Ideas by Ravee

  • Home
  • Ideas by Ravee

Ideas by Ravee Be a creative and critical 'human'
නිර්මාණශීලී සහ විචක්ෂණශීලී 'මනුස්සයෙක්' වෙන්න

ගේම අතාරින්නැතුව ඒ වෙනුවෙන් කැපවුන කෙල්ලට කොල්ලට සුභ පැතුම්! - මේවා overnight success නෙවෙයි.මේක idea එක ලියන්නෙ තරුශි ග...
05/10/2023

ගේම අතාරින්නැතුව ඒ වෙනුවෙන් කැපවුන කෙල්ලට කොල්ලට සුභ පැතුම්! - මේවා overnight success නෙවෙයි.

මේක idea එක ලියන්නෙ තරුශි ගෙ රන් පදක්ක්ම ගැනවත්, සන්ජීව් ගෙ අමු music හිට් උන එක ගැනවත් නෙවෙයි. ඒව ගැන appreciative/motivational කතා ඕනෙ තරම් ලියවෙනවා. ඒව මරු. මට ඒවට ලොකු value addition එකක් කරන්න නෑ.

මේක පොඩ්ඩක් ඒ achievement පිටිපස්සෙ තියෙන grit එක ගැන reflect කිරීමක්. තරුශිත්, සන්ජීව්ත් මේ විදියට notice වෙන තැනට එනකන් සෑහෙන කාලයක් consistently කරගෙන ආපු workplans වල ප්‍රථිපල තමයි එයාලගෙ achievement වලට පාර කපන්නෙ. එහෙම ගේමක් ගහන මිනිස්සුන්ට සෑහෙන කාලයක් ලොකු growth එකක් නැතුව, daily reward එකක් appreciation එකක් නැතුව end result එක trust කරල process එකේ එල්ලිලා ඉන්න වෙනවා. Focus එක, discipline තියාගෙන.

පළවෙනි දවසෙ gym ගිහිල්ල ගෙදර ඇවිත් කණ්නාඩියෙන් බැලුවට ඇඟ වෙනස් වෙලා නෑ, දෙවෙනි දවසෙත් නෑ, තුන්වන සතියට සාපෙක්ශව ලොකු වෙනසක් හතරවෙනි සතියෙ නෑ. හැබැයි මාස 6කින් විතර පස්සෙ බලනකොට පටන්ගත්ත තැන ඉඳන් සෑහෙන improve වෙලා. Progress කියන එක ඒ වගේ සමහර වෙලාවට. small unnoticeable incremental changes over a period of time adds to a bigger outcome in the longer term.

ඒ අස්සෙ සමහර මිනිස්සුන්‍ට luck එක and timing හරියට සෙට් උනාම පත්තු වෙනවා. එහෙම වෙන්නෙ මොන වෙලාවටද කියල plan කරල පත්තු කරගන්න අමාරුයි. ඒ නිසා පත්තු වෙනකන් ඒ ගැන විශ්වාසය තියාගෙන අල්ලන් ඉන්න වෙනවා. Tipping point එක ආවට පස්සෙ exponentially grow වෙනවා හිතාගන්න බැරි විදියට. ඒ නිසා end result එක believe කරල අල්ලන් ඉන්න, ඔයාටත් පත්තු වෙන්න පුළුවන්. එහෙම නැතත් කොහොමත් දැනට වඩා හොඳ තැනකට යයි.

මේක ඔයා නොදන්න කතාවක් නෙවෙයි. Just an affirmation. හීන හැබෑවෙනවා. ගේම අතාරින්න එපා.

Ideas by Ravee

දැන් හැමෝටම විවේචනයක් තියෙනවා...දැන් හැමෝටම විවේචනයක් තියෙනවා, මීට අවුරුදු 10කින් තිබුනෙ නැති. ඒක හොඳයි. නිකන්ම පිළිගන්න...
12/12/2022

දැන් හැමෝටම විවේචනයක් තියෙනවා...

දැන් හැමෝටම විවේචනයක් තියෙනවා, මීට අවුරුදු 10කින් තිබුනෙ නැති. ඒක හොඳයි. නිකන්ම පිළිගන්නවට වඩා තර්ක කරන එක, අදහස් Challenge වෙන එක, Challenge කරන එක හොඳයි. එතකොට මිනිස්සුන්ට communicate කරද්දි තව constructive වෙන්න සිද්ධ වෙනවා.

දැන් හැමෝටම Social Media Accounts හරහා ලේසියෙන් audience එකකට පණිවිඩයක් දෙන්න පුළුවන්. තමන්ට හිතෙන, තේරෙන, දැනෙන, දකින දෙයක් ඉතාම ලේසියෙන් type කරල, graphics හදල, video/audio record කරල දාන්න පුළුවන්.

සමහරු ඒ space එක පාවිච්චි කරල ඇත්තටම අනිත් අයට වැඩක් වෙන, substance එකක් තියෙන content/ ideas එළියට දානවා.

සමහරු බාගෙට research කරල, අතිනුත් ටිකක් දාල වැරදි දේවල් එළියට දානව, එතකොට වැඩිය ප්‍රශ්න කරන්නෙ නැති අය මුලා වෙනවා, ටිකක් දන්න අය confuse වෙනවා, සීන් එක හොඳට තේරෙන අය entertain වෙනවා/trigger වෙනවා.

සමහරු තමන්ගෙ imagination එක පාවිච්චි කරල entertainment content දානවා, හිතළු දානවා, sarcasm දානවා. ඒක දකින වෙන කෙනෙක් එක්කො ඒක සිරා ගන්නවා, නැත්නම් ආතල් එකට ගන්නවා.

Social Media ඇතුලෙ හැම විනාඩියේම මිනිස්සු එක එක ඒවා දානවා. හැමෝටම අනික් කෙනාගේ අදහස් ගැන විවේචනයක් තියෙනවා, තර්කයක් තියෙනවා, තමන්ගේ interpretation එකක් තියෙනවා. හොඳ කියනවා, Encourage කරනවා, "me too" sentiments එකතුවෙනවා. ඒ වගේම ටිපර් පාර්ක් වෙනවා, Comments වල ඇරගන්නවා, තරහ කාරයෝ ඇතිවෙනවා. ඊට පස්සෙ නිකන් අදහසක් විදියට විතරක් දකින්න ඕනේ දෙයක් personal ගන්නවා, author ට මඩ ගහනවා, author ගේ පෞද්ගලික ජීවිතේ පවා අල්ලගෙන posts ලියවෙනවා.

එක අදහසක් මත ජනප්‍රිය වෙන කෙනෙක් ඊළඟ සතියෙ, තමන්ට සෙට් වෙන්නෙ නැති වෙනස් මතයක් ඉදිරිපත් කරොත් ඌ ද්‍රෝහියෙක් වෙනවා.

එක පැත්තකින් Social Media නිසා මිනිස්සුන්ට අව්‍යාජව අදහස් එළියට දාන්න අවකාශයක් හැදෙද්දී, තව පැත්තකින් ඒක හෙනම toxic තැනක් වෙනවා. නිදහසේ අදහස් ප්‍රකාශ කරන්න බෑ, ඒක අදහසක් විදියට විතරක් ගන්නෙ නැතිවෙන්න පුළුවන්. Unpopular opinion වෙන්න පුළුවන්. Imperfect මනුස්සයෙක් විදියට එළියට පෙනෙන්න බයයි, ප්‍රතිරූප maintain කරන්න ඕනේ. ඉතින් හෙන පරිස්සමට public image එකක් maintain කරන්න ඕනේ. නැත්නම් account එකේ ඉන්න සමහර අය වෙන මොනවහරි හිතුවොත්.

කාලයක් මේ space එක නිරීක්ෂණය කරාම තේරෙනවා ඇත්තටම "What's on your mind" දාන එක හෙන complex සීන් එකක්. එහෙම කරද්දි ලොකු risk එකක් ගන්න වෙනවා. මොකද post කරල පහුවදා වෙනකොට popular වෙන්න වගේම controversial වෙන්නත් පුළුවන්.

සමහරවිට මේ වගේ කාලෙක ආගමික නායකයෙක් වගේ බිහිවෙලා, කොයිතරම් හොඳ අදහස් ටිකක් එක්ක ඒක ප්‍රචාරය කරන්න හැදුවත් වැඩේ අමාරු වෙන්න පුළුවන්. මොනවහරි එකක් අල්ලගෙන ඒකට මොකක් කතන්දරයක් කියන්නෙ එකෙක්හරි ඉන්නවාමයි.

ඒත්,
හැමෝටම තර්කයක් තියෙන එක හොඳයි. විචාරශීලීව බලන එක, ප්‍රශ්න කරන එක, විවේචනය කරන එක හොඳයි. මූලාශ්‍ර ගැන අහන එක, පදනම ගැන විමසන එක හොඳයි. එතකොට නිකන් හැම එකාටම ආවට ගියාට දේවල් සමාජගත කරන්න බෑ.

මේ උනන්දුව දේශපාලකයා විචේචනය කරන්න, ඡන්ද පොරොන්දු ගැන ප්‍රශ්න කරන්න, ජාතික ප්‍රතිපත්ති ගැන තර්ක කරන්න පාවිච්චි කරනවානම් තවත් හොඳයි.

ඉතින්, කවුරුවත් කිව්වට විශ්වාස කරන්න එපා, "ද"/"ඇයි" කියල අහන්න.

