Diary.lk ඩයරිය.lk

  • Home
  • Diary.lk ඩයරිය.lk

Diary.lk ඩයරිය.lk We hurry to share stories about Culture, Society, Economics, Business, Politics, sports and current a

10/04/2022

ගෝල් ෆේස් යන්න විදියක් නැද්ද!
එන්න අපි ගෙදර ඉඳන් hashtag එක trending කරමු!

10/04/2022

Hash tag එකක් trending එනුයේ comments වලින් නොව post වලින් බව ඔබ දන්නවාද?




මේක කොපි කරා post එකක් දැම්මා. වෙන මුකුත් එපා. Google trends වල Trend එක උඩට එන ගමන් තියෙන්නෙ ඒක ආපහු හදමු...
🇱🇰❤️

Copied

ජනතාව කොපමණ කරදර වින්දත් පාලකයාට ගානක්වත් නැත.හොදම උදාහරණයක්.
12/03/2022

ජනතාව කොපමණ කරදර වින්දත් පාලකයාට ගානක්වත් නැත.
හොදම උදාහරණයක්.

අර තාවකාලික ලයිට් කණු පාළම විවෘත කරන්නත් ජාතික මහෝත්සවයක් තියලා කියහංකෝ.

කතාවටත් කියනවනේ ඉතිං ගස් නැති රටේ තුත්තිරි ගහත් ගහක් කියලා.

වැරදිලා හරි ස්ථිර පාළම හැදුවොත් මුං සතියක් මගුල් කයි හැබැයි.

12/03/2022

කෝ මේ ඉරාජ් කොලුවා 🤔

09/03/2022



රන් 💸 මිල ඉහළට... රුසියානු 🇷🇺 ආර්ථිකයත් කඩා වැටෙන ලකුණු... ඇමෙරිකාවෙන් 🇺🇸 හා එංගලන්තයෙන් 🇬🇧 රුසියානු ගෑස් හා ඉන්ධන 🛢️ වලටත් සම්බාධක...

රුසියා - යුක්‍රේන අර්බුදය හේතුවෙන් ලෝකයේ 🌍 රන් මිල ශීඝ්‍රයෙන් ඉහළගොස් තිබෙනවා. මේවනවිට රන් (24K) අවුන්සයක මිල ඇ.ඩොලර් 2051 දක්වා වැඩිවී තිබෙනවා. ඉදිරියේදී තමන් සතු රන් සංචිත විකිණීමටද හොදම කාලයක් වෙනවා. මීට මාසෙකට පෙර රන් අවුන්සයක මිල ඇ.ඩොලර් 1796 ක් ලෙස සටහන් විය.

ඇමෙරිකාව 🇺🇸, යුරෝපය 🇪🇺 ඇතුළු රටවල් රැසක් රුසියාව 🇷🇺 වෙත සම්බාධක පැනවීම හේතුවෙන් රුසියානු රූබල ඇමෙරිකානු ඩොලරය💲හමුවේ 50% කට අධික පසුබෑමකට ලක්ව තිබෙනවා. ඊයේ දිනයේ රූබලයේ පහළම අගයද සටහන් විය. එනම් ඩොලරය සදහා රූබල් 140 ක් නියමවීමත් සමගය. මේවනවිට රූබලයක වටිනාකම ශ්‍රී ලංකා 🇱🇰 රුපියල් 1.3 - 1.5 ක අගයක පවතින අතර ඉදිරියේදී තව තවත් රූබලය පහළ බැසීමට නියමිතය.

ඊයේ දිනයේ ඇමෙරිකාව 🇺🇸 විසින් රුසියානු ඛනිජ තෙල් හා ස්වාභාවික වායු මිලදී ගැනීම නතර කිරීමට ජෝ බයිඩ්න් පරිපාලනය තීරණය කරනු ලැබුවා. එයත් සමග ඇමෙරිකාව තුල පෙට්‍රල් මිල ⛽ හා ස්වාභාවික ගෑස් මිල ඉහළ ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. තවද එංගලන්තය විසින් 2022 අවසානයේ සිට රුසියාවෙන් ඛනිජ තෙල් මිලදී ගැනීම නවතා දැමීමට තීරණය කරනු ලැබුවා. මේවනවිට බොරතෙල් 🛢️ බැරලයක මිල ඇ.ඩොලර් 130 ක මට්ටමේ පවතී.

මේවනවිට සමස්ත සම්බාධක මගින් රුසියානු ආර්ථිකයේ ඇ.ඩොලර් ට්‍රිලියන 1 ක් පමණ ලෝකයේ විවිධ රටවලින් හා සමාගම් විසින් ශීත කර ඇති බවට වාර්තා පළවෙනවා. තවද එය රුසියානු 🇷🇺 දළ දේශීය නිෂ්පාදනයෙන් 60% ක් බවටයි වාර්තා වන්නේ.

- Supun Hirushka 🇱🇰 -

So who is the Current srilankan President 🥱
08/01/2022

So who is the Current srilankan President 🥱

Financial advice for 2022 and beyond for Sri Lankans 1. If you want something and if it's an absolute necessity, Buy it ...
29/12/2021

Financial advice for 2022 and beyond for Sri Lankans

1. If you want something and if it's an absolute necessity, Buy it now ( use credit card installments etc ) . prices will continue to go up and even paying a small interest will be a saving than buying later

2. Your salary will not keep inline with increasing cost of living. So be careful when going into debt. Ensure you have at least 20% head room for your basic survival budget when planning your yearly expenses and long term financial commitments like loans

3. Invest wisely. Markets may crash so, hedge in assets which are likely to retain value. ( lands are one option but in times of crisis , liquidity of lands will be low )

4. If you have any spare land , start farming. This will become handy in future. ( even without a financial crisis , healthy homegrown food is a huge advantage )

5. Think twice before buying fancy things and spending to maintain status. You will need your savings in future.

2022-2025 will be a challenging time for everybody regardless of policies or who is in power. There is no way of coming out this economic mess without undergoing hardships for 2-3 years. What policies in play will determine whether upcoming hard times are the last we see or its just the beginning of more to come.

Copied - Akila Darshana Panditha

29/12/2021

Copied from rasikajayakodytalks tiktok

26/12/2021
26/12/2021
🇱🇰 in HyperInflation
12/10/2021

🇱🇰 in HyperInflation

24/08/2021

කෝවිඩ් අසාදිතව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මැතිතුමාට ඉක්මන් නිරෝගී සුව ලැබේවායි ආශිර්වාද කරමි. තෙරුවන් සරණයි...!!!

වෙනදා වගේ ඩොලර් ගණන් නොකියා රුපියල් බිලියන 61.5 ක් කියල කිව්වෙ ඇයි කියල දැන් තේරුණාද? දැන් නම් ගොඩ ඒමක් ගැන හිතන්න සෑහෙන...
18/08/2021

වෙනදා වගේ ඩොලර් ගණන් නොකියා රුපියල් බිලියන 61.5 ක් කියල කිව්වෙ ඇයි කියල දැන් තේරුණාද? දැන් නම් ගොඩ ඒමක් ගැන හිතන්න සෑහෙන අමාරුයි. 👌👍

P. S. ඇත්ත, මේකෙන් චීනෙන් බඩු ගන්න සාමාන්‍ය විදිහට වැය වෙන ඩොලර් ටිකක් ඉතිරි වෙනවා වගේ පේනවා. හැබැයි තියෙන B2B agreement බහුතරයකට ඔය දේ හරි යන්නෙ නෑ. උන්ට ඕන ඩොලර්. බලහන් අඩු තරමෙ aliexpress එකටවත් වෙන currency එකක් ගෙවන්න පුළුවන්ද? ඉතින් ඔය අමතර රන්මින්බිවලින් ගේන්න වෙන්නෙ අලුත්ම දෙයක් තමයි ගොඩක් වෙලාවට. හම්බුණ පලියට තව තව මොනවා හරි ගන්න විතරයි වෙන්නෙ.

පේනවා නේද මුන් අපිට තොන්ඩුවත් බෙල්ලට දාලා, කකුල් දෙකෙන් වෙනුවට ඇට දෙකෙන්ම අල්ලලා අදින හැටි? ජනමත විචාරණයක් තියලා කොලනියක්ම වුණා නම් මීට හොඳයි.

