Airport News Sri Lanka

  • Home
  • Airport News Sri Lanka

Airport News Sri Lanka Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Airport News Sri Lanka, Media/News Company, .

Aruna Rajapaksha Appointed as 'Head of Airport Management'Aruna Rajapaksha has been appointed as the new Head of Airport...
27/09/2024

Aruna Rajapaksha Appointed as 'Head of Airport Management'

Aruna Rajapaksha has been appointed as the new Head of Airport Management, bringing extensive expertise and leadership experience in the aviation industry. His appointment is seen as a strategic move to enhance operational efficiency and drive growth in airport services.

Cathay Pacific ගුවන්සේවය ශ්‍රී ලංකාවට සෘජු ගුවන් ගමන් අරඹයි! කැතේ පැසිෆික් ගුවන්සේවය ශ්‍රී ලංකාව වෙත සිය මගී ගුවන් මෙහෙය...
02/02/2024

Cathay Pacific ගුවන්සේවය ශ්‍රී ලංකාවට සෘජු ගුවන් ගමන් අරඹයි!

කැතේ පැසිෆික් ගුවන්සේවය ශ්‍රී ලංකාව වෙත සිය මගී ගුවන් මෙහෙයුම් අද සිට යලිත් ආරම්භ කළා. ගුවන් ගමන් ආරම්භ කරමින්, පළමු ගුවන් යානය මගීන් 220 දෙනෙකු සමඟ අද (2024 පෙබරවාරි 1) බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට (BIA) පැමිණියා.

එම ගුවන්යානය පිළිගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් විශේෂ සංස්කෘතික අංගයක්ද සූදානම් කර තිබුණා.

Cathay Pacific ගුවන්සේවය හොංකොං (HKG) සහ කොළඹ (CMB) අතර සතිපතා ගුවන් ගමන් තුනක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකාවේ ගුවන්සේවා ආරක්ෂක වැඩපිළිවෙල යලිත් වරක් ජාත්‍යන්තර ඇගයීමට ලක්වෙයිශ්‍රී ලංකාවේ ගුවන්සේවා ආරක්ෂාව ඉතා උසස් මට්...
26/05/2023

ශ්‍රී ලංකාවේ ගුවන්සේවා ආරක්ෂක වැඩපිළිවෙල යලිත් වරක් ජාත්‍යන්තර ඇගයීමට ලක්වෙයි

ශ්‍රී ලංකාවේ ගුවන්සේවා ආරක්ෂාව ඉතා උසස් මට්ටමක පවත්වා ගන්නට අවශ්‍ය සියළු පියවරයන් ගෙන ඇති බවත්, ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවේ ගුවන්සේවා කර්මාන්තය මෙන්ම ශ්‍රී ලංකාවට අයත් ගුවන් කලාපය ද වඩාත් ආරක්ෂිත බවත් අද දින (18) අවසන් වූ ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානය (International Civil Aviation Organization - ICAO) විසින් පවත්වන ලද ගුවන්සේවා ආරක්ෂාව පිළිබඳ ජාත්‍යන්තර විගණනයෙන් තහවුරු වී තිබෙනවා.

මෙම ජාත්‍යන්තර විගණනයේ ප්‍රගති සමාලෝචනය කිරීම සඳහා පැවති විශේෂ හමුවේ දී මෙම කරුණු අනාවරණය වූ බවයි පැවැසෙන්නේ.

2023 මැයි මස 08 දින සිට 18 දින තෙක් පැවති මෙම විගණනය සඳහා ICAO විසින් පත්කරන ලද සුදුසුකම්ලත් විදේශිය ජාත්‍යන්තර ගුවන්සේවා ආරක්ෂක විගණක පරික්ෂකවරුන් හතර දෙනෙකු එක්ව තිබෙනවා.

එහිදී ඔවුන් විසින් ජාතික ගුවන්සේවා නියාමන ආයතනය වන ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය මූලික කරගනිමින්, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය, රාජ්‍ය බුද්ධි ඒකකය, ගුවන්තොටුපොල සහ ගුවන්සේවා (ශ්‍රී ලංකා) සමාගම මෙන්ම මෙරට සිට සහ රට තුලට ගුවන් ගමන් සේවා ක්‍රියාත්මක කරනු ලබන දේශීය සහ විදේශීය ගුවන් සමාගම් ඇතුළු ගුවන්සේවා ක්ෂේත්‍රය හා සබැඳි පාර්ශවකාර අංශයන්, ශ්‍රී ලංකාවේ ගුවන්සේවා ආරක්ෂාව ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව පවත්වාගෙන යාම වෙනුවෙන් ගෙන ඇති පියවර හා ක්‍රියාමාර්ග පිළිබඳව පූර්ණ විමසුමක නිරත වූ බව සඳහන්.

