08/08/2021
ඉදිරි දෙසතිය තීරණාත්මකයි - සෞඛ්‍ය නීති රකින්නැයි රජය යළි අවධාරණය කෙරේ.
වතින තත්වය හමුවේ ඉදිරි දෙසතිය තීරණාත්මක බැවින් නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් ක්‍රියා කළ යුතු බව රජය සහ සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
සතියක් තුළ කොරෝනා මරණ 576 ක් වාර්තාවී තිබෙනවා.
ඉන් වයස අවුරුදු 60ට වැඩි පිරිස 453 ක් වන අතර, අවුරුදු 30 ත් 59 ත් අතර පුද්ගලයින් 132 ක් ද මියගොස් තිබෙනවා.
30 ට අඩු මරණ වාර්තාවී ඇත්තේ 5 ක් පමණයි.
මේ අතර, රාගම ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ පවතින කොරෝනා මෘතදේහ කඩිනමින් ආදාහන කිරීමට රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසාගේ මැදිහත් වීමෙන් කටයුතු කර තිබෙනවා.
ඊයේ පැවති සාකච්ඡාවකදී ඔහු උපදෙස් ලබාදී ඇත්තේ මිය ගිය පුද්ගලයින්ගේ ඥාතීන් අපහසුතාවට පත් නොවන අයුරින් එම කටයුතු සිදුකරන ලෙසයි.
ඒ අනුව රාගම රෝහලේ මෘත ශරීරාගාරයේ පවතින මෘතදේහ 26ක් මහර, වත්තල, බියගම, ජාඇල, කටාන සහ මීගමුව යන පළාත් පාලන බල ප්‍රදේශවල පිහිටි ආදාහනාගාර වෙත යැවීමට පියවර ගැනුණා.
මේ අතර ඊයේ දිනයේදීත් මෙරටින් තවත් කොරෝනා ආසාදිතයන් 2,815 දෙනෙකු වාර්තාවූ අතර ඉන් වැඩිම ආසාදිතයන් පිරිසක් වාර්තාවූයේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.
එමෙන්ම ගාල්ලෙන් ආසාදිතයන් 413ක්, කළුතරින් 324 ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 243 ක් ඊයේ වාර්තා වී තිබෙනවා.
ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත ආසාදිත සංඛ්‍යාව 327,038 ක්.
මේ අතර, අවුරුදු 60ට වැඩි පුද්ගලයින් වැඩි වශයෙන් මිය යාම හේතුවෙන් එම වයස් කාණ්ඩයේ පසුවන්නන් වහාම එන්නත්කරණයට යොමුවන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ඉල්ලීමක් කළා.
ඒ අනුව එන්නත්කරණය සඳහා පැමිණීමට නොහැකි යම් අයෙක් වේ නම් ළඟම පිහිටි සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය දැනුවත් කිරීමෙන් අනතුරුව නිවසට ගෙන්වාගෙන එන්නත ලබාගත හැකි බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ.
අද අලුයම දිවයිනට රැගෙන ආ සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 1.86 කොළඹ මධ්‍යම එන්නත් ගබඩාවට අද පෙරවරුවේ රැගෙන එනු ලැබුවා.
ඒ අනුව මෙතෙක් මෙරටට ලැබී ඇති සමස්ත සයිනොෆාම් එන්නත් මාත්‍රා ගණන මිලියන 14.7 ක් දක්වා ඉහළ යන බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළේ.
මේ අතර ඊයේ දිනයේත් එන්නත්කරණ වැඩපිළිවෙල යටතේ ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 29,654කට ලබාදී ඇති අතර එහි දෙවන මාත්‍රාව පුද්ගලයින් 9570කට ලබාදී තිබෙනවා.
සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 63,461කටත් දෙවන මාත්‍රාව පුද්ගලයින් 69,730කටත් ලබාදී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ.
එසේම ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 2962කට සහ දෙවන මාත්‍රාව පුද්ගලයින් 58කට ලබාදී තිබෙනවා.
මොඩර්නා එන්නතේ පළමු මාත්‍රාව ද පුද්ගලයින් 19,115කට ලබාදී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ.
මේ අතර ඉදිරි දෙසතිය තීරණාත්මක විය හැකි බැවින් ඒ පිළිබඳව ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවටයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන කියා සිටියේ.
එමෙන්ම, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සදහන් කළේ පවතින කොවිඩ් ව්‍යාප්තියත් සමග ඉදිරි සතියේ සිට රටේ පවතින තත්ත්වය තීරණාත්මක විය හැකි බවයි.
ඒ අනුව හැකි තාක් නිවසට වී සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙසයි යුද හමුදාපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේ.