Spicy Love

Spicy Love Sharing our real life, daring love, food, everyday experiences to inspire, entertain and cultivate p
(1)

23/10/2022

After a tired day, I play this video

Via Yodha
15/09/2022

Via Yodha

Happy Spouse, Happy HouseVia Awareness Act
03/09/2022

Happy Spouse, Happy House

Via Awareness Act

You are my favorite notification 🤍
02/09/2022

You are my favorite notification 🤍

❤️
02/09/2022

❤️

බඳින්න කලින් අඳුරගෙන එකිනෙකාව තේරුම්ගන්න කාලයක් වෙන් කරන්න. හොඳ පැත්ත වගේම අන්තිම නරක පැත්තත්. එතකොට තීරණය කරන්න පුළුවන්...
02/09/2022

බඳින්න කලින් අඳුරගෙන එකිනෙකාව තේරුම්ගන්න කාලයක් වෙන් කරන්න.

හොඳ පැත්ත වගේම අන්තිම නරක පැත්තත්. එතකොට තීරණය කරන්න පුළුවන් ඒ වගේ range එකක් තියෙන මනුස්සයෙක්ව ඔයාට දරාගන්න පුළුවන් ද කියල.

බොහෝ වෙලාවට සර්ව සම්පූර්ණ perfect ගෑණු මිනිස්සු හම්බවෙන්නෙ නෑ, ඇත්තටම වෙන්නෙ එකිනෙකා තේරුම් අරන් adjust වෙන එක, Compatible වෙන එක.

මෙහෙම එකිනෙකා තේරුම් ගන්න මේ date කරන කාලෙදි ඔයාල දෙන්නට මුහුණ දෙන්න වෙන සිදුවීම්, අත්දැකීම් වලදි අනිත් කෙනා හැසිරුනෙ කොහොමද, ඔයාට සහය දුන්නෙ කොහොමද කියන ඒවා උදව් වෙනවා.

අපි දෙන්න ආදරෙන් බැඳිලා අදට අවුරුදු 13ක් 😍. බඳින්න කලින් අවුරුදු 10ක් අපි දෙන්න විවිද හැලහැප්පීම් ඔස්සේ යනගමන්, ජීවිතේ කඩාවැටීම, බලාපොරොත්තු සුන් වීම්, අනතුරු,ළඟම අයගේ වියෝවන්, ගෙවල්වල ප්‍රශ්න, වෙන ගෑණු/මිනිස්සු එක්ක පටලැවිලි වගේම ජීව්තෙ ජයග්‍රහණ, සතුටු අවස්ථා, පවුලෙ වැඩසටහන්, තමන්ගෙ අම්මට තාත්තගෙ, සහෝදර සහෝදරියන්ගේ අවස්ථා ඇතුළු ගොඩාක් දේවල් ඇසුරේ partner විදියට අනිත් කෙනා react කරන්නෙ කොහොමද කියන එක තේරුම් ගත්ත.

ඒ නිසා අවුරුදු 10ට පස්සෙ බඳිනකොට සුදු/කළු/අලු අඳුරගෙන ඒකත් එක්ක ජීවත් වෙන්න පුළුවන් කියල තීරණය කරගත්ත.

දැන් බැඳලත් අවුරුදු 2ක් තිස්සෙ කලින් දැකපු නැති පාට ඉගෙනගන්නවා. ඒ නිසා අපි හිතනවා කවදහරි ළමයෙක් හදනවානම් එතනදි අපි දෙන්න මවත්, පියෙක් සහ parents ල විදියට ඒ වගේ වගකීමක් දරන්න පුළුවන් කියල විශ්වාසය හැදුනම ඒක කරනවා කියල. ජීවිතේ තීරණ rush කරන්න එපා, conciously ගන්න.

🎙️රවී


02/09/2022

29/08/2022

චිකි මාලේ...😅

Most couples go through these stages
29/08/2022

Most couples go through these stages

Never enough, Never never...❤️
29/08/2022

Never enough, Never never...❤️

✊
29/08/2022

අපිට ඉන්නම ඕනෙ අපිව නිවන්න පුලුවන් partner කෙනෙක්.

සමහර දවස් තියෙනවා අපිට හිතාගන්න බැරි තරම් අපිව පහලටම වැටෙන.
ඒ දවස් වලට අපි එයාව හොයාගෙන යන්න කලින් එයාම අපිව හොයාගෙන ඇවිත් අපිව බලාගන්නවානම් එතන අපිට තියෙන්නෙ හරි හයියට ආදරයක්. ❤️

13/08/2022

Weekends of jolly couples be like...

Video credit to the respective owner

මානව ප්‍රේමය මෙහෙම දෙයක් !පහුගිය දවසක කැම්පස් එකේ වැඩ ඉවර වෙලා විජේරාම දිහාට හෙමීට ඇවිදගෙන එද්දි සුන්දර තරුණ පෙම්වතුන් ය...
06/08/2022

මානව ප්‍රේමය මෙහෙම දෙයක් !

පහුගිය දවසක කැම්පස් එකේ වැඩ ඉවර වෙලා විජේරාම දිහාට හෙමීට ඇවිදගෙන එද්දි සුන්දර තරුණ පෙම්වතුන් යුවළක් නැගිට්ට හිනා වී ගෙන. ඔවුන් ඉස්සරහ බත් පාර්සල් ගොඩක් තියනව පුංචි තට්ටුවක විකුණන්න. දැකල පුරුදු පාටයි. හැබැයි නිච්චියක් නෑ කොහෙද කියල.

"සර්, දැන් ජපුරෙ නේද?" සුන්දර හිනාවක් තියෙන අර යුවතිය ඇහුව.

