Pixel

Pixel Together we can make your dream come true

15/01/2024

අන්තිමයා වුණාට කමක් නෑ, තමන්ගෙ ගමන හෙමින් පරෙස්සමට යන්න. මොකද වඩාත් වැදගත් වෙන්නෙ අරමුණට ළඟා වෙන එක මිසෙක, අනෙක් අය පහුකරන එක නොවෙන නිසා.

🤔නැව් හතක විතර යකඩ කම්බි තොගයක් යොදා කොහොමද මේ වික්ටෝරියා වේල්ල හැදුවෙ...🤔🤔🤔🤔හොදම ටික පහල... මේ පුදුමය ගැන කියවලම දැනගන්...
13/01/2024

🤔නැව් හතක විතර යකඩ කම්බි තොගයක් යොදා කොහොමද මේ වික්ටෝරියා වේල්ල හැදුවෙ...🤔🤔🤔🤔

හොදම ටික පහල... මේ පුදුමය ගැන කියවලම දැනගන්න.❤️

මහවැලි ගගේ පටුම ස්ථානෙ තමයි මේ වේල්ල හදල තියෙන්නෙ.
මහවැලි ගගට හුලු ගග එකතු වෙන ස්ථානෙට පොඩ්ඩක් පහලින් තමයි මේ වික්ටෝරියා වේල්ල හදල තියෙන්නෙ.

මධ්‍යම පලාතේ, මහනුවර දිස්ත්‍රික්කයේ , තෙල් දෙනිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයයේ දෙනිගල කන්ද හා මධ්‍යම පලාතේ නුවරඑලිය දිස්ත්‍රික්කයේ හගුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කොට්‍ටාසයේ බෝලගල කන්දයි එකට යා කරල තමයි මේ වික්ටෝරියා වේල්ල හදල තියෙන්නෙ.

මේ වේල්ලෙ ඉදල 300m පහලින් තමයි වික්ටෝරියා දිය ඇල්ල තිබිල තියෙන්නෙ.දිය ඇල්ලෙ උස මීටර් 10.

ලංකාවෙ ගෙදරකට රේඩියෝවක්වත් නැති කාලෙ තමයි මේ වැඩේට අතගහල තියෙන්නනෙ , හොදම වැඩේ තමයි 1949 සිට 1980 දක්වා මේ වේල්ල හදන්න සමීක්ෂණ කරල තියෙන්න. ඒ කියන්නෙ අවුරුදු 31ක්ම මේක ගැන පර්යේෂණ කරල තියෙනව.

මොනා කිව්වත් හොදම ටික පටන් ගන්නෙ J.R. ගෙන් පස්සෙ. ඒ කියන්නෙ 1980වෙ......

J.R. ජනාදිපති උනාම, මහපොල හදුන්වල දීපු ලලිත් ඇතුලත්මුදලි , එවකට විදුලිබල ඇමති ගාමිණී දිසානායකයි කියන මේ මහත්තරු 3දෙනා යනව එන්ගලන්තෙට මේ වඩේට ඒ කියන්නෙ වික්ටෝරියා වේල්ල හදන වැඩේ කතා කරගන්න .
ඔන්න ඔහොම එංගලන්තෙට ගිය මේ තුන්දෙනා එලිසබෙත් මහ රැජින හම්බෙලා මෙහෙම කියන්ව.

අපි ජලාශයක් හදන්න යන්නෙ, අපිට ඒකට ණය ආදාරයක් දෙන්න. හැබැයි මේ මුදල ණයක් විදිහට දුන්නත් අපි මේ වේල්ලට නම විදිහට දාන්නෙ රැජිනගෙ රජ පෙලපතෙන් එන "වික්ටෝරියා" කියන නම කියල..

J.R. මහත්තය කට්ටය , මොළ කාරය නිසා මෙතන නම දානකොට කට්ට කමක් කරා කියල තමයි ඉස්සර උගත්තුනන් කියන්නෙ. කොහොමහරි J.R. ගහපු තුරුම්පුවට මහ රැජිණ අහුවෙනව.
මොකද මහ රැජින කියන්ව වික්ටෝරියා කියලනන් නම දාන්නෙ අපි ණය දෙන්නෙ නෑ මේක හදන්න, අපි ආධාර මුදලක් විදිහට මේ මුදල් දෙනව කියල....

කෝටිගානක් අපේ රට ණයබ්වලින් බේරල ඒ වෙලාවෙ J.R. ගේම ගහනව.

ඒ මොහොතම මහරැජිණ කියනව ගිහින් එංගලන්තෙ අගමැති හම්බවෙන්න කියල.ඒ තමයි මාගර්ස්තැචියර්.
එවකට අගමැති හිටපු මේ මාගර්ස්තැචියර් ටිකක් හොයල බලල වැඩ කරපු චරිතයක්. ඒකනිසා ගාමිණී දිසානායක මහත්තයගෙන් අහල ඇයි මේක හදන්නෙ කියල...

⭕ඇත්තටම වික්ටෝරියා වේල්ල හදන්න ඇයි..

📌️ කෘෂිකර්මාන්තය සදහා ජලය ගබඩා කිරීමට.

📌️ ජල විදුලිය නිශ්පාදන කිරීමට.

📌️ වේල්ලේ ඉහල ප්‍රදේශයේ සිටිය අයගේ ජල පරිබෝජනයට.

📌️ මිරිදිය දීවර කර්මාන්තය නගාසිටුවීමට.

📌️ ගං වතුර පාලනය කිරීමට.

පස්සෙ එංගලන්තයෙන් රුපියල් මිලියන 8400ක් දෙන්න පොරොන්දු වෙනව. ගාමිණී දිසානායක මහත්තය කියල තියෙනව. ශ්‍රී ලංකාවෙ මේක හදන්න තරන් තාක්ෂණික දැනුමක් තියෙන අය නෑ. ඒක නිසා මේකට තාක්ෂණික දැනුමත් ලබා දෙන්න කියල. කොටින්ම කිව්වොත් සල්ලිත් දීල , හදලත් දෙන්න කියල තමයි කියල තියෙන්නෙ. 🤗😃🤗

ඒ අනුව එංගලන්තෙ ඇලෙක්සැන්ඩර් ඉංජිනේරු සමාගමට මේ වැඩේ බාර දෙනව.

