MEDIA TV

MEDIA TV Media

02/10/2023

🍃

ඉතින් සමහරු හිතනවා,තමන් බලාපොරොත්තු වුණ degree එකට select නොවුණ ම,එහෙමත් නැත්නම් job market එකක් රැකියාවක් ලැබුණේ නැතත් ...
06/09/2023

ඉතින් සමහරු හිතනවා,
තමන් බලාපොරොත්තු වුණ degree එකට select නොවුණ ම,එහෙමත් නැත්නම් job market එකක් රැකියාවක් ලැබුණේ නැතත් මොකාක් හරි උපාධියක් කරන්න රජයේ විශ්වවිද්‍යාලයට යන්න නොලැබීම එයාලගේ ජීවිතේ ලොකු ම ලොකු කඩාවැටීමක් කියලා.ලොකු අභාග්‍යක් කියලා.
මේ ලිපිය ඒ අයට.

උසස් පෙළින් පසු රජයේ සරසවි වරම් හිමිවුණේ නැති,එහෙමත් නැතිනම්.. රජයේ විශ්වවිද්‍යාලයකට යන්න අකමැති අයට උසස් අධ්‍යාපනයට තෝරාගන්න පුළුවන් රාජ්‍ය වගේම අර්ධ රාජ්‍ය,පුද්ගලික ආයතන කිහිපයක් තමයි මේවා .මේ සියල්ලකට ම රැකියා වෙළදපළ තුළ ඇත්තේ ඉතාමත් ඉහළ පිළිගැනීමක්.විශ්වවිද්‍යාලකට ගියත් ඔන්න ඒ යන ගමන්ම මෙහි අන්තර්ගත කරලා තියන වෘත්තිමය විභාග සම්පූර්ණ කරන්නත් පුළුවන්.ඔයාලා විශ්වවිද්‍යාල යනගමන් මේ විභාග සම්පූර්ණ කළොත්,අධ්‍යාපන වගේ ම වෘත්තීය සුදුසුකම් යන දෙඅංශයේම වැඩ්ඩෙක් වෙලා රැකියා වෙළදපළට පිවිසෙන්න පුළුවන්.

වෘත්තීය සුදුසුකම් සදහා වන ආයතන 👇
1.CIMA – Chartered Institute of Management Accountants
https://www.cimaglobal.com/Our-locations/SriLanka/

2.CIM – Chartered Institute of Marketing
https://srilanka.cim.co.uk/

3.SLIM – Sri Lanka Institute of Marketing
https://slim.lk/

4.ACCA – Association of Chartered Certified Accountants
https://www.accaglobal.com/lk/en.html

5.ICAS – Institute of Chartered Accountants of Sri Lanka
https://www.casrilanka.com/casl/

6. CIPM – Chartered Institute of Personnel Management
https://www.cipmlk.org/

බැංකු කරුවන්ගේ ආයතනය
https://www.ibsl.lk/

අධ්‍යාපන සුදුසුකම් සදහා 👇

1.NIBM – National Institute of Business Management
https://www.nibm.lk/

2.NSBM හරිත සරසවිය
https://www.nsbm.ac.lk/

3.SLIIT- Sri Lanka Institute of Information Technology
https://www.sliit.lk/

4.BIT- Bachelor of Information Technology
BIT- UCSC
http://www.bit.lk/

BIT-Moratuw
https://uom.lk/itfac/education/undergraduate/bachelor-it

5. ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය
http://www.ou.ac.lk/home/

6. ශ්‍රී ලංකා නීති විද්‍යාලය
http://www.sllc.ac.lk/

7. වෘත්තිය තාක්ෂණ විශ්ව විද්‍යාලය
http://www.univotec.ac.lk/

8. කාර්මික විද්‍යාල
http://dtet.gov.lk/en/

9. උසස් තාක්ෂණ ආයතන
http://www.sliate.ac.lk/

10. ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාල
https://doa.gov.lk/etc-services-agricultural-education-si/

11. ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනය
http://www.cgtti.lk/

12. ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය
http://www.kdu.ac.lk/

13. ශ්‍රී ලංකා රසායන විද්‍යා ආයතනය
http://www.ichemc.edu.lk

14. කොළඹ විශ්ව විද්‍යාලයට අනුබද්ධ මානව සම්පත් අභිවර්ධන ආයතනය
http://www.ihra.cmb.ac.lk/

