Green News

Green News Stay informed with our reliable and trustworthy Facebook News Page
(1)

ප්‍රංශ ජනපතිවරයෙකු ශ්‍රී ලංකාවට පැමිණෙන පළමු අවස්ථාව මෙයයි..✍️
27/07/2023

ප්‍රංශ ජනපතිවරයෙකු ශ්‍රී ලංකාවට පැමිණෙන පළමු අවස්ථාව මෙයයි..✍️

News Update..✍️
23/07/2023

News Update..✍️

🔴ලෝකයේම අවධානය ගනිමින් විනාස උන ටයිටන් සබ්මැරීනයේ කොටස් ගොඩ ගනිමින් සිටින ආකාරය විදේශ මාධ්‍ය මීට පැය කිහිපයකට පෙර වාර්තා...
29/06/2023

🔴ලෝකයේම අවධානය ගනිමින් විනාස උන ටයිටන් සබ්මැරීනයේ කොටස් ගොඩ ගනිමින් සිටින ආකාරය විදේශ මාධ්‍ය මීට පැය කිහිපයකට පෙර වාර්තා කරන ලදී.

අනවශ්‍ය ලෙස කලබල වීමෙන් වලකින්න..✍️
26/06/2023

අනවශ්‍ය ලෙස කලබල වීමෙන් වලකින්න..✍️

🔴WORLD RECORD ✍️ජාත්‍යන්තර එක්දින පිටියේ පිට පිට තරග 3ක කඩුලු 5 අවස්ථා වාර්තා කළ ලොව පළමු දගපන්දුයවන්නා ලෙස වනිදු හසරංග ...
25/06/2023

🔴WORLD RECORD ✍️

ජාත්‍යන්තර එක්දින පිටියේ පිට පිට තරග 3ක කඩුලු 5 අවස්ථා වාර්තා කළ ලොව පළමු දගපන්දුයවන්නා ලෙස වනිදු හසරංග වාර්තා අතරට එක්වෙයි.

මීට පෙර මෙම දස්කම දක්වා ඇති එකම පන්දුයවන්නා පකිස්තානයේ වකාර් යුනිස් පමණි.

🛑මහජන ආරක්ෂක ඇමැති අණ පරිදි පොලිස් භාරයට ගනුලබන නීති විරෝධී ගිනි අවි හා අත්බෝම්බ සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන්ට හා ඔත්තුක...
25/06/2023

🛑මහජන ආරක්ෂක ඇමැති අණ පරිදි පොලිස් භාරයට ගනුලබන නීති විරෝධී ගිනි අවි හා අත්බෝම්බ සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන්ට හා ඔත්තුකරුවන්ට ත්‍යාග මුදල් දෙයි. 🛑
ගෙවන ත්‍යාග මුදලේ වටිනාකම පහත දැක්වේ.

24/06/2023

🔴බෙලරූස් රාජ්‍ය සමග සාකච්ඡාවෙන් පසු වැග්නර් හමුදාව පසුබැසීමට තීරණය කරයි..✍️

මේ වෙලාවේ රුසියාවේ සිද්ධ වෙන දේ සාමාන්‍යයෙන් Netflix එකේ පොලිටිකල් ත්‍රිලර් එකක දකින්න ලැබෙන දෙයක්. රුසියානු හමුදාවත් සම...
24/06/2023

මේ වෙලාවේ රුසියාවේ සිද්ධ වෙන දේ සාමාන්‍යයෙන් Netflix එකේ පොලිටිකල් ත්‍රිලර් එකක දකින්න ලැබෙන දෙයක්.

රුසියානු හමුදාවත් සමග යුක්‍රේනයට එරෙහිව සටන වදිමින් සිටි "වැග්නර්" කණ්ඩායම දැන් රුසියානු හමුදාවට පහර දෙනවා.

රුසියාවේ දකුණු ප්‍රදේශයේ පිහිටි රොස්ටොව් හමුදා මූලස්ථානය මේ වන විට වැග්නර් කණ්ඩායම අතේ තියෙන්නේ. යුක්‍රේනයේ කෙරෙන හමුදා මෙහෙයුම් වල මර්මස්ථානයක් වන්නේ මේ රොස්ටොව් වල තියෙන හමුදා මූලස්ථානයයි.

වැග්නර් කණ්ඩායම කියන්නේ කුලී හමුදාවක්. මේ කුලී හමුදාව අයිති පුටින් ගේ සමීපතමයෙකු වශයෙන් සිටි යෙව්ගිනි ප්‍රිගොෂින්. ඔහු ප්‍රකෝටිපතියෙකු වුණේ පුටින්ගෙන් ලැබුණු කොන්ත්‍රාත් හරහායි. ඔහුට පුටින් ගේ දේශපාලන අනුග්‍රහය නිසා දැවැන්ත ලෙස කේටරින් කොන්ත්‍රාත් සහ වෙනත් මහා පරිමාණ ව්‍යාපාර හිමිවුණා.

