Happiness Seeker Ovi

  • Home
  • Happiness Seeker Ovi

Happiness Seeker Ovi HOMEdecor | HOMEorganize | INDOORPLANTcare | TRAVELgirl

පහු වුණ අගෝස්තු මාසයේ මං ගෙදර ලස්සන කර ගන්න පුංචි පුංචි බඩු වගයක් ගත්තනේ... ඒ ගත්ත බඩු වලින් මං කොහොමද ගෙදර ලස්සන කර ගත්...
05/09/2024

පහු වුණ අගෝස්තු මාසයේ මං ගෙදර ලස්සන කර ගන්න පුංචි පුංචි බඩු වගයක් ගත්තනේ... ඒ ගත්ත බඩු වලින් මං කොහොමද ගෙදර ලස්සන කර ගත්තේ කියලා Facebook post එකක් කලිං අරං ආවනේ... දැක්කේ නැත්නම් මෙන්න 👉 link එක https://www.facebook.com/100047976563820/posts/1083778986564643/

ඉතිං දැන් මේ ඔයාලා එක්ක බෙදා ගන්න යන්නේ ඒ බඩු ටික...ඔයාලටත් පුළුවන් ඔයාගෙන් ඔයාටම දෙන තෑග්ගක් විදියට හරි, හිමින් හිමින් කීයක් හරි එකතු කරං මේ වගේ ඔයා ආස දේවල් අරං (අනවශ්‍ය දේවල් නෙවෙයි) ඔයාව සතුටින් තියා ගන්න.

අපි බලමු ඒ මොනවද කියලා...

1. මං ගොඩක් කල් ආසාවෙන් ඉඳියේ මේ වගේ රවුම් tray එකක් ගන්න. ඉතිං මට වෙලාවට බදුල්ලේ පරණ MKB එකෙන් මේ Tray එක ගන්න පුළුවන් වුණා. Photo එකට වගේම හැබැහිනුත් මේ Tray එක හරිම ලස්සනයි...තව ලස්සන ලස්සන decors මවන්නත් පුළුවන්...මිල 1250/= ක් වගේ.

2. ඊළඟට Daraz එකෙන් මං ගත්ත මෙන්න මේ තට්ටු 3නේ organizer එක.. මං අලුතින් චූටි චූටි spice bottles වලින් හදා ගත්ත මගේ spice corner එක මතකනේ...? ඉතිං සුපිරියට මට ඒ බෝතල් ටික අසුර ගන්න මං මිලට ගත්තා මේ භාණ්ඩෙ... දැං මගේ spice corner එක තවත් පිළිවෙලයි. ගාණට නම් ටිකක් සැරයි...

3. මේකත් Daraz එකෙන් තමයි ගත්තේ...මට ඕනි වුණා තාවකාලික මගේ ලොකු ලූනු පොල් කටුවට සමු දෙන්න. ලොකුම හේතුව වුණේ ඒක ලොකු නිසා මට කුස්සිය හැඩ කරනකොට ටිකක් අමාරුයි එයා එක්ක හැඩ කර ගන්න...ඒ වගේම බාගෙට කැඩිලා. ඉතිං මං ගත්තා මේ හුරුබුහුටි භාණ්ඩෙ...ඇත්තටම කිව්වොත් මගේ spice corner එක තවත් ලස්සන වුණා මෙයාගෙන්. හැබැයි වැඩිය ලොකු නම් නෑ.

4. ඊළඟට මෙන්ම මේ චූටි Lamp එක...මේකත් Daraz එකෙන්මයි. හුරුබුහුටි ගතියට ආස හිතුණ. ඒත් මේක ලස්සනට පිළිවෙලට set කර ගන්න වෙන්නෙ අපිටමයි... හරිම චුටියි මේක...ලස්සනක් නැත්තෙමත් නෑ... හැබැයි ගාණට සාධාරණයක් කරන්නේ නම් නෑ...1300/=ක් වගේ...

5. ඉටිපන්දම්, සුවඳ ඉටිපන්දම්, ලස්සන ලස්සන ඉටිපන්දම් ගන්න ඕනි නම් ඔන්න ඔයාටත් පුළුවන් .lk https://www.facebook.com/thecandlehouse.lk?mibextid=ZbWKwL

https://thecandlehouse.lk/
කියන Website එකෙන් ගන්න... නැත්නම් එයාලගේ Instagram එකට msg එකක් දාන්නත් පුළුවන්... මං මෙයාලගෙන් scented candles අරං තියනවා, හරිම සුවඳයි...ඒ වගේම මං අලුතින් ගත්තේ මේ pillar candles...මිල සාධාරණව තිබුණ නිසා 5ක්ම ගත්තා...මේකෙනුත් මේ රෝස පාට එකයි කොළ පාට එකයි සුවඳ ඉටිපන්දම්..තව පාට ගොඩකින් තිබුණා...ගෙනාපු ගමන් photo එකක් ගන්න අමතක වුණ‌‌‌.

(ඉතිරි photo ටික Happiness Seeker Ovi Facebook පිටුවෙන්)

6. ඊළඟට මගේ ගෙදරට තවත් ලස්සනක් එකතු කරපු මෙන්න මේ චූටි යාළුවෝ 3න්දෙනා... ගත්තේ නම් බදුල්ලේ Viswams එකෙන්...අඩු මුදලකට තිබුණ නිසා ගත්තා, ඒ මල් වගේම මල් වල පාටක් ටිකක් uncommon වගේ නිසා ආස හිතුණ.

7. මේ වේවැල් tray එක ගත්තෙත් මං Daraz එකෙන්... හැබැයි photo වල තිබුණ tray එක නම් නෙවෙයි.. මෙතනදි නම් මං ඇන්ඳුණා...🤦 Photo වල තිබුණ Tray එක නම් අරං පිටරට ගෙවල් වල home Decor වලට ගන්න වේවැල් ලස්සන trays.. මං ගොඩක් පිටරට ගෙවල් වල දැකලා තියනවා.. හරිම ලස්සනයි..

8. මේක නම් වේවැල් කියලා පෙණුනට වේවැල් නෙවෙයි. Plastic... ගත්තේ බදුල්ලේ පරණ MKB එකෙන්.. බැඳපු අලුත මං නිකං බදුල්ලේ පරණ MKB එකේ පදිංචි වෙලා වගේ තමයි...යන්න ආසම ඒකේ තියන home Decor, kitchenware items තියන කොටසට... දැන් නම් කලාතුරකින් තමයි යැවෙන්නේ...බඩු මිලත් වැඩියි නේ.

මං දන්නවා ඔයාලටත් මං වගේ ගෙදර ලස්සනට තියා ගන්න කැමතියි කියලා...අපිට ඇති හැකි පමණින් අපි ලස්සනට ගෙදර තියා ගමු.

මේ items ටිකත් එක්ක මං ගිය බදදාදාවක ගෙනාපු YouTube Video එකත් බලන්න අමතක කරන්න එපා. Link එක මෙතැනින් 👉https://youtu.be/N6COEDs5ajQ?si=BI2LS9aZM0-FzoUW

ගෙදර ලස්සන කරන ගමන් ඔයාව සතුටින් තියා ගන්නත් වග බලා ගන්න...මට නම් ගෙදර ලස්සන කරන එක මගේ මනස සතුටින් තියා ගන්න therapy එකක් වගේ.

ආදරෙයි මං 💕
Happiness Seeker Ovi
ඔවිනි මදනායක ✨

Happy September Happiness Seekers 🌟 ගොඩ දවසකින් මේ පැත්තේ ආවේ...ඉතිං මං පෙන්නන්නම්කෝ පිංතූර කතාවකින්ම  මොනවද මං මේ දවස්ව...
01/09/2024

Happy September Happiness Seekers 🌟

ගොඩ දවසකින් මේ පැත්තේ ආවේ...
ඉතිං මං පෙන්නන්නම්කෝ පිංතූර කතාවකින්ම මොනවද මං මේ දවස්වල කරන්නේ කියලා...

