MMC News

MMC News Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from MMC News, News & Media Website, .

26/09/2019

ජනාධිපති අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස… කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය ලැබේ.. ඇල්පිටිය ඡන්දයත් ඔහු මතයි..

ජනාධිපති අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස… කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය ලැබේ.. ඇල්පිටිය ඡන්දයත් ඔහු මතයි..
එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස එම පක්ෂයේ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පත්කර තිබේ.

අද පස්වරුවේ රැස්වූ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් ඔහුලේ නම අනුමත කර ඇත.

ඒ අනුව මෙරට 07 වන ජනාධිපතිවරයා තෝරා ගැනීම සදහා නොවැම්බර් මස 16 වන දින පැවැත්වෙන ජනාධිපතිවරණය සදහා සජිත් පේ‍්‍රමදාස මහතා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ලෙස නාමයෝජනා භාරදීමට නියමිතය.

එමෙන්ම ඔක්තෝබර් මස 10 වනදා පැවැත්වෙන ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය මෙහෙයවීමේ වගකීම ද නිතැතින්ම පේ‍්‍රමදාස මහතාට පැවරෙනු ඇත.

2019.09.05 Media Monitoring Center News
05/09/2019

2019.09.05 Media Monitoring Center News

ඇල්පිටිය දිනවන්න පක්‍ෂ නායකත්වය සජිත්ට දෙන්න සූදානම්.. බැරිවුනොත් සියල්ල අතහැර යටත් විය යුතුයි..ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා...
05/09/2019

ඇල්පිටිය දිනවන්න පක්‍ෂ නායකත්වය සජිත්ට දෙන්න සූදානම්.. බැරිවුනොත් සියල්ල අතහැර යටත් විය යුතුයි..

ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙයවීමට එජාපයේ සම්පූර්ණ නායකත්වයේ බලතල නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතාට පවරා දීමට සූදානම් බව එම පක්ෂයේ රනිල් හිතවාදී පාර්ශ්වයේ ප‍්‍රබලයෙකු සදහන් කලේය.

ඇල්පිටිය ප‍්‍රාදේශීය සභාව ජයග්‍රහණය කරවීමට පක්ෂ නායකත්වය අවශ්‍ය යයි යැයි සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවයෙන් කර ඇති කරන ලද යෝජනා ගැන අදහස් පල කරමින් රනිල් පාර්ශවයේ ප්‍රබලයෙකු මෙම අදහස් පළ කළේය.

පක්ෂ නායකත්වයද සහිතව ඇල්පිටිය මැතිවරණය ජයගත නොහැකි වුවොත් ඇමති සජිත් පේ‍්‍රමදස මහතා තම නොහැකියාව පිළිගත යුතු යයිද ඔහු කියා සිටියේය.

සජිත් ප්‍රේමදාස මහතා මෙම අභියෝගය බාර නොගන්නේ නම් වත්මන් නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් මැතිවරණයට මුහුණ දී එය ජය ගැනීමටද සූදානම් යයිද කී ඔහු එවන් තත්ත්වයකදී පක්ෂ නායකත්වයට එරෙහිව කැරලි ගසා පක්‍ෂය බේද බින්න නොකල යුතු බවත් යම් සුදුසු තනතුරක් තිබේනම් ඒවා නිසි අවස්ථාවේ එය ලැබෙනු ඇති බවත් පැවසුයේ.

ශ‍්‍රීලනිප පොහොට්ටු සාකච්චා බිද දැමීමේ කුමන්ත‍්‍රණයක්.. කුමන්ත‍්‍රණකරුවන් ශ‍්‍රීලනිපයේ..ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍ර...
04/09/2019

ශ‍්‍රීලනිප පොහොට්ටු සාකච්චා බිද දැමීමේ කුමන්ත‍්‍රණයක්.. කුමන්ත‍්‍රණකරුවන් ශ‍්‍රීලනිපයේ..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවැත්වෙන සාකච්ඡා බිඳ දැමීම සඳහා කුමන්ත්‍රණයක් ඇත්දැයි සැක මතුවන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසයි.

මෑතකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක් වූ ඩිලාන් පෙරේරා සහ එස්බී දිසානායකට එරෙහිව හදිසි විනය පරීක්ෂණ කුමන්ත්‍රණයක් විය හැකි බවද ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට එක්සත් ජාතික පක්ෂයට එක් වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ගැනවත් පරීක්ෂණයක් නොකර හදිසියේම එස්බී සහ ඩිලාන් ගැන පරීක්ෂණ කිරීමේ පරීක්ෂණ කිරීමට යාමෙන් මේ සැකය උත්සන්න වන බවද ඔහු කියා සිටියේය.

මහාචාර්යවරයා මෙම අදහස් පල කරන ලද්දේ කොළඹ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේ දී මාධ්‍ය හමුවක් අමතමිනි.

එජාප ජනාධිපති අපේක්‍ෂක කරු ජයසුරිය.. සුබ ආරංචිය මාල දිවයිනෙන් ලැබේ…කතානායක කරු ජයසූරිය මහතා එජාප ජනාධිපති අපේක්‍ෂක වන ස...
04/09/2019

එජාප ජනාධිපති අපේක්‍ෂක කරු ජයසුරිය.. සුබ ආරංචිය මාල දිවයිනෙන් ලැබේ…

කතානායක කරු ජයසූරිය මහතා එජාප ජනාධිපති අපේක්‍ෂක වන සුබ ආරංචිය මාල දිවයිනෙන් ලැබුණු බව සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා පවසා ඇත.

පාර්ලිමේන්තුවේ පක්‍ෂ නායක හමුව ආරම්භයට පෙර කතානායකවරයාට සුබ පතමින් ඔහු මේ බව හෙලි කර තිබේ.

එම ප‍්‍රකාශයට කතානායකවරයා කිසිදු ප‍්‍රතිචාරයක් දක්වා නැතැයිද වාර්තා වෙයි.

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා මාලදිවයිනේ සංචාරයක නිරත වෙමින් සිට අද දිවයිනට පැමිණි අතර මෙම සිදුවීම සිදුව ඇත්තේ අගමැතිවරයා මාලදිවයිනේ සිටියදීයය.

04/09/2019

ශ‍්‍රීලනිප මන්ත‍්‍රීන් 05 දෙනෙකුට විනය පරීක්‍ෂණ කරනවා.. එය ලිඛිතව දැන්වුවා..

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලයිස්තුවෙන් පත් කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 5 දෙනෙකු සම්බන්ධයෙන් විනය පරීක්ෂණ සිදු කරන බව ශ‍්‍රිලනිප මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා කියයි.

ලක්ෂමන් යාපා අබේවර්ධන, එස්බී දිසානායක, ඩිලාන් පෙරේරා, විජිත් විජයමුණි, ඒ.එච්.එම්. ෆව්සි යන මන්ත්‍රීවරුන මෙසේ විනය පරීක්‍ෂණ පවත්වන බව ලේකම්වරයා පැවසීය.

දැනටමත් මෙම පිරිසට ලිඛිතව ඒ බව දන්වා ඇතැයිද ඔහු කියා සිටියේය.

කොළම පැවති මාධ්‍ය හමුවකදී මන්ත‍්‍රිවරයා මෙම අදහස් පල කලේය.

සජිත් පිල එජාප බල පෙරලියකට සැරසේ.. සියළු පලාත් පාලන මන්ත්‍රීන් කොළඹට කැදවයි..එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරන පලාත් පාලන ...
04/09/2019

සජිත් පිල එජාප බල පෙරලියකට සැරසේ.. සියළු පලාත් පාලන මන්ත්‍රීන් කොළඹට කැදවයි..

එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරන පලාත් පාලන මන්ත‍්‍රීවරුන් කොළඹට කැදවීමට එජාප නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා කටයුතු කර ඇත.

කොළඹ සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩංගණයේදී මෙම එළැඹෙන 07 වැනිදා ‌මෙම හමුව ‌පැවැත්වීමට නියමිතය.