වැග්නර් කණ්ඩායම ශක්තිමත් කරන්නට පුටින් කටයුතු කරන්න ඇත්තේ රුසියාවේ නිල හමුදාවට සමාන්තරව තවත් සන්නද්ධ කණ්ඩායමක් ගොඩනගා හමුදාවේ බලය සමතුලනය කරන්නට විය හැකියි.

පුටින් වෙනුවෙන් වැග්නර් හමුදාව ක්‍රිමියාවේ, සිරියාවේ, මධ්‍යම අප්‍රිකාවේ සහ තවත් තැන් කිහිපයක සටන් කොට තිබෙනවා.

දැන් රුසියාවේ නිල හමුදාව පැත්තට තමන් ගේ තුවක්කු හරවලා තියෙන්නේ මේ වැග්නර් කණ්ඩායමයි. මේකට තුන්වැනි පාර්ශ්වයක බලපෑමක් තියෙනවද කියලා තවමත් ස්ථිරව කියන්නට බැහැ.

ප්‍රිගොෂින් කියන්නේ රුසියාවේ දූෂිත හමුදා නායකත්වයට එරෙහිව තමන් සටන් කරන බවයි. තවම ප්‍රොගොෂින් පුටින්ව සෘජුව ඉලක්ක කරලා චෝදනා කරන්නේ නැහැ. එහෙත් රුසියාවේ හමුදා සහ නිලධාරී තන්ත්‍රයට ඔහු දරුණු විවේචනයක් එල්ල කරනවා.

කොහොම වෙතත් පුටින් ජාතිය අමතමින් මෙය කැරැල්ලක් (mutiny) ලෙස හඳුන්වා තිබෙනවා. පුටින් ප්‍රිගොෂින්ට පාවාදීම සහ රාජද්‍රෝහි වීම (treason) ගැන චෝදනා එල්ල කොට තිබෙනවා.

හමුදා ශක්තිය අතින් හිතුවොත් වැග්නර් කණ්ඩායමට රුසියාවේ හමුදාව සමග අලගු තියන්නත් පුළුවන්කමක් නැහැ.

ඒ වගේ ම රුසියානු ජනතාවගෙන් වැග්නර් කණ්ඩායමට ඒ තරම් විශාල සහයක් ලැබෙන්නේත් නැහැ.

අනාගතය ගැන බොහෝ දේ තීරණය වන්නේ බාහිර පාර්ශ්ව මේ තත්ත්වය සමග ගනුදෙනු කරන ආකාරය අනුවයි. එහෙම වුණොත් මේක රුසියාවේ සිවිල් යුද තත්ත්වයක් ඇති කරන්නට ඉඩ තියෙනවා. ඒ වගේ ම මෙය රුසියානු සහ යුක්‍රේන යුද්ධයටත් බලපෑමක් ඇති කරන්න පුළුවන්.

කොහොම වෙතත් ත්‍රාසජනක චිත්‍රපටය තවමත් ක්‍රියාත්මක වෙනවා. එහි වීරයා කවුරුන්ද, දුෂ්ටයා කවුරුන්ද කියලා දැන්ම කියන්නට බැහැ.

-

රසික ජයකොඩි
24 - 06 - 2023

රුසියාව උණුසුම්...🔴තම හමුදාව ඉදිරියට පැමිනෙන ඕනම අයෙක් විනාශ කරන බවට අනතුරු අගවමින් වැග්නර් හමුදාව මොස්කව් බලා ගමන් අරඹය...
24/06/2023

රුසියාව උණුසුම්...🔴
තම හමුදාව ඉදිරියට පැමිනෙන ඕනම අයෙක් විනාශ කරන බවට අනතුරු අගවමින් වැග්නර් හමුදාව මොස්කව් බලා ගමන් අරඹයි..✍️

24/06/2023

🔴ඉදිරි පැය 48 ඇතුළත බලගතු වැලැදමීර් පූටින්ගේ පාලනය අවසන් වනු ඇති බවට බටහිර විශ්ලේෂකයන් ප්‍රකාශ කරයි..✍️

24/06/2023

කාලා හමාරයි – එළවළු මිල 100%කින් ඉහළට‼️

24/06/2023

🔴වැග්නර් කුලී හමුදාවට පහර දෙන ලෙස රුසියානු ජනාධිපති පුටින්ගෙන් රුසියානු ගුවන් හමුදාවට නියෝග..‼(24)

14/06/2023
21/04/2023
21/03/2023

වැල්ලවාය ඇල්ලවල දියඇල්ලේ ගිලී තරුණයන් හතරක් මරුට.

