GCEF1 Podcast

  • Home
  • GCEF1 Podcast

GCEF1 Podcast Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from GCEF1 Podcast, Podcast, .

New Apex GP Cars (Apple tv f1 movie)
18/07/2023

New Apex GP Cars (Apple tv f1 movie)

GCEF1 S23 E01 - I never leftලොකු නිවාඩුවකට පස්සේ ඔන්න මම ආයෙත් ඇවිත් ඉන්නවා ලංකාවේ එකම ෆෝමියුලා 01 පොඩ්කාස්ට් එකත් එක්ක....
17/07/2023

GCEF1 S23 E01 - I never left

ලොකු නිවාඩුවකට පස්සේ ඔන්න මම ආයෙත් ඇවිත් ඉන්නවා ලංකාවේ එකම ෆෝමියුලා 01 පොඩ්කාස්ට් එකත් එක්ක. අද එපිසෝඩ් එකෙන් කතා කරන්නේ,

British GP
අලුත් F1 Movie එක මොකක්ද?
අලුතෙන් සීට් එකක් හම්බුන ඩ්‍රයිවර් කවුද?
ඉස්සරහට ටයර් සප්ලයර්ව මාරු වෙන්න යනවද කියන කාරනා ටික ඇතුලු ත්ව ගොඩක් දේවල්. ඉකමටම පොඩ්කාස්ට් එක ෆලෝ කරලා අපිත් එක්ක එකතු වෙන්න.

Spotify Podcasts
https://podcasters.spotify.com/pod/show/gcef1/episodes/GCEF1-S23-E01---I-never-left-e272338

GCEF1 Season 2022 EP12 - Hot and Heatedෆෝමියුලා 01 කැලැන්ඩරේ අමාරුම රේස් එක තමා singapore GP එක. උෂ්ණත්වය සෙල්සියස් 30ක්...
03/10/2022

GCEF1 Season 2022 EP12 - Hot and Heated

ෆෝමියුලා 01 කැලැන්ඩරේ අමාරුම රේස් එක තමා singapore GP එක. උෂ්ණත්වය සෙල්සියස් 30ක් හියුමිඩිටි එක 80%. cockpit එක සෙල්සියස් 60කට විතර රත් වෙනවා. ඉතින් කවුරු මේ රේස් එක දිනයිද? ඒ වගේම අලුතෙන් ෆෝමියුලා 01 වලට ආවේ කවුද කියලා දැන ගන්න අහන්න අලුත්ම එපිසෝඩ් එක.

podcast lk
https://podcasts.lk/gcef1-ch-szto/episodes/gcef1-season-2022-ep12-hot-and-heated-ep-fvzs

anchor fm
https://anchor.fm/gcef1/episodes/GCEF1-Season-2022-EP12---Hot-and-Heated-e1oo492

Yuki Tsonoda ගේ ගිවිසුම දික් කෙරේ.Yuki Tsonoda ගේ AlphaTauri සමග ඇති ගිවිසුම 2023 වසර දක්වා දික් කිරීමට AlphaTauri කන්ඩා...
23/09/2022

Yuki Tsonoda ගේ ගිවිසුම දික් කෙරේ.

Yuki Tsonoda ගේ AlphaTauri සමග ඇති ගිවිසුම 2023 වසර දක්වා දික් කිරීමට AlphaTauri කන්ඩායම විසින් තීරණය කර ඇත. 2021 වසරේදී AlphaTauri සමග එකතූ යුකී හට එම වසරේදී points 32ක්ද මේ වසරේදී මේ තාක් දුර points 11ක්ද රැස් කරගන්නට සමත් විය.
කෙසේ වෙතත් තවමත් ලබන වසරේදී යුකීගේ teammate කවුරුන් වේදැයි කියා නිල නිවේදනයක් AlphaTauri කන්ඩායම විසින් නිකුත් කර නොමැත.

source : Formula1.com
pictures: අන්තර්ජාලය ඇසුරිනි.

