Grandline Cafe

  • Home
  • Grandline Cafe

Grandline Cafe Welcome aboard Nakama🖤We are here to find World's Greatest Treasure ONE PIECE.Let's set sail Jointly

Co-Founder of Big mom pirates. Streusenත් Rocksගෙ crew එකේ කොටසක් විදිහට God Valleyවලට ඇවිත් තියෙනවා.( Whitebeardගෙ තොප්...
10/11/2023

Co-Founder of Big mom pirates. Streusenත් Rocksගෙ crew එකේ කොටසක් විදිහට God Valleyවලට ඇවිත් තියෙනවා.

( Whitebeardගෙ තොප්පියෙ තාමත් එයා එයාගෙ Logo එකමයි නේද use කරන්නෙ. 🤔)

Her jewels 💎 Bonny එයාගෙ "Sapphire Scales" තිබුණු තැනට Piercing එකක් එකතු කරගෙන වගේ. 🤔 ( At age 12? That's some ballsy m...
10/11/2023

Her jewels 💎
Bonny එයාගෙ "Sapphire Scales" තිබුණු තැනට Piercing එකක් එකතු කරගෙන වගේ. 🤔
( At age 12? That's some ballsy move)

This is my peak. This is Gear 5th
09/11/2023

This is my peak.
This is Gear 5th

Anime only අය දැකලා නෑ. 🤭🤣🤣🤣
09/11/2023

Anime only අය දැකලා නෑ. 🤭🤣🤣🤣

මේක නම් අවුල් හිතෙන chapter එකක්. 😥Kumaට නම් පට්ට අසාධාරණයක් වෙන්නෙ One pieceවලින්.😑 පොරව abuse කරනවා වැඩියි. ( One piec...
09/11/2023

මේක නම් අවුල් හිතෙන chapter එකක්. 😥Kumaට නම් පට්ට අසාධාරණයක් වෙන්නෙ One pieceවලින්.😑 පොරව abuse කරනවා වැඩියි. ( One piece Gold එකේ Tesoroගෙ backstory එක මතක් වුනේ මට විතරද? One piece supposed to be fun?) 😣

Bonnyට අවුරුදු 12යි. Bonny කියන්නෙ Kumaගෙ දුවම නෙවේ කියන එක ගැන මට හිතුනා මොකද, Aceට Monkey D. නම තිබුන්නෑ වගේ Bonnyගෙත් Last Name එක Bartholomew නොවී Jewelry කියලා තිබුණ නිසා.

Bonny, Imuගෙ දුව වෙන්න බැරි නැහැ. 🤔 Ginny මැරෙන්න ප්‍රධාන හේතුව වුනේ එයා Natural Light එකට expose වෙච්ච නිසාලුනෙ. Goroseiලා Imu ඉස්සරහා දණගහන වෙලාවෙදි එයාලා Imuගෙන් අහනවා "මොන light එකද මේ වතාවෙ අයින් කරන්න ඕනෙ කියලා." ඒ දේවල් කියුවහම මට ගොඩක්ම මගෙ ඔලුවට මුලින්ම ආවෙ "The 100 Series එක". ඒකෙදි පෘථිවිය අවුරුදු 97කට කලින් න්‍යෂ්ටික යුද්දෙකින් විනාස වෙනවා. ඒ විකිරණවලින් බේරෙන්න මිනිස්සු කොට්ටාශයක් පොළව ඇතුළෙ බංකරවල ජීවත් වෙනවා අවුරුදු 97ක් යනකන්ම. ඒ විදිහට එයාලා පරම්පරා ගාණක්ම ඉර එලියවත් ඇගැට වැටෙන්නැතිවෙන්න ජීවත් වුණු නිසා එයාලා එයාලගෙ ඇඟ සාමාන්‍ය ඉර එලිය වැටුණත් එයාලව පිච්චෙනවා" 🤔 ඒ නිසාම මට අවුරුද්දකට කලින් විතර කියවපු theory එකකුත් මතක්වුනා
" Celestial Dragonsලා space suit එකක් වගේ ඇඳුමක් ඇඳන් ඉන්නෙ, අවුරුදු 800කට කලින් න්‍යෂ්ටික යුද්ධයක් වුණු නිසා. මේ හේතුව නිසයිලු One piece ලෝකෙ Fishmanලා, Minkලා වගේ අය ඉන්නෙත්, ඇඟවල් අමුතු විදිහට හැදුණු මිනිස්සු ඉන්නෙත්. Devil fruits කියන්නෙ මේ event එකේ radiation නිසා හැදුණු දේවල්ලු. ඒ වගේම Celestial Dragonsලා එයාලව විශේෂ විදිහට සලකන්නෙ එයාලා විකිරණවලින් වෙනස් වෙලා නැති නිසා කියලා." ( ඒ විදිහට ලිව්වොත් Void century එකේ වෙච්ච දේවල් ජපානෙට බෝම්බ අත ඇරපු එක ගැන කතාවකට සමාන වෙන්න පුලුවන්)

Imu ශතවර්ෂ 8ක් විතර Pangea castle එක ඇතුලෙම හිටියා කියලා හිතුවොත්, Imuටත් ඒ වගේ ලෙඩක් හැදුනා වෙන්න පුලුවන්. ( Ginnyගෙ ලෙඩේ ගැන කියද්දි her skin turned "All Blue" කියපු එකනම් ලොකු විශේෂත්වයක් නැතුව ඇති ඒත්, ගොඩක් අය බලාපොරොත්තු වෙන්නෙ Imuගෙ power එක මුහුදට සම්බන්ධ වේවි කියලා නිසා ඒක හිතලම එකතු කරපු දෙයක්ද දන්නෙ නැහැ.) Imu දැන් Viviගෙ පස්සෙන් යනවනෙ. 😑 පොරට ගෑනු පස්සෙ යන්නෙ නැතුව මුලින්ම ලෙඩක් තියෙනවනම් ඒක ගැන බලන්න බැරිද දන්නෑ. ( මට ළඟදි හිතුන දෙයක් මේ දේවල් නිසා ආයෙ මතක් වුනා, Chopperගෙ නහය නිල් පාට වෙච්ච එකට හේතුවක් තියෙනවද දන්නෙ නැහැ. Chopperගෙ dream එක වෙන්නෙ ඕනම දෙයක් හොඳ කරන්න පුලුවන් බෙහෙතක් හදන නිසා මේකත් ඒවට සම්බන්ධද දන්නෑ🤔)

Bonnyගෙ eye piercing තියෙන්නෙ කලින් එයාගෙ Saphire scales තිබුණු තැන. 😯 මේ chapter එක කියවද්දි අමුතුම විදිහට දැනුන line එකක් තිබුනා , " Hey Bonny, If you were to go on a trip, where would you like to go?" 🥺 Bonny කියනවනෙ එයාට Sky Islandsවලට යන්න ඕනෙ කියලා. Bonny ඒ ගැන දැනගෙන තියෙන්නෙ නිතරම Kumaගෙ අතේ තියෙන bible එකෙන්.( Bible එකේ එහෙම දේවල් තියෙන්නෙ කොහොමද කියලනම් මම දන්නෙ නැහැ. ඒත් Thriller barkවලදි එහෙමත් Kuma ඔය ප්‍රශ්නෙ Peronaගෙන් ඇහුවම එයා උත්තර දෙද්දි Kuma එයාගෙ පොත පෙරළලා බලනවා. සමහරවිට Mihawkගෙ castle එක තියෙන දූපත ගැනත් ඒ පොතේ ලියලා තියෙන්න ඇති)

Bonnyට Akainuගෙන් බේරෙන්න ලැබුනෙ එයා Celestial Dragon කෙනෙක් නිසාද? ඔයාලා හිතුවොත් 🤔 Bonnyට අවුරුදු 12ක් වෙලත් එයාට 320 Million bounty එකක් තියෙනවා.