07/03/2023


අන්තරේ විරෝධතාව අතරතුර පොලීසිය කොළඹ විශ්ව විද්‍යාලය තුලට කදුලුගෑස් ප්‍රහාර එල්ල කරයි.
එක් සිසුවෙක් රොහල් ගත කෙරේ.🔴

07/03/2023

🔴 Breaking !
“පළාත් පාලන මැතිවරණය
අප්‍රේල් 25 වැනිදා යොදා ගැනීම සුදුසුයි..”
- මැතිවරණ කොමිසම

07/03/2023

🔴 Breaking news 🔴
IMF සහය ලබා ගැනීමට මෙරටට තිබූ විශාලම බාදාව ඉවත් කරමින්, චීනය ශ්‍රීලංකාවේ ණය ප්‍රතිවිහුගතකිරීමට තම සහය ලබාදෙන බව නිවේදනය කර ඇත. ඒ අනුව ඩොලර් බි 2.9ක bailout ලැබෙන ලකුණු..!!!

🔴ගල් පෙරලීම නිසා මහියංගන 18 වංගුව මාර්ගය සම්පූර්ණයෙන්ම වසා දමා ඇත.කරුණාකර විකල්ප මාර්ග භාවිතා කරන්න.
04/03/2023

🔴ගල් පෙරලීම නිසා මහියංගන 18 වංගුව මාර්ගය සම්පූර්ණයෙන්ම වසා දමා ඇත.කරුණාකර විකල්ප මාර්ග භාවිතා කරන්න.

🔴BREAKING NEWS.
03/03/2023

🔴BREAKING NEWS.

01/03/2023

Breaking News:
භුමිතෙල් ලීටරයක මිල රු. 50 කින් සහ ලංකා කාර්මික භූමිතෙල් ලීටරයක මිල රු. 134 කින් පහත දමයි

27/02/2023

🔴තුර්කියට යළිත් මැග්නටියුඩ් 5.6ක භූකම්පනයක්.හානි උන ගොඩනැගිලි රැසක් කඩා වැටේ..✍️

27/02/2023

🔴අධ්‍යාපනය අමාත්‍යාංශයේදී අත්ඩංගුවට ගත් වසන්ත මුදලිගේ ඇතුලු සියලු දෙනා ඇප මත මුදා හැරේ✍️

27/02/2023

🔴ජාතික ජන බලවේග විරෝධතාව අතරතුර තුවාල ලැබූ නිවිතිගල ප්‍රාදේශීය සභා අපේක්ෂක නිමල් අමරසිරි මහතා මිය යයි✍️

26/02/2023

🔴පැපුවා නිව්ගිනියාවටත් රික්ටර් මාපක 6.2 ප්‍රභල භූකම්පනයක්✍️

26/02/2023

🔴Breaking news🔴

ජාතික ජන බලවේගයේ විරෝධතාවය විසුරවා හැරීමට කදුලු ගෑස් ප්‍රහාර එල්ල කෙරේ..

ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පුද්ගලයින් 26 දෙනෙකුට අද (26)දිනය තුළ උද්ඝෝෂණ...
26/02/2023

ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පුද්ගලයින් 26 දෙනෙකුට අද (26)දිනය තුළ උද්ඝෝෂණ සහ පෙළපාලි පැවැත්වීම වළක්වාලමින් නියෝගයක් ලබාදී තිබේ.

අද පස්වරු 1 සිට රාත්‍රී 8 දක්වා කාලය තුළ දී කොටුව පොලිස් වසමට අදාළ මාර්ගවල අවහිරතාවක් සහ මාර්ගවල ගමන් ගන්නා වාහනවලට බාධා කිරීම් නොකරන ලෙසට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් අධිකරණ අඥාවක් නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේය.

ඒ අනුව ඉහත නම් කළ සියලුදෙනාට හා උද්ඝෝෂකයින්ට ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, මුදල් අමාත්‍යාංශය සහ ගාලුමුවදොර පිටිය පරිශ්‍රය ඇතුළු නම් කරන ලද ස්ථාන කිහිපයකට ඇතුළුවීමෙන් වළකින ලෙස ද අධිකරණය දැනුම් දී තිබේ.

