News Alert

News Alert This is a News Page . Only confirmed news will be published through this page

Thank you so much for everyone who support me to get this award ❤️❤️😊
02/07/2023

Thank you so much for everyone who support me to get this award ❤️❤️😊

Our warmest congratulations to you guys who competed and won under the popular photo category.

You are an artist in the true sense of the word, capturing the most beautiful views on camera and letting the world see them.

Stay with us until we meet again with another opportunity that can give value to your passion and talent.



Original Page ekatath like krla Original Photo ekat react krla support ekak ooni hamogenma ❤️
09/06/2023

Original Page ekatath like krla Original Photo ekat react krla support ekak ooni hamogenma ❤️

Wayaexplorers page ekata like krl original Photo ekatai react krl support ekak oni hamogenma ❤️❤️
04/06/2023

Wayaexplorers page ekata like krl original Photo ekatai react krl support ekak oni hamogenma ❤️❤️

ooke page like krla photo ekat react krhnko. Mage photo ekak oya thiyenne Yaluwongenuth support eka ooni 🥲❤️..
01/06/2023

ooke page like krla photo ekat react krhnko. Mage photo ekak oya thiyenne Yaluwongenuth support eka ooni 🥲❤️..

Me page ekat like krl photo ekat react ekak dala support ekak dennako ❤️
01/06/2023

Me page ekat like krl photo ekat react ekak dala support ekak dennako ❤️

Me page ekat like krla Photo ekat react ekak dala help ekak denna puluwanda.❤️
31/05/2023

Me page ekat like krla Photo ekat react ekak dala help ekak denna puluwanda.❤️

Original Page ekat like krl 4to ekat react krl suport ekak dennako ❤️
31/05/2023

Original Page ekat like krl 4to ekat react krl suport ekak dennako ❤️

Page ekat like krl 4to ekat react krl suport ekak dennako ❤️
31/05/2023

Page ekat like krl 4to ekat react krl suport ekak dennako ❤️

උසස් පෙල විභාගය පැවත්වෙන 2023 ජනවාරි 26 සිට 2023 පෙබරවාරි 17 දක්වා කාලය තුලදී විදුලි කප්පාදු සදහා ශ්‍රී ලංකා මහජන උපයෝගි...
28/01/2023

උසස් පෙල විභාගය පැවත්වෙන 2023 ජනවාරි 26 සිට 2023 පෙබරවාරි 17 දක්වා කාලය තුලදී විදුලි කප්පාදු සදහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අවසර දී නැත. එවැනි අනවසර විදුලි කප්පාදු වලට මුහුණ පෑමට සිදු වුවහොත් ඒ පිළිබද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට ලිඛිතව පැමිණිලි ඉදිරිපත් කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටි.

0775687387 (වට්ස්ඇප්)
ඊමේල් [email protected]
ෆැක්ස් 0112392641

ජනක රත්නායක
සභාපති
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව

ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීම - 2022.07.17
17/07/2022

ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීම - 2022.07.17

"තෙල් ගන්න ඕනේ National Fuel Pass එක හදාගන්නේ මෙහෙමයි..."1. https://fuelpass.gov.lk/ එකට යන්න2. අවශ්‍ය භාෂාව තෝරන්න.3. R...
16/07/2022

"තෙල් ගන්න ඕනේ National Fuel Pass එක හදාගන්නේ මෙහෙමයි..."

1. https://fuelpass.gov.lk/ එකට යන්න

2. අවශ්‍ය භාෂාව තෝරන්න.

3. Register බට්න් එක ඔබන්න.

4.
a) ජාතික හැඳුනුම්පත් අංකය (NIC) හරි, පාස්පෝර්ට් අංකය (Passport) අංකය හරි දාන්න.

b) ෆෝන් නම්බර් එක දාලා, Send OTP ඔබන්න (landphone නම්බර් දාන්න එපා)

c) ෆෝන් එකට 1919 න් ආපු ඉලක්කම් හයේ OTP එක ගහලා Verify ඔබන්න.

d) නම දාන්න.

e) ලිපිනය දාන්න.

f) Next ඔබන්න.