"ඔව්...මට ඇත්තටම මතක නෑ කොහෙදිද හම්බ වුණේ කියල"

" සඳදෝණි එලිදැක්වීමට ආව අපි දෙන්න, සමන් සර් එක්ක" විදුලියක් කෙටුව වගේ මතක් වුණා. සමන් චන්ද්‍ර රණසිංහ. ජපුරෙ පතාක යෝධයෙක් වගෙ මහාචාර්යවරයෙක්.
මේ හමුවීමට අවුරුදු දෙක හමාරක් විතර.

"කෑම විකුණනවද? "මං ඇහුවෙ හිතවත්කමින්.

"ඔව් සර්...වියදම සැරයිනෙ"

විශ්වවිද්‍යාලයෙ ඉගෙන ගන්න මේ තරුණ පෙම් යුවල ගැන මට දැනුණෙ උතුරා යන ආදරයක්. අමාරු කාලෙක ජීවිතේ හරිගස්සන්න දෙන්න එකතු වෙල පුංචි ව්‍යාපාරයක් කරනව. දෙන්න එකතු වෙලා බත් උයල, මුල් බැඳගෙන ඇවිත් පාර අයිනෙ තියාගෙන විකුණනව...
ආදරෙන් හිනා වෙවී පාර අයිනෙ ඉඳගෙන බත් පැකට් විකුණනව...

"ඊලඟ දවසෙ මාත් බත් එකක් ගන්නම්"

එහෙම කියාගෙන මම ආවෙ බර වුණු හදවතින්...."ආදරේ ජීවත් කරවන කපල් එකක්" මට හිතුණ.

---------------

ඊයෙ උදේ මණි බැඳල දීපු කෑම එක කාල අත හෝදනකොට ෆැකල්ටියෙ අපේ කාමර සුද්ද කරන අම්ම එතන හිටිය.

"අම්ම කාලද?"

"නෑ මහත්තය උදේට ගේන කෑම එක එකොලහට විතර කනව. උදේටයි දවාලටයි දෙකටම හරිනෙ එතකොට"

කාපු ටික හිරවෙන්න ආව.

"එහෙම කාල මදෑ?" මං ඇහුවෙ ⁣වෙන කියන්න දෙයක් නැතුව. හේතුව නොතේරිල නෙවෙයි.

"නෑ මහත්තය බස් එකට දෙසිය හතලිහක් යනව. ගන්න පඩියෙ හැටියට ඊට වඩා කන්ට වියදම් කරන්න බෑ නෙ"

සාක්කුවෙන් රුපියල් තුන්සියයක් ඇදල අම්මට දුන්න.

"ගිහින් මොනව හරි කාල එන්නකො" මං දිහා උණුහුමට බලන් හිටපු උන්දැ කොරිඩෝව දිගේ නොපෙනී ගියා.

අද උදේ මං යනකොටත් උන්දැ කාමරේ අතුගානව.

"සර්...සර් දීපු සල්ලි ඉතුරු කරගෙන හවස යන ගමන් මස් ටිකක් ඇරන් ගිහින් මගෙ මනුස්සයට හදල දුන්න. පතෝලත් ඉව්ව. කාලෙකට පස්සෙ උන්දැ සංතෝසෙන් බඩ පිරෙන්න කෑව ඊයෙ"

"මහත්තයට වයස කීයද ?"

"හැත්තැ දෙකයි" අතුගාන අම්ම කියන්නෙ හිනා වෙවී...

ආදරණීය මිත්‍රවරුනි,

මානව ප්‍රේමය ගැන පතරංග හෑලි ලියන මටත් හීල්ලුණ...
ආදරේ ගැන මම දන්නෙ මොනවද කියල මට හිතුණ...

මං ඔයාට ආදරෙයි
එහෙම නැතිනම් I love you!...
මේ වචන අ⁣පේ ජීවිත ඇතුළෙ කොච්චර පාවිච්චි වෙනවද?

ලිංගික එකතුවීමකට ප්‍රවේශයක් හදාගන්න අපි ආදරෙයි කියනව...
ලිංගික එකතුවීමකදි ආශාවන් පුපුරල යද්දි අපට ආදරෙයි කියවෙනව...

ඒත්, මේ පුංචි කතා දෙක ඇතුළෙ දැනිච්ච ආදරේ අපට අහුවෙනවද?

ජීවිතේ අමාරු කාලෙකදි පෙම් කරන දෙන්න "එකතුවෙලා" ඒකට "ආදරෙන්" මුහුණ දෙන හැටි ඇතුළෙ තියෙන අපූරු ආදරය ඔබට දැනෙනවද?

අවුරුදු හැටපහක ගැහැණියක් තමන් එක වේලක් කාල ගෙදර නිකං ඉන්න වයස හැත්තෑ දෙකක මිනිහෙකුට "බඩ පිරෙන්න කන්න දීල සතුටුවෙන ආදරේ" අපූර්වත්වය ඔබට මට දැනෙනවද?

මොන තරම් ජීවිතේ දුක්ඛ දෝමනස්සයන් තිබුණත් මේ පෙම්වතුන් ආදරේ ඇතුළෙ සතුටින් ඉන්න විදිහක් හොයා ගන්න සමීකරණය ඔබට විසඳන්න පුලුවන් ද?

ජීවිතේ⁣ ගොඩාක් දේවල් තියෙන මිනිස්සු ඒ දේවල් තුරුල් කරන් සතුටින් ඉන්නවා වෙනුවට අසතුටෙන් ඉන්න හේතුවක් හොයාගන්න තියෙන දක්ෂකම දැකල ආදරේ ගැන විශ්වාසය ඔබට නැතිවෙලා නැතිද?

මට එහෙම වෙලා තියෙනව !