P.S. : Anachysaurus channel එකේ සඳකැත් ඒවගේ Social Media ඇතුලෙ සංසරණය වෙච්ච අදහසක් ප්‍රශ්න කරනවා. ඒකේ Factual correctness එක දන්නේ නෑ, හැබැයි කොල්ලගෙ approach එක හොඳයි. නිකන් බලන්න, සෙට් වෙන්නෙ නැත්නම් ඇතෑරල දාන්න. මේ ආර්ථික අර්බුද අස්සේ ඔයාට මීට වඩා වදවෙන්න දේවල් තියෙන්නත් පුළුවන්.

(ලින්ක් එක first comment එකේ)

I've just reached 2.5K followers! Thank you for continuing support. I could never have made it without each one of you. ...
12/12/2022

I've just reached 2.5K followers! Thank you for continuing support. I could never have made it without each one of you. 🙏🤗🎉

05/10/2022

ජීවිත කාලය පුරාවටම ඉගැන්වූ ගුරුවරුන්ට ස්තුතියි

මෝ|ඩයොත් වයසට යනවා මල්ලි!අපි පොඩි කාලෙ ඉඳල ඉගෙනගන්න කතාවක් තියෙනවානේ 'වැඩිහිටියන්ට ගරු කරන්න, වැඩිහිටියො කියන දේ අහන්න' ...
29/09/2022

මෝ|ඩයොත් වයසට යනවා මල්ලි!

අපි පොඩි කාලෙ ඉඳල ඉගෙනගන්න කතාවක් තියෙනවානේ 'වැඩිහිටියන්ට ගරු කරන්න, වැඩිහිටියො කියන දේ අහන්න' එහෙම කියල.

අපිට වඩා දවසක් හරි වැඩිහිටි මනුස්සයෙක්ගෙන්, අපිට වඩා වැඩි අත්දැකීම් කෙනෙක්ගෙන් බොහෝ වෙලාවට අපිට ගන්න දෙයක/ අපි නොදකින පැත්තක්/ පරිණත වෙනකොට තේරෙන දෙයක් තියෙන්න පුළුවන්,හැබැයි හැමවෙලාවෙම ඒක නියතයක් නෙවෙයි, සමහරවිට ඒ වයසට ගියපු මෝ|ඩයෙක් වෙන්නත් පුළුවන්.

මගේ පොස්ට් වලට comment දාන සමහර මාව personally අඳුරන මට වඩා බාල කොල්ලො කෙල්ලො සමහර වෙලාවට 'අයිය අයිය' කියල ලියනකොට මට සමහර වෙලාවට හිතෙන දෙයක් තමයි එහෙම 'අයියා' කියල පටන්ගෙන ලියාගෙන යනකොට උන් මම 'අයියෙක්' නිසා මෙහෙම කියන එක හරි නෑ වගේ limit වෙනවද කියල. මොකද එහෙම වෙන්න ඕනේ නෑ, මම කියලත් සියල්ල දත් හෙන බහුශ්‍රැත පට්ට dial එකක් නෙවෙයිනෙ. සමහර මම ලියන දේවල් ඔහේ මට හිතෙන දේවල්, ඉතින් එහෙම දෙයක් දැකල 'අයිය' නිසා මේක මූ|ට කියන එක හරි නෑ කියල උ|ඹල අමුවෙන්ම කියල දාන්න ඕනෙ එකක්, නැත්නම් "උ|ඹ මහ මෝ|ඩයෙක්නේ, මේ මොන ගොං කතාවක්ද කියල තියෙන්නෙ" කියන්න බැරිවෙනවනම් ඒක හෙන අපරාදේ. මොකද ඔයාලගෙ feedback වලින් මම සමහර දේවල් නිවැරදි කරගන්නවා, ඉගෙන ගන්නවා.

'අයිය' කියල කතාකරන අයට මම හැමවෙලේම පැනල එහෙම කියන්න එපා කියන්නෙ නෑ, මොකද ඒකෙ පොඩි bond තියෙන නිසා, හැබැයි පුළුවන් හැම වෙලාවෙම මම කියන දෙයක් තමයි "මට අයිය කියන්න එපා නම කියල කතාකරන්න කියල", මොකද නැත්නම් 'අයියා' සීන් එකත් එක්ක අනවශ්‍ය ගෞරවයක් ඇවිල්ල ඇත්තටම හිතේ තියෙන දේවල් හුවමාරු කරගන්න බැරිවෙනවා. අනික ඒක මටත් කරදරයි, මොකද එතකොට හෙන 'අයිය' සීන් එකේ වැඩිහිටි, ආදර්ශමත් පොරක් වගේ ඉන්න වෙන නිසා.එහෙම ඕනේ නෑ බන්, අපි ඔක්කොම අඩුපාඩු තියෙන මිනිස්සු විදියට පහසුවෙන්, අව්‍යාජව ඉන්නයි ඕනේ.

ඕකේ අනිත් සීන් එක තමා "සර්" කියන එක. Campus වල visiting lecturing කරද්දී, training program වලදී ඔය "සර්" එකට මුහුණ දෙනවා. සර්ලටත් මිනිස්සු ඇත්ත feedback දෙන්නෙ නෑ. මොන්ටිසෝරියේ ඉඳල උගන්නපු ගුරුවරු, සර්ල මැඩම්ල තාමත් මොන වැරදි දේ කිව්වත් "අපේ 'සර්' නේ/ 'මැඩම්' නේ හිත රිදෙන දෙයක් කියල බෑ" කියල ඔහේ අහන් ඉන්නවා. එයාල කියන වැරදි දෙයක් උනත් ඉහ මුදුනින් පිළිගන්නවා.

සමහරවිට ඔය 'සර්' ල 'මැඩම්' ලත් ඒ කාලෙ ඔය රස්සාවට අවශ්‍ය අවම සුදුසුකම් හදාගෙන ඇවිත් විශය උගන්නන දේවල් දන්නවා මිස රටේ ලෝකෙ හැම දේම උ|ඹලට කියල දෙන්න බහුශැත නෙවෙයි නේ. ඒ නිසා දැන් වැඩිහිටියො උනාට පස්සෙවත්, ඉගෙනගන්න කාලෙදි/ office වලදි හම්බවෙන හැම සර්/මැඩම් ම කියන දේවල් හරිම තමා කියල පිළිගන්න ඕනේ නෑ. පොඩ්ඩක් මොලෙන් කල්පනා කරල, තව හොයල බලල, තර්ක බුද්ධියෙන් විමසල ගන්න පුළුවන් දෙයක් විතරක් ගන්න, අනිත්වා බැහැර කරන්න.

මේ වැඩිහිටි ගෞරවේ ඉතින් අම්ම/තාත්ත, පවුලෙ, ගමේ, පාසලෙ, පන්සලේ, පල්ලියේ, බස් එකේ, කෝච්චියේ, සමිතියේ, campus එකේ, office එකෙ, පාර්ලිමේන්තුවේ හැමතැනම තියෙනවා.

මම ආයෙත් කියන්නෙ වැඩිහිටියො කියන දේ අහපන්, බොහෝ වෙලාවට අපිට ගන්න දෙයක් තියෙනවා. හැබැයි හැමවෙලාවෙම නෙවෙයි. කොන්ඩෙ පැහුණු පලියට හැමදේම හරියටම දන්නේ නෑ, අනික මෝ|ඩයොත් වයසට යනවනෙ මල්ලි.
🎙️Ideas by Ravee
Photo එක google එකෙන් ගත්තෙ, ඒක උඩ කතාවට අදාල නෑ, නිකන් දැම්මෙ ලස්සන නිසා

තැනකට යනකොට අඳින්න සුදුසු මොකක්ද කියල තීරන ගන්න පුළුවන් තර්ක බුද්ධිය නෙවෙයිද අපි University වලදි දියුණු කරන්න ඕනෙ?උසස් අ...
28/09/2022

තැනකට යනකොට අඳින්න සුදුසු මොකක්ද කියල තීරන ගන්න පුළුවන් තර්ක බුද්ධිය නෙවෙයිද අපි University වලදි දියුණු කරන්න ඕනෙ?

උසස් අධ්‍යාපන ආයතනයක Dress Code එකක් දාල ඒකෙන් පිට අඳින පළඳින එක අහුරන එක කරන ගොඩක් වෙලාවට එන තර්කයක් තමයි එහෙම කරන්නෙ එයාලව professional world එකට, Job Market එකට පුරුදු කරන්න කියල. දැන්ම ඉඳල පිළිවෙළට ඇඳල කොණ්ඩා පීරල රැවුල් කපල පිළිවෙළට ඉන්න පුරුදු උනේ නැත්නම්, උන්ට office එකකට ගිහිල්ල ඉන්නත් පුරුදු නෑ කියල.

මම අහන්නෙ ඇයි ඉස්සරහට office වලට මේ දැන් අඳින පිළිවෙළටම අඳින්න, කොණ්ඩෙ කපන්න ඕනෙ?

ඉස්සර office එකක් කිව්වම අනිවා ජෙන්ට, සාරි ඇඳල යන්නම ඕනේ කියල තිබ්බ standard එක දැන් වෙනකොට එච්චර strict නෑනේ. ඉතින් ඒ වගේ තව අවුරුදු 5ක් 10ක් යනකොට 2000n පස්සෙ කොල්ලො කෙල්ලො office වල පිරෙනකොට උන්ට කොන්ඩෙ tint කරලද, කොහොම කපලද, මිනි skirt ද කියලත් අවුලක් නැතිවෙයි. සමහරවිට ඊටත් තව අවුරුදු 10ක් වගේ යනකොට සමහරවිට short එකත් ගහල එයි.

හැබැයි සමහරවිට උන්ම උනත් පන්සලට යනකොට ඒ තරම්ම මිනි ස්කර්ට් ඇඳල, හෝ topless යන්නෙත් නැතිවෙයි.