ඔන්න වඩේ පටන් ගන්න කට්ටිය එනව ලංකාවට....

✴️✴️✴️✴️

කෙටියෙන් වේල්ලේ විස්තර...👇👇👇👇

මේ වේල්ල හදල තියෙන්නෙ පිහිටි කලු ගලක් උඩ. කලුගල ග්‍රිල් කරල තමයි මේකෙ අත්තිවාරම විදිහට අරන් තියෙන්නෙ. මේ පිහිටි කලුගලේ මුලු ගැබුර මීටර් 237.
අත්තිවාරම දාන්න මීටර් 25 ගැඹුරට මීටර් 25 පලලට මේ ගල ග්‍රිල් කරල තමයි අත්තිවාරම දාල තියෙන්නෙ.

🔵 වේල්ලෙ උස මීටර් 121

🔵 ️දිග මීටර් 520

🔵 ️වික්ටෝරියා වේල්ල දෙවක් ආරුක්කු කොන්ක්‍රීට් වේල්ලක්.

🔵️ මේ වේල්ලට කොන්ක්‍රීට් ඝණ මීටර් හාරලක්ශ අසූදාහක් වැයවෙලා තියෙඅව.

🔵 ️උපරිම ජල මට්ටම - මුහුදු මට්ටමෙන් 438.04 ක් වෙනව.

🔵 ️මේක සම්පූර්ණ ගබඩා කල හැකි ජල ප්‍රමාණය ඝණමීටර් දස ලක්ශ හත්සිය විසිදෙකක්.

🔵 ️උපරිම ජල මට්ට්මේදි ජලාශය විහිදිලා යන ප්‍රදේශය වර්ග කිලෝමීටර් 23.7- ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 5කට විහිදිලා යන්ව.

🔵 මේ වේල්ල තට්ටු 7කින් සමන්විත වන අතට. ඒ තට්තු 7ත තුලම එහා මෙහා ගමන් කිරීමට හැකියාව තිබේ. වේල්ල උඩ හා ඇතුලෙ මිනිස්සුන්ගෙන් පිරෙවුවොත් මිනිස්සු 50,000කට ඉන්න පුලුවන්.

🔵 මේ වේල්ල සම්පූර්නයෙන් පිරෙනකොට වේල්ල උපරිම මිලිමීටර් 68 අවමය මිලිමීටර් 30ක් පහලට තල්ලු වෙනව. ඒකියන්නෙ වික්ටෝරියා වේල්ල කියන්නෙ එහාට මෙහාට පැද්දෙන කොන්ක්‍රීට් වේල්ලක්. හිතාගන්නවත් බෑ නේද?

🔵 ️අනික තමයි මේ වේල්ලට යකඩ කම්බි දශමයක්වත් යොදාගෙන නෑ.අපිනන් හිතන්නෙ ශක්තිය එක්කෙ යකඩ කම්බි වලින් කියලනෙ.ඒත් මේ වේල්ලට කම්බි යොදාගෙන නෑ. ඒත් විශේශ ක්‍රමයක් යොදාගෙන තියෙනව ඒ තමයි කොන්ක්‍රීට් අනනකොට අයිස් වතුරෙන් තමයි මේ කොන්ක්‍රීට් අනල තියෙන්නෙ. ඒ වගේම ඒ අනපු කොන්ක්‍රීට් විනාඩි 3ක් යන්න කලින් ඒ බොල්ක් එකට ගිහින් දාන්නත් ඔනි. බැරි උනොත් ඒ ටික විසිකරල දානව.

🔵 ️ඒ වගේම වික්ටෝරියා වේල්ල මගින් යන ජලයෙන් විදුලිය මෙගාවොට් 210ක් නිපදවනව.ලංකාවෙ ලොකුම ජලවිදුලි බලාගාරය.

🔵 එතනින් එලියට දාන වතුර යන්නෙ රන්දෙනිගල ජලාශයට ඊටපස්සෙ රන්ටැබේ ජලාශයට පස්සෙ ලොග්ගල් ඔය ජලාශයට ඒකෙන් පස්සෙ මවැලි සී කලාපයට ඊටත් පස්සෙ මාදුරු ඔය ජලාශයට.

🔵️ ස්වංක්‍රීය සොරොව් 8ක් තියෙනව. ගංවතුර කාලෙට සොරොව් 2ක ගානෙ තමයි ඇරෙන්නෙ.මේ සොරොව් 2ක් සෙන්ටිමීටර් 74 අරෙනකොට තප්පරේකට ජලය ගණමීටර් 300ක් වතුර එලියට පිට වෙනව.

🔵 ️නීල් මාර්ටින් කියන එංගලන්ත ජාතිකය තමයි මේකට 1980 මුල්ගල තියන්නෙ.

🔵 ️1984 වේල්ලෙ වැඩ ඉවර වෙනව. 1984 අප්‍රේල් 7 ජලාශෙට වතුර පුරවනව.1985 මේක නිල වශයෙන් ශ්‍රී ලංකාවට බාර දෙනව.

🔵 ️ ශ්‍රමිකයක් 7000ක් වැඩකරල තියෙනව රෑ දවල් දෙකේම.