ආදරණීය මිත්‍රවරුනි,

ජීවිතේ බොහෝ දේ නැති මේ වගේ මිනිස්සු ආදරේ ඇතුළෙ සතුටෙන් ඉන්න තෝරගන්න හැටි ඔබට දැනුණද?

එහෙම දැනුණ නම් ,

ආදරෙන් ඉන්න...
මේ කෙටි ජීවිතේ ඇතුළෙ ආදරෙන් ඉන්න...
මානව ප්‍රේමය පුදුමාකාර දෙයක් !
ඒ ප්‍රේමයත් එනයින් ජීවිතයත් විඳින්න !

- ලක්මාල් කුලසේකර

28/06/2022

Knowing someone has your back, willing to grow, bloom and flourish with you. There’s no feeling on earth that could ever match it. To be able to look back, hand in hand and see how far you’ve come together. Thru nightmares and daydreams and everything in between. Knowing someone is willing to put that work to be with you. To understand you and love you through the difficult times. That’s what love is to me. 🌱🌷🌸

රවීගෙ ජීවිතෙ හරවපු සිද්දියක්
20/06/2021

රවීගෙ ජීවිතෙ හරවපු සිද්දියක්

උඹට මොනවහරි දෙයක් තදින්ම ඕනෙ වෙලා තියෙනවද? ඒකට යන්න සෑහෙන්න අමරුයිද? ලංවෙන්න වෙන්න හීන තව දුරයිද? අතක් පයක් කැඩුනත් ගේම ගහපන්, අතාරින්න එපා.

මෙහෙම කියන්නෙ මගෙ ජීවිතෙ 2010 අවුරුද්දෙ අත්දැකීමක් එක්ක. 2010 කියන්නෙ මගේ ජීවිතේ busy ම කාලයක්. පාසලේ 13 වසරෙ ශිෂ්‍ය නායකයෙක් විදියට වගකීම් ගොඩක් ඉටු කරමින් උසස් පෙළ අවුරුද්දට ලෑස්ති උන අවුරුද්ද. උදේ 5.30ට ගෙදරින් ගිහින් රෑ 9.30 විතර ගෙදර ආපු අවුරුද්ද. මාර packed දවස්.

උදේ 6.30 ඉඳන් 8 වෙනකන් එක්කො ground එකේ practice, නැත්නම් Prefects' duties. 8-3 එක්කො පන්තියේ, නැත්නම් කොරිඩෝවල duty, නැත්නම් Media Unit, Debating Society, Commerce Society, Buddhist Brotherhood, Sports meet, Teachers day, this day that day මොකක් හරි වෙනුවෙන් file ගොඩක් උස්සගෙන ඇවිදින ගමන් ඒවගෙ වැඩ. College එකේ ඒ දවස්වල කිව්වෙ "පාසල හිස මත" කියලා. Principles වත් ඔච්චර වැඩ කරන්නෙ නැතුව ඇති කියලා.Teachers ලා ඕක දන්න නිසාම දකින දකින තැන මතක් කරනවා විභාගෙ ගැන.හැබැයි හැමදාම පන්තියෙ පළවෙනියා නිසා බනින්නේ නෑ ඉතින්. 3න් පස්සෙ ආයෙ practice. 7 වෙද්දී රෑ class වලට දිව්වා දවස් 3ක්. Saturday matches. හොඳට තැලිලා පොඩිවෙලා හිටියත් ඉරිදා උදේ 6.30ට class. ඕක තමා schedule එක. අවුරුද්දක් විතර එක දිගට.

හැබැයි කොච්චර Busy උනත් මගේ හිතේ තිබ්බා මම A/l හොඳට pass වෙනවා කියලා. පුළුවන් හැම වෙලේම class ගියා, පාඩම් කරා. ගොඩක් වෙලාවට practice වල ඉඳල මම class වලට ගියේ පරක්කුවෙලා. කටුගස්තොට ඉඳලා bus වල නුවරට, එතනින් දුවගෙන class වලට දාඩිය පෙරාගෙන තඩි bag එකකුත් දාගෙන යනකොට සමහර දවසට මුළු class එකම මට අත්පුඩි ගහනවා. (පරක්කුවෙලා එන ළමයි බයිට් කරේ එහෙම). මගේ තිබ්බ උවමනාවට මම ඒව ඉවසගෙන අල්ලගෙන හිටියා.

2020.06.20 මාර important දවසක්. එදා අපේ Rugby season එකේ අන්තිම match එක. උදේ ගෙදරින් යනකොට මම අම්මට කිව්වෙ එදායින් පස්සෙ පිළිවෙලට class ගිහිල්ලා පාඩම් ටික කරගන්න පුළුවන් කියල. නමුත් එදා නොසිතූ දෙයක් උනා.

Final match එකේ අපිට හම්බුනෙ St.Peters. එයාලට ඒ match එක දිනලා unbeaten record එකත් එක්ක league champions වෙන්න ඕනෙ උනා. අපි season එකේ underdogs. අපිට උපරිම කරන්න ඕනෙ උනා. ඉතින් ඒ intense battle එකේ එක තැනකදි මගේ කකුල කැඩිලා, ankle එක disjoint උනා. කකුල අනිත් පැත්ත හැරවිලා තිබ්බේ.බරපතල sports injury එකක්.