නීති දාල උඹල මෙහෙමයි අඳින්න ඕනේ, ප්‍රශ්න අහන්න එපා කියනවට වඩා, රීති කියල දීල තැනට සුදුසු විදියට අනිත් මිනිස්සුත් තමනුත් අපහසුතාවට පත්වෙන්නෙ නැති ඇඳුමක් ඇඳල යන්න සහ එහෙම ඇඳල එන අයව අපහසුතාවට පත් නොකරන්න හිතල බලල තීරණ ගන්න පුළුවන් "තර්ක බුද්ධිය" සහ "පරිකල්පනය" නෙවෙයිද අපි පුරුදු පුහුණු කරන්න ඕනේ?
🎙️ Ideas by Ravee

(අතුරු අදහසක්:
Dress code එකක් එක්ක එන වෙන හොඳ දේවල් තියෙන්න පුළුවන්, උදාහරණයක් විදියට පාසලක හැමෝම එකම විදියෙ ඇඳුමක් අඳිද්දී ඇති හැකි ළමය හොඳ style අඳිනකොට and නැති බැරි ළමයිට එහෙම බැරි නිසා දුක හිතෙන කොන්වෙන වගේ සීන් මඟ ඇරෙන එක. හැබැයි simulated environment එකට එළියෙ සමාජය එහෙම පට්ට සාධාරණයි හැමෝම එකවගේ කියල මවල පෙන්නනවට වඩා එක පැත්තකින් ඇත්ත තත්වෙම පේන්න තිබ්බනම් ඒකත් හොඳයි. මොකද නැත්නම් ඉස්කෝලෙන් අවුට් වෙලා එකපාරටම යාළුවො අතරෙන් ඒක පේන්න ගත්තම එතනත් shock වෙනවා)

Photo: Google, University Students in Australia

"හවස් වරුවම උනත් උඹට දෙන්නම්" කියන යාළුවෙක් කියන්නේ ඕනෙ කෙනෙක්ට මාරම හයියක්. හැමෝටම එහෙම යාළුවෙක් ලැබෙන්න ඕනේ, හැමෝම එහෙ...
25/09/2022

"හවස් වරුවම උනත් උඹට දෙන්නම්" කියන යාළුවෙක් කියන්නේ ඕනෙ කෙනෙක්ට මාරම හයියක්. හැමෝටම එහෙම යාළුවෙක් ලැබෙන්න ඕනේ, හැමෝම එහෙම යාළුවෙක් වෙන්න ඕනේ.

ජීවිතේ සමහර කාලවල, විශේෂයෙන් තරුණ කාලේ, අපිට ටිකක් වැඩිපුර යාළුවො වෙනුවෙන් වෙලාව තියෙන කාලෙ, එහෙම යාළුවො අපි ළඟ ඉන්නවා. වචනවලින් කිව්වෙ නැතත් පුංචි ඉරියව් වෙනස්වීමකින් පවා අපි මොකක් හරි අවුලකින්ද ඉන්නෙ, මොකක්හරි ප්‍රශ්නයක්ද කියල තේරුම්ගන්න පුළුවන් විදියෙ යාළුවෝ.නමුත් අපි ටික ටික වයසට යනකොට, රස්සාවලට busy වෙනකොට, විවාහ වෙලා ළමයි හදල, වයසට යන දෙමව්පියන්ව බලාගන්න වගේ එක එක දේවල්වලට වෙලාව වෙන්කරන කොට ඒ වගේ යාළුවොන්ට දෙන්න පුළුවන් කාලේ ටික ටික අඩුවෙනවා. කොරෝන කාලෙ ඉඳල හැමදේම digital වෙන්න ගත්තම, අර ඉස්සර වගේ නිතර සෙට් වෙන්න බැරි උනාමත් මේ දුරස්බව තවත් වැඩි උනා.

හැබැයි ඒ මොනව උනත් අපි හැමොටම ජීවිත කාලෙටම මෙහෙම යාළුවො ඕනේ, අපිට උරහිසකට බරවෙලා අඬන්න ඕනෙ උනාම හවස් වරුවක්ම උනත් දෙන්න පුළුවන්.

සමහර වෙලාවට දෙමව්පියන්ට, partner ට පවා කියන්න බැරි දේවල් අපිට හොඳ යාළුවෙක් එක්ක share කරගන්න පුළුවන්. ඉතින් එහෙම වෙලාවට ඒ වගේ යාළුවෙක් එක්ක කතාකරල මාර විදියට හිත නිදහස් කරගන්න පුළුවන්, හවස් වරුවක සෙට් වෙලා බියර් එකක් බොනගමන් වරුවක්ම හිතේ හිරවෙලා තියෙන pressure එක කියල දාන්න පුළුවන්. ඇත්තටම ඒ ප්‍රශ්නෙට solution එකක් දුන්නෙ නැතත්, judge කරන්නෙ නැතුව අහගෙන ඉන්න මනුස්සයෙක් ඉස්සරහ හිතේ තියෙන දේ දියකරල දාන්න පුළුවන්. එවැනි හවස්වරු වලට මිනිස්සුන්ව නිවන්න පුළුවන්, නිවෙන්න පුළුවන්.

ඉතින් ඒ වගේ යාළුවො අපිට ඕනෙ,හවස් වරුවම උනත් දෙන්න පුළුවන් බොක්කෙ යාළුවො.

මගේ ජීවිතේ හවස්වරු වෙන්කරපු/වෙන්කරන මගෙ යාළුවො; උඹලට මැරිලත් පැයක් ආදරෙයි!

🎙️ Ideas by Ravee


(මේ අදහසට නිමිත්ත උනේ මම ළඟදී Facebook එකේ දැකපු යාළුවො දෙන්නෙක් අතර coversation එකක screenshot එකක්. මම හේතුවක් ඇතුව ඒ conversation එකට් reference දාන්නේ නෑ. නමුත් ඒක living example එකක් මේ වගේ යාළුකම් වලට)

මේ කියන්න යන්නේ මං අයින්ස්ටයින් වගේ පොරක් කියල නම් නෙමෙයි...මං දවසක් පෞද්ගලික ආයතනයක interview එකකට ගියා..මීට වසර 10 කට ...
10/09/2022

මේ කියන්න යන්නේ මං අයින්ස්ටයින් වගේ පොරක් කියල නම් නෙමෙයි...

මං දවසක් පෞද්ගලික ආයතනයක interview එකකට ගියා..මීට වසර 10 කට විතර කලින්...

ඔන්න දැන් මගේ වාරේ...
ඒකේ first interview එක කලේ මානව සම්පත් කළමණාකරු...මිනිහ ඉතිං හරි උජාරුවට කට වටේ ලොකු රැවුලක් එහෙම වවලා..ලොකු ටයි පොල්ලක් එහෙම දාල හිටියේ...

ඇත්තටම මෑන් ට තිබුනේ මගෙ විස්තර ටික ගන්න...
ඒත් මාව දැක්කම මිනිහට පොඩි ආතල් එකක් ආවා...
ඉතිං මගේ විස්තර ටිකක් එහෙම අහලා...මිනිහ මගෙන් අහනව..(ඉංගිරිසියෙන්)
ඩොක්ටර් ,
අපේ ඇඟේ තියෙන පද්ධති(systems) මොනවද කියල..
දැන් මු ඕන්නැති ප්‍රශ්නයක් නෙ ඇහුවේ...
මාත් ඉතිං වැඩිය ගනන් ගන්නෙ නැතිව
රුධිර සංසරණ පද්ධතිය,මධ්‍ය ස්නායු පද්ධතිය ...ආදිය විදියට ටිකක් කිව්වා.(දැනුත් හරියට මතක නෑ 😂)
එතකොට මිනිහ අහනවා..පද්ධති කීයක් තියනවද ඩොක්ටර් කියලා...
මාත් ටිකක් විතර පැනික් වුනා..මොකද මෙයා අත අරින්නෙ නෑනේ...
මං 11 කියනවා..උගේ මූන බලල ආය 13 කියනවා..😀

මට වෙච්ච දේ බලල මෙන්න මූ කියනවා,
ඩොක්ටර් මම 10 වසරෙදි ඉගෙන ගත්ත පද්ධති ටික මට තාම මතකයි...ඩොක්ටර් ඊයේ පෙරෙදා කැම්පස් passed out වෙලත් ඕක දන්නේ නෑ නෙ කියලා...චාටර් හිනාවකුත් දැම්මා..

මං ඉතිං ඊට පස්සේ interview එක අත ඇරල මූට දෙකක් කියලම එනව කියල හිතුවා...

මං කිව්වා ,
මං ළඟට ලෙඩෙක් එනකොට ලෙඩා මගෙන් පද්ධති ගාන අහන්නෙත් නෑ...
ලෙඩාට බෙහෙත් කරන්න මට තියෙන පද්ධති ගාන කට පාඩම් කර ගන්න එක වැඩකුත් නෑ...
හැබැයි ලෙඩෙක් ආවම මේක මොන පද්ධති යේද කියල මං දන්නවනම්...කරන්න ඕන දේ දන්නවනම්...මට ඒ ඇති...
හැබැයි ඔයා කිව්වා වගේ ඕලෙවල් මට්ටමේ ළමයෙකුට වගේ නම් පද්ධති ගාන පාඩම් කර ගන්න එක වටිනව කියලා...
මෙන්න මෑන් මං දිහා ටිකක් වෙලා ගල් ගැහිලා වගේ බලාන ඉඳලා..එතනින්ම ප්‍රශ්න ඇහිල්ල නතර කරලා...ළඟ තිබුන වතුර වීදුරුවෙන් උගුරක් බීලා...මගේ interview එක ඉවර කලා..
ඇත්තටම ඒක වෛද්‍ය වරයෙක් germany වලට යවන interview එකක්...
මොනව උනත් මිනිහා හොඳ මිනිහා..පංඩිත වුනාට
මාව select කරල තිබුණා.