එමෙන්ම මෙවැනි විගණන වලට සාර්ථකව මුහුණ දීම තුලින් ගුවන්සේවා ආරක්ෂාව ඉහළින් පවත්වාගෙන යනු ලබන රටක් ලෙස ශ්‍රී ලංකාව, ජාත්‍යන්තර සහ කලාපීය වශයෙන් ඉහළ ස්ථාන වල ශ්‍රේණිගත වීම, විදේශීය ගුවන් සමාගම් මෙරටට සිය ගමන් වාර ක්‍රියාත්මක කරවීමට මෙන්ම ශ්‍රී ලංකාවට අයත් ගුවන් කලාපය භාවිතා කිරීමට තවදුරටත් උනන්දු කරවන්නක් වන්නක් ද වෙයි.

ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල් හා ප්‍රධාන විධායක නිලධාරී පී. ඒ. ජයකාන්ත මහතා මෙම විගණනයේ ජාතික සම්බන්ධීකාරක ද ලෙස කටයුතු කල අතර ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා ආරක්ෂක විගණන පරික්ෂකවරයෙකු ලෙස වසර ගනනාවක් කටයුතු කරමින් එතුමන් ලත් පරිනත අත්දැකීම් ද මෙම ජයග්‍රහී පියවරට බෙහෙවින් ඉවහල් වූ බව ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය නිකුත් කල නිවේදනයේ සඳහන්.

ලංකාවට නැවත එන බතික් ✈️
26/05/2023

ලංකාවට නැවත එන බතික් ✈️

SriLankan Airport  welcomes the female athletes who are taking part in ‘Raid Amazones 2023 Sri Lanka’. Flight UL 564 fro...
13/04/2023

SriLankan Airport welcomes the female athletes who are taking part in ‘Raid Amazones 2023 Sri Lanka’. Flight UL 564 from Paris to Colombo, touched down in Sri Lanka this morning. Here are a few cherishable moments of the grand welcome the participants received at our homebase, Bandaranaike International Airport.

13/04/2023
මව්බ්මට කෙලවන්න ආසාවෙන් බලන් ඉන්න නව රැල්ල 🙈🙈ඩුබායි ගුවන්තොපොලෙ cctv දර්ශන
13/04/2023

මව්බ්මට කෙලවන්න ආසාවෙන් බලන් ඉන්න නව රැල්ල 🙈🙈
ඩුබායි ගුවන්තොපොලෙ cctv දර්ශන

It's great to see airlines resuming flight operations at BIA.Vistara is resuming operations between Colombo and Mumbai f...
13/03/2023

It's great to see airlines resuming flight operations at BIA.

Vistara is resuming operations between Colombo and Mumbai from today onwards.

The world's largest Airbus A-380 Emirates flight, flying from Auckland City, New Zealand, to Dubai, landed at the Bandar...
13/03/2023

The world's largest Airbus A-380 Emirates flight, flying from Auckland City, New Zealand, to Dubai, landed at the Bandaranaike International Airport (BIA) this morning for refueling.

With the post-pandemic growth of air travel, overflying movements of Sri Lanka have shown a 155% increase in 2022 compared to 2021.

මත්තල සහ කටුනායක ගුවන් තොටුපළවල් දෙකම සංචාරකයන්ගෙන් පිරී යයි..
13/03/2023

මත්තල සහ කටුනායක ගුවන් තොටුපළවල් දෙකම සංචාරකයන්ගෙන් පිරී යයි..

සංචාරක මගීන්ගෙන් උතුරා යන මත්තල ගුවන්තොට මේ මොහොතේ 🇱🇰 S**T හා Redwings අද දිනයේ මත්තලට මගින් 600ක් ගෙන එයිද්ද්අද උදැසන ක...
09/03/2023

සංචාරක මගීන්ගෙන් උතුරා යන මත්තල ගුවන්තොට මේ මොහොතේ 🇱🇰

S**T හා Redwings අද දිනයේ මත්තලට මගින් 600ක් ගෙන එයිද්ද්

අද උදැසන කසකස්ථානයේ සිට S**T ගුවන් යානයක් ගුවන් මගීන් 190ක් සමග මත්තල රාජපක්ෂ ගුවන් තොටුපලට පැමිණි අතර RedWings Airlines ගුවන් යානාව මොස්කව් සිට සංචාරකයන් 414 රැගෙන මත්තල රාජපක්ෂ ගුවන් තොටුපලට පැමිණ තිබෙනවා.