සජිත් ප්ම‍රේදාස මහතා මීලග ජනාධිපති අපේක්‍ෂක ලෙස එහිදී යෝජනා සම්මත කිරීමට සූදානමක් ඇතැයිද වාර්තා වෙයි.

2020දී ශ්‍රීලනිප ආණ්ඩුවක් හදනවා.. පලාත් සභා මැතිවරණය නොපැවැත්වුනේ රනිල්ගේ වරදින්..ප්‍රගතිශීලී පුළුල් පෙරමුණක් මගින් මීලග...
03/09/2019

2020දී ශ්‍රීලනිප ආණ්ඩුවක් හදනවා.. පලාත් සභා මැතිවරණය නොපැවැත්වුනේ රනිල්ගේ වරදින්..

ප්‍රගතිශීලී පුළුල් පෙරමුණක් මගින් මීලග ජනාධිපතිවරණය ජය ගෙන 2020 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් පිහිටුවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 68 වන සම්මේලනය අමතමින් ඔහු මේ බව පැවසීය.

මේ දක්වා පලාත් සභා මැතිවරණය නොපැවැත්වීමේ වරදකරු අගමැතිවරයා බවද ජනාධිපතිවරයා එහිදී චෝදනා කළේය.

ඇල්පිටිය ප්‍රා.සභා මැතිවරණය දිනා පෙන්වන්න; 2020 අපේක්ෂකත්වය ‌දෙන්නම් - රනිල්‌ගෙන් සජිත්ට අභියෝගයක්(ලංකා ඊ නිව්ස් -2019.ස...
03/09/2019

ඇල්පිටිය ප්‍රා.සභා මැතිවරණය දිනා පෙන්වන්න; 2020 අපේක්ෂකත්වය ‌දෙන්නම් - රනිල්‌ගෙන් සජිත්ට අභියෝගයක්

(ලංකා ඊ නිව්ස් -2019.සැප්.03, ප.ව.5.00) අධිකරණ නියෝගයක් අනුව එළැඹෙන ඔක්තෝබර් 11 වනදා පැවැත්වීමට නියමිතව ඇති ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරවා පෙන්වන ලෙස එජාප නායක, රනිල් වික්‍රමසිංහ මහතා විසින් නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත අභියෝගයක් භාරදී තිබේ. ඇල්පිටිය ජයග්‍රහණය කර පෙන්වුවහොත් 2020 ජනාධිපති අපේක්ෂකත්වය දීමට වික්‍රමසිංහ මහතා එකඟ වී ඇත.

තමන් ඕනෑම අභියෝගයක් බාරගැනීමට සූදානම් යයි වේදීකා දෙවනත් කරන සජිත් ‌ප්‍රේමදාස මහතාට එය ක්‍රියාවෙන්ම ඔප්පු කිරීමට ඇල්පිටිය මැතිවරණය කදිම අවස්ථාවකි.

2014 ඌව පළාත් සභා මැතිවරණය සමයේද සජිත් ප්‍රේමදාස මහතා එජාප නායකත්වය ඉල්ලා අරගල කළ අතර ඌව පළාත් සභාව දිනවා පෙන්වන ලෙස දුන් අභියෝගයගෙන් ලිස්සා ගිය බව ප්‍රසිද්ධ සිද්ධියකි. මස් රාත්තලම ඉල්ලු සජිත් එහිදී වැඩේ ‌කෙරන තැනට නොව නොකෙරෙන තැනට වැඩ කළේය . පළමුව නායකත්වය දිය යුතු බවත් දෙවනුව ඌව මැතිවරණය බවත් ඔහු කියා සිටියේය. ජන 8 විප්ලවයේ පළමු වෙඩි මුරය වූයේ ඌව මැතිවරණයයි