25/02/2023

යම් හෙයකින් ඔබ සිටින ස්ථානයක භූ කම්පන ලක්ෂණයක් ඇති වුවහොත්, එසැනින් තමුන් සිටින ගොඩනැගිලි වලින් එලියට පැමිණ හිස් භූමියකට යන්න✍️

ජපානයේ උතුරු දූපත වන හොකයිඩෝහි නැගෙනහිර කොටසේ අද (පෙබ. 25) රික්ටර් මාපක 6.1ක භූමිකම්පාවක් සිදු වී තිබේ.විදෙස් මාධ්‍ය වාර...
25/02/2023

ජපානයේ උතුරු දූපත වන හොකයිඩෝහි නැගෙනහිර කොටසේ අද (පෙබ. 25) රික්ටර් මාපක 6.1ක භූමිකම්පාවක් සිදු වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එම භූමිකම්පාව හොකයිඩෝහි නෙමුරෝ අර්ධද්වීපයට ආසන්න මුහුදේ කිලෝමීටර් 61ක් (සැතපුම් 38) ගැඹුරින් සිදු වී ඇති බව ය.

මේ වන තෙක් තුවාල සිදුවීම් හෝ හානි සම්බන්ධයෙන් වාර්තා වී නොමැති බව එම වාර්තාවල දැක්වේ.

ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය ප්‍රකාශ කර ඇත්තේ, එරට වේලාවෙන් රාත්‍රී 10:27ට පමණ මෙම භූ කම්පනය සිදු වී ඇති අතර සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බව ය.

මෙම භූමිකම්පාව ඊසානදිග ජපානය සහ නැගෙනහිර ජපානය ඇතුළු පුළුල් ප්‍රදේශයට දැනී ඇතැයි එම ඒජන්සිය වැඩිදුරටත් සඳහන් කර ඇත.

සමස්ත ලෝකයම මේ වන විට මේ කරුණු ගැන අවධානයෙන් පසුවේ.

ඉන්දියාවේ හිමාචල් ප්‍රදේශය,නේපාලයේ බටහිර ප්‍රදේශය සහ උත්තරකාන්ද් ඇතුළු බටහිර ප්‍රදේශ අතර ඕනෑම වේලාවක භූමිකම්පා ඇතිවීමේ අ...
25/02/2023

ඉන්දියාවේ හිමාචල් ප්‍රදේශය,නේපාලයේ බටහිර ප්‍රදේශය සහ උත්තරකාන්ද් ඇතුළු බටහිර ප්‍රදේශ අතර ඕනෑම වේලාවක භූමිකම්පා ඇතිවීමේ අවදානමක් පවතින බව ජාතික භූ භෞතික පර්යේෂණ ආයතනයේ ප්‍රධාන විද්‍යාඥ ආචාර්ය එන් පූර්ණචන්ද්‍ර රාඕ කළ ප්‍රකාශය පිළිබඳව ජාත්‍යන්තරයේ අවදානය යොමුව තිබෙනවා.

එරට ජාතික ආපදා කළමනාකරණ අධිකාරිය (NDMA) පවසා තිබෙන්නේ සමස්ත හිමාලයානු තීරය ද රිච්ටර් මාපක 8.0 ඉක්මවන විශාල භූමිකම්පාවලට ලක්වීමේ අවදානමක් පවතින බවයි

හයිද්‍රාබාද්හි පෘථිවි පෘෂ්ඨය නිරන්තරයෙන් චලනය වන බවත්, ඉන්දියානු භූ තලය වසරකට සෙන්ටිමීටර 5 ක් පමණ චලනය වන බවත් ජාතික භූ භෞතික පර්යේෂණ ආයතනයේ ප්‍රධාන විද්‍යාඥ ආචාර්ය එන් පූර්ණචන්ද්‍ර රාඕ සඳහන් කර තිබෙනවා.

ඒ අනුව හිමාලය දෙසින් විශාල භූමිකම්පාවක් ඇතිවීමේ හැකියාව ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

උත්තරකාන්ද් ප්‍රදේශය භූ චලනයන් නිරීක්ෂණය කිරීම සඳහා භූ කම්පන මධ්‍යස්ථාන 18 ක ශක්තිමත් ජාලයකින් සමන්විත බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

ජාතික භූ භෞතික පර්යේෂණ ආයතනයේ ප්‍රධාන විද්‍යාඥ ආචාර්ය එන් පූර්ණචන්ද්‍ර රාඕ විසින් මෙම අනාවැකිය පළකරන්නේ තුර්කියේ සහ සිරියාවේ රික්ටර් පරිමාණයේ 7.8 ක දැවැන්ත භූමිකම්පාවකින් පසුවයි.

එම භූමිකම්පාවෙන් පුද්ගලයින් 45,000 කට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්වුණා

Copied Post.

25/02/2023

🔴මීට සුළු මොහොතකට පෙර මැග්නටියුඩ් 6.1ක භූකම්පනයක් ජපානයෙන් වාර්තා වෙයි.

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Green News posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share