Apramado

Apramado Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Apramado, News & Media Website, .

20/11/2022
06/11/2022
රහතුන් වැඩි පිය සටහන………පරමේශ්වර කන්ද(පරමාකන්ද)…..ආණමඩුවේ මනරම් පුරාවිද්‍යා සොදුරැ මන් පියස…..පරමාකන්ද රජමහා විහාරය……New ...
16/08/2022

රහතුන් වැඩි පිය සටහන
………පරමේශ්වර කන්ද(පරමාකන්ද)…..

ආණමඩුවේ මනරම් පුරාවිද්‍යා සොදුරැ මන් පියස
…..පරමාකන්ද රජමහා විහාරය……

New Video
Poddaiya-පොඩ්ඩයියා
YouTube Channel

Spacial Thanx:
Crative Thmbnail -Isuru Dissanayaka
Video Shoot -Subhash Rajapakshe

රහතුන් වැඩි පිය සටහන පරමේශ්වර කන්ද | Traveling | Parameswara Kanda the footprint of many Arhats History -පරමේශවර කන්ද...............

https://www.youtube.com/watch?v=-B8PqwM4F6o&ab_channel=Mahamevnawa
03/02/2021

https://www.youtube.com/watch?v=-B8PqwM4F6o&ab_channel=Mahamevnawa

වැස්ස වහිනවා.. එතකොට වැස්ස ගලාගෙන යනවා ගල ගල කියන හඬින්උතුම් ධර්මදානය පිණිස මෙය ඔබගේ මිතුරන් අතරේ SHARE කරන්න. ඔබ වෙත .....

පින්වතුනේ, පින්වත් දරුවනේ, ඉස්සර ලංකාවේ මාවටු කියලා වරාය ආශ්‍රිත නගරයක් තිබුනා. ඒ නගරයේ නන්දිය නමින් ඉතා ධනවත් වෙළෙන්දෙක...
06/01/2021

පින්වතුනේ, පින්වත් දරුවනේ, ඉස්සර ලංකාවේ මාවටු කියලා වරාය ආශ්‍රිත නගරයක් තිබුනා. ඒ නගරයේ නන්දිය නමින් ඉතා ධනවත් වෙළෙන්දෙක් සිටියා. ඔහුට ඉතාමත් ම ලස්සන බිරිඳකුත් සිටියා. මේ දෙන්නා ඉතාම ශ්‍රද්ධාවෙන් තෙරුවන් සරණ ගිහින් හිටියේ. ඒ වගේ ම සීලවන්තයි. නිතර ධර්මය මෙනෙහි කරනවා. ඉතින් නන්දිය සිටුවරයා තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා තුන් අවුරුද්දකට පිටරට ගියා.
ඔය අතරේ මහරජ්ජුරුවෝ මාවටු වරාය නගරයට සිව නමැති ඇමතිවරයෙකු ප්‍රධානත්වයට පත් කළා. ඒ නගරයේ අයබදු ලබාගැනීමේ බලය ඔහුට පැවරුවා. තනතුරු සම්මාන දීලා පිටත් කෙරෙව්වා. එතකොට අලුත් අමාත්‍යවරයා ගැන ඒ ප්‍රදේශවාසීන්ට අණබෙර මාර්ගයෙන් දැනගන්ට ලැබුනා. එතකොට ඔවුන් සිව ඇමතියාව පිළිගැනීම පිණිස තැනින් තැන තොරණ් බැන්දා. පිළිගැනීමේ උත්සව පැවැත්තුවා. කුඩා ළමුන් ලවා ගී සින්දු කියෙව්වා.

දවසක් මේ අලුත් ඇමතිතුමා ඉතා ලස්සනට සැරසිලා අලංකාර අශ්ව රථයක නැගිලා ජනයා පිරිවරාගෙන මහා සම්භාවනීය විදිහට වීදි සංචාරය කරමින් සිටියා. එසේ වීදි සංචාරය කරද්දි නන්දිය සිටුවරයාගේ අලංකාර ප්‍රාසාදය අසලටත් පැමිණියා. ඒ ප්‍රාසාදය දෙස බලද්දි උඩුමහල් තලයේ සිට පෙරහැර දෙස සිනහසෙමින් බලා සිටින මනමෝහනීය සුරූපී ළඳක් දකින්ට ලැබුනා. ඒ සුරූපී කාන්තා රුව දුටු පමණින් ම සිව ඇමතියා ඇයට වසඟ වුනා. ඒ ස්ත්‍රී රුවට මත් වෙලා ගියා. සුරාපානය කළ කෙනෙකු ලෙසින් කල්පනාව අවුල් වුනා. හදවත ගැහෙන්ට පටන් ගත්තා. වීදි සංචාරයේ තවදුරටත් යෙදෙන්ට ආසාව නැති වුනා. තමන්ගේ ප්‍රාසාදයට ගිය ගමන් සේවකයන් කැඳවා තොරතුරු ඇසුවා.

