Gamin Gamata Janatha Gatalu

  • Home
  • Gamin Gamata Janatha Gatalu

Gamin Gamata Janatha Gatalu Create awareness about any issues & problems relate to people, society, developments, schools, religion & many more areas etc.

10/08/2022
05/08/2022
16/10/2021

Under health guidelines, processions cannot be held during Katina pooja offerings. Only a maximum of 20 persons allowed during alms offering of meals & during religious sermons -Dept of Buddhist Religious Affairs- adaderana.lk

27/08/2021

අඩු ආදායම් ලාබින්ට සහ ආදායම් අහිමි ඌවන්ට රජයෙන් දෙන 2000/- දෙන්න සමහර ග්‍රාමසෙවකවරැන් අලුත් නිර්නායක හදාගන,කන්න බොන්න නැති, ආදායම් අහිමිවීමට වඩා තව මොනා හරි හේතුවක් ඔනෙද?

16/08/2021

Sampath Kalutharage Indigenous Medical Practitioner - Doctors - හෙළ වෙදකමමේ වසංගතයට අවශ්‍ය වෙයි කියලා පුස්කොල පොතේ ලියලා තිබ්බ දේ හැමෝම වෙනුවෙන් මෙන්න |.....

13/08/2021

August 12th World Elephant's Day

05/08/2021

Double Mask gana nodanna aththa

26/06/2021

කිතුනු ජනතාව, පල්ලි/මීසම්, දහම් පාසල්, පියතුමන්ලා ඇතුලු ඒවායේ වගකිවයුතුත්තන් හට සිතන්නට යමක්...!

මේ රටේ ගමවල්වල/මීසම්වල වැඩි හරියක් ඉන්නෙ දුප්පත් පවුල් සහ දරුවො ඒ අයට දහම ඉගැන්වීම හොද දෙයක් නමුත් Online කරන්න පටන් අරන් අතේ තියෙන කීය හරි නැති කරන උත්සාහයවල්නම් පටන් ගන්න එපා. උවමනාමනම් Phone වගේ පහසුකම් නැති අයට එම පහසුකම් සපයා Data card සපයා දීලා (දරුවන් සහ ගුරුවරුන් දෙගොල්ලටම, මොකද නොකිව්වට සමහර ගුරුවරුන්ටත් මේ ප්‍රශ්නෙ තියෙනව) ඒ වගේම ගුරුවරු සහ ලමයින්ගෙ පවුල් වලට කන්න බොන්න ජීවත්වෙන්න අපහසු පවුල්වලට ඒව සපයල දීල එහෙම මෙ වගේ වැඩක් කරන්න හිතුවොත්නම් හොදයි. මේ වෙනකොටවත් සමහර තැන්වල තමන්ගෙ පල්ලියෙ දහම් ගුරුවරු ගැන අසරණ දුප්පත් පවුල් ගැන පුංචි දරුවො ගැන හොයා බලපු නැති ඔවුන්ට කන්න වේලක් නොදීපු පල්ලි/මීසම්(සමහර පියතුමන්ලාද ඇතුලුව)/ මීසම්වල තියෙන සමිති ඕනතරම්.හැබැයි ඉතින් පල්ලි/ ගොඩනැගිලිනම් හදනව ඒවට ඔනතරම් සල්ලි ආධාර ඉහටත් උඩින් තියෙනව. හිතන්න පොඩ්ඩක් දේව රාජ්‍ය කියන්නෙ ගොඩනැගිලි විතරක්ම නොවේ.

23/06/2021

නින්ද සහ අක්මාව..!

1)ඔබ නින්දට යායුත්තේ කීයටද ?

2)කලින් නින්දටගොස් කලින් අවදිවීම ඇඟට හොඳ බවට පැරණි විශ්වාසයක් තිබෙනවා.මෙහි සත්‍ය අසත්‍යතාවය කුමක්ද?

3)ප්‍රමාදවී නිදාගෙන ප්‍රමාදවී අවදි වීම ඔබගේ නිරෝගී බවට කෙසේ බලපෑම් කරයිද?

📌අපගේ ශරීරය තුළ ස්වභාවධර්මයා විසින් නිර්මාණය කරන ලද පුදුමාකාර ඔරලෝසුවක කටු කැරකෙන බව ඔබ දන්නවාද? මෙය බටහිර විද්‍යාවන් තුල biological clock ලෙස හදුන්වනවා.
එය ඉතා ඉහල වටිනාකමකින් යුතු සේවයක් සපයයි.

