වමේ gossip

  • Home
  • වමේ gossip

වමේ gossip Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from වමේ gossip, News & Media Website, .

16/11/2019
14/11/2019

පෙරටුගාමී සමාජවාදී පක්ෂය 30 වන ඉල්මහ විරු සමරුව ඊයේ(11/13‍) කිරිබත්ගොඩ නගරයේදී සංවිධානය කර තිබිණි. සවස 3.30ට පමණ ආරම්භ වූ ...

13/11/2019
12/11/2019

I ජනතා විමුක්ති පෙරමුණේ මූලිකත්වයෙන් නිර්මාණය වෙමින් තිබෙන ජාතික ජන බලවේගය විසින් නියෝජනය කරන දේශපාලන ප්‍රවාහය ....

12/11/2019

බොලිවියානු ආරක්ෂක හමුදා සහ ජාතිවාදී දක්ෂිණාංශික මැරයන් ගෙයින් ගෙට ගොස්, ලා පාස් හි දුගී දුප්පත් ප්‍රදේශවල ආදිවාසීන් සහ වාමාංශිකයින් වටකර පහර දෙමින් මොරාලෙස්ගේ ආධාරකරුවන් දවා අළුකිරීමට කරමින් සිටියි.

12/11/2019
12/11/2019

ගම්වල ණය ගෙවාගන්න බරුව සියදිවි නසා ගැනිමෙ ප්‍රශ්නයට විවිධ දේශපාලන පක්ෂ ඉදිරිපත්ක්ළ විසදුම්- සම්පුර්ණ කතා ක්ෂුද.....

උන් මරා දැමුවදඋන් නැගූ හඩකිසි දිනකමරා දැමිය නොහැක ❤❤
12/11/2019

උන් මරා දැමුවද
උන් නැගූ හඩ
කිසි දිනක
මරා දැමිය නොහැක ❤❤

වමේ අන් පක්ෂ සහ කණ්ඩායම් කිහිපයක් මෙන්ම පෙරටුගාමී සමාජවාදී පක්ෂය සමාජවාදී වැඩ පිළිවෙලක් වෙනුවෙන් පෙනී සිටින අතර දීර්ඝ කා...
12/11/2019

වමේ අන් පක්ෂ සහ කණ්ඩායම් කිහිපයක් මෙන්ම පෙරටුගාමී සමාජවාදී පක්ෂය සමාජවාදී වැඩ පිළිවෙලක් වෙනුවෙන් පෙනී සිටින අතර දීර්ඝ කාලින දේශපාලනය පැත්තෙන් මට අනුව එකම ප්‍රගතිශීලි වැඩ පිළිවෙල වන්නේ මෙම ප්‍රවේශය පමණි. එනම් සමාජවාදය යනු ‘විය නොහැක්කක්’ (impossible) බවට වන ෆුකුයමා නපුරු සිහිනය, බලාපොරොත්තුව මිය යෑමට නොදීම රැඩිකල් යමක් ලෙස මේ මොහොතේ මා තේරුම් ගනිමි. සමාජවාදය පිළිබද සිහිනය රැඩිකල් වැඩ පිළිවෙලක් තුල ප්‍රති ජීවනය කිරීම මේ ඔස්සේ මම බලාපොරොත්තු වන බැවින් මේ හතරවැනි ප්‍රවේශය ගැන අදහස් දැක්වීමට බලාපොරොත්තු වෙමි. මන්ද ඉහත වැඩපිළිවෙලවල් තුන ගැන විවිධ විචාරකයින් විවිධ ප්‍රායෝගික අදහස් ප්‍රකාශ කරමින් සිටින බැවින් සමාජවාදය ගැන ඉදිරිපත් කර ඇති මෙම වැඩ පිළිවෙල ගැන න්‍යායික සාකච්චාවක් මතුවීම මේ මොහොතේ වැදගත් විය හැකි බැවින් ය...

👇👇👇👇👇👇👇👇👇
සම්පුර්ණ ලිපිය කියවීමට පිවිසෙන්න මෙතැනින් - https://opiumaleft.com/2019/11/12/%e0%b6%92-%e0%b6%b8%e0%b7%9c%e0%b7%84%e0%b7%9c%e0%b6%ad-%e0%b6%91%e0%b7%85%e0%b7%92%e0%b6%b4%e0%b6%ad%e0%b7%8a%e0%b6%ad%e0%b6%a7-%e0%b6%b4%e0%b7%90%e0%b6%b8%e0%b7%92%e0%b6%ab%e0%b7%99%e0%b6%b8/?fbclid=IwAR2KlDx3PyqcaeeuS-Opkkgn8waInX1sNnWjF61QUvJ7cQNQvTwkJhGsyUU

12/11/2019

‘ඕ පියුම’ වෙබ් අඩවියේ සංවත්සරය නිමිත්තෙන් ඉතාම කුඩා සටහනක් ලියා දීමට මට අවශ්‍ය විය. මේ ඒ සටහන වේ. මෙයින් මා සලකුණු ....

11/11/2019

'The Realm of Debt'-Symposium of Crisis of Sri Lanka's rural economy organized by Law & Society Trust (LST) on 30-31 July 2019. Sumith Chaaminda, Senior Lect...

11/11/2019

Wedi wenuwata pichcha mal (jasmine instead of gunshots) was the theme of the Rajini Thiranagama Commemoration organised by the Unknown Collective at the Kelaniya Campus on Tuesday. An activist who espoused the causes of non violence, justice and human rights and paid with her life for what she belie...