“සගයිනි, අසවල් ප්‍රාසාදයේ උඩුමහලේ සිට අප දෙස බලා උන්නු කෙල්ල කවුද…? ඈ දෙවඟනක් වගේ නොවැ. හැබෑම ලස්සනක්නේ. මං නම් එතරම් ලස්සන එකියක් දැක්කා ම යි. හැබෑටම කවුද ඒකි..? කාගේ දියණියක් ද?”

“ඇමතිතුමනි, ඈ කෙල්ලක් නොවේ. විවාහක පතිනියක්. නන්දිය කියලා බොහෝම ධනවත් සිටාණ කෙනෙක් මෙහි ඉන්නවා නොවැ. ආන්න ඒ සිටුවරයාගේ බිරිඳ තමයි ඈ. ඈ නම් හැබෑම ලස්සන තමයි. ඒ වුනාට විවාහක කෙනෙක් නොවැ”

“එතකොට සගයිනි, දැන් ඒ නන්දිය ඉන්නේ කොහේද? මාගේ පිළිගැනීම් උත්සව වලට ඔහු සහභාගී වුනේ නෑ නේද?”

“නෑ සිටුතුමනි, මේ දවස්වල ඔහු මේ රටේ නැහැ. වෙළඳාම් කරන්ට තව පිරිසක් එක්ක නැව් නැගලා පිටරට ගියා. තුන් අවුරුද්දකින්ලු එන්නේ” එතකොට සිව ඇමතියා කල්පනාවට වැටුනා. ‘ම්… ඒකට මක් වෙනවද? සැමියා පිටරටක ගිහින්. ඇරත් මං මේ ප්‍රදේශයට පත්වුන ප්‍රධානියා. ධනය ඉදිරියේ වෙනස් නොවෙන ගෑණි කවුද?’ ඊටපස්සේ සිව ඇමතියා දාසියෙකුට රන් කහවණු දහසක් දුන්නා. ඒ බිරිඳට ගිහින් තෑගි කරන්ට කිව්වා. තමන්ගේ යෝජනාවත් ඉදිරිපත් කරන්ට කිව්වා. දාසිය රන් කහවණු පෙන්නලා ඈ සමග කථා කරන්ට පටන් ගත්තා.

“ආර්යාවෙනි…. මුහුණ වුනත් ලස්සන වෙන්නේ නේත්තරා දෙක ලස්සනට තිබ්බෝතින් නොවැ. පුරුෂයෙකු නැතුව තනියම ඉන්න ස්ත්‍රිය තනි ඇසක් ඇති මුහුණ තියෙන ගැහැණිය වගේ. කිසිම ලස්සනක් නෑ. හස්තිරාජයා මොනතරම් උස මහතට හිටියත් තනි දලයෙන් යුක්ත නම් කිසිම ලස්සනක් නෑ. ඒ වගේ ම ආර්යාවෙනි, ස්ත්‍රිය මොනතරම් රූප සෝභාවෙන් සුන්දරව සිටියත් පුරුෂයෙක් නැත්නම් ඒ ලස්සනින් ඇති ඵලය මොකක්ද…? ඒ නිසා අපේ ඇමතිතුමාගේ යෝජනාව ගැන සලකා බලන්ට”

“අනේ කෙල්ලේ…. අපේ ඇමතිතුමා බුදුබණ අහලා නැතුවා වගේ. ධර්මයේ සඳහන් වෙන්නේ සම්පූර්ණ ඇත්තක් ම යි. මේ ශරීරය පිටතින් හැඩට පෙනුනාට අසූචි පුරවලා පින්තාරු කරපු බඳුනක් වගේ. අපි හැමෝම පණුවෝ වගේ මව්කුසේ උපන්නේ. මේ ජීවිතේ මුතු මැණික් වලින් හැදිලා තියෙන එකක් නොවෙයි. මට නම් එබඳු ආසාවල් නෑ. මට සැමියෙක් ඉන්නවා. ඒ හොඳටෝ ම ඇති කියලා ඇමතිතුමාට කියාපං”