Through Goes Hamilton - S22 E11අවුරුද්දේ මේ වෙනකන් තිබ්බ හොදම රේස් එක තමා මේ පාර තිබුන British Grand Prix එක. රේස් එක පට...
10/07/2022

Through Goes Hamilton - S22 E11

අවුරුද්දේ මේ වෙනකන් තිබ්බ හොදම රේස් එක තමා මේ පාර තිබුන British Grand Prix එක. රේස් එක පටන් ගන්නත් කලින්‍ නවතුනා. රේස් දෙකක් බලා ගන්න පුලුවන් උනා ඒකෙන්. හැමිල්ටන් ෆාස්ටස්ට් ලැප් තවන් දාලා වහේ තිබුනේ. රෙකෝඩ් පිට රෙකෝඩ් කැඩුනා මේ පාර. ඒ වගේම වසරේ භයානකම අනුතරත් බලා ගන්න පුලුවන් උනා. ඒ විස්තර එක්ක තව දේවල් ගොඩක් බලා ගන්න ඉක්මනටම ගිහින් අලුත්ම එපිසෝඩ් එක අහන්න.

Podcast lk
https://podcasts.lk/gcef1-ch-szto/episodes/gcef1-season-2022-ep11-trough-goes-hamilton-ep-rtcu
anchor fm
https://anchor.fm/gcef1/episodes/GCEF1-Season-2022-EP11---Trough-goes-Hamilton-e1l1tke

හේලෝ තවත් ජීවිතයක් බේරයි....❤ (Video සහිතයි)ඊයේ (ජූලි 3) පැවැත්වූ 2022 British Grand Prix තරගය ආරම්භයේදී චීන ජාතික රියදු...
04/07/2022

හේලෝ තවත් ජීවිතයක් බේරයි....❤
(Video සහිතයි)

ඊයේ (ජූලි 3) පැවැත්වූ 2022 British Grand Prix තරගය ආරම්භයේදී චීන ජාතික රියදුරු ගුවැන් යූ ජෝ බරපතල අනතුරකට මුහණ දුන්නා. ඔහුගේ කාරය පැයට කිලෝමීටර් 120ක වේගයෙන් උඩබැලි අතට ලෙස්සා ගොස් ප්‍රේක්ශකාගාරයේ ආරක්ශාවට යොදා ඇති දැල හා ටයර් බැරියර් එක අත සිර වීමෙන් ඔහුව පිටතට ගැනීම ඉතාමත් අපහසු උන අතරම රියදුරා ඉක්මනින් රෝහල් ගත කිරීමටද සිදු විය. කාරයට ඩොලර් ලක්ෂ ගනන් නැතිනම් මිලියන් ගනනක අලාභානි සිදු වූවත් fia විසින් අනිවාර්ය කර තිබූ හේලෝ (halo) එක නිසා නැවත වතාවක් රියදුරෙකුගේ ජීවිතය ගලවා ගන්න පුලුවන් උනා.

මෙම බරපතල අනතුරෙන් ගුවැන්‍ යූ ජෝට අමතරව ජෝර්ජ් රසල්, ඇලක්ස් ඇල්බන් හා යුකී සොනෝඩා යන රියදුරන්ටත් අලාභානි සිදු උනා වගේම ඉක්මන් වෛද්‍ය පරීක්ෂන සදහාද යොමු කරන්න සිද්ද උනා. සැලකිය යුතු වෙලවකින් අනතුරුව සියලුම රියදුරන් හට කිසිම ආබාධයක් නොමැති බවට ලැබුන ආරංචියෙන් වර්තමාන ෆෝමියුලා 01 කාර් වල ආරක්ශාව තවත් වතාවක් තහවුරු උනා.

ප්‍රේක්ශකාගාරයේ සිටින ප්‍රේක්ෂකයන්ගේ ඇගට ඔන්න මෙන්න තියලා තමයි මේ alfa romeo ෆෝමියුලා 01 කාර් එක නැවතුනේ. විචාරකයන්ගේ මතය වූයේ හේලෝ එක නොතිබෙන්නට අපට තවත් එර්ටන් සෙනා ඛේදවාචකයක් වීමට ඉඩ තිබුනු බවයි.

අනතුරේ වීඩියෝ දර්ශන.

https://youtu.be/B2XHq9d4OWI

ඡායාරූප : outlook india, ESPNF1

Driver at Riskමොනෝකෝ රේස් එක හිතා ගන්න බැරි තරම්ම වෙනස්ම රේස් එකක් උනා. සමහර ඩ්‍රයිවර්ලා ඉහලට එද්දි තවත් සමහරු ඉන්නේ ලොක...
17/06/2022

Driver at Risk

මොනෝකෝ රේස් එක හිතා ගන්න බැරි තරම්ම වෙනස්ම රේස් එකක් උනා. සමහර ඩ්‍රයිවර්ලා ඉහලට එද්දි තවත් සමහරු ඉන්නේ ලොකු අවදානමක. මේ විස්තර එක්කම අනික් කාරනාත් ගොඩක් දැන ගන්න අදම අහන්න අලුත් එපිසෝඩ් එක.