11/11/2019
10/11/2019
10/11/2019

👇👇👇👇👇👇👇👇👇👇👇
සම්පුර්ණ වීඩියෝව බලන්න මෙතනින් - https://youtu.be/Nk3mN4f6OEc
ඔහු මරා දැමූ දවස
මට හොඳට මතකයි ඒ දිනය. 1989 නොවැම්බර් මාසෙ 13 වැනිදා. එතකොට මම වැඩ කළේ ශ්‍රී ලංකා යුද හමුදා පොලිසියේ ඡායාරූප ශිල්පියා ලෙස. මම හිටියේ ලාන්ස්‌ කෝප්‍රල්වරයකු ලෙස. ඒ දවස්‌වල මම රාජකාරි කළේ නාරාහේන්පිට යුද හමුදා පොලිස්‌ මූලස්‌ථානයේ.......

හමුදාවට සම්බන්ධ විවිධ උත්සවවල වගේම කොළඹ එවකට තිබූ වධකාගාරවලට ගෙනෙන විවිධ අන්දමේ පුද්ගලයන්ගේ ඡායාරූප ගැනීමත් මගේ දෛනික රාජකාරියේ කොටසක්‌ වෙලා තිබුණා. මට මතක විදියට එතකොට කොළඹ ප්‍රධාන පෙළේ හමුදා වධකාගාර 7 ක්‌ විතර තිබුණා. ඒ හැම එකකටම මම ගියා. එකක 60 ක්‌ විතර අපේ තරුණ තරුණියෝ හිටපු විත්තිය මට මතකයි.

ඒක මහ මූසල දවසක්‌. උදේ පාන්දර 1.00 ට විතර කවුදෝ මගේ ඇඳ ළඟටම ඇවිත් මාව කීද්දුවා. මම නැඟිටලා බලන කොට තරු තුනක නිලධාරියෙක්‌ මගේ ඇඳ ළඟ හිටගෙන. සාමාන්‍යයෙන් නිලධාරීන්ට රාත්‍රියට අපි වගේ සෙබළු ඉන්න ප්‍රදේශයට ඒම තහනම්. අපට ඒ අය ඉන්න ප්‍රදේශයට යාම තහනම්. මේ නිසා මවිතයට පත් වුණු මම එකවරම නැඟිට සිටියා..........

සද්ද කරන්න එපා. ඔබ ඡායාරූප ගන්නා සියලුම ආම්පන්නත් රැගෙන වහාම ගිහින් එළියේ නවත්තල තියෙන අණදෙන නිලධාරියාගේ වාහනයකට නඟින්න............

මටත් ජීවිතයේ මරණ බය දැනෙන්න පටන් ගත්තා. මොකද එතකොටත් මම ජනතා විමුක්‌ති පෙරමුණට ක්‍රියාකාරී සාමාජිකයකු ලෙස සම්බන්ධ වෙලයි හිටියේ. මට එකවරම කර්නල් ලකී අල්ගම කියූ එක්‌තරා ප්‍රකාශයක්‌ මතක්‌ වුණා.

"කවුරුහරි කෙනෙක්‌ තමුසෙලා ගන්න පින්තූර ජනතා විමුක්‌ති පෙරමුණට සපයනවා. මේ දවස්‌වල ඒ කවුද කියල හොයන්න පරීක්‍ෂණයක්‌ දියත් වෙනවා..........

මගේ ඇඟ සීතල වෙන්න පටන් ගත්තා. අද මම ජීවත් වෙන අවසන් දවස කියල මට හිතුණා. ඉහළ නිලධාරියා මා දිහා බලාගෙන. මට පිටුපාන්න බෑ..... මා වහාම ඔහු කියූ දෙය කළා....... විනාඩි කිහිපයකින් මම හමුදා කඳවුර ඉදිරියේ නවතා තිබූ මගේ අණදෙන නිලධාරියාගේ වාහනයට ගොඩවුණේ ජීවිතයේ අවසාන ගමන යන්න හිතාගෙන........

මගේ අණදෙන නිලධාරියා කර්නල් එස්‌. අයි. එස්‌. දසනායක.... ඔහු ඉදිරි අසුණේ සිටියා........

ඔබට පෙම්වතියක්‌ ඉන්නවාද....?

මම "නැහැ" කියා කිව්වා.

එහෙනම් හොඳයි........ අපි දැන් මේ යන රාජකාරිය ගැන කිසිම මොහොතක කිසිම කෙනකුට වචනයක්‌වත් කියනවා එහෙම නෙවෙයි.

එතකොටයි මගේ ඇඟට ලේ පොදක්‌ ඉනුවේ. මේ යන්නේ වෙනත් විශේෂ රාජකාරියකට බව අණදෙන නිලධාරියාගේ ඒ කතාවෙන් මම වටහා ගත්තා.

අපි ගියේ තිඹිරිගස්‌යායේ පවත්වා ගෙන ගිය "ඔප්ස්‌ කොම්බයින්" කියන රහසිගත හමුදා මෙහෙයුම් මූලස්‌ථානයට.

මූලස්‌ථානයේ දෙවන තට්‌ටුවේ සම්මන්ත්‍රණ ශාලාවට අපි ගියේ. ඒක ඇතුළේ යුද හමුදාපතිවරයා වන සිසිල් වෛද්‍යරත්න ඇතුළු ඉහළම හමුදා ප්‍රධානීන් 15 දෙනෙක්‌ විතර හිටියා. ඒ අය යුද හමුදාවේ හා ක්‍ෂණික විහිදුම් බළකායේ ඉහළම නිලධාරියෝ බව මම දැක්‌කා.............