5.
a) වාහනේ නම්බර් එක දාන්න. පළවෙනි කොටුවේ අකුරු දෙක හරි තුන හරි, ඊළඟ කොටුවේ ඉලක්කම් හතර. WP, SP ඒවා වැඩක් නෑ.

b) වාහනේ වර්ගය තෝරන්න.

c) වාහනේ චැසි අංකය දාන්න. (කැපිටල් අකුරින් දාන්න)

d) පෙට්‍රල් ද, ඩීසල් ද කියලා තෝරන්න.

e) Terms and Conditions කොටුව සිලෙක්ට් කරන්න.

f) Register ඔබන්න.

6. ෆෝන් එකට sms එකක් එයි රෙජිස්ටර් වුණා කියලා.

7.
QR කෝඩ් එකයි,
ඔයාට හම්බෙන්න නියමිත ඉන්ධන ප්‍රමාණයයි,
ඔයා දැනට ඒකෙන් කොච්චර අරන් තියෙනවද කියන දත්ත ටික පෙන්නයි.

a) Download QR ක්ලික් කරලා එතනින්ම ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්.

b) Send QR to my mobile ක්ලික් කරලා අවශ්‍ය වෙලාවට බලාගන්න ඕනේ ලින්ක් එක ෆෝන් එකට ගෙන්න ගන්න පුළුවන්.

-------------------
🚨 විශේෂ කරුණු 🚨

🚨ලංකාවේ ගොඩක් අය එකපාර ලොග් වෙන්න හදන නිසා පොඩි පොඩි ප්‍රශ්න එයි. ඒවා ලොකුවට හිතට ගන්න ඕනේ නෑ. සැරින් සැරේ ගිහින් ට්‍රයි කරන්න.

🚨තෙල් පෝලිම්වල දවස් ගණන් හිටපු එකේ මේක වෙනුවෙන් පොඩ්ඩක් ඉවසන්න බැරිකමක් නෑනේ.

🚨 වාහනයක අයිතියක් නැති කෙනෙක්ගේ ID නම්බර් දාලා රෙජිස්ටර් කරන්න හදන්න එපා බන්. ඩේටාබේස් එකේ තියෙන ඩේටා එක්කනේ සයිට් එක දුවන්නේ. තේරුම් ගනින්. 🤦🏼‍♂️

🚨මේ වැඩේ මරු. අපි පුළුවන් තරම් මේකට සහයෝගය දෙන්න ඕනේ. නැත්තන් මේ පෝලිම් ගැහිල්ල ඊළඟ පරම්පරාවටත් අරන් යන්න වෙයි.

🚨මේ වැඩෙත් හොර කරන්නේ නැතුව කරන්න බලන්න.
අපිම තමයි සිස්ටම් එක චේන්ජ් කරගන්න ඕනේ...

ජය වේවා.

උපුටා ගැනීම : විකුම් හර්ෂණ

පාසල් නිවාඩුව දින තුනක් දිගු කෙරේ....2022.07.18 දින සිට 2022,07.20 දින දක්වා පාසල් නිවාඩු දීමට තීරණය කර ඇත    2022.07.15...
15/07/2022

පාසල් නිවාඩුව දින තුනක් දිගු කෙරේ....

2022.07.18 දින සිට 2022,07.20 දින දක්වා
පාසල් නිවාඩු දීමට තීරණය කර ඇත

2022.07.15 වන දින උදෑසන අධ්‍යාපන ලේකම්, අතිරේක ලේකම්වරුන්, අධ්‍යාපන අධ්‍යක්ෂ (ජාතික පාසල්), පළාත් අධ්‍යාපන ලේකම්වරුන් හා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සම්බන්ධ කරගනිමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී ZOOM තාක්ෂණය ඔස්සේ පැවති වැඩිදුර සාකච්ඡාවේ දී, වර්තමානයේ පවත්නා ඉන්ධන හා ප්‍රවාහන දුෂ්කරතා තවදුරටත් පදනම් කරගෙන රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා 2022.07.18 දින සිට 2022,07.20 දින දක්වා නිවාඩු ලබා දීමටත්, 2022,07.21 වන බ්‍රහස්පතින්දා දින පාසල් යළි ආරම්භ කිරීමටත් තීරණය කළ බව දැනුම් දෙනු ලැබේ.