15. ගුරු විද්‍යාල
http://mgncoe.sch.lk/

16. ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය
https://www.slithm.edu.lk/

17. හෙද විදුහල්
http://www.health.gov.lk/moh_final/english/others.php?pid=99

18. British Computer Society (BCS)
https://www.bcs.org/

17. Australian Computer Society (ACS)
https://www.acs.org.au/

18. City & Guilds Exams
http://www.cityandguilds.com/

19. Ocean University of Sri Lanka
http://ocu.ac.lk/

20. Sri Lanka Aviation College
https://www.srilankanaviationcollege.com

21. ශ්‍රී ලංකා පේෂකර්ම සහ ඇඟලුම් ආයතනය
https://www.slita.lk

22. බ්‍රිටිශ් කවුසෙල් ආයතනය-වෘතීමය ඉංග්‍රීසි අධ්‍යාපනය
https://www.britishcouncil.lk/?gad=1&gclid=EAIaIQobChMI0dKf6smX_wIVQ1YrCh1yoga0EAAYASAAEgKmgfD_BwE

23. විදේශ රැකියා නියුක්ති කාර්‍යංශය.- විදේශ රැකියා විදෙස්ගතවීමට පෙර දැනගතයුතු තොරතුරු වෙනුවෙන්
http://www.slbfe.lk/

24.ආගමන විගමන දෙපර්තුමෙන්තුව-වීසා අවශ්‍යතා තොරතුරු.
https://www.immigration.gov.lk/pages_s.php?id=38

25.පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාතුමෙන්තුව ජාතික හැදුනුම්පත් නිකුත් කිරීම
https://drp.gov.lk/

26.මෝටර් රට ප්‍රවාහන දෙපාර්තුමෙන්තුව-රියදුරු බලපත්‍ර ලබාගැනීම වෙනුවෙන්
https://dmt.gov.lk/?lang=si

27.විදේශ කටයුතු අමත්‍යංශය-විදෙස් ගමන්
https://mfa.gov.lk/sin/

28.විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාව- විශ්ව විද්‍යාල සම්බන්ධව
https://www.mohe.gov.lk/index.php?option=com_content&view=article&id=111&Itemid=200&lang=si

29.රැකියා අවස්ථා සහ ඇබෑර්තු
top jobs- https://www.topjobs.lk/

30- කම්කරු දෙපාර්තුමෙන්තුව- රැකියා, කම්කරු හා සේවක ගැටලු
https://labourdept.gov.lk/index.php?lang=si

31.ඔයාලගෙ mobile phone නැති උනොතින් පොලිසීයේ මෙම වෙබ් සයිට් එක ට ද තොරතුරු ලබාදෙන්න පුලුවන්-(මොනව උනත් මතක ඇතුව ලගම පොලිස් ස්තානයට පැමිනිලි කිරීමට අමතක නොකරන්න),
https://www.ineed.police.lk/

** රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය-
ඕනැම තොරතුරක් ගැන දැනගෙනීමට-රාජය සේවාවන්, දුරකතන අංක, සහ ඒ හා සම්බන්ධ තොරතුරු. වෙනුවෙන්
https://gic.gov.lk/gic/

ස්තූතී,,
මේවාට ගිහින් බලන්න.නිකන් ඉන්න වෙලාවට හැම දේම ඉගෙනගන්න.හදිසියක් උනාම එතකොට බයවෙන්න දෙයක් නැහැ.ඔයාගේ නංගිට මල්ලිට මේ දේවල් කියන්න

මේවා ඔයාලට ජිවිතයට ගොඩාක් වැදගත් වේවි,

ශෙයා කරල තියාගන්න.