1. මට ඕනි වුණා මගේ ගෙදර ඉස්තෝප්පුව ලස්සනට හදා ගන්න. ඉතිං මං මට පුළුවන් විදිහට මේ හදන ගමන් තමයි ඉන්නේ මේ දවස්වල...ධනාට කියලා මගේ උපන්දිනේට ඒ කියන්නෙ ගිය ජූලි වල මං indoor plants 4ක් 5ක් ගත්තා... එකෙන් තමයි මං ආයි පැළ හදන්න පටන්ගත්තේ.ඉතිං ඔහොම මට හිතුණා ඉස්තෝප්පුවත් indoor plants වලින් පිළිවෙලට ලස්සනට හදා ගන්න... ලොකු දෙයක් කරන්න බෑ, මොකද අපි ඉන්නේ කුළියට නේ... ඉතිං පොඩියට මේ විදියට කරන්න පටන්ගත්තා...මේ මං ඉස්තෝප්පුවේ කොණක හදපු Zen Corner එක...

2. මේ කොණත් මේ පරණ වේවැල් රාක්කය තියලා හැඩ කර ගත්තා...මේ පේන සුදු පාටින් පොඩි මල් පෝච්චි සහ ලොකු මල් පෝච්චි තියං තමයි මේ පාර ඉස්තෝප්පුව හැඩ කර ගත්තේ.

3. මේ විදියට තමයි ප්‍රධාන දොරට ඉස්තෝප්පුව පේන්නේ...තාම වැඩ ඉවර නෑ ඉතිං...ඔය ඉන්න වයිටි අක්කයි, මිනායා නංගී තමයි අම්මගේ ඉස්තෝප්පුව හැටි කරන්නේ...තව ඉඳියා Bingo කියලා බලු අයියා කෙනෙකුත්...එයාත් මේ අක්කයි නංගිටයි ගොඩක් උදව් කළා ඉස්තෝප්පුව හැටි කරන්න...ඔන්න එයා ඉත්තෑවෙක් ගහලා මැරිලා ගිය සතියේ...පව්. ඉතිං මේ විදියට මං පැළ ඉන්දනවා මේ දවස්වල ඉස්තෝප්පුව ලස්සනට හදා ගන්න... ඒක හින්දා තමා ලොකුවට මේ පැත්තේ එන්න බැරි වුණේ.

4. මේ photo එකේ තියෙන්න මං ගිය මාසේ මගේ පොත් එකතුවට එකතු කර ගත්ත සිංහල self help පොත් ටික...මං කියවන්න පටන් ගත්තේ මොන පොතෙන් ද? කියලා කියන්න පුලුවන්ද? හි...හි...පටන් ගත්තේය නම් තියන චූටිම පොතෙන් 'අසිරිමත් සිතක්'...ඒත් රොනිති අක්කගෙ 'සරළ මං' කියන පොත ආවට පස්සේ මං ඒක කියවලා ඉවර කරා එක දිගට ඒ දවස තුළ...විවේකයක් හම්බෙන වෙලාවට, රෑ නින්දට පෙර මං කියවනවා ඉස්සර වගේ ආයි.

5. මේ තියෙන්නේ ඉංග්‍රීසි Self help පොත් ටික මං ගත්ත... කියවන්න පටන් ගත්තේ Vex Kingගේ Good Vibes Good Life පොත. ඒක උදේ Me time එකට කියවන්න ගත්තා චුට්ට චුට්ට... මේ ඊයේ පෙරේදා මං පටන් ගත්තා අලුත් challenge එකක්... උදෙන්ම නැගිටින්න 🫣 කලින් නම් ඒ challenges සාර්ථක වුනේ නෑ... බලමු මේ පාර...මේ පාර හරි යයි කියලා හිතනවා මොකද මං තීරණය කළා ඔයාලා එක්කම ඒක කරං යන්න කියලා.බලමු...

6. මේ තියෙන්නේ මං පොත් එකතුවට අලුතින් එකතු කර ගත්ත සිංහල නවකතා පොත් ටික..ඔයාලා කියන්න මං මොන පොතෙන් පටන් ගත්තොත් හොඳයි ද? ඉතිං ඕකත් තවත් හේතුවක් මට මේ පැත්තේ එන්න බැරි වුණ.

7. මේ තියෙන්නේ ඉස්තෝප්පුවේ තව කොණක්...මං හැඩ කර ගත්ත විදිය... ඉස්තෝප්පුව ලස්සනට හදා ගත්තට පස්සේ මට පුළුවන් හරි නිදහසේ නිදහස් වෙලාවට මෙතන ඉදලා පොත් කියවන්න.මගේ මනස යහපත්ව තියාගන්න. තාත්තා බදුල්ලේ ආවට පස්සේ එළවලු පැළ වවන්නත් තියනවා...ජූලි මගේ උපන්දිනේ ට ධනා මල් පැළ විතරක් නෙවෙයි එළවලු බීජත් අරං දුන්නා...ඒත් තාත්තා කිව්වා පැළ කරන්න බෑ මේ කාලෙට කියන්නෙ 'පුහු ඇහැල' කියලා...පැළ හැදෙන එකක් නෑ කියලා...කෝකටත් තාත්තා මෑ ඇට ටිකක් දාලා ගියේ ඒ කතාව ඇත්තද කියලා බලන්න ගිය ජූලි වල. ඒක ඇත්තක්ද මන්ද..ඒ ඇට වලින් හරි ගියේ මෑ ඇට 2ක් වගේ... ඒවගේම හරිම චුටියි තාම ඒ පැළ.

8. මං මෙතනින් නතර වෙන්නම්.එහෙනම් ඔයාලට මානසික සතුට පිරි ලස්සන සැප්තැම්බර් මාසයක් !

ආදරෙයි මං 💕
Happiness Seeker Ovi
ඔවිනි මදනායක ✨

Video Link: https://youtu.be/N6COEDs5ajQ?si=OMp1QT-6vYx4KUnSඅද video එකෙන් මං ඔයාලා එක්ක බෙදා ගන්නේ මගේ ගෙදර ලස්සන කරන අ...
28/08/2024

Video Link: https://youtu.be/N6COEDs5ajQ?si=OMp1QT-6vYx4KUnS

අද video එකෙන් මං ඔයාලා එක්ක බෙදා ගන්නේ මගේ ගෙදර ලස්සන කරන අදහස් ටිකක් සහ මං අලුතින් ගත්ත Home Decor බඩු ටිකක්.

Video Link: https://youtu.be/N6COEDs5ajQ?si=OMp1QT-6vYx4KUnSඅද video එකෙන් මං ඔයාලා එක්ක බෙදා ගන්නේ මගේ ගෙදර ලස්සන කරන අ...
28/08/2024

Video Link: https://youtu.be/N6COEDs5ajQ?si=OMp1QT-6vYx4KUnS

අද video එකෙන් මං ඔයාලා එක්ක බෙදා ගන්නේ මගේ ගෙදර ලස්සන කරන අදහස් ටිකක් සහ මං අලුතින් ගත්ත Home Decor බඩු ටිකක්.

Hello Happiness Seekers 🌸In today's video I'm going to share with you some home decor ideas and my home decor shopping haul.අද ...