🔵 ️ඇස්තමේන්තු මරණ ගණන 1200. සිදුවූ මරන ගණන50 යි... ලාංකික 47.එංගලන්ත 3 යි....
උපුටා ගැනීමකි

02/12/2023

නුඹලාට පේනවාද? උන් නගන ඝෝෂාවමගේ පණ යනකම්ම නැති නොවන ආශාවදරාගන්නට නොහැක ඒ දරුණු භාෂාවමම ඉතිං සමුගතිමි.. නවතන්න..! ඝෝෂාවමී...
09/10/2023

නුඹලාට පේනවාද? උන් නගන ඝෝෂාව
මගේ පණ යනකම්ම නැති නොවන ආශාව
දරාගන්නට නොහැක ඒ දරුණු භාෂාව
මම ඉතිං සමුගතිමි.. නවතන්න..! ඝෝෂාව

මීට ජැක්සන් ඇන්තනි

iPhone 15 Pro 🫨
13/09/2023

iPhone 15 Pro 🫨

12/09/2023

හෙට වෙද්දී වෙල්ලගෙ මුත්‍රා සාම්පල් අරන් තහනම් උත්තේජක කියලා ක්‍රිකට් තහනම් කරන්න බැරි නෑ 🫠😅

ICC - Indian Cricket Council

06/09/2023

BTS of SunAura Thrive Official Logo

22/08/2023

මැදගමින් සමාජෙට දායාද කල දීප්තිමත් චරිතයක් නම් කරන්න

🌚

Sponsored 🔴Make your dream come true..
13/07/2023

Sponsored 🔴
Make your dream come true..

University Student කෙනෙක් ට  ලැබෙන lottery එකක් ගැන තමයි අද කතා කරන්නේ.ඒක තමයි Student E-Mail එක කියන්නෙ. ගොඩක් අයට මේක ...
23/06/2023

University Student කෙනෙක් ට ලැබෙන lottery එකක් ගැන තමයි අද කතා කරන්නේ.ඒක තමයි Student E-Mail එක කියන්නෙ. ගොඩක් අයට මේක ලැබුනට ප්‍රයෝජනයක් ගන්නෙ නෑ. සමහරු දන්නෙ නෑ මේක හරියට use කරන්න. ඉතින් මං හිතුවා දන්නේ නැති අයට දැනගන්නයි දන්න අයට confirm කරගන්නයි මේක ගැන කතා කරන්න.

🔴ඉස්සෙල්ලම කියන්නම් සම්පූර්ණයෙන්ම නොමිලේ ගන්න පුළුවන් මොනවද කියලා.

1. Microsoft Office 365 Education
https://www.microsoft.com/en-us/education/products/office
මේකට OneDrive සමග 1TB Cloud storage එකක්ද ලැබෙනවා.

2. GitHub Student Developer Pack
https://education.github.com/discount_requests/application
GitHub එකේ Pro version එක ඔයා campus එකෙන් out වෙනකම්ම free ගන්න පුලුවන්. ඒත් එක්කම ඔයාට තව ගොඩක් services free ලැබෙනවා.

3. Figma for students
https://www.figma.com/education/apply
Designing(UI ඇතුලු) සඳහා මේ software එක use කරනවා.

4. JetBrains software collection
https://www.jetbrains.com/shop/eform/students/
PyCharm , PhPStorm, CLion , IntellijIdea , WebStorm , GoLand , DataSpell වගේ softwares
Coding කරන අයට ගොඩක් වැදගත් වෙනවා. මේ ඔක්කොම අවුරුද්දකට නොමිලේ ගන්න පුළුවන්. හැබැයි හැම අවුරුද්දෙ ම renew කරන්න ඕන එයාලා එවන මේල් එකෙන් ගිහිල්ලා.

5. Autodesk for educators
https://www.autodesk.com/education/edu-software/overview?sorting=featured&filters=individual
Architecture සහ Engineering සිසුන්ට වැදගත් software එකක්. අවුරුද්දක් නොමිලේ use කරන්න පුළුවන්. ඊට පස්සේ renew කරන්න ඕනි. මේකට 3ds Max, Maya, AutoCAD වගේ applications ද ඇතුළත් වෙනවා.

6. Microsoft Azure for students
https://azure.microsoft.com/en-us/free/students/
Cloud computing ඉගනගන්න ගන්න අයට මේක මාර විදිහට වටිනවා. 100$ credits free අවුරුද්දක් use කරන්න හම්බෙනවා. මේකත් අවුරුද්දක් use කරන්න පුළුවන්. ඊටපස්සේ renew කරන්න ඕනි.

7. RoboForm
https://www.roboform.com/promotions/college-verify
එක එක sites වල Browse කරනකොට log වෙන්න දුන්න passwords අමතක වෙනවද ? මෙන්න passwords save කරලා තියාගන්න software එකක්. මේක අවුරුද්දක් නොමිලේ use කරන්න පුළුවන්.

8. Amazon Prime
https://www.amazon.com/Amazon-Student/b?ie=UTF8&node=668781011
මාස 6 ක් පුරාවට නොමිලේ Amazon Prime සේවාව ලබාගන්න පුළුවන්.

9. AWS Educate
https://aws.amazon.com/education/awseducate/
Amazon Web services එහෙම නැත්තං Cloud computing ඉගෙන ගන්න අයට free use කරන්න පුළුවන්.

🔴දැන් අපි බලමු discounts ගන්න පුළුවන් මොනාද කියලා.

1. Spotify student discount
https://www.spotify.com/lk-en/student/verification/
මෙහිදී ඔබට 50% discount එකක් ලබාගන්න පුළුවන්. මේකට ඔයාගේ student ID එක SheerID එකෙන් verify කරගන්න ඕනි.

2. Adobe creative cloud discount
https://www.adobe.com/creativecloud/buy/students.html -plans-web-cta-creativecloud-ste-card
මෙහිදී ඔබට 60% discount එකක් ලබාගන්න පුළුවන්. Creative Clouds හි apps සියල්ල ලබාගත හැකිවේ.

3. Skillshare Student discount
https://skillsharenyc.wufoo.com/forms/q1sskb25152t05e/
මෙහිදී ඔබට 50% discount එකක් ලබාගන්න පුළුවන් අවුරුද්දකටම.

4. Student Advantage card
https://shopandtravelusa.com/sa-mobile/checkout
විවිධ online shopping sites වල (Samsung, Dell , Domino’s වැනි) discounts ලබාගත හැකිවේ.