📌එය ඔබගේ ශරීරයේ බොහෝ ඉන්ද්‍රීන් ගේ ක්‍රමානුකූල පැවැත්ම තීරණය කරනවා.

📌එමෙන්ම එම ඔර්ලෝසුව විසින් ඔබගේ නින්ද වෙනුවෙන්ද කාලය වෙන්කොට තිබෙනවා.

📌රාත්‍රි 11සිට පාන්දර 3 අතර කාලයේදී අපගේ අක්මාව තුල වැඩි රුධිරය ප්‍රමාණයක් එකතුවෙනවා.
සංසරණය වෙනවා.

📌රුධිරය ධාරිතාවය සමග අක්මාව කෙමෙන් විශාල වෙනවා.

📌මේ කාලය තුලදී ඔබගේ ශරීරයේ විෂ නැසීමේ ක්‍රියාවලිය ද අක්මාව විසින්ම සිදුකරනවා.

📌ඒවගේම ඔබ විසින් දිනය පුරාම ශරීරයට එකතුකරගන්නා ලද විෂ ද්‍රව්‍ය වල ගමනාගමනය සීමාකර විනාශකරදැමීමද අක්මාව විසින් සිදුකරන්නේ මේ කාලය තුලයි.

📌ඒ කොහොම උනත්,
ඔබ මේ කාලසීමාව තුල නිදාගත්තේ නැතිනම්,
බොහෝදුරට ඔබගේ අක්මාවට මේ කටයුත්ත සාර්තකව සිදුකිරීමට අපහසු වෙනවා.

📌ඔබ 11 සිට පාන්දර 3 දක්වා නිදාගත්තොත් අක්මාව සඳහා පැය 4ක ප්‍රමාණවත් කාලයක් විෂ නැසීමේ ක්‍රියාවලිය සඳහා ලැබෙනවා.

🦠12ට නිදාගත්තොත් පැය 3ක් ද,
🦠1ට නිදාගත්තොත් පැය 2 ක් ද,
🦠2ට නිදාගත්තොත් පැය 1ක් ද

ආදී වශයෙන් අපගේ ශරීරය විෂ නැසීම සඳහා කාලය වෙන්කරගන්නවා.

👀ඔබ පාන්දර 3ට නිදාගත්තොත්..........................
ඇත්තටම ඔබගේ ශරීරයට අහිතකර විෂ ද්‍රව්‍ය නැසීමට අක්මාවට කාලයක් ලැබෙන්නේ නැහැ.

📌එසේ වුවහොත් කෙමෙන් අපගේ ශරීරය තුල අහිතකර දෑ එකතුවෙන්නට පටන් ගන්නවා.

📌ඊලඟට කුමක් සිදුවේවිද කියා අමුතුවෙන් කිවයුතු නැහැ.

📌එසේනම් ඔබ ප්‍රමාද වී නිදාගෙන
කෙතරම් ප්‍රමාද වී අවදි වුවත් ඉතාමත් තද තෙහෙට්ටු ගතියක් දැනෙනවා නේද? ඒ ඉහත හේතුව නිසාමයි.

📌ප්‍රමාද වී නිදාගෙන ප්‍රමාදවී අවදි වීමද සෞඛ්‍යයට අහිතකරයි.

📌මෙසේ උදෑසනින් අවධිවන ඔබට කලහැක්කේ කුමක්ද?

🦠ව්‍යායාම කිරීම හා නැවුම් වාතය ආශ්වාසය කිරීම( උදෑසන 3සිට 5 අතර කාලය තුලදී ඔබගේ පෙනහලු තුල වැඩි රුධිර සංසරණයක් සිදු වෙනවා වගේම මේ කාලය තුල පරිසරය තුල ද ඉතාමත් නැවුම් වාතය අඩංගු වෙනවා)
🦠මේ කාලය තුල දී වැසිකිලි යෑම( උදෑසන 5සිට 7දක්වා කාලය තුල අපගේ ශරීරයේ වැඩි රුධිර සංසරණයක් සිදුවන්නේ මහා අන්ත්‍රය තුලයි)
🦠දවසේ ප්‍රධානම ආහාරය වන උදෑසන ආහාර වේල ලබාගැනීම මෙන්ම දිනය පුරාම ශරීරයට අවශ්‍ය පෝෂනය ලබාගැනීමට ශරීරය සකසාගැනීම වැනි දෑ සිදුකල හැකියිඒ( 7සිට 9 දක්වා කාලය තුල අපගේ ශරීරයේ වැඩි රුධිර ගමනාගමනයක් සිදුවන්නේ ආමාශය තුලයි.)