අපි දන්නවනෙ Kuma මේ වෙලාවෙ ලෝකෙවටේ දුවනවා කියලා. 🤔 අන්තිමට Kuma ගියා කියලා පෙන්නුවෙ, Pangea Castle එකට නිසා, Kuma යන්නෙ Ginny හිටපු තැන්වලටද? එහෙම වුනොත් Kuma ඊළඟට යන්න ඕනෙ Sorbetවල පල්ලියට. (මම හිතන් හිටියෙ Kumaගෙ වලස් කන් දෙක එයාගෙ තොප්පියෙ කෑල්ලක් කියලා. ඒත් ඒ එයාගෙ කොණ්ඩෙ. 🐻) ගොඩක් වෙලාවට ඊළඟ chapter එකෙන් Kumaව Sorbetවල Tyrant කියන්නෙ ඇයි කියලා දැනගන්න ලැබේවි.

Bonny කියන්නෙ Imuගෙ දුවමයි කියන එක ලොකුවට ඔලුවට ගන්න එපා. ඒත් වෙන celestial dragon කෙනෙක් එක්ක සම්බන්දා කරලා කතාවක් ගේනවා වෙනුවට කතාවට අදාළ විදිහට flow එක ගෙනියයි කියලා තමා මම ඒ අදහස ඉදිරිපත් කරේ. Alabasta, Wano, Dressarosa වගේ saga පටන් ගද්දි Vivi, Momonosuke, Rebecca වගේ අලුතෙන් එකතුවුණු charactersලා කතාවට relevant වෙච්ච royal familyවල අය වුණු නිසා Bonnyටත් ඒ වගේ දෙයක් වේවියි කියලා හිතෙනවා.

4$sight.

Chapter 1097අවුරුදු 22කට කලින් Dragon, Ivankov, Kumaව එයාලගෙ revolutionary army එකට එකතු කරගත්තා. මේ Rogerගෙ ex*****on එ...
02/11/2023

Chapter 1097

අවුරුදු 22කට කලින් Dragon, Ivankov, Kumaව එයාලගෙ revolutionary army එකට එකතු කරගත්තා. මේ Rogerගෙ ex*****on එකට අවුරුදු 2කට කලින්, ඊට අවුරුද්දකට පස්සෙ Roger, Laugh taleවලට යනවා වගේම තවත් අවුරුද්දකට පස්සෙ එයාගෙ ex*****on එකත් එක්ක "Great Pirate Era" එක පටන් ගන්නවා. තවම Revolutionary Army විදිහට එයාලා ප්‍රසිද්ධ නැහැ වගේම Dragon කියපු විදිහට එයාලට අවශ්‍ය ප්‍රමාණයට ආධාර නැහැලු. දැනට එයාලා කුලී හමුදාවක් විදිහට corrupt monarchs පෙරලන්න හදන බලවේගවෙලට හෙවනැලිවල ඉඳන් උපකාර දෙනවා විතරයි. Great Pirate Era එකේ ආරම්භයත් එක්ක, මිනිස්සු government එකේ කොඩිය යටතෙ ඉන්නවා වෙනුවට එයාලගෙ Freedom එක හොයන්න ගත්ත නිසා Revolutionary Army එකට ඊළඟ අවුරුදු කිහිපය ඇතුළත ගොඩක් ඉස්සරහට යන්න පුලුවන් වෙලා තියෙනවා. ( එහෙම වෙලත් අවුරුදු 8කට කලින් තිබුණු reverie එකේදි Wapolවගේ අය Dragonව තර්ජනයක් විදිහට දැක්කෙ නැහැ. 😑)

අපිට මේ chapter එකෙන් confirm කරා Dragon කියන්නෙ හිටපු Navy member කෙනෙක් කියලා. Admiralද නැද්ද කියලනම් කීවෙ නැහැ. Dragon කියන්නෙ Admiral කෙනෙක්නම්, Aokijiත් සලකපුවහම Admiralලා දෙන්නෙක්ම Marineලගෙන් අයින්වෙලා Government එකට විරුද්ධ කණ්ඩායම් එක්ක එකතු වෙලා තියෙනවා. ( දෙන්නම Garpට සම්බන්ධ අය, Ohara incident එක වෙනකොට Akainu, Aokiji දෙන්නම Vice Admiralලා. Admiral වුනොත් එයාලටත් උඩින් තමා Dragon ඉඳලා තියෙන්නෙ. Smoker, Aokijiව දන්න එකේ, Dragonව Logue Townවලට කලින් හම්බෙලා තියෙනවා ඇති🤔)

අපිට Wanoමුලදි revolutionary army captainලා තුන්දෙනා එකතුවෙනවා පෙන්නුවනෙ. එයාලගෙන්,
Morley - Western Army Captain
Karasu - Northern Army Captain
Lingberg - Southern Army Captain විදිහටත්, Bello Bettyව Eastern Force Captain විදිහටත් නම් කරලා තිබුනා. Ivankov කියන්නෙ G-Army captain, ඒ කියන්නෙ Grandlineවලට හිටියෙ එයා. 🤔අවුරුදු, 14කට කලින් කලින් Ginny කියන්නෙ Eastern Force captain නිසා, එයා වෙනුවට Bello Betty පස්සෙ පත්වෙලා තියෙනවා.( හදිස්සියෙවත්, Traitor කෙනෙක් හිටියොත් ඒ කෙනා Bello Betty වේවි කියලත් හිතෙනවා). chapter එක ඉවර වුනේ Ginnyව අල්ලගත්තා කියනවත් එක්ක.( නිකමට හිතෙනවා Akainu හෝ Aokiji කියලා 😑 අපි තාම Backstory එකේ Revolutionary Army එකත් එක්ක Navy එක මැදිහත් වෙනවා දැක්කෙ නැහැනෙ. එහෙම නැතුව Ryokyugu හරි Fujitora වගේ උනානම් පට්ට. 😯 Time Skip එකට කලින් එයාලා මොනවද කරේ කියලා අපි කිසි දෙයක් දන්නෑනෙ) අපි දැනට දන්න දේවල් අනුව, ඊළඟට අපි Dragon, Kuma, Ivankovව දැක්කෙ Goa Kingdomවලදි Ace,Sabo,Luffyගෙ backstory එකෙන්, අවුරුදු 12කට කලින්. එතනදිනම් Kumaට අපි දැකලා තියෙන සුපුරුදු මලානික පෙනුම තමයි තිබුනෙ, ඒ නිසා 😥 Ginnyට මොනා හරි වෙලා වෙන්නෝන. Goa Kingdomවලදි Dragon එයාගෙ Wind Power එක පාවිච්චි කරපු නිසා බොහෝ දුරට ඒ වෙනකොට එයා ළඟ Devil fruit එකක් තියෙනවා. මෙතනින් පස්සෙ තමයි,
- Ivankov, Impel Downවලට යන්නෙත්
- Kuma, Warlord කෙනෙක් වෙන්නෙත් ( මට තාම පැහැදිලි නැහැ, Kuma කොහොමද Sorbetවල king වෙන්න කියලා)
මේ දේවල් නිසා Revolutionary Army එක ඉස්සරහට යන එක ටිකක් අඩාල වෙන්න ඇති. පස්සෙ කාලෙක, Saboවගේ new generation එකේ අය නිසා වෙන්න ඕනෙ ආපහු ලොකු බලපෑමක් කරන්න පුලුවන් සංවිධානයක් වෙන්න පුලුවන් වුනේ. Ginnyටත් captain position එකක් තිබුනු එකේ, Kuma, Warlord කෙනෙක් වෙන්න කලින් එයා මොනවගේ තැනකද දන්නෑ හිටියෙ.(😑 ඇයි මේ Luffyගෙ අම්මා ගැන මුකුත් දෙන්නැත්තෙ?)