අලුත් video එක අගෝස්තු 28 බදාදා දවල් 1.00 වෙනකොට ගේන්න ඉන්නේ මගේ යාළුවනේ... සමාවෙන්න ඕනි ගිය සෙනසුරාදා මට ඔයාලට video එක...
26/08/2024

අලුත් video එක අගෝස්තු 28 බදාදා දවල් 1.00 වෙනකොට ගේන්න ඉන්නේ මගේ යාළුවනේ...
සමාවෙන්න ඕනි ගිය සෙනසුරාදා මට ඔයාලට video එක අරං එන්න බැරි වුණා, ඔයාලට දැනුම් දෙන්නත් බැරි වුණා. ගිය සතියෙ දවස් දෙකක වගේ මං ඉඳියේ මානසික සතුටින්, සැනසීමෙන් නෙවෙයි. ඉතිං මං කර කර ඉඳිය video එක මට ඉවර කරගන්න බැරි වුණා වගේම කලබලේ හදිසියට කරන්න උවමනාවක් තිබුණෙත් නෑ...මොකද මං ආසාවෙන් අරං යන මේ YouTube පවුල මට මානසික පීඩාවකින් තොරව අරං යන්න ඕනි නිසා. ඒ නිසා සති අන්තයේ සම්පූර්ණයෙන්ම විවේකී සුවයෙන් ඉඳිය ධනායි, දෝණී එක්ක සතුටින්, නිදහසේ කාලය ගත කරන්න මට ඕනි වුණා.. ඉතිං ඔයාලා තරහ නෑ නේද මා එක්ක?
28 බදාදට දවල් 1.00 වෙනකොට මං එන්නම් ඔයාලාව බලන්න.. එතකං මෙන්න මේ 👇 මගේ Home Decor Ideas තියන video එක බලන්නකෝ ඔයා කැමති නම්..
https://youtu.be/42O0vP0hFag?si=XXHp7ePgNuoRjxCm

මට කියන්නකෝ මේ photo වල මං කරලා තියෙන Decors වලින් ඔයාගේ ආසම Decor එක මොකද්ද කියලා?
සතුටින් ඉන්න... ඔයාව සතුටින් තියන දේවල් එකක් හෝ දවසකට ඔයා වෙනුවෙන් කරන්න...
ආදරෙයි මං 💕
Happiness Seeker Ovi
ඔවිනි මදනායක ✨

Video Link: https://youtu.be/xepQT0D6uBw?si=jn-8O9QOrvUeMLL0අද video එකෙන් මං ඔයාලට ගෙනාවා මගේ Kitchen Containers ටික සහ...
17/08/2024

Video Link: https://youtu.be/xepQT0D6uBw?si=jn-8O9QOrvUeMLL0

අද video එකෙන් මං ඔයාලට ගෙනාවා මගේ Kitchen Containers ටික සහ මගේ අත්දැකීම් මේ Kitchen Containers ගැන තියෙන.

ඔයාගේ කුස්සියටත් ඔයා Kitchen Containers ගන්න ඉන්නවා නම් මේ video එක ඔයාටමයි...

Hello Happiness Seekers 🌸In today's video I'm going to share with you My Kitchen Containers Collection and my experienc...

Video Link: https://youtu.be/xepQT0D6uBw?si=jn-8O9QOrvUeMLL0අද video එකෙන් මං ඔයාලට ගෙනාවා මගේ Kitchen Containers ටික සහ...
17/08/2024

Video Link: https://youtu.be/xepQT0D6uBw?si=jn-8O9QOrvUeMLL0

අද video එකෙන් මං ඔයාලට ගෙනාවා මගේ Kitchen Containers ටික සහ මගේ අත්දැකීම් මේ Kitchen Containers ගැන තියෙන.

ඔයාගේ කුස්සියටත් ඔයා Kitchen Containers ගන්න ඉන්නවා නම් මේ video එක ඔයාටමයි...

හෙට ( අගෝස්තු 17 ) දවල් 12.30ට මං එනවා ඔයාලට වැදගත් video එකක් අරං. ඔයාගේ කුස්සියට ඕනි වෙන kitchen containers ගන්න කොට ම...
16/08/2024

හෙට ( අගෝස්තු 17 ) දවල් 12.30ට මං එනවා ඔයාලට වැදගත් video එකක් අරං.

ඔයාගේ කුස්සියට ඕනි වෙන kitchen containers ගන්න කොට මං මේ හෙට ඔයාලා එක්ක බෙදා ගන්න video එක ඔයාට ගොඩාක් උදව්වෙයි... මං ළඟ තියන kitchen containers මොනවාද? මගේ අත්දැකීම් කොහොමද? මොනවද ඔයාට ගන්න පුළුවන් හොඳම kitchen containers? කියලා විස්තර ගොඩක් හෙට video එකෙන් බලන්න පුළුවන්.

එහෙනම් එකතුවෙන්න මා එක්ක හෙට දවල් 12.30 වෙනකොට.

සතුටින් පරිස්සමින් ඉන්න 💕

Hello Happiness Seekers 🌟 කොහොමද ඔයාලට? ගිය සති අන්තයේ මට ඔයාලව බලන්න එන්න බැරි උනා...මට හිතුණා නිවාඩුවක් ගන්න... ඇත්තටම...
13/08/2024

Hello Happiness Seekers 🌟

කොහොමද ඔයාලට? ගිය සති අන්තයේ මට ඔයාලව බලන්න එන්න බැරි උනා...මට හිතුණා නිවාඩුවක් ගන්න... ඇත්තටම කිව්වොත් කම්මැලි හිතුනා 🤭 ගිය බ්‍රහස්පතින්දා ධනාට උඩවලවේ වැඩසටහනකට යන්න තිබුනා. ඉතිං එයා මාවයි බබාවයිත් අරං ගියා උඩවලවේ මගේ ළඟම ඥාති සහෝදරියක් ඉන්න නිසා. සහෝදරියක් කිව්වට එයා මගේ දෙවැනි අම්මා වගේ... මගේ අම්මා තරම්ම ආදරය කරපු මට නැතිවම බැරි කෙනෙක්. ඉස්සර මගේ බිත්තියේ මං ඇඳලා තියාන තිබුණා අම්මායි, තාත්තවයි, මේ අක්කාවයි...ඒ තරං ආදරෙයි...ඒ කාලේ අපිව බලන්න එනදාට මට සතුටුම දවසක් තමයි මේ අක්කා එන දවස...මට එපා කරපුම දවසක් තමයි මේ අක්කා ආයි එයාගේ ගමේ යන දවස...ඒ තරම් ආදරෙයි. ඉතිං ධනා අපිව එහෙන් දාලා, අපේ දෝණිට තියනවා පුදුම අලි පිස්සුවක්... ඉතිං බබාට safari ගිහින් අලි 🐘 පෙන්නන්න කියලා සල්ලිත් දීලා එයා ගියා...

එදා අපි ගියේ ඇත් අතුරු සෙවණේ අලි පැටව්ට කිරි දෙනවා බලන්න ධනා එක්කම හවස 6ට කිරි දෙන වෙලාවට...ඒ පිංතූර කිහිපයක් තමයි මං මේ කතාවට එකතු කළේ.එදා උදේ ඉඳංම රෑ වෙනකල් හරිම සතුටින් ගත කළේ... හරියට family time එකක් වගේ...හරිම ශෝයි...

ඉතිං සිකුරාදා මට video එකක් edit කර ගන්න බැරි වුණා... සමාවෙන්න ඕනි...ඔහොමම මං හිතුවා සෙනසුරාදා, ඉරිදා දවස් දෙකේ ඒ සතියේ ඉඳං මටත් නිවාඩු නිසා ධනායි, බබායි එක්කම කාලය ගත කරන්න.

ඉතිං ඔයාලා හොඳින් ඉන්නවා ද? බදුල්ලට නම් හරි වැස්ස... 🌧️


ඔයා ළඟම තියන ඔයාගේ සතුට හොයාන පරිස්සමට තියාගෙන සතුටින් ඉන්න ✨


ආදරෙයි මං

Happiness Seeker Ovi

ඔවිනි මදනායක ✨

❤️
11/08/2024

❤️

පවුලේ සතුට රැදෙන්නේ අම්මා නිසාද

ඇත්තටම ගෙදර සතුට පටන් ගන්නේ තාත්තාගේ ආදරෙන් ❤

ලස්සන පවුලක් පටන් ගන්නේ හොඳ මනුස්සයෙක්ගෙන්.. පිරිමියෙක් තමන්ගේ බිරිඳට දෙන ආදරය පිරුණු බැදීම ශක්තිමත් වුනාම... ඒක එයාගේ දරුවන්ටත් යනවා, මුළු පවුලට ආශිර්වාදයක් වෙනවා

💏 💏💏

Learning Fun Uvini With Mom

Video Link:
03/08/2024

Video Link:

Hello Happiness Seekers 🌸In today's video I'm going to share with you My daily home cleaning routine.අද video එකෙන් මං ඔයාලට ගෙනාවා මග...

