News Sril anka

  • Home
  • News Sril anka

News Sril anka Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from News Sril anka, Media/News Company, .

1991 වර්ෂයේදී පාලම්පටාර් ප්‍රදේශයේදී නාවික හමුදා සොල්දාදුවන් රැගත්  යුනිකොඩ් රථයකට එල්ල්වූ එල්.ටී.ටී.ඊ ප්‍රහාරයෙන් නාවික...
13/10/2023

1991 වර්ෂයේදී පාලම්පටාර් ප්‍රදේශයේදී නාවික හමුදා සොල්දාදුවන් රැගත් යුනිකොඩ් රථයකට එල්ල්වූ එල්.ටී.ටී.ඊ ප්‍රහාරයෙන් නාවික සෙබලුන් 03ක් මියගියහ.

තඹලගමුව පාලම්පටාර් හී හාඩ්වක්ස් නාවික හමුදා ගොවිපොලට යන මාර්ගයේදී මෙම ප්‍රහාරය එල්ල්වූ අතර ප්‍රහාරයට ලක්වූ යුනිකොඩ් රථයේ ජායාරූපයක් පහතින් දැක්වේ

මියගිය නාවික හමුදා සෙබලුන්වූයේ නාවික සෙබල ජනක, යාන්ත්‍රික අංශයේ සෙබල ජයලත්, යාන්ත්‍රික අංශයේ සෙබල වීරකෝන් යන වීරෝදාර නිලධාරීන්වේ 🇱🇰 🎖️️🎖️️🎖️️💞

26/06/2023
සම්බුදු සිසිලෙන් ලොවම සුවපත් වන පිංබර වෙසක් මංගල්‍යයක් වේවා..!!!  🙏🏻☸️🌕♥️🌸CLIK : Nimesh madushanka PHOTOGRAPHY
05/05/2023

සම්බුදු සිසිලෙන් ලොවම සුවපත් වන පිංබර වෙසක් මංගල්‍යයක් වේවා..!!! 🙏🏻☸️🌕♥️🌸
CLIK : Nimesh madushanka PHOTOGRAPHY

වසරේ  අවසාන  පොහොය අදයි ලොව සුවපත් වෙන පින්බර උදුවප්  පුරපසලොස්වක පොහොය දිනයක්  වේවා   !!!On the last day of Vasare, may...
07/12/2022

වසරේ අවසාන පොහොය අදයි ලොව සුවපත් වෙන පින්බර උදුවප් පුරපසලොස්වක පොහොය දිනයක් වේවා !!!

On the last day of Vasare, may today be a blessed Uduwap ​​full moon day that heals the world !!!

வாசரேயின் கடைசி நாளான இன்று உலகையே சுகப்படுத்தும் ஆசீர்வதிக்கப்பட்ட உடுவப் பௌர்ணமி நாளாக அமையட்டும் !!!

09/10/2022

දක්ශින අදිවේගී මාර්ගයේ කොට්ටාවට යාබදව නෙත ගැටුන අමිහිරි සිදුවීම
2022.10.09 5.00Pm

LINK : https://youtu.be/UPmtPq8eoVg

බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබත් මහ රැජින අභාවප්‍රාප්ත වෙයි. මිය යන විට ඇය 96 වන වියෙහි පසුවිය
08/09/2022

බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබත් මහ රැජින අභාවප්‍රාප්ත වෙයි. මිය යන විට ඇය 96 වන වියෙහි පසුවිය

නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන 47 ක් නාවික හමුදා සහයෙන් නීතියේ රැහැනට ශ්‍රී ලංකා නාවික හමු...
01/08/2022

නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන 47 ක් නාවික හමුදා සහයෙන් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව වෙන්නප්පුව පොලිසිය හා එක්ව වෙන්නප්පුව නගරයේ 2022 ජූලි මස 31 රාත්‍රී කාලයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 47 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකා නාවික හමුදාවට ලද තොරතුරක් මත බටහිර නාවික විධානය විසින් වෙන්නප්පුව පොලිසිය හා එක්ව 2022 ජූලි මස 31 රාත්‍රී කාලයේ වෙන්නප්පුව නගරයේ සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදි සැකකටයුතු වෑන් රථ 03 ක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කරන ලදී. එහිදී, එම වෑන් රථ තුළ සිටි නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සාහ කළ බවට සැකකෙරෙන වයස අවුරුදු 18 ට වැඩි පිරිමි පුද්ගලයන් 37 ක්, කාත්තාවන් 06 ක් සහ වයස අවුරුදු 18 ට අඩු 04 දෙනෙක් ඇතුළුව පුද්ගලයන් 47 දෙනෙකු සමඟ එම වෑන් රථ 03 අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම සෝදිසි මෙහෙයුමේදි නාවික හමුදා භාරයට ගත් පිරිස යාපනය, වව්නියාව, ත්‍රිකුණාමලය, කල්මුනේ, මඩකලපුව, පුත්තලම, හලාවත, මාරවිල, මහවැව, මුන්දලම සහ වැල්ලවත්ත යන ප්‍රදේශයන්හී පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, එම පිරිස ඉදිරි විමර්ශන කටයුතු සඳහා වෙන්නප්පුව පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

තවද, ජාවාරම්කරුවන් විසින් මුදල් ඉපයීමේ පරමාර්ථයෙන් සංවිධානය කරනු ලබන මෙවැනි මිනිස් ජාවාරම් වලට හසුවී නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කර ජීවිත අවදානමට පත්වීමෙන් සහ නීතිය ඉදිරියේ වරදකරුවෙකු වීමෙන් වළකින ලෙස නාවික හමුදාව මහජනතාව වෙත අවධාරණය කරනු ලබයි.

29/06/2022

ජුලි මස 22 වැනි දින පෙට්‍රල් තොගයක් ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) තහවුරු කළ බව අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවසීය.

අපේක්ෂිත නැව්ගත කිරීමට පෙර තවත් ඉන්ධන තොග සපයා ගැනීමට ද සාකච්ඡා සහ උත්සාහයන් ක්‍රියාත්මක බව සාගල රත්නායක වැඩිදුරටත් පැවසීය.

ජූලි මස මුලදී ඩීසල් නැව්ගත කිරීමක් අපේක්ෂා කරන අතර, ජූලි 22 වනදා වන විට ඉන්දියාවෙන් පෙට්‍රල් නැව්ගත කිරීමක් අපේක්ෂා කළත්, ජූලි 10 වනදා වන විට පෙට්‍රල් තොගයක් ලබා ගැනීමට CPC උත්සාහ කරමින් සිටින බව ඔහු අනාවරණය කළේය.

අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ වන විට රටේ පවතින ඉන්ධන තොග පිළිබඳ විස්තරයක් ලබා දුන්නා.

ඉන්ධන තොග පිළිබඳ යාවත්කාලීන කිරීම පහත දැක්වේ:

ශ්‍රී ලංකාවේ දැනට ඩීසල් මෙට්‍රික් ටොන් 11,000ක්, පෙට්‍රල් මෙට්‍රික් ටොන් 5,000ක්, උදුන් තෙල් මෙට්‍රික් ටොන් 30,000ක් සහ ජෙට් ඉන්ධන මෙට්‍රික් ටොන් 800ක් ඇත.

ඩීසල් මෙට්‍රික් ටොන් 38,000 ක නැව්ගත කිරීමක් ජූලි 11 සිට 15 දක්වා ලැබෙනු ඇත.

දැනට පවතින ඩීසල් තොග අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් නව තොගය දිවයිනට පැමිණෙන තෙක් ලබා ගත හැක.

කෙසේ වෙතත් ගෑස් සැපයීම සම්බන්ධයෙන් කිසිදු ගැටළුවක් ඇති නොවන බවයි සාගල රත්නායක වැඩිදුරටත් කියා සිටියේ.

ගෑස් සැපයුම පිළිබඳ යාවත්කාලීන කිරීම පහත දැක්වේ:

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම ඉදිරි මාස හතර සඳහා ගෑස් මෙට්‍රික් ටොන් 100,000ක් ලබා ගැනීමට නියමිතය.

මෙට්‍රික් ටොන් 33,000 ක නැව්ගත කිරීම් ජූලි මාසයේදී පැමිණෙනු ඇත.

නැව්ගත කිරීම් ජූලි 6, 10, 16, 19, 21 සහ 31 යන දිනවල සිදු කෙරේ.

ලිට්‍රෝ සමාගම විසින් ලෝක බැංකුවේ ආධාර ඇතිව LP ගෑස් මිලදී ගැනීමට නියමිතයි.