📌ආයුර්වේද වෛද්‍යක්‍රමයෙහි මෙසේ
බ්‍රහ්ම මුහුර්තයෙන් අවදිවීමත් ඉන් පසු සිදුකල යුතු මෙම ක්‍රියාකාරකම් පිළිබඳවත් දිනචර්‍යා යටතේ ඉතා පැහැදිලිව විස්තර කෙරෙනවා.

📌අතීතයේ ජීවත් වූ මිනිසුන් මෙන්ම අද ගම්මාන වල ජිවත් වෙන මිනිසුන් වඩා සෞඛ්‍යයසම්පන්න ජීවිතයක් ගතකිරීමට හේතුව ද මෙයයි.

📌ඔවුන් කලින් නිදාගෙන කලින් අවදිවෙයි.

📌මන්ද ඔවුන් අනුගමනය කරන්නේ ස්භාවධර්මයා විසින් සකසා දී ඇති ඔරලෝසුවයි.

📌ඔබත් උත්සහකර බැලුවොත් ඔබටත් සාමාන්‍ය දිනයකට වඩා නැවුම් සහ ශක්තිමත් බවක් නිරායාසයෙන්ම දැනේවි.

ඔබටත් මෙවැනි මිතුරන් සිටී නම් mention කරන්න share කරන්න , දැනුවත් කරන්න .🙂👍

- උපුටාගැනීමකි -

බේ‍රා්හියර් කුරුමිට්ටකු කළ අවුකන බුද්ධ ප්‍රතිමාව  බි්‍රතාන්‍ය යටත් විජිත පාලන සමයේ විසිවැනි සියවස මුල ලංකාවේ මැනුම් කටය...
23/06/2021

බේ‍රා්හියර් කුරුමිට්ටකු කළ අවුකන බුද්ධ ප්‍රතිමාව


බි්‍රතාන්‍ය යටත් විජිත පාලන සමයේ විසිවැනි සියවස මුල ලංකාවේ මැනුම් කටයුතු කළ මිනින්දෝරු නිලධාරියකු වූ රිචඩ් ලෙස්ලි බේ‍රා්හියර් මෙරට ඓතිහාසික සම්ප්‍රදායයන් වාරිකර්මාන්තය සහ ඓතිහාසික යුගය පිළිබඳ පුළුල් අධ්‍යයනයක් සිදුකළ විද්වතෙකි. ඔහු ලංකාවේ අස්සක් මුල්ලක් නෑර ඇවිදිමින් අවුරුදු 40ක් පුරා මේ දිවයින පිළිබඳ ප්‍රාමාණික දැනුමක් උකහා ගත්තේය.

මිනින්දෝරු කට්ටලය සහ මිනුම් පටිය රැගෙන පුරාණ රාජධානි සමය බිඳ වැටීමෙන් වසර දහස් ගණනකට පසු එතෙක් මිනිසුන් පය නොගැසූ ඝන වනාන්තර තුළ ඔහු ඇවිද ගියේය. ඓතිහාසික යුගයේ පුරාණ රාජධානිවල නටබුන් දැක හැඳින ගත්තේය. ඒ නිසාම මෙරට ශේ්‍රෂ්ඨ ඓතිහාසික සම්ප්‍රදායයන්ට බේ‍රා්හියර් මහත් සේ ගරු කළේය.

බේ‍රා්හියර් ස්වකීය චාරිකා අලළා තබන ලද වාර්තා සටහන් ඇසුරින් "Seeing Ceylon" නමින් ග්‍රන්ථයක් සම්පාදනය කළේය. එච්.සී.පී.බෙල් වැනි කීර්තිමත් පුරාවිද්‍යාඥයන්ට මෙන්ම මහාචාර්ය පරණවිතාන සූරීන්ටද ඓතිහාසික යුගයේ සීමා මායිම් සොයා යෑමට ආර්.එල්. බේ‍රා්හියර්ගේ මැනුම් වාර්තා සහ සටහන් ඉවහල් වූයේය.