18/08/2021

තලෙබාන්වරු කාබුල් අගනුවර අල්ලති..ජනයා දිවි පරදුවට තබා රටින් පැන යති.
මේ දිනවල බොහෝදෙනා කතා බහ කරන ඇෆ්ගන් අර්බුදය ගැන අද ලංකාදීප පුවත්පතට මා ලියු විශ්ලේෂනාත්මක ලිපියයි මේ. ටිකක් දිග වැඩියි. බොහෝ දෙනා ෆේස් බුක් එන්නේ ලයික් එකක් දාලා පොඩි කමෙන්ට් එකක් දාලා සැහැල්ලුවෙන් ඉන්න මිසක් හරබර ලිපි කියවන්න නෙවෙයි. ඒ් වුණත් පොඩි කාලයක් වැය කරලා මෙය කියෙව්වොත් අපේ එළිපත්තේ දිගහැරෙන බරපතල අර්බුදයක් ගැන තොරතුරු වලින් දැනුවත් වෙන්න පුළුවන් වෙයි. මොකද එම අර්බුදයේ අතුරුඵල නුදුරේම දිනක අපේ දොරටත් තට්ටු කරන්නට බැරි නැහැ.... කලින් පොඩ්ඩක් දැනුවත් වෙන එක හොදයිනේ..

අධිරාජ්ය‍ සොහොන්බිමේ අමෙරිකාව මිහිදන් වීම හෙවත්- ඇෆ්ගන් යුද පරාජය

2021 අගෝස්තු මස 15 වෙනිදා දිනය අවසන් වූයේ ලොව අංක එකේ සුපිරි බලවතා වන අමෙරිකා එක්සත් ජනපදය මෑත ඉතිහාසයේ මුහුණ දුන් විශාලතම යුද පරාජය හා අසාර්ථකම විදෙස් පිළිවෙත් තීන්දු මාලාව ගැන ලොවට කතා කිරීමට බොහෝ දේ ඉතිරිකරමිනි. ඉතිහාසය පුරා බලවත් අධිරාජ්යායන් දණ ගැස්වූ ඇෆ්ගනිස්ථානය හදුන්වනු ලබන්නේ අධිරාජ්යියන්ගේ සොහොන් බිම ලෙසිනි. අධිරාජ්යවයක් නොවූවද වත්මන් ගෝලීය බල කේන්ද්රසය වන අමෙරිකා එක්සත් ජනපදය අද එම ඓතිහාසික සොහොන් බිමේ සිය ගෞරවය, සෙබල ජීවිත හා ධනය මිහිදන් කර හමාරය. ඇෆ්ගනිස්ථානය අද නැවතත් 2001 වසරට පෙර එනමි අමෙරිකාව යුද්ධය ආරම්භ කිරිමට පෙර පැවති තත්ත්වයටම පැමිණ තිබේ. ඉන් පෙනී යන්නේ වසර විස්සක් පුරා අමෙරිකාව ඇෆ්ගනිස්ථානයේ යුද්ධ කර හිස් අතින් ආපසු යන්නේ තම ප්ර1තිරූපයට අන්තර්ජාතික වශයෙන් මෙන්ම දේශීය වශයෙන්ද අත්කරගත් දැවැන්ත හානියක්ද සමගයි. මේ තත්ත්වය පැහැදිලි කිරිමට සිංහලයේ ඇති “ ගගට ඉණි කැපුවා වගේ “ හා “ නටපු නැටුමකුත් නැත බෙරේ පළුවකුත් නැත “ යන ප්රදස්ථාව පිරුළු ගැළපෙයි.
ඉරිදා පස්වරුවේ අමෙරිකාව ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර ග්රීැන් සෝන් නම් අධි ආරක්ෂක කළාපයේ පිහිටි තම තානාපති කාර්යාලයේ ඔසවා තිබූ ධජය අවසන් වරට පහත හෙලීය. ඒ ඇෆ්ගනිස්ථානයේ එතෙක් සේවය කළ අමෙරිකානු නිලධාරීන් හා වෙනත් පුරවැසියන් අමෙරිකානු හමුදා සහය ඇතිව ලහි ලහියේ පළායමින් සිටි අවස්ථාවකයි. ඒ සමගම ඇෆ්ගන් ජනාධිපති අශ්රෆ් ගානි ද තම ආධාකරුවන් හා ජනතාව තලෙබාන් සටන්කාමීන්ට භාර කර ලේ වැගිරිමක් අවශ්යජ නොවන බව පවසමින් ට්ටිටර් සටහනක් තබා පලා යන්නේ එරට රජයේ පාලනය අවසන් කරමිනි. විසිවසරකට පෙර අමෙරිකාව විසින් පරජය කරනු ලැබ බිමට සමතලා කර තිබු තලබොන් සටන්කාමී කල්ලිය තෙදිනක් තුල ඇෆ්ගනිස්ථානයේ ප්රකධාන නගර වලින් බහුතරයක බලය තහවුරු කරගෙන ඉරිදා වනවිට කාබුල් අගනුවර ද තම ග්රයහණයට නතු කර ගත්තේ බටහිර දේශපාලන අධිකාරිය හා විද්වතුන් මෙන්ම දේශපාලන විචාරකයන්ද මවිතයට පත්කරමිනි. අමෙරිකාව පමණක් නොව නේටෝ ධජය යටතේ තලේබාන් කල්ලියට එරෙහිව සටන් කළ හා පසුව ඇෆ්ගනිස්ථානය ගොඩනැගීමට ආධාකර කළ යුරෝපා සංගම් රටවල් හා බ්රි්තාන්ය යද තම තානාපති කාර්යමණ්ඩල හා පුරවැසියන් ඉවත්කරගෙන පලායමින් සිටින්නේ සාමය, නිදහස හා අන්තවාදී නොවන ජීවන රටාවක් අපේක්ෂා කළ ඇෆ්ගන් පුරවැසියන් තනිකර දමා ඔවුන් නැවතත් තලෙබාන් අන්තවාදයට භාරකරමිනි. පලායන විදෙස් මිතුරන් දෙස බලා කාබුල් වැසියන්ගෙන් ඇතමෙක් මාධ්යාවේදීන් ට පවසා තිබුනේ “ඔවුන් අපිව තලෙබානුවන්ට විකුණා දැමුවා “ යනුවෙනි.
සයිගොන් අවතාරය
කාබුල් අගනුවර අතහැර අමෙරිකානුවන් පලායන ආකාරය දැක්වෙන දසුන් හා සේයා රූ මාධ්ය“ ඔස්සේ විකාශය වෙද්දී අමෙරිකාවේ අතීත අදුරු සෙවනැළිද ඉස්මතුවන්නට පටන් ගත්තේය. ජෝ බයිඩන් ජනාධිපතිවරයා විසින් යොදවනු ලැබූ අතිරේක භටයන් පන්දහසකගේ සහය ඇතිව එකක් පසුපස එකක් කාබුන් අමෙරිකානු තානාපති කාර්යාලීය පරිශ්රනයට ගොඩබස්වනු ලැබූ චින්හුක් හෙලිකොප්ටර වල නැගී නිලධාරීන් පලායද්දී ඊට සමාන දර්ශනයක් ඇතුලත් වසර 26 ක් පැරණි කළු - සුදු ඡායාරූප මාධ්ය ඔස්සේ කල එලි බසින්නට විය. ඒ 1975 වසරේදී වියට්නාම් යුද්ධයෙන් පරාජය ලබා අමෙරිකානුවන් පොරකමින් හෙලිකොප්ටර වල නැගී දකුණු වියට්නාමයේ සයිගොන් නගරයෙන් පලායන ආකාරය දැක්වෙන පැරණි ඡායාරූප පෙළකි. වියට්නාම් යුද පරාජය හා ඇෆ්ගන් පසුබෑම සමපාත කරමින් අමෙරිකානු මාධ්යා ඔස්සේ විවිධ විචාර මතුවෙන්නට පටන්ගෙන තිබින. ඉන් කියැවුනේ වසර 26 කට පසුව අමෙරිකාවට තවත් සයිගොන් පලායාමකට මූහුන දීමට සිදුව ඇති බවයි. ඒ හා සම්බන්ධ මාධ්යස විමසීම් වලට පැටලිලි සහගත ලෙස උත්තර දුන් අමෙරිකානු රාජ්යත ලේකම් ඇන්තනි බ්ලින්කන් ප්‍රකාශ කලේ සයිගොන් සිද්ධිය හා කාබුල් අත්හැරීම අතර වෙනස්කමි රැසක් ඇති බවයි. එහෙත් සිදුව ඇති අවමානයෙන් ගැලවීමට එය ප්රාමාණවත් නොවීය. බයිඩන් පාලනයට විවේචන වලට මුහුණ දීමට සිදුව ඇත්තේ ඇෆ්ගනිස්ථානයේ සැබෑ තත්ත්වය හා තලෙබාන් ශක්තිය අවතක්සේරැ කළ බවට නැගෙන චෝදනා මධ්යනයේයි. සිදුවූයේ කුමක්ද? අමෙරිකාවට වියට්නාමයේදී මෙන් වැරදුනාද? එසේත් නැත්නම් ඇෆ්ගනිස්ථානය පාලනය කළ නොහැකි භූමියක්ද? තලෙබාන් කල්ලිය අසාමන්යව ලෙස බලවත්ද? මේ ගැන විමසා බැලීම වටී.