එයාලා එක්‌ සිවිල් පුද්ගලයෙක්‌ගෙන් ප්‍රශ්න කරන ආකාරය මම දැක්‌කා. ඔහු බොහොම නිර්භයව උත්තර දුන් බොහොම සෘජු අවංක පිළිතුරු නිසා ටික වේලාවකින් මගේ සිත තුළ සැකයක්‌ මෝදු වුණා. මේ ඉන්නේ අපේ නායක සහෝදරයා වත්ද............ මම හිතුවා. මම ඒක කර්නල් මුතාලිෆ්ගෙන් ඇහුවා (එවකට මේජර්)

ඔව්....... ඌ තමයි.............. උඹට තවමත් සැකද.... කියල ඔහු හිනාවෙවී මගෙන් ඇහුවා..... මගේ ඇඟ ඇතුළේ එකවරම විදුලියක්‌ දිව ගියා වගේ මට දැනුණා. ඒත් මේ සාකච්ඡාව බොහොම සාමකාමීයි. මහත්මා ගතිය හැමදෙනා තුළම දක්‌නට ලැබුණා. මට දැන් පැවරෙන්නේ කාගේ පින්තූර ගන්නද කියලා මට වැටහුණා.

එතකොට මම අපේ නායක සහෝදරයව හැබැහින් දැකල නැහැ. ඈතට දැක්‌කේa 1982 ජනාධිපතිවරණයේදී විතරයි.......

හමුදා ප්‍රධානීන් අහපු ප්‍රශ්න තාම මට මතකයි....... නායක සහෝදරයා දීපු උත්තර හරිම සෘජුයි..... හරිම කෙළින්.............. වරක්‌ මගේ අණදෙන නිලධාරී අයිවන් දසනායක මෙන්න මෙහෙම ඇහුවා...........

ඔබලාගේ සංවිධානය ඇතුළේ හමුදා සාමාජිකයන් කොපමණ ඉන්නවාද?.......

ඇත්තටම මම ඒක දන්නේ නැහැ. නායක සහෝදරයා කිව්වා.......

ඔබ බොරු කියනවා.... ඔබ හොඳින් දන්නවා... ආයෙත් ඇහුවා..

නැහැ........... මම කීදෙනෙක්‌ ඉන්නවද දන්නේ නැහැ. හැබැයි එකක්‌ මම දන්නවා. අද මේ වනවිට හමුදා ලොරි 2 ක්‌ පිරෙන්න කොටි සංවිධානයට නවීනතම අවි ආයුධ සපයපු බව මම දන්නවා. අවි ආයුධ, සිමෙන්ති තොග ඔවුන්ට යවන්න ඔබලාත් සම්බන්ධයි..... හෙට අනිද්දා මේ ගැන හමුදාවේ සාමාන්‍ය සෙබළා දැනගනීවි...... මෙතැනදී කලකිරෙන රට ජාතිය ගැන ආදරයක්‌ තියෙන හැම සෙබළෙක්‌ම ජනතා විමුක්‌ති පෙරමුණ හා රොක්‌ වෙනවා කියන එක නම් මම දන්නවා.....

හමුදා නායකයෝ මූණෙන් මූණ බලා ගත්තා මිස කිසිවක්‌ ඊට කිව්වේ නැහැ.

විජය කුමාරතුංග ඝාතනය කළේ ඇයි.........?

ඔය ප්‍රශ්නය මගෙන් අහන ඔබ හොඳින්ම දන්නවා විජය මැරුවේ කවුද කියලා..... එක්‌කෝ ඔබ ඒක දැන දැනත්, මම මොනවා කියයිද කියල බලන්න ඒක මගෙන් අහනවා. එක්‌කෝ ඔබ ඇත්තටම දන්නේ නැහැ. දන්නේ නැත්aනම් අහගන්න. විජය ඝාතනය කළේ එජාපයේ සැලැස්‌මකට.....

නමුත් ඔබලාගේ කිසිවෙක්‌ ඒ ඝාතනය නිසා දුක්‌වන බවක්‌ අපි දුටුවේ නැහැ...

ඊට හේතුවක්‌ නැහැ. විජය නළුවෙක්‌ හැටියට ඔහුගේ මරණය ගැන දුක්‌වෙච්ච අය ඉන්න ඇති. අපට ඔහුගේ දේශපාලනය ගැන විවේචන තිබුණා. ඔහු ඊ. පී. ආර්. එල්. එෆ්. එකෙන් පුහුණුව ලබල තිබුණා. නියෝජිත කණ්‌ඩායමක්‌ සමග ගොස්‌ "කිට්‌ටු" මුණ ගැහිලා තිබුණා. ඒ සමගම ඉන්දු - ලංකා ගිවිසුමට සම්බන්ධව වැඩ කළා. ඒ නිසා ඔහුගේ දේශපාලන භාවිතය සම්බන්ධව අපට ගැටලු තිබුණා...........

මට මතකයි සමහරු ඇහුවේ දේශපාලනයට කිසිම සම්බන්ධයක්‌ නැති ප්‍රශ්න.

ඔබ ජ්‍යෙdතිෂය විශ්වාස කරනවාද?..

නැහැ. හැබැයි සූර්යයාගේ බලපෑම පෘතුවියට තිබෙන බව මම දන්නවා. ඒක තනි තනි පුද්ගලයාට උපන් වේලාවට අනුව බලපානවා කියල මම විශ්වාස කරන්නේ නැහැ.