එතනින් පස්සෙ තත්වය ශෝචනීයයි. මාව hospital අරන් ගිහින්, එදාම පැය 4-5 Surgery එකකට ගත්තා. හිරිවට්ටලා නිසා මම බලාගෙන හිටියා ලොකු operation එකක් කරන හැටි. Doctors ලා කිව්වෙ කකුල සුවවෙන්න අවුරුද්දක් විතර යයි පරිස්සම් වෙන්න කියලා. Plate දාලා ඇණ දාල 21 පාන්දර මාව ward එකට මාරු කරා. (21 කියන්නෙත් සෑහෙන වැදගත් දවසක්). ඒක මාර අමාරු physical වේදනාවක්. ඊටත් වඩා mentally මුළු ලෝකෙම කඩා වැටුනා වගේ. දවස් 5ක් විතර Hospital එකේ තියාගෙන ගෙදර යැව්වා. ගෙදර ගිහිල්ලත් දවස් 5 විතර shock එකේ ඔහේ හිටියා.

ජූලි 01 මම ආයේ මානසිකව නැගිට්ට. ඒ වෙනකොට අම්ම හොයාගෙන තිබුනා අබාදිත ශිෂ්‍යයෙක් විදියට පහසුකම් සහිතව විභාගයට පෙනී ඉන්න පුළුවන් විදියක්. මේනු ලෑස්ති උනා notes හොයල ගෙනත් දෙන්න. විභාගෙට මාසයක් වගේ තියෙද්දී කැඩුනු කකුලත්, තුවාල උනු අතත් පරයා මම මානසිකව නැගිට්ට. මම අධිෂ්ඨාන කරගත්තා කොහොමහරි විභාගෙ කරන්න. යාළුවොත් උදව් කරා, motivate කරා. සමහර ගුරුවරු ඇඳ ගාවට ඇවිල්ල පාඩමක් දෙකක් ඉගැන්නුවා. Notes එව්වා. Phone එකෙන් කතාකරලා motivate කරා, මම පාඩම් කරා. ඇඳේ නිදාගෙන්, රෝද පුටුවෙ ඉඳගෙන accounting ගණන් හැදුවා. මාසයක් මහන්සිවෙලා ගේම ගැහුවා.

හැමෝගෙම මහන්සිය අන්තිමට සාර්ථක උනා. මම වාණිජ අංශයේ මහනුවර දිස්ත්‍රික් 39 වෙලා, පාසලේ හොඳම ප්‍රතිඵල ලාභියාවෙලා සමත්වෙලා, ජ'පුර කළමනාකරණ පීඨයට ඇතුල් උනා. මම එතනදී පාසලේ හැමෝටම ආදර්ශයක් දුන්නා, බාධක මොනවා ආවත් කොටින්ම අතක් පයක් කැඩුනත් ගේම අතාරින්න එපා කියලා.

එතනින් පස්සෙත් නොයෙකුත් බාහිර වැඩ, හැල හැප්පීම් හොඩක් එක්ක මම විශ්වවිද්‍යාලයේදීත් ගේම ගහල First class එකක් ගත්තා. CIMA පාස් උනා. තාමත් ගේම ගහනවා.

හොඳම වැඩේ මේ මගෙ injury එකක් උන පළවෙනි වතාව නෙවෙයි. Rugby නිසාම අනන්තවත් අත් කකුල් බැඳගෙන ඉඳල තියෙනවා. 10 වසරෙදි Bus එකකින් වැටිලා රෝදෙට කකුල අහුවෙලත් එදා රෑ සිංහල පත්තු බැඳගෙන ඊලඟ සති දෙකේ වාර විභාගයට ගිහින් තියෙනව. හැබැයි ඒ කිසිම වෙලාවක අතක් පයක් කැඩුනටවත් මාව නවත්වන්න බැරිවෙලා තියෙනවා.

ඒ නිසයි මම උඹලට කියන්නෙ,අතක් පයක් කැඩුනත් ගේම ගහපන්, අතාරින්න එපා.

(P.S. ඒ දවස්වල මේක පත්තරවල, social media වල දැම්මෙ නෑ. නමුත්, අවු 11ක් වෙලත් තාම මේ කතාව valid කියල හිතුනා. A/l විතරක් නෙවෙයි ජීවිතේ ඕනෙම දෙයක් ඉස්සරහ excuse හොයන කෙනෙක්ට)

🎙️රවී


Homemade pizza cooked by
30/05/2021

Homemade pizza cooked by

Soldier's Love Letterමේ 2021 අවුරුද්දයි. මෙකල Call එකක් answer කරේ නැත්නම්, Message එකකට reply නැත්නම්, අන්තිම පැයටම onl...
12/04/2021

Soldier's Love Letter

මේ 2021 අවුරුද්දයි. මෙකල Call එකක් answer කරේ නැත්නම්, Message එකකට reply නැත්නම්, අන්තිම පැයටම online නැත්නම් අපි නොඉවසිලිවන්ත වන්නේය. එසේ පැය කිහිපයක් ගෙවුනු තැන වික්ශිප්ත වන්නේය. අනෙකා සමඟ තරහ ගන්නේය, සැක කරන්නීය, Mood නැති වන්නේය, සමහරවිට කාරණයද අමතක වන්නේය.

එදා 1991 වසරයි. සියලු අදහස්, හැඟුම් කොලවලට කැටිකොට ලියුම් ලියන්නේය. නිර්මාණාත්මකව අදහස් ගොනු කරන්නේය. අද ලියුමක් යවා එයට පිළිතුරක් ලැබෙන තෙක් සති ගනන් ඒ mood එකෙම ඉන්නට හැකිය. ආදරේට ඉවසන්නට පුළුවනිය.

අප්පච්චි හිටියනම් අහන්න තිබුනා යුද බිමේ ඉඳගෙන උතුරේ යුද බිමේ ඉඳන් ලියුමට පිළිතුරු එනකන් ඉවසුවේ කොහොමද කියලා.

ඒ තරම් ඉවසීමක්...