එතකොට දාසිය ගිහින් සිව ඇමතියාට විස්තරේ කිව්වා. ඇමතිතුමා මෙහෙම කල්පනා කළා. ‘වෙන්ට බැහැ…. කොහෙත්ම වෙන්ට බැහැ…. දිව්‍ය අප්සරාවක් වගේ ලස්සන එකියක් බණ මඩුවක ලැගලා ඉන්න නාකි ආච්චියක් වගේ කල්පනා කරාවිද? කොහෙත්ම වෙන්ට බැහැ. එතකොට එදා ඇස් කොනින් බල බලා යස රඟට මාත් එක්ක ලස්සනට හිනාවුනේ…! ඈ තව එකියකට මුවා වෙලා ඇඹරි ඇඹරි මං දිහා බැලුවේ එහෙනම්…! මගේ උත්සාහය අතාරින්ට නාකයි…. මං ඈව අරගෙන මිසක් නවතින්නේ නෑ’ කියලා ඒ වතාවෙත් දාසියට රන් කහවණු දෙදහසක් දීලා ආයෙමත් පිටත් කෙරෙව්වා. දාසියත් ආයෙමත් ගිහින් නොයෙක් කරුණු කියමින් සිටුවරයාගේ යෝජනාව ඉදිරිපත් කළා.

“අහෝ…. නැගණිය… ඇමතිතුමාට තාමත් තේරෙන්නෙ නැද්ද…? අනේ මං ඇත්ත කිව්වේ. මේ ශරීරයේ ඇලුම් කරන්ට කිසිම දෙයක් නෑ. මේ නීරෝගීකම තියෙන්නේ ලෙඩදුක් හැදෙනකම් විතරයි. යෞවන බව තියෙන්නේ නාකිවෙනකම් විතරයි. ජීවිතය තියෙන්නේ මැරෙනකම් විතරයි. හතර වටින් පර්වත පෙරළීගෙන එන්නැහේ ජරාමරණ හැම පැත්තෙන් ම පෙරළීගෙන එනවා. උපන් කෙනා එයට යට වෙන එක වළක්වන්ට බැහැ…. මං මෙහෙම හිටියට කොයි වෙලාවේ මැරේවිදැයි කවුද දන්නේ… අනේ කෙල්ලේ, අපේ ඇමතිතුමාට තරහ වෙන්ට එපා කියන්ට. මං ඕවට කැමති නෑ කියන්ට. මගේ පාඩුවේ පින් දහම් කරගෙන ඉන්ටයි මං ආසා”

එතකොට දාසිය ගිහින් ඒක දැනුම් දුන්නා. “ඕ හෝ… එහෙනම් ඈ හරි අපූරු බණකාරියක් ඒ…? කෙල්ලේ, බණ අහන්ට ඕනෑ නම් මට ඒකට වෙන තැන් තියෙනවා. මං ඒකි ළඟට යන්න ඇහුවේ බණක් අහගන්ට නොවෙයි…. ඉඳා… මෙතන රන් කහවණු හාරදහසක් තියෙනවා…. දැන්වත් කැමැත්ත ඇන්න වර…. මට මේකිව දැකපු දවසේ ඉඳන් හරි හමන් නින්දක් නෑ. කෑමක් බීමක්වත් නෑ”