මාධ්‍ය ඒකකය
අධ්‍යාපන අමාත්‍යාංශය

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩ බලන ජනාධිපති ධූරයේ දිවුරුම් දෙයි..අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අගවිනිසුරු...
15/07/2022

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩ බලන ජනාධිපති ධූරයේ දිවුරුම් දෙයි..

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ වැඩ බලන ජනාධිපති ධූරයේ මීට සුලු වෙලාවකට පෙර දිවුරුම් දී තිබේ.

🛑පාර්ලිමේන්තුව හෙට (16) සෙනසුරාදා රැස්වෙයි ...🛑නව ජනපති ජුලි මස 20 වන දින තෝරාපත් කර ගැනේ.අද දින රැස්වූ පක්ෂ නායක හමුවේද...
15/07/2022

🛑පාර්ලිමේන්තුව හෙට (16) සෙනසුරාදා රැස්වෙයි ...
🛑නව ජනපති ජුලි මස 20 වන දින තෝරාපත් කර ගැනේ.

අද දින රැස්වූ පක්ෂ නායක හමුවේදී එළඹි තීරණයන් මෙලෙස ඉදිරිපත් කෙරේ...

🛑2022.07.15 🛑1981 අංක 2 දරන ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනත ප්‍රකාරව ජනාධිපතිධූරය හිස්වූ අවස්ථාවක ජ...
15/07/2022

🛑2022.07.15 🛑

1981 අංක 2 දරන ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනත ප්‍රකාරව ජනාධිපතිධූරය හිස්වූ අවස්ථාවක ජනාධිපතිවරයා තෝරා පත් කරගන්නා ආකාරය.

🛑 🛑ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය තමා වෙත ලැබුණු බව කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මීට සුළු ව...
15/07/2022

🛑 🛑

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය තමා වෙත ලැබුණු බව කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මීට සුළු වේලාවකට පෙර නිවේදනය කළේය.

ඒ අනුව 2022 ජූලි 14 වන දින සිට ජනාධිපතිවරයා සිය ධුරයෙන් නීත්‍යනුකූලව ඉල්ලා අස්වී ඇති බවත් කථානායකවරයා නිවේදනය කළේය.

🔴 Breaking news 🔴 ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් නිල වශයෙන් ඉල්ලා අස් වූ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන නිවේදනය කරයි.ජ...
15/07/2022

🔴 Breaking news 🔴

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් නිල වශයෙන් ඉල්ලා අස් වූ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන නිවේදනය කරයි.

ජනපති ඉල්ලා අස්වීමේ ලිපිය තහවරු කර ගන්නා ලද බවත් එතුමාගේ ඉල්ලා අස්වීම නීත්‍යානුකූලව සිදුකර ඇති වවත් කථානායකතුමා මීට සුලුමොහොතකට පෙර ප්‍රකාශ කරන ලදි..

ඒ අනුව මෙරට ජනාධිපති ධූරය මේවන විට හිස්ව ඇති අතර ඉදිරි ව්‍යවස්ථානුකූල පියවර ගන්නා තෙක් ව්‍යවස්ථාවට අනුව අග්‍රාමාත්‍ය වරයා විසින් එම තනතුරේ තාවකාලිකව වැඩබලන බවද වැඩි දුරටත් අදහස් දක්වමින් එතුමා සදහන් කරන ලදි.

කථානායක නිළ නිවේදනයට සියල්ල සූදානම්....
15/07/2022

කථානායක නිළ නිවේදනයට සියල්ල සූදානම්....

ජනපති ඉල්ලා අස්වීම හෙට.....ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට අදාලව යොමු කළ ලිපිය විද්‍යුත් තැපැල්...
14/07/2022

ජනපති ඉල්ලා අස්වීම හෙට.....

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට අදාලව යොමු කළ ලිපිය විද්‍යුත් තැපැල් මාර්ගයෙන් කතානායක කාර්යාලය වෙත ලැබි ඇති බව එම කාර්යාලය තහවුරු කර සිටිනවා.