Welcome back Swiss International Air Lines to Sri Lanka…… 🇱🇰 ✈️🇨🇭
27/11/2022

Welcome back Swiss International Air Lines to Sri Lanka…… 🇱🇰 ✈️🇨🇭

We are delighted to welcome back Aeroflot Airlines at BIA.Aeroflot fly to BIA from Moscow with two weekly flights and yo...
12/10/2022

We are delighted to welcome back Aeroflot Airlines at BIA.
Aeroflot fly to BIA from Moscow with two weekly flights and you can book your tickets on www.aeroflot.ru/xx-en

Аэрофлот - Российские авиалинии

26/09/2022
🔴 ඇමැති ප්‍රසන්න රණතුංග  හිටියනම් මත්තල ,Srilankan රැකෙනවා. - ගුවන්තොටුපල සේවක එකමුතුව 🔴🔴 සිරිපල ඇමති විසින් රටට අහිමි ක...
19/08/2022

🔴 ඇමැති ප්‍රසන්න රණතුංග හිටියනම් මත්තල ,Srilankan රැකෙනවා. - ගුවන්තොටුපල සේවක එකමුතුව 🔴

🔴 සිරිපල ඇමති විසින් රටට අහිමි කරන අනාගත.
👉ගුවන්යානා නඩත්තු සේවා සපයන ආසියාවේ විශාලතම ගුවන් යානායානා වැඩපළ .
👉 ගුවන් සේවා සම්බන්ධ වෘත්තිකයන් පුහුණු කරන ජාත්‍යන්තර මට්ටමින් ගුවන් සේවා උසස් විද්‍යාලය.

ගුවන්තොටුපල සේවක එකමුතුව කියා සිටින්නේ අමාත්‍ය ප්‍රසන්න රණතුංග ගුවන් සේවා අමාත්‍ය ධූරය දරන කාල වකවානුවේදී කටුනායක නවතා දමා තිබූ නව ගුවන් සේවා පර්යන්තය ඉදිකිරීම ආරම්භ කළ අතර එය මෙරට ගුවන් සේවා කර්මාන්තයේ ප්‍රගමනයට අත්‍යවශ්‍ය ව්‍යාපෘතියක් බවයි.
ඔවුන් පවසන පරිදි අමාත්‍ය ප්‍රසන්න හා රණතුංග මහතා රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් මැදිහත් වී යුරෝපය සමග නව ගුවන් ගමන් ආරම්භ කළ අතර silankan හා ගුවන්තොටුපල ගුවන් සේවා සමාගමේ ලාභාංශ වැඩිකරමින් මෙරටට වැඩි ඩොලර් ප්‍රමාණයක් උපයා දීමට එහෙම කටයුතු ඉවහල් වූ බවද. එමගින් මෙරටට පැමිණෙන සංචාරකයන්ද විශාල වැඩිවීමත් සංඛ්‍යාලේඛන අනුව පෙන්නුම් කරන බවද ඔහුන් එහිදී සඳහන් කලහ.

මත්තල ගුවන්තොටුපල මෛත්‍රීපාල ජනාධිපති ගේ ධූර කාලයේ දී වී ගබඩාවක් බවට පත්ව තිබූ අතර එය කෙසේ සංවර්ධනය කර මෙරටට ලාභ ලබන ආයතනයක් බවට පත් කළ හැකි ද යන්න ගුවන්තොටුපළ හා ගුවන්සේවා සමාගමේ සෑම මට්ටමකම වෘත්තිකයන්ගෙන්, වෘත්තීය සමිතිවලින්, ගුවන් සේවා විශේෂඥයන්ගෙන් උපදෙස් ගෙන ඔවුන් සමග ඍජුව සාකච්ඡා කර ආයතනය ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමට දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මැතිතුමා විසින් ආරම්භ කළ බව ගුවන්තොටුපල සේවක එකමුතුව සඳහන් කරයි.

ඔවුන් පවසන පරිදි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් ගුවන්යානා නඩත්තු සේවා සපයන ආසියාවේ විශාලතම ගුවන් යානායානා වැඩපළ සහ ගුවන් සේවා සම්බන්ධ වෘත්තිකයන් පුහුණු කරන ජාත්‍යන්තර මට්ටමින් ගුවන් සේවා උසස් විද්‍යාලයක් මෙරට හා ජාත්‍යන්තර සිසුන්ට අධ්‍යාපනය ලැබීමට හැකි වෙන පරිදි ස්ථාපිත කිරීමට මත්තල ගුවන් තොටුපලේ වැඩ කටයුතු ආරම්භ කිරීමට අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් කටයුතු සිදුකල අතර මසකට මෙමගින් ගුවන් යානා පන්සියයක් පමණ නඩත්තු කිරීමේ හැකියාව ශ්‍රී ලංකා ගුවන් සේවා සමාගමට හැකිව තිබූ බව පවසීය. එය ආසියා කලාපීයේ ගුවන් සේවා නඩත්තු සඳහා ඇති ඉල්ලුමෙන් සියයට පහෙන් එකක පමණ ප්‍රමාණයකි.