එතකොට දාසිය ආයෙමත් සිටු බිරිඳ මුණගැසී ඇමතියාගේ පණිවිඩය කිව්වා. “අයියෝ… නැගණිය, අපේ අලුත් ඇමතිතුමාට මොනාද මේ වෙලා තියෙන්නේ….? අනේ අපට නිදහසේ ඉන්ට දෙන්නේ නැත්තේ ඇයි…? සුළුපටු පවක්ද මේ කරගන්ට හදන්නේ…. ඇමතිතුමාටත් හොඳ නෑ. මටත් හොඳ නෑ. මං සැමියෙක් ඉන්න බිරිඳක්. මට මහා නින්දාවක් ලැබේවි. මේ ලෝකයේ බිරිඳක් තම සැමියා ඉක්ම ගියොත් ඒක මහ පවක්. ඒ වගේ ම සැමියෙක් සිය බිරිඳ ඉක්ම ගියොත් ඒකත් මහ පවක්. නින්දාව මෙලොවට විතරක්ද? පරලොව නිරයේ උපදින්ට වෙනවා නොවැ. මහා දුක් විඳින්ට සිදුවෙනවා නොවැ. ඇයි මේ ඇමතිවරු බුදුබණට ගරු නොකරන්නේ…? එනිසා කෙල්ලේ, ඇමතිතුමාට කියන්ට. ඕනෑම නම් මිරිඟු දිය ගෙනැවිත් කළයක පුරවාගෙන බොන්ට කියලා. මාත් එක්ක ගණුදෙනු වලට එන්ට එපා කියන්ට. ඕනෑම නම් පායන කාලේ ආකාසේ වළාකුළකින් පහන් වැටියක් අඹරාගෙන ගෙදර පහන් දල්වා ගන්ට කියන්ට. මාත් එක්ක ගණුදෙනු කරන්ට එපා කියන්ට. මට වෙන පිරිමියෙකුගේ අවශ්‍යතාවයක් නෑ. ඔවැනි නපුරු අදහස් ඇති කෙනෙක් මේ ගෙදර පැත්ත පළාතේ වද්දාගන්නේ නැති බව කියන්ට” දාසිය ගිහින් ඇමතිතුමාට සියලු විස්තර කිව්වා. රාග ගින්නෙන් දැවෙමින් සිටි ඇමතිවරයා ද්වේශයෙනුත් ගිනි ගත්තා. “ආ…. ඒකි කොහොමද එහෙම කියන්නේ…. හොඳයි…. මං එහෙනම් ඒකිව කණවැන්දුම් කරලාම සහේට ගන්නම්කෝ” කියලා ඉතාම රහසේ යකැදුරුකම් කරන කට්ටඩියන්ව කැඳෙව්වා.

“මේ…. වෙද උන්නැහේලා දක්ෂ මන්තරකාරයෝ නොවැ. පිටරටක ඉන්නා එකෙක්ව මන්තර බලයෙන් මරවන්ට පුළුවන් කෙනෙක් මෙතන ඉන්නවාද? මං කියන ගාණක් ගෙවන්ට ලේස්තියි” එතකොට එතන සිටිය එක් යකැදුරෙක් වැඬේ භාරගත්තා. “මේ… ඇමතිතුමනි…. ඕක සුළුපටු වැඩක් නොවෙයි. මහා භාරදූර වැඩක්. මහරෑ ජාමේ අමු සොහොනකයි වැඬේ කරන්ට ඕනෑ. අලුත්ම මළ මිනියකුත් ගන්ට ඕනෑ. රෑ දොළහ වෙද්දි ඒ මළ මිනියට යක්ෂ දිෂ්ටියක් ආවේශ කරවන්ටත් ඕනෑ. ලේසි වැඩක් නම් නෙවෙයි” “හරි… හරී…. කොහොමහරි කරනවාකෝ…. ඉතුරු වැඩ මං බලාගන්නම්” ඊටපස්සේ සිව ඇමතියා රහසේ ම මාවටුවේ සොහොන් බිමදි වැඬේ සූදානම් කළා. යකැදුරා සියලු බලිබිලි පුදපූජා තබලා තටුපුළුටු තබලා මන්තර ජප කරන්ට පටන් ගත්තා. හරියට ම රෑ දොළහට මළ මිනියට අමනුස්සයෙක් ආවේශ වුනා. මළ මිනියේ ඇස් දෙක ඉදිරියට නෙරා ආවා. දත් විලිස්සුනා. දිව එළියට නෙරා ආවා. හූ කියාගෙන නැගිට්ටා. “හහ්… හා… තොපි මාව ගෙන්නුවේ මොකොටද?” එතකොට යකැදුරා මෙහෙම කිව්වා. “එම්බල යක්ෂය, මේන්න මේ කඩුව ගනින්. ලෝකෙ කොහේ හිටියත් නන්දිය සිටුවරයා හොයාගෙන පලයං. ගිහින් දෙපලු කරපං” යක්ෂයා කඩුව අතට ගත්තා. එකෙණෙහිම මහා ඝනාන්ධකාරයේ ම හූ කියාගෙන පිටත් වුනා.