මිලදී ගැනීමේ ගිවිසුම අද (29) හෝ හෙට (30) අත්සන් කිරීමට නියමිතය.

2022-06-29
SUBSCRIBE : https://youtu.be/WbUxPsUDrGw

11/04/2022

Link : https://youtu.be/3SX2GpDaPs4
mass protest continues ගාලූමුවදොර ජනතා විරෝධය නොනැවති ඉදිරියට

09/02/2022
දුරුතු පුර පසලොස්වක පොහෝ දිනය අදයි...ලක්වාසී බෞද්ධයින් මහත් හරසරින් සිහිපත් කරනු ලබන බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය සි...
17/01/2022

දුරුතු පුර පසලොස්වක පොහෝ දිනය අදයි...

ලක්වාසී බෞද්ධයින් මහත් හරසරින් සිහිපත් කරනු ලබන බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය සිදුවූ දුරුතු පුර පසලොස්වක පොහෝ දිනය අදයි. සුමන සමන් දෙවියන්ගේ ආරාධනාව මත බුදුන්වහන්සේ ලක්දිවට වැඩම කොට ඇති අතර නැවත දඹදිවට වැඩම කරන්නට ප්‍රථම ලක්වාසී බොදුනුවන්ට වන්දනා කිරීම සඳහා කේශධාතු මිටක් ලබාදුන් බවත් එම ධාතු නිදන්කොට මහියංගන චෛත්‍ය ඉදිකළ බවත් ශාසන ඉතිහාසයේ සඳහන්ය. එහෙයින් මහියංගණ සෑය අද ද බෞද්ධයින්ගේ මහත් ගෞරවාදරයට පත් වූ ස්ථූපයකි.

බිමිබිසාර රජු විසින් බුදුන් ඇතුළු මහ සඟරුවනට වේළුවනාරාමය පූජා කළේද දුරුතු පොහොය දිනයේදී බව බෞද්ධ ඉතිහාසයේ දැක්වේ. දුරුතු මාසය එළැඹෙන්නේ බැතිබර හැඟුම් වඩ වඩාත් බෞද්ධ ජනී ජනයාගේ සිත් සතන් තුළ පහළ කැරවමිනි. සිරිපා සමය ඇරැඹුණේ පසුගිය උඳුවප් පුර පසළොස්වක පෝය දිනයේ ය.

ක්‍රිස්තු පූර්ව හයවන සියවසේ බුදුරජාණන් වහන්සේ දඹදිව පහළ වූ සමයෙහි අප රටේ වාසය කළේ යක්ෂ, නාග, දේව ගෝත්‍රිකයන් ය. ඌව පළාතේ පිහිටි මහියංගණය අවට යක්ෂ ගෝත්‍රිකයන්ද, කැලණි ගඟ ආශි‍්‍රතව නාග ගෝත්‍රිකයන්ද, කඳුකර ප්‍රදේශයේ දේව ගෝත්‍රිකයන්ද විසූ බව ඉතිහාස ග්‍රන්ථවල සඳහන් වෙයි. එසමයෙහි මහියංගණයේ වාසය කළ යක්ෂ ගෝත්‍රිකයන් පිරිසක් මිනිබේ (අදමිනිපේ) ජනපදයේ මහානාග නම් වූ උයනට රැස්ව දෙපිරිසකට බෙදී මහා සටනකට සැරැසුණු අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ එය නුවණින් දැක සිදුවන්නට යන මහා ජීවිත විනාශය වළකනු වස් ඍද්ධියෙන් ඒ ස්ථානයට වැඩම කළ සේක. ඒ වන විට උන්වහන්සේ වැඩ සිටියේ දඹදිව උරුවෙල්දනව්වේය. එදා බුද්ධත්වයෙන් නව වන මස එළැඹි දුරුතු පසළොස්වක පෝය උදාවී තිබිණි.

