Sri 4 You

Sri 4 You All information around the world, as well as providing you information about products and services that are important to everyday life of fresh experiences

මුදල් වියදම් නොකර නොමිලේ කළ හැකි මහ පින්කම් සියයක් 👇👇👇 🔶1) බුදු ගුණ මෙනෙහි කිරීම.🔶2) දම් ගුණ මෙනෙහි කිරීම.🔶3) සඟ ගුණ මෙන...
08/10/2021

මුදල් වියදම් නොකර නොමිලේ කළ හැකි මහ පින්කම් සියයක් 👇👇👇

🔶1) බුදු ගුණ මෙනෙහි කිරීම.
🔶2) දම් ගුණ මෙනෙහි කිරීම.
🔶3) සඟ ගුණ මෙනෙහි කිරීම.
🔶4) අනුන් කළ මහා පින්කම් අනුමෝදන් වීම.
🔶5) නිති පන්සිල් සමාදන් වීම.
🔶6) පන්සිල් කඩ නොකොට රැකීම.
🔶7) උදේ සවස බුදුන් වැදීම.
🔶8) අට සිල් සමාදන් වී රැකීම.
🔶9) නවංග සීලය සමාදන් වීම.
🔶10) දස සිල් සමාදන් වීම.
🔶11) පසලොස්වක පෝයට සිල් සමාදම් වීම සහ හතර පෝයට සිල් ගැනීම.
🔶12) භාවනා කිරීම හා අනෙකුත් අය ද ඒ සඳහා යොමු කිරීම.
🔶13) ධර්ම දානය. (මුහුණු පොතේ, වෙබ් අඩවියේ ආදියේ ධර්මය බෙදා හැරීම)
🔶14) ධර්මය මුද්‍රණය කර බෙදා හැරීම.
🔶15) ධර්මය කියවීම.
🔶16) වතාවත් කිරීම. (පන්සලේ ශ්‍රමදානයක් කිරීම ආදිය)
🔶17) දුගීව සිටද, හැකි පමණින් බුදුරජාණන්වහන්සේ ට දානපති දානයක් පූජා කිරීම. (තමා පරිභෝජන කරනවාට වඩා උසස් දෙයක් පූජා කිරීම)
🔶18) දුගීව සිටද, හැකි පමණින් මහා සංඝරත්නයට දානපති දානයක් පූජා කිරීම. (තමා පරිභෝජන කරනවාට වඩා උසස් දෙයක් පූජා කිරීම)
🔶19) පින් දීම
🔶20) සත්‍ය කථා කිරීම.
🔶21) දෙලොවටම වැඩ ඇති වචන කථා කිරීම.
🔶22) හිස් වචන කතා නොකිරීම.
🔶23) සත්පුරුෂයන් කරනා පින්කම් ප්‍රචාරය කර දීම.
🔶24) ගිලානෝපස්ථානය.
🔶25) පහන් සිතින් යුතුව මල් ආසන සෝදා සුද්ධ පවිත්‍ර කිරීම.
🔶26) මල් පූජා කිරීම.
🔶27) ලෝක සත්වයා හට මොහොතක් හෝ මෙත් වැඩීම සහ මෙත් පැතිරවීම.
🔶28) ඇවිදින හැම පියවරක් පාසා සුවපත් වෙත්වා යැයි මෙත් වැඩීම සහ පැතිරවීම.
🔶29) දවසකට එක ධර්ම ලිපියක් ලිවීම හෝ කියවීම හෝ අනිත් අයට කියවීමට අවස්ථාව ලබා දීම.
🔶30) ධර්මය හැදෑරීම.
🔶31) අනිත් අයගේ ධර්ම ගැටලු වලට ත්‍රිපිටක, අටුවාව, ටීකාව ඇසුරින් පිලිතුරු සෙවීම සහ පිලිතුරු ලබාදීම.
🔶32) අභිධර්මය හැදෑරීම.
🔶33) ධර්මය දැනගැනීමට තියෙන උවමනාව උනන්දුව වැඩි කරගැනීම.
🔶34) ධර්මය වන පොත් කිරීම වන පොත් කල ධර්මය අර්ථය මෙනෙහි කරමින් සජ්ඣායනය කිරීමට පුරුදු වීම.
🔶35) නෙක්කඛම්මය.
🔶36) සෑම ආහාර වේලකදීම, එක් ආහාර පිඩක් අනුභයෙන් අවසන්ව යම් ජීවියෙකුට ආහාර වේවායැයි පතා පසෙකින් තබන්න. පලමු පිඩ තැබීමෙන් වලකින්න. ඒ අවස්ථාවේදී ආනිශංස 200 ක් සිදුවෙන බව ධර්මයේ සදහන්. එම ක්‍රියාව වේල් 3 ම කිරීමෙන් දිනකට කරගත හැකි පින, සුළුපටු නොවේ.