නන්දිය සිටුවරයා නැගුනු නැව ලංකාව බලා යාත්‍රා කරමින් තිබුනා. ඒ වෙලාවේ නන්දිය සිටුවරයා සිටියේ මෛත්‍රී භාවනාව කරමිනුයි. මුහුදු රළ මතින් කඩුවක් අමෝරාගත් යක්ෂයෙක් නැව දෙසට එන අයුරු හැමෝට ම පෙනුනා. භයට පත්වූ මිනිස්සු මරළතෝනි දුන්නා. නන්දිය සිටුවරයා හැමෝටම කෑගහලා මෙහෙම කිව්වා. “පින්වත්නි, අපට වෙන පිහිටක් නෑ. එකම පිළිසරණ බුදුරජාණන් වහන්සේ පමණයි. ඉක්මනින් ම හඬ නගා බුදුන් සරණ යමු” කිව්වා. එතකොට සියලු ජනයා එක්පැහැර හඬින් “බුද්ධං සරණං ගච්ඡාමි” කියලා ඉතිපි සෝ භගවා යනාදී බුදුගුණ මහා හඬින් කියන්ට පටන් ගත්තා. ඒ සරණ සීලයේ අනුහසින් යකාට නැවට ගොඩවෙන්ට බැරිවුනා. ආපස්සට හැරී යකැදුරා ළඟට දිව්වා. කඩුව අතහැරලා මළ මිනිය බිම වැටුනා. යකැදුරා ආයෙමත් මළ මිනිය දිෂ්ටි ගැන්නුවා. යක්ෂයා ආයෙමත් ආවේශ වුනා. කඩුව අතට දීලා ආයෙමත් පිටත් කළා. යකා විදුලි වේගයෙන් දිව්වා. නමුත් මනාකොට තිසරණයේ පිහිටා බුදුගුණ කියමින් සිටින පිරිස ළඟට ළං වෙන්ට බැරුව ගියා. යකා ආයෙමත් හැරිලා යකැදුරා ගාවට දිව්වා. යකැදුරාත් අත්හැරියේ නෑ. තුන්වෙනි වතාවෙත් පිටත් කළා. නමුත් නැවට ගොඩවෙන්ට විදිහක් නෑ. යකා ආයෙමත් හැරිලා ආවා. එතකොට යකැදුරා සතරවෙනි වතාවටත් ජප කරලා යක්ෂයාව පිටත් කළා. යකා ගිහින් නැව වටේ කැරකෙනවා. නන්දිය සිටුවරයා ළඟට ළං වෙන්ට බැහැ. ඒ වතාවේ යක්ෂයාට කේන්ති ගියා. වේගයෙන් හැරිලා ආවා. යකැදුරාවයි සිව ඇමතියාවයි කඩුවෙන් දෙපලු කළා. මළ මිනිය එතැනම වැටෙන්ට සලස්වලා පළා ගියා.

පින්වතුනේ, පින්වත් දරුවනේ, සරණ කියන්නේ හැබෑම රැකවරණයක්. ගින්නට ළං නොවන මැස්සන් වගේ හොඳින් තිසරණයෙන් රැකවරණය තිබෙන කිසි කෙනෙක් ළ ඟට අනතුරු ළං වෙන්නේ නෑ. නන්දිය උපාසක බේරුනේම තිසරණ ආනුභාවයෙන් ම යි. නන්දිය සිටුවරයා ඉතා සුවසේ ගෙදර පැමිණියා. බිරිඳ තමන්ට සිදු වූ සියලු බලපෑම් ගැන විස්තර කළා. ඔවුන් සුවසේ පින් දහම් කරගෙන සිල් ගුණදම් රැකගෙන මිනිස් ලොවින් සමුගෙන දෙවියන් අතර උපන්නා. තිසරණයෙන් ලැබෙන රැකවරණය ඉතා පුදුම සහගතයි නේද?

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ
(සද්ධර්මාලංකාරය ඇසුරිනි)

යෝ වේ උප්පතිතං කෝධංරථං භන්තං’ව ධාරයේතමහං සාරථිං බ්‍රෑමිරස්මිග්ගාහෝ ඉතරෝ ජනෝයමෙක් තමන් තුළ හටගත් ක්‍රෝධය නැති කරලා දැම්මො...
30/12/2020

යෝ වේ උප්පතිතං කෝධං
රථං භන්තං’ව ධාරයේ
තමහං සාරථිං බ්‍රෑමි
රස්මිග්ගාහෝ ඉතරෝ ජනෝ

යමෙක් තමන් තුළ හටගත් ක්‍රෝධය නැති කරලා දැම්මොත්, ඔහු වේගයෙන් ගමන් කරන රථයක් පාලනය කරලා, නියම පාරට දාගත්තා වගේ. ඔහුට තමයි මං නියම රියදුරා කියන්නෙ. අනිත් උදවිය නිකං රැහැන්පට අල්ලගෙන ඉන්නවා විතරයි.