වර්තමාන ගුවන් සේවා අමාත්‍යවරයා විසින් මේ රටට ඩොලර් ගෙනෙන රන් දොරටු වසා දමමින් සිටින බවක් ගුවන්තොටුපල සේවා එකමුතුව මෙහිදී සඳහන් කළ අතර.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට ගුවන් සේවා කර්මාන්තය නැවත භාරදී මෙම ව්‍යාපෘති සාර්ථක කර රටට ශක්තියක් වන ආයතන බවට මෙම ආයතන පත් කිරීමට වගකීම් භාර කරන ලෙස වර්තමාන රජයෙන් සහ ජනපතිගෙන් ගුවන්තොටුපල සේවක එකමුතුව විසින් ඉල්ලා සිටින බව ඔවුන් සදහන් කරයි.

🔴 මත්තල විකුණනවා..- නිමල් සිරිපාල 🔴මත්තල ගුවන්තොටුපල ප‍්‍රතිව්‍යුහගත කිරීමට සිදුවන බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය න...
19/08/2022

🔴 මත්තල විකුණනවා..- නිමල් සිරිපාල 🔴

මත්තල ගුවන්තොටුපල ප‍්‍රතිව්‍යුහගත කිරීමට සිදුවන බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කරයි.
ඒ අනුව එම ගුවන් තොටුපලේ යම් කොටස් ප්‍රමාණයක් විකිණීමට කටයුතු කරන බවද හෙතෙම පැවසීය.
එම ගුවන් තොටුපළ ඉදිකිරීමට ලබාගත් ඩොලර් මිලියන 100 ක ණය මුදල ද ගෙවිය යුතුව ඇති බවත් දැනට එම ගුවන්තොටුපළ මිලියන 100 ක පමණ පාඩුවක් ලබන බවත් ඔහු පෙන්වා දෙයි.

කටුනායක ගුවන් තොටුපලේ පැවැති උත්සව අවස්ථාවකදී අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.

”මත්තල ගුවන් තොටුපල දැනට මිලියන 100 ක් පමණ පාඩු ලබන ගුවන් තොටුපලක්. කොවිඩ් අර්බුදය සහ වෙනත් කාරණා මත එතන්ට ගුවන් යානා යන්නේ නැහැ. නමුත් අපට දෙවෙනි ගුවන් තොටුපලක් රටට අවශ්‍යයි. මොකද යම් ආකාරයකින් මේ ගුවන් තොටුපලේ යම් ප්‍රශ්නයක් ඇති වුණොත්, අපිට ආපහු ඉන්ියාවට ගුවන් යානා හරවන්න බැහැ. ඒ නිසා එක්තරා ආකාරයකින් මත්තල ගුවන් තොටුපල තියෙන්නේ අපේ තවත් ආරක්ෂිත ගුවන් තොටුපලක් හැටියට. එතකොට විනාඩි 20කින් විතර එතන්ට ගුවන් යානා යවන්න පුළුවන්. නමුත් එය ආදායම් උපදවන ගුවන් තොටුපලක් බවට පත්වෙන්න ඕනේ. ඒ නිසා අපි දැන් ඒ ස්ථානයේ ගුවන් යානා සඳහා වෙනත් විවිධ පහසුකම් ලබා දීම පිළිබඳ වැඩපිළිවෙලක් සකස් කරලා ඒ සඳහා අපි ලෝකයේ සෑම රටකම ගුවන් යානා සමාගම් සහ ව්‍යවසායකයින්ට යෝජනා ඉදිරිපත් කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. එය සාර්ථක වෙයි කියලා හිතනවා. ඒ වගේම ඒ ගුවන් තොටුපල ඩොලර් මිලියන 100ක පමණ ණයක් අරන් අපි හදලා තියෙන්නේ. ඒ ණය අපි ගෙවිය යුතුයි. ඒ නිසා අපි ඒ ගුවන් තොටුපලේ කාර්යයන් ප්‍රතිව්‍යූහගත කිරීමේ කාර්යභාරයක අපි යෙදෙන්නට ඕනේ. ඒ සඳහා අවශ්‍ය කටයුතු අපි ඉදිරියේ දී කරගෙන යනවා. මෙහි පළවෙනි පියවර ඒ ගුවන් තොටුපලට ආදායම් ලබා ගැනීම සඳහා අපි ගෙනයන වැඩපිළිවෙල අසාර්ථක වුණොත්. සමාගමේ යම් කොටස් ප්‍රමාණයක් විකුණනවා”

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Airport News Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share