👏

Make some yellow rice or fried rice enjoy with the Cauliflower-Chicken Curry.


😊😊😊

01/10/2021
💪Age isn't an obstacle if you really want to do something you like💪Retired chemistry teacher Martin Sellner has complete...
30/09/2021

💪Age isn't an obstacle if you really want to do something you like💪

Retired chemistry teacher Martin Sellner has completed his work - he has stitched a 58x54 '' Periodic Table (147x137 cm)
"It took six years for the table and the border ..." he said.


😊😊😊

🏡ගෙදර ඇතුළේ හැඩට වැඩට🏡ඉස්සරට වඩා දැන් ඉන්න වයිෆ්ලා හරි ආසයි අරුමෝසම් වැඩ කරලා ගෙවල් හැඩ කරගන්න. Social media එකත් එක්ක ව...
30/09/2021

🏡ගෙදර ඇතුළේ හැඩට වැඩට🏡

ඉස්සරට වඩා දැන් ඉන්න වයිෆ්ලා හරි ආසයි අරුමෝසම් වැඩ කරලා ගෙවල් හැඩ කරගන්න. Social media එකත් එක්ක වැඩියෙන් බැඳිලා ඉන්න වයිෆ්ලට එක එක විදියේ අරුමෝසම් දකින්න හම්බුවෙනවනේ.
බැන්ඳට පස්සේ හස්බන්ඩ්ගේ හිත දිනාගන්න, ආදරේ වැඩිපුර ලබාගන්න වයිෆ්ලා පුංචි පුංචි දේවල් ගෙවල් ඇතුළේ කරනවා. ඒකෙන් ප්‍රධානම දෙයක් තමා ගෙදර ලස්සනට පිළිවෙලට තියාගන්න එක. ඒකෙ කිසිම වැරැද්දක් නැහැනේ.
මොකද කොහේ ගියත් ගෙදර වගේ සුව පහසුවක් වෙන කොහේවත් දැනෙන්නේ නැහැනේ.
ඉතිං එහෙම ගෙවල් හැඩ කරගන්න කැමති වයිෆ්ලට මෙන්න මේ වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්.

🌲සීනු හඬින් ලොව පිඹිදෙනවා🌲 2021 ඉවර වෙන්න තියෙන්නේ තව මාස තුනයි. ඔක්තෝබර් මාසේ ඉවරවෙලා නොවැම්බර් මාසේ එනකොට හැමෝම ලෑස්ති...
30/09/2021

🌲සීනු හඬින් ලොව පිඹිදෙනවා🌲

2021 ඉවර වෙන්න තියෙන්නේ තව මාස තුනයි. ඔක්තෝබර් මාසේ ඉවරවෙලා නොවැම්බර් මාසේ එනකොට හැමෝම ලෑස්ති වෙන්නේ නත්තල සමරන්න. ගිය අවුරුද්දට වඩා හොඳට මේ නත්තල සමරන්න ලැබෙන්න ඕන ඒ හැමෝටම.

නත්තල හරි විසිතුරුයිනේ. හැම කෙනෙක්ම පුළුවන් විදියට ගෙදර හැඩ කරගන්නනේ බලන්නේ. දැන් ඉතිං ඉස්සර වගේ නිදහසේ එළියට බැහැලා ගිහින් Christmas decorating items හොයන් එන්නත් බැරි නිසා ගෙදර තියෙන දේවල් වලින් ගෙදර ලස්සන කරගමුද?

බලන්න මේවගෙන් පුංචිම හරි අදහසක් ගන්න පුළුවන් වෙයිද කියලා. මාස දෙකක්ම තියෙන නිසා කාලේ තියෙනවා හිමින් හිමින් සූදානම් වෙන්න නේද...?


😊😊😊

29/09/2021

බලන්න මේ shop එකේ ඔයා කැමති විදියේ Ceramic Items තියෙනවද කියලා. පිටරටක නෙමෙයි. මේ ලංකාවේ... 🍵🍵

https://www.facebook.com/Midayaco


😊😊😊

Giftware, Gifts, Hotelware, Homeware, Ornaments, Wedding Gifts, Kitchenware, Tableware, Terracotta, Porcelain, HORECA, Bathroom, Spa, Restaurant ware

🎍බොන්සායි කලාව ගැන සිංහලෙන් කෙවින්ගෙන් ඉගෙන ගමු🎍https://www.youtube.com/watch?v=1-NbNiE7JNA 😊😊😊
29/09/2021