Photo Credit : www.reuters.com

podcast lk
https://podcasts.lk/gcef1-ch-szto/episodes/gcef1-season-2022-ep10-driver-at-risk-ep-bzkw

anchor fm
https://anchor.fm/gcef1/episodes/GCEF1-Season-2022-EP10---Driver-at-Risk-e1k34qm

king is backspanish gp එක හිතා ගන්න වත් බැරි තරම් action පිරුන එකක් උනා. මතභේදාත්මක කාර් ඩිසයින් හා ඩ්‍රයිවර් ප්‍රශ්නයක්...
29/05/2022

king is back

spanish gp එක හිතා ගන්න වත් බැරි තරම් action පිරුන එකක් උනා. මතභේදාත්මක කාර් ඩිසයින් හා ඩ්‍රයිවර් ප්‍රශ්නයක් එක්ක තිබුන මේ රේස් එක ගැන කතා කරන එපිසෝඩ් එකෙන් අපි තව කතා කරනවා. pink mercedes, Green RedBull කතාව. ලැටිෆිව අහක් කරනවද? සහ ඊලගට තියන මොනොකෝ රේස් එක ගැන පොඩි විස්තරයක්.

anchor fm
https://anchor.fm/gcef1/episodes/GCEF1-Season-2022-EP09---King-is-back-e1j7bg7

Podcast lk
https://podcasts.lk/gcef1-ch-szto/episodes/gcef1-season-2022-ep09-king-is-back-ep-lzoe

අවුඩි? පෝර්ශේ?මයාමි වල ඔන්න පලවෙනි පාර්ට තිබ්බ රේස් එක හිතුවට වඩා හොදට ගෙවුනා. හැමිල්ටන් ආපහු ටික ටික ඉස්සහරට  එනවා වගේ....
21/05/2022

අවුඩි? පෝර්ශේ?
මයාමි වල ඔන්න පලවෙනි පාර්ට තිබ්බ රේස් එක හිතුවට වඩා හොදට ගෙවුනා. හැමිල්ටන් ආපහු ටික ටික ඉස්සහරට එනවා වගේ. මොනොකෝ වලදි චාල්ස් තවත් පාරක් ක්‍රෑශ් උනා. මේක ඇතුලු තවත් ගොඩක් කාරනා දැනගන්න අහන්න අපේ අලුත්ම එපිසෝඩ් එක.

anchor fm
https://anchor.fm/gcef1/episodes/GCEF1-Season-2022-EP07---Audi--Porsche-e1irr23

podcast lk
https://podcasts.lk/gcef1-ch-szto/episodes/gcef1-season-2022-ep07-audi-porsche-ep-rwcc

Grand Slam Pro Maxඉමෝලා රේස් එක හොදටම entertaining විදිහට තිබ්බා, වැස්ස එක්ක හැමෝම වගේ ලිස්සලා යන්න ගත්තා. carlos sains ...
07/05/2022

Grand Slam Pro Max

ඉමෝලා රේස් එක හොදටම entertaining විදිහට තිබ්බා, වැස්ස එක්ක හැමෝම වගේ ලිස්සලා යන්න ගත්තා. carlos sains ෆෙරාරි එක්ක ගිවිසුමක් අත්සන් කලා. ඒ වගේම මේ එපිසෝඩ් එකෙන් අපි කතා කරනවා ෆෝමියුලා කාර් වලට දාන ටයර් වර්ග ගැනත්. මේවා ඇතුලු තව ගොඩක් දේවල් දැන ගන්න. ඉක්මනටම අපේ අලුත් එපිසෝඩ් එක අහන්න.

Podcast lk

anchor fm
https://anchor.fm/gcef1/episodes/GCEF1-Season-2022-EP07--Grand-Slam-Pro-Max-e1i71nk

Grand Slam Baby!!!!Australian GP එක හිතුවට වඩා ගොඩක් වෙනස් එකක් උනා. සෙබස්ටියන් වෙටල්ට දඩ මුදලක් නිකුත් කලා වගේම එක්තරා ...
23/04/2022

Grand Slam Baby!!!!