එම ලිපියේ වලංගු භාවය තහවුරු කර ගැනීමෙන් පසුව ඊට අදාළ නිල නිවේදනය හෙට ප්‍රකාශයට පත් කරන බව කතානායක කාර්යාලය සඳහන් කර සිටියේ.

මෙම ලිපිය සිංගප්පුරුවේ සිට මෙරටට ගෙන්වා ගැනීම සඳහා එරට සිටින ශ්‍රී ලංකාවේ රාජතාන්ත්‍රික බලධාරීන් ලවා පියවර ගන්නා බවද කතානායක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.

රාජ්‍ය දේපළ හා ජීවිත හානි වළක්වාගැනීමට අවශ්‍ය බලය යොදාගැනීමට යුද්ධ හමුදා සාමාජිකයින්ට බලතල ලබාදී ඇති බව යුද්ධ හමුදාව විස...
14/07/2022

රාජ්‍ය දේපළ හා ජීවිත හානි වළක්වාගැනීමට අවශ්‍ය බලය යොදාගැනීමට යුද්ධ හමුදා සාමාජිකයින්ට බලතල ලබාදී ඇති බව යුද්ධ හමුදාව විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා.

එම නිවේදනය පහතින් :

ශ්‍රී ලංකා ජනරජ ව්‍යවස්ථාවේ බලතල අනුව රටෙහි නීතිය හා සාමය පවත්වාගැනීම සඳහා එහි ජනතාව, පොදු දේපළ සහ රටෙහි පවතින ආරක්‍ෂාව පොදුවේ තහවුරු කිරීම සඳහා ආරක්‍ෂක අංශ සාමාජිකයන් සහ පොලිස් නිලධාරින් දිවිහිමියෙන් කැපවී සිටිති.

නිදහස ලැබීමෙන් පසු ස්වෛරී රාජ්‍යයක් ලෙස ව්‍යවස්ථාවේ ස්ථාපිත ජනරජයේ ජනතා පරමාධිපත්‍යය රකිමින් ඔවුන්ගේ නිදහස් භාෂනයේ සහ සංචරණය සහතික කරමින් ආරක්‍ෂක හමුදාවෝ සිය රාජකාරිවල නිරත අතර මෙම වසරේ මැයි මාසයෙන් ඇරඹුණු මහජන විරෝධතා සියල්ලේදී ආරක්‍ෂක අංශවල එම විනයානුකූල හික්මීම ඉතා පැහැදිලිව විද්‍යාමාන වූ බව සියලු ශ්‍රී ලාංකිකයන්ට රහසක් නොවේ.

ජුලි මස 9 දින කොළඹ, කොටුවේ සිදු වූ ජනතා විරෝධය ඇතුලු පසුගිය කාලසීමාව තුළදී පැවති විරෝධතා අතරතුරදී ආරක්‍ෂක හමුදාවන් හා විරෝධතාකරුවන් අතර සුළු ආවේගශීලී සිදුවීම් කිහිපයක් හැරුණුකොට සැලකිය යුතු මට්ටමේ නීතියේ ආධිපත්‍ය බිඳදැමීම් හෝ දරුණු හිංසාකාරී ක්‍රියාවන් කිසිවක් සිදුනොවූ අතර එම කාලසීමාව තුලදී යම් උණුසුම් නොසන්සුන්තාවයන් දෙපාර්ශවය තුළ ඇති විය.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාධිපතිවරුන් සහ පොලිස්පතිවරයා තෙවරකට වැඩි අවස්ථා ගණනකදී විරෝධතාකරුවන්ගෙන් ප්‍රසිද්ධියේ දැඩි ලෙස ඉල්ලා සිටියේ සාමකාමී වන ලෙසත්, රාජ්‍ය ගොඩනැගිලි හා සියලු දේපළ ආරක්‍ෂා කරන ලෙසත් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නික්ම යාම සමඟ මතුව ඇති තත්ත්වයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව විසඳාගන්නා ලෙසත්ය.