🔶37) ක්‍රරෝධ, වෛර සිතුවිලි සිතට ඒමට නොදී යම් වේලාවක් සිත ආරක්ෂා කර ටිකින් ටික ඒ වේලාව වැඩි කරගැනීමෙන්ද සිත පිරිසිදු කර, මහා කුසලයක් අත්පත් කරගත හැක. පුරා වස් කාලයක්ම, ආශ්‍රවයන්ගෙන් තොරව වැඩ සිටි බවක් වරක්, අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම මාහිමිපාණන් ලියා තිබූ බව කියවේ.
🔶38) පොදු කටයුතුවලට සහාය වීම සහ අනුමෝදන් වීම. (ශ්‍රමදාන වැනි)
🔶39) ප්‍රත්‍යාවේක්ෂා කිරීම.
උදාහරණයක් ලෙස අම්බලට්ඨික රාහුලෝවාද සූත්‍රය බලන්න.
ඊට අමතරව ප්‍රත්‍යාවේක්ෂාව විවිධ විදිහට තියෙනවා. මරණය ආදිය තමාට එන බව සිහි කිරිමත් ප්‍රත්‍යාවේක්ෂාව වෙනවා. සිව් පසයත් ප්‍රත්‍යාවේක්ෂා (අවශ්‍යතා සිහි කරමින්) වැලඳිය යුතුයි. නිවන් පසක් කල පසු ප්‍රත්‍යාවේක්ෂා කරනවා. සමාධියට සම වැදීමෙන් පසුත් ප්‍රත්‍යාවේක්ෂා කරනවා.
🔶40) සෑම ගමනක්ම යෑමට පෙර බුදුන් වහන්සේට එක් මලක් හෝ පූජා කිරීම.
🔶41) තමාට කළ නොහැකි පිංකම් අනුන් ලවා හෝ සිදු කරවීම.
🔶42) අනුන් සිදු කරන පිංකම් දැක බලා සතුටු සිතින් අනුමෝදන් වීම.
🔶43) මකුලු දැල් ආදියට හසුවූ සතුන් මකලුවාටත් හිරිහැර නොවන ලෙස නිදහස් කර හැරීම.
🔶44) දියට වැටී සිටින සතුන් බේරා ගැනීම.
🔶45) සින්ක් එකට උණු වතුර ආදිය දමන විට ඒවායින් පණුවන් ආදී සතුන්ට හිරිහැර නොවීමට ඇල් ජලය මිශ්‍ර කර වත් කිරීම.
🔶46) බුදුන් පිදූ පරවෙමින් යන මල් වලට පැන් ඉස පරවීම ප්‍රමාද කරවීම.
🔶47) අපිලිවෙලට පූජා කර ඇති මල් පිලිවෙලට සකස් කිරීම.
🔶48) මල් ආසන කැඩී බිදී ඇත්නම් පිලිසකර කිරීම.
🔶49) බිම වැටී ඇති බෝ කොළ, මල් ආදිය නොපෑගෙන තැනකට අහුලා දැමීම.
🔶50) පන්සල් පිරිසිදු කරදීම.
🔶51) අන්‍අය ලවා කුසල් දහම් සිදු කරවීම හා ඒවාට දායක වීම.