ඒ ප්‍රශ්න කිරීම් අතරතුර මට පැවරුණා. ඔහුගේ ඡායාරූප ගන්න. මම ඔහුව තිරයක්‌ යොදා වෙනම සකස්‌ කරල තිබුණ තැනක තියල ඡායාරූප 8 ක්‌ ගත්තා විවිධ පැතිවලින්......... ඒ අතරේ මමත් ඔහුගෙන් ප්‍රශ්න කිහිපයක්‌ ඇහුවා. අනෙක්‌ අයට නොදැනෙන්න.

ඔබතුමා රෝහණ විජේවීරද........

ඔව්...........

මොන නමින්ද හිටියේ...

මම අත්තනායක යන නමින් හිsටියා. ඇයි මගේ ෆොටෝ ගන්නේ..... මොනවද මට කරන්න යන්නේ........

මට පැවරුණ රාජකාරියයි මේ. මගේ රාජකාරිය ෆොටෝ ගැනීම. කියා මම ඔහු දෙස කෙළින් බලා හිනා වුණා. මට විශ්වාසයි ඔහු මාව හඳුනා ගත්තා කියලා. මොකද යුද හමුදා පොලිසියේ ඡායාරූප ශිල්පියෙක්‌ හමුදාව ගන්නා ඡායාරූප පක්‍ෂයට දෙන බව ඔහු දැන ගෙන හිටියා. ඔහු මගේ මුහුණ දෙස කෙළින් බලා සිනාසුණා........... ඉන්පසුව නායක සහෝදරයාගේ ප්‍රකාශයක්‌ ඇතුළත් වීඩියෝ පටයක්‌ පටිගත කෙරුණා.

එතැනදී හමුදා නිලධාරියෝ නායක සහෝදරයට කිව්වේ අවි ආයුධ බිම තියල යටත් වෙන්න කියන පණිවුඩය තරුණ තරුණියන්ට දෙන්න කියලයි. නමුත් නායක සහෝදරයා ජනතා විමුක්‌ති පෙරමුණේ බිහිවීම හා පැතිරීම් හා ක්‍රියාකාරීත්වය විග්‍රහ කරමින් විනාඩි 20 ක විතර දේශනයක්‌ පැවැත්වූවා. ඒක අවසානයේ කිව්වා ආයුධ බිම තියලා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට එක්‌වෙන්න කියන පණිවිඩය.

මේ දේශනය හමුදාවේ එතැන සිටි ලොකු කුඩා ඔක්‌කොම අහගෙන හිටියා. සමහරු ඒ දේශනයෙන් සම්පූර්ණ වෙනස්‌ මිනිස්‌සු බවට පත් වුණා. ජවිපෙ සටන්කාමී මාවතට තල්ලු කළේ කවුද කියන එක නායක සහෝදරයා ඉතා මැනවින් පැහැදිලි කළා.....

ඒක අවසානයේ ආයෙත් අර සාකච්ඡා මේසයට නායක සහෝදරයව අරන් ගියා. ප්‍රශ්න කිරීම දිගටම කෙරුණා.

ගමනායක ඉන්නේ කොහේද?....... නිලධාරියෙක්‌ ඇහුවා............

ඒක මේ වෙලාවේ මගෙන් අහන එක හොඳ නැහැ නේද?........ නායක සහෝදරයා කිව්වා...........

ඒ අතරේ එතැනට ආපු තවත් නිලධාරියෙක්‌ හමුදාපතිවරයාට විශේෂ දුරකථන ඇමතුමක්‌ ජනාධිපතිවරයාගෙන් තිබෙන බව කිව්වා. ඔහු ගියා ඒක ගන්න.......

ඒ අතරතුර කර්නල් මුතාලිෆ් මට තවත් රාජකාරියක්‌ පැවරුවා..... පහළ කාමරයක ඉන්නවා එච්. බී. හේරත්. ඔහුගේත් ඡායාරූප ගන්න ඕන කියලා මට නියෝග කළා. මම එතැනට යනවිට ඔහු ඡායාරූප ගන්න පුළුවන් මට්‌ටමක හිටියේ නැහැ. හොඳටම වදදීපු මස්‌ වැදැල්ලක්‌ වෙලා. මම ඔහුව බිත්තියට හේත්තු කරල අත ගන්නකොට නැවත කඩා හැලුණා. අමාරුවෙන් ඔහුගේත් ෆොටෝ දෙක තුනක්‌ ගත්ත මම ඉතා ඉක්‌මනට උඩට ගියා. උඩ මොනවද වෙන්නේ කියලා බලන්න........

හමුදාපති ජෙනරාල් සිසිsල් වෛද්‍යරත්න හා ජනාධිපතිතුමා අතර දුරකථන සංවාදය ටික වේලාවක්‌ පැවතුණා. .....

ඉන් පසුව එතන සිටි ඉහළම නිලධාරීන් 5 දෙනකු සමග හමුදාපතිවරයා වෙනම කාමරයක රහසිගත සාකච්ඡාවක්‌ පැවැත්වූවා. මේජර් තෝරදෙනිය, මේජර් උඩුගම්පොල, බ්‍රිගේඩියර් ජයසුන්දර ඇතුළු තවත් දෙදෙනෙක්‌ ඊට ගිය බව මට මතකයි....

ඉහළ නිලධාරීන් පස්‌දෙනා හා හමුදාපති අතර සාකච්ඡාව විනාඩි 10 කින් අවසන් වුණා. එළියට ආපු ඔවුන් පැජරෝ රථ දෙකක්‌ ලෑස්‌තිකරන්න කියා අණ කළා. නායක සහෝදරයාව පහළ පෝටිකෝව යටට ගේන්න කියලත් කිව්වා...