08/08/2023

ඔබේ මාර්ගය ඔබ සොයාගත යුතුය💫

බොහෝ දෙනාට ප්‍රයෝජනවත් වෙන් ලංකාවේ ග්‍රාම නිලධාරින්ගේ දුරකථන අංක සොයාගන්න ලේසිම ක්‍රමය. අවශ්‍ය කෙනෙක්ට දකින්න Share කරන්...
03/07/2023

බොහෝ දෙනාට ප්‍රයෝජනවත් වෙන් ලංකාවේ ග්‍රාම නිලධාරින්ගේ දුරකථන අංක සොයාගන්න ලේසිම ක්‍රමය. අවශ්‍ය කෙනෙක්ට දකින්න Share කරන්න

👉 ලංකාවේ ඕනෑම ග්‍රාම නිලධාරියෙකුගේ දුරකථන අංකය දැන ගැනීමට මෙම ලින්ක් එක භාවිතා කරන්න.👇
http://apps.moha.gov.lk:8090/officerinfo/

👉 Use this link to know the phone number of any village officer in Sri Lanka 👇.
http://apps.moha.gov.lk:8090/officerinfo/

👉 இலங்கையில் உள்ள எந்த ஒரு கிராம உத்தியோகத்தரின் தொலைபேசி இலக்கம் வேண்டுமானாலும் அறிந்து தொடர்பு கொள்ள இவ் இணைப்பைப் பயன்படுத்திக் கொள்ளுங்கள். 👇
http://apps.moha.gov.lk:8090/officerinfo/

සුබ නව වසරක් වේවා!!!ඔබටත් ඔබගේ පවුලේ සැමටත් සාමය සතුට පිරි සෞභාග්‍යමත් නව වසරක් වේවා!!!♥️🎊
14/04/2023

සුබ නව වසරක් වේවා!!!
ඔබටත් ඔබගේ පවුලේ සැමටත් සාමය සතුට පිරි සෞභාග්‍යමත් නව වසරක් වේවා!!!♥️🎊

"තෙල් ගන්න ඕනේ National Fuel Pass එක හදාගන්නේ මෙහෙමයි..."1. https://fuelpass.gov.lk/ එකට යන්න2. අවශ්‍ය භාෂාව තෝරන්න.3. R...
16/07/2022

"තෙල් ගන්න ඕනේ National Fuel Pass එක හදාගන්නේ මෙහෙමයි..."

1. https://fuelpass.gov.lk/ එකට යන්න

2. අවශ්‍ය භාෂාව තෝරන්න.

3. Register බට්න් එක ඔබන්න.

4.
a) ජාතික හැඳුනුම්පත් අංකය (NIC) හරි, පාස්පෝර්ට් අංකය (Passport) අංකය හරි දාන්න.

b) ෆෝන් නම්බර් එක දාලා, Send OTP ඔබන්න (landphone නම්බර් දාන්න එපා)

c) ෆෝන් එකට 1919 න් ආපු ඉලක්කම් හයේ OTP එක ගහලා Verify ඔබන්න.

d) නම දාන්න.

e) ලිපිනය දාන්න.

f) Next ඔබන්න.

5.
a) වාහනේ නම්බර් එක දාන්න. පළවෙනි කොටුවේ අකුරු දෙක හරි තුන හරි, ඊළඟ කොටුවේ ඉලක්කම් හතර. WP, SP ඒවා වැඩක් නෑ.

b) වාහනේ වර්ගය තෝරන්න.

c) වාහනේ චැසි අංකය දාන්න. (කැපිටල් අකුරින් දාන්න)

d) පෙට්‍රල් ද, ඩීසල් ද කියලා තෝරන්න.

e) Terms and Conditions කොටුව සිලෙක්ට් කරන්න.

f) Register ඔබන්න.

6. ෆෝන් එකට sms එකක් එයි රෙජිස්ටර් වුණා කියලා.

7.
QR කෝඩ් එකයි,
ඔයාට හම්බෙන්න නියමිත ඉන්ධන ප්‍රමාණයයි,
ඔයා දැනට ඒකෙන් කොච්චර අරන් තියෙනවද කියන දත්ත ටික පෙන්නයි.

a) Download QR ක්ලික් කරලා එතනින්ම ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්.

b) Send QR to my mobile ක්ලික් කරලා අවශ්‍ය වෙලාවට බලාගන්න ඕනේ ලින්ක් එක ෆෝන් එකට ගෙන්න ගන්න පුළුවන්.

-------------------
🚨 විශේෂ කරුණු 🚨

🚨ලංකාවේ ගොඩක් අය එකපාර ලොග් වෙන්න හදන නිසා පොඩි පොඩි ප්‍රශ්න එයි. ඒවා ලොකුවට හිතට ගන්න ඕනේ නෑ. සැරින් සැරේ ගිහින් ට්‍රයි කරන්න.