Australian GP එක හිතුවට වඩා ගොඩක් වෙනස් එකක් උනා. සෙබස්ටියන් වෙටල්ට දඩ මුදලක් නිකුත් කලා වගේම එක්තරා ඩ්‍රයිවර් කෙනෙක් ඉතාමත් කලාතුරකින් ගන්න පුලුවන් achivement එකක් ලැබුනා. ඒක ඇතුලු තව විස්තර ගොඩක් දැන ගන්න මේ සතියේ පොඩ්කාස්ට් එකත් අහන්න.

podcast lk
https://podcasts.lk/gcef1-ch-szto/episodes/gcef1-season-2022-ep06-grand-slam-baby-ep-oahn

Anchor fm
https://anchor.fm/dashboard/episode/e1hi73s

හැමිල්ටන් එලියට.........!!!!කට්ටියටම සවුදි රේස් එකේ ප්‍රතිපල ගෙනාවා ඔන්න. රේස් එකට අමතරව සිද්ද උන ත්‍රස්තවාදී ප්‍රහාරය ග...
08/04/2022

හැමිල්ටන් එලියට.........!!!!

කට්ටියටම සවුදි රේස් එකේ ප්‍රතිපල ගෙනාවා ඔන්න. රේස් එකට අමතරව සිද්ද උන ත්‍රස්තවාදී ප්‍රහාරය ගැන, ඩ්‍රයිවර්ලාගේ අංක ලැබිලා තියන හැටි ගැන වහේම ඊලග රේස් එක තියන තැන ගැනත් කතා කරනවා. හැමෝම අහලා යාලුවන්ටත් ශෙයාර් කරන්න අමතක කරන්න එපා.

Podcast lk
https://podcasts.lk/gcef1-ch-szto/episodes/gcef1-season-2022-ep05-hamilton-is-out-ep-xyio

Anchor fm
https://anchor.fm/gcef1/episodes/GCEF1-Season-2022-EP05--Hamilton-is-Out-e1gu2mj

ඔන්න අලුත්ම එපිසෝඩ් එකත් අරන් ආවා. මේ පාර රේස් එක එක පාරටම උඩු යටිකුරු උන හැටි වගේම ටීම් වල නම් හැදිලා තියන හැටිත් ඊලග ර...
23/03/2022

ඔන්න අලුත්ම එපිසෝඩ් එකත් අරන් ආවා. මේ පාර රේස් එක එක පාරටම උඩු යටිකුරු උන හැටි වගේම ටීම් වල නම් හැදිලා තියන හැටිත් ඊලග රේස් එක තියන තැන ගැනත් දැන ගන්න පහල ලින්ක් එකෙන් අලුත්ම එපිසෝඩ් එක අහන්න.

podcast lk
https://podcasts.lk/gcef1-ch-szto/episodes/gcef1-season-2022-ep04-merc-in-trouble-ep-ykqv

anchor fm
https://anchor.fm/gcef1/episodes/GCEF1-Season-2022-EP04--Merc-in-trouble-e1g4sco

අලුත් සීසන් එකේ ටෙස්ටින් ඉවරයි. අලුත් කාර් වලින් තියන පලවෙනි රේස් එක මේ සතියේ තියනවා. ටෙස්ටින් වලදි ඩ්‍රයිවර්ලට ගොඩක් කර...
17/03/2022

අලුත් සීසන් එකේ ටෙස්ටින් ඉවරයි. අලුත් කාර් වලින් තියන පලවෙනි රේස් එක මේ සතියේ තියනවා. ටෙස්ටින් වලදි ඩ්‍රයිවර්ලට ගොඩක් කරදර උනා, නීතිවල වෙනස්කම් උනා. අලුත් ටෙක්නොලොජි බලා ගන්න පුලුවන් උනා. ඒ කරුනු ඔක්කොම දැන ගන්න මේ පාර පොඩ්කාස්ට් එකත් අහන්න. යාලුවන්ට ශෙයාර් කරන්නත් අමතක කරන්න එපා.