ඒත් නායක සහෝදරයා මරාදමාවි කියල අපට එවෙලේ නිකමට වත් හිතුණේ නැහැ. මොකද ඊට පෙර එතැන පැවැති සාකච්ඡාව සාමාන්‍යයෙන් මරා දමන්නෙක්‌ සමග කරන සාකච්ඡාවක්‌ නොවෙයි.

ඊට අමතරව ඒ වන විට රටේ ජනාධිපතිවරයා කියා තිබුණා ඉන්න තැනකින් රෝහණ

විජේවීර සාකච්ඡාවකට එන්න කියන තැනකට ඇස්‌ දෙක බැඳගෙන හරි එන්නම් කියලා.

ඊට අමතරව රජයට සම්බන්ධ තවත් ජනමාධ්‍යයක කියල තිබුණ විජේවීරට හෘදයාබාධයක්‌ තියෙනවා කියල ආරංචි වෙලා තියෙනවා ඉල්ලීමක්‌ කළොත් විදේශ රටකට යවල හරි ප්‍රතිකාර කරන්න රජය සූදානම් කියලා.

මේ වගේ ප්‍රකාශ, අදහස්‌ රටපුරා ගිය විදියටත් නායක සහෝදරයා අල්ල ගත්ත මොහොතේ සිට ඉහළ නිලධාරීන් ක්‍රියා කළ ආකාරයත් අනුව ඔහුව මරා දමාවි කියල කිසිවකුට හිතන්න බැහැ. නමුත් සියල්ල වෙලා තියෙන්නේ ඉහත කී දුරකථන ඇමතුමෙන් සහ ඉහළ නිලධාරීන් 6 දෙනාගේ සාකච්ඡාවෙන් අනතුරුවයි.

ක්‍ෂණයකින් පැජරෝ වර්ගයේ වාහන දෙකක්‌ ඔප්ස්‌ කොම්බයින් මූලස්‌ථානයේ පෝටිකෝව යටට ආවා. නායක සහෝදරයා එතනටත් ආවේ සාමාන්‍ය පරිදි අනිත් අය වගේ ඇවිදගෙන. එතන හරි අපූරු දෙයක්‌ වුණා. එක නිලධාරියෙක්‌ නායක සහෝදරයගේ දකුණු අත අරගෙන අල්ලත් පිට අල්ලත් ඇඟිලිත් ඉතා හොඳින් පරීක්‍ෂා කර බැලුවා.

ඇයි.. මගේ අතේ මරණීය සලකුණු තියෙනව කියලද බලන්නේ. නායක සහෝදරයා එහෙම ඇහුවා. ඒකට අනිත් නිලධාරීන් ඔක්‌කොම හඬ නගලා හිනහ වුණා.

නැහැ... මම බැලුවේ මෙයා ජංගල් ටේ්‍රනින්වලට එහෙම ගිහිල්ලා තියනවද කියලයි.

ජංගල් ටේ්‍රනින් වලට මම යන්න ඕන නැහැ. මම හිටියේ ජනතාව අතර. කොටින්ම මම ඔයාලයි ජනාධිපතිතුමාගේ රැස්‌වීම් වලටත් ගිහින් එයාගේ කතා අහගෙන ඉඳලත් තියෙනවා.

මෙම කතාවටද ඉහළ නිලධාරීන් අන්ද මන්ද වුණා. ඒ අතර එතන සිටි එක්‌ නිලධාරියෙක්‌ නායක සහෝදරයා ළඟට ඇවිත් ඔහුගේ උපැස්‌ යුගලය ගලවා ඔහුගේ සාක්‌කුවටම දැමුවා. අනතුරුව කළු රෙදි කැබැල්ලකින් ඔහුගේ දැස්‌ බැඳ දැම්මා.

සිදුවන්නට යන මොකක්‌ හෝ අමිහිරි සිදුවීමක ඉවක්‌ මට දැනෙන්න පටන් ගත්තා. උගුර ගොළු වුණා. උගුරේ යමක්‌ හිරවෙනවා වගේ දැනෙන්න පටන් ගත්තා. මට කරගන්න දෙයක්‌ නැහැ.

නායක සහෝදරයා අවස්‌ථාව තේරුම් ගත්තා. ඔහු ඇහුවා මාව කොහේද මේ අරගෙන යන්නේ කියලා. කිසිවෙක්‌ සද්ද නැහැ. මට ඔබලා මොනවා කළත් කමක්‌ නැහැ. මගේ දරුවන්ට විතරක්‌ මොනම කරදරයක්‌වත් කරන්න එපා කියල ඔහු අපි හැමෝම ඉදිරියේ ලොකු විවෘත ඉල්ලීමක්‌ කළා. අන්තිමේ නිලධාරින් දෙදෙනකු සමග සෙබළු කිහිප දෙනෙක්‌ නායක සහෝදරයා සමග ඉදිරියෙන් ගිය පැජරෝවට නැග්ගා. ඒ වෙලාවේ එතන එහේ මෙහෙ aසිටි සෙබළු ටිකත් කතාකරගෙන තවත් නිලධාරීන් කිහිප දෙනෙක්‌ පසුපස පැජරෝවට නැගුණා. වාහන දෙක ඉගිල ගියා.