අවුරුදු 22කට කලින් අපි Dragonව දකිද්දි එයාට එයාගෙ tattoo එක තිබුන්නෑ. Ivankovට මේ වෙනකොට devil fruit එක තිබුණද කියලා අපිට පෙන්නුවෙත් නැහැ. අවුරුදු 14කට පස්සෙ පෙන්නනකොට එයාලා Baltigoවල එයාලගෙ main base එක හදලා වගේම Dragonට tattoo එකත් තියෙනවා. 🤔 Luffy ඉපදුනේ මේ අතර මැද කාලෙදි. ( Luffyට දැන් 20යි). SBS එක්කින් Bonnyගෙ වයස 24ක් කියලා දීලා තිබුනත්, Oda Bonny ගැන විශේෂ කරලම කීවා ඒක estimated age එකක් විතරයි කියලා. ඒ වගේම අවුරුදු 22කට කලින් Kuma එක්ක කිසිම ළමයෙක් ඉන්නවා කියලා අපිට පෙන්නුවෙත් නැහැනෙ. නිතරම වගේ Saturn, Vegapunkවගේ අය Bonny කියන්නෙ පොඩි ළමයෙක් විතරයි කියලා කියන නිසා Bonny අපි හිතනවට වඩා ගොඩක් වයසින් බාලයි වගේ. 😶 ( එයා මනුස්සයෙක්මද කියලත් ෂුවර් නැහැ).

Kumaගෙ backstory එක හොඳින් අවසන් වෙන්නෑ කියලා දන්න නිසාම, අලුත් chapter එකක් කියවද්දි nervousගතිය ටික ටික වැඩිවෙනවා.😖 Kuma, Ivankov, Ginny තුන්දෙනාගෙත් Celestial Dragon mark එක තියෙනවද දන්නෙ නැහැ. 😶

4$ight.

Theory by Reddit user r/G0RILLAB00B .(මම මේක කියෙව්වෙ The Will of Marco page එකෙන්) One pieceවලින් අපි තවමත් eye patch එ...
30/10/2023

Theory by Reddit user r/G0RILLAB00B .(මම මේක කියෙව්වෙ The Will of Marco page එකෙන්)

One pieceවලින් අපි තවමත් eye patch එකක් දාපු pirate කෙනෙක්ව දැක්කෙ නැහැනෙ. Oda 2007 interview එකේදි Eye patch එකක් දාපු Pirate කෙනෙක් ගැන කීවෙ Rocks ගැන වෙන්නෝන.

Rocksගෙ jolly roger එක පෙන්නපු දෙවතාවෙදිම, Skullඑකේ වම් ඇහේ පොඩි සලකුනක් දාලා තිබිලා තියෙනවා. 😉

(පල්ලෙහායින් දාලා තියෙනවා 2007 interviewඑකේදි කියපු දේවල්)

😗👉👈 Hebi Hebi Nomi, Model: Winged Serpent 😏 ඔට්ටුවකුත් දාලා තියෙන්නෙ.
30/10/2023

😗👉👈
Hebi Hebi Nomi, Model: Winged Serpent
😏 ඔට්ටුවකුත් දාලා තියෙන්නෙ.

Don't know what to do with this information 🤔
28/10/2023

Don't know what to do with this information 🤔

මට මේක ගැන ගානක් ගියෙම නැහැ. 🥶 Roger දාගෙන ඉන්නෙ straw hat එක නේද? මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා එතකොට, Chapter 957දි Sen...
27/10/2023

මට මේක ගැන ගානක් ගියෙම නැහැ. 🥶 Roger දාගෙන ඉන්නෙ straw hat එක නේද?

මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා එතකොට, Chapter 957දි Sengoku, God Valley incident එක ගැන මතක් කරනකොට Roger රැවුල තිබුනා වගේම දාගෙන හිටියෙ එයාගෙ අනික් තොප්පිය. Film Red එකෙත් Roger, Shanksව හොයාගන්නකොට රැවුලයි අනික් තොප්පියයි තමා තියෙන්නෙ. Odaට වැරදිලාද? එහෙම නැත්තම් Rogerට හොඳ කරන්න බැරි ලෙඩක් හැදුන එකට මේක සම්බන්ධයිද?😮

Edit: Reyleigh, Saboadiවලදි කියපු හැටියට Rogerට ලෙඩේ හැදුනෙ එයාගෙ ex*****on එකට හරියටම අවුරුදු 4කට කලින්. ඒ කියන්නෙ අවුරුදු 28කට කලින්. ඒ නිසා මේක වුනේ, chapter 957 එද්දි Oda God Valley incident එකට අදාලව Character designs කරලා තිබ්බෙ නැති නිසා වෙන්න පුලුවන්.

God Valley incident එක වෙනකොට Bigmomගෙ වයස අවුරුදු 30යි. ඒ වෙනකොටත් එයාට ළමයි 29දෙනෙක් හිටියා වගේම, God Valley incident ...
27/10/2023

God Valley incident එක වෙනකොට Bigmomගෙ වයස අවුරුදු 30යි. ඒ වෙනකොටත් එයාට ළමයි 29දෙනෙක් හිටියා වගේම, God Valley incident එක වුනේ Charlotte Mont'dor ඉපදුන අලුත හෝ pregnant වෙලා ඉන්න කාලෙදි.

Charlotte Mont'dorගෙ පෙනුමත් ටිකක් Buggyවගේ. 😏
ඒත් Big momගෙ motive එක වුනේ strong genes තියෙන ළමයි හදන එක නෙවේනෙ, එයාට එයාගෙ ළමයි කියන්නෙ collection එකක් විතරක් වගේ නිසා. Rocks, Kaidoවගේ අයගෙන් ළමයෙක් ලැබුනා කියලා හිතන්න අමාරුයි.

Chapter 1096මේකනම් Thick Chapter එකක්🤩. මෙතනින් එතකොට Kuma, God Valley ගැන දන්න දේවල් ඉවර වෙනවා. ඒ නිසා God Valleyවලට සම...
26/10/2023

Chapter 1096

මේකනම් Thick Chapter එකක්🤩. මෙතනින් එතකොට Kuma, God Valley ගැන දන්න දේවල් ඉවර වෙනවා. ඒ නිසා God Valleyවලට සම්බන්ධ වෙච්ච වෙන කෙනෙක්ගෙ perspective එකෙන් වෙන්න ඕන God Valley ගැන ඉතුරු ටික දැනගන්න ලැබෙන්නෙ. Blackbeardගෙ perspective එකෙන් Xebecගෙ අවසානය දැනගන්න ලැබේවි. 😣 Rogerව Aceවගේ දකිනකොට ටිකක් දුකත් හිතෙනවා.

Rocksගෙ crew එකේ හිටියෙ Glorissa මිසක් Shakki නෙවෙයි. ඒ නිසා Shakkiකේගෙ crew එකේද දන්නෑ හිටියෙ. එහෙම නැත්තම්, එයාම Captain විදිහට previous Kuja Piratesලා lead කරා වෙන්න පුලුවන්. Glorissa, Reyleigh එක්ක කතා කරනකොට එයා කියනවා එයා මුහුදට ගියෙ එයාටත් Love sickness එක හැදුන නිසාලු.( මේක curse එකක් වගේද දන්නෑ). අපි මීට කලින් හිතුවෙ ඒ කෙනා Kaido වෙන්න ඇති කියලා, ඒත් Kaido ගොඩක් බාලයි වගේම, අපිට පෙන්නපු panel එකෙන් ඒ දෙන්නා අතරෙ කිසිම relationship එකක් තියෙනවා කියලා පෙන්නුවෙ නැහැ(එතකොට කවුද දන්නෑ Yamatoගෙ අම්මා 🤔). ඒක නිසා Glorissa, ගියෙ Rocksගෙ පස්සෙන් එහෙම නැත්තම් Whitebeard, Stussyත් එක්ක දෙකක් run කරලා😆

Captain Johnගෙ ඇබ්බැහිකමනම්, මැරුනට පස්සෙත් එයා එක්කම ඇවිත් වගේ. ඊට අමතරව Rocksගෙ crew එකේ හිටපු තව තුන් හතර දෙනෙක්වම Moria, General Zombieලා කරලා තියෙනවා. Whang chiකියන්නෙ Gold Armor එකක් තියෙන ඩයල් එකත් අපි Moriaගෙ Zombieලගෙන් එක්කෙනෙක් විදිහට දැක්කා, ඒත් Blackbeard, Hachinosu අල්ලගන්නකොට Wang chi කියලා කෙනෙක්ව පැරැද්දුවා කියලා කිව්වනෙ. ඒ නිසා Luffyවගේ කෙනෙක් බොරුවට හිටියා වගේ, Wang chi විදිහටත් imposter කෙනෙක් හිටියා වෙන්න ඕනෙ.