Video Link: https://youtu.be/AWYmTffKAjQ?si=VSTevtEYrSGa7kM5අද video එකෙන් මං ඔයාලට ගෙනාවා මගේ එදිනෙදා ගෙදර පිරිසිඳු කරන...
03/08/2024

Video Link: https://youtu.be/AWYmTffKAjQ?si=VSTevtEYrSGa7kM5

අද video එකෙන් මං ඔයාලට ගෙනාවා මගේ එදිනෙදා ගෙදර පිරිසිඳු කරන විදිහ ලස්සන video එකකින්.

හෙට ( අගෝස්තු 03, සෙනසුරාදා) උදේ 11.00 වෙනකොට මං එන්න ඉන්නේ මේ පැත්තේ තවත් ලස්සන video එකක් අරං...හෙට එහෙනම් Happiness S...
02/08/2024

හෙට ( අගෝස්තු 03, සෙනසුරාදා) උදේ 11.00 වෙනකොට මං එන්න ඉන්නේ මේ පැත්තේ තවත් ලස්සන video එකක් අරං...හෙට එහෙනම් Happiness Seeker Ovi YouTube Channel එක පැත්තට එන්න... මං බලං ඉන්නව.
කියන්න පුලුවන්ද මොකක්ද කියලා මේ video එක?

මේ අගෝස්තු මාසයේ...⭐ ඔයා ඔයාම වෙන්න. එතකොට හරි ලේසියි ජීවත් වෙන්න, බරක් නෑ හිතට හරි සැහැල්ලුයි.⭐ කිසි කෙනෙකු සමඟ ඔයාගේ ජ...
01/08/2024

මේ අගෝස්තු මාසයේ...

⭐ ඔයා ඔයාම වෙන්න. එතකොට හරි ලේසියි ජීවත් වෙන්න, බරක් නෑ හිතට හරි සැහැල්ලුයි.

⭐ කිසි කෙනෙකු සමඟ ඔයාගේ ජීවිතය සංසන්දනය කරන්න යන්න එපා. ඔයාගේ ජීවිතය ගලා යන්නෙ ඔයාගේ විදියට, ඔයාගේ පෙර කළ කර්ම ඵල අනුව. අනිත් අයගෙත් එවැනියි.

⭐ කිසි කෙනෙකුට, කිසි දෙයකට ඔයාගේ මානසික සතුට නැති කරන්න දෙන්න එපා. මොකද ඔයාගේ සතුටු වටින්නේ ඔයාට විතරමයි, වෙන අයට ගානක්වත් නැහැ ඒ ගැන.

⭐ ඔයාගේ පවුලට, පවුලේ අයට මුල්තැන දෙන්න...අද ඔයා කොච්චර ඉහළ තලයක ඉඳියත්, ලොකු ලොකු අය ඇසුරු කළත් අන්තිමට ඔයාට ඉන්නේ ඔයාට හදවතින්ම ආදරේ කරන ඔයාගේ පවුලේ අය විතරයි.

⭐ ඔයාට තියන දෙයට වගේම ඔයාට නැති දෙයටත් ස්තුතිවන්ත වෙන්න. ඔයාට දැනෙයි එතකොට හිත පිරුණු ගතියක්. හරියට ඔයාට හැමදේම තියනවා වගේ.

⭐ ඔයාට ආදරණීය අයට වගේම ඔයාට නරක කරන අයටත් ඔයා ආදරය කරන්න, සමාව දෙන්න. ඔයාගේ හිතට සැනසීමක් දැනෙයි ඒ ඔයාට නරක කරන අයගෙන් ඔයාට වුණු නරක කිසිදෙයක් ඔයාගේ හිතේ නැති වුණාම.

⭐ සැම මොහොතකම සිහියෙන් ගත කරන්න. Mindfulness වෙන්න. ඔයාට දැනෙයි හිතට ලොකු සුවයක් මේ කාර්යබහුල ජීවිතේ.

⭐ නැව ගිලුණත් ඔයාගේ සතුට පවත්වාගෙන යන්න.මොකද මේ ලබපු දුර්ලභ කෙටිම කෙටි මනුෂ්‍ය ජීවිතයෙන් අපි කොයිවෙලේ යයිද දන්නෙ නෑ...ගියත් ආයි මනුෂ්‍ය ජීවිතයකට හිමිකම් කියන්න පුලුවන් වෙයිද කියලා දන්නේ නෑ. ඒ නිසා ඉන්න ටිකේ සතුටින් ඉමු.

ඔයාලට ලස්සන අගෝස්තු මාසයක්...

සතුටින් ඉන්න ✨
Happiness Seeker Ovi
ඔවිනි මදනායක

මගේ උදේ කාලය...මේ විදියට පටන් ගන්න තමා ගොඩක් ආසම... ඒත් අපේ ජීවිත කතා පොතේ පිටු වල තියෙන්නේ එක එක විදිහේ කතා වගේ මගේ උදේ...
30/07/2024

මගේ උදේ කාලය...

මේ විදියට පටන් ගන්න තමා ගොඩක් ආසම... ඒත් අපේ ජීවිත කතා පොතේ පිටු වල තියෙන්නේ එක එක විදිහේ කතා වගේ මගේ උදේ වරුවත් හැමදාම එක විදියට ගත වෙන්නේ නෑ...ඒක මං දැන්දැන් පිළිගනිමින් ඉන්නේ... නැත්නම් බොරුවට දවසේ ලස්සන කාලයේ මානසික ආතතියට පත් වෙලාද "අනේ මට ඊයේ වගේ දවස් ලස්සනට පටන්ගන්න බැරි වුණානේ" කියලා මැසිවිලි නඟන එකනේ කරන්නේ...ඊට වඩා කොච්චර දෙයක්ද හැමදාම එක වගේ නෑ කියන සත්‍ය පිළිගෙන සැනසීමෙන් සතුටින් ඒ මොහොත පුළුවන් විදියට විඳින එක.

ජනෙල් රෙදි ඇරලා හිරු එළිය මගේ ගේ තුළට එන්න ආරාධනා කරලා ... ජනෙල් ඇරලා පිරිසිඳු නැවුම් වාතාශ්‍රය ආශ්වාස කරන්න මං හරි ආසයි...

මගේ මාළු යාළුවන්ට වගේම මාළු යාළුවෙක්ගෙ පුංචි පුංචි පැටව් ටිකට කෑම දෙන්න උදේම මං ආසයි...

Indoor plants ටික ජල බිඳු වලින් උදේම නාවලා කරලා ඒ සිනිඳු මතුපිට ආදරෙන් ස්පර්ශ කරලා හිත සනසගන්න මං හරි ආසම ආසයි...ඊයේ වතුර ඉහින්න ගිහින් මේ ලෝකයට අලුතින් එකතු වුණු සමනළ පැංචෙකුත් හමුවුණා කියන්නකෝ... මගේ swiss cheese plant එක නාවද්දී බෝතලෙන් වතුරත් විදෙන විදියට පේන්න photo ගන්න ගිහින් ඔන්න මගේ හොඳ පණත් ගියා කියන්නකෝ... කොහොම හරි ගත්තා ඉතිං.

උදේට පිරිත් දාලා මුලු ගේ පුරා පිරිත් හඬ පැතිරිලා යනවට මං හරි ආසයි...

මං තවත් ආසාවෙන් කරන දෙයක් තමයි අප්පච්චිගෙ බත් එකයි, දෝනිගේ කෑම එකයි එයාලගේ කෑම පෙට්ටි වලට බෙදලා දෙන්නටම එක විදියට එකම වගේ serviettes වලින් ඒවා ඔතලා දෙන්න...ඊට පස්සේ දෝණිට "අම්මා බබාටයි, අප්පචිචිටයි එක වගේ lunch box හැදුවා " කියලා කිව්වම දෝනිගේ මූණට ඒ එන සතුටු ආඩම්බර හිනාව බලන්න ගොඩක් ආසයි.

මං අලුතින්ම කරන දේ තමයි මේ felf letter board එකේ ඉංග්‍රීසි වැකිය වෙනස් කරන එක ... හැබැයි හැම දවසෙම මාරු කෙරෙන්නේ නෑ...ඒ නිසා දිනය එකතු කළා... හැමදාම ඒක මාරු කරන්න ලේසියිනේ...මේ වැඩෙත් දැන් මං කරන්න ආසම වැඩක්.