අධිරාජ්යඇයන්හි සොහොන් බිම
ඇෆ්ගනිස්ථානය පිහිටා ඇත්තේ බටහිර හා නැගෙනහිර යුරේෂියා කලාප අතර සන්ධිස්ථානයකයි. වර්තමානයේ එය නැගෙනහිරින් හා දකුණෙන් පාකිස්ථානයටත් බටහිරින් ඉරානයටත් උතුරෙන් උස්බෙකිස්ථානයට හා තජිකිස්ථානයටත් වක්හාන් කොරිඩෝව ඔස්සේ ඉතා සුළු බිම්කඩක් චීනයටත් මායිම්ව පවතී. අතීතයේදී එය පැරණි සේද මාවතේ වැදගත් සන්ධිස්ථානයකි. හේතු දෙකක් නිසා ඇෆ්ගනිස්ථානය යනු පාලනයට හෝ අත්පත් කර තබාගැනීමට දුෂ්කර භූමියකි. පළමුවැන්න දුෂ්කර භූ විෂමතා කලාපයක් වීමයි. ඇෆ්ගනිස්ථානය හින්දුකුෂ් හා කාරාකොම් කදු පන්තිවල කොටසක් ලෙස පවතින අති දුෂකර බොහෝවිට වියලි කටුක කදු බෑවුම් ගුහා හා ප්රහපාත බහුල විෂම භූ කලාපයකි. දේශිය සතුරන් සමග ගැටෙමින් එම භූමිය පවත්වාගැනීම බාහිර අධිරාජ්ය් බලවේගයකට ඉතා අපහසු තත්ත්වයකි.
දෙවැනුව ඇෆ්ගනිස්තානය යනු සටන්කාමී කඩිනමින්ම ස්ථාවරය වෙනස්කරන, විශ්වාස කිරීමට අපහසු ජනවර්ග හා ගෝත්ර් මෙන්ම සන්නද්ධ පාර්ශවයන්ගෙන් සමන්විත රටකි. එවැනි ජනසමාජයක් පාලනය යනු අතිශය බරපතල අභියෝගයකි.
ක්රිඅසතු පූර්ව තුන්වැනි සියවසේ ගෝලිය අධිරාජ්යසයක් ගැන සැළසුම් කළ ග්රිික මැසිඩෝනියාවේ මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්ය්යා නැගෙනහිරට හමුදා මෙහෙයවමින් ඉන්දියාව ආක්රසමණය කිරීමේදී ඇෆ්ගන් කලාපය හරහා ගමන්කළා මිස එහි භූමිය අත්පත් කරගැනීමට උත්සුක නොවීය. එම කලාපය මුලින් සාර්ථකව පාලනය කළේ පැරණි භාරතයේ මෞර්ය රාජ වංශයයි. ක්රිීස්තු පූර්ව තුන්වැනි සියවසේ සිට භාරතයෙන් විකාශය වූ ගාන්ධාර බෞද්ධ සංස්කෘතිය එහි උතුරු හා නැගෙනහිර කලාපයන්හි විසිරී තිබිණ. ප්රකකට බාමියාන් බුදුපිළිම තැනූ කුෂාන් අධිරාජ්යරයද ඉන් කොටසකි. ක්රි . ව හත්වැනි සියවසේ සිට අරාබියෙන් ව්යානප්ත වූ ආක්රාමණ හා මොංගෝලියානු ආක්රඅමණ හේතුවෙන් බෞද්ධ රාජ්යත ක්රිර ව එකොලොස්වන සියවස වනවිට අවසන් විය. අනතුරුව අරාබිවරු මොංගෝලියානුවන් හා ඉන්දියාව යටත් කරගත් මෝගල්වරු වරින් වර ඇෆ්ගනිස්ථානය පාලනය කළද ඔවුන් ද ඇෆ්ගන් ගෝත්රම සමග විනාශකාරි යුද්ධ වල යෙදී හානි සිදුකරගත්හ. බලවත් මොංගෝලියානු අධිරාජ්යි ජෙංජීස් ඛාන්ට සිය ඥාතිසොයුරා අහිමි වූයේද ඇෆ්ගන් සටනකදීය.
ආසියාවේ බලය පැතිරවූ බ්රිෆතාන්යන අධිරාජ්යිය යුද්ධ තුනක් ඇෆ්ගනිස්ථානයේදී සිදුකළ අතර ඍජුව එම භූමිය දිගුකාලිනව පාලනය කළේ නැත. පළමු ඇෆ්ගන් බ්රිාතාන්යය යුද්ධය 1839 දීත් දෙවැනි ඇෆ්ගන් බ්රියතාන්යල යුද්ධය 1878 දීත් තෙවැන්න 1911දීත් සිදුවූ අතර ඉන් බ්රිදතාන්යගයන්ට මෙන්ම ඇෆ්ගන්වරුන්ටද දැඩි හානි සිදුවිය. සෑම විටකම බ්රි තාන්ය1ය තමන්ට පක්ෂපාත දේශීය පාලනයක් ඇෆ්ගනිස්ථානයේ පවත්වාගැනීමට උත්සුක වුනා මිස ඉන්දියාව මෙන් ඍජුව තම පාලනයට නොගත්තේය.
1979 දී ලෝක බලවතුන් දෙදෙනාගෙන් එක් පාර්ශවයක් වූ සෝවියට් දේශය ඇෆ්ගනිස්ථානය ආක්ර්මණය කළේ තම භූමි බලය දකුණු හා මධ්ය ම ආසියාවේ ගැඔුරට ව්යාශප්ත කිරීමටයි. ජනාධිපති නජිබුල්ලා යටතේ සෝවියට හිතවාදී රූකඩ ආණ්ඩුවක් පිහිටුවා එය ආරක්ෂා කිරීමට රතු හමුදා බලය යොදවනු ලැබීය. එහෙත් හමුදා මරණ පහලොස්දහසක් හා රූබල් මිලියන ගනනක අලාභයක්ද සමගින් අමෙරිකාව විසින් මෙහෙයවනු ලැබූ ඇෆ්ගන් මුජහිදීන් සටන්කරුවන්ට පරාජය වී 1989 දී හිස්අතින් ඇෆ්ගනිස්ථානය හැර ගිය සෝවියට් දේශය ඊට වසරකට මදක් වැඩි කාලයකදී කඩාවැටුනේ ඇෆ්ගන් යුද්ධයේ එක් අතුරුඵලයක් වශයෙනි. අධිරාජ්යව සුසානයේ සෝවියට් බලවතා මිහිදන් වූයේ ඒ් අයුරිනි. එදා ඇෆ්ගන් යුද්ධයේ මෙහෙයුම්කරු වූ අමෙරිකාව අද එහි ගොදුරක් බවට පත්වීම දෛවෝපගත සිද්ධියකි.
අමෙරිකාවේ ඇෆ්ගන් භූමිකාව
අමෙරිකාව හා ඇෆ්ගනිස්ථානය අතර ඇත්තේ ගහටපොත්ත බදු බැදීමකි. වර්තමානය දක්වා ඇෆ්ගනිස්තානයේ දක්නට ලැබෙන මුජහිදීන් ආගමික සටන්කාමයේ සුළු පියා අමෙරිකාවේ සී අයි ඒ් ඔත්තුසේවය යැයි සදහන් කළ හැක. 1979 සෝවියට් රතු හමුදා ඇෆ්ගනිස්ථානය ආක්ර මණය කළ පසු අමෙරිකාව සිය මැදපෙරදිග ජාතික අවශ්ය්තා පදනම් කරගත් කාටර් පිළිවෙත හදුන්වාදුන්නේය. ඒ් අනුව ඇෆ්ගනිස්ථානය තුල සෝවියට්දේශයට එරෙහි සෙවනැලි යුද්ධයක් දියත් කිරීම සී අයි ඒ් ඔත්තුසේවයට පැවරිණ. ජනාධිපති ජිමී කාටර්ගෙන් පසු අමෙරිකාවේ ජනාධිපති පදවියට පත් රොනල්ඩ් රේගන් ඔපරේෂන් සයික්ලෝන් නමින් ඇෆ්ගනිස්ථානය තුල වඩාත් විධිමත් බුද්ධි අංශ මෙහෙයුමක් සංවිධාන කලේය. එහි අරමුණ වූයේ ඇෆගනිස්ථානය තුල විසිරී සිටි සෝවියට් විරෝධී සටන්කාමී බලවේග එක තේමාවක් යටතේ රැස්කර ප්රණබල යුදකාමී අභියෝගයක් නිර්මාණය කිරීමයි. විවිධ මතබේද තිබුනද ගෝත්රිවක සටන්කරුවන් සී අයි ඒ් ඔත්තුසේවයේ මෙහෙයවීම යටතේ සෝවියට් පොදු සතුරාට එරෙහිව පෙළගැසුණු අතර ඔවුන් එක්තැන් කළ ප්ර ධාන තේමාව වූයේ ඉස්ලාමීය දැඩි මතධාරි සංකල්පයයි. වඩාත් විධිමත් ලෙස ඉස්ලාමීය සටන් කරුවන් බිහිකිරීමේ මෙහෙයුම පැවරුනේ නිරවි යුද සමයේ අමෙරිකානු හිතවාදි රටක් වූ පාකිස්ථානයයි. ඇෆ්ගනිස්ථානයට යාබද වයඹදිග ප්රාරන්තයේ ඉස්ලාමීය මද්රාසා පාසැල් බිහිකළ පාකිස්ථානය අමෙරිකානු ආධාර යටතේ ජිහාඩ් සටන්කරුවන් ලෙස ඇෆ්ගන් තරුණයන්ට හා දරූවන්ට මතවාදීමය පුහුණුවක් හා පසුව වෙනත් කදවුරු වලදී අවි පුහුණුවක් ලබාදීම සිදුවිය. 1982-1983 වකවානුවේ අමෙරිකාව ඇෆ්ගන් මුජහිදින් සටන්කාමීන්ට අති නවීන සෑම් මිසයිල හෙවත් පොළොවේ සිට විදිනු ලබන ගුවන්යානා නාශක මිසයිල සැපයීම ඇරඹිය. සෝවියට් හමුදාවට ඇෆ්ගනිස්ථානයේදී යුද ගුවන්යානා හා හෙලිකොප්ටර 451ක් අහිමි වූයේ එහි ප්රුතිළුලයක් වශයෙනි. මහත් හානි විදගත් සෝවියට් දේශය ඇෆ්ගනිස්ථානය හැරයා යුතුය යන තීන්දුවට එළැඔුනේ 1980 දශකයේ අගභාගයේ මිහායිල් ගොර්බචොෆ් සෝවියට් නායකත්වයට පැමිනීමත් සමගයි. ඒ් අනුව 1989 අමෙරිකාවට ජය ලබාදෙමින් සෝවියට හමුදා ඇෆ්ගනිස්ථානය හැර ගියේය. අමෙරිකානු මෙහෙයුමේ වැඩි හානි ලැබුවේ ඇෆ්ගන් පාර්ශවයයි මුජහිදින් සටන්කරුවන් පනස් පන්දහසකටද, ඇෆ්ගන් හමුදා භටයන් 18000 කටද සිවිල් වැසියන් දසලක්ෂයකට අධික සංඛ්යායවකටද ජීවිත අහිමි විය. අමෙරිකාවද ඉන්පසු මුජහිදින්වරුන් අමතක කර ඇෆ්ගනිස්ථානය හැරගිය අතර මුජහිදින් කණ්ඩායම් පසුව බලය උදෙසා එකිනෙකා සමග සටන් වදිමින්, ගිවිසුම්ගතවෙමින්, යළි විරැද්ධ වෙමින් හා සටන් වදිමින් 1990 දශකයේ මැදභාගය දක්වා කල්ගත කලේය. අමෙරිකාව අපේක්ෂා නොකළ බිහිසුණු අතුරුඵලයක් වූ තලේබාන් සටන්කාමී බලවේගය පාකිස්ථානයේ මද්රාසා සටන්කාමී ෆැක්ටරි තුලින් එළිබසින්නේ එම කාල වකවානුවේදීය.