බේ‍රා්හියර්ගේ ආධ්‍යාත්මය හඳුනා ගැනීමට ඇති හොඳම සටහනක් වන්නේ අවුකන පිළිම වහන්සේ හිරු එළිය නොවැටෙන ඝන වනාන්තරයේ ප්‍රථමයෙන් නෙත ගැටුණු අවස්ථාවේ ඔහු විසින් තබන ලද සටහනය. බේ‍රා්හියර් අවුකන මැනුම් කටයුතු කරන්නේ 1920 දශකයේදීය.

"ලොව මිනිසා විසින් නිර්මාණය කළ විශිෂ්ටතම කලා නිර්මාණය අවුකන බුද්ධ ප්‍රතිමාව යැයි මම විශ්වාස කරමි. මා කලා වැව මිටියාවතේ මිනුම් කටයුතු කළේ කලාවැවේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් වී රූස්ස වනාන්තරයෙන් වැසුණු ගොවි බිම්වල ජනපද ගොවීන් පදිංචි වන්නට බොහෝ කලකට පෙරය. එවකට මේ ප්‍රදේශ හරහා දිවෙන මහා මාර්ග දුම්රිය මාර්ග කිසිවක් තිබුණේ නැත. මිනින්දෝරු කණ්ඩායම වනාන්තරය ඔස්සේ ඉදිරියට ගමන් කරමින් සිටියේ ත්‍රිකෝණමිතික ස්ථානයක් සඳහා උස් කඳු ගැටයක් සොයා ගනු පිණිසය. අප කැලෑව පාදා ගනිමින් ඉදිරියට යත්දී හදිසියේම අප ඉදිරියේ මේ විසල් ප්‍රතිමාව පාදුර්භූත විය. මම තුෂ්ණිම්භූත වීමි. මා දකින්නේ සත්‍යයක්ද මායාවක් දැයි මට අදහාගත නොහැකි විය. පියවි සිහියට එළඹෙන්නට මට කෙටි වෙලාවක් ගත කරන්නට සිදුවිය.

හිරු නොබසින අධිරාජ්‍යයේ පුරවැසියකු ලෙස ජීවිත කාලය පුරා සිතේ පැවැති අභිමානය ඒ නිමේෂයේදී බොඳ වී ගියේය. දැවැන්ත ප්‍රතිමාව ඉදිරියේ මා කුඩා අඟුටුමිට්ටකු බවට පත්ව සිටියේය. අභිමානය ඉවත හළ මම මේ චමත්කාරජනක විස්මිත නිර්මාණය නරඹන්නට වූයෙමි. සියවස් විස්සකට වැඩි කාලයක් තිස්සේ මෙම භූමිය හරහා හැමූ මෝසම් සුළඟට හා වර්ෂාවටත් මේඝ ගර්ජනාවලටත් චණ්ඩ අකුණු සැරවලටත් මුහුණ දෙමින් සුවිසල් ප්‍රතිමාව මහේශාඛ්‍ය ලීලාවෙන් නැඟී සිටියේය. මට වැටහී ගියේ රුදුරු ආක්‍රමිකයන්ගේ කුරිරු හස්තයන්ගෙන්ද බේරී මෙය පැවැතීම මහා ආශ්චර්යයක් බවය.

විසල් ගල් පර්වතයක නැඟෙනහිර මුහුණතේ මුළුමනින්ම රවුම්වට ආශීර්වාද මුද්‍රාවෙන් නෙළා ඇති මේ මහා බුදු පිළිමය අතිශය සුන්දරය. මෙවැනි මනස්කාන්ත පසුබිමෙක මේ උත්කෘෂ්ඨ නිර්මාණය කරන්නට හැකියාව තිබෙන්නේ නියත වශයෙන්ම ශේ්‍රෂ්ඨයකුට පමණි. මෙවැනි රළු ගල් පව්වක මෙලෙස සූක්ෂ්ම කැටයම් සහිත සියුම් ඉරියව් මතු කරමින් ජීවය පිඹිය හැකිවන්නේ උත්කෘෂ්ඨ කලාකරුවකුටම පමණි. ශ්‍රද්ධාවේ සංකේතයක් වැනි මේ උත්තුංග පිළිමය කරවූයේ කිනම් රජු සමයේ දැයි කිව නොහැකිය. මේ අවට ගල් ලෙන් කිහිපයක් ඇති අතර ඒ අසල තිබෙන කෙමක් ආසන්නයේ සෙල් ලිපියක්ද තිබේ. ආචාර්ය ඩබ්ලිව්. සී. නිකොලොස් පසුව පෙන්වා දුන් අන්දමට එය සළකුණුකර ඇත්තේ පළමුවැනි සියවසේදීය.