දවසේ ලස්සනම කාලය ලස්සනට, පිළිවෙලට, සැලසුමකට ගත කරලා අපි මුලු දවසම ලස්සන කරගමු... එහෙම සතුටින් ඉමු... එහෙම ඉන්න මං හරිම ආසයි 🌟

සතුටින් ඉන්න 💕
Happiness Seeker Ovi
ඔවිනි මදනායක ✨

මගේ දවස...මාස 3කට කලින් ඉඳං මං බදුල්ල town එකේ සැලෝන් එකකට ඇවිත් මාසයකට එක පාරක් pedicure එකක් කර ගන්නවා.මං ගොඩක් ආසාවෙන...
28/07/2024

මගේ දවස...

මාස 3කට කලින් ඉඳං මං බදුල්ල town එකේ සැලෝන් එකකට ඇවිත් මාසයකට එක පාරක් pedicure එකක් කර ගන්නවා.මං ගොඩක් ආසාවෙන් මේ වෙලාව විඳින්නේ... මං ආසම foot massage එකට.. ඒක මගේ වෙහෙසකාරී කකුලට විතරක් නෙවෙයි වෙහෙසකාරී හිතටත් මාරම සහනයක්...

ඉතිං වෙනදට මාව salon එකට ධනා බස්සනවා...(ඒකත් මං salon එකට එන වෙලාවට අපි town එකට ඇවිත් කරගෙන යන්න පුළුවන් තව වැඩ ටිකකුත් දාගන්නවා... මොකද අපේ ගෙදර අපි තෝරගෙන තියෙන්නේ බදුල්ල town එකෙන් ගොඩක් ඈතට වෙන්නනේ...) හැබැයි ගෙදර යන්නේ මං තනියෙන්...ධනාට මං කියලා තියෙන්නේ මං තනියම එන්නම්...මං මේ වෙලාව මටම කියලා, මං මට විතරක්, මං තනියෙන් ඉන්න දෙන්න කියලා...( නැත්නම් ධනා ඉස්සර මාව තනියම town එකටවත් යවන්නේ නෑ 🤭🤭🤭)

ඉතිං මං හරි ආතල් එකේ හොඳම හොඳ, සැපම සැප pedicure එකත් කරං ගෙදර යන්නේ බස් එකේ...මට පුළුවන් tuk tuk එකක් ගන්න...ඒත් මං තෝරාගන්නේ බස් එක... මොකද එතකොටත් මට මං වෙනුවෙන් තවත් වෙලාව ගන්න පුළුවන්... මං බස් එකට නගින්න ඉන්නේ මුතියංගන පන්සල ඉස්සරහ...එතනදි මං මුතියංගන චෛත්‍යය දිහා බලං ඉන්නව...රොබරෝසියා මල් රසවිඳලා තියනවා...ඇහැල මල් රසවිඳිනවා... පාරේ යන එන මිනිස්සු දිහා,අහස දිහා බලං ඉන්නව... හරිම සැනසීමයි. ඉතිං මේ වෙලාව මට ලැබෙන්නේ නෑනේ මං tuk tuk ඒකේ ගියානං ( අනික pocket එකටත් වාසියිනේ නේද?)

ඊට පස්සේ හොඳට මගේ me time එක රස විඳලා සෙනග පිරුණු බස් එකේ හෙම්බත් වෙලා යනවා... හැමදාම සෙනග පිරුණු බස් වල යන එක හරිම හෙම්බත් දෙයක්නේ සාමාන්‍යයෙන්...ඒත් ගොඩ දවසක් ගෙදරට වෙලානේ මං ඉන්නෙ...(බබත් දැන් nursery play group ගිහිං එයා fun එකේ ඉන්නවනේ) ඉතිං මට ඒ හෙම්බත් බව දැනුනත් එහෙම මිනිස්සු අතර ඉන්න එක... හදිසියේවත් ඉඳගන්න හම්බ වුණොත් වීදුරු ජනේලයෙන් එළිය බලාගෙන යන එක, කඳු දිහා බලං යන එක , මටම කියලා වෙලාවක් හම්බ වුණ එකට, ඒ අවස්ථාව මට දුන්න, එතකං මගේ බබාව බලාගන්න මගේ මහත්තයාටත්, අප්පච්චි එක්ක හොඳ බබෙක් වගේ ඉන්න මගේ රත්තරන් දෝණිටත් මං ස්තූති වන්ත වෙමින් මං මගේ හිත සනසගන්න පුළුවන් නිසා මං ඒ හෙම්බත් බව උවමනාවෙන්ම මග හැර ගන්නවා... ඍනාත්මක කිසිම දෙයක් මේ මගේ ලස්සන දවසේ මේ වෙලාවේ මගේ ළඟට එන්න මං දෙන්නේ නෑ...

ඊටපස්සේ ඔහොම බස් එකේ ගිහින් මගේ ලස්සන ගමේ හන්දියෙන් මං බහිනකොට තමයි මට සතු...ටුම දේ වෙන්නේ...ඒ තමයි හංදියෙනුත් ටිකක් ගම ඇතුළට වෙන්න තමයි අපේ ගෙදර තියෙන්නේ... මං බස් එකට නගින්න කලින් ධනාට කියනවා දැන් බස් එකට නගින්න ඉන්නේ කියලා...අනේ මෙයා දෝණිවත් අරං හංදියට ඇවිත් ඉන්නවා මාව ගන්න... ඉතිං බස් එකෙන් බහින කොටම මට ඔය පේන දර්ශනය තමයි මං ගොඩා...ක් ආසම. සැනසුන මනස තවත් සැනසෙනවා නිකං bonus ලැබිලා වගේ...

ඉතිං ගෙදරට යනකං අපි තුන් දෙනා කයිය ගගහා ඇවිදිමින් යනවා..

ඉතිං අද ඕකෙ අනිත් පැත්ත...අද මං රැකියාවේ වැඩ ඉවර කරලා තමයි බස් එකේ salon එකට ආවේ.. (මාව එක්කං යන්න ධනායි බබායි එනවා කිව්වා...town එකෙන් කරං යන්න දාගත්ත වැඩේ තමයි monthly grocery shopping කරන්න...මං මගේ රැකියා කටයුත්තට එන්න කලිං shopping list එක හදලා ඒක car එකටත් දාලම ආවා උදේ එයාට ලේසිනේ එතකොට...) අද බස් එකේ සෙනග නැති තරම්...වීදුරුවෙන් පේන කඳු වැටි බල බල ආවේ... මුතියංගන පන්සල ගාවින්ම බැහැලා පන්සල දිහා බල බල ටික දුරකින් salon එකට ආවේ.අද නම් හරි ෂෝක්... මං pedicure එකේ ඉන්න ගමන් තමයි මේ ලියන්නේ ඔයාලට...අද pedicure එක කරන්නෙත් salon owner... නියමයි...train වෙන නංගි කෙනෙක්ට එයා කියලා දෙන ගමන් තමයි වැඩේ කරන්නෙ...(ඒ කියන්නෙ එක කකුළක් salon owner, අනිත් කකුල trainee නංගි) ඉතිං මං කලින් කිව්වේ salon owner කරන්නේ කියලා අද හරිම සතුටින්...ඒ වගේම මට දුක් හිතෙන්නත් තිබුණා "අයියෝ අද trainee කෙනෙක්නේ ඉන්නේ...එයා හරියට කරන එකක් නෑ කියලා" ඇත්තටම මට එහෙම හිතුණා... හැබැයි මං එක ක්ෂණයෙන් ඒ ඍනාත්මක සිතුවිල්ල පස්සට යැව්වා...කමක් නෑ එක කකුළක් salon එකේ owner හොඳට කරනවනේ කියලා...මේ නංගිත් දවසක එහෙම හොඳට කරයිනෙ තව ඉගෙන ගෙන කියලා...එයාට මට හොඳ අත්දැකීමක් දෙන්න පුලුවන් වුණානේ එයා යන මේ beauty culture feild එකේ කියලා...මං මගේ ධනාත්මක සිතුවිලි වලට ආවා නැවත... ඉතිං දැන් වෙනදා වගේම මං මගේ දවස විඳින ගමන් ඉන්නේ... මොකද මේ ගුරුවරයා හරි ලස්සනට එයාගේ ගෝලයට කියලා දෙනවා customerට කොහොමද මේ සේවාවන් දෙන්නේ කියලා...අහං ඉන්න ආසයි... මගේ මනසටත් ඒ දේවල් හරිම සනීපෙට දැනුණා...