When Wife gets a holiday, she is making it delicious 😋Nom Nom Treats by
12/03/2021

When Wife gets a holiday, she is making it delicious 😋
Nom Nom Treats by

විවාහ වෙලා අවුරුද්දක්, ආදරේ කරන්න පටන්ගෙන අවුරුදු 11මම මොනම දෙයක් උනත් එක දිගට ගොඩ කාලයක් කරගෙන ඉන්න පුළුවන් මිනිහෙක් නෙ...
31/01/2021

විවාහ වෙලා අවුරුද්දක්, ආදරේ කරන්න පටන්ගෙන අවුරුදු 11
මම මොනම දෙයක් උනත් එක දිගට ගොඩ කාලයක් කරගෙන ඉන්න පුළුවන් මිනිහෙක් නෙවෙයි. ඉක්මනට හිත වෙනස් වෙනවා, එපා වෙනවා, බෝරින් වෙනවා, අලුත් දේවල් ඕනෙ වෙනවා. හැබැයි මට පුදුමයි මං ජීවිතේ වැඩිම කාලයක් invest කරපු දේ මේ කෙල්ලට ආදරෙ කරන එක. කොච්චර රණ්ඩු උනත් තාම එපා උනේ නැති, තාම බෝරින් උනේ නැති, තාම හරියට තේරුම් ගත්තෙ නැති ආදරේ.
මට තේරෙන්නේ නෑ romantic වෙන්න. මුල් කාලෙ ටිකක් පුළුවන්, සමහරවිට කාලයත් එක්ක මගහැරෙන්න ඇති. එත් එයාට තාමත් පුළුවන් මං වෙනුවෙන් තාම romantic වෙන්න. තෑගි අරන් දෙන්න, පුංචි ලියුම් ලියන්න. සමහරවිට අපි ආදරෙ කරන හැටි වෙනස් ඇති නෝනෙ.
මට ආසයි Marketing Consultant කෙනෙක් වෙන්න. Subject එකේ expert කෙනෙක් වෙලා ඒ ගැන කතාකරන්න. හැබැයි මට හිතෙනවා අපි දෙන්නටම ඊට කලින් පුළුවන් ආදරේ ගැන කතාකරන්න. මොකද අවුරුදු 11ක් love කරනවා කියන්නෙම ලොකු experience එකක්.
ඒත් තාම අපිවත් තේරුම්ගත්තෙ නැති ආදරෙ ගැන අපි කොහොමද බං උඹලට කියල දෙන්නෙ. අපි මොනවද දන්නෙ, මොනවද නොදන්නෙ...

රවී


Sunday special! Dum biriyani made with care at  kitchen 👩‍🍳.Btw, if you are around kandy/katugastota and interested in t...
25/10/2020

Sunday special! Dum biriyani made with care at kitchen 👩‍🍳.
Btw, if you are around kandy/katugastota and interested in tasting a pot of chicken dum biriyani for dinner or weekend, We are happy to take orders. DM for inquiries.

"Success in a relationship is not defined by length of relationship, but the depth if it"Abosolutely worth long read on ...
22/07/2020

"Success in a relationship is not defined by length of relationship, but the depth if it"

Abosolutely worth long read on reflections on "LOVE"

12/07/2020

Sunday with wify ❤️
_
BTW is a talented chef 👩‍🍳
_

ඇලඩින්ගේ පුදුම පහන මට ලැබුනනම් 😇ජනේලය අයිනෙ seat එකක mood ගහගෙන  දුර ගමන් යන්න මම හරිම කැමතියි. ඒ වෙලාවෙ මගේම කියල හිතෙන...
11/06/2020

ඇලඩින්ගේ පුදුම පහන මට ලැබුනනම් 😇
ජනේලය අයිනෙ seat එකක mood ගහගෙන දුර ගමන් යන්න මම හරිම කැමතියි. ඒ වෙලාවෙ මගේම කියල හිතෙන් මවගත්තු ලෝකෙකට මාව පාවෙලා යනවා වගේ මට දැනෙනවා 🙈
ජනේලේ අයිනෙ ඉඳගෙන යද්දි පුංචි කාලෙ ඉඳලා අද වෙනකලුත් මට වැඩියෙන්ම හිතිලා තියෙන්නෙ ඇලඩින්ගේ පුදුම පහන මට ලැබුනනම් කියලා. පුංච්ම කාලෙනම් ජිනීගෙන් 👻 ඉල්ලන්න හිතාගෙන හිටියෙ එක එක විදියෙ සෙල්ලම්බඩු උනාට අද වෙද්දි ජිනිගෙන් ඉල්ලන්න හිතාගෙන ඉන්නෙ සතුට.
හැබැයි එහෙම හිතද්දි පහනක හිරවෙලා දුකෙන් ඉන්න භූතයෙක් කොහොමද මගේ හිතේ සතුට දෙන්නෙ කියලත් මට හිතිලා තියනවා ඉතිං🤭
කොහොම උනත් අපි ලොකු වෙලා හීන ලොකු වෙද්දි සතුටත් හීනයක් වෙලා ඈතට යනවා (මට හිතෙන විදිය).ඉතිං ඒ වගේ වෙලාවට ඔයාගෙ හීනය එයාගෙ කරට අරගෙන ඔයා වෙනුවෙන් කැපවෙන කෙනෙක් ඔයාට හම්බවෙලා තියෙනවද? 😲
එහෙම කෙනෙක් ඉන්නවානම් ඒ කියන්නෙ ඔයාගෙ ජීවිත පහනෙ ඔයාටම කියලා ජීනී කෙනෙක් ඉන්නවා, ඔයාගෙ කැඳවීමක් නැතිව උනත් ඔයාගෙ හීනය වෙනුවෙන් මහන්සි වෙන. ඉතිං ඊටත් වඩා සතුටක් තව තියෙන්න පුලුවන්ද?
.