මේ කතාව ලිව්වේ,
අපි ඇත්තටම සමහර වෙලාවට අනවශ්‍ය දේවල් පාඩම් කරන්න උත්සහ කරනවා...නමුත් පාසල් අධ්‍යානය තුල ඇත්තටම වෙන්න ඕන කට පාඩම් උගතෙක් බිහි කරනවට වඩා...
හිතන්න පූළුවන්,
තැනේ අනුව ඇනේ ගහන්න දන්න මිනිහෙක් හදන එකයි..

උපුටා ගැනීම - Prasad Wijesekara ගෙන්

03/09/2022

Thank you for your time. Be grateful!
ඔබ මා වෙනුවෙන් වෙන් කරපු කාලයට ස්තූති. කෘතඟපූර්වක වෙමු
මම ලියන අදහස් Video විදියටත් දාන්න ඕනෙ කියල කාලයක් තිස්සෙ හිතුවා. ඔන්නෙ අද ඒක try කරල බැලුවා. මේ වැඩේට TikTok මරු, Creator tools ඔක්කොම තියෙන නිසා.

TikTok, Instagram පැත්තෙ ඉන්න ආය ඒ පාරෙන් ඇවිත් හම්බවෙන්න 👊 (link in first comment)

Via Yodha
02/09/2022

Via Yodha

2021 A/l results ඇවිල්ලනේ...පවුලෙ නංගිලා මල්ලිලා කීප දෙනෙක්ගෙ results එක්ක ඊළඟට තියෙන plans ගැන කතා කරද්දී මේ ලියවිල්ලෙ ...
28/08/2022

2021 A/l results ඇවිල්ලනේ...
පවුලෙ නංගිලා මල්ලිලා කීප දෙනෙක්ගෙ results එක්ක ඊළඟට තියෙන plans ගැන කතා කරද්දී මේ ලියවිල්ලෙ තියෙන සමහර කරුණු ආයෙ touch කරා.

ඔයාල අඳුරන කොල්ලො කෙල්ලො වෙනුවෙනුත් මේකෙන් ගන්න දෙයක් තියෙනවානම් ඒව share කරන්න

A/l ස' ද? මෙන්න ගොඩයන්න Plan එකක්

උසස් පෙළ ප්‍රතිඵල ලැබූ නංගියේ මල්ලියේ,

ඔයා විභාගය සමත්නම්;
ඊළගට විශ්ව විද්‍යාලයට හෝ වෙනත් උසස් අධ්‍යාපන පාඨමාලාවකට හෝ වෘත්තීයකට යොමු වීම ගැන සැළැස්මක් තියෙනවානම්, ඒ මඟ ඔස්සේ ඉදිරියටම යන්න.
සුබ පැතුම්!

ඔයා විභාගය අසමත්නම්;
ඔයා සිත් තැවුලට පත්වීම සාධාරණයි. ඔයාගේ ප්‍රතිඵල එනකන් බලන් හිටිය ඔයාගෙ හිතවතුන් ඔක්කොමත් දුකෙන් ඇති. ඒ හැඟීම් එක්ක සටන් කරන්න ඕනෙ නෑ. දුකයි තමයි කියල පිළිගෙන ඒක ඇරිල යන්න පොඩි කාලෙකට ඉඩ දෙන්න. ඔයාට වයස 30 දී විතර ආපහු හැරිල බැලුවම මේ දුකින් ගෙවෙන දවස් කිහිපය නොසැලකිය හැකි තරම් සාමන්‍ය දෙයක්.

නමුත් ලබන සතියේ මෙන්න මේ ටික කල්පනා කරන්න.

Step 1:
ඔයා හිතන්න ඔයාට ජීවිතේ මොන වගේ ඉලක්කයකටද යන්න ඕනෙ කියලා.

ඔයා කරන්න ආස වෘත්තීයක්, ඉස්සරහට හොඳ ආදායම් මාර්ගයක් කරගන්න පුළුවන් ඔයාගේ විනෝදාංශයක්, ඔයා දක්ශ දෙයක්, ඔයාට ඉදිරියට යන්න පුළුවන් හැකියාව තියෙන ලෝකෙට අවශ්‍ය සේවාවක් වගේ දේවල් ඔස්සේ ඔයාට වෙන්න ඕනෙ මොනවගේ කෙනෙක්ද කියල හිතන්න.

සමහරවිට අවුරුදු 19-21 ට ඔයාට එච්චර දෙයක් නොතේරෙන්නත් පුළුවන්. එතකොට සමාජය ගැන, ඉස්සරහට එන්න පුළුවන් ට්‍රෙන්ඩ්ස්, අවස්ථා ගැන යම් දැනුමක් තේරුමක් තියෙන වැඩිහිටියෙක්ගෙන්, ගුරුවරයෙක්ගෙන් උපදෙසක් ගන්න. Internet එකෙනුත් දේවල් හොයන්න, හොයල අදහසක් ගන්න. ( මුල් බැසගත් අදහස් තියෙන හැම වැඩිහිටියෙක්ගෙන්මත්, යල් පැනගිය පටු මෝඩ අදහස් තියෙන අයගෙන්වත් අහන්න යන්න එපා, ඔයා තවත් අවුල් වෙයි. මෝඩයොත් වයසට යනවනේ )

උදාහරණයක් විදියට ඔයා මොනවහරි විදියකයට දක්ශ, මොනවහරි දේකට උනන්දු කෙනෙක්නම් ඒ සම්බන්ධයෙන් දැනුම තියෙන කෙනෙක්ගෙන් අහන්න ඔයාට ඒ සම්බන්ධයෙන් වැඩිදුර ඉගෙනගන්න පුළුවන් කොහොමද, මොනවද ඒ ෆීල්ඩ් එකේ තියෙන රස්සා වගෙ දේවල් දැනගන්න.

ඔයා ක්‍රීඩාවට දක්ශ කෙනෙක්නම් හොයල බලන්න ඔයාට ඒ ක්‍රීඩාවෙන් ඉස්සරහට ගිහින් වෘත්තීය මට්ටමේ ක්‍රීඩකයෙක් විදියට මොනවද කරන්න පුලුවන් කියලා.

ඔයා සින්දු කියන්න, නටන්න, ලියන්න, නිවේදනය කරන්න, Fashion design, රූපලාවන්‍ය ඔය මොනවහරි කලාත්මක දේවල්වලට ආස කෙනෙක්නම් හොයල බලන්න ඔයාට ඒ ඔස්සෙ වෘත්තීයක් ගොඩනගාගෙන් අදායමක් හොයාගන්න පුලුවන් විදි.

ඔයා Tech පැත්තට ආසයිනම්, Computer පැත්තෙන් දේවල් ඉක්මනට අල්ලගන්නවනම්, පොඩි කාලෙ ඉඳන් electronic බඩු ගලවල බලනවන්ම්, වාහන ගැන උනන්දුයිනම්, ලී වැඩ වලට දක්ශනම්,

එහෙම නැත්නම් පරිසරය, සත්තු, අභ්‍යාවකාශ වගේ තව මේ වගෙ මොනවම හරි දේකට ඇල්මක් තියෙනවන්ම් හොයල බලන්න ඒ පැත්තෙන් ඉස්සරහට ගිහින් මොනවද කරන්න පුළුවන් කියලා.

මේ ලෝකෙ කිසිම රස්සාවක් හෝ සේවයක් අනෙකාට වඩා උසස් හෝ පහත් කියල නෑ. ලෝකෙ පැවැත්මට හැම සේවයක්ම අවශ්‍යයි.

ඔයා හිතල බලන්න ඔයා දායකත්වයක් දෙන්න කැමති මොනවිදියටද (Do you love doing it), ඔයා ඒ වැඩේට දක්ෂද? (Are you skilled at it), කොයිතරම් දුරට ඒ වැඩේ ලෝකෙට අවශ්‍යයද, ඉල්ලුමක් තියෙනවද, කොච්චර රස්සා, ව්‍යාපාර අවස්තා තියෙනවද වගේ දේවල් හොයල බලන්න (Does the world need it?). ඒ වගේම හොයල බල්නන ඔයා අනාගතේ බලාපොරොත්තු වෙන ජීවිතේ ගෙවන්න ප්‍රමාණවත් තරම් මුදල් හොයන්න පුලුවන්ද කියලත් (Can you get paid for it?).

මේ step එක ලේසි නෑ. හැබැයි ඔයාගෙ වයසට මේක හරියටම දැනගන්න ඕනෙ කියලත් නෑ. ඔයා තමන් ගැන දැනට දන්න දේවලින් ආස කරන දෙයක් තෝරගන්න. පස්සෙ හරියන්නැත්නම් මාරු කරන්නත් පුළුවන්, දැන් තෝරගන්න දේ දිගටම ඒකෙම එල්ලිලා ඉන්න ඔනේ කියලත් නෑ. ඒ නිසා අහල, හොයල, හිතල, බලලා, ඔයාට ගැළපෙන පැත්තක් තොර්ගන්න.

හැමෝම හැමදේටම දක්ශ නෑ, හැමෝටම හැමදේම හරියන්නෙත් නෑ. හැබැයි ඔයාට හරියන දේ මොකක් උනත්, ඒකට හොඳට කැපවෙලා ඒ දේ හොඳටම කරලා, හොඳට සල්ලි හොයල, කරන වැඩෙත් සතුටින් කරලා, ඔයාගෙ හීන හැබෑ කරගන්න පුළුවන්.