අද haircut එකකුත් කරං තමයි මං යන්නේ... මොකද මේ දවස්වල මගේ hair falling වෙනවා අසාමාන්‍ය විදියට...hair cut එකේදි salon owner මට දුන්න උපදෙස් තමයි doctor කෙනෙක්ට පෙන්නමු අපි... medical treatments කරාම හරි යයි...ඔයාට බබා එක්ක salon එන්න අමාරුයිනේ...ගෙදරදි Vitamin E කරලකින් ඇගිලි තුඩු වලින් massage කරන්න...ලොකුවට කොණ්ඩේ යන එක ගැන හිතන්න එපා ඔයාට ලැබිලා තියෙනවනේ ගොඩක් දේවල්...ඒ දේවල් ගැන සතුටු වෙන්න කියලා 🌟 හැබැයි එයාට තිබුණා එයාගේ business එක market කරන්න...ඒත් එයා මගේ මානසික සතුට වෙනුවෙන් වැය කරපු ඒ වචන ටිකට ගොඩක් ස්තුතිවන්ත වෙනවා මං ඇයට...හරියට ධර්ම දේශනා වලට සවන්දෙන එක මගේ ජීවිතයට ධනාත්මක සිතුවිලි ළං කරනවා වගේ මං හරි ආසයි මගේ වටේ ඉන්න අය එක වචනයකින් හරි ධනාත්මක සිතුවිලි මුදා හරිනවට... මං ආසයි ඒ වගේ අයව ආශ්‍රය කරන්න...

ඉතිං අද වෙනස් වුණත් මගේ දවස... මං ඒ පොඩි වෙනස පිළිගෙන මං වෙනදා වගේම අද දවසත් විඳිනවා...මේ මොහොත විඳිනවා...

මේ දැං ධනායි බබායි එනකං මං ඉන්නෙ...ඊට පස්සේ ධනායි බබායි එක්ක grocery shopping කරලා හෙම්බත් වෙලා මං ගෙදර යයි...වෙනදා විදියටම අනිත් වැඩ ටික කරං ජීවිතේ ගලාගෙන යයි... හැබැයි මං මට වෙන් කරපු මේ මගේ දවසේ ,මං ඒ මොහොතේ ජීවිතය විඳපු හැටි, ගත්ත අත්දැකීම් යම් මොහොතක, මනසින් කඩා වැටුණු යම් මොහොතක මට උදව් වෙයි, ඒ මතකයන් ආවර්ජනය කරමින් මට නැවත මනසින් නැගී සිටින්න.

ඒ නිසා කෙල්ලො, බිරින්දෑවරු, අම්මලා, ගෘහණියන් වන අපි අනිවාර්යෙන්ම අපිටම කියපු මොහොතක් අපි වෙනුවෙන් ලබා දෙන්න ඕනි...අපි වටේ ඉන්න අය අපි වෙනුවෙන් ඒ මොහොත ලබා දෙන්න අපිට උදව් කරන්න ඕනි... ගොඩක් ස්තුතියි මගේ මහත්තයාට මට මගේ මේ දවස් මේ මොහොත ලබා දුන්නාට...ඒ වගේම අපි ළඟට ඍණාත්මක සිතුවිල්ලක් ආපු වෙලාවට " ආ..මට දැං ඍණාත්මක සිතුවිල්ලක් ඇවිත් තියෙන්නේ...මං දැන්ම ඒකෙන් මිදෙන්න ඕනි " කියලා ඒකට අවශ්‍ය ධනාත්මක සිතුවිලි ටික එකතු කරං මානසික සතුට පවත්වාගෙන යන්න...(එදිනෙදා කාර්යබහුල ජීවිතේ මේක ටිකක් අමාරුයි කරන්න... හැබැයි බැරි නෑ...අපිට අවශ්‍යමත් ඒ දේ තමයි...මානසික සතුට...ඒ නිසා ටික ටික හරි අපිට පුළුවන් අපේ මානසික සතුට පවත්වාගෙන යන්න පුළුවන් ක්‍රියා වල නිරත වෙන්න.

සතුටින් ඉන්න.
මං Happiness Seeker Ovi
ඔවිනි මදනායක

Video Link: https://youtu.be/VabH_3j_Bf4?si=GiySLgyL85XGmzjEඅද video එකෙන් මං ඔයාලට ගෙනාවේ මගේ උපන්දිනේට මං ගත්ත ලස්සන ල...
27/07/2024

Video Link: https://youtu.be/VabH_3j_Bf4?si=GiySLgyL85XGmzjE

අද video එකෙන් මං ඔයාලට ගෙනාවේ මගේ උපන්දිනේට මං ගත්ත ලස්සන ලස්සන දේවල්...

ඇත්තටම කිව්වොත් ගොඩක් දවසකින් තමයි මං ගෙදර, කුස්සිය ලස්සන කරගන්න දේවල් ගත්තේ. ඉතිං මේ දේවල් මගේ wish list ඒකේ ගොඩක් දවසක් ඉඳං තිබුණ දේවල්... ඒකෙනුත් මං ආසම මට අත්‍යවශ්‍යම ටික තමයි මේ මං ගත්තේ.

Video Link: https://youtu.be/VabH_3j_Bf4?si=GiySLgyL85XGmzjEඅද video එකෙන් මං ඔයාලට ගෙනාවේ මගේ උපන්දිනේට මං ගත්ත ලස්සන ල...
27/07/2024

Video Link: https://youtu.be/VabH_3j_Bf4?si=GiySLgyL85XGmzjE

අද video එකෙන් මං ඔයාලට ගෙනාවේ මගේ උපන්දිනේට මං ගත්ත ලස්සන ලස්සන දේවල්...

ඇත්තටම කිව්වොත් ගොඩක් දවසකින් තමයි මං ගෙදර, කුස්සිය ලස්සන කරගන්න දේවල් ගත්තේ. ඉතිං මේ දේවල් මගේ wish list ඒකේ ගොඩක් දවසක් ඉඳං තිබුණ දේවල්... ඒකෙනුත් මං ආසම මට අත්‍යවශ්‍යම ටික තමයි මේ මං ගත්තේ.

Hello Happiness Seekers 🌸In today's video I'm going to share with you My Birthday Shopping Haul.අද video එකෙන් මං ඔයාලට ගෙනාවේ ...

ඔන්න Happiness Seekers 🌟 අනිද්දට ( ජූලි 27 සෙනසුරාදා) උදේ 11.00 වෙනකොට මං ඔයාලා කැමතිම කැමති ලස්සන video එකක් අරං එන්නයි...
25/07/2024

ඔන්න Happiness Seekers 🌟 අනිද්දට ( ජූලි 27 සෙනසුරාදා) උදේ 11.00 වෙනකොට මං ඔයාලා කැමතිම කැමති ලස්සන video එකක් අරං එන්නයි ඉන්නේ...ඔයාට කියන්න පුලුවන්ද මොන වගේ video එකක් ද? මේක කියලා...
ඒ වගේම මං මේ මොහොත අවස්ථාවක් කර ගන්නවා මගේ Happiness Seeker Ovi YouTube Channel එකට අලුතින් එකතු වුණ හිතවතුන්ට මගේ ස්තුතිය පිරිනමන්නත්, මගේ පරණ රන්වන් හිතවතුන්ට මගේ ආදරය ප්‍රකාශ කරන්නත්... Videos වල ඔයාලා නිසා views ටික ටික වැඩි වෙනවා...Subscribersලා ඔයාලා නිසා ටික ටික වැඩි වෙනවා. ඇත්තටම මට ගොඩක් සතුටුයි ඔයාලා මට මේ දෙන සහයෝගයට සහ ආදරයට ✨ මං හිමින් හිමින් ඔයාලා නිසා ඉස්සරහට යනවා නේද කියලා හිතෙනකොට තවත් සතුටුයි...හේතු දහස් ගණනක් මාව වට්ටන්න එනකොට මගේ හිතවතියනි, ඔයාලගේ මේ සහයෝගය, මේ දෙන ශක්තියම ඇති මට හිත හයිය කර ගන්න...ඔයාලා හැමෝටම බොහෝම ස්තූතියි..ඒ වගේම ගොඩක් ආදරෙයි ❤️
ඉදිරියටත් ඔයාල ආස videos ගේනවා මං ඔයාලට...
එහෙනම් 27 සෙනසුරාදා උදේ 11.00ට Channel එක පැත්තට එන්නකෝ... ආදරෙයි. (අන්තිම photo එක වෙනකං බලන්න)
එතකං ගිය සෙනසුරාදා මං ඔයාලට ගෙනාව Budget Friendly Home Decor Tips තියන මේ video එක👇 බලන්නකෝ.
https://youtu.be/42O0vP0hFag?si=jVJzRjzd2_voZg3X