කවුද මේ තලෙබාන්
ඇෆ්ගනිස්ථානයේ බලවත් හා බහුතර පෂ්තුන් වාර්ගිකයන්ගේ භාෂාව අනුව තලෙබාන් යනුවෙන් හදුන්වන්නේ සිසුන්ය. 1994 පමණ වනවිට පාකිස්ථානයේ සිට ඇෆ්ගනිස්ථානයට සංක්රමමණය වන තලෙබාන් තරුණ සටන්කරුවන් සෙසු මුජහිදීන්වරුන්ට වඩා සංවිධානාත්මක ශික්ෂාකාමී හා තම අරමුණ කෙරෙහි දැඩි කැපවීමක් පෙන්නුම් කළ කණ්ඩායමකි. මුල්ලා ඔිමාර්ගේ ආධ්යාකත්මික නායකත්වය යටතේ පෙළ ගැසුනු තලෙබාන් වරු ඉතා ඉක්මනින් සෙසු සටන්කාමීන් අභිබවා තම බලය තහවුරු කරගත්හ. 1995 වනවිට කාබුල් අගනුවර අල්ලාගත් ඔවුන් 1996 වනවිට සමස්ත ඇෆ්ගනිස්ථානයම ආවරණය වන පරිදි රජයක් පිහිටුවීමට සමත්විය. දැඩි ඉස්ලාමීය නීති ක්රි යාත්මක කළහ. කාන්තා අයිතීන් සියල්ල කප්පාදු කළහ. එමෙන්ම අනෙකුත් කලාපිය හා අන්තර්ජාතික සටන්කාමී කල්ලි වලට ඇෆ්ගන් භූමියේ රැකවරන හිමිවිය. සෝවියට් යුද සමයේ අමෙරිකානු සී අයි ඒ් ඔත්තුසේවය සමග සමීපව ක්රිේයාකර පසුව අමෙරිකාවට එරෙහි වූ ඔසාමා බින් ලාඩන් බිහිකළ අල් කයිඩා කල්ලියටද ඇෆ්ගනිස්ථානයේ රැකවරණ ලැබිණ. අමෙරිකාවට ඒරෙහි සැප්තැම්බර් 11 ප්ර හාරය සැළසුම්ගත කෙරුණේත් පසුව ඇෆ්ගනිස්ථානය අමෙරිකාවේ “ත්රවස්තවාදයට එරෙහි යුද්ධයේ” ඉලක්කයක් වූයේත් ඒ් අනුවයි. එහෙත් පසුකාලීනව බලවත් වූ තලෙබාන් බව අද මුල්ලා ඔිමාර් නම් නායකයා නොමැති වුවද අමීන් අල් මුර්මීන්ගේ නායකත්වය යටතේ වඩාත් විමධ්යතගත ශෛලියකින් පෙරට විත් තිබේ.

සැප්තැම්බර් 11 සහ අමෙරිකානු ආක්ර්මණය
2001 සැප්තැම්බර් 11 අමෙරිකාවේ නිව්යෝක් වොෂිංටන් නගර වලට එල්ල වූ අල්කයිඩා ප්ර හාරයෙන් පසු එම වසරේ ඔක්තෝම්බර් හත්වෙනිදා අමෙරිකාව ඇෆ්ගනිස්ථානය ආක්ර මණය කළේ තලෙබාන් රජය පෙරළා දමා අල් කයිඩාවට හා බින් ලාඩන්ට පාඩමක් ඉගැන්වීමටයි. ඒ් අනුව දෙසැම්බර් මාසය වනවිට තලෙබාන් පාලනය අවසන් කරන අමෙරිකාව, තලෙබාන් විරෝධි බලවේග වල සහය ඇතිව පෂ්තුන් ගෝත්රි ක විද්වතෙකු වූ හමීඩ් කර්සායි ඇෆ්ගන් නායකත්වයට ගෙන ඒන්නේ සාම්ප්රනදායික ඇෆ්ගන් ලෝයා ජිර්ගා පරිනත නායක සමුලුවක් තුලිනි. ඉන් පසුව 2004 හා 2009 ජනාධිපතිවරණ වලද ීහමීඩ් කර්සායිද 2014 හා 2019 අතිශයින් මතබේදකාරී ජනාධිපතිවරණ වලදී අවසානයේ අශ්රෆ් ඝානිද ජනාධිපති පදවියට පත්වූයේ බිදවැටුණු ඇෆ්ගන් දේශපාලන ක්ෂේත්රමය තුල අභියෝග රැසකට මුහණ දෙමිනි.