🔶52) නින්දට පෙර පන්සිල් සමාදන් වීම.
🔶53) නිවී ගිය නැවත දැල්විය හැකි පහන් හෝ හඳුන් කූරු දල්වා පූජා කිරීම.
🔶54) පිනක් අහන දකින හැම වෙලාවෙම සිතින් හෝ සාදුකාර නැගීම.
🔶55) අන් අයට දැනගැනීම පිණිස තමන් සිදු කරනු ලබන හා සිදු කරගත හැකි පිං කම් ගැන ලිපි ආදිය පළකිරීම.
🔶56) සිදු කළ පිං කම් නිතර නිතර සිහිපත් කිරීම.
🔶57) තමන් සිදු කරනු ලද පිං අනුන්ටද අනුමෝදන් කිරීම.
🔶58) ඉතිපිසො ගාථාව සෑම දිනකම 7, 21, 54, හෝ 108 වරක් ආදී කැමති ප්‍රමාණයක් සඣ්ඣායනා කිරීම.
🔶59) තෙරුවන් උදෙසා ජීවිතය පූජා කිරීම.
🔶60) දෙමව්පියන් ලවා උපක්‍රමශීලීව පිං කුසල් සිදු කරවීම.
🔶61) ත්‍රිපිටකය අටුවා ටීකා ධර්ම ග්‍රන්ථ ආදිය අඩංගු මෘදුකාංග ස්ථාපනය කර දීම.
🔶62) ධර්ම මෘදුකාංග, වෙබ්අඩවි භාවිතා කරන අයුරු ඉගැන්වීම.
🔶63) ධර්මය නොදන්නා අයට පැහැදිලි කරදීම / නිර්වචනය කරදීම.
🔶64) සැමවිටම මනා සිහියෙන් ගත කිරීම.
🔶65) ගස්වල ඇති මල් බුදු රදුන්ට පූජා කිරීම.
🔶66) ගස්වල ඇති මල් කැකුළු බුදුරදුන්ට පූජා කිරීම.
🔶67) ගස්වල ඇති මල් ධර්ම රත්නයට පූජා කිරීම.
🔶68) ගස්වල ඇති මල් කැකුළු ධර්ම රත්නයට පූජා කිරීම.
🔶70 ගස්වල ඇති මල් සංඝ රත්නයට පූජා කිරීම.
🔶71 ගස්වල ඇති මල් කැකුළු සංඝ රත්නයට පූජා කිරීම.
🔶72) පරිසර සහ සතා සිව්පාවුන්ට ප්‍රයෝජනවත් තුරුලතා රෝපනය කිරීම.
🔶73) පරිසර සහ සතා සිව්පාවුන්ට ප්‍රයෝජනවත් තුරුලතා පැල පැල කර අවශ්‍ය අයට නොමිලේ බෙදා දීම.
🔶74) එම සිටවූ තුරුලතා පෝෂණය කර රැක බලා ගැනීම.
🔶75) පරිසරයේ ඇති වටිනා තුරුලතා රැක බලා ගැනීම සහ ආරක්ෂා කිරීමට ඉදිරිපත් වීම.
🔶76) තමන්ගේ ගෙවත්තේ ඇති පලතුරු ගස්වල පලවැල නෙලෙන විට සියලුම පලවැල කඩා නොගෙන ගෙඩි කිහිපයක් සතා සිව්පාවුන් වෙනුවෙන් ඉතිරි කිරීම.
🔶77) අහිංසක සතුන් ගෙවත්තට පැමිණි විට හිංසා නොකිරීම.
🔶78) අහිංසක සතුන් වෙනුවෙන් කෑම දැමීම සදහා කෑම ලෑල්ලක් පිලියෙල කිරීම.
🔶79) අහිංසක සතුන්ට ජලය බීමට ජලය රැස් කර ගත හැකි ස්ථානයක් තම ගෙවත්තේ පිලියෙල කිරීම.
🔶80) තම ගෙවත්තේ පිලියෙල කරගත් ස්ථානයේ සෑම දිනකම ආහාර තැබීම.
🔶81) තම ගෙවත්තේ පිලියෙල කරගත් ස්ථානයේ සෑම දිනකම සතුන් වෙනුවෙන් ජලය තැබීම.
🔶82) තම ගෙවත්තේ සතුන්ට කෑම සහ ජලය තැබීමට වෙන්කල ස්ථාන පිරිසිදු කිරීම සහ පිරිසිදුව තබා ගැනීම.
🔶83) සැමට ප්‍රිය උපදවන ලෙස තම නිවස සහ ගෙවත්ත පිරිසිදුව සහ පිලිවෙලකට තබා ගැනීම.
🔶84) තම මා දෙමාපියන්ව රැක බලා ගැනීම සහ සතර සංග්‍රහ වස්තුවලින් සංග්‍රහ කිරීම.
🔶85) මා දෙමාපියන් හැර තම පවුලේ වැඩිහිටි වයසක ඇත්තන් රැක බලා ගැනීම සහ සතර සංග්‍රහ වලින් සංග්‍රහ සහ අනුග්‍රහය දැක්වීම.
🔶86) අසල්වාසීන්ට/ නෑදායින්ට තම හැකි පමණින් උදව් පදව් කිරීම.
🔶87) ගම්වාසීන්ට තම හැකි පමණින් උදව් සංග්‍රහ කිරීම.
🔶88) ගමේ සිදුවන පොදු කටයුතුවලට සම්බන්ධ වීම .
🔶89) ගමේ පොදු ස්ථාන ගමේ සිටින පිරිස සමග එකතු වී සුද්ධ පවිත්‍ර කිරීම.
🔶90) ගමේ පොදු ස්ථාන ගමේ සිටින පිරිස සමග එකතු වී මතු පරපුර වෙනුවෙන් ආරක්ෂා කිරීම.
🔶91) ගමේ යම් කිසි අයෙකුට කරදරයක් වූ විට හැකි පමණින් උදව් උපකාර කිරීම.
🔶92) තමා එම දිනයේ කල පිංකම් දිනය අවසානයේ මෙනෙහි කර සතුටු සිතින් නින්දට යෑම.
🔶93) නිදා ගැනීමට ප්‍රථම පංසිල් සමාදම් වී විනාඩි පහක් පමණ ලෝකයා වෙනුවෙන් මෛත්‍රිය වැඩීම.
🔶94) තමා කළ සෑම පිංකමක් ම සටහන් කර තබා පිං පොතක් පවත්ව ගෙන යාම. (මේ කරුණ ජීවිතයේ ඉතාම වටිනා දෙයක් සේ සලකා අනුගමනය කරන්න)
🔶95) දිනය, මාසය, අවුරුද්ද අවසානයේ පිංපොත බලා නැවත නැවතත් මෙනෙහි කර තමන් කළ පිංකම් ගැන සතුටුවන්න.
🔶96) පිං කිරීම, සිල් රැකීම, ධර්මයේ හැසිරීම යන කරුණු තමන්ගේ ජීවිතයේ තරුණ කල සිටම ආරම්භ කරන්න.
🔶97) සැමවිටම ධර්මයේ සදහන් දස කුසල්ම වඩන්න. දස අකුසල් වලින් හැකි පමන ඈත් වන්න.
🔶98) ජීවිතයේ සැදෑ සමය සැමට කරදරයක් නොවන සේ ගත කරන්න.
🔶99) සැදෑ සමයේදී ධර්මය ගැන, තමා පෙර කල පිංකම්, පිං පොත නිතරම මෙනෙහි කරන්න.
🔶100) අවසානයේ ඉතාමත් සතුටු සිතින් තම කළ පිංකම් ගැන මෙනෙහි කරමින් කැමති ස්ථානයක තම සිත පිහිටවා නිවන අරමුණු කරගෙන මෙලොව සැමගෙන් මෙන්ම තව ජීවිතයේනුත් සමු ගන්න.