Garp දන්නවද God Valleyවලට Celestial Dragonලා කරන්න යන දේ? අපි හිතුවට Dragon, God Valleyවල හිටියා කියලා පෙන්නුවෙත් නැහැ. Bogardනම් ඉන්නවා 😅. මේ කාලෙ Fleet Admiral විදිහට හිටියෙ Kong, එයා Garpව Hachinosuවලට යැව්ව එකේ, God Valleyවලට Sen gokuත් සම්බන්ධ වේවි. මම කලින් කීවා වගේ Whitebeardව නොමඟ යවලා Rocksගෙ crew එක වෙන්කරන්න ප්‍රධානම හේතුව වෙන්න ඇත්තෙ Sen gokuවෙන්න ඇති. Marinefordවලදි Squardට වුනා වගේම සිද්දියක් Whitebeardට වෙලා ලෝකෙ අනික් අයට Whitebeard, Rocksගෙ උදව්වට එන්නෙ නැතුව fight එකෙන් පැනලා ගියා කියලා කටකතාවක් පැතිරෙන්න ඇති කියලා හිතෙනවා. මොකද Akainu එක තැනකදි කියනවා, " Whitebeard piratesලා Aceව බේරගත්ත ගමන් පැනලා යනවා, විශ්වාස කරන්න අමාරු නැහැ එයාලගෙ Captain Whitebeardනෙ" කියලා. ඒ නිසාම වෙන්න ඇති Whitebeardගෙ death එක
වෙලාවෙදි Narrator විශේෂ කරලම කීවේ "Whitebeard කවදාවත් සටනකට පිටිපස්ස හරවලා නෑ" කියලා.

Kuma කොහොමද දන්නෑ Sorbet Kingdom එකේ පාලකයා වුනේ? 🤔 ළඟදිම බාල්දි ගණන් අඬන්න පුලුවන් Backstory එකක් ඒවි වගේ. 🙂 මේ අතරෙදි Eggheadවල වෙන දේවල් ගැන බලන්නත් ඕනනෙ, ඒ නිසා මේක ගොඩක් විට කොටස් දෙකකට වගේ ඒවි. අවුරුදු 17කට කලින් Luffy,Ace, Sabo ගෙ Backstory එක පෙන්නද්දි Kuma, Dragonගෙ නැවේ හිටපු නිසා, Backstory එකේ මුල් ටිකෙන් Ginnyට මොකද වුනේ වගේ දේවල් පෙන්නලා. Ivankovයි Dragonයි Kumaව ආපහු සැරයක් බේරගෙන Revolutionary army එක හැදුනු හැටි පෙන්නයි. ඊට පස්සෙ Ivankov හිරේට ගියාට පස්සෙ Kumaට මොකද වුනේ කියලා දෙවෙනි Backstory එකකින් පෙන්නයි.( Ivankov අවුරුදු ගානකට පස්සෙ Marinefordවලට එද්දි Kumaව දැකලා පුදුම වුනේ ඒකයි)

තාමත් මට Bonnyගෙ වැදගත්කම තේරෙන්නෙ නැහැ. ඇයි Vegapunk, Bonny, Kumaගෙ මතකය දකිනවට අකමැති වුනේ? එයා Baccanear කෙනෙක් නිසාමයි කියලා හිතෙන්න අමාරුයි, Saturnටවත් ගානක් නැහැනෙ. Bonny ඇයි දන්නෑ Kumaගෙන් ඇහුවෙ, "මටත් දවසක නිදහස් වෙන්න පුලුවන් වෙයිද?" කියලා. 🤨 ඊටත් වඩා, Narrator එක තැනකදි කිව්වා, " Bonnyත් අනිවාර්යයෙන්ම මනුස්සයෙක්" කියලා. 🤨මොකටද ඒ විදිහට කියන්න ඕන හේතුව? මේ දේවල් සමහරවිට Ginnyට සම්බන්ධ දෙයක්ද දන්නෙ නැහැ. 🤔 Akainuගෙන් බේරිලා ගියෙ කොහොමද කියලා කිව්වෙත් නැහැ නේද?

Kaidoට ඇයි දන්නෑ God Valleyවලින් බේරෙන්න Uo Uo nomi එක ඕනෙ වුනේ. 🤔 ලොකුම possibility එක තමයි එයාලට පැනගන්නනම් පියාඹන්න ඕන වුනා කියන එක. මේ වෙනකොට Big momගෙ අතේ තියෙනවා පෙන්නුවෙ, Prometheusයි Napoleonයි විතරයි, ඒ නිසා God Valleyවලදිද දන්නෙ නැහැ Zeusව හැදුවෙ. ඒක ගැලපෙනවා කියලා හිතෙනවා, තුන්දෙනාගෙන් අලුතෙන්ම හදපු බාලම කෙනා Zeus උන එක. ඒ විදිහට එතකොට Big momට පියාඹන්න පුලුවන්නෙ.
ඉස්සරහට අනිවාර්යයෙන් Whitebeard vs Garling fight එකක් බලාගන්න ලැබේවි. 🤩 Shanks, Whitebeardගෙ නැවට ගොඩ වෙනකොට කිව්වනෙ, "Shanksගෙ මූන දැක්කම එයාගෙ chest wound එක ආයෙත් දැනෙනවා කියලා"

Saturn මෙතනදිත් Kuma එක්ක කතා කරද්දි "Time" කියන වචනෙ use කරනවා. මීට කලිනුත් Kizaru, Saturnගෙන් Vegapunk ගැන අහනකොටත් එයා "ඔව් අපි ගොඩාක් කාලෙකට කලින් හම්බුනා" කියලා කියනවා. 🤔පොර කතා කරන විදිහෙන් හිතෙනවා කාලය සම්බන්ධව සීන් එකක් තියෙනවා කියලා. Observation Hakiවලට අනාගතේ දකින්න පුලුවන්, Tokiට අනාගතේට යන්න පුලුවන්නෙ. කතාවට Time travelingවලින් වෙන බාධාව නවත්තන්න ඕන නිසාමද කොහෙද, කාලය හරහා ආපස්සට යන්න බැහැ කියලත් අපි Wanoවලදි දැනගත්තනෙ. 🤔සමහරවිට කාලය නවත්තන්න පුලුවන්ද දන්නෑ. කලින් chapter එකේ Sanji, Vegapunkලව හිටගන්න නොදී නවත්තලා තිබ්බා. Defense Science god නිසා, හැම දෙයක්ම නවත්තන්න පුලුවන් වගේ දෙයක්ද දන්නෑ, හරියට හැමදේකටම Resistorයක් විදිහට වැඩ කරනවා වගේ. කාලය නවත්තන්න පුලුවන් විදිහට. මෙහෙම devil fruit එකක් තියෙන්න පුලුවන්ද? අනිවාර්යයෙන් පුලුවන් මොකද මේකට විරුද්ද concept එක තියෙන පළතුර Punp Pump fruit එකට කෙනෙක්ව motivate කරන්න power එක තියෙනවා.( Bello Bettyගෙ power එක)

අන්තිම විදිහට මට කතාකරන්න තියෙන්නෙ, Garp කියපු Hachinosuවල Crown Jewel එක මොකක්ද කියලා. අනික් Piratesලා Celestial Dragonsලගෙ වස්තුව පස්සෙන් ආවත් Rocks, God Valleyවලට එන්න හේතුව ඒකනෙ. හොඳම possibility එක තමයි, මෙයාලා මේ කියන්නෙ Rogerගෙ නැවේ තිබුණු බිත්තෙරේ ගැන. 🥚
අපි දැන් ඉන්නෙත් "Egg"head Island එකේ නිසා ඒ බිත්තරේ දැන් Vegapunk ගාවවත්ද දන්නෑ තියෙන්නෙ. 🤔 ඒක Punk Recordවගේ අවුරුදු 800කට කලින් වුණු දේවල් ගැන තියෙන Data-Base එකක්ද? ඒ උත්තරේ ලේසි වැඩියි වගේ. 😪 Government එකට තර්ජනය කරන්න පුලුවන් දෙයක් විදිහට පාවිච්චි කරනවා ඇරෙන්න, Rogerටවත්, Rocksටවත් ඒ වගේ දේකින් ප්‍රයෝජනයක් තියෙනවා කියලා මම දකින්නෙ නැහැ. ඔයාලා මොකෝ හිතන්නෙ?