5. Razer Student discount
https://www.razer.com/gb-en/education
15% දක්වා discount ලබාගත හැකිවේ.

6. BestBuy Student discount
https://www.bestbuy.com/site/misc/back-to-school/pcmcat334100050000.c?id=pcmcat334100050000&intl=nosplash
විවිධ items වලට discounts හම්බෙනවා මේකෙන් buy කරොත්.

7. HP Student store
https://www.hp.com/sg-en/shop/education-store
HP products ගන්න පුළුවන්.

8. UNiDAYS
https://www.myunidays.com/LK/en-GB/account/register
Apple products ගන්න පුළුවන්.

මීට අමතරව තව ගොඩක් benefits හම්බවෙනවා Student E-mail එකට. සමහර services නම් government university වල අයට ගන්න බැහැ ඒ E-mail එකෙන් (ගොඩක්ම discounts යටතේ සමහර ඒවා). Private university අයට Foreign university එකකට affiliate වෙලානම් ගන්න පුළුවන්.

ඔයාලා දන්න තව දෙවල් comment කරන්න 🤗

Copied from
✍️ Pasindu Malinda

සාගර පුරාවිද්‍යාව (Maritime Archeology) සහ සාගර ජීව විද්‍යාව (Marine Biology) කියන විෂය ක්ෂේත්‍ර දෙකම එකතු කරවන හොඳම තෝත...
22/06/2023

සාගර පුරාවිද්‍යාව (Maritime Archeology) සහ සාගර ජීව විද්‍යාව (Marine Biology) කියන විෂය ක්ෂේත්‍ර දෙකම එකතු කරවන හොඳම තෝතැන්නක් තමයි වසර ගණනාවකට කලින් මුහුදුබත් වූ නෞකා කියලා කියන්නේ. මේ නිසා ඒවා නැරඹීමත් ඒවා පිළිබඳ පර්යේෂණ පැවැත්වීමත් වගේ දේවල් ආරම්භ වුණේ අද ඊයේ නෙවෙයි. ශ්‍රී ලංකාව අවට මුහුදේ පවා මෙම ගවේෂණ සිදු වෙනවා.

Ocean Gate කියන්නේ එවැනි ගවේෂණ (Expedition) සඳහා පහසුකම් සපයන පුද්ගලික ආයතනයක්. ඔවුන් නිර්මාණය කරපු Titan කියන කුඩා සබ්මැරීනය (ඇත්තෙන්ම මේවා හඳුන්වන්නේ Submersible කියලා) මේ වෙද්දි පුද්ගලයන් 5 දෙනෙකු සමග ගොඩබිම සමග කිසිදු සබඳතාවයක් නොමැතිව ගැඹුරු මුහුදේ අතුරුදන් වෙලා තියෙනවා. ඔවුන් 1912 දී මුහුදුබත් වූ ටයිටැනික් නෞකාව නැරඹීමට ගිය කණ්ඩායමක්. උතුරු අත්ලාන්තික් සාගරයේ Newfoundland වෙරළේ ඉඳන් සැතපුම් 400ක් විතර දුරින් අඩි 13,000ක පමණ ගැඹුරු මුහුදේ තමයි මේ වෙද්දි සුප්‍රකට ටයිටැනික් නෞකාව තියෙන්නේ. ඒ කියන්නේ මුහුදේ කිලෝමීටර 4ක් විතර ගැඹුරින්.

ටයිටන් සබ්මැරීනය ප්‍රමාණයෙන් අඩි 22ක් විතර දිග Vessel එකක්. ඒකෙ නියමුවත් එක්ක උපරිම පුද්ගලයින් 5ක් විතරක් වරකට රැගෙන යන්න පුළුවන්. පැයට කිලෝමීටර් 5.6ක උපරිම වේගයක් තියෙනවා. බැටරි බලයෙන් ක්‍රියාත්මක වෙන විදුලි තෙරපුම් (Electric Thrusters) 4කින් තමයි ගමන් කෙරෙන්නේ. ඒවා පාලනය කරන්න පාලක පුවරුවක් සුක්කානමක් මුකුත් නෑ. ඒ වෙනුවට තියන්නෙ බ්ලූටූත් කන්ට්‍රෝලර් එකක්. (ඒක ඇත්තටම පරණ Logitech gaming controller එකක්) මේවා කීපයක්ම තියෙනවා. Ocen Gate ලා කියන්නේ සංචාරකයින්ට තමන් කැමති කෝණයකින් මුහුද යට නැරඹීමේ අවස්ථාව ඒකෙන් හම්බෙනවා කියලා.

පාලන පුවරුවක් නෑ වගේම මේක ඇතුලේ ගමන් ගන්න කාටවත් ආසන පහසුකම් නෑ. බිම වාඩි වෙලා යන්න තියෙන්නේ. කුඩා ප්‍රමාණයේ වෑන් එකක (Mini Van) සීට් අයින් කරලා බිම ඉඳගත්තා වගේ තමයි. 5 දෙනා ඉඳගත්තාම ඉඩ ඉවරයි. තියෙන එකම සීට් එක ටොයිලට් සීට් එක විතරයි. ඒකත් කුඩාම ප්‍රමාණයේ එකක්.

ඝනකම් කාබන් ෆයිබර් වලින් තමයි සබ්මැරීනයේ පිටත ආවරණය හදලා තියෙන්නේ. දෙපැත්තේ අර්ධ ගෝලාකාර කොටස් විතරක් ටයිටේනියම් වලින් හදලා තියෙනවා. මීටර 4000ක් ජලය යටදී එන තෙරපුමට ඔරොත්තු දෙන්න මේ බිත්ති වලට පුළුවන්. සෝනාර් සහ රේඩාර් සංවේදක තියෙනවා. ඒ නිසා අඳුරේ උනත් බාධක මග හැරගන්න පුළුවන්. එළියේ කැමරා සවිකරලා තියෙනවා සහ ගැඹුරු මුහුද වුණත් හොඳින් ආලෝකමත් වෙන විදියේ විදුලි පහන් තියෙනවා. සංචාරකයින්ට පිටත නරඹන්න අඩියක විෂ්කම්භයක් සහිත ඝනකම් වෘත්තාකාර වීදුරුවකුත් සපයලා තියෙනවා.