(උපුටාගත් ලිපියකි)

26/09/2021
ලයික් කරන්න..කමෙන්ට් කරන්න.. ශෙයාර් කරන්න ඔහොමනම් බෑ....
25/09/2021

ලයික් කරන්න..කමෙන්ට් කරන්න.. ශෙයාර් කරන්න ඔහොමනම් බෑ....

" අම්මේඑක පැත්තක මහ මුහුද , අනිත් පැත්තේ හැඩි දෙමලු. මම කොහොම අතපය දිගහරින්නදැ" යි තරුණ ගැමුණු කුමාරයා මවගෙන් ව්මසද්දී ඉ...
16/09/2021

" අම්මේ
එක පැත්තක මහ මුහුද , අනිත් පැත්තේ හැඩි දෙමලු. මම කොහොම අතපය දිගහරින්නදැ" යි තරුණ ගැමුණු කුමාරයා මවගෙන් ව්මසද්දී ඉතාම ඉක්මනින් තම පුත්‍රයා එලාර සමග සටනට යන බව දැනගත් කාවන්තිස්ස රජු ඒ සදහා අවැසි පසුබිම නිර්මාණය කලේය. දස මහ යෝධයන් එකතුකලේය , කඩොල් ඇතු සූදානම්කරවීය.
ගැමුණු කුමාරයා එලාර පැරදවූ බව සත්‍යකි. රට එක්සේසත් කල බවද ඇත්තකි , රුවන්වැලිසැය ඉදිකල බවද සැබෑවකි.
ගැමුණු රජු වීරයෙකු බව පරම සත්‍යකි.
නමුත් මහාවංසයට අමතකවූ වීරයා තිස්ස කුමාරයාය. එලාර සමග සටනට ගිය ගැමුණු රජුගේ 1,11,000 ක් මහ සෙනගට කුස පිරෙන්නට කෑම දුන්නේ තිස්ස කුමාරයාය.
දිඝාමඩුල්ල සශ්‍රික කරවා වෙල් ලක්සයකින් වෙල්ලස්ස සහල්පුරයක් කරවූ යේ තිස්ස කුමාරයාය. පදවිය වැව , කටුන්නරු වැව , මාලම වැව , දිගා වැව , දුරතිස් වැව ආදී වැව් කරවා යුධ සමයක රටේ ආහාර නිෂ්පාදනය ස්ථාවරව පවත්වාගෙන , කුසගින්නට යුධ මානසිකත්වය පරාජය වීමට නොදී රැකගත්තේ තිස්ස කුමාරයාය.

අතීත කතාව පැත්තක තියමු.
කොවිඩය රට පමණක් නොව ලෝකයම ගිල ගෙන ඇත. රටේ සියලුම ආදායම් මාර්ගවලට හෙණහුරා පාත්වී ඇත. ලොතරැයි ටික නැත, ත්‍රීවීලර් හයර් ටික නැත , බාර් ටික නැත , හෝටල් ටික නැත , ටුවරිසම් නැත , පේමන්ට් කඩ ටික නැත , ඇදුම් කඩ නැත.තෑගි භාණ්ඩ කඩ නැත. කොමියුනිකේශන් ටික නැත , ටියුෂන් නැත , ඉවෙන්ට්ස් නැත . සරලවම කිව්වොත් හිගන්නන්ට හිගමන් නැත .
එදාවේල හම්බකරගෙන කෑ මිනිහා කනවා තියා ලෙව කනවාදැයි නොදනිමි.
මාසයකට ආසන්න කාලයක් පුරා රට වසා ඇත .

එන්නත්කරණය ඉතාම සීග්‍රයෙන් සිදුවෙමින් පවතී .අදවනවිට ජනගහනයෙන් 50% කට මාත්‍රා දෙකම ලබාදී ඇත. තවදුරටත් රට වසා නිවෙසටවී ජීවිතය ගෙවීම අර්ථශූන්‍ය බව දැනීදෝ මහජනතාව ක්‍රමිකව පාරට බසින්නට පටන්ගෙන ඇත .

ලොව විශිෂ්ඨතම රණවිරුවන් පිරිසද , සෞඛ්‍යය සේවක මණ්ඩලයද අප සතුය.
එසේනම් කොරෝනා සමග සටන පාරට ගතයුතුව තිබේ. කොරෝනා සමග මහපාරේ සටන්කල යුතුව තිබේ.

මහපාරේ සටන ඇරඹීමට නම් බඩගිනි නිවනා සද්ධාතිස්සලා අවශ්‍යව තිබේ.
දේශීය ආර්ථිකය වෙනුවෙන් ශක්තිමත්ව වෙහෙසවිය හැකි සද්ධාතිස්සලා උවමනාකර තිබේ. ආනයනික යට ඇදුම් වෙනුවෙන් කිඹුල් කදුළු නොහෙලන සද්ධාතිස්සලා උවමනාකර තිබේ.