බුදුරජාණන් වහන්සේගේ මේ ප්‍රතිමාව නැඟෙනහිර දෙස බලා වසර 1400ක් සිටියදී මේ ප්‍රදේශය රූස්ස ගස් කොළන් සහිත මහ වනයට බිලි වන්නට ඇත. මේ පිළිමය නිම වීමෙන් සියවස් හතරක් පහක් ගෙවුණු තැන ධාතුසේන රජු කලාවැව ඉදිකළ විට කලාවැවේ වැව් බැම්මේ සිට මේ පිළිමය දැකගත හැකිවිය. පසුකලෙක එච්.සී.පී. බෙල්ගේ හා බරෝස්ගේ විස්තර කියවන තුරු මට පිළිමයේ පරිමාව ගැන හැඟීමක් තිබුණේ නැත. සිරස් පත සිට පාදයේ කෙළවර දක්වා උස අඩි 46 යි අඟල් 4කි. පාදම අඩි 3යි අඟල් 10ක් උසය. සිරස් පත අඩි 3 අඟල් 8කි. සිවුරේ අඟපසඟවල සියුම් විස්තර වසර දහස් ගණනකට පසුවත් එලෙසම සලකුණු වී තිබේ. නිසැක ලෙසම එය මිනිසාගේ විශිෂ්ටතම ප්‍රතිභා පූර්ණ නිර්මාණයකි.

මාලි ලුවිස් ගේබි්‍රයෙල්
- උපුටා ගැනීමකි.

අපිටත් TV එකෙන් ආවා ඔයාලට....
07/06/2021

අපිටත් TV එකෙන් ආවා ඔයාලට....

රැකියාවෙන්  ඉවත් කලොත් ලක්ෂ 25ක වන්දියක් ..හාම්පුතුන් විසින් නියමිත කාලයට පෙර රැකියාවෙන් ඉවත් කලොත් හි සේවය අවසන් කලොත් ...
17/05/2021

රැකියාවෙන් ඉවත් කලොත් ලක්ෂ 25ක වන්දියක් ..

හාම්පුතුන් විසින් නියමිත කාලයට පෙර රැකියාවෙන් ඉවත් කලොත් හි සේවය අවසන් කලොත් එම සේවකයන්ට රු. ලක්ෂ 25 වන්දියක් ගෙවීම පසුගිය 19 වැනිදා (පෙබරවාරි) සිට ක්‍රියාත්මකය.
මේ සඳහා වන අති විශේෂ ගැසට් නිවේදනය කම්කරු කොමසාරිස් ප්‍රභාත් චන්ද්‍රකීර්ති පසුගිය 19 වැනිදා නිකුත්කර තිබේ. ඒ අනුව පෞද්ගලික අංශයේ සේවකයන් සහ අර්ධ රාජ්‍ය අංශයට අයත් සංස්ථා මණ්ඩල හා ව්‍යවස්ථාපිත ආයතනවල සේවකයන්ට මෙම වන්දි හිමිකම ගැසට් නිවේදනය නිකුත් කල දා සිට ලැබේ.
කොවිඩ් වසංගතය නිසාද පසුගිය කාලයේ හාම්පුතුන් විසින් බොහෝ දෙනෙකුගේ සේවය අවසන් කර ඇත. එම සිද්ධීන් සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ වලින් අනතුරුව අදාල සේවකයන්ටද මෙම ගැසට් නිවේදනය අනුව ඉහත වන්දිය ලබා ගැනීමට හැකිවනු ඇතැයි කම්කරු කොමසාරිස් ප්‍රභාත් චන්ද්‍රකීර්ති "අරුණ" ට පැවසුවේය.
සේවය අවසන් කරන අය සඳහා මින් පෙර හාම්පුතුන් විසින් ගෙවිය යුතු වන්දි මුදල වුයේ රුපියල් දොළොස් ලක්ෂ පනස් දහසකි. එය ප්‍රකාශයට පත් කර ඇත්තේ 2005 වසරේදීය. වන්දි මුදල රුපියල් ලක්ෂ 25 විය යුතු බවට නව නීතියක් ගෙන එන්නේ අවුරුදු 15 කින් පසුව බව කම්කරු කොමසාරිස්වරයා කිවේය.

උපුටා ගැනීම
අරුණ පුවත්පත / මාර්තු 1, 2021

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Gamin Gamata Janatha Gatalu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share