4$ight.

මැරුණත් නවතින්නැති addiction එකක් 😂
26/10/2023

මැරුණත් නවතින්නැති addiction එකක් 😂

Onigashima කොහෙන්ද ආවෙ? 🎃One piece world එකේ දූපත් සිතියමෙන් නැතිවෙන events ගැන අපි අහලා තියෙනවා වගේම, අපි Wanoවලට පස්සෙ...
26/10/2023

Onigashima කොහෙන්ද ආවෙ? 🎃

One piece world එකේ දූපත් සිතියමෙන් නැතිවෙන events ගැන අපි අහලා තියෙනවා වගේම, අපි Wanoවලට පස්සෙ එහෙම event එකක් දැක්කත්නෙ,

මම හිතන්නෙ, දුපත් සිතියමෙන් අයින් කරන එක ගැන පළවෙනියටම ඉදිරිපත් කරේ Oharaවලට. ඒ නිසා Luluciaවගේ Kingdom එකකට වෙච්ච දේ සලකන්නෙ නැතුව, Ohara උදාහරණයක් විදිහට සලකලා ගත්තම, සිතියමෙන් දූපතක් අයින් කරනවා කියන්නෙ ඒ දූපතේ මිනිස්සුන්ට ජීවත් වෙන්න තරම් ඉඩක් ඉතුරු වෙලා නෑ කියලා හෝ ඒ දූපත කිසිම ගහක්වත් හැදෙන්නැති තරමට නිසරු වෙලා නිකම්ම ගලක් වගේ ගොඩබිමක් වෙලා කියන එක. කාලයත් එක්ක මේ දූපත් කොහොමත් මුහුදටම නැතිවෙලා යනවා.

ඒත් සිතියමකින් දූපත් අයින් වෙන්න පුලුවන් එකම විදිහ ඒක නෙවෙයි නේද? Thriller Bark කියන්නෙත් West Blueවලින් ආපු දූපතක් නිසා, ඒ දූපතත් එහෙනම් සිතියමේ නැති වෙන්න ඕන නේද?

ඒ පාර දිගේම අපි හිතලා බැලුවොත්, Odenගෙ Wife කියන්නෙ අතීතෙ ඉඳන් ආවෙ Wano හොයාගන්න, ඒත් එයාට Oden ව හම්බෙනකම් Wano හොයාගන්න බැරිවෙලා තියෙනවා. ඒ නිසා Fandom එකේ අදහසක් තියෙනවා Wano තියෙන්නෙ ඒක තියෙන්න ඕන තැන නෙවේ කියලා, මොකද Toki, Momonosukeව එහෙම අවුරුදු 20ක් අනාගතේට යැව්වම එයාලා මතු වුනේ Odenගෙ Castle එක තිබුණු තැනින්මයි. 😂 එයාලා හිටියෙ උඩ තට්ටුවක නිසා එයාලා මතුවුනෙත් පොළොවට අඩි කිහිපයක් උඩින්. ඒ නිසා Wanoත් තියෙන තැන වෙනස් වුනා වෙන්න පුලුවන්. ( එහෙම නැත්තම් Toki කියන්නෙ Zoroගෙ නෑයෙක්) 😪

ඊළඟ random idea එක වුනේ Onigashima ගැන, Oden, Wanoවල ඉන්න කාලෙ onigashima එහෙ තිබුන්නැහැ මම හිතන්නෙ. ඒ නිසාම වෙන්න ඕනෙ Orochi, Onigashima එයාගෙ territory එකක් කියලා සලකලා නැත්තෙත්. මේකෙන් හැබැයි මට තිබුණු ලොකු ප්‍රශ්නයක් විසඳෙනවා, ඒ තමා Kaidoගෙ නැව කොහෙද කියන එක. Kaidoට නැවක් ඕනද? 😪, Fishmanලටත් නැවක් තිබ්බ එකේ Kaidoටත් එකක් තියෙන්න ඕනනෙහ්. Shiki පාවෙන දූපතක් එයාගෙ නැව විදිහට පාවිච්චි කරා වගේ Kaidoත් Onigashima එයාගෙ නැව විදිහට සලකලා වගේ. ඔයාලට හිතෙන්න පුලුවන්, Onigashima පාවෙන්නෙ Kaidoගෙ flame cloudsවලින් නිසා ඒක එයාගෙ නැව කියලා සලකන්න බැහැ කියලා. ඒත් Shikiගෙ නැව විතරක් නෙවෙයි, Enel ගෙ Maxim එක වුණත් පාවුනේ එයාලගෙ Devil Fruit abilities නිසා. Blackbeardගෙ ගස් කඳන් සෙට් එක නැවක් කියලා සලකන එකේ තඩි පස් ගොඩක් කියන්නෙ nothing 🤣. කොහොම වුණත් මේ නිසා, Onigashimaවල තියෙන්නෙ කාගෙ ඔලුව වුනත් ඒක Wanoවලට අදාල දෙයක් නෙවෙයි. Beast Piratesලගෙ origin එක වුනේ Punk Hazardවලදි Kaido, Kingව එයාගෙ First Mate විදිහට තෝරගත්ත වෙලාවෙ නිසා, Onigashima කියන්නෙ Punk Hazardවල කෑල්ලක් වෙන්න පුලුවන්. අපිට Punk Hazardවල හිටපු මකරව හම්බවෙන්න මොහොතකට කලින් පෙන්නුවා Ancient Giant කෙනෙක්ට අයිතියි වගේ පෙනුනු හිස් කබලක්, ඒවගේම Punk Hazardවල ගේට්ටුවෙත් ඒ විදිහෙම සලකුනක් දාලා තිබ්බා.

~ *** මටත් මේක කලින් ක්ලික් වුනේ නැහැ, පෝස්ට් එක දාන්න photo එකක් හොයද්දි, මේ idea එකටම ලියපු article එකක් දැකලා කියෙව්වම තමා තේරුනේ, " Punk Hazard මැද්දෙ තියෙන රවුම් හිඩැස තමා Onigashima" කියන්නෙ කියලා. 😂 ඒ article එකේ හැටියට, Punk Hazard කියන්නෙ Oars, Oars Jr. වගේ Oni race එක ජීවත් වෙච්ච දූපත. ( 😑 Damn why didn't I think of that first) ~

Lulucia, Eneis Lobbyවගේ තැන්වලට මොකද වුනේ කියන එක ගැන කතා කරන්න තරම් දෙයක් ලැබිලා නැති නිසා, ඒ ගැන මම කතා කරන්නෙ නැහැ. ඒත් වතුර ඇතුලෙත් වලක් වගේ gap එකක් තියලා දූපතක් නැති කරලා දාන්නෙ කොහොමද කියලා ඇහුවොත්, මගෙ creativity එක reach වෙන්නෙ වෙන dimension එකකට යැව්වා කියන අදහස දක්වා විතරයි.( ඒ කියන්නෙ ඒ දූපත තාමත් එතනම තියෙනවා, ඒකට ඇතුල්වෙන්න හැකියාවක් නැහැ කියන එකයි. One pieceවල Dimensions ගොඩක් තියෙනවා, Mirror Dimension, Door Dimensionවගේ. ඒ නිසා ඒක වෙන්න පුලුවන්)

4$ight.