පසුගිය පැය 72 ක කාලය තුළ වැඩබලන ජනාධිපති සහ අග්‍රාමාත්‍යතුමා, කථානායකතුමා සහ දේශපාලන පක්‍ෂ නායකයින් සමඟ පැවති රැස්වීම්වලදී ද ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, ත්‍රිවිධ හමුදාධිපතිවරුන් සහ පොලිස්පතිවරයා රටේ පවතින දේශපාලන අස්ථාවරත්වය සහ ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම කඩිනම් කරන ලෙස අවධාරණයෙන් ඉල්ලා සිටි අතර සාමකාමී අරගලකරුවන් ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ නොවී මහජන දේපළට හානි සිදුනොකරන තාක්කල් පූර්ණ බලය නොයොදවා අවම බලය යොදාගෙන ඔවුන් පාලනය කළයුතු බවට එකඟත්වය පළකෙරිණි.

කෙසේ වුවද, දෙන ලද ප්‍රතිඥාවලට පටහැනිව සාමකාමි විරෝධතාකරුවන් ප්‍රකාශයට පත්කර ඇති ‘අවිහිංසා’ ප්‍රවේශයෙන් ඉවත්ව අවාසනාවන්ත ලෙස එම විරෝධතාකරුවන්ගෙන් කොටසක් බදාදා (13) දින මධ්‍යහන වනවිට නීතිය හා සාමය බිඳදමමින් ප්‍රචණ්ඩ ක්‍රියාවලට යොමුවෙමින් කථානායකවරයාගේ නිල නිවසත්, පාර්ලිමේන්තු සංකීර්ණයත් සිය ග්‍රහණයට ගැනීමට උත්සහ කරනු ලැබුවේ බර වාහන ද යොදාගනිමින් පොලිස් මාර්ග බාධක ආදිය කඩාදමමින් වන අතර රටෙහි මහජන පරමාධිපත්‍ය සහ ව්‍යවස්ථානුකූලව පැවරී ඇති ප්‍රජාතන්ත්‍රීය වටිනාකම් ක්‍රියාත්මක කළහැකි එකම ආයතනය වන පාර්ලිමේන්තු සංකීර්ණය ඔවුන් අතට ගැනීමේ පරමාර්ථයෙනි.

යුද්ධ හමුදා සාමාජිකයන් බදාදා ඊයේ දින රාත්‍රී 0700 පමණ වන විටත් විරෝධතාකරුවන්ගෙන් සන්සුන්බව සඳහා නොකඩවා කරනු ලැබූ ඉල්ලීම්වලට කිසිදු අවනතභාවයක් නොදක්වා එම විරෝධතාකරුවන් ප්‍රහාරාත්මක ලෙස පාර්ලිමේන්තු සංකීර්ණයට ඇතුලුවීමට වෙරදැරූ අතර ඔවුනත තිබූ පොලු, මුගුරු, හිස්වැසුම් ආදී දෑ වලින් දමාගසමින් රාජකාරියේ නියුතු යුද්ධ හමුදා සොල්දාදුවන්ට නොනැවති පහරදුන් අතර භටපිරිස් අත තිබූ මූනිස්සම් සහිත ටී 56 අවි දෙකක්ද උදුරාගනු ලැබුවේ ම්ලේච්ඡ ලෙස හමුදා සොල්දාදුවන් දෙදෙනෙකුට සිහිනැති වන තුරු පහරදෙමින්ය.

මේ වනවිට ඉතා දරුණු ලෙස තුවාල ලැබූ හමුදා සාමාජිකයන් දෙදෙනා සහ අනෙකුත් භටපිරිස් කොළඹ ජාතික රෝහලට සහ යුද්ධ හමුදා රෝහලට හදිසි ප්‍රතිකාර සඳහා ඇතුලත් කර ඇත. මෙම අවි දෙක රැගෙන පලාගිය විරෝධතාකරුවන් හා එම අවි අස්ථානගත වීම පිළිබඳව පොලිසිය ද මේ වනවිටත් දැනුවත් කර ඇත.

අවම බලය භාවිතා කරමින් හමුදා සාමාජිකයින් පෙරලා අහසට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කොට පොලිසියට සහ භටපිරිස්වලට හිංසාව මුදාහරින ලෙසට උසිගැන්වූ ප්‍රචණ්ඩකාරීන් කිහිපදෙනෙකු ද මේ අතර පොලිස් භාරයට ගෙන ඇත.