අහසෙහි වැඩ සිටි බුදුරජාණන් වහන්සේ පත්කඩය එළා බිම වාඩිවීමට යක්ෂ ගෝත්‍රිකයන්ගෙන් අවසර ඉල්ලී ය. ඔවුන්ගේ අවසරය මත පත්කඩය එළා වාඩි වී ඍද්ධි ප්‍රාතිහාර්ය පෑ සේක. බියට පත් එම යුද්ධාභිමුඛ මහ දෙපිරිස ඈතට පලා ගිය හ. යුද්ධය නවතා සන්සුන් වූ පිරිසට බුදුහිමියෝ දහම් දෙසූහ. අද අපට දක්නට ලැබෙන මහියංගණ මහ සෑය පිහිටුවා ඇත්තේ එම ස්ථානයේ යැයි එදා සිට ප්‍රචලිතය. මෙම අවස්ථාවේ ධර්ම ශ්‍රවණයට සුමන සමන් දිව්‍ය රාජයා ප්‍රධාන දිව්‍ය සමූහයාද රැස්ව සිටියහ. දහම් අසා සෝවාන් ඵලයට සපැමිණි සුමන සමන් දිව්‍ය රාජයා වැඳුම් පිදුම් කරන්නට බුදුහිමිගෙන් පූජනීය වස්තුවක් ඉල්ලා සිටියේය. බුදුහිමියෝ හිස පිරි මැද කේශ ධාතු මිටක් සුමන සමන් දිව්‍ය රාජයන් අත තැබූහ. ඔහු එය රන් කරඬුවක බහා එතැන සත් රියන් උස ඉඳුනිල් මිණි වෙහෙරක් ඉදි කළ බව පැවැසේ. බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩම කළ පසු ඉදිකළ ප්‍රථම ස්තූපය වන්නේ මහියංගණ මහා සෑයයි. අද එය පඨමක චෛත්‍ය මියුගුණ සෑය, මහියංගණ මහා සෑය යන නම් වලින් හැඳින්වෙයි.

මියුගුණ සෑයේ නිදන් වස්තු සම්බන්ධයෙන් තවත් විස්තරයක් අන් තැනෙක සඳහන්වේ. එනම් සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු පැවැති ආදාහනෝත්සවයේ දී බුදු සිරුර දැවෙමින් තිබිය දී සැරියුත් මහ තෙරුන්ගේ ශිෂ්‍යයෙකු වූ සරභු මහ තෙරුන් වහන්සේ ලබාගත් ගී‍්‍රවා ධාතුව (ගෙල පෙදෙසින්) මහියංගණ සෑයේ නිදන් කළ බව ය. ඒ අනුව මහියංගණ සෑයේ කේශ ධාතු හා ගී‍්‍රවා ධාතු වහන්සේ යන දෙනමම වැඩ සිටීම විශේෂ කරුණක් වශයෙන් ගැනේ. ඒ වන විට මෙම සෑය දොළොස් රියන් උස මේඝ වර්ණයෙන් ඉදිකළ බව කියැවේ.

කාලයක් තිස්සේ නිහඬ බවේ සිටි මියු ගුණ සෑ රද පිළිබඳව යළිත් කියැවෙන්නේ දෙවන පෑ තිස් නරනිඳු සමයේ ය. එනම් ක්‍රිස්තු පූර්ව තුන්වන සිය වසැ දී පමණ මෙම සෑය තිස් රියන් උසට ඉදිකරන ලදී. ඒ පෑතිස් නිරිඳුන්ගේ මලණුවන් වූ ශුද්ධ චූලාභය කුමරුන් විසිනි. අනතුරුව දුටුගැමුණු මහ රජතුමා අසූරියන් උසට මෙම සෑය ඉදි කළේ ය. එසමයෙහි එළාර නම් ද්‍රවිඩ රජතුමාගේ යුද බලකොටුවක් මෙහි විය. දුටුගැමුණු රජු එය වනසා දමා මෙම පෙදෙස සිය බලයට නතු කැර ගත්තේ ය. දමිළ බලය පරදා ලද මෙම ජයග්‍රහණය ගැමුණු රජුගේ යුද සටන්වල මූලාරම්භය ද වේ. මෙලෙසට සෑ රජුට ගෞරවය පුද කළේ එම ජයග්‍රහණය නිමිති කැරගෙනය.