Chapter 1095මේ පාරත් Chopper, Robin, Stussyව පෙන්නුවේ නැත! 🤨 මට හිතෙන්නෙ Egghead Arc එක තමා මේ වෙනකන් ලොකුවටම messy arc ...
25/10/2023

Chapter 1095

මේ පාරත් Chopper, Robin, Stussyව පෙන්නුවේ නැත! 🤨 මට හිතෙන්නෙ Egghead Arc එක තමා මේ වෙනකන් ලොකුවටම messy arc එක. ප්‍රධානව focus වෙන දේවල් විදිහට,
1. Kuma එක එක තැන්වලින් මතුවෙනවා
2. St. Saturn/ Kizaru
3. God Valley incident

වගේ දේවල් එක්ක. අවසානය දැකපු නැති දේවල් සැලකව්වොත්,
- Caribou තාමත් ඉන්නෙ Eggheadවල(මෙයාගෙ power එකේ උදව්වෙන් සමහරවිට අපිට පැනලා යන්න ලැබේවිද දන්නෑ.🤔 Caribouගෙ cover story එකේදි අපිට පෙන්නුවා Caribouගෙ පෙනුමම තියෙන කෙනෙක් කාලෙකට කලින් Revolutionarist කෙනෙක් වෙලා හිටියා කියලා. ඒක නිසා Kuma එක්ක connection එකක් තියෙනවා වෙන්න පුලුවන්. අනික් ප්‍රධානම කාරණේ තමා, මෙයාගෙ crew එක. Character designingවලට එනකොට one pieceවලින් හැම character එකකටම unique appearance දුන්නට, Caribouගෙ crew එකෙව් හැමෝම එක වගේ. හරියට " CLONE කරලා වගේ. 🙃)
- Iron Giant නැගිට්ටා
- Blackbeard piratesලා දවසකට කලින් egghead ළඟ හිටියා
- ඊට අමතරව, Shaka දැකපු හෙවනැල්ල ගැන පැහැදිලි කරෙත් නැහැ. 🥱

ඊළඟ chapter සෙට් එකෙන් Kumaගෙ Backstory එක reveal කරොත්, අපිට God Valley incident එක ගැනත් දනගන්න ලැබේවි. Chapter එක කියවපු කෙනෙක්ට කියන්න ඕන නැහැනෙ, Figarland Garlinට අනිවාර්යයෙන් Shanksඑක්ක සම්බන්ධයක් තියෙනවා. බොහෝ දුරට Shanksගෙ මාමා වෙන්න පුලුවන්.

කලින් Garlinව පෙන්නද්දි Ruler of God Valley කියලා තිබුණත්, මේක translationවලදි වෙච්ච වැරැද්දක්ලු. එතන පාවිච්චි කරපු වචනෙ ගැළපෙන්නෙ Champion කියන එකට.

Chapter එක අන්තිමට අපිට Ivankovයි තව Ginny කියලා කෙනෙක්වයි හම්බවුනානෙ. Ginnyව දැක්ක ගමන් ඔලුවට ආවෙ Luffyගෙ අම්මා කියලා, 😅 ඒත් ආයෙත් හිතුවම ඒ Bonnyගෙ අම්මා වෙන්න ඇති. (🤔 Bonnyම වෙන්නත් පුලුවන්ද? Bonny වයස ගැන Oda, පැහැදිලි උත්තරයක් දීලා නැහැ) Bonny කියන්නෙ, Kumaගෙ ඇත්තම දුවනම් එයාලගෙ Surnames වෙනස් ඇයි කියලා හිතාගන්න පුලුවන්. ඒත් ඒ නිසාම මම හිතුවෙ Bonnyත් Aceවගේම එයාගෙ අම්මගෙ Surname එක පාවිච්චි කරනවා ඇති කියලා, එහෙම වුනොත් Jewelry Ginny කියලම introduce කරන්න තිබ්බනෙ. 🥱 සමහරවිට Ginnyත් එයාගෙ Surname එක ගැන දැනගත්තෙ පස්සෙ වෙන්න පුලුවන්. Kumaගෙ Alias එකෙන් එයාව ප්‍රසිද්ධ වෙලා ඉන්නෙ, Sorbet Kingdom එකේ හිටපු රජතුමා, Tyrant Kuma(කුරිරු ඒකාධිපති) විදිහටනෙ. මිනිස්සු Doflamingoවගේ Warlord කෙනෙක්ටත් වඩා Kumaගෙ reputation එකට බයයි. (Doflamingo කොහොමත් Dressarosaවල මිනිස්සුන්ව රවට්ටලනෙ හිටියෙ) ඒත් මේ ඉන්න තත්ත්වෙ හැටියට Kumaට කිසිම රාජකීය සම්බන්ධයක් ලැබෙනවා වගේ පේන්න නම් නැහැ, ඒ නිසා එකම විදිහ එයාගෙ Wifeගෙ side එකෙන් තමයි. Wife මැරුනොත් පාලනේ එයාට මාරු වෙනවනෙ. ඒත් තාමත් හිතාගන්න බැහැ ඇයි Kumaට bad reputation එකක් තියෙන්නෙ කියලා. Doflamingo, King Rikuලව්වා කරාටත් වඩා කරන්න පුලුවන් දෙයක් මොකක්ද? 🤔

මෙහෙම එකම එක idea එකක් තියෙනවා. ඒ තමයි, Celestial Dragonලා God Valley incident එකට පස්සෙත් තාමත් එයාලගෙ Human hunting festival එක කරනවා කියන එක. ඒ විදිහට, එයාලා Sorbet Kingdom එක target කරලා අන්තිමට ඒ වැරැද්ද Kumaගෙ පිට පැටෙව්වා වෙන්න පුලුවන්. Kuma කියන්නෙ Revolutionary Army එකේ කෙනෙක් නිසා Sorbet Kingdom එක, Government එක යටතෙ ඉන්න රටක් නෙවේ වෙන්න ඕන. Ivankov කියලා තියෙනවනෙ Kuma, government එකට hate කරනවා කියලා. Celestial Dragonලා මේ festival එකට තෝරගන්නෙත් government affiliated නැති රටවල් නිසා ඒ දේ වුනා වෙන්න පුලුවන්. 🤔 ඒත් Sorbet Kingdom එකට reverie එකට සහභාගි වෙන්න පුලුවන්කමක් තියෙනවා කියලා පෙන්නුවා, Bonny එයාගෙ වයසක පෙනුම පාවිච්චි කරලා Pangea Castle එක ඇතුළට ගිය නිසා. ඒ නිසා Sorbet Kingdom එක තාම තියෙනවා වගේම, එයාලා මේ වෙලාවෙ හැටියට government affiliated රටක්. 🤔 ඒ නිසා මගෙ idea එකේ සුලු සුලු වෙනස්කම් ( එහෙම නැත්තම් සම්පූර්ණ වෙනස් කතාවක් 😅) තියෙන්න පුලුවන්. Celestial dragon එයාලගෙ event එක දිගටම කරගෙන යනවනම්, අවුරුදු ටික සලකලා බැලුවොත් Pre Time Skip එක කාලෙත් ඒ event එක වෙලා තියෙනවා. ( God Valley incident- 38 years ago) Kaidoගෙ flashback එකේදි, Kaido ඇහුවනෙ ඇයි එයාලා heavenly tribute එක ගෙවන්න ඕනෙ කියලා, මම හිතන්නෙ මේ event එක ඒකට උත්තරේ දෙනවා. (සාමාන්‍ය මිනිස්සු government එකට ගෙවනවා, ඒ සල්ලිවලින් අරුන්ට ආතල් දෙනවා. 😒)

Kumaගෙ ජාතියත් වෙනම race එකක් විදිහට සලකන නිසා, Magallenගෙයි, Merry/ Ceaserවගේ අයගෙ races මොනවද දන්නෙ නැහැ. ( Magallenට වවුලෙක්ගෙ තටු තියෙනවා වගේම, Merryට බැටළුවෙක්ගෙත්, Ceaserට එළුවෙක්ගෙත් අං තියෙනවා) 😶

4$ight.