කෙසේ වුවද, පාර්ලිමේන්තු සංකීර්ණයට කඩාවැදීමට උත්සහ කළ එම ප්‍රචණ්ඩකාරි පිරිස් අවම බලය යොදා ඊයේ (13) රාත්‍රී වනවිට ඔවුන් විසුරුවාහැර තත්ත්වය පාලනය කරගනු ලැබිණි.

ආරක්‍ෂක හමුදාවන්ට හෝ මහජන දේපළවලට හානි කිරිම උදෙසා ප්‍රචණ්ඩත්වය වැඩිකරමින් කටයුතු කරන සියලුදෙනාම වහාම එම ප්‍රචණ්ඩ ක්‍රියාවලින් වැළකී සිටිය යුතු බවත් නොඑසේනම් පවතින තත්ත්වයන්ට අනුකූලව හා සරිලන පරිදි ආරක්‍ෂක හමුදාවෝ සතු සියලු බලතල පාවිච්චි කිරීමට ඉදිරියේදී සිදුවන අතර මහජන දේපල මෙන්ම සියලු මර්මස්ථාන සහ මහජන ජීවිත සුරැකීමේ අනුලංගනීය වගකීම පැවරී ඇති ආරක්‍ෂක හමුදාවෝ එම බලය පාවිච්චි කිරීමට කිසිසේත්ම මැලි නොවන අතර එවැනි තත්ත්වයකදී උදාවිය හැකි පසු ආදීන පිළිබඳ වගකීම මෙම ප්‍රචණ්ඩකාරීන් විසින්ම දරාගත යුතු බව වැඩිදුරටත් අවධාරණය කෙරේ.

🔴 Breaking news 🔴 අද (14) දහවල් 12 සිට ජුලි 15 වනදා අලුයම 5 දක්වා කොළඹ පරිපාලන දිස්ත්‍රික්කය ඇතුළත ඇඳිරි නීතිය පනවා ඇත.
14/07/2022

🔴 Breaking news 🔴

අද (14) දහවල් 12 සිට ජුලි 15 වනදා අලුයම 5 දක්වා කොළඹ පරිපාලන දිස්ත්‍රික්කය ඇතුළත ඇඳිරි නීතිය පනවා ඇත.

"අගමැතිවරයා වහා ඉල්ලා අස්විය යුතුයි" - පක්ෂ නායකයින්..ඊයේ කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක් පැවැත්වුණි.එම...
14/07/2022

"අගමැතිවරයා වහා ඉල්ලා අස්විය යුතුයි" - පක්ෂ නායකයින්..

ඊයේ කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක් පැවැත්වුණි.

එම රැස්වීමේදී සාකච්ඡාවට ගත් කරුණු සම්බන්ධයෙන් කථානායක කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනය පහතින්,

හෙට උදෑසන 5 දක්වා මුලු දිවයිනටම ඇදිරිනීතිය පනවයි...අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හට පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම තී...
13/07/2022

හෙට උදෑසන 5 දක්වා මුලු දිවයිනටම ඇදිරිනීතිය පනවයි...

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හට පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම තීරණය ගත් බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි..

විරෝධතාකරුවන් අත්පත් කරගෙන ඇති පරිශ්‍ර වලින් ඉවත්ව අදාල අංශ වෙත එම ආයතන වහාම භාර දෙන්න. සාමකාමී බල හුවමාරුවකට දේශපාලකයින...
13/07/2022

විරෝධතාකරුවන් අත්පත් කරගෙන ඇති පරිශ්‍ර වලින් ඉවත්ව අදාල අංශ වෙත එම ආයතන වහාම භාර දෙන්න. සාමකාමී බල හුවමාරුවකට දේශපාලකයින්ට ඉඩ දෙන්න. නීතිවිරෝධී හෝ ව්‍යවස්ථා විරෝධී කිසිඳු කටයුත්තකට තමන්ගේ සහය නෑ..

-ශ්‍රී ලංකා නීතිඥ සංගමය-

ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමට පෙර රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට පක්ෂ නායකයින් තීරණයකට එළැඹි බව දෙම...
13/07/2022

ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමට පෙර රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට පක්ෂ නායකයින් තීරණයකට එළැඹි බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් පවසයි

13/07/2022

🚨BREAKING NEWS

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ තම ඉල්ලා අස්වීමේ ලිපිය අද දිනය තුළ කතානායක වරයා වෙත නිකුත් කරන බව ප්‍රකාශ කරයි..