If you love what you are doing, you won't feel you are working a job

Step 2A:
ඔයා කැමති ක්ශේත්‍රය තොරගත්තය පස්සේ ඒ ඔස්සෙ හොඳට ඉගෙන ගන්න. මොන දේ උනත් perform කරන්න කලින් හොඳට ඉගෙනගන්න ඕනේ. ඒ මූලීක අත්තිවාරම මත තමා ඔයාගෙ සාර්ථකත්වය ගොඩනැගෙන්නේ. ඉතින් ඒ වෙනුවෙන් ඔයාට A/l දැනුම හරි, ඉස්සරහට A/l pass කියන එක result එකක් විදියට හරි ඕනෙ වෙනවනම් ආයෙ සැරයක් A/l කරන එකත් මේ අධ්‍යාපනයේම කොටසක්. එ වගෙම වෙනත් පාඨමාල, වෘත්තීය පුහුණු, හෝ ඒ වගෙ ලබාගන්න විධිමත් ඉගෙනගැනීම වගේම, Youtube එකෙන් හෝ අත්දැකීම් වලින් ලැබෙන නොවිධිමත් ලෙසත් අපි ඉගෙනගන්නවා. මොන දේ කරන්න හිතුවත් මුලින් ඒ වෙනුවෙන් හොඳට ඉගෙන ගන්න.

Step 2B:
ඔයාට ඔයා කරන්න ඕනෙ දේ Sure නැත්නම්, ඔයාට තව ඒක තේරුම් කරගන්න කාලෙත් ඕනෙනම්, ඉස්සරහට ආයෙ වෙන රස්සාවක් කරන්න වගේ backup තියාගන්නත් හිතෙනවානම්, ඔයාට මේ වෙලාවෙ කරන්න පුළුවන් හොඳම දේ මහන්සිවෙලා ආයෙ A/l කරන එක.

(නිකන් හිතල බලන්න 2021 A/l විභාගය plan කරන විදියටම මේ දෙසැම්බර් මාසෙ තියනවනම් විභාගෙට තියෙන්න තව මාස 7ක් වගේ. රටේ තියෙන කෝවිඩ් තත්වෙ එක්ක තව මාස 2-3 අපිට සංචරණය සීමා කරල ගෙවල් වලටත් වෙලා ඉන්න තියෙන්න. ඉතින් එහෙම් බැලුවම ඊළඟ මාස 7 ඔයාගෙ ජීවිතේට ලොකුම Value addition එකක් කරගන්න පුළුවන් ඔය 'fail' කියන A/l result එක 'pass' කියල දාගෙන. C 3ක් වත් දාගන්න පුළුවන්නම් තවත් හොඳයි backup එකක් විදියට හරි.හැබැයි ආයෙ A/l කරනවන්ම් බාගෙට කරන්නෙ නැතුව උපරිම result එකටම වැඩ කරන්න).

ඉතින් මේ මාස 7 අලුතෙන් දෙයක් පටන් ගෙන කරගෙන යන එක පොඩ්ඩක් postpone කරලා, ඔයා දැනට ටිකක් ඉගෙනගත්තු දේවල්ම polish කරගෙන ආයෙ විභාගෙට ලෑස්ති වෙන්න. තව අවුරුදු 2-3 පහුවෙලා පස්සෙ ආයෙ හිතුනොත් අපරාදෙ ඒ වෙලාවෙ ආයෙ කරලා Results improve කරගන්න තිබ්බෙ කියල, එතකොට ආයෙ කරන්න බෑනෙ. ඒ නිසා දැන් කරන්න.

විශේෂයෙන්ම ප්‍රධාන විශයන් ශේප් එකෙ හරි පාස් වෙලා english ෆේල් වෙලා තියෙන වෙලාවකනම්, ඉංග්‍රීසි විතරක් හරි ආයෙ දාල කරන්න. මොකද ඉස්සරහට මොන දේට ගියත් ඉංග්‍රීසි දැනුම ඔයාට උදව් වෙනවා. A/l වලටත් Credit එකක් තියෙන එක සමහර රස්සා, Exam වලට මූණ දෙන්න එහෙමත් අනිවාර්ය වෙනවා, ඒ නිසා ඒක මිස් කරගන්න එපා

ප.ලි.

A/l විභාගය කියන්නෙ මනුස්සයෙක් සාර්ථකද අසාර්ථකද බලන කඩයිමක් නෙවෙයි. A/l ඇතුව හෝ නැතුව ජීවිත සාර්ථක කරගත්ත මිනිස්සු උත්සහය, කැපවීම, උනන්දුව තිබුන අය. හැබැයි ඒ මිනිස්සු උනත් කිසි වෙලාවක "ඉගෙන ගෙන වැඩක් නෑ" කියල කියන්නෙ නෑ. ඉගෙනගන්නවා කියන්නෙත් පොතෙන් ඉගෙනගන්නවා කියන එක විතරකුත් නෙවෙයි. පුහුණුවෙන්, අත්දැකීමෙන් උනත් මින්ස්සු ඉගෙනගන්නවා.

🎙️රවී


#රැල්ලට

Added later:
මේක 2020 ප්‍රථිපල ආපු වෙලාවෙ 2021 දී ලිව්වෙ. දැන් මේකෙ මේ විභාගෙට තියෙන දින වගේ ඒව අදාල අවුරුද්දට අනුව ගළපගෙන කල්පනා කරල බලන්න.

රුවන්වැලිසෑට සයන පූජාවක් කරලලු... බුද්ධ දර්ශනයේ ආමිස පූජාව recommend කරල තියෙන්නෙ කොහොමද?පුළුවන් නම් ඔයාගෙ අදහස් ඒවාට පා...
27/08/2022

රුවන්වැලිසෑට සයන පූජාවක් කරලලු...
බුද්ධ දර්ශනයේ ආමිස පූජාව recommend කරල තියෙන්නෙ කොහොමද?
පුළුවන් නම් ඔයාගෙ අදහස් ඒවාට පාදක වෙන මූලාශ්‍ර එක්කම comment කරන්න.
ආගම් කියන්නේ සංවේදී කාරණයක්. මේ පූජාව හරිද වැරදි ද කියල දෙයක් නෙවෙයි. ඒක මිනිස්සුන්ගේ තෝරාගැනීමක්.

"ඇයි" කියල සංවාදයක් වෙනුවෙන් මේ post එක දාන්නේ

13/08/2022

වී කරල් උනත් පැහෙනකොට පොළවට නැමෙනවා | කතාවේ සිංහල අදහස 👇

උසස් තනතුරු නම්බු නාම ලැබෙන කොට තව තවත් නිහතමානි වෙන මිනිස් ගුණාංගය හරි ලස්සනයි...............................................
කතාවේ සිංහල අදහස 👇

"... සභාපති තුමනි Union එකෙන් මට විශාල ගෞරවයක් ලබා දීල තියෙනව. මම එය ඉතාම අගය කරනවා.

මම හිතනවා මට ඒ ගෞරවය ශ්‍රි ලංකාවෙ මිනිස්සු සමඟ බෙදාගන්න පුළුවන් කියල, මොකද මම වැඩියෙන්ම ශ්‍රී ලංකාවේ ඇසුරේ නිර්මාණය උන කෙනෙක්.

මම පාසල් ගියේ, විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබුවේ, නීති පීඨයේ ඉගෙනගත්තේ ශ්‍රී ලංකාවෙ. ඉතින් ඒ නිසා මම Oxford විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිය හදාරන්න එනකොට මම සැළකියයුතු මට්ටමේ පරිණත පුද්ගලයෙක්.

Oxford මම හිතන්නෙ කේක් එකේ අයිසිං එක, නමුත් කේක් එක ඇත්තටම බේක් කරේ ගෙදරදී (ශ්‍රී ලංකාවේ දී)..."
..............................................

කවුද මේ?

මේ විඩියෝ එකේ කතාව කරන්නෙ ලක්ශ්මන් කදිරගාමර් මහත්තයා, ඒ 2005 අවුරුද්දේ දී එතුමාගෙන් දේශපාලනයට සහ රාජ්‍ය තන්ත්‍රයට උන සේවය අගය කරල එතුමාගේ පින්තූරයක් (portrait) Oxford විශ්ව විද්‍යාලයේ Deabating Society Libarary ගොඩනැගිල්ලේ එල්ලපු අවස්ථාවේ, ඒ නිරාවරණය කීරීමේ උත්සවයේදී. මෙහෙම එතුමව ගෞරවයට පාත්‍ර කරන්නේ Oxford Union එකෙන්. මේ විදියට portrait එකක් Oxford union collection එකට එකතු කරනවා කියන එක ඉතාම දුර්ලභ වගේම, ගෞරවනීය අගය කිරීමක්. මීට කලින් එහෙම ලාංකිකයෙක්ගෙ පින්තූරයක් එකතු කරල තියෙන්නේ හිටපු අගමැති S.W.R.D. බණ්ඩාරණායක මහත්තයගේ. කදිරගාමර් මහත්තයා කලින් Oxford විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධිය හදාරලා තියෙනවා වගේම, පසුව Oxford union එකේ සභාපති වෙලත් තියෙනවා (1958).