(අග්ගාලව චේතියේදී එක්තරා භික්ෂුවක් අරභයා වදාළ ගාථාවකි.)

ඵන්දනං චපලං චිත්තංදුරක්ඛං දුන්නිවාරයංඋජුං කරෝති මේධාවීඋසුකාරෝ’ව තේජනංහිත කියලා කියන්නේ අරමුණක් පාසා සැලෙන දෙයක්. චපල දෙය...
26/12/2020

ඵන්දනං චපලං චිත්තං
දුරක්ඛං දුන්නිවාරයං
උජුං කරෝති මේධාවී
උසුකාරෝ’ව තේජනං

හිත කියලා කියන්නේ අරමුණක් පාසා සැලෙන දෙයක්. චපල දෙයක්. රැකගන්නට අමාරු දෙයක්. වරදින් වළක්වන්ටත් අමාරු දෙයක්. නමුත් බුද්ධිමත් කෙනා (ධර්මයේ පිහිටලා) එබඳු සිත පවා ඍජු කරගන්නවා. ඇද කුද හැරලා ඊ දණ්ඩක් ඍජු කරන හී වඩුවෙක් වගේ.

වාරිජෝ’ව ථලේ ඛිත්තෝ
ඕකමෝකත උබ්භතෝ
පරිඵන්දති’දං චිත්තං
මාරධෙය්‍යං පහාතවේ

වතුරෙන් ගොඩට ගත්තු මාළුවෙක් දඟලනවා වගේ මේ හිත අරමුණෙන් අරමුණට දඟල දඟල තියෙන්නේ. එබඳු සැලෙන සිතකින් යුක්ත නිසා, සකස් වෙලා තියෙන මේ මාර උගුල දුරුකරන්ට ම යි ඕනෙ.

(වාලිකා පර්වතයේදී මේඝීය තෙරුන් අරභයා වදාළ ගාථාවන්ය.)

මරණේ මේ භයං නත්ථි නිකන්ති නත්ථි ජීවිතේසන්දේහං නික්ඛිපිස්සාමි සම්පජානෝ පතිස්සතෝ’ති.ඉත්ථං සුදං ආයස්මා අජිතෝ ථේරෝ ගාථං අභාස...
22/12/2020

මරණේ මේ භයං නත්ථි නිකන්ති නත්ථි ජීවිතේ
සන්දේහං නික්ඛිපිස්සාමි සම්පජානෝ පතිස්සතෝ’ති.
ඉත්ථං සුදං ආයස්මා අජිතෝ ථේරෝ ගාථං අභාසිත්ථා’ති.

මට නම් මරණය ගැන කිසිම බියක් නෑ. ජීවත් වීම ගැන අමුතු ආශාවකුත් නෑ. ඉතා හොඳින් සිහියත් නුවණත් පිහිටුවා ගෙන ම යි මේ ශරීරය අත්හැර දමන්නේ.

මෙය වනාහී ආයුෂ්මත් අජිත නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.

🌸 විමානවත්ථු 🌸පළවෙනි පීඨ විමානය  01. පින්වත් දෙව්දුව, ඔබ පැළඳගෙන ඉන්න ඔය දිව්‍ය සළුපිළි, දිව්‍ය මල්මාලා හරිම ලස්සනයි. ඔබ...
09/09/2020

🌸 විමානවත්ථු 🌸
පළවෙනි පීඨ විමානය

01. පින්වත් දෙව්දුව, ඔබ පැළඳගෙන ඉන්න ඔය දිව්‍ය සළුපිළි, දිව්‍ය මල්මාලා හරිම ලස්සනයි. ඔබ ඔය වාඩි වී ඉන්න ආසනයත් හරිම උදාරයි. රත්තරනින් කළ එකක්. ඔබ කැමැති දිශාවටයි මේ ආසනය සිතේ වේගයෙන් ගමන් කරන්නේ. එතකොට ඔබ බබලනවා. වළාකුළු ඇතුළෙන් දිලිසෙන විදුලිය වගේ.

02. ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුනේ කොහොමද? මොන වගේ පිනකින්ද ඔබට මේවා ලැබුනේ? සිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ලැබුනේ මොන වගේ පිනකින්ද?

03. මහානුභාව ඇති පින්වත් දෙව්දුව, මිනිස් ලෝකෙ ඉන්න කාලෙදී මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබලි බැබලී ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා.

04. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්න ඇහුවේ. ඒ ගැන ඒ දෙව්දුව ගොඩාක් සතුටු වුනා. මොන වගේ පින්කම්වලින්ද මේ සැප ලැබුණේ කියන ප්‍රශ්නයට ඇය මෙහෙමයි පිළිතුරු දුන්නේ.

05. (පින්වත් ස්වාමීන් වහන්ස,) මං ඒ කාලෙ මිනිස් ලෝකෙ හිටියේ. එදා ආගන්තුක ස්වාමීන් වහන්සේ නමක් වැඩම කළා. මං උන්වහන්සේට වැඩසිටින්න ආසනයක් පිළියෙල කළා. වන්දනා කළා. නමස්කාර කළා. මට පුළුවන් හැටියට දානයත් පූජා කරගත්තා.

06. ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුනේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුනේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුනේ ඒ නිසාමයි.

07. මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්ස, මිනිස් ලෝකෙදී ඔය පින තමයි මං කරගත්තේ. ආනුභාව සම්පන්නව බැබලි බැබලී ඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබලනවා.

පළවෙනි පීඨ විමානයයි.

සාදු! සාදු!! සාදු!!!

අප්පම්පි චේ සහිතං භාසමානෝධම්මස්ස හෝති අනුධම්මචාරීරාගඤ්ච දෝසඤ්ච පහාය මෝහංසම්මප්පජානෝ සුවිමුත්තචිත්තෝඅනුපාදියානෝ ඉධ වා හුර...
19/07/2020

අප්පම්පි චේ සහිතං භාසමානෝ
ධම්මස්ස හෝති අනුධම්මචාරී
රාගඤ්ච දෝසඤ්ච පහාය මෝහං
සම්මප්පජානෝ සුවිමුත්තචිත්තෝ
අනුපාදියානෝ ඉධ වා හුරං වා
ස භාගවා සාමඤ්ඤස්ස හෝති

ධර්මයේ හැසිරෙන පුද්ගලයා ධර්ම දේශනා කරන්නේ ටිකක් වෙන්න පුළුවනි. නමුත් ඔහු ඒ ධර්මයේ පිහිටලා රාග, ද්වේෂ, මෝහ දුරුකරනවා. ධර්මාවබෝධය තුළින් දුකෙන් නිදහස් වෙච්ච සිතක් ඇති කර ගන්නවා. මෙලොව, පරලොව කිසි දේකට ඔහු බැඳෙන්නෙ නෑ. තමන්ගේ ශ්‍රමණ ජීවිතෙන් උතුම් මග ඵල ලබාගැනීමේ හිමිකාරයා වෙන්නෙ අන්න ඒ භික්ෂුව තමයි.

(ජේතවනාරාමයේදී යහළු තෙරුන් දෙනමක් අරභයා වදාළ ගාථාවන්ය.)

ධාතු මනසිකාර භාවනාව වඩන හැටිදැන් ඔබ බුදුරජාණන් වහන්සේ වදාළ සතිපට්ඨාන භාවනාව ගැන සෑහෙන්න ඉගෙන ගනිමින් සිටිනවා. දැන් ඔබ මේ...
15/07/2020

ධාතු මනසිකාර භාවනාව වඩන හැටි

දැන් ඔබ බුදුරජාණන් වහන්සේ වදාළ සතිපට්ඨාන භාවනාව ගැන සෑහෙන්න ඉගෙන ගනිමින් සිටිනවා. දැන් ඔබ මේ වෙන කොට භාවනා ක‍්‍රම කීපයක් ඉගෙන ගෙන තියෙනවා. ඒ තමයි ආනාපානසති භාවනාව කරන හැටි. සක්මන් භාවනාව කරන හැටි. ඒ වගේම සති සම්පජඤ්ඤ භාවනාව කරන හැටි. අසුභ භාවනාව කරන හැටි දැන් ඔබ ඉගෙන ගෙන තියෙනවා. ඒ වගේම සතිපට්ඨානය තුළ තවත් භාවනාවක් තියෙනවා. ඒ භාවනාවට බුදුරජාණන් වහන්සේ වදාළේ ධාතු මනසිකාර භාවනාව කියල.