අමෙරිකානු යුද්ධයේ ප්රිතිඵල
අමෙරිකානු හා නේටෝ හමුදා ඇෆ්ගනිස්ථානයේ කළ යුද ක්රි යාන්විතයෙන් තලෙබාන් සටන්කාමීන් 51000 ක්ද ඇෆ්ගන් හමුදා 60000ක්ද අමෙරිකානු හා නේටෝ හමුදා භටයෝ 3600කට අධික සංඛ්යාාවක්ද සාමාන්යද වැසියෝ47000ක් ද මියගියහ. අමෙරිකාව යුද්ධයට හා පසුකාලීන ඇෆ්ගන් ස්ථාවර භාවය සදහා එරට ජාතික ධනයෙන් ඩොල්ර් ට්රි0ලියන 2.3ක් වැයකර තිබිණ. හානි සිදුවුවද අමෙරිකානු ආක්රහමණයෙන් පසු ඇෆ්ගනිස්ථානය තුල යම් සාධනීය ලක්ෂණ ජන සමාජය වෙතින් දක්නට ලැබිණ. ජනයාට අන්තවාදයෙන් මිදි නිදහසක් ලැබී තිබිණ. කාන්තාවන්ට නිදහසක් ලැබිණ. 2020 වසර වනවිට එරට ශ්ර ම බලකායෙන් තුනෙන් එකකට කාන්තා දායකත්වය ලැබිණ. 2003 වසරේ 30000ක් වූ සරසවි සිසු සංඛ්යානව 2020 වනවිට 180000 දක්වා වර්ධනය වී තිබිණ. ඉන් 49000ක්ම තලෙබාන් කල්ලිය අධ්යාසපන අයිතින් අහිමි කළ කාන්තාවන් වීම විශේෂත්වයකි. ඇෆ්ගන් පාර්ලිමේන්තුවට තේරීමට කාන්තාවන් ඉඩ ලැබින. බිදවැටුනු ජන සමාජය තුලින් පවා මෙවැනි සාධනීය ලක්ෂන පහළ වී තිබිණ.

අමෙරිකාවට වැරදුන තැන
පළමුවෙන්ම අමෙරිකාව ලහි ලහියේ 2001 වසරේ ඇෆ්ගනිස්ථානය ආක්රමමණය කළේ සැප්තැම්බර් 11 ප්රුහාරයට උත්තරයක් දෙමින් අල්කයිඩා සංවිධානය විනාශ කිරීමේ අපේක්ෂාවෙන් බව පෙනී යයි. අල්කයිඩාවට සෙවන දුන් තලෙබාන් පාලනය විනාශ කිරීම එක් අරමුණක් විය. එහෙත් තලෙබාන් සංවිධානයට එරෙහි යුද්ධය ගැන පැහැදිලි දැක්මක් එවකට පැවති ජෝජ් බුෂ් පාලනය තුල නොතිබූ බවක් පෙනී යයි. 2003 වස‌රේ ඉරාකයට නිරර්ථකව පහරදීම සදහා ඇෆ්ගනිස්ථානය අමතක කර පෙළඹීම ඊට කදිම උදාහරණයකි. ඇෆ්ගන් ආරක්ෂාව වෙනුවෙන් යොදවා තිබු සම්පත් වලින් 80% ක් පමණ ඉරාකයට යෙදවීම ඊට කදිම සාක්ෂියකි. අමෙරිකාව පොට වරද්දා ගත් 2003 වසරේ සිටම තලෙබාන් කල්ලිය යලි ප්රදතිසංවිධානය විය. අනෙක් අතට ඇෆ්ගන් ජනසමාජයට අමෙරිකානු යුද්ධය තුලින් යම් ප්ර තිලාභ හිමිවුවද විදෙස් බලවේගයක් නිසාත්, ඇතැම් අත්තනෝමතික ක්රිුයා නිසාත් පෂ්තුන් වැනි ප්රමබල ජනකොටස් වල සහයක් නෙැලැබීඹ නිසාත් අමෙරිකානු පදනම දෙදරා යාම ආරම්භ විය. ඉරාකය හා ඇෆ්ගනිස්ථානය යන පෙරමුණු දෙකක යුද වැදුනු අමෙරිකාව හෙම්බත්ව සිටියද ඇෆ්ගනිස්ථානය හැරයාමේ සදාචාරාත්මක හා ආරක්ෂක ගැටලුවක් වොෂින්ටනය හමුවේ විය. 2008 වසරේ බලයට පත්වූ බරක් ඔබාමා ජනාධිපතිවරයාද ඇෆ්ගනිස්ථානය සදහා විවිධ සැළසුමි සකස් කළද ඒවා ක්රිටයාත්මක කිරීමේ ගැටළු පැණනැග ීතිබිණ. ඔබාමා මෙන්ම ඔහුගේ රාජ්යඒ ලේකම් හිලරි ක්ලින්ටන්ද අනාගත දේශපාලන අරමුණු මත පදනම්ව ඇෆ්ගනිස්ථානය ගැන තීන්දු ගැනීමට පෙළඹුනු බවට චෝදනා එල්ල වී තිබේ. අනෙක් අතට ඇෆ්ගනිස්ථානයේ හමුදා ඉවත්කරගත යුතුය යන අමෙරිකානු ජන මතය නොසලකා හළ නොහැකි විය. 2016 බලයට පත් ජනාධිපති ඩොනල්ඩ් ට්රෙම්ප් අමෙරිකානු හමුදා ඉවත්කිරීමේ ප්රාොයෝගික වැඩපිළිවෙලක් ආරම්භ කලේ රාජ්ය තාන්ත්රිටක සැළැස්මක් යටතේ තලෙබාන් සංවිධානය කටාර් හි දෝහා නගරයේ සාකචිඡා මේසයට කැදවමිනි. අමෙරිකාව සමග ගිවිසුම් ගතවුවද තලෙබාන් සංවිධානය රාජ්යචතාන්ත්රිමක සාකච්ඡා වෙනුවට තුවක්කුව කෙරෙහි විශ්වාසය තබා තිබිණ. ජනාධිපති ජෝ බයිඩන්ට පැවරී තිබුනේ අමෙරිකානු හමුදා ඉවත් කිරීමේ අවසන් අදියර ක්රිියාත්මක කිරීමයි. එහෙත් එහිදි බයිඩන් පාලනය ඇෆ්ගන් භුමියේ තත්ත්වය ගැන නිසි තක්සේරැවක නොසිටි බව පෙනේ. ඒ අතරින් පළමුවැනි දුර්මතය වූයේ දුර්වල අශ්රෆ් ඝානි රජය අවම වශයෙන් වසරක්වත් තලෙබාන් තර්ජන හමුවේ පවතිනු ඇති බවට කළ විශ්වාසයයි. ඒ නිසා සෙසු ප්රෙදේශ වැටුනද කාබුල් අගනුවර ඉක්මනින් තලෙබාන් කල්ලිය අතට පත්වනු ඇතැයි බයිඩන් පාලනය මෙන්ම සෙසු බටහිර නායකයන්ද විශ්වාස කලේ එම කාල පරාසය අන්තර්ජාතික ක්රිනයාමාර්ගයක් සදහා තබාගනිමිනි. දෙවැනුව තමන් පුහුණු කර නවීන අවි ලබාදුන් ඇෆ්ගන් හමුදාව ගැන අමෙරිකාව අධි තක්සේරුවක පසුවූ බවක් පෙනේ. එහෙත් ඇෆ්ගන් හමුදාව දින කිහිපයක් තුල සටනකින් තොරවම බොහො ්තැන්වලදී තලේබාන් කල්ලිය යටත් වූයේ ඇෆ්ගන් ජනසමාජය තුල නිරතුරු දක්නට ලැබෙන පැති මාරුකිරීමේ න්යාවය පදනම්කරගනිමිනි. මේ නිසා අමෙරිකානු යුද උපකරණ රැසක් හා හමුදා වාහනද තලෙබාන් කල්ලිය අතට පත්ව තිබේ. තලෙබාන්වරු අද නගර වල සැරිසරන්නේ අමෙරිකානු හමුදාවට අයත්වි තිබු හම්වී වාහන වලිනි.. අමෙරිකාවට පිටුපාමින් දිගතටම තලෙබාන් සංවිධානය යුදමය මූල්යත මය හා දේශපාලනමය අංශ වලින් ශක්තිමත් කිරිමට පාකිස්තානය ඉටුකළ භුමිකාවද තිරණාත්මකය.

දැන් අමෙරිකාවට හා ලෝක ප්රයජාවට දැන් ඇෆ්ගන් ජනතාව වෙනුවෙන් ඉටුකළ හැක්කේ කුමක්ද ? කෙසේ හෝ තලේබාන් කල්ලිය අන්තවාදය වෙනුවට ජනසම්මතවාදය කරා යොමුවීමට පෙළඹවීඹයි. තලෙබාන් සවිධානයටද අනූව දශකයේ මෙන් නොව අන්තර්ජාතික අවධානයක් අවශ්යප බව පෙනේ. තවමත් ඔවුන් දෝහා දේශපාලනික වැඩපිලිවෙල තුල රැදී සිටින බවක් පෙන්වීම සාධනීය ලක්ෂනයකි. මේ තුලින් හෝ ඇෆ්ගන් ජනජීවිත ආරක්ෂා කිරීමේ වැඩපිලිවෙලක් හදුන්වා දීමට හැකිනම් එය යුගයේ අවශ්යලතාව වන්නේය.