podcast lk
https://podcasts.lk/gcef1-ch-szto/episodes/gcef1-season-2022-ep03-it-s-going-to-be-bumpy-ep-cckb

anchor fm
https://anchor.fm/gcef1/episodes/GCEF1-Season-2022-EP03---Its-going-to-be-Bumpy-e1frbkj

16/03/2022
porpoising ගැන දැන ගනිමු. porpoising (පෝපසින්ග්) කියන්නේ ground effect (ග්‍රවුන්ඩ් එෆෙක්ට්) කාර් වලට තියන ප්‍රශ්නයක්. මේ...
16/03/2022

porpoising ගැන දැන ගනිමු.

porpoising (පෝපසින්ග්) කියන්නේ ground effect (ග්‍රවුන්ඩ් එෆෙක්ට්) කාර් වලට තියන ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නෙට මේ විදිහට නම හැදිලා තියෙන්නේ මාලුවෙක් නිසා. මේ මාලුවාගේ නම තමා porpoise (පෝපොයිස්). මේ porpoise කියන්නේ dolphin වගේම මාලුවෙක්. මේ මාලුවාගේ හැසිරීම් රටාවක් තියෙනවා ඩොල්පින්ලා වගේම මුහුදු මට්ටමේ වතුරේ උඩ යට යමින් පීනන. මේ හැසිරීම වගේම කාර් එකක් bounce වෙන එකට තමා පෝපසින්ග් කියලා කියන්නේ.

අලුත් අවුරුද්දේ ෆෝමියුලා 1 කාර් වල body work එකට සැලකිය යුතු වෙනසක් සිද්ද උනා. මේ වෙනස ගැන අපි කලින් පොඩ්කාස්ට් එපිසෝඩ් එකෙන් කතා කලා. මේ වෙනසත් එක්කම ආපු දෙයක් තමා ground effect components කියන්නේ. මේ ground effect එක කලින් ban කරලා තිබුන දෙයක් උනත් මේ පාර සීමා සහිතව පාවිච්චි කරන්න ඉඩ දීලා තියේ. මේකෙදි වෙන්නේ බ'නුලි මූලධර්මය පාවිච්චි වෙන වෙන්චූරි නලයක වගේ හැඩයක් කාර් එක යට පැත්තේ හදන එක. එතකොට බ'නුලි මූලධර්මයට අනුව කාර් එක මත අතිශය විශාල down force එකක් ඇති වෙනවා. මේ දේ නිසා කාර් එකට වේගෙන් යන්න පුලුවන්.

ඒත් මේ ක්‍රමය පාවිච්චි කරන එකේ අවාසිය තමා මගහරවා ගන්න අපහසු වායුගතික (aerodynamic) ප්‍රශ්න ඇති වීම. ඒ තමා පෝපසින්ග්. මේ දේවල් මග හරවා ගන්න ඉස්සර පාවිච්චි කරපු ක්‍රම පාවිච්චි කරන්න මේ පාර නීතියෙන් ඉඩ ලැබිලා නෑ. මේ පෝපසින්ග් ප්‍රශ්නේ ඇති වෙන්නේ මෙහෙමයි. කාර් එක වේගයෙන් යද්දි කාර් එක මත ඇති වෙන down force එක වැඩි වෙනවා. කාර් එකක් වේගෙන්ම යන්නේ කෙලින් පාරවල් වලනේ. ඉතින් මෙහෙම වේගෙන් යද්දි වෙන්නේ කාර් එක එන්න එන්න පොලවට තද වෙලා පාත් වෙන්න ගන්නවා. එහෙම පාත් වෙන්නේ කාර් එකේ පතුල හරහා යන වායු දහරාවේ බලපෑමෙන්. කාර් එක පාත් වෙලා පොලවේ ගෑවෙන ගානට අවහම අර කාර් එක යට හදලා තිබුන වෙන්චූරි නලය වැහෙනවා. එතකොට වෙන්නේ වෙන්චූරි නලයේ ක්‍රියාකාරීත්වය නැවතිලා කාර් එකේ පතුල හරහා යන වායු දහරාවේ බලපෑම නැතුව යනවා. ඒහෙම පොලවට තද කරන බලපෑම නැති උනහම වෙන්නේ සස්පෙන්ශන් වල බලය නිසා නිකම්ම කාර් එක ආයේ ඉස්සෙනවා. කාර් එක උඩට ඉස්සුනහම ඔන්න ආපහු වෙන්චූරි නලය විවෘත්ත වෙලා නැවත down force එක නිපදවන්න පටන් ගන්නවා. එතකොට වෙන්නේ ආයෙත් කාර් එක පාත් වෙන්න ගන්නවා. මේ සංසිද්දිය චක්‍රයක් විදිහට නැවත නැවත වෙන්න ගත්තම අපිට පේන්නේ පෝපොයිස් කෙනෙක් වතුරේ පැන පැන යනවා වගේ කාර් එකත් බවුන්ස් වෙනවා. ඒක නිසා තමා මේකට පෝපසින්ග් කියනන නම හැදිලා තියෙන්නේ. මේ ප්‍රශ්නේ ඕනම ground effect කාර් එකකට තියෙනවා.