🚨තෙල් පෝලිම්වල දවස් ගණන් හිටපු එකේ මේක වෙනුවෙන් පොඩ්ඩක් ඉවසන්න බැරිකමක් නෑනේ.

🚨මේ වැඩේ මරු. අපි පුළුවන් තරම් මේකට සහයෝගය දෙන්න ඕනේ. නැත්තන් මේ පෝලිම් ගැහිල්ල ඊළඟ පරම්පරාවටත් අරන් යන්න වෙයි.

🚨මේ වැඩෙත් හොර කරන්නේ නැතුව කරන්න බලන්න.
අපිම තමයි සිස්ටම් එක චේන්ජ් කරගන්න ඕනේ...

ජය වේවා.

28/05/2022
11/05/2022
රටේ නීතිය හා සාමය නිසි අයුරින් ක්‍රියාත්මක නොවීම ආර්ථික අර්බුදවලින් ගොඩඒමට උදව් නොවන බව මහා බැංකු අධිපති ආචාර්ය නන්දලාල්...
11/05/2022

රටේ නීතිය හා සාමය නිසි අයුරින් ක්‍රියාත්මක නොවීම ආර්ථික අර්බුදවලින් ගොඩඒමට උදව් නොවන බව මහා බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.

මාධ්‍ය හමුවකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව පැවසීය.

රටේ අගමැතිවරයෙක් නැති මුදල් ඇමතිවරයෙක් නැති පාර්ලිමේන්තුවේ කිසියම් ක්‍රියාවක් සිදුනොවන විධායක ජනාධිපතිවරයෙක් පමණක් සිටින අකර්මණ්‍ය වූ තත්ත්වයක් පවතින බව ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

හැකිතරම් ඉක්මණින් යම්කිසි ආකාරයක ස්ථාවර පාලන ක්‍රමයක්, ස්ථාවර රජයක් පත්කළ යුතු බවද මහබැංකු අධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

ජනතා නියෝජිතයින් 225 දෙනාගේ සහ ජනාධිපතිවරයාගේ ප්‍රධාන වගකීම එය බවද මහ බැංකු අධිපතිවරයා පෙන්වාදුනි.

එහිදී මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ රටේ නීතිය හා සාමය මීට වඩා හොඳ ආකාරයකින් පවත්වාගෙන යාමට හැකියාව ඇති රජයක් පත්කිරීම අත්‍යවශ්‍ය බවය.

එවැනි ස්ථාවර තත්ත්වයක් කෙටි කාලයකින් ලබාගත නොහැකි නම් රට අරාජික වන බවද මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

තවත් දවස් කිහිපයක් මේ තත්ත්වය පැවතියහොත් පැය 10ට වැඩි විදුලි කප්පාදුවක්, ඉන්ධන නොමැති වීමක්, ඇතිවිය හැකි බවද මහ බැංකු අධිපතිවරයා පෙන්වා දෙයි.

එසේම සාමකාමීව අරගලයේ නිරතව සිටි අයට සිදුකළ පහරදීම පිළිකුල් සහගත හෙළාදකින බවද මහබැංකු අධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

"මේ සතියේ රටේ ඇතිවූ තත්ත්වය නිසා අපි මෙතෙක් කල් අපහසුවෙන් ලබාගත් ප්‍රගතියේ දිශාව දැන් වෙනස්වී ගෙන යන්නේ."

"ප්‍රචණ්ඩකාරී ක්‍රියා සිදුවෙන රටක ආර්ථිකය යථා තත්ත්වයට පත් කරන්න බැහැ. එහෙම උත්සාහ කරත් වැඩක් නැහැ."

"නීතිය හා සාමය ආරක්ෂාකිරීමට අපොහොසත්වීම, දේශපාලන අස්ථාවරත්වය අපේ අර්බුදයෙන් ගොඩඒමට තිබෙන මාර්ගය තවත් අසීරු කරනවා."

"දැන් අපි පත්වෙලා තියෙන්නේ විධායක ජනාධිපතිවරයෙක් පමණක් සිටින අකර්මන්‍ය වෙච්ච තත්ත්වයකට."

"මේ අවස්ථාවේ පවතින තත්ත්වය සමථයකට පත්කළ හැකි තත්ත්වයක් ඇති කිරීමට ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ සියලුම ජනතා නියෝජිතයින් ඉක්මණින් කටයුතු කළ යුතුයි."