ප්ර්සාද් කෞශල්යව දොඩන්ගොඩගේ

15/08/2021

2021/08/13 කොවිඩ් මරණ
ශ්‍රී ලංකාව 15 වන ස්ථානයේ

30/06/2021
දිගු දිග හැරුමකට පෙර රටේ ආර්ථිකය ගැන සැකෙවින් යමක් පවසා සිටිමි. පහත A රූපයෙන් දැක්වෙන්නේ රටේ වසර 2019 සහ 2020 යන වසර දෙක...
30/06/2021

දිගු දිග හැරුමකට පෙර රටේ ආර්ථිකය ගැන සැකෙවින් යමක් පවසා සිටිමි.

පහත A රූපයෙන් දැක්වෙන්නේ රටේ වසර 2019 සහ 2020 යන වසර දෙක තුල රජයෙ ආදායම සහ වියදම අතර සම්බන්ධයයි.

එහි නිල් පාටින් ඇති රජයේ අදායම කොටස 2020 දී ආසන්නව තුනෙන් එකක් පමණ අඩු වූයේ ය. එයට හේතුව ජනාධිපතිවරයා විසින් Tax සංශෝධනයක් කර රජයේ අදායම විහින් අඩු කර ගැනීමය.

ඒ වන විට රජයේ දවසක ආදායම රුපියල් බිලියන 5 ක් වෙද්දී, රජයේ දවසක වියදම රුපියල් බිලියන 7 ක් පමණ ආසන්න වූයේ ය. රජයට අධික වියදමක් තිබිය දී රජයේ ආදායම තවත් පහළ හෙලා ගැනීම ඉල්ලා ගෙන කෑමක් වූයේ ය. එක්කෝ එය කිරීමට රජයේ වියදම් කපා හරින ක්‍රමවේදයක් තිබිය යුතුය. එහෙත් එසේ නොවූ බව ඔබ දනී.

B රූපයෙන් දැක්වෙන්නේ එම Tax අඩු කිරීම නිසා රජයේ ආදායම ආසන්නව 2020 වන විට රුපියල් බිලියන 600 කින් පමණ පහත ගිය බවය. සිය ආදායමෙන් රුපියල් බිලියන 600 ක් හෙවත් තුනෙන් එකක් බදු සහන ලබා දීමෙන් අහිමි කර ගත්තේ ඉතාමත්ම අවසනාවන්ත කාලයක දීය. එය කොරෝනාවත් සමග රිවස් කල යුතුව තිබුන ද අනෙක් බොහෝ ගැසට් රිවස් වෙද්දී මෙය රිවස් නොවුනේ ය. අනික ඒ බද්දේ වාසියෙන් රටේ ආර්ථිකයට හෝ ජනතාවට විශේෂ වෙනසක් දැනුනේ ද නැති තරම් ය. හුදෙක් රජය සිය ආදායම නිකම්ම අහිමි කර ගෙන තිබේ.

රජයේ ආදායම අඩුවීමෙන් එහි වියදම් පියවා ගැනීම අපහසු වන බැවින් රජයට ඇති වියදම් සඳහා අපි වසරක් පාසා ණය ගන්නෙමු. මේ බදු සහනයෙන් කබලෙන් ලිපට වැටීම නිසා අපිට තවත් ණය ගැනීමට සිදුවූයේ කලින් ණය වල පොලියවත් ගෙවීමට රජයට මුදල් ප්‍රමාණවත් නොවූ නිසා ය. එබැවින් උජාරුවට අපි ණය තවත් ලබා ගත් අතර C රූපයෙන් ඔබට ණයෙහි වැඩි වීම දැක ගත හැකිය. එය වර්තමානයේ රුපියල් බිලියන 15 ඉක්මවා ඇත.

D රූපයෙන් ඔබට දැනට ඇති ඩොලර් විදෙස් සංචිත ප්‍රමාණය දැක ගත හැකිය. එය ආසන්නව ඩොලර් බිලියන 4 කි. නමුත් වර්තමානයේ අපිට ඩොලර් බිලියන 4ක පමණ ස්වෛරී බැඳුම්කරයක් කල් පිරී ඇති බැවින් එය ගෙවා ගැනීමට තිබේ. එය ගෙවා දැමුව ද රටේ අනෙකුත් ගනුදෙනු සඳහා විදෙස් සංචිත ප්‍රමාණවත් නොවන බව දැන් පැහැදිලිය.

රටේ ඩොලර් හිඟයට හේතුව සංචාරක කර්මාන්තයේ බිඳ වැටීමය. විදෙස් ශ්‍රමිකයන්ගේ ඩොලර් තවමත් එලෙසින්ම රටට ලැබෙන අතර විදේශ වෙළඳාම කඩා වැටීම මත කර්මාන්ත අඩපණ වීමෙන් රටට ලැබුන විදේශ විනිමය දිය වී තිබේ. එලෙසම ඉතා අස්ථාවර ඩොලර් අගයක් පැවතීම මත අපනයන කර්මාන්ත කරුවන් ඔවුනට ලැබෙන මුදල් මෙරටට නොගෙන්වා වෙන රටවල තාවකාලිකව නවත්වා ගෙන සිටි. ( Temporary Parking ) ආයෝජන / FDI නොපැණීම, ආධාර නොලැබීම ආදිය ද කොරෝනාව නිසා සිදු නොවේ. එබැවින් රට තුල අත්‍යාවශ්‍ය විදේශීය නිශ්පාදන ගෙන්වා ගැනීමට පවා ඩොලර් ඌණතාවයක් හට ගෙන තිබේ.

විදේශීය ණය ලෙස ඩොලර් ගෙන්වා ගැනීමට ඇති හැකියාව ද මූල්‍ය වෙළඳපොළ තුල අපේ ශ්‍රේණිගත කිරීම පහළ යෑම නිසා අඩාල වී තිබේ. අපි Tax කපා, රජයේ ආදායම පහළ යවා ගත් බැවින්, අපිට ණය ගෙවා ගැනීමට ඇති හැකියාව අඩුකර ගත්තේ යැයි එසේ සිදු කර තිබේ.

රටේ කර්මාන්ත කඩා වැටීම නිසා දළ දේශීය නිශ්පාදනය රිවස් වී තිබේ. මේ නිසාම රජයේ ණයට සාපේක්ෂව GDP එකෙව් අනුපාතය ප්‍රථම වරට 100 පන්නා ගියේ ද මේ වසරේමය. දැන් එය 110 ක් දක්වා වත් යනු ඇතැයි අනුමාන කෙරේ. අපි වගේ රටවල මෙය සාමාන්‍යයෙන් 70-80% අතර තිබිය යුතු අගයකි.

දැන් මහ බැංකුව මගීන් පුද්ගලික බැංකු වෙත LC open කිරීම වෙනුවෙන් ඩොලර් නිකුත් කිරීම නවතා ඇත. එයට හේතුව ඔවුන් සතුව ප්‍රමාණවත් විදෙස් සංචිත නොමැති වීමය. එබැවින් පුද්ගලික බැංකු පුද්ගලික වෙළඳපොළේ තරඟාකාරීව ඩොලර් සොයා යන බැවින් ඩොලර් වල මිළ ඉහළ යනු ලැබේ. මේ වන විට එය වෙළඳපොළ තුල එක ඩොලරයක් රුපියල් 218-220ක් අතර පමණකට පැමිණ තිබේ.

මේසා විශාල වූ හානියකට හේතුව රජයේ අදූරදර්ශී ආර්ථික වැඩපිළිවෙළ ය. ඒවා මෙසේ සඳහන් කල හැකිය.

1. හිතේ කැමැත්තට Tax පහල දමා රජයේ ආදායම අහිමි කර ගැනීම.
2. කොරෝනාව නිසා වත් එය රිවස් කර ගෙන යලි පිහිටුවා නොගැනීම.
3. පළමු රැල්ල පාර්ලිමේන්තු මැතිවරණයට නාමයෝජනා දෙනතුරු ද , දෙවැනි රැල්ල 20 වන ව්‍යවස්ථාව සම්මත වන තුරු ද, තුන් වෙනි රැල්ල පෝට් සිටි පනත සම්මත වන තුරු ද ලොක් ඩවුන් කර ගැනීම් නොකොට ඔහේ පැතිරීමට ඉඩ හැරීම දැක්විය හැකිය. ජනතාව සතු සීමිත සම්පත් අනවශ්‍ය දිගු ලොක් ඩවුන් කාල වලින් අහිමි වූ පසු දරා ගෙන සිටීමේ හැකියාව අඩු වෙයි. කර්මාන්ත කඩා වැටෙයි. ආර්ථිකය හැකිළි යයි.
4. කෙළවරක් නැති මුදල් අච්චු ගැසීම. මුදල් අච්චු ගසමින් දීර්ඝකාලීන ආර්ථික සැළසුම් වලින් තොරව ජනතාවට මුදල් බෙදා දුන්නේ ය. මුදල් නැතිම මිනිසුන් වෙනුවට විද්‍යාත්මක පදනමක් නොමැතිව , එහෙත් ඉන් ඡන්ද වාසියක් ගැනීම අරමුණ කරගෙන මුදල් බෙදා දුන් බව චෝදනාව කි.
5. ජනතාව මත පීඩනය පටවා ඩොලර් ඉතුරු කර ඒවා ප්‍රාඩෝ ගෙන්වීමට වියදම් කලේ ය. දැන් හදිසියේ රටට හාල් ටොන් ලක්ෂයක් ගෙන්වීමට යයි.
6. ලෝක ව්‍යසනයක් මැද්දේ රටේ ආහාර සැපයුම සමග සෙල්ලම් කර කාබනික වගා විපලවයක් ගෙන ඒ මගීන් ගොවි තැන පාළු කර තිබේ. රටේ ආහාර සුරක්ෂිතභාවය හානි කොට දුර්භික්ෂයකට පාරකපා තිබේ.