පෝපසින්ග් ගැන මුලදිම පිලියමක් නොයොදන්න හේතුව වෙන්න ඇත්තේ ටෙස්ටින් වලට එන්න කලින් ඒක ගැන ඩේටා එකතු කරගන්න කිසිම ටීම් එකකට හැකියාවක් නැති නිසා වෙන්න ඇති. මම එහෙම කියන්න හේතුව තමා කිසිම ටීම් එකකට ටෙස්ටින් වලට කලින් තමන්ගේ කාර් උපරිම වේගෙන් ඩ්‍රයිව් කරන්න තහනම්. ඒ වගේම silverstone වල කලා වගේ shakedown එකකදිත් 100km කට වඩා ඩ්‍රයිව් කරන්න තහනම්. මීට අමතරව විසදුමකට කියලා තියෙන්නේ wind tunnel(සුලං උමග). ගොඩක් ටීම් වලට හොද wind tunnel තිබ්බත් එයාලා උපරිම වේගෙන් ටෙස්ට් කරලා තිබ්බේ නෑ. ඒකට හේතුව තමා wind tunnel එකේ බෙල්ට්ස් හදලා තියෙන්නේ steel, කෙව්ලාර් වගේ අමුද්‍රව්‍ය වලින්. පෝපසින්ග් වෙන වෙලාවක කාර් එකේ යට පැත්ත මේ බෙල්ට් එකේ වැදුනොත් බෙල්ට් එකයි කාර් එකයි දෙකම ඩැමේජ් වෙන නිසා මේක අවදානමක්. ඒක හොදටම පැහැදිලි වෙනවා බාසිලෝනා වල රේස් ට්‍රැක් එක දිහා බලද්දි. පෝපසින්ග් උන area එකේ ට්‍රැක් එක සෑහෙන්න ඩැමේජ් වෙලා පාරවල් හිටලා තිබුනා.

මේකට පාවිච්චි කරන්න පුලුවන් විකල්ප තමා උපරිම වේගෙන් නොගිහින් ඉන්න එක. Mercedes team එකෙන් එහෙම කලා. එයාලා කෙලින් පාරකවත් උපරිම වේගෙන් ගියේ නෑ. ඊලග විසදුම තමා down force එක අඩු කරන එක. Aerodynamic කොටස් වල හැඩය වෙනස් කරලා මේක අඩු කරගන්න පුලුවන්. අනික් විසදුම තමා කාර් එක උස්සන එක. කාර් එක ඉස්සවහම වෙන්නේ. Down force එකෙන් පොලවට තද උනාට කාර් එක පොලවේ ගෑවෙන්නම පාත් වෙන් නෑ. හැබැයි ඔය තුනෙන්ම වෙන්නේ කාර් එකේ වේගේ අඩු වෙන එක. කාර් එකේ අලුත් වෙනස්කම් එක්ක දැනටමත් වේගෙට බලපෑමක් වෙලා තියෙන්නේ. එහෙම එකේ කාර් වලට තවත් ප්‍රශ්න දෙන්න බෑ. දැනට redbull ටීම් එකෙන් කාර් එක උස්සලා ඩ්‍රයිව් කරනවා. Race day එකට එයාලා කොහොම එයිද දන් නෑ. දැනට පේන්න තියෙන හොදම විසදුම තමා ටිකක් හයිය සස්පෙන්ශන් ටිකක් පාවිච්චි කරන එක. එහෙම උනහම කාර් එක කන්ට්‍රෝල් කරගන්න අමාරු උනත් ටීම් වලට මේ තියන විදිහට රැවුලයි කැදයි දෙකම බේර ගන්න විදිහක් නම් පේන්න නෑ.

