28/01/2023
ආලෝකයේ වේගය පහු කරොත් අපිට පුලුවන් ද අපිවම බලන්න?
ඔව් පුලුවන්,
මෙහෙමයි වෙන්නේ
අපිට පෙනීම ලැබෙන්නේ ආලෝකය නිසා,සූර්‍යයාගෙන් එන ආලෝකය වස්තූන් වල වැදිලා පරාවර්තනය වෙලා අපේ ඇස් වලට අලෝක කිරන ඇතුල් වෙලා ඇසේ සංවේදක මත නාභිගත උනාම මිනිසුන්ට පෙනීම ලැබෙනව,
ඉතින් ඒ වගේ වස්තුව මත වැටෙන අලෝකය පරාවර්තනය වෙලා හැම දිශාවටම විසිරිලා යනවා,ඉතින් අපිට පුලුවන් නම් ඒ පරාවර්තනය වෙන ආලෝකය පහු කරල ගිහින් අපේ ඇස් වල සන්නිවේදන මත නාභිගත කරගන්න,අපිට පුලුවන් අපිවම බලන්න,
හිතන්න ඔයා මිදුලට ඇවිත් අත වනනවා කියල,ඉතින් ඔයාට ඔයාම අත වනන එක ඔයාගෙ ඇස් වලින් ම බලන්න ඕනෙ නම්,ඔයාගෙ ඇගේ වැදිල පරාවර්තනය උන ආලොකය පහු කරන් ඈතට ගිහින් බැලුවොත් ඔයාට ඔයාවම පේනවා,හැබැයි ඈතට යන්න යන්න අලෝකය විසිරෙනවා,ඒ විසිරෙන ආලෝකය නාභිගත කරගන්න දුරේක්ෂයක් ඕන වෙනවා,දුරේක්ෂය හරහා නාභිගත වෙන ආලෝක කිරන ඔයාගෙ ඇස් වල නාභිගත උනාම ඔයාට ඔයාවම පේනවා,
හැබැයි මේක ප්‍රායෝගික නෑ,තවමත් මේක න්‍යායාත්මක සිද්දියක් විතරයි.ආලොකයේ වේගය පහු කල දවසක ඔයාට ඔයාවම බලන්න පුලුවන්.
යට animation එකේ කහපාට ඉර ආලෝක කිරණ විදියට හිතන්න...❤️