ලංකාවෙන් බිහිවූ විශිෂ්ට රාජ්‍ය තාන්ත්‍රිකයෙක් විදියට කදිරගාමර් මහත්තයව හඳුන්වන්න පුළුවන්. දේශපාලනයට එන්න කලින් ඔහු හොඳ නීති විශාරදයෙක්. පසුව දේශපාලනයට පිවිසුන ඔහු ඉතා දක්ශ විදේශ අමාත්‍යවරයෙක් විදියට ලංකාවට ජාත්‍යන්තර සහයෝගය උපරිමයෙන් ලැබෙන විදියට ඒ සම්බන්ධතා කළමණාකරණය කරල තියෙනවා. ඔහු විදේශ ඇමති කාලයේදි ඔහු L/ටී/T/ඊ සංවිධානයෙ ජාත්‍යන්තර ත්‍රස්ත කටයුතු ඉතාම නිර්දය විදියට විචේචනය කරන්නත්, ඒව ජාත්‍යන්තර සබඳතා හරහා අඩපණ කරන්නත් කටයුතු කරල තියෙනවා. කදිරගාමර් මහත්තයව සෑහෙන කරදරයක් උන නිසා අන්තිමේ 2005 අගෝස්තු මාසයේදී එතුමාව L/ටී/T/ඊ ත්‍රස්තයන්ගේ Sniper තුවක්කු කරුවෙක් විසින් වෙඩි තියල ඝාතනය කරනවා. (මට තාම මතකයි ඒ දවසෙ News වල ඔය සිද්දිය animations එක්ක පෙන්නපු විදිය. ළඟ තිබුන ගොඩනැගිල්ලක ඉඳන් කදිරගාමර් මහත්තයගේ ඉහළ මාලෙ තිබුන නාන තටාකය ගාව ඉන්නකොට තමා එතුමට වෙඩි තියල තියෙන්නෙ කියල පෙන්නුවා).

ඒ වගේම තව දෙයක්.
ඒ කාලෙ හිටපු කදිරගාමර් මහත්තයා වගේම, සමකාලීන දේශපාලකයො ගත්තම හොඳට ඉගෙනගත්, තමන්ගේ විශය පිළිබඳ හොඳ දැනුමක් තියෙන, රටට පුදුම ආදරයක් තිබුන මිනිස්සු. එයාල ඔක්කොම එක්කෙනා පස්සෙ එක්කෙනා හිමීට ඝාතනය උනා. ඒක හෙන අපරාධයක්. නූතන දේශපාලනයේ තියෙන බුද්ධි සෝදාපාලුවට ලොකු හේතුවක් ඒ වගේ හිටපු වටිනාකම් පෙරදැඩි නායකයෝ ඉවත්වෙලා බහුතරයක් ඩීල් කාරයෝ ඉතුරු උන එකා. නමුත් මම මෙතැකින් ඒ ගැන ලියන එක නවත්තන්නම්. මොකද මේ පොස්ට් එක දේශපාලනය ගැන නෙවෙයි, එතුමගේ කතාව ගැන.

මේ විස්තර උපුටා ගත්ත මූලාශ්‍ර පල්ලෙහා comment විදියට දාල තියෙනවා, ඒව තියෙන්නෙ ඉංග්‍රීසියෙන්. කැමති අය ඒවත් කියවල තව තොරතුරු දැනගන්න. මේක වැදගත් කියල හිතෙන අය වෙනුවෙන් share කරන්න.

මේවා ජීවිතේ වෙනස් කරන කතා.

🎙️ Ravee - රවී


Credits: Video credit to the respective owner

මේ වගෙ තවත් අදහස් කියවන්න👇
https://www.facebook.com/ideasbyravee/

මගේ පුත්‍රයා මගෙන් ඇහුව විභාගෙ ඉවර වෙලා රිසල්ට්ස් එනක ජොබ් එකකට ගියාට කමක් නැද්ද? කියල. මම කිව්ව "කොච්චර හොඳද යන්න. මොකක...
11/08/2022

මගේ පුත්‍රයා මගෙන් ඇහුව විභාගෙ ඉවර වෙලා රිසල්ට්ස් එනක ජොබ් එකකට ගියාට කමක් නැද්ද? කියල. මම කිව්ව "කොච්චර හොඳද යන්න. මොකක්ද ජොබ් එක කියල? කීල්ස් එකේ සේල්ස් ඇසිස්ටන්ට් වගේ ගියාට කමක් නැද්ද කියල. එයාගෙ යාලුවෙකුත් කීල්ස් එකේ ඔය ශෝ රූම් වල ඉන්න සේල්ස් ඇසිස්ටන්ට් ජොබ් එකකට ගිහිල්ල රිසල්ට්ස් එනකම්. හොඳ ආර්ථික පසුබිමක් තියෙන පවුලක ළමයෙක්.

මම කිව්ව ඉතින් මොකක්ද අවුල? ඔයා යන්න කියල. ළමය කියනව " නෑ මම හිතුව තාත්තට අවුලක් වෙයි" කියල. මට නම් හිතෙන්නෙ ඕනෑම පුද්ගලයෙක්ගෙ පෞරුෂය හැදෙන්නෙ තමන් අත් නොදැකපු පරාස වල ජීවිතේ අත්දැක්කම. ඉතින් අපේ රටේ මිනිස්සු ඔළුව පුරවන් ඉන්නෙම යල් පැනල ගිය මහන් තත්ව ආකල්ප වලින්නෙ.

ඒත් මම දැකල තියෙන සාර්ථකම මිනිස්සු වැඩි දෙනෙක් එහෙම සාර්ථක වෙලා තියෙන්නෙ ඔය කියන මහන්තත්ත්වෙ තියෙන මිනිස්සු කරන්න අකමැති වෙච්ච දේවල් කරන්න ඉදිරිපත් වුනු නිසා. මම නම් පුතාට කිව්ව "මම බස් එකේ යන්න සල්ලිත් දෙන්න ඔයා යන්න" කියල.

✍️ Samaratunge Karunarathne

පරණ කතාවක්, හැබැයි තාමත් කියන්නේ "අතක් පයක් කැඩුනත් ගේම ගහපන්" 👇
09/08/2022

පරණ කතාවක්, හැබැයි තාමත් කියන්නේ "අතක් පයක් කැඩුනත් ගේම ගහපන්" 👇

උඹට මොනවහරි දෙයක් තදින්ම ඕනෙ වෙලා තියෙනවද? ඒකට යන්න සෑහෙන්න අමරුයිද? ලංවෙන්න වෙන්න හීන තව දුරයිද? අතක් පයක් කැඩුනත් ගේම ගහපන්, අතාරින්න එපා.

මෙහෙම කියන්නෙ මගෙ ජීවිතෙ 2010 අවුරුද්දෙ අත්දැකීමක් එක්ක. 2010 කියන්නෙ මගේ ජීවිතේ busy ම කාලයක්. පාසලේ 13 වසරෙ ශිෂ්‍ය නායකයෙක් විදියට වගකීම් ගොඩක් ඉටු කරමින් උසස් පෙළ අවුරුද්දට ලෑස්ති උන අවුරුද්ද. උදේ 5.30ට ගෙදරින් ගිහින් රෑ 9.30 විතර ගෙදර ආපු අවුරුද්ද. මාර packed දවස්.

උදේ 6.30 ඉඳන් 8 වෙනකන් එක්කො ground එකේ practice, නැත්නම් Prefects' duties. 8-3 එක්කො පන්තියේ, නැත්නම් කොරිඩෝවල duty, නැත්නම් Media Unit, Debating Society, Commerce Society, Buddhist Brotherhood, Sports meet, Teachers day, this day that day මොකක් හරි වෙනුවෙන් file ගොඩක් උස්සගෙන ඇවිදින ගමන් ඒවගෙ වැඩ. College එකේ ඒ දවස්වල කිව්වෙ "පාසල හිස මත" කියලා. Principles වත් ඔච්චර වැඩ කරන්නෙ නැතුව ඇති කියලා.Teachers ලා ඕක දන්න නිසාම දකින දකින තැන මතක් කරනවා විභාගෙ ගැන.හැබැයි හැමදාම පන්තියෙ පළවෙනියා නිසා බනින්නේ නෑ ඉතින්. 3න් පස්සෙ ආයෙ practice. 7 වෙද්දී රෑ class වලට දිව්වා දවස් 3ක්. Saturday matches. හොඳට තැලිලා පොඩිවෙලා හිටියත් ඉරිදා උදේ 6.30ට class. ඕක තමා schedule එක. අවුරුද්දක් විතර එක දිගට.

හැබැයි කොච්චර Busy උනත් මගේ හිතේ තිබ්බා මම A/l හොඳට pass වෙනවා කියලා. පුළුවන් හැම වෙලේම class ගියා, පාඩම් කරා. ගොඩක් වෙලාවට practice වල ඉඳල මම class වලට ගියේ පරක්කුවෙලා. කටුගස්තොට ඉඳලා bus වල නුවරට, එතනින් දුවගෙන class වලට දාඩිය පෙරාගෙන තඩි bag එකකුත් දාගෙන යනකොට සමහර දවසට මුළු class එකම මට අත්පුඩි ගහනවා. (පරක්කුවෙලා එන ළමයි බයිට් කරේ එහෙම). මගේ තිබ්බ උවමනාවට මම ඒව ඉවසගෙන අල්ලගෙන හිටියා.

2020.06.20 මාර important දවසක්. එදා අපේ Rugby season එකේ අන්තිම match එක. උදේ ගෙදරින් යනකොට මම අම්මට කිව්වෙ එදායින් පස්සෙ පිළිවෙලට class ගිහිල්ලා පාඩම් ටික කරගන්න පුළුවන් කියල. නමුත් එදා නොසිතූ දෙයක් උනා.

Final match එකේ අපිට හම්බුනෙ St.Peters. එයාලට ඒ match එක දිනලා unbeaten record එකත් එක්ක league champions වෙන්න ඕනෙ උනා. අපි season එකේ underdogs. අපිට උපරිම කරන්න ඕනෙ උනා. ඉතින් ඒ intense battle එකේ එක තැනකදි මගේ කකුල කැඩිලා, ankle එක disjoint උනා. කකුල අනිත් පැත්ත හැරවිලා තිබ්බේ.බරපතල sports injury එකක්.