Video Link: https://youtu.be/42O0vP0hFag?si=KOlh35g3zpkUI3XSඅද video එකෙන් මං ඔයාලට ගෙනාවේ කොහොමද අඩු මුදලකින් හරි ලේසිය...
20/07/2024

Video Link: https://youtu.be/42O0vP0hFag?si=KOlh35g3zpkUI3XS

අද video එකෙන් මං ඔයාලට ගෙනාවේ කොහොමද අඩු මුදලකින් හරි ලේසියෙන්ම ගෙදර decor කරගන්නේ කොහොමද කියල tips ටිකක්...

ඒ වගේම Vignette Decor කියන්නේ මොකක්ද? කොහොමද නිවරැදිව Vignette Decor එකක් කර ගන්නේ? කියලත් මේ video ඒකේ තියනවා.

ඔයත් මේ video එක බලලා ඔයාගේ ගෙදරත් ලස්සන කර ගන්න...

Hello Happiness Seekers 🌸In today's video I'm going to share with you easy and budget friendly Homedecor tips that you can ...

Video Link: https://youtu.be/42O0vP0hFag?si=KOlh35g3zpkUI3XSඅද video එකෙන් මං ඔයාලට ගෙනාවේ කොහොමද අඩු මුදලකින් හරි ලේසිය...
20/07/2024

Video Link: https://youtu.be/42O0vP0hFag?si=KOlh35g3zpkUI3XS

අද video එකෙන් මං ඔයාලට ගෙනාවේ කොහොමද අඩු මුදලකින් හරි ලේසියෙන්ම ගෙදර decor කරගන්නේ කොහොමද කියල tips ටිකක්...

ඒ වගේම Vignette Decor කියන්නේ මොකක්ද? කොහොමද නිවරැදිව Vignette Decor එකක් කර ගන්නේ? කියලත් මේ video ඒකේ තියනවා.

ඔයත් මේ video එක බලලා ඔයාගේ ගෙදරත් ලස්සන කර ගන්න...

හෙට (ජුලි 20, සෙනසුරාදා) උදේ 11.00 වෙනකොට ඔයාලා කැමතිම Home Decor Tips තියන Video එකක් මං ඔයාලට අරං එනවා...ඔන්න එහෙනම් ග...
19/07/2024

හෙට (ජුලි 20, සෙනසුරාදා) උදේ 11.00 වෙනකොට ඔයාලා කැමතිම Home Decor Tips තියන Video එකක් මං ඔයාලට අරං එනවා...
ඔන්න එහෙනම් ගෙදර තියන දේවල් වලින් හරි ලේසියෙන්ම ඔයාගේ ගෙදර කොහොමද ලස්සන කරගන්නේ කියලා හෙට video එකෙන් ඔයාලට දැන ගන්න පුළුවන්...
අපි හෙට හමුවෙමු...එනවා නේද හට උදේ 11.00 වෙද්දීම Happiness Seeker Ovi YouTube Channel එක පැත්තට?
Notification Button 🔔 එක On කරලා තියා ගත්තොත් ඔයාට පුලුවන් මං Video එක දැම්ම ගමන්ම බලන්න...
ලස්සන දවසක් 🌟 (අන්තිම photo එක වෙනකල්ම බලන්න)
එතකං මෙන්න මගේ Night Time Routine එක වැදගත් Tips 15ක් එක්කම..👇
https://youtu.be/HJFrjj88hEs?si=3JhjD1ePbhxSiH3Z

Video Link: https://youtu.be/HJFrjj88hEs?si=3JhjD1ePbhxSiH3Zඅද Video එකෙන් මං ඔයාලට ගෙනාවේ ලස්සන දවසක් වෙනුවෙන් මං ගත කර...
13/07/2024

Video Link: https://youtu.be/HJFrjj88hEs?si=3JhjD1ePbhxSiH3Z

අද Video එකෙන් මං ඔයාලට ගෙනාවේ ලස්සන දවසක් වෙනුවෙන් මං ගත කරන මගේ රාත්‍රී කාලය සහ ඒ වෙනුවෙන් Motivational Tips 15ක්...

Video Link: https://youtu.be/HJFrjj88hEs?si=3JhjD1ePbhxSiH3Zඅද Video එකෙන් මං ඔයාලට ගෙනාවේ ලස්සන දවසක් වෙනුවෙන් මං ගත කර...
13/07/2024

Video Link: https://youtu.be/HJFrjj88hEs?si=3JhjD1ePbhxSiH3Z

අද Video එකෙන් මං ඔයාලට ගෙනාවේ ලස්සන දවසක් වෙනුවෙන් මං ගත කරන මගේ රාත්‍රී කාලය සහ ඒ වෙනුවෙන් Motivational Tips 15ක්...

Hello Happiness Seekers 🌸In today's Video I'm going to share with you My Good night routine for a Good Morning and 15 Motiva...

හෙට (ජූලි 13, සෙනසුරාදා) දවල් 1.00ට මං එන්නං ඔයාලව බලන්න ලස්සන විඩියෝ එකකින් 🌟 එනවා නේද Happiness Seeker Ovi YouTube Cha...
12/07/2024

හෙට (ජූලි 13, සෙනසුරාදා) දවල් 1.00ට මං එන්නං ඔයාලව බලන්න ලස්සන විඩියෝ එකකින් 🌟 එනවා නේද Happiness Seeker Ovi YouTube Channel එක පැත්තට දවල් 1.00 වෙනකොට ?
ඔයාලට ලස්සන සති අන්තයක් ✨

අද මට හරිම ලස්සන, සතුටුදායක උපන් දිනයක් 🎂 ඔයාලගෙන් මට කලින්ම උපන් දින තෑග්ගක් හම්බුණා නේ.....💕
10/07/2024

අද මට හරිම ලස්සන, සතුටුදායක උපන් දිනයක් 🎂 ඔයාලගෙන් මට කලින්ම උපන් දින තෑග්ගක් හම්බුණා නේ.....💕

අතැඟිලි ගැනමින් සිටි අවස්ථාවක් අද මට උදාවුනා...ඒ දේ මට ලැබුණේ මගේ ආදරණීය ඔයාලා නිසයි... ඇත්තටම මට ගොඩක් සතුටුයි ඔයාලා මට...
04/07/2024

අතැඟිලි ගැනමින් සිටි අවස්ථාවක් අද මට උදාවුනා...ඒ දේ මට ලැබුණේ මගේ ආදරණීය ඔයාලා නිසයි... ඇත්තටම මට ගොඩක් සතුටුයි ඔයාලා මට දුන්න ආදරයට, සහයෝගයට සහ ශක්තියට 💕

Home Hashtag Life by Jaya කියන ලස්සනම ලස්සන Indian YouTube Channel ඒකේ බොක්කේ රසිකාවියක් වෙලා මාත් marry කළාම YouTube Channel එකක් පටන් ගන්නවා කියලා හිතුවා... Marry කරලා මාස දෙකකට පස්සෙ ඔන්න මෙලෝ දෙයක් දන්නේ නැතිව මං මගේ Happiness Seeker Ovi YouTube Channel එක පටන්ගත්තා හිතේ තිබුණු ආසාවටම...