මේ අමාරු කම් අස්සේ රටේ ණය ගෙවා ගැනීමට නොහැකිව බංකොලොත් තත්වයට පත්වුවහොත් මූලිකව අපිට,
1. තෙල් හා ගල් අඟුරු ගෙන්වා ගැනීමට නොහැකිව ප්‍රවහනය හා විදුලි බලය ලබා ගැනීම ඇණහිටිය හැකිය.
2. ආහාර සුරක්ෂිතභාවය විනාශ කොට ඇති බැවින් පිටින් ආහාර ද ගෙන්වා ගැනීමට නොහැකි වීම මත දුර්භික්ෂයකට අපි අත වනමින් සිටිමු.
3. අත්‍යාවශ්‍ය බෙහෙත් වර්ග හා සෞඛ්‍ය සැපයුම් ගෙන්වා ගැනීමට ඩොලර් නොමැති වීම තුල රටේ බෙහෙත් හිඟ ඇති වී රෝගීන් ට ජීවිත අවදානමක් ඇති විය හැකිය.
4. LC open කර ගැනීමට නොහැකිවීම මත නිශ්පාදන කර්මාන්ත වලට අමුද්‍රව්‍ය ගෙන්වා ගැනීමට නොහැකි වුවහොත් එම කර්මාන්ත කඩා වැටී ආර්ථිකය තවත් විනාශ වෙයි.

එබැවින් අපි නිදහසෙන් පසු ලංකාවේ සිදුවෙමින් පවතින විශාලම ආර්ථික පරිහානිය ඉදිරියේ සිට ගෙන සිටිමු. රටේ බිහිවූ අසාර්ථකම පාලනය විසින් රට මේ උගුලේ ඔබ්බවා කයිවාරු ගසමින් සිටිති.

එබැවින් ඔබ මෙයට සූදානම් විය යුතුය. ඔබේ ආහාර අවශ්‍යතාවයවත් සුරැකෙන පරිදි මීළඟ මාස 6 ට ප්‍රමාණවත් මඤ්ඤොක්කා අල බතල ටිකක් වගා කර ගන්න.

මෙයට විසඳුම් තිත්ත ඒවා ය. ඒවා මෙසේ සඳහන් කරමි.

1. රට රට වලින් වැඳවැටී හිඟා කනවා මෙන් ණය ඉල්ලා ගැනීම ( බංගලදේශයේන් ගත්ත වගේ ) . මේවා ඩොලර් හෝ අසරණම අවස්ථාවක හාල් , ඖෂධ ආදිය විය හැකිය.
2. රටේ දේපළ විදෙස් වලට විකිණීම. ඉදිරියට තව ඒවා චීනය ගනියි.
3. පාඩු ලබන සමාගම් වල කොටස් නිකුත් කර ප්‍රාග්ධනය උපයා ගැනීම සහ ඒවා පුද්ගලික අංශයට පැවරීම.
4. IMF එක සමග සාකච්ඡා කොට ඩොලර් ගැටලුව සමනය කර ගැනීම. ණය යලි සැළසුම් කර ගැනීම.

දීර්ඝකාලීන දේවල් තියෙනවා. දැන් ඒවා කියලා වැඩක් නෑ.

හිතන්න.

රට තියෙන තැන,
ඔබ ඉන්න තැන.

හොඳම දීර්ඝකාලීන විසඳුම තමයි මේ දේශපාලනය වෙනස් කරන එක.
ඒකට පාර අපි කිව්වා.
හදවතේ අරගලය

පැතුම් කර්නර්

19/06/2021

🅾️උපුටාගැනීමකී🅾️

නවලෝක රෝහලේ කොරෝනා මාෆියාව..‼️

දිනය - 03/06/2021
වෙලාව- ප.ව 04.30
ස්ථානය - නවලෝක රෝහල

උණ හදුන අවුරුද්දක් වයස මගේ පුතා කොවිඩ් Test එකෙන් Positive උනා 😢💔 දැන් කොහෙද යන්නෙ කියලා මායි මගේ නෝනයි වාහනේට නැඟලා දස අතේ කල්පනා කරලා අන්තිමට කොවිඩ් Care Center එකකට යන්න තිරණය කලා. ඒ වෙද්දි වෙලාව ප.ව 07.00 පහු වෙලා නිසා Internet එකෙන් සර්ච් කලාම ලගම තියෙන Care Center එකට යන්න තිරණය කලා. මොකද ඕනම දෙමාපියෙක්ගේ වටිනාම වස්තුව තමන්ගේ දරැවා ❤️ ගල්කිස්ස හෝටලේ (Mount Lavinia Holel) ස්ථාපිත කරල තියෙන නවලෝක රෝහලේ කොවිඩ් Care Center එකට මම කතා කළාම පිරිමි ළමයෙක් කතා කලේ. 📞🗣️"සර් දවස් 10ක් ඉන්න ඕනෙ, හොටෙල් Room එකේ Health Guidelines අනුව බබාට අවුරුදු 04ට අඩු නිසා බබාට Charge කරන්නෙ නෑ. සර්ටයි, වයිෆ් ටයි තමා Charge කරන්නෙ" එ් කියන්නෙ රැ. 220,000යි දවස් 10 ටම (All Inclusive) ඉන්ටර්නෙට් Post එකට අනුව සහ මම කතා කරපු වෙලාවේ කියපු විස්තර අනුව.

දැන් රෑ වේගෙන එනවා, අපි ගෙදර ගිහින් දෙමව්පියන්ට බෝ කරන්නත් බෑ, මතක තිබ්බ විදිහට Company Insuarance එකෙත් පොඩි ගාණක් තියෙනවා, ඉතින් අපි දෙන්නම් පොඩි එක්කෙනාවත් අරන් Care Center එකකට යන්න තීරණය කලා, ගල්කිස්සට යද්දි වෙලාව රෑ 09.00ට කිට්ටුයි, උදේ ඉදන් කාලා නෑ.. පොඩි එක්කෙනාට වගේම අපි දෙන්නටත් හොදටම බඩගිනි.. ඒත් අපිට උවමනාව තිබ්බේ ඉක්මනටම පොඩි එක්කෙනාව Care Center එකට අරන් යන්න. අපි Hotel එක ලගටම ලංවෙද්දිම තව කෝල් එකක් ආව... බලද්දි නවලෝක Hospital එකෙන් 🗣️" හලෝ මම කසුනි නවලෝක Hospital එකේ Mount Lavinia Care Center එකේ පේමන්ට් එක සම්බන්ධයෙන් කතා කරන්නෙ.. සර්ගේ Estimated Amount එක රැ. 270,000යි (පැයට රැ. 50,000ක් Add විය) පුදුම වීමට දෙයක් නැත. නවලෝකේ හැටි එහෙමය.. අවබෝධ වනවිට පමා වැඩිය 😢💔
🗣️"මොකා්.. මට කලින් කිව්වේ රැ. 220,000ක් කියලනේ" 🗣️"නෑ සර් කලින් කතාකරපු එක්කෙනාට වැරදිලා. බබා COVID Positive නිසා අවුරුදු 04ට අඩු උනත් බබාට එක්ක Charge කරන්න වෙනවා"

අපි දැන් Hotel එක පෙනෙන මානෙටම ඇවිත්,
🗣️" එතකොට අවුරැදු 04ක වයස Limit එක Negative ළමයිට විතරද තියෙන්නෙ?" 🗣️" ඔව් සර්.. Positive අම්මලා තාත්තාලා Negative ලමයි එක්කන් එන්නෙ නෑනෙ? එතකොට මේ අවුරැදු 04ට අඩු කතාව බොරුවක් නේ?" 🗣️"එ්ක දන්නෙ නෑ.. සර්, Total amount එක රැ. 270,000යි ඒක අපි හොල්ඩ් කරනවා Hotel එකට යන්න කලින්. මට කාඩ් Number එක එවන්න" වෙන කරන්න දෙයක් නැත 💔 කාඩ් Numbers යැව්වෙමි.