රනිල් කරු රවි ඇතුළු එවක තිබූ නායකත්ව මණ්ඩලය ඌව මැතිවරණයේ මහ මොළකරුවන් වූ අතර හරින් පෙරමුණේ රාළ විය. නායකත්ව මණ්ඩලය පවා වර්ජනය කළ සජිත් ‌ප්‍රේමදාස ඌව මැතිවරණය පලාතක ආවේ නැත. ඔහු සහභාගිවූයේ අවසන් රැළියට පමණි. සජිත්ගේ එකම ප්‍රාර්ථනය වූයේ එජාපයේ අන්ත පරාජයකි . ඔහු ඒ වෙනුවෙන් හොරෙන් හොරෙන් මහින්ද - චමල් සමග ගනුදෙනු ද කළේය . එජාපයේ අන්ත පරාජයකින් පසුව පක්ෂ නායකත්වය ඩැහැ ගැනීමට හැකිවෙතැයි සජිත් සැලසුම් කළේය.

සජිත් ‌ප්‍රේමදාස ඉතිහාසය පුරා ක‌ෙළේ ඔ‍ටුන්න හිමි කුමාරයාට ඇඳ ගෙන ජනයා සහ සිය සගයන් ‍රැවටීමයි. සජිත් ජනයා ‍රැවටීමට සහ දේශපාලන කුමන්ත්‍රණ සඳහා කුල භේදයද ශූක්ෂම අයුරින් යොදා ගත්තේය. සජිත් මෙතෙක් දියත් කළ කුමන්ත්‍රණ සියල්ල අතේ පත්තු වූ බව නොරහසකි. අවසානයේ සගයන් පාවා දුන් සජිත් කිසිවක් නොවූවා සේ රනිල් සරණ ගියේ සගයන්ට උන් හිටි තැන් අහිමි කරමිනි.

අඳුරු මොහොතේ කොළඹට පෑයූ හිරු .අහසින් කඩාපාත් නොවූ ඔහු බලය හිඟා නොකෑ සැබෑ නියමුවෙකි මේ ලාංකේය දේශපාලන තුල......1996 වසර අ...
03/09/2019

අඳුරු මොහොතේ කොළඹට පෑයූ හිරු .

අහසින් කඩාපාත් නොවූ ඔහු බලය හිඟා නොකෑ සැබෑ නියමුවෙකි මේ ලාංකේය දේශපාලන තුල......

1996 වසර අවසානය වන විට දීර්ඝ කාලයක් තිස්සේ එජාප පාලනයක් යටතේ පැවති කොළඹ නගර සභාවේ බලය එජාපයෙන් ගිලිහීමේ අවධානමක් මතුවෙමින් තිබුණි. පොදු පෙරමුණු රජය ඉතා ශක්තිමත් වී තිබූ අතර, එජාපයේ හිටපු නගරාධිපතිවරයා වන කේ . ගනේෂලිංගම් පොදු පෙරමුණ සමග එක්ව නගරාධිපති ධූරය වෙනුවෙන් ඉදිරිපත් වීමට නියමිතව තිබුණි.
මෙම නිශ්චිත තීරණාත්මක මොහොතේ එජාප නායකත්වය ප්‍රමුඛ පක්ෂයේ බහුතර තීරණය වූයේ, දක්ෂ ව්‍යාපාරිකයෙක්, කළමණාකරුවෙක් සහ රාජ්‍යතාන්ත්‍රිකයෙක් ලෙස සාර්ථකත්වූ කරු ජයසූරියයි.
පක්ෂයේ තීරණයට සාධාරණය ඉටුකරමින් 1997 දී එජාප බලකොටුවේ පුරපති ධූරයට පත් වීමට කරු සමත් විය.
එතුමාගේ නායකත්වය යටතේ කොළඹ නගරය 1999 දී ආසියාවේ ආදර්ශවත් නගරය ලෙස, ආසියානු සංවර්ධන බැංකුව විසින් නම් කරන ලද්දේ කරු ජයසූරිය නාමය ආසියාවේ වඩාත් කාර්යක්ෂම පුරපති ලෙස සටහන් කරමිනි.

2019/09/01
01/09/2019

2019/09/01

??
31/08/2019

??

30/08/2019

Media Monitoring Center-News

Address


Website

Alerts

Be the first to know and let us send you an email when MMC News posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share