- නුවන් ගම්මම්පිල

17/04/2021

කපුටන්' සමඟ කාලය නාස්ති කිරීම නවත්වන්න

රාජාලියෙකුට පහර දීමට එඩිතර වන එකම කුරුල්ලා කපුටාය. උන් රාජාලියාගේ පිටේ වාඩි වී බෙල්ල සපා කයි. කෙසේ වෙතත්, රාජාලියා කපුටන් සමඟ ප්රතිචාර දක්වන්නේ නැත. ඔහු කපුටන් සමඟ කාලය හෝ ශක්තිය වැය නොකරයි. ඔහු තම පියාපත් විවර කර අහසේ ඉහළට පියාසර කිරීමට පටන් ගනී. පියාසර කිරීම වැඩි වන තරමට කපුටන්ට හුස්ම ගැනීමට අපහසු වන අතර කපුටන් අවසානයේ වැටෙන්නේ ඔක්සිජන් නොමැතිකම හේතුවෙනි. ඔබ සියලු සටන් උදෙසා ප්‍රතිචාර දැක්විය යුතු නැත. සියලුම තර්ක හෝ විවේචකයන්ට ඔබට ප්‍රතිචාර දැක්වීමට හෝ පිළිතුරු දීමට අවශ්‍ය නොවේ. ප්‍රමිතියක් ඉහළට ඔසවන්න, ඒවා වැටෙනු ඇත! 'කපුටන්' සමඟ කාලය නාස්ති කිරීම නවත්වන්න.
(උපුටා ගැනීමකි)

ඔක්සිජන් නෑ ගගා ඉන්න දෙයක් නෑ හැමෝම පැල දෙක තුනක් හැදුවනං හැමෝටම පිරිසිඳු ඔක්සිජන්.
12/04/2021

ඔක්සිජන් නෑ ගගා ඉන්න දෙයක් නෑ හැමෝම පැල දෙක තුනක් හැදුවනං හැමෝටම පිරිසිඳු ඔක්සිජන්.

05/04/2021

අන්තිමටම පන්සල් ගියේ
දවස් කීයකට පෙරද හෝ
මාස කීයකට පෙරද කියලා කියන්න පුලුවන්ද
පොඩි සමීක්ශනයකට..

ඔයාලත් මේක ගැන දැනුවත් වෙන්න. ලොකු වාහන වලට හැම පැත්තම පේන් නෑ.
02/04/2021

ඔයාලත් මේක ගැන දැනුවත් වෙන්න. ලොකු වාහන වලට හැම පැත්තම පේන් නෑ.

කාටහරි ඕන වෙයි ශෙයා කරන්න...
29/03/2021

කාටහරි ඕන වෙයි ශෙයා කරන්න...

   5.30am - 6.30pm > Rs. 25/= per unit6.30pm - 10.30pm > Rs. 54/= per unit10.30pm - 5.30am > Rs. 13/= per unit
25/03/2021


5.30am - 6.30pm > Rs. 25/= per unit
6.30pm - 10.30pm > Rs. 54/= per unit
10.30pm - 5.30am > Rs. 13/= per unit

😢පාන්දරම වෛද්‍ය සමරබන්දුගෙන් ඇමතුමක්..මචො බස් එකක් පෙරලිල සැහෙන්න ඩැමෙජි..,,,,,,,,,,,,ඉක්මනින්ම වරෙන් ,,මාගේ ඇමතුම රෝහලේ...
21/03/2021

😢පාන්දරම වෛද්‍ය සමරබන්දුගෙන් ඇමතුමක්..
මචො බස් එකක් පෙරලිල සැහෙන්න ඩැමෙජි..
,,,,,,,,,,,,
ඉක්මනින්ම වරෙන් ,,

මාගේ ඇමතුම රෝහලේ අඩ්‍ය්කෂක වෙතය..
පස්සර අනතුරක් ඉක්මනින්ම යන්න ඔනී..
මා කෙලින්ම හදිසි ප්‍රතිකාර එකකයට ගියෙමි සැනෙන් උපකරන කාර්‍ය්මන්ඩලය සූදානම්..
චින්තක සැනෙන් මා ලගය..
සචිත් සියලූම පනිවිඩයන් ලබාදෙමින්...
වි. වෛද්‍යවරුන් ,වෛද්‍යවරුන් ඇතුලු වෛද්‍ය කාර්‍ය්මන්ඩල 100ක් පමන සූදානම්ව ..
මාත් චින්තකත් ඇම්බුලන්ස් 5-6 වහාම පස්සර බලා..
රියදුරෙන් දැඩි අව්දානම් එහෙත් වේගවත් ,ආරක්ෂාකාරි ගමනක..