එතනින් පස්සෙ තත්වය ශෝචනීයයි. මාව hospital අරන් ගිහින්, එදාම පැය 4-5 Surgery එකකට ගත්තා. හිරිවට්ටලා නිසා මම බලාගෙන හිටියා ලොකු operation එකක් කරන හැටි. Doctors ලා කිව්වෙ කකුල සුවවෙන්න අවුරුද්දක් විතර යයි පරිස්සම් වෙන්න කියලා. Plate දාලා ඇණ දාල 21 පාන්දර මාව ward එකට මාරු කරා. (21 කියන්නෙත් සෑහෙන වැදගත් දවසක්). ඒක මාර අමාරු physical වේදනාවක්. ඊටත් වඩා mentally මුළු ලෝකෙම කඩා වැටුනා වගේ. දවස් 5ක් විතර Hospital එකේ තියාගෙන ගෙදර යැව්වා. ගෙදර ගිහිල්ලත් දවස් 5 විතර shock එකේ ඔහේ හිටියා.

ජූලි 01 මම ආයේ මානසිකව නැගිට්ට. ඒ වෙනකොට අම්ම හොයාගෙන තිබුනා අබාදිත ශිෂ්‍යයෙක් විදියට පහසුකම් සහිතව විභාගයට පෙනී ඉන්න පුළුවන් විදියක්. මේනු ලෑස්ති උනා notes හොයල ගෙනත් දෙන්න. විභාගෙට මාසයක් වගේ තියෙද්දී කැඩුනු කකුලත්, තුවාල උනු අතත් පරයා මම මානසිකව නැගිට්ට. මම අධිෂ්ඨාන කරගත්තා කොහොමහරි විභාගෙ කරන්න. යාළුවොත් උදව් කරා, motivate කරා. සමහර ගුරුවරු ඇඳ ගාවට ඇවිල්ල පාඩමක් දෙකක් ඉගැන්නුවා. Notes එව්වා. Phone එකෙන් කතාකරලා motivate කරා, මම පාඩම් කරා. ඇඳේ නිදාගෙන්, රෝද පුටුවෙ ඉඳගෙන accounting ගණන් හැදුවා. මාසයක් මහන්සිවෙලා ගේම ගැහුවා.

හැමෝගෙම මහන්සිය අන්තිමට සාර්ථක උනා. මම වාණිජ අංශයේ මහනුවර දිස්ත්‍රික් 39 වෙලා, පාසලේ හොඳම ප්‍රතිඵල ලාභියාවෙලා සමත්වෙලා, ජ'පුර කළමනාකරණ පීඨයට ඇතුල් උනා. මම එතනදී පාසලේ හැමෝටම ආදර්ශයක් දුන්නා, බාධක මොනවා ආවත් කොටින්ම අතක් පයක් කැඩුනත් ගේම අතාරින්න එපා කියලා.

එතනින් පස්සෙත් නොයෙකුත් බාහිර වැඩ, හැල හැප්පීම් හොඩක් එක්ක මම විශ්වවිද්‍යාලයේදීත් ගේම ගහල First class එකක් ගත්තා. CIMA පාස් උනා. තාමත් ගේම ගහනවා.

හොඳම වැඩේ මේ මගෙ injury එකක් උන පළවෙනි වතාව නෙවෙයි. Rugby නිසාම අනන්තවත් අත් කකුල් බැඳගෙන ඉඳල තියෙනවා. 10 වසරෙදි Bus එකකින් වැටිලා රෝදෙට කකුල අහුවෙලත් එදා රෑ සිංහල පත්තු බැඳගෙන ඊලඟ සති දෙකේ වාර විභාගයට ගිහින් තියෙනව. හැබැයි ඒ කිසිම වෙලාවක අතක් පයක් කැඩුනටවත් මාව නවත්වන්න බැරිවෙලා තියෙනවා.

ඒ නිසයි මම උඹලට කියන්නෙ,අතක් පයක් කැඩුනත් ගේම ගහපන්, අතාරින්න එපා.

(P.S. ඒ දවස්වල මේක පත්තරවල, social media වල දැම්මෙ නෑ. නමුත්, අවු 11ක් වෙලත් තාම මේ කතාව valid කියල හිතුනා. A/l විතරක් නෙවෙයි ජීවිතේ ඕනෙම දෙයක් ඉස්සරහ excuse හොයන කෙනෙක්ට)

🎙️රවී


"...මේ මගේ ජීවීතේ, මං මගේ ජීවිතේ ගෙවන්නෙ මට ඕනේ විදියට, එහෙම නැතිව ගෑණි උන පලියට මම ඔයාගේ පදේට නටන්න ලෑස්ති නෑ. It's my ...
07/08/2022

"...මේ මගේ ජීවීතේ, මං මගේ ජීවිතේ ගෙවන්නෙ මට ඕනේ විදියට, එහෙම නැතිව ගෑණි උන පලියට මම ඔයාගේ පදේට නටන්න ලෑස්ති නෑ. It's my life, now or never!"

සඳුනි ආපු ආවේගෙටම ඒ ටික කියල දැම්ම.

සඳුනි ගේ කතාවට අසේල ගැස්සුනා, පස්සෙ මහ හයියෙන් හිනා උනා.

A- "අම්මටසිරි උඹේ දැන් විශාරද ටෝක්ස් නේද, කවුද ඕවා අර උඹේ යාළුවා රවී ද කියල දුන්නේ"

S- "ජීවත් වෙන්න ඕනෙ විදිය මට කවුරුත් කියල දෙන්න ඕනේ නෑ, මම වැඩ කරන්නේ මගේ morale code එකට අනුව.

මම විශ්වාස කරන values, ethics, හොඳ නරක, මම ආස දේවල් එක්ක හදාගත්ත මං ජීවත් වෙන මගේම ආකෘතියක් තියෙනවා. ඒක කවුරු කීවත් මම compromize කරන්නෙ නෑ, ඒක තමයි මාව define කරන්නේ.

කවුරුහරි ඇවිල්ල ඔයාට කිව්වොත් මම ලොකු වැරදි වැඩක් කරල කියල ඔයාට උනත් හිතාගන්න පුළුවන් ඒක ඇත්තක් වෙන්න පුළුවන්ද කියල, මොකද මගේ morale code එකෙන් පිට දෙයක්නම් මම කීයටවත් කරන්නේ නෑ"

A- "හරි හරි බං, ඕකට තර්ක කරන්න දෙයක් නෑ, මට උඹේ ඔය morale code එකත් එක්ක ඒ හැටි අවුලක් නෑ. මම කැමතියි, හැබැයි උඹ ඔය කරන වැඩේට මම අකමැතියි.

S- " ඒ කිව්වෙ?"

A- "මෙහෙමයි, පළවෙනියටම මම උඹට moral code එකක් තියෙනවට කැමති. මොකද ගොඩක් එවුන්ට එහෙම එකක් නෑ, ඔහේ කාට කාට හරි ඕනෙ විදියට, කාලෙන් කාලෙට එන රැලි වලට ඕනෙ විදියට, තාවකාලික උවමනා එක්ක, උන්ගෙ ජීවිත ගලාගෙන යනවා.

එහෙම බලද්දි සමාජෙට බම්බු ගහගන්න කියල ජීවත්වෙන්න, හැම එකාගෙම opinion වලට යටත් වෙන්නෙ නැතිව උඹ කැමති විදියට ජීවත් වෙන්න, උඹේම ආකෘතියයක් තියෙන එකම මරු, මම ඒකට කැමතියි.

S- "එතකොට අකමැති?"

A- "උඹේ ඔය ඇට්ටරකමට. මේ ලෝකෙ ගලේ කොටපු plan නෑ, හැමදේම කාලෙත් එක්ක, අවස්ථාවත් එක්ක වෙනස් වෙන්න පුළුවන්. ඔක්කොටම වඩා උඹ දන්න සීමාවම ලෝකෙ කියල, ඒක අස්සෙම උඹේ rules පනවගන්න එක හෙන ගොන් වැඩක්.

මම කියන්නෙ ඔය morale code එකත් reinvent කරන්න පුළුවන් විදියට තියාගනින්.

සමහරවිට උඹට පිට මිනිහෙක්ගෙන් හොඳ insight එකක් එන්න පුළුවන්, මොකක්හරි සිද්ධියක් නිසා උඹ කලින් හිතන් හිටපු හැම දෙයක්ම වෙනස් වෙන්න පුළුවන්, උඹට වෙනස් විදියට දේවල් පේන්න ගන්න පුළුවන්, අන්න එතකොටත් උඹ වෙනස් වෙන්නෙම නෑ කියල කියනවානම් උඹත් ඩයිනසෝර් කෙනෙක් වගේ.

අනික එහෙම උඹේ ආකෘතිය වෙනස් කරන්න ඕනෙ උනොත් උඹේම morale code එක කඩන්න වෙනව කියල උඹ dissapoint වෙනවද? ජීවිතේ හයියට අල්ලගනින්, හැබැයි agile වෙයන්.

උඹේ ජීවිතේ උඹේ විදියට ගෙවපන්, හැබැයි ඉගෙනගන්න, වෙනස්වෙන්න ඉඩ තියාගනින්"

🎙️ රවී


"ඇයි" කොන කපන්නේ ශානා අම්මගෙන් ඇහුවා. ඒ පණ්ඩිතකම් උඹට වැඩක් නෑනෙ, මම කෑම හදල දෙනකං පොතක් පතල වැඩක් බලාගනිං, මෙන්න අම්ම ක...
05/08/2022

"ඇයි" කොන කපන්නේ ශානා අම්මගෙන් ඇහුවා.