10/06/2020

Appreciate if you can share your ideas 👇 on small acts of love that we can practice to grow "Love" in long-lasting relationships.

Should Love end with marriage? (Idea by: Mé Nú )

We are very dedicated when we start a love affair 😍. We even don't allow room for a negligible heartbreak. But we slack on that commitment when we marry and time passes on.

Here are 7 small acts we can do to avoid that based on out last 4 months experience.

Read the article- - https://bit.ly/spicylove002

7 Insights for Anyone who would like to have a Happily ever after | (2 mins read | By Mé Nú)...............................
06/06/2020

7 Insights for Anyone who would like to have a Happily ever after | (2 mins read | By Mé Nú)...............................................................................
Love ends with marriage 😞

Having loved for some time, You are really lucky to have married to your lover. However, most of the time in our society, Love ends there. Should we allow that?🙄

Imagine how dedicated we were when we were in love with somebody. 😍 We even don't allow room for a negligible heartbreak. We try our level best to do things for our partner, and make him/her happy.

But we slack on that commitment when we marry. Sometimes there could be limitations. Sometimes you figure out unprecedented differences between each other when you are married. But deep down our hearts, we don't want those worries to accumulate and make a big frustration on our romance.

Therefore I thought the following thoughts could get you to think about life after marriage.

1. In Sri Lankan context, most of the couples (especially outside Colombo) initially decide to live with their parents after marriage (More often with Husband). Here, your partner gets to live in an alien environment although you find it "usual". He/She doesn't find her usual grocery or Tuk. Now the first year of your marriage pave the foundation for a stronger relationship. Therefore you need to support your partner a lot in this. It's recommended if you can live separately during this period.

2. You are coming from 2 different backgrounds. Since you were so comfortable with your parents/siblings, you may compare your partner with them and try to recreate them in her/him. This you need to control immediately. Consider your partner is unique and incomparable.

3. Don't try to change your partner according to your parents' family expectations or the way you want. Accept originality.

4. After marriage, You will need to consider your small family (you & your partner) as a separate entity and focus on its wellbeing. That doesn't mean you have to forget your parents/siblings. Be mindful that these entities may have different needs and wants.

5. Don't shout at your partner referring to other's judgments. If you come across a problem, discussion between you and come to an agreement. No fire should transfer inwards/outwards.

6. Most of the time we ignore maintaining our pleasant appeal after marriage. We think that "Now we are married, and therefore appeal doesn't matter". This is wrong. You were attracted to that appeal (look, smell, and feel) that you projected as a lover, and when that's no longer available your partner may start losing interest (and potentially attract to somebody who projects that appeal now).

07. The most important thing is that you live together out of love that you have for each other. Don't let society ruin your romance. (If you tend to forget that, Make sure you put a notice behind your room door)

Now all above require Trust, Understanding, and Sacrifice. Without Commitment to such, there won't be a Happily ever after, nor Love.🙄

I may have missed a few things. Please add those for the benefit of everybody who is interested in love and relationships.

Thank you for reading this far. Leave a

විවාහයත් ආදරෙන් ගෙවන්න ආස කෙනෙක්ට වැදගත් වෙන කරුණු 7ක් | 7 Insights for Anyone who would like to have a Happily ever aft...
06/06/2020

විවාහයත් ආදරෙන් ගෙවන්න ආස කෙනෙක්ට වැදගත් වෙන කරුණු 7ක් | 7 Insights for Anyone who would like to have a Happily ever after (English version - https://bit.ly/spicylove002)
(3 mins read | By Mé Nú)...............................................................................
ආදරය විවාහයෙන් කෙලවරවීම😔

කාලයක් ආදරේ කරලා ඒ ආදරේ තමන්ගේම කරගන්න ලැබෙන එකනම් ඇත්තටම ලොකු වාසනාවක්. හැබැයි අපේ සමාජයේ ආදරය විවාහයෙන් කෙලවර වෙනවා. ඇත්තටම එහෙම වෙන්නම ඕනිද?

අපි ආදරේ කරන කාලෙදි අපි කොච්චර දේවල් තමන්ගෙ සහකාරිය/ සහකරුවා වෙනුවෙන් කරනවද? අඩුම තරමෙ ඇල්පෙනිති තුඩකින් හීරෙන තරමටවත් හිත රිදවන්නෙ නෑනේ. එයා කැමති විදියට, එයා සතුටු වෙන දේවල් කරන්න උත්සහා කරනවා ☺️. විවාහයේදිනම් එහෙම බැරිවෙන අවස්ථා තියෙන්න පුළුවන්. මොකද එක වහලක් යට ජීවත් වෙද්දි තමා දෙන්නගෙම ඇත්ත ස්වරූපය අපි අඳුනගන්න පටන් ගන්නෙ. හැබැයි ඒ කියලා අමාරුවෙන් තමන්ගෙ කරගත්ත ආදරේ මලගම වෙනවා දකින්න අපි කවුරුත් කැමති නෑනෙ.

ඉතිං විවාහයත් ආදරෙන් ගෙවන්න ආස කෙනෙක් විදියට මට මේ හිතුන දේවල් ටිකත් වැදගත්වෙයි කියලා හිතුනා..