මේ නිර්මාණයට අවශ්‍ය වගකීම් සහතික ඒවා නිකුත් කරන සමාගම් වලින් ලබා දීලා නැහැ. හේතුව ඒවා ලබාගැනීමේ ක්‍රියාවලියට Ocean Gate සමාගම උනන්දු නොවීම. ඔවුන් කියන විදිහට එවැනි වගකීම් සහතික වලින් සබ්මැරීනයක ගමන් කරන්නන්ගේ ආරක්ෂාව පිළිබඳ තහවුරුවක් දෙන්න බැහැලු. ඒවායෙන් ලබාදෙන්නෙ සබ්මැරීනයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ මිනුම් ලකුණු (benchmarks) විතරයි කියන එකයි ඔවුන්ගේ මතය. කොහොමහරි මේ ටයිටන් සබ්මැරීනයෙන් ටයිටැනික් නරඹන්න යනවා නම් එක්කෙනෙක් ගෙන් $250,000ක් අය කරනවා. Ocean Gate සමාගම නම් කියන්නේ ඩොලර් මිලියනයකට වඩා වැඩි මුදලක් එක ගමනකට වැය වෙනවා කියලයි. කොහොම වුණත් ඒ ගෙවීමට අමතරව ගිවිසුමකට අත්සන් තියන්නත් ඕන. ඒ ගිවිසුමේ පළමු පිටුවේ තැන් 3කම "මරණය" වචනය සඳහන් වෙනවා කියලයි කියන්නේ.

මුදලත් ගෙවලා ගිවිසුමත් අත්සන් කරාම නැවකින් ටයිටැනික් නෞකාව මුහුදුබත් වූ උතුරු අත්ලාන්තික් සාගරයේ අදාළ ප්‍රාදේශයට රැගෙන යනවා. එතනින් සබ්මැරීනයට ගොඩවෙන්නයි තියෙන්නේ. මගීන් 5 දෙනාම ගොඩවුණාට පස්සේ නැවේ ඉන්න කාර්ය මණ්ඩලය සබ්මැරීනය වහලා පිටතින් බෝල්ට් ඇණ යොදනවා. ඒ කියන්නේ ඇතුළත ඉන්න අයට චාරිකාව නිමා කරලා මුහුද මතුපිටට ඇවිත් පිටත කාර්ය මණ්ඩලය දොරටුව විවෘත කරනකන් පිටතට එන්න බැහැ.

දොරටු සීල් කරාම ඇතුළේ ඔක්සිජන් ප්‍රමාණවත් වෙන්නේ පුද්ගලයින් 5 දෙනාට පැය 96කට විතරයි. අකරතැබ්බයකට මුහුණ පාන්න වුණොත් මුහුද මතුපිට තියෙන නෞකාවට පණිවිඩ යවන්න පුළුවන්. පණිවිඩ හුවමාරුව සිදුකෙරෙන්නෙ සෝනාර් සංඥා වලිනුයි. Transponder සහ Transceiver අධාරයෙන් SMS ආකාරයට පණිවිඩ හුවමාරුව සිදුවෙනවා. මේවායේ සබ්මැරීනයේ පිහිටුම සහ දැනට පවතින තත්වය විතරයි සඳහන් කරන්න පුළුවන් ඉඩ තියෙන්න.

ඊට අමතරව සබ්මැරීනයේ පිටත බිත්ති වලට සුළු හෝ හානියක් සිදු වුණොත් ඒ පිළිබඳව සංවේදක මගින් නෞකාව දැනුවත් කෙරෙනවා. එතකොට ස්වයංක්‍රීයව සබ්මැරීනය මුහුද මතුපිටට එන විදිහටයි හදලා තියෙන්නේ. ඒ සඳහා සබ්මැරීනය නිර්මාණය කරද්දී ඒකෙ උත්ප්ලාවකතාව (buoynce) පිළිබඳව සැලකිලිමත් වෙලා තියෙනවා. අමතර භාරයන් නිදහස් කරලා මේ ඉපිලීම ලබාගන්න එතකොට පුළුවන්.

හැබැයි පසුගිය 18 වෙනිදා ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස 5.30ට විතර ටයිටැනික් නෞකාව නැරඹීමට පුද්ගලයින් 5 දෙනෙකු සමග දියත් කෙරුණු ටයිටන් සබ්මැරීනය දියත් කිරීමෙන් පැයකුත් විනාඩි 45කට පස්සේ ඉඳන් මේ වෙද්දිත් කිසිදු සංඥාවක් නිකුත් කරලා නැහැ. සංවේදක මගින්වත් සබ්මැරීනය තිබෙන ස්ථානය හොයාගන්න Ocean Gate මෙහෙයුම් කරුවන්ට බැරි වෙලා තියෙනවා. ඔවුන් එයින් පැය 6කට පස්සේ කැනේඩියානු වෙරළ ආරක්ෂක බළකාය ඇතුළු බලධාරීන් දැනුවත් කරන්න පියවර ගත්තා. ඔවුන් සහ ඇමරිකානු නාවික හමුදාව සමග රාජ්‍ය නොවන සංවිධාන කීපයක්ම මේ වෙද්දි සෙවුම් කටයුතු ආරම්භ කරලා තිබෙනවා.