මට යන්න වාහනයක්‌ නැහැ. මම හෙව්වා අපේ ප්‍රධාන අණ දෙන නිලධාරියාව. ඒ වන විට එයා හිටියේ උඩ කාමරයක ඔළුවට අත ගහගෙන දැඩි කලකිරීමක... ඔහු හුඟක්‌ වෙනස්‌ වෙලා. නායක සහෝදරයාගේ දේශනයක්‌ අහපුවම මනුස්‌සකම ටිකක්‌ තියෙන රටට ආදරය කරන මිනිස්‌සු සංවේදී වෙනවා. ගල් හිතක්‌ වුණත් උණු වෙනවා. ඒක අපේ අණදෙන නිලධාරියාටත් වෙලා බව මම දැක්‌කා.

සර්... අපි යන්නේ නැද්ද. මම ඇහුව.

අපි යන්න ඕන නැහැ. අපි ඔන්න ඔහොම සද්ද නැතිව කෑම්ප් එකට යමු. ඔහු එහෙම කියලා නැගිට්‌ටා.

ඒත් ඒ මොහොතේම එතනට හමුදාපතිතුමා පැමිණියා. එතුමා අපේ සී. ඕ. එස්‌. අයි. එස්‌. දසනායකව දැක වියරු වැටිලා අඩි පොළවේ හප්පලා කෑගහන්න පටන් ගත්තා.

යකෝ උඹ තාම මෙතනද... උඹට මං ඕඩර්ස්‌ කළේ ගිහින් ඒ වැඩේ සිද්ධවෙන හැටි මට රිපෝට්‌ කරන්න කියල නේද.. තෝ ඒකට ගියේ නැත්නම් මම තෝව බල්ලෙක්‌ වගේ වෙඩි තියල මෙතන මරල දානවා.

මේ තර්ජනයත් සමගම තැතිගත් අපේ සී. ඕ. මටත් කතා කරගෙන එතනින් ඇවිත් ඔහුගේ කාරයට ගොඩ වුණා. ගොඩවෙලා ඉදිරියට ගන්න ගමන් මගෙන් ඇහුවා දැන් අපි කොහාටද යන්න ඕන..

මම දන්නේ නැහැ සර්...

විජහයින් ගිහින් දුවල අහගෙන එනවා බ්‍රිගේඩියර් ජයසුන්දරගෙන් ඊළඟට අපි කොහාටද යන්න ඕන කියලා.

මම දිව්වා... මම යනකොට ජනරාල් වෛද්‍යරත්න ආපහු ගෙදර යන්න වාහනයට නගිනවා. දැන් මගදි අපේ සර් වාහනය මග නවත්තන් ඉන්නවා දැක්‌කොත් අනිවාර්යයෙන්ම එයා අපේ සර්ට වෙඩි තියනවා. මම දුවල ඇවිත් සර්ට කිව්වා ඔන්න සර් ජෙනරාල් එනවා අපි වෙන පාරකට දාල ඉමු කියලා.

අපි ජනරාල් යනකන් හැංගිලා ඉඳලා පස්‌සේ බ්‍රිගේඩියර් ජයසුන්දරගෙන් යන්නේ කොතනටද කියල අහගෙන තමයි බොරැල්ල කනත්තට ගියේ.

ඒ වෙනකොට වෙන්න තියෙන ඔක්‌කොම දේවල් වෙලා ඉවරයි. අපේ නායක සහෝදරයාගේ ඔළුවෙනුයි පපුවෙනුයි උණු උණු ලේ ගලා ගිය ප්‍රාණය නිරුද්ධ නොවුණ සිරුර ආදාහනාගාරය ඉදිරියේ බිම දමා තිබුණා. එතන සිටි හැමෝම හිටියේ මහ තිරිසන්නු වගේ. සමහරු මේ ඉන්නේ රෝහණ විජේවීර කියලා හාංකවිසියක්‌වත් දැන සිටියේ නැහැ. අපි යන්න කලින් ගොල්ෆ් පිට්‌ටනියට අරන් ගිහින් තමයි වද දීල වෙඩි තියල තිබුණේ.

ආදාහනාගාරයේ යතුර තිබුණේ නැහැ. කිහිපදෙනෙක්‌ ඔහුගේ නිල නිවසට ගිහින් යතුර ඉල්ලා හිටියා. ඔහු අන්ද මන්ද වුණා.

අනේ සර්... මේක මගේ රාජකාරිය. මේ වගේ වැඩ මෙතෙන කෙරෙන්නේ නැහැ. යතුර නම් දෙන්න බැහැ...

ඉහළ නිලධාරියාට යකා නැග්ගා ඔහු පිස්‌තෝලය ඇදල අරන් අර පුද්ගලයගේ ඔළුවට තිබ්බා. මේක විශේෂ රාජකාරියක්‌ පරයෝ. බල්ලෙක්‌ වගේ මරල දාන්න කලින් දීපන් යතුර...

ඔහු යතුර දුන්නා. ආදාහනාගාරයේ දොරවල් දඩිබිඩි ගා ඇරුණා.

යකෝ ඕකව උස්‌සල පද්දල වීසිකරපන් ඇතුළට. ඉහළ නිලධාරියා අණ දුන්නා. කිහිපදෙනෙක්‌ නායක සහෝදරයගේ සිරුර අමාරුවෙන් උස්‌සල පද්දල ඇතුළට වීසි කළා. සිරුර ආදාහනාගාරයේ කටේ වැදිලා ආපහු බිමට වැටුණා. නායක සහෝදරයා කෙඳිරි ගාන්න පටන් ගත්තා....