වෙලාව රෑ 09.00යි අපි තුන්දෙනාම 👪 Hotel එකට පපැමිනියෙමු. කුඩා කාමරයකි Room No. 322 🏷️ බැල්කනියක්වත් නැත. බබා Positive නිසා Triple Room එකකට බිල හැදුවද, අපිට ලබා දුන්නේ Double හෝ Single Room එකකි. Card Number එක කලින්ම ගත්තේ ඇයි කියලා තෙරුනේ එතකොටයි. කොහොම හරි අපි මේ කාමරේ දවස් 02ක් හිටිය. Covid Care Center කිව්වාට එ් කාලය ඇතුලත කිසිම Docter කෙනෙක් ආවේ නෑ කාමරේ පැත්ත පලාතේ.. 👩‍🔬 හරියටම 05 වෙනිදා රෑ බබාට Ear Infection එකක් අවා 😢💔 කනේ අගිල්ල ගහන් අඬනවා එක දිගට, රෑ 11.30ට විතර අපි Inform කලා Call එකක් දීලා; Nurse කෙනෙක් ආවා මිනිත්තු 10 කට විතර පස්සේ. ඒත් එයාගේ 🙄 මුහුණ හොද නැත. නින්ද කැඩුවාට විය යුතුය, අපි කිව්වා බබා පැය 04ක් තිස්සේ අන්ඩනවා, කන්නෙත් නෑ Docter ට එන්න කියන්න පුලුවන්ද කියලා? Nurse කිව්වා Docter ට කියල බලන්නම් කොමහරි බබා නිදි කරගන්න කියලා., පොඩ්ඩා නින්දක් නෑ මුලු රෑම අඬනවා..අපි අායෙත් Call එකක් දුන්නා එකට කිව්වෙත් Doctor ට පනිවිඩේ දිලා තියෙන්නෙ කියලා. උදේ වෙනකන්ම කිසිම Doctor කෙනෙක් ආවෙ නෑ 💔 අපි රෑ පුරා නින්ද නැතුව ඇහැරීගෙන මරුවෙන් මරුවට බබා වඩාගෙන නලවනවා.. කොහොමත් උදේ 10.00ට විතර Doctor ආවා බබා බලන්න.. කිසිම හදිසියක් නෑ .. අපි ඒවෙනකල් බබා වඩාගෙන.. බබා බැලුවෙත් නෑ දොර ගාව ඉදන් බෙහෙත් ලිව්වා.. ගියා.. දැන් මොනවා කරන්නද? බෙහෙත් එනකන් බලන් ඉන්නවා.. හවස 06.00 වෙනකන් බැලුවා, ඇහුවාම කියන්නෙ "නවලෝක Hospital එකෙන් බෙහෙත් Order දාලා තියෙන්නෙ එනකන් ටිකක් ඉන්න කියලා.. පොඩ්ඩා කන්නෙ බොන්නෙත් නෑ එක දිගට අන්ඩනවා... බලන් ඉන්න බැරිම තැන Prescription එක whatsapp දාගෙන යාලුවෙකුට යැව්වා බෙහෙත් ඉක්මනටම ගෙනත් දෙන්න කියලා.. 07.00 වෙද්දි බෙහෙත එවලා gate එකට. කෝමහරි තව Room එකට එන්න තව පැයක් ගියා... ඔන්න Care Center එකේ Careness එක 😢💔 අවුරුද්දේ පොඩි එකාට මෙහෙම නම් තව මොනකතාද දැන් කරන්න දෙයක් නෑ... කොවිඩ් නිසා යන්නත් බෑ කොහොමත්, කොහොම හරි ඒ බෙහෙතටත් පොඩ්ඩට අඩු උනේ නෑ ... එදා රෑත් අඬනවා කන්නෙ බොන්නෙම නෑ.. පහුවදා අපි Request කලා Pediatrician කෙනෙකුට බබා පෙන්නන්න.. කොහොම හරි දවල් වෙද්දි Van එකකින් අපිව නවලෝක Hospital එකට අරන් අවා..

ආවට පස්සේ කෝමහරි අපිට දුන්නා පොඩි Room එකක් වෙලාවෙ හැටියට මේකත් වටිනවා, බබාව සනීප කරන් ආයෙත් Hotel එකෙට යන්න තමා අපි බලාපොරොත්තු උනේ.. මෙහෙම දවස් 03ක් ගියා.. 📅

කතාවේ හොදම හරිය පටන් ගන්නේ දැන්‍. Billing Department එකෙන් call එකක් ආවා 🗣️"සර්ගේ දවස් 03 නේ Bill එක රැ. 265,000 තියෙනවා.. payment එකක් කලේ නැත්තම් Medicine Continue කරන්න අමාරැයි, (දවස් 3 ට රැ. 265,000 කියන්නේ දවසට රැ. 90,000 ක්) 🗣️"මේක වෙන්න බෑ... ආයෙත් පොඩ්ඩක් Check කරලා බලන්න.." මම පැවසුවෙමී 🗣️"බලන්න දෙයක් නෑ සර් බබාගේ Bill එක රැ. 151,000යි, මැඩම්ගේ 114,000 යි" 🗣️ "මොකක් මැඩම් කොහෙද ඇඩ්මිට් උනේ..? අපි බබා විතරනේ Admit කලේ..?" 🗣️"නෑ සර් මැඩම්ට Medicine දීලා තියෙනවා.." 🗣️"මොකා මොන Medicineද? Vitamin-C පෙත්තෙයි, පැරසිටමෝල් පෙති 02යි දුන්නේ දවසට.. අනික අපි එයාව Admit කරන්න කිවෙ නෑ.. උදේට Nurse කෙනෙක් අවිත් අර රු. 3000 පාමසි එකෙ තියෙන Oxygen Meter එකෙන් Oxygen ලෙවල් බැලුවා එච්චරයි. කොහොමද එහෙම බිල් දාන්නෙ? මේක හරිම කැත වැඩක්නේ" 🗣️" සර් අපිට කරන්න දෙයක් නෑ Cashier Room එකෙන් එව්ව රැ. 100,000 වත් ගෙව්වෙ නැත්තම් බබාගේ Medicine වත් Continue කරන්න අමරුයි අපිට" කියලා ඉවර වෙද්දිම මම Cashier Room එක ගාවට ආව.

කරන්න දෙයක් නෑ.. ගෙව්වෙ නැත්නම් බබාට බෙහෙත් කරන්නෙත් නැත.. එහෙම බලු රෑනක් තමයි එතන ඉන්නේ 😡 මම රැ. 100,000 ගෙව්වා... ගෙවලා Admission එක නතුවම Wife Discharge කරන්න කිව්වා.. නැත්නම් තවත් රැ.40,000 ගානෙ දවසට ගෙවන්නට වෙනවා මුන්ගෙ Vitamin-C පෙත්තට. මං හිටපු Room එක No. 2220 - 2B වාට්ටුව 🏷️ කොහොම හරි Discharge කරලා එදාම හවස Final බිල අාවා රැ. 159,000ක්, එ්ක ඇහුවාම Docter Fee එකයි, Medical Officer Fee එකයි තව ගොඩක් ඒව ඇඩ් කරලා 🙄 Doctor Fee කියන්නෙ Nurse Oxygen බලද්දි දොර ගාව තව මනුස්සයෙක් හිටියා.. මෑන් Docter කියමු එතකොට Medical Officer Fee කියල Add කරපු එක තාමත් අබිරහසක්?? 🤔

එකම Room එකට Room Charges කියලා වෙන වෙනම Add කරලා, එ් වෙද්දිත් බබාට හොද නෑ.. Covid Positive නිසා යන්න තැනකුත් නෑ .. 💔 මං ඉතිරි ගානත් ගෙවලා Wife Discharge කරගත්තා.. කොහොම හරි දවස් 05න් පස්සෙ බබාට ටිකට් කැපුවා කියවලා.. බබාගේ බිල රැ.234,000 ක්... එක කමක් නෑ කියමූ.

ඒත් මේ කොරෝනා කාලෙ මිනිස්සුන්ට රස්සා නැතිවෙලා, කන්න බොන්නෙ කොහොමද කියලා අමාරුවෙන් ඉන්න වෙලාවක මුන් මේ විදිහට මිනිස්සුන්ව හූරගෙන කන්නෙ ඇයි?? 😡 අනිවාර්යයෙන් මේ ආත්මයේම මේ දේවල් පඩිසන් දෙනවා. මේ වගේ හූරං කන හැමෝටම.

මේක මම නොකියා හිටියොත් මුන් මේක දිගටම කරනවා.. එකයි මම මේක ලියන්න තිරණය කලේ..

අවසානයේ කීමට ඇත්තේ මෙපමණයි "අසාධාරණයට විරැද්ධ වන්න" 🖋

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Diary.lk ඩයරිය.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share