මේ වගේ තව කරුනු ගොඩක් කලින් එපිසෝඩ් එකේ වගේම එන්න තියන එපිසෝඩ් එකෙත් මම කතා කරනවා. ඒ නිසා හැමෝම පේජ් එකට ලයික් එකක් දාලා පොඩ්කාස්ට් එක ෆලෝ කරලා ඉන්න. යාලුවන්ටත් ශෙයාර් කරන්න අමතක කරන්න එපා.

-GAMECUT-

Podcast last episode

https://anchor.fm/gcef1/episodes/GCEF1-Season-2022-EP02---Everything-is-Perfect-e1eqla3

අලුත් කාර් එකක් අලුත් ටයර් සෙට් එකක් එක්ක මේ පාරත් අලුත්ම සීසන් එකක් අවිල්ලා තියෙනවා. අලුත් රේස් ඩිරෙක්ටර් කවුද?, අලුත් ...
24/02/2022

අලුත් කාර් එකක් අලුත් ටයර් සෙට් එකක් එක්ක මේ පාරත් අලුත්ම සීසන් එකක් අවිල්ලා තියෙනවා. අලුත් රේස් ඩිරෙක්ටර් කවුද?, අලුත් කාර් එක කොහොම වෙයිද?, සීසන් ටෙස්ටින්ග් කොහොමද වගේම අලුත් සීසන් එක ගැන මගේ අනවැකි මොනවද කියලත් මේ එපිසෝඩ් එකේ කතා කරනවා. එපිසෝඩ් එක අහලා යාලුවන්ටත් ශෙයාර් කරන්න.

Podcast.lk-
https://podcasts.lk/podcasts/gcef1-ch-szto

anchor.fm-
https://anchor.fm/dashboard/episode/e1eqla3

Submit your comments/questions here.
https://forms.gle/mHsmwSsUobTiVY58A

ටික දවසකට පස්සේ ඔන්න අලුත් එපිසෝඩ් එකක් අරන් ආවා. මේ එපිසෝඩ් එකේදි අන්තිම රේස් එකෙන් රිටයර් උන කිමී රයිකනන් ගැන, fia pri...
13/01/2022

ටික දවසකට පස්සේ ඔන්න අලුත් එපිසෝඩ් එකක් අරන් ආවා. මේ එපිසෝඩ් එකේදි අන්තිම රේස් එකෙන් රිටයර් උන කිමී රයිකනන් ගැන, fia price giving ceremony එක ගැන, අලුත් අවුරුද්දට ඉන්න ඩ්‍රයිවර්ලගෙ ලිස්ට් එක වගේම තව ගොඩක් දේවල් ගැන කතා කරනවා. හැමෝම ගිහින් අහන්න යාලුවන්ටත් ශෙයාර් කරන්න.

Podcast .lk
https://podcasts.lk/gcef1-ch-szto/episodes/gcef1-season-2022-ep-01-good-bye-kimi-ep-cipd

Anchor .fm
https://anchor.fm/gcef1/episodes/GCEF1-Season-2022-Ep-01---Good-Bye-Kimi-e1ct2kb

P.S.: steering wheel එකේ වැටෙන්නේ kiitos valtteri කියලා.

GCEF1 - Preseason Episode 02 - Who is the 2021 Champion?ඔන්න මම කිව්වා වගේම අවුරුද්දේ අන්තිම රේස් එක ගැනත් එපිසෝඩ් එකක් ...
15/12/2021

GCEF1 - Preseason Episode 02 - Who is the 2021 Champion?

ඔන්න මම කිව්වා වගේම අවුරුද්දේ අන්තිම රේස් එක ගැනත් එපිසෝඩ් එකක් අරන් ආවා. අද මම කියනවා කවුද මේපාර champion උනේ කියලා. ඒකත් එක්කම තවත් විස්තර ගොඩක් දැනගන්න ඉක්මනටම මගේ පොඩ්කාස්ට් එක අහලා බලන්න.

https://anchor.fm/gcef1/episodes/GCEF1-Preseason-E02---Who-is-the-2021-Champion-e1bmcfq

Address


Alerts

Be the first to know and let us send you an email when GCEF1 Podcast posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share