මුහුද මතුපිට වර්ග සැතපුම් 10,000කට වැඩි වපසරියක සෙවීමේ මෙහෙයුම් දැනට ක්‍රියාත්මක කරලා ඉවරයි. මොකද යම් විදිහකින් පණිවිඩ හුවමාරු වලට බාධා ඇති වුණත් සබ්මැරීනය මුහුද මතුපිටට එන්න ඉඩ තියෙන නිසා මුහුද මතුපිට පරික්ෂවත් වැදගත් වෙනවා. ඊට අමතරව සෝනාර් බෝයාවන් යොදා ගෙන සබ්මැරීනයෙන් මොනයම් හෝ සංඥාවක් නිකුත් කෙරෙයි කියන අපේක්ෂාවෙන් මුදවාගැනීමේ කණ්ඩායම් සීරුවෙන් ඉන්නවා. සබ්මැරීනයෙන් එන සංඥාවක් මිසක මුහුද මතුපිටින් යවන සෝනාර් හෝ රේඩාර් සංඥාවක පරාවර්තනයක් නම් ලැබීමට ඉඩකඩ ඉතාම අඩුයි. ඒකට එක හේතුවක් තමයි සබ්මැරීනය තියෙන ගැඹුර. අනෙක් අතට මුහුදේ මිලියන ගාණක් මුහුදුබත් වුණ නෞකා කොටස්, අපද්‍රව්‍ය, ජීවින් මැරුණු ජීවින් කොටස් තියෙනවා. ඒවා අතරින් ටයිටන් සබ්මැරීනයෙන් පරාවර්තනය වුණ සංඥාවක් ලබාගන්න තරම් තාක්ෂණයක් තියෙන්න විදියක් නෑ.

ඒ වගේම අඩි 13,000ක් ගැඹුරු මුහුදට මිනිසුන්ම ගිහින් ගවේෂණය කරලා සබ්මැරීනය හොයන්න බැරි බව නම් අපි තේරුම් ගන්න ඕන. හරියටම සබ්මැරීනය තියෙන තැන නොදැන එහෙම මෙහෙයුමක් ක්‍රියාත්මක කරන එක ඉතාම අවදානම් වැඩක්. ඒ නිසා දැනට රොබෝ යන්ත්‍රයක් ගවේෂණයට යොදවලා තියෙනවාලු. එයිනුත් මේ දක්වා සුබදායී තොරතුරක් ලැබිලා නැහැ. නමුත් ඇමෙරිකානු නාවික හමුදාවට අයත් Boeing P-8 Poseidon (දැනට ලොව ඇති ඉහළම තාක්ෂණයෙන් හෙබි මුහුදු මුර සංචාරක ගුවන් යානය) මගින් මිනිත්තු 30කට වරක් නිකුත් වූ සංඥා කීපයක් හඳුනාගෙන තියෙනවා. මේවා බොහෝ විට සබ්මැරීනය ඇතුළත සිට එහි බිත්තියට පහර දෙන ශබ්ද සංඥාවක් වෙන්න පුළුවන් කියලා සැක කරනවා. ඔක්සිජන් ඉතිරි කරගන්න මේ වගේ සැරෙන් සැරේ සංඥා නිකුත් කරනවා වෙන්න පුළුවන් කියලයි මුදවාගැනීමේ කණ්ඩායම් කියන්නේ.

සංඥාව අනුව නම් සබ්මැරීනය මේ වෙද්දි ටයිටැනික් රැඳී තිබෙන මුහුදු පතුලේම නැවතිලා තියෙන බවයි කියන්නේ. ඒ කියන්නේ අඩි 13000ක මුහුදු පතුලේ. (එහෙම කට්ටියක් හිරවෙලා සබ්මැරීනයේ බිත්ති වලට ගහනවා කියලා හිතද්දීම කොහොමද 🤐)

සමහර විශ්ලේෂකයින් නම් ඒක නිවැරදි සංඥාවක් නෙවෙයි කියලයි කියන්නේ. ඒත් ඒක නිවැරදි වුණත් ඉතිහාසයේ මේ වෙනකං මුහුදු පතුලේ ක්‍රියාත්මක කරපු සාර්ථකම මුදවාගැනීමේ මෙහෙයුම සිදු කරලා තියෙන්නේ අඩි 1575ක් ගැඹුරින් විතරයි. ඒ 1973 කැනේඩියානු සබ්මැරීනයක් මුදවාගැනීමේ මෙහෙයුම. කිලෝමීටර් 4ක් දුර ශක්තිමත් කේබල් සහ ටොන් 10ක බරින් යුතු ටයිටන් සබ්මැරීනය එසවීමට හැකි නෞකාවක් හෝ තවත් සබ්මැරීනයක් නොමැති බව තමයි බොහෝ දෙනාගේ මතය. ඉහළම හැකියාවෙන් යුතු NATO's Submarine Rescue System (NSRS) සතුව තියෙන්නත් අඩි 2037ක දුරක් දුරස්ථ පාලනයෙන් ගමන් කරන්න පුළුවන් කුඩා සබ්මැරීන විතරයි.

මුදවාගැනීමේ කණ්ඩායම් කියන විදිහට වෙන්න පුළුවන් නරකම දේ තමයි මුහුද යට අධික පීඩනය හින්දා සබ්මැරීනයේ සැකිල්ලට හානි වෙලා විනාශ වෙලා ඇති කියන එක. නැතිනම් සබ්මැරීනය පාලනය කරන්න බැරිව නිසල ටයිටැනික් නෞකාවේම හැප්පුනා වෙන්නත් පුළුවන් බව ඔවුන් කියනවා.