ඊට මාස හයකට විතර පස්සේ තමයි මිනායා දෝණි මගේ කුසට ආවේ... මගේ ජීවිතේ මට ලැබුණු වටිනාම වටිනම වටි.....නම අවස්ථාවක්...ඒ නිසා මට YouTube Channel එක තාවකාලික නවත්වන්න වුණා පළවෙනි වතාවට කුසේ ඉන්න මගේ දෝණි මැණික වෙනුවෙන්...

ඊටපස්සේ දෝණි මැණික අපි ළඟට ආවට පස්සේ මං පොඩියට වගේ නැවත Channel එක පටන්ගත්තා අම්මයි තාත්තයි මගෙයි ධනාගෙයි උදව්වට ඉඳිය නිසා... ඊටපස්සේ අම්මලා නැවත ගෙදර ගියාට පස්සේ මටයි ධනාටයි දෝනිගේ වැඩයි, ගෙදර වැඩයි තනියම කර ගන්න වුණු නිසා මං දෙවන වතාවටත් Channel එක තාවකාලික නැවැත්තුවා දෝණිට මුල් තැන දෙන්න ඕනි නිසා සහ මට video කර ගන්න හැකියාව තිබුණත් ඒක edit කරගන්න තරම් ශක්තියක් තිබුණේ නෑ...

ඔන්න ඊටපස්සේ මං ආයි channel එක පටන්ගත්තා...සතියට එක ගානේවත් video දාගන්න මට පුළුවන් වුනා...ඒත් හදිසියේම 2023 අවුරුද්දේ නොවැම්බර් අග මං තීරණය කළා Channel එක නවත්තන්න තාවකාලික තුන් වැනි වතාවට මං වෙනුවෙන්, මගේ සෞඛ්‍ය තත්වය යහපත් අතට හැරෙනකං... ඊටපස්සේ මාස හතරක දිගු නිවාඩුවකට පස්සේ මං ආසාවට පටන් ගත්ත channel එක මං මට වෙනුවෙන් දෙන පන්නරයක් විදියට නැවත පටන්ගන්න තීරණය කළා... මං මට දෙන motivation එකක් විදියට channel එක කරං ආවා... හැබැයි මං මට පුළුවන් වෙලාවට තමයි video දැම්මේ...නොකඩවා ඔයාලා වෙනුවෙන් video දාන්න මට බැරිවුණා... ඉතිං මෙහෙම YouTube ගමනක් තමයි මං ආවේ...ඒත් මට සතුටුයි මං Channel එක ස්ථිරවම නවත්වන්නේ නැතිව කොහොම හරි ඉස්සරහට හිමින් හිමින් අරං ආපු එකට...ඒකට හේතුව මගේ ආදරණීය ඔයාලා... YouTube Channel එක නිසා මට ආදරණීය හිතවතියන් කිහිපදෙනෙක් මට මුණ ගැසුණා...තවත් ආදරණීය පිරිසක් මගේ පුංචි පවුල වටා එකතු වුණා... ඉතිං ඔන්න ඒ නිසා මට ජුනි මාසයේ සතියට video එක ගානේ මුළු මාසයේම videos පහක් දාගන්න පුළුවන් වුණා මං බලාපොරොත්තු වූ විදියට... ඒ නිසා Subscribersලා 5000 කඩ ඉමට මට එන්න පුළුවන් වුණා...ඉස්සරහට ඔයාලා ආස විදියේ videos දාන්න මං පොරොන්දු වෙනවා...

Happiness Seeker Ovi මා එක්ක මුල් ඉඳංම එකතුවෙලා හිටිය මගේ ආදරණීයයන්ටත්, අලුතින් එකතුවුන මගේ ආදරණීයයන්ටත් මගේ හදපිරි ස්තූතිය සහ ආදරය පුදකරනවා...දිගටම මා එක්ක රැඳිලා ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා...මට දුන්න මේ හයියට ගොඩක් පිං 🙏 ගොඩක් ආදරෙයි ✨💕✨


Happiness Seeker Ovi

ඔවිනි මදනායක ✨

Video Link: https://youtu.be/19Ylopl3900?si=_SgJW6e3_FKirnhAඅද Video එකෙන් මං ඔයාලට ගෙනාවේ කුස්සියේ වැඩ වලදි ඔයාගේ වෙලාව...
29/06/2024

Video Link: https://youtu.be/19Ylopl3900?si=_SgJW6e3_FKirnhA

අද Video එකෙන් මං ඔයාලට ගෙනාවේ කුස්සියේ වැඩ වලදි ඔයාගේ වෙලාව ඉතිරි කරන වටිනා Kitchen Cleaning Tips 10ක්...

රාජකාරි කටයුතු කරමින් ගෙදර වැඩත් කරන කාර්යබහුල ගෘහනියන් ට වගේම ගෙදර ඉඳං වුවත් දහසක් වැඩ රාජකාරී කරන කාර්යබහුල ගෘහනියන්ටත් ... කුස්සිය පිරිසිඳු වට තියාගන්න හරි ලේසියෙන්ම පුළුවන් හැබැයි අපිට අතපසු වෙන Kitchen Cleaning Tips ටිකක් තමයි මේ...

Video Link: https://youtu.be/19Ylopl3900?si=_SgJW6e3_FKirnhAඅද Video එකෙන් මං ඔයාලට ගෙනාවේ කුස්සියේ වැඩ වලදි ඔයාගේ වෙලාව...
29/06/2024

Video Link: https://youtu.be/19Ylopl3900?si=_SgJW6e3_FKirnhA

අද Video එකෙන් මං ඔයාලට ගෙනාවේ කුස්සියේ වැඩ වලදි ඔයාගේ වෙලාව ඉතිරි කරන වටිනා Kitchen Cleaning Tips 10ක්...

රාජකාරි කටයුතු කරමින් ගෙදර වැඩත් කරන කාර්යබහුල ගෘහනියන් ට වගේම ගෙදර ඉඳං වුවත් දහසක් වැඩ රාජකාරී කරන කාර්යබහුල ගෘහනියන්ටත් ... කුස්සිය පිරිසිඳු වට තියාගන්න හරි ලේසියෙන්ම පුළුවන් හැබැයි අපිට අතපසු වෙන Kitchen Cleaning Tips ටිකක් තමයි මේ...

Hello Happiness Seekers 🌸In today's Video I'm going to share with you 10 timesaving smart kitchen cleaning tips.අද Video එකෙන් මං ඔ...

හෙට (29 සෙනසුරාදා) උදේ 11.00ට ලස්සන, වැදගත් video එකක් අරං Happiness Seeker Ovi එන්නද ඔයාලව බලන්න... 🌟 රාජකාරි කටයුතු කර...
28/06/2024

හෙට (29 සෙනසුරාදා) උදේ 11.00ට ලස්සන, වැදගත් video එකක් අරං Happiness Seeker Ovi එන්නද ඔයාලව බලන්න... 🌟 රාජකාරි කටයුතු කරමින් ගෙදර වැඩත් කරන කාර්යබහුල ගෘහනියන් ට වගේම ගෙදර ඉඳං වුවත් දහසක් වැඩ රාජකාරී කරන කාර්යබහුල ගෘහනියන්ටත් ... කුස්සිය පිරිසිඳු වට තියාගන්න හරි ලේසියෙන්ම පුළුවන් හැබැයි අපිට අතපසු වෙන Kitchen Cleaning Tips ටිකක් අරං තමයි මං ඔයාලව බලන්න එන්නේ...
ඔන්න එහෙනම් හෙට උදේ 11.00ට ගෙදර දොරේ ඔක්කොම වැඩ ටික කරල ඉවර වෙලා එන්නකෝ Happiness Seeker Ovi YouTube Channel එක පැත්තට මේවා කුස්සියේ වැඩ කරනකොට ඔයාටත් මඟ හැරෙනවද? බලලා ඒකට ගන්න ඕනි පිළියම් මොනවද කියලත් දැනගන්න...
සතුටින් පරිස්සමින් ඉන්න 💕

Address


Alerts

Be the first to know and let us send you an email when Happiness Seeker Ovi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Happiness Seeker Ovi:

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share