15/10/2023
Theory( දිග පෝස්ට් එකක්)-Judge එයාගෙ පුතාලව වෙනස් කරේ දෙවියන්ට සමාන වෙන්නද? Fishman Island එකේදි අපිට Mermaidලා පස් දෙනෙ...
09/10/2023

Theory( දිග පෝස්ට් එකක්)
-Judge එයාගෙ පුතාලව වෙනස් කරේ දෙවියන්ට සමාන වෙන්නද?

Fishman Island එකේදි අපිට Mermaidලා පස් දෙනෙක්ව හම්බුනා Ichika, Nika, Sanka, Yonka, Yonka-2 කියලා. Luffyගෙ devil fruit එකේ නම Nika නිසා, Fandom එකෙන් ගොඩක් අය විශ්වාස කරන්නෙ, Skypiaවලට අපිට අඳුන්නලා දුන්න අනික් Godලා තුන්දෙනාගෙ නම් Ichika, Sanka, Yonka වේවි කියලයි. Japaneseවලින් මේ හැමෝගෙම නම් ඉලක්කම්වලින් ලියන්න පුලුවන්.
Ichi- Ka : 1-9
Ni- Ka :2-9
San- Ka : 3-9
Yon- Ka : 4-9
Strawhats crew එකේ ඉන්න devil fruit usersලගෙ devil fruit එකේ නමත් ඔය විදිහටම ලියන්න පුලුවන්.
(Robin) Ha- Na : 8- 7
(Chopper) Hi- To : 1- 10
(Brook) Yo- Mi : 4- 3
ඒ විදිහටම Luffyගෙ devil fruit එක ගැන අපිට මුලින්ම දීලා තිබුණු නම Go- Mu, ඔය විදිහටම ලිව්වොත් ලැබෙන්නෙ 5- 6. මේක අනික් පැත්තට ලිව්වොත් Luffyගෙ devil fruit එකේ ඇත්ත නමට අදාළ අංකෙ, 2-9 ( Ni- Ka) ලැබෙනවා. ඔයාලා කතාවෙ තැන් තැන්වල බැලුවොත්, random තැන්වලදි ඒ ඒ charactersලගෙ Lucky number එක විදිහට මේවා දීලා තියෙනවා බලන්න ලැබේවි( Oda, සමහරවෙලාවට Chapter number, Volume numberවලටත් ඒ ඒ reference add කරනවා)

God 4දෙනාගෙ නම්වලට අමතරව ඔය විදිහටම ඉලක්කම්වලට ගැළපෙන නම් තියෙන තව team එකක් ඉන්නවා one pieceවල, ඒ තමයි Germa 66.
Rei-ju: 0
Ich- Ji: 1
Ni- Ji: 2
San- Ji: 3
Yon- Ji: 4
(කැමතිනම් Duvalව Yonka-2 කියලා සලකන්න😅)
මේ හැමෝම එයාලගෙ තාත්තා Judgeගෙ skill එකෙන් Genetically Engineer කරපු අය. මෙයාලා හැමෝම උපතින්ම Super humansලා( Sanji ඇරෙන්න) වුනත්, මෙයාලට ආවේණික powers හැංගිලා තියෙන්නෙ, මේ අයගෙ Raid Suitsවල.
Reijuට Poison based powersත්,
Ichijiට Energy blastත්,
Nijiට Lightning based powersත්,
Sanjiට Fire generate
Yonjiට Modified physicalityත් තියෙනවා.

Theory එක වෙන්නෙ, Judge මෙයාලට මේ powers දුන්නෙ Godsලගෙ powersවලට ගැලපෙන විදිහට කියන එකයි. ඒ නිසා Ichijiට Ichikaව represent කරන powersත්, Nijiට Nikaව represent කරන powersත්, Sanjiට Sankaත්, Yonjiට Yonkaත් විදිහට තමයි දෙන්න තීරණය කරලා තියෙන්නෙ.

Raid suitsවලින් හැබැයි Godsලගෙ Primary ability එක පෙන්නන්නෙ නැහැ. හරියට Nijiගෙ powers Lightning උනාට Nikaගෙ powers Lightningම නෙවේනෙ. ඒ වෙනුවට Nika කියන්නෙ Zeusවගේ Lightning, Weapon එකක් විදිහට පාවිච්චි කරපු God කෙනෙක්. Zeus හැදිලා තියෙන්නෙ Lightningවලින් නොවුනට, එයාට Lightning, Weapon එකක් විදිහට පාවිච්චි කරන්න පුලුවන්කම තිබුනනෙ. Luffy, Kaido එක්ක fight එකේදි Lightning weapon එකක් විදිහට පාවිච්චි කරනවා ඔයාලට මතක ඇති. මේ විදිහටම අනික් Godsලත් එයාලගෙ respective element එක පාවිච්චි කරන්න පුලුවන්කමක් තියෙනවා. මේ නිසාම වෙන්න ඇති Enel එයාව දෙවි කෙනෙක් විදිහට දැක්කෙත්, මොකද එයා දැකපු විදිහට එයාගෙ ළඟ දෙවි කෙනෙක්ගෙ power එක තිබුණ නිසා.

Sanjiගෙ Raid Suitඑක විනාස කරන chapter එකට Manga එකෙන් විශේෂ නමක් දීලා තිබුනා, The Warrior of Science කියලා. මේ තමා තුන්වෙනි God, Sankaගෙ Title එක. Nikaට Lightning පාවිච්චි කරන්න පුලුවන් නිසා Sankaට පුලුවන් ආලෝකය( Light), physicality touch කරන්න. මේකට හොඳම Candidate වෙන්නෙ Blackbeard, මොකද එයාගෙ devil fruit එක වෙන්නෙ Dark Dark fruit එක නිසා. Nikaව Zeus එක්ක compare කරා වගේ, Sankaව Hades එක්ක compare කරන්න පුලුවන්. Zeusගෙ ප්‍රධානම Weapon එක Lightning Bolt එක වුනා වගේ, Hadesගෙ instrument එක වුනේ "Cap of Invisibility", මේ තමයි, Sanjiගෙ Raid suit එකේ, ඒ කියන්නෙ No.3 ( Stealth Black) Raid Suit එකේ ප්‍රධානම feature එක වෙන්නෙත්. Hades කියන්නෙ Underworld god කෙනෙක් නිසා, ඒ දේ Blackbeard එක්කත් ගැළපෙනවා. Ace එක්ක fight එකේදිත් Blackbeard කියනවා, එයාගෙ devil fruit එක Logia වුනත් ඒක ඒ විදිහට වැඩ කරන්නෙ නැහැ කියලා. මේ නිසා, Dark-Dark fruit එක කියන්නෙත් Luffyගෙ වගේම mythical zoan එකක් වෙන්න පුලුවන්. Blackbeard, Dark-Dark fruit එක ගැන ඉගෙන ගත්තෙ පරණ devil fruit encyclopedia එකෙන්ද, නැත්තම් government එකෙන් වෙනස් කරපු encyclopedia එකෙන්ද කියලා දන්නෙ නැති නිසා. සමහරවිට Blackbeard එයාගෙ devil fruit එක ගැන දන්නෙ වැරදි තොරතුරු වෙන්න පුලුවන්. කොච්චර Ironic වේවිද, මුල ඉඳන්ම සැලැස්මකට අනුව වැඩ කරපු කෙනාගෙ සැලසුම් සේරම එයා පටන් ගත්ත තැන, එයා කාපු devil fruit එකේ වැරද්දක් නිසා විනාස වෙලා ගියොත්. 🙂

ඇයි Sankaව Warrior of Science කියලා ඇහුවොත්, මේක එක එක පොත්වල පරිවර්ථනත් එක්ක එන වෙනසක් කියන්න පුලුවන්. මොකද, Cap of Invisibility එකේ user, God of underworld වුනත් ඒ කෙනා හැමතිස්සෙම Hades නෙවේ. මෙහෙම වෙන්නෙ ඒ ඒ දෙවි කෙනාගෙ නමම Underworld එකටත් පාවිච්චි කරලා තියෙන නිසයි. මේ විදිහට Cap of Invisibility එක පාවිච්චි කරපු තව දෙවි කෙනෙක් තමයි, Roman god " Dis Pater" කියන්නෙ. මුලදි Dis Pater කියන්නෙ Agriculture land, Mineral wealth god කෙනෙක්. ඒත් ඒ minerals ලැබුනෙ පොළවෙන් නිසා එයාවත් Hades, Pluto වගේ Underworld godලා වගේ දෙවි කෙනෙක් විදිහටසලකනවා. මෙතනින් තමා Scienceවලට connection එක ලැබෙන්න ඇත්තෙත්. Sea Prism stonesවගේ දේවල් ලැබෙන්නෙත් පොළවෙන් නිසා, ඒ හේතුව පාවිච්චි කරලා Sankaව Earth God විදිහට හඳුන්වන්න පුලුවන්. මේ නිසාම තමයි Blackbeardට devil fruit powers nullify කරන්න පුලුවන් වෙන්නෙත්, මොකද එයාගෙ Power එක වෙන්නෙ Sea Prism stonesවල power එක.