පස්සර රෝහල උපරිමයෙන් වැඩ..
අපිත් වැඩ ඇරබුවෙමු එහෙත ගෙනෙ එන බොහොමයක් මල සිරුරුය..
සහයට තවත් වෛද්‍යවරුන් ,හෙදියන් පිරිසක් පැමිනින..
දැන් අනතුර ලගට යායුතුය..
අයෙත් රියදුරන් වේගවත් ගමනක..
විනාශයකි..
මීටර් 250-300 පහල ප්‍රපාතයේ යකඩ කැබලි ගොඩකි..
පහලට බැසීම විසල් අනතුරකි..
මා හෘදයාබාධ 2 ක් වැලදුනු අයෙක්මි.
දකුනු දනහිස ආබාධිතය...
එහෙත් යායුතුය ..
කිලෝ 25-30 ක් බර බෙහෙත් බැගය රැගෙන බුද්දික පිටුපසින් ..
400-500 ක් මිනිස් අත්වැලකි..
අත්මතින් සිරුර ,රෝගීන් ඉහලට..

කබයක එල්ලී ,අත්වල සහයෙන් පහලට ..
ඉහලින් පෙරලුනු ගල කිහිපයක් ...
නූලෙන් බේරුනමුත් එක් අයෙකුගේ කකුල බිදී ගියේය ...
බේරාගත හැකි සියලූම දෙනා සුරක්ෂිතව ඉහලට..
දැඩි වෙහෙසක් ගෙන අපිත් ඉහලට....
අත්වැලේ
තම්බ්‍,දෙමලු ,සීන්හල්යො එකටය..
වතුර දෙමාලාගෙනි..
බනිස් තම්බියාගෙනි...
තේ එක සින්හල එකාලගෙනි..
සියලූම දෙන එකම අරමුන්කය..
ජාතිය,ආගම එතන නැත..
මේ බෙදීම් දේශපාලුවන් ගේමය..
උන්ගේ හෙන්චයියන්ගේ මය
උන්ගේ පැවැත්ම වෙනුවෙන්මය..... කෙසේවෙතත් සැබෑ මිනිසුන් දුටුවෙමි .........ස්තුතියි නුබලාට ............නයගැති නුබට්....

උපුටා ගැනීම - Dr .Palitha Rajapaksha

15/03/2021

ඔබගේ පඩිය 35000 ක් නම් 50000ක දුරකතනයක් නොගන්න මන්ද එය ඔබේ වසරක පඩියෙන් සියයට 11% ක් වීම නිසාවෙනි.

1 ඔබට අතේ තියෙන මුදලට ජීවත් වන්න හුරු වෙන්න.

2 අනුන් කරන දේම ඔබත් කලයුතුයි කියා නියමයක් නැත.

3 වසර පහක plan එකක් හදාගන්න.

4 Experience එක ඔබේ මූලික ධනය කරගන්න.

5 අනවශ්‍ය ගමන් බිමන් නොයන්න.

6 දවසට විනාඩි 1440 තිබුනද ඔබට ඇත්තෙ 960 පමනි.

7 ඉතිරි විනාඩි 480 ඔබ නිදාගත යුතු වේ.

8 ඔබගේ හීනය ලම්බොගිනියක් නම් දැං තියෙන වාහනයට ආදරය කරන්න පුරුදු වෙන්න..

9 සෑම විටම ඔබේ හීනය වෙනුවෙන් පැයක් කැප කරන්න.

10 ඔබගේ අඩුපාඩු කොහොමද DEVELOP කරගන්නෙ කියල plan කරන්න.

11 ඔබට රාජාලියෙක් එක්ක පියාඹන්න ඕනෙනම් පාත්තයො එක්ක ඇවිදීම නවත්වන්න.

12 ධනාත්මක සිතුවිලි ඇති උන් එක්ක එකතුවෙන්න.

13 කොපමන මුදලක්ද මාසෙකට ලැබෙන
එක නෙමෙ වසර පහකින් මගෙ ගිනුමෙ කීයක් තියෙනවද කියන ඒ සිතුවිල්ලෙ ඉන්න. ඒකට plan කරන්න.

14 එකම target එකේ එල්ලිලා ඉන්න. I can do it කියන සුතුවිල්ලේම රැදෙන්න..

15 ගොඩ යන්න ඔන්න මෙන්න තියෙනකොට තමයි මේ ගේම් එකේ අමාරුම හරිය එන්නෙ.. එතනදී හිත එක තැනක තියාගන්න.

16 අනුන් උඹට උඹ කරන දෙ වැරදී කියනවනම් උබ උන් කියන දේ අහල ගේම් එක අත අරිනවද නැත්ද කියන එක තේරුම් ගන්න.

17 උබට කේලං කියන එකාව විශ්වාස නොකරන්න මන්ද උඹට වගේම ඌ අනිත් උන්ටත් උඹ ගැන කියන්නෙ ඒ විදිහටමය.
(Life Experiece)

18 ටික්ටොක් Instagram Facebook YouTube වගේ දේවල් use කරපං උඹේ target එකට යන්න.

19 තමන්ගෙ හතුරා තමන්ම කියා සිතා අද ඉන්න ඔබට වඩා හෙට ඉන්න ඔබව ශක්තිමත් කරගන්න.

20 අවසාන එක ඔබ සමග කවෘන් හෝ පුහු දෙයක් ගැන විවාද කලොත් සහෝදරයා ඔබ හරී මම වැරදී කියා කතාව එතනින්ම නවත්වන්න.