🎍බොන්සායි කලාව ගැන සිංහලෙන් කෙවින්ගෙන් ඉගෙන ගමු🎍

https://www.youtube.com/watch?v=1-NbNiE7JNA


😊😊😊

Reapot Bonsai Tree

🌵Cactus... Cactus...🌵 "පතොක් ඉඩෝරයට හුරු වුණා මිසක, වතුර ඉල්ලා හැඬුවේ නැත..." මේ වචන ටික Facebook එකේ සැරිසරන ඕනම කෙනෙක්...
29/09/2021

🌵Cactus... Cactus...🌵

"පතොක් ඉඩෝරයට හුරු වුණා මිසක, වතුර ඉල්ලා හැඬුවේ නැත..." මේ වචන ටික Facebook එකේ සැරිසරන ඕනම කෙනෙක් දැකලා ඇති.

පතොක් කියන්නේ කොහොමත් ශුෂ්ක පරිසරයට අනුවර්තනය වුණ ශාකයක්. ඒකේ පත්‍ර වලට වලට පුළුවන් උණුසුම් පරිසර තත්ව වලදි සිය ජීවිතය නොනැසී පවත්වාගන්න ජලය ගබඩා කරලා තියාගන්න.

සමහර පතොක් ගොඩක් ලොකුවට හැදෙනවා. ඒත් සමහර ඒවා හරි පොඩියි. පතොක් වල අනික් ගස් වල වගේ කඳ කොටසක් දකින්න ලැබෙන්නේ නෑ. පත්‍රම තමා විහිදිලා ගිහින් තියෙන්නේ.

මීට අවුරුදු ගාණකට කලින් පතොක් වලට ලොකු තැනක් හිමිවුණේ නෑ. හැබැයි දැන්නම් විසිතුරු පැලයක් විදියට, Indoor Plant එකක් විදියට පතොක් වලට පොෂ් විදියට කිව්වොත් Cactus වලට හොඳ තැනක් හිමිවෙලා තියෙනවා.

මුහුදු පත්ලේ තියෙන කොරල් වගේම ගොඩබිම තියෙන කොරල් පතොක් කියලා කිව්වත් වැරදි නෑ. ඒ තරම්ම විසිතුරු පතොක් පැල දැන් තියෙනවා.

ඔයත් Cactus එකතුවක සාඩම්බර හිමිකරුවෙක් නම් Enjoy the little things page එකට photo එකක් දෙකක් එවන්නකෝ අනික් අයටත් බලලා සතුටු වෙන්න.

පහළ තියෙන Cactus එකතුවත් බලන්න අමතක කරන්න එපා.


😊😊😊

🍰 Cake Art 🍰 "කේක්" ඕන තැනකදි, ඕන වෙලාවකදි කන්න පුළුවන් කෑමක් තමා. හොඳටම දුක හිතුනම දුක අඩුවෙන්න කන්න පුළුවන්. සතුටු වෙල...
29/09/2021

🍰 Cake Art 🍰

"කේක්" ඕන තැනකදි, ඕන වෙලාවකදි කන්න පුළුවන් කෑමක් තමා. හොඳටම දුක හිතුනම දුක අඩුවෙන්න කන්න පුළුවන්. සතුටු වෙලාවක, සතුට වැඩිවෙන්න කන්න පුළුවන්.

කේක් හදන එකත් කලාවක් තමා. හදන එක, හැඩ ගන්වන එක, පිළිගන්වන විදිය මේ ඔක්කොම කලාවක්.

එහෙම රසට කේක් හදලා, හැඩ කරලා, පිළිගන්වන්න හැමෝටම බෑ. ඒකටත් වෙනම රහක් තියෙන්න ඕන. එහෙම වෙනම රහක් තියෙන කෙනෙක් තමා "සෞම්‍යා" කියන්නේ.

විශේෂත්වය තමා සෞම්‍යාගේ පළවෙනි job එක කේක් හදන වැඩේ නෙමෙයි. එයා Banker කෙනෙක්. ගණන් හිලව් එක්ක, සල්ලි කොළ එක්ක දවසම හැප්පෙන කෙනෙක්ට එහෙම කලාත්මක වැඩක් කරන්න පුළුවන්ද...? පුළුවන්... කිසිම ප්‍රශ්ණයක් නෑ. ඕන වෙන්නේ ආසාවයි, උනන්දුවයි, කැපවීමයි.

Enjoy the little things සෞම්‍යාගේ කේක් වල රස බලන්නයි යන්නේ...