"තවත් ප්‍රමාද වෙන්න බැහැ. එහෙම බැරිනම් මහ බැංකුව වශයෙන් අපිට ප්‍රකාශ කරන්න වෙනවා ආර්ථිකය තවත් අරාජික තත්ත්වයකට පත්වෙනවා කියලා."

"තවත් දවස් කිහිපයක් මේ තත්ත්වය පැවතුනොත්
ගෑස්, ඉන්ධන, විදුලිය, අත්‍යවශ්‍ය භාණ්ඩ මේ තියෙන තත්ත්වයෙන්වත් නැති වෙයි. පැය 10ක් විතර විදුලිය කපයි. ජනතාව පාරට එයි."

"වේගයෙන් පහළට ගිය ආර්ථිකය අපි පසුගිය මාසය තුළ පහළට ගියත් ඒ වේගය අඩුකර ගත්තා. නමුත් රමේ හදිසියේ ඇතිවූ සිදුවීමත් සමග තවදුරටත් ආර්ථිකය අල්ලගෙන ඉන්න බැහැ. එහෙම අල්ලගත්තත් වැඩක් වෙන්නේ නෑ. වේගෙන් පහළට තමයි යන්නේ."

29/04/2022

මෙරට බැංකු නොවන මූල්‍ය ආයතන 12 ශ්‍රේණි ගත කිරීම් වලින් තව දුරටත් පහත හෙලීමට ෆිච් රේටින්ග්ස් ආයතනය කටයුතු කර තිබේ.
ඒ අනුව එම මුල්‍ය ආයතන දැන් පවතින්නේ RWM මට්ටමේය.
අදාල ආයතනයන් මෙසේය.

– Bimputh Finance PLC (Bimputh)
– CBC Finance LTD (CBCF)
– Central Finance Company PLC (CF)
– Fintrex Finance Limited (Fintrex)
– HNB Finance PLC (HNBF)
– LB Finance PLC (LB)
– Mercantile Investments and Finance PLC (MIF)
– People’s Leasing & Finance PLC (PLC)
– Sarvodaya Development Finance Limited (SDF)
– Senkadagala Finance PLC (Senka)
– Siyapatha Finance PLC (Siyapatha)
– Asia Securities (Pvt) Ltd (ASPL)

14/04/2022

හිටපු විගණකාධිපති ගාමිණි විජේසිංහ

13/04/2022
ග්‍රී ලංකාවේ වර්තමාන පාලනය ඇතුලුව 225දේනාම ගෙදර යැවිය යුතුය.එපමනක් නොව ඔවුන්ගේ හිතමිතුරන් ඇතුලුව ඔවුනට අයත් සමාගම්ද විගණ...
10/04/2022

ග්‍රී ලංකාවේ වර්තමාන පාලනය ඇතුලුව 225දේනාම ගෙදර යැවිය යුතුය.එපමනක් නොව ඔවුන්ගේ හිතමිතුරන් ඇතුලුව ඔවුනට අයත් සමාගම්ද විගණනය කල යුතුය එය අනිවාර්යෙන්ම කල යුතු දේයක්,සිදුවිය යුතු දේයක්…
අපට අපේ ලංකිකයන්ට ඉදිරිමාස කිහිපය තුල දී විශාල අර්බුදයකට පුහුණපැමට නියමිතයි.ඒ අත්‍යවශය බෙහෙත් හිගවීම නිසාවෙනි…කාරැණාකර විදේශගත වී සිටින ඔබෙන් ඉල්ලන්නේ $100 ක් හෝ වැඩි ගණනක් ලංකාවේ ඔබේ ආදරනියන්ට නිවැරදි මාර්ග ඔස්සේ එවන්න…ඔබ එවන එම ඩෝලර් 100 ඔබේ ආදරනියන් බුක්තිවින්දත්…එහි වක්‍ර ප්‍රතිපල වකුගඩු රෝගින්,හදිස්සි අනතුරැ වලට මුහුණදුන් රෝගින් භුක්තිවිදිති.
කාරැණාකර රට වෙනුවෙන් ඔබේ යුතුකම ඉටුකරන්න.