Copied

ඔබත් මේ ගැන මොහොතක් සිතන්න..!දවසක් මනෝ වෛද්‍යවරයෙක්ගේ දේශනාවක් අතරතුර, ඔහු ඒ වේලාවේ එතනට පැමිණි සියළු දෙනාටම බැලුම ගානේ ...
13/03/2021

ඔබත් මේ ගැන මොහොතක් සිතන්න..!

දවසක් මනෝ වෛද්‍යවරයෙක්ගේ දේශනාවක් අතරතුර, ඔහු ඒ වේලාවේ එතනට පැමිණි සියළු දෙනාටම බැලුම ගානේ අතට දෙනවා. දීලා කියනවා ඒක පුම්බල තම තමන්ගේ නම ඒකේ ලියන්න කියලා. දැන් ඔක්කොම බැලුම් පුම්බල ඉවර වෙලා එක එක්කෙනාගෙ නම් තමන් ලඟ තියෙන බැලුමේ ලිව්වා.
ඊට පස්සේ මනෝ වෛද්‍යවරයා එතන තිබුන කාමරයක් පෙන්නලා කියනවා හැමෝම ගිහින් ඒ කාමරේට ඔයගොල්ලෝ ලඟ තියෙන බැලුම ගිහින් දාන්න කියලා. දැන් ඔක්කොම දුවලා ගිහින් ඒ කාමරේට බැලුම් ඔක්කොම දාලා ආපහු ආවා. ආවාට පස්සේ ආපහු මනෝ වෛද්‍යවරයා මෙහෙම කියනවා ..

" දැන් කට්ටියම දුවලා ගිහින් විනාඩි දෙකක් ඇතුලත තමන්ගේ නමට අදාල බැලුම තෝරාගෙන එන්න " කියලා ..

දැන් හැමෝම දුවලා ගිහින් තමන්ගේ නම ගහල තියෙන බැලුම හොයනවා. විනාඩි දෙක ගෙවුන බව මනෝ දේශකතුමා සංඥා කලා. ඒත් කවුරුත් තමන්ගේ නම තියෙන බැලුම හොයාගෙන නෑ. පස්සේ දේශක තුමා හැමෝටම අඬගහලා මෙහෙම කියනවා ..

" ඔබලාට මං තව අවස්ථාවක් දෙන්නම්. හැමෝම කාමරේට ගිහින් තමන්ට මුලින්ම හම්බවෙන බැලුමේ නම සඳහන් කෙනාට කතා කරලා ඒක භාර දෙන්න " ..

ඇත්තටම විනාඩියක් වත් ගියේ නෑ තම තමන්ට අදාල බැලුන් එක තමන්ගේ අතට ඇවිල්ලා තිබුණා. අවසානයේ දේශකතුමා කට්ටියට අඬ ගහල කතා කරනවා ..

" අපේ නියම සතුට රැකගන්න නම් අනික් කෙනා සතුටින් තියන්න ඕන. එවිට අපගේ මානසික සහනයද අපට නොඅඩුව ලැබෙනවා. ආත්මාර්ථකාමී විදිහට තමන් ගැනම පමණක් හිතන කෙනාට ජීවිතයේ සැබෑ සතුට, සැහැල්ලුව කවදාවත්ම ලබා ගන්න බෑ ".

ඔබත් මේ ගැන මොහොතක් සිතන්න!

- උපුටාගැනීමක් -

"අයිසේ ජයමහ මෙහෙ එනවා" කෝටිපති ව්‍යාපාරික ජෙෆ්රි ඇන්ඩෘස් ඊයේ දිනයේ සිය සුපරි වෙළදසැලේ සේවයට බඳවාගත් ශ්‍රී ලාංකික ...
01/03/2021

"අයිසේ ජයමහ මෙහෙ එනවා"

කෝටිපති ව්‍යාපාරික ජෙෆ්රි ඇන්ඩෘස් ඊයේ දිනයේ සිය සුපරි වෙළදසැලේ සේවයට බඳවාගත් ශ්‍රී ලාංකික සේවකයා සිය කාර්යාලයට කැදෙව්වේය.

ශ්‍රී ලංකාවේ සිය රැකියාවට සමුදී හා හා පුරා කියා ඕස්ට්‍රේලියාවේ රැකියාවට ආ දෙවෙනි දවසේ දී ම තමාට ලැබුණු කැදවීම පිළිබඳ විමතියට පත්වූවත් දැඩි ආත්ම විශ්වාසයකින් ජයමහ සිය ප්‍රධානියා වෙතට ගියේය.

"කියනව බලන්න තමුන් ඊයේ දවසේ කී දෙනෙක්ට බඩු වික්කද?" ජෙෆ්රි ඇසුවේය.
"සර්, එක්කෙනෙක්ට" ජයමහ කීවේය.

"ඔන්න ඕකයි අයිසේ මං ලංකාවේ ඉදලා එන එවුන්ව ජොබ් වලට ගන්නේ නැත්තේ, තමුසෙලා මහ කම්මැලි..ඒකයි තමුසෙලාගේ රට කවදාවත් දියුණු වෙන්නේ නැත්තේ..