වැඩ බලන ජනපති පත්කිරීම සම්න්ධව කතානායකගේ නිවේදනය...
13/07/2022

වැඩ බලන ජනපති පත්කිරීම සම්න්ධව කතානායකගේ නිවේදනය...

ජාතික රූපවාහිනීයේ විකාශන කටයුතු නැවතත් යථා තත්වයට පත්වේ...
13/07/2022

ජාතික රූපවාහිනීයේ විකාශන කටයුතු නැවතත් යථා තත්වයට පත්වේ...

ITN නාලිකාව මෙන්ම වසන්තම් නාලිකාවේ විකාශන කටයුතු වලට මේ මොහොතේ බාධා ඇති වී තිබේ...ජාතික රූපවාහිනී විකාශන කටයුතු යථා තත්ව...
13/07/2022

ITN නාලිකාව මෙන්ම වසන්තම් නාලිකාවේ විකාශන කටයුතු වලට මේ මොහොතේ බාධා ඇති වී තිබේ...

ජාතික රූපවාහිනී විකාශන කටයුතු යථා තත්වයට පත් කෙරේ....

"රට අරාජිකත්වයට පත්කරමින් ලේ විලක් බවට ගෙනයාම වහා නවත්වනු"- හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා.. ශ්‍රී ලංකා ඉතිහාසයේ එත...
13/07/2022

"රට අරාජිකත්වයට පත්කරමින් ලේ විලක් බවට ගෙනයාම වහා නවත්වනු"- හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා..

ශ්‍රී ලංකා ඉතිහාසයේ එතෙක් මෙතෙක් සිදු නොවූ ඛේදවාචකයක් මේ රට තුළ සිදුවෙමින් පවතී. බලය හමුවේ උන්මත්තකත්වයට පත්වුණ සුළු පිරිසක් විසින් මේ රට සම්පූර්ණයෙන්ම විනාශ කර දැමීමට කටයුතු කරයි.

රාජ්‍ය පාලනය යනු ජනතාවගේ සුරක්ෂිතතාවය සහ රටේ ආරක්ෂාව තහවුරු කිරීමයි. තම පෞද්ගලික බලය තහවුරු කර ගැනීම රටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් නොවේ. ශ්‍රී ලංකා ඉතිහාසයේ රාජ්‍ය පාලනයේ සිටම බලලෝභය වෙනුවෙන් උන්මත්තකයන් ලෙස හැසිරෙන මිනිසුන්ගෙන් සෑමදාම මෙරට විනාශයෙන් විනාශයට ඇදගියා.

18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් රජෙකුට හිමි බලතල හිමිකර ගත් අවස්ථාවේදී 2015 එම බලය මා විසින් කප්පාදු කරන ලදී. 2019 දී නැවතත් විධායක ජනාධිපතිවරයාට එම බලය තහවුරු කරගැනීමෙන් මේ රට විනාශය කරා ගෙන යන ලදී. ප්‍රජාතන්ත්‍රවාදී උද්ඝෝෂණයේ නිරත ජනතාව මර්දනයට හදිසි නීතිය පැනවීම සහ බස්නාහිර පළාතට පමණක් ඇඳිරි නීතිය පැනවීම යුක්තිය යටගැසීමට ගත් නිර්ලජ්ජිත අදූරදර්ශි අනුවණ ක්‍රියාවකි. මෙය මා තරයේ හෙළා දකිමි.