තවත් සති කිහිපයකින් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් රට බංකොලොත් බවට ප්‍රකාශයට පත්කිරීමට සිදු වෙනු ඇති බවත් වර්තමානයේ පාර්ලිමේන්...
10/04/2022

තවත් සති කිහිපයකින් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් රට බංකොලොත් බවට ප්‍රකාශයට පත්කිරීමට සිදු වෙනු ඇති බවත් වර්තමානයේ පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් ළවා අනිවාර්යෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කර ගත යුතු බවත් හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා පවසයි.කොළඹ නිදහස් චතුරස්‍රයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

“පසුගිය අවුරුදු ගාණ තිස්සේම මම ප්‍රකාශ කළා රට බංකොලොත් වෙන්න ආසන්නයි ඒ නිසා ඩොලර් පරිහරණය ඉතාමත් පරිස්සමෙන් කරන්න කියලා.

නමුත් කනකට ගන්නේ නැතිව වියදම් කරලා කරලා අද විනාශ මුඛයට පරිවර්තනය වෙලා තියෙන්නේ. තව සුමාන තුන හතරකින්, මාස දෙක තුනකින් රට බංකොලොත් රටක් කියලා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ප්‍රකාශ කරන්න සිද්ධවෙනවා.හෙට කවුරු ආවත් මේ තත්ත්වයට පත්වෙනවා.

අනිවාර්යයෙන්ම පාලකයන්ට හොරකම් කරන්න කියලා තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තියෙන එකම රට ලංකාව. මෙතන තමයි මේ ගැටලුව තියෙන්නේ. තව කවුරුහරි අරගත්තා කියලා මේ ප්‍රශ්නය ඇති වෙන්නේ නෑ.

ඒ නිසා මේ ඉන්න රැළගෙන්ම මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනිවාර්යයෙන්ම කර ගැනීම අත්‍යාවශ්‍යයි. මොවුන් ගෙදර යැවීම අත්‍යාවශ්‍ය කාරණයක් වුණත් අපිට ලොකු වගකීමක් තියෙනවා අනිවාර්යෙන්ම මොවුන් ලව්වා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කර ගන්න වැඩ ටික කරවා ගන්න.”

-හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ-

07/04/2022

බුද්ධිමතුන්ට රට භාර දී පවුල් පාලනය හා පක්ෂ දේෂපාලනය අවසන් කල යුතුය.🇱🇰♥️ අපට අවශ්‍යය එකම විසදුම අත්දැකීමක් සහිත උගත් බුද්...
05/04/2022

බුද්ධිමතුන්ට රට භාර දී පවුල් පාලනය හා පක්ෂ දේෂපාලනය අවසන් කල යුතුය.🇱🇰♥️

අපට අවශ්‍යය එකම විසදුම අත්දැකීමක් සහිත උගත් බුද්ධිමත් පිරිසක්ය,අත්දැකිමක් ඇති අප රටේ තත්වය හොදින් අවබෝධ කරගත්,අප රටේ සංස්කෘතියත් සමග වැඩ කරපු නායකයන්ය…
ඔබම සිතනන…

හැබැයි කවුරැන් නායකයා වුවත් පාර්ලිමේන්තුවේ සිටින 225 දේනාගේම හා ඔවුන්ගේ හිත මිතුරන් ඔවුන්ගේ සමාගම් වල අපක්ෂපාතී විගණනයක් සිදුකර සියලු වත්කම් හා මුල්‍යය තත්ත්වය,ඔවුන් ඒවා රැස් කලේ කේසේද?මේ සියලු දේ රටට හෙළිදරව් කල යුතුය.

නිකන් දැම්මේ♥️🇱🇰H. M. Gamini Wijesinghe was the 40th Auditor General of Sri Lanka. He was appointed on 27 November 2015,...
05/04/2022

නිකන් දැම්මේ♥️🇱🇰
H. M. Gamini Wijesinghe was the 40th Auditor General of Sri Lanka. He was appointed on 27 November 2015, succeeding H. A. S. Samaraweera and served until April 2019.He previously held the office of Director General of the Sri Lanka Accounting and Auditing Standers Monitoring Board. He is a fellow of the Institute of Chartered Accountants of Sri Lanka.He started his political journey as a leadership committee member of National Peoples Movement (NPM) after retiring public service in 2019.

Address


Website

Alerts

Be the first to know and let us send you an email when MEDIA TV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to MEDIA TV:

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share