අර ඉහළ නිලධාරියගේ කුණුහරුප වරුසාවක්‌ මැද ආයෙත් සැරයක්‌ සිරුර අමාරුවෙන් උස්‌සලා ඇතුළට වීසිකර ගත්තා..

විනාඩි කිහිපයකින් ඔක්‌කොම ඉවර වුණා. මට බලා ඉන්න බැහැ. මම අපේ සී. ඕ. ළඟට ආවා.

අපි යමු කෝප්‍රල්... ඔහු මට කිව්වා අපි වාහනේ නැගිල ආපහු ආවා. කවුරුවත් වචනයක්‌ කතා කළේ නැහැ.

පහුවදා එළිය වැටුණාම දහවල් ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රන්ජන් විජේරත්න මහතා ප්‍රසිද්ධ පුවත්පත් සාකච්ඡාවක්‌ කැඳෙව්වා. එහිදී ඔහු හරි අපූරු ප්‍රකාශයක්‌ කළා.

ජනතා විමුක්‌ති පෙරමුණේ නායක රෝහණ විජේවීර අත්තනායක නමින් උලපනේ ප්‍රදේශයේ සෙන්ට්‌ මේරි නම් වතුයායේ සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බවත්, ඉන් පසුව ඔහු පක්‍ෂයේ සියලු රහසිගත තොරතුරු රජයේ ආරක්‍ෂක අංශවලට ලබාදුන් බවත්, කොළඹ පැවැති ජවිපෙ මූලස්‌ථානයේ තිබෙන තොරතුරු අඩංගු ලිපිගොනු රැසක්‌ ලබාදීමට ඔහු ආරක්‍ෂක අංශ සමග මූලස්‌ථානයට ගිය බවත්, එහි සිටි එච්. බී. හේරත් නමැත්තා අමතා රෝහණ විජේවීර ඉහත කී ලිපිගොනු බාර දෙන්නට කී බවත් රන්ජන් විජේරත්න ප්‍රකාශ කළා. ඒ අවස්‌ථාවේ ලිපි ගොනු අරගැනීමට ලාච්චුවක්‌ ඇර එහි තිබූ පිස්‌තෝලයක්‌ ගෙන එච්. බී. හේරත් එක වරම විජේවීරට වෙඩි තැබූ බවත් එහිදී ආරක්‍ෂක අංශ පෙරලා හේරත්ට වෙඩි තැබූ බවත් ප්‍රකාශ කළ අමාත්‍යවරයා අවසානයේ කීවේ වෙඩි තබා ගැනීම්වලින් දෙදෙනාම මියගිය බවය. ආරක්‍ෂක තත්ත්වය සලකා දෙදෙනාගේම සිරුරු බොරැල්ල කනත්තේදී ආදාහනය කළ බවද ඔහු ප්‍රකාශ කළා.

ඇත්ත කතාව උඩු යටිකුරු කළ ප්‍රකාශයකින් සියල්ල නිමා වුණේ එහෙමයි. මටත් වැඩිකල් මෙහෙම ඉන්න නොලැබෙන බව මට තේරුණා. එතැන් සිට අපේ නායකයෝ එක්‌කෙනා එක්‌කෙනා අහුවුණා. ඒ කිසිවෙක්‌ගෙන් මං ගැන තොරතුරු ලැබිල තිබුණේ නැහැ. නමුත් දෙසැම්බර් 29 වැනිදා අත්අඩංගුවට පත් වුණ සමන් පියසිරි ප්‍රනාන්දුගේ අතේ තිබුණ ලිපි ගොනුවකින් මම ගැනත් තොරතුරු හෙළි වුණා. ඒ අනුව 1990 මාර්තු 14 වැනිදා අත්අඩංගුවට පත්වුණ මම යටාරෝ වධකාගාරයේ එක දිගට දින 19 ක්‌ දුක්‌ වින්ද... මම අද මේ බේරිලා ඉන්නේ එක්‌තරා දෛවෝපගත සිදුවීමක්‌ නිසා.

බුලිත ප්‍රදීප් ශාන්ත පද්ම කුමාර

සම්පුර්ණ සම්මුඛ සාකච්චාව සඳහා පිවිසෙන්න - https://youtu.be/Nk3mN4f6OEc

Indrananda De Silva

09/11/2019

👇👇👇👇👇👇👇👇👇
සම්පුර්ණ වීඩියෝව මෙතනින්-https://youtu.be/15Z6bPUIJ-E
ආන්දෝලනයට ලක්ව ඇති මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම සම්බන්ධව එල්ල වී ඇති විවේචන සම්බන්ධයෙන් ඊයේ(6) මුදල් ඇමති මංගල සමරවීර විසින් අභියෝගාත්මක ප්‍රකාශයක් සිදුකරන ලදී. එම අභියෝගයට අදාළ ප්‍රතිචාර ද සමගින් 'මිලෙනියම් චැලෙන්ජ් කෝපරේෂන්' (MCC) ගිවිසුම විසින් ඇතිකරණ විනාශකාරී බලපෑම සම්බන්ධයෙන් අනාවරණය කරමින් පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වූ මාධ්‍ය හමුවේදී පෙ.ස.ප. අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ අදහස් පළ කරන ලදී.