1. ලංකාවෙ තාමත් විවාහයෙන් පස්සෙ Couple එක මුලිකව දෙමවිපියන් එක්ක ජීවත් වෙන්න යනවා. (ගොඩක් වෙලාවට නෝනවත් එක්කගෙන කොල්ලගෙ ගෙදර). හැබැයි එතනදි ඒ පරිසරය ඇතුලෙ එයාව තනි නොකර ඉන්න එක විවාහයේ පදනම ශක්තිමත් කරගන්න ගොඩක් උදවු වෙනවා. විශේෂයෙන් ඒ ගම පරිසරය එයාට අලුත් නිසා ටිකක් වැඩියෙක් එයා ගැන හොයලා බලන්න වෙයි ඉතිං.හදිස්සයට වෙනද දුවන කඩේවත්, වෙනද කතාකරගන්න ත්‍රීවීල් එකවත් එයාට නැතිවෙන නිසා. පුලුවන්කමක් තියෙනවනම් මුලින්ම ටික කාලෙකට හරි වෙනම පදිංචි වෙන්න. විවාහයේ මුල්ම අවුරුද්ද විතර මේ අලුත් බැඳීම තේරුම්ගන්න සැහෙන වැදගත්.

2. විවාහ වෙන්නෙ පවුල් පසුබිම් දෙකක පුද්ගලයින් නිසා එයා තුලින් ඔබේ අම්ම/අප්පච්චි, සහෝදරයා/සහෝදරියව බලාපොරොත්තු වෙන්න එපා. සමාන්‍යයෙන් මේ සැසඳීම ඔයාට නොදැනුවත්වම වෙයි. හැබැයි ඒක ටිකක් පාලනය කරගන්න.

3. ඔබේ පවුලේ අයට අවශ්‍ය විදියට එයාව හදාගන්න යන්නෙ නැතිව එයාව එයාගෙ සැබෑ ස්වරූපයෙන්ම බාරගන්න. කොටින්ම බැන්ඳනම් මට ඕනි විදියට තමා එයා ඉන්න ඕනි කියන ආකල්පය ඔයාගේ ඔළුවෙන් අයින් කරගන්න.

4. දැන් ඔයාටත් වෙනම පවුලක් තියනවා කියන එක ගැනත් හිතන්න. ඒකෙන් කියන්නෙ නෑ අම්ම-අප්පච්චි, සහෝදර-සහෝදරියෝ අමතක කරන්න කියලා.හැබැයි විවාහයෙන් පස්සේ ඔයාගේ පවුලේ දේවල් ගැනත් වෙනම හිතන්න පටන් ගන්න.

5. අරයා මෙයා කියන කතා වලට Partnerගෙ ඇඟට කඩාගෙන පනින්න එපා. හරියට හොයලා බලලා ප්‍රශ්නයක් තියනවානම් ඒක ඔයාලා අතරෙම කතාකරල විසදගන්න. මොකද ගේ ගිනි පිටටත්, පිට ගිනි ගෙදරටත් වැඩක් නෑනෙ.

6. ආදරේ කරන කාලෙ ලස්සනට හිටපු ඔයාලා "ආහ් දැන් බැඳලනෙ" කියන මානසිකත්වෙට වැටිලා තමන්ගෙ බාහිර රූපෙට (Appeal එකට) අවදානය දෙන එකත් අමතක කරන්න එපා. මොකද මොනවා උනත් ඔයාලා අදරේ කරන්න පටන්ගත්තෙ ඒ Appeal එකටනේ 😍.

7. වැදගත්ම දේ ඔයාලා එකට ජීවත් වෙන්නෙ සමාජෙට ඕනි නිසා නෙවෙයි, ඔයාලා ඔයාලට ආදරේ නිසා කියලා නිතරම හිතන්න. (අමතක වෙනවනම් උඩ photo එකේ වගේ කාමරේ ඇතුල් පැත්තේ දොරේ ගහල තියාගන්න)

මේ හැමදේටම දෙන්නා අතරේ විශ්වාසය, තේරුම්ගැනීම සහ කැපකිරීම කියන දේවල් තියෙන්නම ඕනි, මේ දේවල් නැති තැන ආදරේට පැවැත්මක් නෑ.

මේක ඇතුලෙ මට අමතක උන ඔයාලට හිතෙන දේවල් ගොඩක් තියෙයි. ඉතිං අපිට පුලුවන්නෙ ඒ දේවල් කතා කරන්න.

පල්ලෙහ කොමෙන්ට් කරන්න (සිංහල, සිංglish, English ඕනෙම පහසු මාධ්‍යකින්).අපි දෙන්නටත් තව ආදරය සහ සම්බන්ධතා ගැන උනන්දු හැමෝටමත් වැදගත් වෙයිනේ. අපි දෙන්නගෙන් අහල දැනගන්න තියෙන දෙයක් උනත් අහන්න (Comment/DM). පුළුවන් විදියට උත්තර දෙන්නම්. (දෙන්නම ජොබ් එකත් කරන ගමන් මෙහෙම එකතුවෙන්නෙ. ප්‍රමාද උනොත් සමාවෙන්න)

මෙච්චර දුර කියෙව්වටම ගොඩාක් ආදරෙයි. ❤️ දාන්න අමතක කරන්නෙපා

එකට ජීවත් වෙනකොට දෙන්නගෙ වෙනස්කම් හඳුනාගෙන මුලින්ම ඒවාට හුරු වෙන්න | You need compatibility in your relationship more th...
31/05/2020

එකට ජීවත් වෙනකොට දෙන්නගෙ වෙනස්කම් හඳුනාගෙන මුලින්ම ඒවාට හුරු වෙන්න | You need compatibility in your relationship more than chemistry. Start with accepting differences

(2 mins read | By Ravipriya Bandara )...............................................................................
විවාහ වෙලා අදට මාස 4ක් 😇

පහුගිය මාස 4 එකට ජීවත් උන එක අමුතුම එක්ස්පීරියන්ස් එකක්. වෙලාවකට අපි දෙන්නම කල්පනා කරා ලව් කරා අඳුරගත්ත කිව්වට අවු.10ක් 😱 මොන මඟුලක්ද කරල තියෙන්නෙ කියල. (අපි යාළුවෙනකොට 12 වසරෙ පොඩි ළමයි 👶).