තවත් වැදගත් ඓතිහාසික කරුණකට මෙම පෙදෙස මූලාශ්‍රය වෙයි. එනම්, සිරිසඟ බෝ කුමරු නන්ද තෙරුන් යටතේ හැදී වැඩුණේ ද මෙම පින් බිමේ ය. තවද මානවම්ම කුමරු, දෙවැනි සේන, හතරවැනි කාශ්‍යප යන නම් දරන රජවරු මෙම පූජා භූමියේ දියුණුවට කටයුතු කළහ. පොළොන්නරු රාජ්‍ය සමයේ දී පළමුවැනි විජයබාහු රජතුමා මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකැර තිබේ. කෝට්ටේ යුගයේ දී හය වන පැරකුම්බා රජ මෙම දාගැබ යළි ප්‍රතිසංස්කරණය කළ බව සඳහන් ය. මහනුවර යුගය වන විට වීර වික්‍රම ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ, විජය රාජසිංහ , කීර්ති ශ්‍රී රාජසිංහ යන නරපතියන් මෙම දාගැබ විවිධ පුද පූජාවන්ට හා දියුණුවට බඳුන් කළහ.

විදේශීය ආක්‍රමණ අබියස මෙම පින්බිම විටින් විට වන ගත විය. එහෙත් සෑ රජුගේ වර්තමාන පුනර්ජීවයට අඩිතාලම වැටුණේ 1953 වර්ෂයේ දීය. එම වර්ෂයේදී එහි ප්‍රතිසංස්කරණයට මුල්ගල තැබිණි. නැවැත 1955 වර්ෂයේ දී ධාතු නිදානෝත්සවය,1956 හතරැස් කොටුවේ ධාතු නිදානෝත්සවය,1961 දී කොත් කැරැල්ල මුදුණේ චූඩා මාණික්‍ය පැළැඳවීම ආදි පිළිසකර කටයුතු සිදුවීමත් සමඟ ඉතා වටිනා ඓතිහාසික පුද බිමක සිරියෙන් විරාජමාන වන්නට යෙදුණේ ය.

ඔබ සැමට සදහම් සිසිලෙන්
නැණදම්, ගුණදම් ඔපවත් වන
උතුම් දුරුතු පොහෝ දිනක් වේවා..
SUBSCRIBE:https://youtu.be/WbUxPsUDrGw

උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනය අදයි...ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසකට මුල් වූ උඳුවප් පුර පසළොස්වක පොහොය අදට යෙදී තිබෙ...
18/12/2021

උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනය අදයි...

ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසකට මුල් වූ උඳුවප් පුර පසළොස්වක පොහොය අදට යෙදී තිබෙනවා. ව්‍යවහාර වර්ෂයෙන් අවසාන පසළොස්වක පොහෝ දිනය ශ්‍රී ලාංකික අපට විශේෂයෙන් වැදගත් වන්නේ අප රටේ භික්ෂුනී ශාසනයේ ආරම්භය සහ අසදෘෂ බෝධිරාජයාණන් වහන්සේගේ ආගමනය සිදුවු නිසාවෙනි. සංඝමිත්තා මහ රහත් තෙරණිය ඇතුළු මෙහෙණින් වහන්සේ 11 නමක් ප්‍රමුඛ දූත පිරිස, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්‍ෂිණ ශාඛාව රැගෙන දිවයිනට වැඩම කළේ අද වැනි උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනකයි.

ඒ සමඟ ශ්‍රී ලංකාවේ භික්‍ෂුණි ශාසනය ආරම්භ විය. මෙරට කාන්තාවන්ට එතෙක් නොතිබූ ජාතික හා ආගමික නිදහස හිමිවූයේ මෙහෙණි සසුන ආරම්භ වීමත් සමඟයි. දෙවන පෑතිස්ස රජුගේ ඉල්ලීමකට අනුව ධර්මාශෝක අධිරාජ්‍යයාගේ අනුග්‍රහය ඇතිව, මෙරට ආගමික හා සමාජයීය වෙනස්කම් රැසක් සිදුවිය.

මිහිඳු හිමියන්ගේ ලංකා ගමනින් මසකට පසු සංඝමිත්තා තෙරණියගේ ආගමනය සිහි කරමින් පෙරහැර උත්සව ආදිය පැවැත්වේ. ලංකාවාසී බැතිමතුන් මහත් භක්තියෙන් වැඳ නමස්කාර කරන ශ්‍රී පාදය සමය ආරම්භ වන්නේද උඳුවප් පුර පසලොස්වක පොහොය දිනයෙනි.

ඔබ සැමට සුපින්බර උඳුවප් පුන් පොහෝ දිනයක් වේවා ....!

SUBSCRIBE:https://youtu.be/WbUxPsUDrGw

Address


Website

Alerts

Be the first to know and let us send you an email when News Sril anka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share