👇👇👇👇👇👇👇👇👇මෙය ඔපියුම ලෙෆ්ට්(opium left) වෙබ් අඩවියට මහේෂ් හපුගොඩ විසින් පල කළ ලිපියක කොටසක් වන අතර සම්පුර්ණ ලිපිය කියවන්න...
09/11/2019

👇👇👇👇👇👇👇👇👇
මෙය ඔපියුම ලෙෆ්ට්(opium left) වෙබ් අඩවියට මහේෂ් හපුගොඩ විසින් පල කළ ලිපියක කොටසක් වන අතර සම්පුර්ණ ලිපිය කියවන්න මෙතනින්- https://bit.ly/2CqWEje

පරාජිත පෙරදිග සන්නද්ධ අරගලය ගාන්ධියානු ව්‍යාපාරයෙන් උගත යුතු පාඩම-
‘21 වන සියවසේ ශ්‍රී ලාංකික සමාජවාදය වෙනුවෙන් ඇති අවකාශය’ පිළිබඳව සාකච්ඡා කිරීමේදී සැලකිල්ලෙන් කල්පනා කලයුතු ඉතා වැදගත් කරුණක් අප හමුවේ ඇත. අයුක්තිය සහ අසමානතාවයට එරෙහිව සටන් වැදීම අතවශ්‍ය අරගල කොන්දේසියක් වුව ද නිදහසෙන් පසුව එළඹි ලාංකික පොළොව මත සන්නද්ධ අරගල තුනක ප්‍රතිචාරාත්මක දේශපාලනය අවසන් වූවේ අති දැවන්ත විනාශයකිනි. ඒ සෑම විටකම ගෝලීය ධනපති පන්තියේ දේශීය නියෝජනය ජයග්‍රහණය කර ඇත. ඔවුන්ගේ සන්නද්ධ යන්ත්‍රය එම ‘ජයග්‍රහණ’ ඔවුන්ට අත් කර දෙන ලදී. එසේනම් අප නැවතත් දේශීය ධනේශ්වරයට එරෙහි සටන සඳහා සන්නද්ධ අරගලය වෙත පියමනිනවා ද නැත්නම් පාර්ලිමේන්තු දේශපාලනයට යනවා ද වැනි මහපොළොවේ ගැටළු අප එදිනෙදා අත්දකින රැඩිකල් තාරුණ්‍යයේ නොවිසඳුණු න්‍යායික ගැටළුය. මහපොළොවේ යථාව වෙනස් කිරීමට කළ යුත්තේ කුමක්ද යන්න පැහැදිළි කරදීමට ඔවුන්ගේ දේශපාලන ව්‍යාපාර අසමත් වෙමින් පවතින අතර ‘මාක්ස්වාදයේ ද්‍රරිද්‍රතාවය’ වෙනුවෙන් ජාතිකවාදී කඳවුර විසින් මතු කරන ලද තර්ක වලට ලංකාවේ සම්භාව්‍ය මාක්ස්වාදීන් පිළිතුරු නොදුන් බව නලින් ද සිල්වා වැන්නන් නැවත නැවතත් පවසනු ලබයි. අතිශයින් පැටළිලි සහගත තැනක පවතින ලාංකික මාක්ස්වාදය පිළිබද ගැටළුවට ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි වැන්නන් ඉදිරිපත් කරන්නේ හුදු අනුරාගික ඇද බැඳ ගැනීමේ (passionate attachment) වැඩපිළිවෙලකි. භක්තිමත් භාවය (faith) වැදගත් ලෙස පිළිගන්නා අතරේ ම අපගේ මාක්ස්වාදය පිළිබද මෙලන්කොලික අපගමනය (melancholic retreat) පිළිබදව ද අප සවිඥානික විය යුතුය යන්න අප දිගින් දිගටම අවධාරණය කර ඇත. කෙසේවුවද මෙම කුඩා ලිපිය මඟින් මා යෝජනා කරන්නේ අධිරාජ්‍යවාදය, යටත්කරණය, සුරාකෑම ඔස්සේ මෙන්ම අධිරාජ්‍යවාදයේ දේශීය නියෝජිතයින් හරහා තුවාල වුනු අපගේ අහංභාවය (hurt ego) විසින් ඉල්ලා සිටින වෛරය හා පළිගැනීම (විශේෂයෙන් ගාන්ධියානු ද්‍රවිඩ දේශපාලනය ලේ ගංඟාවක් කළ උතුරේ කොටි සංවිධානය දෙස බැලූ විට) නැවතත් අවසාන වීමට නියමිත පරාජයකින් නම් අප ගාන්ධියානු දේශපාලනයෙන් උගත යුතු මනෝවිශ්ලේෂී පාඩම කුමක්ද යන්න විග්‍රහ කර ගැනීම මෙම ලිපියේ ප්‍රධාන අරමුණ වේ. ලෙනින් ගේ ‘පෙරදිග ලෝකයේ විමුක්ති ව්‍යාපාරය’ (1978) නැවත අර්ථකතනය කළ යුතු මොහොතක ජිවත් වන අප ෆ්‍රෙඩ්රික් ජේම්සන් (1986) සඳහන් කරන ප්‍රතිචාරාත්මක යටත්විජිත (අහංභාවයේ) දේශපාලනය නැවත තෙරුම් ගැනීම පිණිස සාක්ෂි ලෙස භාවිතා කරන්නේ රිචඩ් ඇටෙන්බරෝ ගේ (1982) ‘ගාන්ධි’ චිත්‍රපටයේ එන අවස්ථා සිද්ධි සහ දෙබස් ය."
Mahesh Hapugoda

සම්පුර්ණ ලිපිය කියවන්න මෙතනින් - https://bit.ly/2CqWEje

Address


Website

Alerts

Be the first to know and let us send you an email when වමේ gossip posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share