හැමදාම එකට ජීවත් වෙන්න ගත්තම තමා දෙන්නට දෙන්නගෙ කලින් තිබ්බෙවත් නැති වෙනස්කම් පේන්න ගන්නෙ. එතකොට ඉතින් සමහර වෙලාවට තරහ යනවා. හැබැයි මුල්ම මාස 2කට වඩා අපි දැන් දැන් සෑහෙන්න තේරුම් අරන් වැඩකරන්න උත්සහ කරනවා. (කොරොනා නිසා වැඩිපුර ගෙදර එකට ඉන්න චාන්ස් එකකුත් ලැබුනනේ). ඉතින් අපි දෙන්න හොඳ හස්බන්ඩ් & වයිෆ් (පොදුවේ හොඳ සහකාරයෝ) දෙන්නෙක් වෙන්න ඉගෙනගන්න ගමන් ඉන්නෙ.

ඔයාට ඔයා වගේම හිතන පතන, හැසිරීම් පුරුදු තියෙන පාර්ට්නර් කෙනෙක් හම්බුනොත් වාසනාවක්. හැබැයි ගොඩක් වෙලාවට එකම වගේ දෙන්නෙක් සෙට් වෙන්න නෑ (අනික එහෙම උනත් හෙන බෝරින් ඇතිනේ). ඉතින් එක වගේ වෙනවට වඩා ආදරය, විවාහය සහ සම්බන්ධතා වලදි වැදගත් වෙන්නෙ එකට ජීවත් වෙන්න පුළුවන් වෙන එකයි. එතනදි මුලින්ම කරන්න ඕනේ ඔයාගෙ පාර්ට්නර්ව එයාගෙ ඔරිජිනල් විදියටම ( එයාගෙ ශක්තීන් සහ දුර්වලතා ඔක්කොමත් එක්ක) බාරගන්න එක. එහෙම ඇතිවෙන විශ්වාසයේ පදනමත් එක්ක ඔය සුළු සුළු අඩුපාඩු දෙන්නට කතාකරල හදාගන්න පුළුවන්. (එහෙම නැතුව හිට්ලර් පාලනේ වගේ ඔයා වෙනස් වෙන්න ඕනෙ කිව්වට එහෙම වෙන්නෙ නෑ). කාලයක් තිස්සෙ මිනිස්සු පුරුදු පුහුණු කරපු ආකල්ප, හැසිරීම් වෙනස් වෙන්න දීර්ඝ කාලයක් ‍යනවා (සයිකොලොජි වලත් කියන විඩියට ඒ වගෙ මිනිස්සුට වෙනස් වෙන්නනම් ඒකට පරිසරය සහ සපෝට් එක හදල දෙන්න ඕනෙ).

ඉතින් ඔයාලගෙ සම්බන්ධතා වල මුල් කාලෙ එක්ස්පීරියන්ස් එකත් පල්ලෙහ කොමෙන්ට් කරන්න (සිංහල, සිංglish, English ඕනෙම පහසු මාධ්‍යකින්).අපි දෙන්නටත් තව ආදරය සහ සම්බන්ධතා ගැන උනන්දු හැමෝටමත් වැදගත් වෙයිනේ. අපි දෙන්නගෙන් අහල දැනගන්න තියෙන දෙයක් උනත් අහන්න (Comment/DM). පුළුවන් විදියට උත්තර දෙන්නම්. (දෙන්නම ජොබ් එකත් කරන ගමන් මෙහෙම එකතුවෙන්නෙ. ප්‍රමාද උනොත් සමාවෙන්න)

මෙච්චර දුර කියෙව්වටම ගොඩාක් ආදරෙයි. ❤️ දාන්න අමතක කරන්නෙපා...............................................................................
4 months since we married 😇

The last 4 months was such a rollercoaster as if we barely knew each other for the last 10 years 😱(yeah, we were just kids when we fell in love). When we live closer every day you start noticing differences as you didn't know that existed, and sometimes it is challenging to internalize those. However, on the positive side, we are learning the roles of husband and wife, more general partners.

It's good if you find a partner with the same chemistry (interests and behaviors). But most of the time what we need is compatibility. You first need to learn and accept your partner as they are, with all their strengths and flaws. Any improvement to that interpersonal relationship will start from there and will take some time to change.

How did your first few months of marriage happen? Comment your experiences 🙏. It will be very useful for us, anybody who is interested in crafting good love relationships................................................................................
pc -

Appreciate Your Partner Today. Those "Little Things" will be "BIG" things you will miss tomorrow
16/04/2020

Appreciate Your Partner Today. Those "Little Things" will be "BIG" things you will miss tomorrow

30/03/2020

Working from "remote" - EP 02: Power Blocks

ගෙදර ඉඳන් වැඩකරද්දී Office එකෙ වැඩ විතරක් කරල බෑනෙ ඉතින් 😅

Watch EP 01 here: bit.ly/WFR_EP01.........................................................................
When working from home, you can be very productive when you organize your work in power blocks.

ගෙදර ඉඳන් වැඩකරද්දී විනාඩි 45 වගේ කාලච්ඡේද වලට වැඩ කළමනාකරණය කරගන්නවනම් ඔබ වඩාත් කාර්යක්‍ෂමයි ........................................................................
Follow 361 Degrees for timely insights on remote working during this lockdown.........................................................................

Celebrating 10 years of LOVE
29/02/2020

Celebrating 10 years of LOVE

29/02/2020
29/02/2020

Address


Alerts

Be the first to know and let us send you an email when Spicy Love posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Spicy Love:

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share