බලනව මෙතන ඉන්න අනිත් උන් ඔක්කොම දවසට කස්ටමර්ස්ල විස්සකට තිහකට වඩා බඩු විකුණනවා.. තමුසෙ එකයි.. හොඳ වෙලාවට මං තමුසෙ මගේ වෙන කොම්පැණිවලට දාන්නේ නැතුව මෙතන තියා ගත්තේ.. යනවා යනවා.. සතියක් වැඩ කරල තොලොන්චි වෙලාම යනවා.. කම්මැලි යක්කු.." ජෙෆ්රි බැන වැදී ජයමහ ව පිටත් කළේය.

නමුත් ජයමහගේ මුහූණේ තිබූ විශ්වාසය දුටු ජෙෆ්රි නැවත ජයමහගෙන්
"ඉලන්දාරියා.. කියනවා තමුන් කීයක සේල් එකක් ද කලේ?" ඇසුවේය.

"සර් ඩොලර් 37855 යි (ආසන්න වශයෙන් පනස් ලක්ෂ අසූ හය දහස් නවසිය පනස් පහක්)" ජයමහ කියද්දි ජෙෆ්රි කටට දාගත් වතුර ස්වල්පය බුකාස් ගා එලියට පැන්නේය.

"මොකක්.. ඔච්චර ගාණකට තමුන් මොනවද වික්කේ!?" ජෙෆ්රි ඇසුවේය.

"සර් මං බිලී කොක්කක් වික්කා" ජයමහ සතුටින් කීවේය.

"එක බිලී කොක්කක්?" ජෙෆ්රි ඇසුවේය.
"නෑ සර් එක බිලී කොක්කක් මදි නේද කියලා මම බිලී කොකූ පෙට්ටියකුයි, බිලී පිත්තකුයි, මාලු අල්ලන්න යන්න හොඳ ඇදුමකුයි වික්කා..

ඊට පස්සේ මං ඇහුවා දැන් කොහෙද යන්නේ මාලු අල්ලන්න කියලා, කස්ටමර් කිව්වා මොකක්ද මංදා ජලාශයක්.. මං කිව්වා එහෙම මාලු අල්ලන්න යන්න නම් බෝට්ටුවක් ඕන කියලා.. ඊට පස්සේ මං මිනිහව එක්කන් ගියා එහා පැත්තේ සර්ගෙම බෝට්ටු ෂොප් එකට.. එතනින් එක බෝට්ටුවක් වික්කා..

ඊට පස්සේ මං ඇහුවා දැන් කොහොමද මේක අරං යන්නේ.. කෝ කාර් එක කියල.. මිනිහට තිබ්බේ පොඩි කාර් එකක් සර්.. මං කිව්වා මේකේ පුලුවන්ද බෝට්ටු අරං යන්න කියල.. එක්කන් ගියා සර්ගේ කාර් සේල් එකට.. ගිහින් මිනිහගේ පොඩි වාහනේ දීල ලොකු SUV මොඩල් කාර් එකක් වික්කා..

ඊට පස්සේ මං ඇහුවා දැන් කොහෙද මාලු අල්ලන්න ගිහින් නවතින්නේ කියල, මිනිහට මෙලෝ අදහසක් තිබ්බේ නෑ සර් ඒ ගැන.. ඊට පස්සේ සර් මං ආපහු මෙහෙ ඇවිත් ලොකු ටෙන්ට් එකකුයි කෑම්පින් බඩු ටිකයි වික්කා.."

ජයමහ සිය කතාව අවසන් කළේය.
මද වේලාවක් ගල් ගැසී සිටි ජෙෆ්රි
"තමුන් දැන් ඔය ඔක්කොම වික්කේ අර බිලී කොක්කක් ගන්න ආපු මිනිහටද?" ඇසුවේය.

"නෑ සර් ඇත්තටම මිනිහ ආවේ ඔලුව කැක්කුමට පැරසිටමෝල් පෙති දෙකක් ගන්න.. මමයි කිවේ ඔය ඔලුවේ කැක්කුම්වලට හොඳම වැඩේ මාලු අල්ලන්න යන එක කියල.." ජයමහ එසේ කියද්දී ජෙෆ්රිට කෑ ගැස්සුණි.

"අයිසේ ජයමහ තමුසෙ මාර මිනිහෙක්නේ ඕයි.. ලංකාවේ දී මොකක්ද කරපු ජොබ් එක?" ජෙෆ්රි ඇසුවේය.

" සර් මං ලංකාවේ ප්‍රයිවෙට් හොස්පිටල් එකක ඩොක්ටර් කෙනෙක් සර්..

පොඩි හෙම්බිරිස්සාවකට එන ලෙඩෙක්ට බ්ලඩ් ටෙස්ට්, යුරීන් ටෙස්ට්, සීනී, කොලෙස්ටරෝල්, ECO, ECG, CT scan, X-ray, MRI කරවන අපිට මේක සුලු දෙයක් සර්" ජයමහ කියද්දි ජෙෆ්රි සිය පුටුව මත සිහිසුන් වී සිටියේය.

(උපුටා ගැනිම- Bhagya Hettiarachchi)

බඩු පුස්අල්ලනවටද කැමතිබඩු විකිනෙනවටද😁
16/02/2021

බඩු පුස්අල්ලනවටද කැමති
බඩු විකිනෙනවටද😁

Address


Alerts

Be the first to know and let us send you an email when Sri 4 You posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share