අද ඇති වී තිබෙන තත්වය පැහැදිලිවම මා මීට පෙර ප්‍රකාශ කළ තත්ත්වයයි. රටේ ජනතාවත් අරගලයේ නිරත වන ජනතාවත් ආරක්ෂා කිරීම මේ මොහොතේ ආරක්ෂක අංශයේ වගකීමයි. නිරායුධ අරගලයේ නිරත දරුවන්ට කිසි ලෙසකින් හෝ ප්‍රහාරයක් සිදු නොකොට සැබෑ ජන විරෝධයට ආයුධවලින් පිළිතුරු සෙවීම නොකරන ලෙස මෙරට ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පතිවරයාගෙන්ද, මා ඉල්ලා සිටිමි. වර්තමාන ජනාධිපතිවරයා සහ වැඩ බලන ජනාධිපතිවරයා හට කිසි ලෙසකත් සැබෑ ජනවරමක් නොමැති දෙදෙනෙකු බව අවධාරණය කරමි. ඔවුන් ලබා දෙන අණ ක්‍රියාත්මක කිරීමේදී දෙවරක් සිතා කටයුතු කරන ලෙස ඉල්ලා සිටිමි. එමෙන්ම රාජ්‍ය දේපල පොදු ජනතාවගේ දේපලක් ලෙස පිළිගෙන කටයුතු කරන ලෙස සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටිමි.

රට දිනෙන් දින අගාධයට ගෙන නොගොස් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා එම ධූරවලින් ඉල්ලා අස්වී පොදු මහ ජනතාවගේ ඉල්ලීමට හිස නමා කටයුතු කරනු ඇතැයි මා විශ්වාස කරමි. බලලෝභීත්වයට කිසිලෙසක ආයුෂ නොමැති බව මතක තබාගෙන කටයුතු කරන ලෙස මා පාලකයන්ට තරයේ අවධාරණය කරමි.

ජාතික රූපවාහිනීයේ විකාශන කටයුතුවලට බාධා.....
13/07/2022

ජාතික රූපවාහිනීයේ විකාශන කටයුතුවලට බාධා.....

වැඩ බලන ජනපති රනිල්....ජනාධිපති ගෝථාභය රාජපක්ෂ රටින් පිටව ඇති හෙයින් වැඩ බලන ජනාධිපති ධූරයට අගමැති රනිල් වික්‍රමසිංහ පත්...
13/07/2022

වැඩ බලන ජනපති රනිල්....

ජනාධිපති ගෝථාභය රාජපක්ෂ රටින් පිටව ඇති හෙයින් වැඩ බලන ජනාධිපති ධූරයට අගමැති රනිල් වික්‍රමසිංහ පත්කළ බව කතානායක නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.....

කලහකාරීන් අත් අඩංගුවට ගන්නැයි අගමැතිගෙන් නියෝගයක්...කලහකාරී ලෙස හැසිරෙන් පුද්ගලයින් වහා අත්අඩංගුවට ගන්නැයි අග්‍රාමාත්‍යව...
13/07/2022

කලහකාරීන් අත් අඩංගුවට ගන්නැයි අගමැතිගෙන් නියෝගයක්...

කලහකාරී ලෙස හැසිරෙන් පුද්ගලයින් වහා අත්අඩංගුවට ගන්නැයි අග්‍රාමාත්‍යවරයා ආරක්ෂක අංශවලට නියෝගකර තිබේ.

කලහාකාරී පුද්ගලයන් ගමන් ගන්නා වාහනද අත්අඩංගුවට ගන්නා ලෙස එම නියෝගයේ සඳහන් වේ.

13/07/2022

වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාතට ඇඳිරිනීතිය සහ
දිවයිනටම හදිසි නීතිය පැනවේ
- අග්‍රාමාත්‍ය කාර්‍යාලය

❤️
09/07/2022

❤️

2022.07.06 දින සිට 2022.07.08 දක්වා විදුලි කප්පාදු කාලසටහනPower Interruption Schedule from 06.07.2022 to 08.07.2022
05/07/2022

2022.07.06 දින සිට 2022.07.08 දක්වා විදුලි කප්පාදු කාලසටහන

Power Interruption Schedule from 06.07.2022 to 08.07.2022

2022.06.27 දින සිට 2022.07.01 දක්වා විදුලි කප්පාදු කාලසටහනPower Interruption Schedule from 27.06.2022 to 01.07.2022
26/06/2022

2022.06.27 දින සිට 2022.07.01 දක්වා විදුලි කප්පාදු කාලසටහන

Power Interruption Schedule from 27.06.2022 to 01.07.2022

Address


Website

Alerts

Be the first to know and let us send you an email when News Alert posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share