ඒ පණ්ඩිතකම් උඹට වැඩක් නෑනෙ, මම කෑම හදල දෙනකං පොතක් පතල වැඩක් බලාගනිං, මෙන්න අම්ම කියාපි. අම්මා වෙනද විදිහටම සොසේජස් කරල් හතරේ දෙපැත්තෙ කොන් ටික කපලා බැදෙන්න තෙල් තාච්චියට දැම්මා.

"නෑ මම ඇත්තටම අහන්නෙ, අම්ම හැමදාම සොසේජ් බදිනකොට කොන් කපල අයින් කරනවා. "ඇයි" කොන් කන්න හොඳ නැද්ද?

ඒ පාරනම් අම්ම ටිකක් ගැස්සුනා. පොඩ්ඩක් කල්පනා කරල මෙහෙම කිව්වා. "එහෙම තමා ඉතින් ඒව බදින්න ඕනේ, මොකක්ද හේතුව නම් දන්නෙ නෑ, ඉස්සර ආච්චි සොසේජස් බදින්නෙත් මෙහෙම. මොකක් හරි හේතුවක් ඇතිනේ ඉස්සර ඉඳන් කරන් දෙයක් නිසා,මම ඕව අහල නෑ, අර ඉන්නේ ආච්චි, ගිහින් අහගන්න" අම්ම කිව්වා.

ශාන ඊට පස්සෙ ගියා ආච්චි ගාවට, ආච්චි කිව්වට තාව එච්චර වයස නෑ, තාම කෙල්ල වගේ. "ඇයි ආච්චි සොසේජස් බදින්න කලින් කොන කපලා අයින් කරන්නෙ?" ශාන ඇහුවා.

"එහෙම තමයි ආතම්ම බැද්දෙ පුතේ, මාත් ඉතින් ඒ විදියටම කරා" ආච්චි කිව්වා.

"ඉතින් ආච්චි ඔයා ආතම්ම ගෙන් "ඇයි" කියල ඇහුවෙ නැද්ද? ශානා ආයෙත් ඇහුවා.

"හේතුව මොකක්ද කියලා නම් අහලා නැහැ .අන්න ආතම්ම නැගිටල ඉන්නේ දූ ම ගිහින් අහන්නකෝ ඉතින්"

ආතම්ම වයස උනාට සිහිය තියනවා. ශාන ගියා ආතම්ම ගාවට
"ආතම්මේ, ආච්චි අම්මත් සොසේජස් බදින්නෙ කොනකපලා, අපේ අම්මත් එහෙමයි, ආච්චි අම්මා කියනවා අත්තම්මා කරපු නිසා කළා කියලා, අපේ අම්මා කියනවා ආච්චි අම්මා එහෙම බැදපු නිසා එයත් එහෙම කරනවා කියලා, හැබැයි කව්රුවත් "ඇයි" කියල හේතුවක් දන්නේ නෑ, ඇයි ආත්ම්මේ සොසේජස් වල කොන් කපලා බදින්නෙ?"

"ඉස්සර මට තිබ්බෙ එකම එක පොඩි තාච්චියක් විතරයි.සොසේජස් කරලම දාන්න ඒකෙ ඉඩ මදි , ඉතින් අයිනේ කෑලි දෙක කපලා තාච්චියෙ ගානට සොසේජස් කරල කපලා බැද්දා. නැතුව වෙන හේතුවක් නැහැ දුවේ , ඔයාගේ අම්මට ලොකු තාච්චි තියෙද්දී මොකටද කපලා බදින්නෙ? ඔයාගෙ ආච්චිවත්, අම්මවත් මගෙන් මේ ගැන අහලත් නැහැ, මම කියලත් නැහැ, අපරාදෙ මෙච්චර කල් විසිකරපු සොසේජස් කොන් කෑලි"
........................................................
ඔයාලත් මේ දේවල් කරන්නේ ඇයි කියල හේතුවක් දැනගෙනද?

1. ඉස්සර ගෑණු අය ගෙවල් වලටම සීමා වෙලා හිටපු ඉස්සර කාලෙ, ගෑණු දරුවෙක් මල්වර උනාම, ඇය දීගෙක යන්න සුදුසුයි කියලා ගම් පළාත දැනුවත් කරලා, ඉක්මනට මනමාලයෙක් හොයාගන්න ඕනේ නිසා, මල්වර වීම ගම් හතටම කියලා සැමරුවා. එහෙම වදෙන් පොරෙන් ගෑණු බන්දන්න වුවමනාවක් නැති වර්තමානේ තාමත් ඉහලින් කොටහළු මගුල් සමරන්නෙ "ඇයි?"

2. වෙල් උඩින් පැනගෙන එන මනමාලයගේ කකුලේ ගෑවුනු මඩ එදා හෝදපු පුරුද්දට අද ෆුල් සූට් ගහලා බෙන්ස් එකේ බහින මනමාලයගේ කන්නඩිය වගේ පොලිෂ් කරපු සපත්තුවට වතුර වක් කරන්නෙ "ඇයි"?

3. ඉස්සර ගෙවල් වල මගුල් ගන්න කාලෙ මනමාලයා ඇවිත් එදාම මනමාලිව ගෙදර එක්කන් යන හින්දා ගෙවල් දෙකේම සමරපු මඟුල, සති ගණන් හනි මූන් ගිහින් වෙනම පදිංචියට යද්දිත්, Wedding/Homecoming කියල හෝටල් දෙකක පළවෙනි දවස සහ දෙවැනි දවස කියල සමරන්නෙ "ඇයි?"

4. ඉස්සර පඩිපෙළ වගේ ළමයි ඉන්න පවුලේ වයසින් වැඩි වැඩිමහල් දරුවො ඔක්කොම බැඳලා වෙන් වෙලා ගිහාම ගෙදර ඉතුරු වෙන පොඩිම එකා (බඩපිස්සා) දෙමව්පියො බලාගන්න මහ ගෙදර නවතින නිසා මහ ගෙදර අයිතිය ඉස්සර කාලෙ පොඩි පුතාට දුන්නා. මේ කාලෙ දෙමව්පියෝ ලොකු දුව ළඟ ඉඳිද්දිත් පිටරට ඉන්න පොඩි පුතාගෙ තනි අයිතියට මහ ගෙවල් ලියන්නේ "ඇයි?"

5. ඉස්සර මිනිස්සු ගමන් බිමන්වලට පාවිච්චි කලේ ගොං කරත්ත. ගොඩක් ගමන් කලාම ගොනාගෙ කකුල්වල කුර තුවාල වෙනව. ඒව පැසවල තුවල වැඩි වෙනව ගමන් කරනකොට විශබීජ ඇතුල් වෙලා. ඒක නිසා ඉස්සර ගොං කරත්තයක් ගමනක් යන්න කලින් ගොං කුරවලට පෑගෙන්න දෙහි ගෙඩියක් තිබ්බ, විශබීජ විනාශ වෙලා තුවාල හොද වෙන්න. දැන් කාලේ වාහනයක් අරන් ඉස්සෙල්ලාම පුරුද්දට රෝදවලට දෙහි ගෙඩි යට කරන්නෙ "ඇයි?"

5. ඉස්සර ගෑණු අය රස්සා නොකර ජීවිත කාලෙම සැමියාගෙන් යැපෙන නිසා බැඳලා යද්දී ගොඩ මඩ, ලී බඩු ටිකක් එක්ක පිට කරපු එක අද රස්සාවල් කරන ගෑණු බඳීද්දීත් හොයන දෑවැදි හොයන්නේ "ඇයි?"

මේව මෙහෙම කරනවට සාධනීය හේතු තියෙනවා නම් පහලින් comment කරන්න.

මේ වගේ "ඇයි" කියල දන්නෙ නැති ප්‍රශ්න ඔයාලටත් තියෙනවානම් ඒවත් comment කරල අහන්න, දන්න කෙනෙක් ඉන්නවානම් උත්තර දෙන්න, දන්නෙ නැති දේවල් ඉගෙනගමු.🙂........................................................

මගේ යෝජනාව සියලුම සම්ප්‍රදායන්/පුරුදු බැහැර කරන්න කියල නෙවෙයි. හේතුවක් නැතුව ,හේතුවක් හොයන්නෙ නැතුව, පරම්පරාවෙන් පරම්පරාවට ඔහේ පැවතගෙන එන පුරුදු ප්‍රශ්න කරන්න කියන එක, "ඇයි" කියල අහන්න කියල. සමහර දේවල් දැන් කාලෙට නොගැලපෙන යල් පැනගිය අදහස් වගේම, තව සමහර දේවල් "ඇයි" කියල දැනගත්තම වඩාත් අර්ථවාන්විතව, සමහරවිට අලුත් විදියකටත් කරන්න පුළුවන් වෙයි.

නිකන් ඔහේ කර කර ඉන්න එපා, "ඇයි" කියල අහන්න

🎙️ රවී


#ඇයි
........................................................
කොනකපාල කතා වස්තුව
| "ඇයි" කියල අහන්න - EP 01

(P.S. මේ සටහන කලින් Anisha Jayakody විසින් ලියපු මුල් සටහනක් සහ Facebooc 19.2 පිටුව විසින් සංස්කරණය කරන ලද සටහනකින් උපුටගැනීම් කරමින් ප්‍රතිනිර්මාණය කරනු ලැබූවකි. මුල් ලිවීම්වල ගෞරවය ඔවුන්ට හිමිවිය යුතුයි)

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Ideas by Ravee posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share