ටයිටන් සබ්මැරීනය පරීක්ෂණ කිමිදුම් 50ක් විතර කරලා තිබෙනවා. පසුගිය වසරේත් සංචාරකයින් එක්ක බාධක මැද්දේ වුණත් ටයිටැනික් සංචාරයක් සිදු කරලා තිබුණා.හැබැයි සබ්මැරීනයේ විදුලි පද්ධතියට හානි වීම් ඒ පර්යේෂණ චාරිකා වලදි වාර්තා වෙලා තිබුණා. එහෙම වෙලත් ඔවුන් නැවත මුහුද මතුපිටට එන්න සමත්වුණා. ටයිටැනික් නෞකාවට මුළු ගමන් කාලය පැය 2කුත් විනාඩි 30ක් විතරයි. ඒ නිසා ලැබුණු සංඥාවලට අනුව ඔවුන් බොහෝ දුරක් නිරුපද්‍රිතව ගිහින් තියෙනවා. ඒ හින්දා බැටරි බලය අවසන් වෙලා නම් හරි විදුලි පද්ධතියට හානි වෙලා නම් හරි ඔවුන්ම උත්ප්ලාවකතා භාර නිදහස් කරලා බාගයක දුරක් වත් මුහුද මතුපිටට නොආවොත් ඔවුන්ව බේර ගන්න එතරම් දුරක් ගමන් කරන්න පුළුවන් සබ්මැරීන හෝ උපකරණ කිසිවෙක් සතුව නෑ.

ඒ කොහොම වුණත් අද සවස 5.30 වෙද්දි ඔවුන්ගේ පැය 96 අවසන් වේවි. ඊට කලින් මොකක් හෝ දෙයක් සිදු නොවුනොත් බොහෝ විට ටයිටැනික් වගේම අඳුරු මතකයක් විදිහට ටයිටන් සබ්මැරීනයේ කතාවත් ලෝක ඉතිහාසයට එකතු වේවි.

හිරවෙලා ඉන්න 5 දෙනා වෙන්නේ Ocean Gate එකේ ප්‍රධාන විධායක නිලධාරියා Stockton Rush, බ්‍රිතාන්‍ය බිලියනපතියෙක් වන Hamish Harding, ප්‍රංශ කිමිදුම් ශිල්පී Henry Nargeolet, පාකිස්තාන ව්‍යාපාරික Shahzada Dawood සහ ඔහුගේ 19 හැවිරිදි පුත්‍රයා Suleman යන අය.

උපුටා ගැනීම - Janaka Rathnayaka

කාලය අවසන්!ටයිටන් සබ්මැරීනයේ ඔක්සිජන් ඉතිරිව ඇති බව ට ඇස්තමේන්තු කළ කාලය අවසන් වෙයි!ශ්‍රී ලංකා වේලාවෙන් 2023.06.22 ප.ව. ...
22/06/2023

කාලය අවසන්!
ටයිටන් සබ්මැරීනයේ ඔක්සිජන් ඉතිරිව ඇති බව ට ඇස්තමේන්තු කළ කාලය අවසන් වෙයි!

ශ්‍රී ලංකා වේලාවෙන් 2023.06.22 ප.ව. 4:38

ලෝක පියවරුන්ගේ දිනය ❤ World Fathers Day
18/06/2023

ලෝක පියවරුන්ගේ දිනය ❤
World Fathers Day

මහරගම අපේක්ෂා රෝහල් පණ ගැහෙන හදවත් වෙනුවෙන්..අද වෛද්‍ය විද්‍යාව ගොඩක් දියුණුයි..පිළිකා නසන ගොඩක් උපකරණ ලෝකේ නිර්මාණය වෙල...
12/06/2023

මහරගම අපේක්ෂා රෝහල් පණ ගැහෙන හදවත් වෙනුවෙන්..
අද වෛද්‍ය විද්‍යාව ගොඩක් දියුණුයි..
පිළිකා නසන ගොඩක් උපකරණ ලෝකේ නිර්මාණය වෙලා තියෙනවා.. 😃
Tomo - Therapy and Linear Accelerators කියන්නෙ ඒ වගේ විශ්ම කර්ම වෛද්‍ය උපකරණ දෙකක්.
ඒවා ඉතාම මිල අධිකයි.
මේ උත්සාහය ඒ වගේ උපකරණ දෙකක් අපේක්ෂා රෝහලට ලබාදීමටයි.

ඒ වෙනුවෙන් යන වියදම් රුපියල් කෝටි 100ක්!
අද වෙද්දි ඒ වෙනුවෙන් ලක්ෂ 123ක් එකතු වෙලා තිබුනා..
තව ලක්ෂ 9877ක් ඕන.

ශ්‍රි ලංකා ඉතිහාසයේ එදා මෙදා තුල සිදුවන ලොකුම donation campaign එකට

Account Name : APEKSHA CANCER HOSPITAL
Bank Of Cylone - Maharagama
Account Number : 71275069

(පුළුවන් නම් මේ පෝස්ට් එක share කරන්න)

*උපුටා ගැනීමක්*

Invites for Anual Blood Donation Program.❤Organizer : Sahana Subha Sadana Society.Like us 👍Follow us 🤝Don't forget to Sh...
18/05/2023

Invites for Anual Blood Donation Program.❤
Organizer : Sahana Subha Sadana Society.
Like us 👍
Follow us 🤝
Don't forget to Share 👉

#2023

National Blood Transfusion Service - Sri Lanka

කුඩා දරුවන්ට වෙසක් කූඩු නිර්මාණය කර දෙන්න. බල්බ් නොදමා ඉටිපන්දම් ඒ තුළ දල්වා ඒ අලංකාරය විදින්න දෙන්න. සුළඟට වෙසක් කූඩුව ...
06/05/2023

කුඩා දරුවන්ට වෙසක් කූඩු නිර්මාණය කර දෙන්න.

බල්බ් නොදමා ඉටිපන්දම් ඒ තුළ දල්වා ඒ අලංකාරය විදින්න දෙන්න.

සුළඟට වෙසක් කූඩුව ලෙලදෙන විට ඉටිපන්දම් දැල්ලට කූඩුව ගිනිගෙන දැවී අළු වී යන්න දෙන්න.

තමන් ආශාවෙන් ගොඬනගා ගන්නා සියල්ල ඕනෑම මොහොතක එලෙස විනාශ වන්නට හැකි බව කුඩාකල සිටම දරුවාට ඒ තුළින් වටහා දෙන්න .

එවිට සුළු කම්පනයක් හෝ දරාගත නොහැකිව සිය දිවි නසා ගන්නා මිනිසුන් මෙලොවට බිහි නොවනු ඇත!