Germa Sonsලා ගැන කතාකරද්දි, විශේෂ දෙයක් තියෙනවා. අනික් සහෝදර සහෝදරියො වගේ නෙමේ Sanji, Ichiji දෙන්නගෙ powers එයාලට ගැළපෙන විදිහට නෙවෙයි ලැබිලා තියෙන්නෙ. Ichijiගෙ කොණ්ඩෙ පාට, ඇඳුම්වල පාට රතු පාටයි වගේම, එයාගෙ code name එක වෙන්නෙ Sparking Red. මේ දේවල් නිසා හරිනම් එයාට Fire based powers ලැබෙන්න ඕනෙ කියලා හිතුණත්, එයාට තියෙන්නෙ Laser beamsවගේ Light based powers. ඒ අතින් Sanjiගෙ කොණ්ඩෙ පාට, Stealth black suit එක ගොඩක්ම focus කරන්නෙ කහ පාටට. Kizaruට වගේ Sanjiට Light based powers ලැබෙන්න ඕනෙ කියලා හිතුනත්, Germa Modificationවලින් එයාට ලැබුණු power එක වුනේ Lunariansලට වගේ Fire generate ability එක. ඒ නිසා Fandom එකෙන් විශ්වාස කරන දෙයක් තමා, Sanjiගෙ අම්මා කරපු දෙයින්, එයාලගෙ powers නැතිවෙනවා වෙනුවට Sanjiගෙයි Ichijiගෙයි powers මාරුවෙලා තියෙනවා. ( ඒ නිසා මම හිතලම, San-kaගෙ theory එකට පාවිච්චි කරේ Stealth Black suit එකේ powers විතරයි)

ආපහු අපි Nikaට Lightning පාවිච්චි කරන්න පුලුවන් කියන දේත් එක්ක compare කරොත්, Ichikaට ගින්දර අල්ලන්න වගේම පාවිච්චි කරන්න පුලුවන්කම තියෙන්න ඕනෙ. මේ වගේ දෙයක් Hakiවලින් විතරක් කරන්න පුලුවන්කමක් නැහැ, මොකද Heat එකෙන් වෙන damage එක නිසා. මේ විදිහෙ හේතු නිසාමයි, Akainuට strongestම devil fruit එක තියෙනවා කියලා සලකන්නෙත්. Imu තමයි මේක හොඳම Candidate, Ni- Ka කියන එක 2- 9 කියලා ලිව්වා වගේ, I-Mu කියන එක 1-6 කියලා ලියන්න පුලුවන්. 😌 එතකොට අපි මේක අනික් පැත්ත හැරෙව්වොත් මොකක්ද ලැබෙන්නෙ? 1- 9, ( Ichi- Ka) 😎. Imu මේ වෙනකොටත් එයාට ගින්දර අල්ලන්න පුලුවන් කියලා ඔප්පු කරලා ඉවරයි. Pangea Castle එකේදි, Imuට පුලුවන් වුනා Saboට තුවාල කරන්න. අවුරුදු 800කට කලින් පළව්‍ර්නි Vander Dekken ගැන කියද්දි, එයාලා Sea god කෙනෙක් ගැන mention කරා. Ivankov කියපු දේ හරිනම් මේ ඉන්නෙ අවුරුදු 800කට කලින් හිටපු Imuම වෙන්න පුලුවන්. Germa Kingdom එක Super villainsලා විදිහට පෙන්නලා තිබුණු Comic strip එකේ, World Government එකයි, Marinesලයි represent කරපු චරිතෙ නම වුනේ. Warrior of the Sea. මම හිතනවා මේ තමා Ichikaගෙ warrior title එක වෙන්න ඇත්තෙ. Imuට Final Villain විදිහට Sea power එක ලැබෙන එකටනම් මගේ කිසි විරෝධත්වයක් නැහැ.

ඊළඟ God ගැන කතා කරද්දි ඔයාලා දැනගන්න ඕන දේ තමා හැම God fruit එකක්ම, Hito-Hito No mi වීමේ අවශ්‍යතාවයක් නැහැ. මොකද Jayaවල මිනිස්සු සර්පයෙක්ව දෙවි කෙනෙක් විදිහට සලකන නිසා. Yonji ගැන කතා කරොත්, අනික් සහෝදර සහෝදරියො වගේ නෙවේ Yonjiට elemental power එකක් නැහැ. ඒ වෙනුවට එයාගෙ Iconic move එක විදිහට Winch green තියෙනවා. ඒකෙන් එයාට එයාගෙ අත කොටස්වලට කඩලා දික්කරලා enemiesලව capture කරගන්න පුලුවන්. මේ දේ සර්පයක් වෙන සතෙක් වටේට එතිලා ගොදුරක් කරගන්න එකට සමාන කරන්න පුලුවන්. Pythonලා, Boaලා වගේ සර්පයන් එයාලගෙ ගොදුරු හොයාගන්න ප්‍රධානම ක්‍රමය තමයි මේක. මම කලින්ම ඉදිරිපත් කරලා තියෙනවනෙ, Dragonගෙ devil fruit එක වෙන්නෙ Snake- Snake fruit, Model- Feathered serpent කියලා. ගොඩක් Mesoamerican cultureවල Feathered Serpentගෙ versions කිහිපයක් තියෙනවා. මම මෙතනදි ගොඩක්ම Focus කරන්නෙ Amaruව, විශේෂෙන්ම එයාගෙ නැට්ටෙ Dragonගෙ මූණෙ Tattoo එකට සමාන pattern එකක් තියෙන නිසා. Amaru කියන්නෙ Feathered Serpentලගෙ Inca version එක. මෙයාව Bringer of revolution, Change and Wind කියලා සලකනවා. Dragon එන හැමවෙලාවකම හුළඟ වෙනස් වෙන එකයි, Winds of change and revolution වගේ දේවල් ගැන Dragon කතා කරනවා කියලා මම අමුතුවෙන් පෙන්නලා දෙන්න ඕනනෑනෙ. සර්පයන්ව Jayaවලට අමතරව, Amazon Lillyවගේ cultureවලටත් ගොඩක් influence වෙලා තියෙනවා. තව, Yonji, Dragon අතරෙ තියෙන සමාන කමක් ගැන කතා කරොත් එයාලගෙ character designsවලට දීලා තියෙන කොළපාට outfit එකත් සලකන්න පුලුවන්. මේ නිසා, මගෙ අදහස වෙන්නෙ, Yonkaගෙ warrior title එකට Warrior of revolution, Warrior of change වගේ දෙයක් ලැබේවි.

ඔයාලා මොකද හිතන්නෙ? ඔයාලට එකතු කරන්න දෙයක් තියනවනම් හරි, මට එකතු කරන්න බැරිවෙච්ච දෙයක් එකතු කරන්න තියෙනවනම් පල්ලෙහායින් එකතු කරන් යන්න.

By 4$ight

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Grandline Cafe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share