🍰 Banker කෙනෙක් විදියට ඇයි කේක් හදන්න හිතුවේ ❔

🎂 Bank එකේ වැඩ කරන එක හරිම ඒකාකාරියි. Mind එක relax කරගන්න වගේම මේ කාලේ හැටියට එක job එකක් කරලා ලැබෙන income එක මදි නිසා හිතුවා කේක් හදන්න පටන් ගන්න 🙂

🍰 ඇයි කේක්ම හදන්න හිතුවේ ❔

🎂 පොඩි කාලේ ඉඳලම මගේම Business එකක් කරන්න ලොකු ආසාවක් තිබුණා. කේක් හදන්න හැකියාවකුත් තිබුණ නිසා ඒකම තෝරගත්තා 🙂

🍰 කාගෙන් හරි ඉගෙන ගත්තද ❔
නැත්තන් තනියමද ඉගෙන ගත්තේ ❔

🎂 ප්‍රවීණ කේක් නිර්මාණ ශිල්පියෙක් වෙන ආර්. එල්. ක්ලෙමන්ට් තමා මගේ ගුරුවරයා 🙂

🍰 එහෙනම් competition වලදි win කරන්න ඇති ❔

🎂 ඔව්... ආර්.එල්.ක්ලෙමන්ට් Cake Decorating School එකේ Annual Cake Exhibition එකේදි 2019දි Birthday Cake වල third pace හම්බුණා. 2020 දි Wedding Cake Structure වල third place හම්බුණා. ඒක මං ලබපු ලොකු ජයග්‍රහණයක්. ඉතිං මට ඒක ගැන සතුටුයි වගේම ආඩම්බරයි 🙂

🍰 Banker කෙනෙක්ට free time එක අඩුයි. කොහොමද වෙලාව හොයාගන්නේ කේක් හදන්න ❔

🎂 ගොඩක් වෙලාවට මම orders ගන්නේ weekend එකේ... ඒ වගේම නිවාඩු දවසක් තිබුණොත් මම order එකක් ගන්නවා 🙂

🍰 Marry කරලා නිසා husband support කරනවා ඇති නේද ❔

🎂 අනිවාර්යයෙන්... එයා තමා මගේ ලොකුම suppoter. මේ වෙලාවේ ආදරෙන් මතක් කරන්නම ඕන 🙂

🍰 මේ වෙද්දී කේක් කීයක් විතර හදලා තියෙනවද ❔

🎂 දැනට නම් කේක් 50ක් විතර හදලා තියෙනවා. වෙලාව තිබුණා නම් මීට වඩා හදන්න පුළුවන් මට 🙂
🍰 කොහොමද clientsලගෙන හම්බුවෙන comments එහෙම ❔

🎂 ඇත්තටම එයාලගෙන් හොඳ comments තියෙනවා. හැම කෙනෙක්ම කියන්නේ කේක් රසයි. Perfect finishing කියලා. මම හැමවෙලේම best quality products තමා මගේ කේක් හදන්න use කරන්නේ. Prouducts වල් price එක වැඩි වුණත් quality එකට වැඩේ කරන්නයි මට ඕන. Client මාව විශ්වාස කරලා මට වැඩේ භාරදෙන්නේ. ඉතිං ඒක මම රකින්න ඕන. එහෙම වුණොත් තමා ඒ client තව කෙනෙක්ට මාව recommend කරන්නේ වගේම ආයේ දවසක මගෙන් කේක් එකක් ගන්නේ. ගන්න ගාණට මම මගේ maximum කරනවා. ඒක නිසා මට සතුටුයි 🙂

🍰 වැඩියෙන් කැමති Banker කෙනෙක් කියනවටද ❔ Cake Artist කෙනෙක් කියනවටද ❔

🎂 දෙකටම කැමතියි. ඒකනේ ඒ field දෙකම select කරන් ඉන්නේ 🙂

🍰 ඒ කියන්නේ කේක් හදන්නෙත් ගොඩක් ආසාවෙන් ❔

🎂 ඔව්... ලස්සනට, රසට කේක් එකක් හදලා client ඒකට දෙන comment එකෙන් තමා මගේ ඊළඟ කේක් එක රසට හැදෙන්නේ. ඒ වගේම මම හරිම ආසාවෙන් කේක් හදන්නේ. හැබැයි දැන්නම් මම මටම කියලා කේක් හදන් කනවා අඩුයි 🙂

Enjoy the little things "Sugar Bliss by Saumya"

සෞම්‍යාගේ සෞම්‍ය අතින් රසවත් වෙන කේක් බලන්න, order කරන්න මේ link එකට ගිහින් පුළුවන්
https://www.facebook.com/Sugar-Bliss-by-Saumya-110287597039965/


😊😊😊

Address

Beau Vallon

Website

Alerts

Be the first to know and let us send you an email when Enjoy the little things posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share