තෙරුවන් සරණයි! 🙏🏼🖤

උපුටා ගැනිමක්

05/05/2023
මොනරාගල බඩල්කුඹුර ප්‍රදේශයේ දී අමානුෂික පහරදීමට ලක්ව බරපතළ තුවාල ලබා රෝහල් ගතව සිටියදී ජීවිතක්ෂයට පත්වූ බිබිල මැදගම පදිං...
27/04/2023

මොනරාගල බඩල්කුඹුර ප්‍රදේශයේ දී අමානුෂික පහරදීමට ලක්ව බරපතළ තුවාල ලබා රෝහල් ගතව සිටියදී ජීවිතක්ෂයට පත්වූ බිබිල මැදගම පදිංචිව සිටි අම්පාර හාඩි උසස් අධ්‍යාපනය ආයතනයේ සිව්වෙනි වසරේ ජාල ඉංජිනේරු පීඨයේ ඉගෙනුම ලබමින් සිටි පමුදු මහේෂ් තරුණයාට නිවන් සුව ලැබේවා. 😔

𝐆𝐨𝐨𝐠𝐥𝐞 𝐁𝐚𝐫𝐝 will replace 𝗖𝗵𝗮𝘁𝗚𝗣𝗧 in the present and in the future because 𝐆𝐨𝐨𝐠𝐥𝐞 𝐁𝐚𝐫𝐝 is a super AI with human thinking,...
23/03/2023

𝐆𝐨𝐨𝐠𝐥𝐞 𝐁𝐚𝐫𝐝 will replace 𝗖𝗵𝗮𝘁𝗚𝗣𝗧 in the present and in the future because 𝐆𝐨𝐨𝐠𝐥𝐞 𝐁𝐚𝐫𝐝 is a super AI with human thinking, 80 times smarter than 𝗖𝗵𝗮𝘁𝗚𝗣𝗧.



Copied

     #2023
08/03/2023

#2023

අනාගතය හැරදා අතීතය හා බැදෙන මිනිසා.... මෙම සිතුවම ලෝක ඉතිහාසයේ නිර්මාණය වුනු සුවිශේෂීම සිතුවම් වලින් එකක් ලෙස සැලකෙන සිත...
07/03/2023

අනාගතය හැරදා අතීතය හා බැදෙන මිනිසා....

මෙම සිතුවම ලෝක ඉතිහාසයේ නිර්මාණය වුනු සුවිශේෂීම සිතුවම් වලින් එකක් ලෙස සැලකෙන සිතුවමක්. Joseph-Désiré Court නම් විශිෂ්ඨ සිත්තරා විසින් මෙය 1826 වසරේදී "Scene of Deluge" නමින් නිර්මාණය කරනු ලැබුවා. මෙහි සරල ප්‍රකාශනය දෙස බැලූ විට එහි ගංවතුරක් වැනි යම් ජල ගැල්මකට හසු වී ගසාගෙන යන කාන්තාවක්, දරුවෙක් හා මහල්ලෙක් මෙන්ම මහල්ලා බේරා ගැනීමට උත්සහ කරන පුරුෂයෙකු පෙනෙන්නට සිටිනවා.

දරුවා හා කාන්තාව බොහෝ විට මෙම පුරුෂයාගේ බිරිද හා දරුවා ලෙසත් මහලු මිනිසා ඔහුගේ පියා විය හැකි බවත් මෙම සිතුවම පිලිබදව ගවේෂකයන් සිදුකල විද්වතුන් අදහස් දක්වා තිබෙනවා. ඒ අනුව මෙම සිතුවමේ සිටින පුද්ගලයා තම දරුවා හා බිරිද අතහැර පියා බේරාගැනීමට උත්සහ දරන බවක් පෙනෙන්නට තිබෙනවා. එම මතය මත සිටිමින් මෙම සිතුවමෙන් පෙන්වන අදහස පිලිබදව ඔවුන් හරි අපූරු මතයක් ගොඩනගා තිබෙනවා.

පියා මෙහි සිටින පුරුෂයා බිහිකල තැනැත්තා වන අතර පියා යනු ඔහුගේ අතීතය වේ. මෙහි සිටින කාන්තාව පුරුෂයාගේ බිරිද වන්නේ නම් එමගින් ඔහුගේ වර්තමානය නිරූපණය වේ. දරුවාගෙන් නිරූපණය වන්නේ අනාගතයයි. මෙහි සිටින පුරුෂයා ඔහුගේ මරණයද අභියස තෝරාගන්නේ ඔහුගේ අතීතයයි. අතීතය වෙනුවෙන් ඔහු සිය වර්තමානයද, අනාගතයද අතහැර ඇති බව පෙනේ.

සමාජය තුල මේ ආකරයේ මිනිසුන් බොහෝ දෙනෙක් ජීවත් වෙයි. ඔවුන් සිය අතීතය මතම රැදෙමින් අතීතය තුලම ජීවත් වන අතර එමගින් සිය වර්තමානයත්, අනාගතයත් යන දෙකම විනාශකර ගනී. අතීතය කෙලෙස වුවද ඉන් ලද හැකි ගුරුහරුකම් රැගෙන වර්තමානය හා අනාගතය සුරක්ෂිත කර ගත යුතු බව මෙම සිතුවමෙන් පෙන්වන සැගවුනු අර්ථයයි. මෙම සිතුවම අදටත් සුරක්ෂිතව ප්‍රංශයේ ලියොන් නගරයේ ඇති Museum of Fine Art of Lyon කෞතුකාගාරයේ දැක ගැනීමට පුලුවන්.

සටහන මනුජිත් අබේරත්න

03/04/2022
Hello 🇱🇰 As I promised I’m bring to you first ever international festival   with biggest international lineup. Road To E...
07/02/2022

Hello 🇱🇰 As I promised I’m bring to you first ever international festival with biggest international lineup.
Road To EMF : 26th of march
Organizer Thorz

19/08/2021

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Pixel posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share