ආනාපානසතිය පුරුදු කරන්න අපහසු නම්…

ආනාපානසති භාවනාව වගේ එකක් ප‍්‍රගුණ වෙන්නෙ නැති කෙනෙකුට ධාතු මනසිකාරය හොඳ භාවනාවක්. ඒ වගේම අසුභ භාවනාවත් හොඳයි. මෛත‍්‍රී භාවනාව වගේ ඒවා ඔබ කොහොමත් පුරුදු කරල තිබිය යුතුයි.

දවසක් පුංචි රාහුල ස්වාමීන් වහන්සේට සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාළා ”රාහුලය, ආනාපානසති භාවනාව වඩන්න” කියල. එතකොට රාහුල ස්වාමීන් වහන්සේ ආනාපානසතිය දන්නෙ නෑ. ඉතින් රාහුල ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් වන්දනා කරල බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා,”ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ආනාපානසතිය වඩන්නෙ කොහොමද?” කියල. අන්න ඒ මොහොතේ බුදුරජාණන් වහන්සේ වදාළේ ආනාපානසතියට ඉස්සර වෙලා ධාතු මනසිකාරය.

ධාතු මනසිකාරය කියන්නෙ මේකටයි…

ධාතුමනසිකාරය කියල කියන්නේ ජීවිතය බොහොම වේගයෙන් අවබෝධයක් කරා ගෙනියන භාවනාවක්. ‘ධාතු’ කියල කියන්නේ ස්වභාවයට. ධාතු මනසිකාරය කියල කියන්නේ, ‘පඨවි’ ධාතුව, ‘ආපෝ’ ධාතුව, ‘වායෝ’ ධාතුව, ‘තේජෝ’ ධාතුව කියන මේ සතර මහා ධාතූන් පිළිබඳව නුවණින් විමසීම. පඨවි ධාතුව ගැන බුදුරජාණන් වහන්සේ වදාළේ පොළොව වගේ වඩන්න කියල. පොළොව හා සමකොට පඨවි ධාතුව දකින්න කිව්වා. එතකොට අපි තේරුම් ගන්න ඕනෙ මේ බාහිර ලෝකයේ තියෙන ධාතු කොටස් බැලීම නෙවෙයි මේ කියන්නේ, ශරීරය ගැන බලන්න කියල. ඉතින් ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළා, ආපෝ ධාතුව ජලය හා සමාන කරල දකින්න කියලා. තේජෝ ධාතුව දකින්න කිව්ව ගින්දර හා සමාන කරලා. වායෝ ධාතුව දකින්න කිව්ව සුළඟ හා සමාන කරල. මේ සෑම දේකින්ම බුදුරජාණන් වහන්සේ අපේක්ෂා කළේ ජීවිතාවබෝධයක් ලබාදීම මිසක් ඔබව රැවටීම හෝ ඔබව තාවකාලික සුන්දරත්වයක් තුළ මංමුලා කිරීම හෝ නොවෙයි. ජීවිතය අවබෝධය කරා රැගෙන යාම ම යි.

හරකද? මස්ද?

මේ නිසා ධාතුමනසිකාරයේදී බුදුරජාණන් වහන්සේ වදාළා උපමාවකුත්. ඔන්න හරක් මරණ මනුස්සයෙක් ඉන්නවා. මේ හරක් මරණ මනුස්සයා හරකෙක් මරල, මේ හරකාගේ මස් ටික වෙන් කරල, හතරමං හන්දියක විකුණන්න තියාගෙන ඉන්නවා. එතකොට ඒ හරක් මස් විකුණන පුද්ගලයා තුළ හරකා විකුණනවා කියන අදහසක් නෑ. එතකොට මස් ගන්න මිනිස්සු යනවා. ඒ මිනිස්සු තුළ නෑ, හරකා ගන්නවා කියන අදහසක්. එතකොට හරකා කියන සම්මුතිය ඉක්මවා ගිහිල්ල, වෙන ව්‍යවහාරයකට ඇවිල්ල මස් කියල. මෙන්න මේ වගේ කියනවා ධාතු මනසිකාරය වඩන්නට ඕන. ඒකට පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන ධාතු හතර ගැන තේරෙන විදිහකට තේරුම් ගන්න ඕන.
පොළොවට පස්වෙලා යන ස්වභාවයට අයිති දේ පඨවි ධාතුවයි. වැගිරී යන ස්වභාවයට අයිති දේ ආපෝ ධාතුවයි. උණුසුම් ස්වභාවයට අයිති දේ තේජෝ ධාතුවයි. හමා යන සුළඟට අයිති දේ වායෝ ධාතුවයි. මෙන්න මේ පස්වෙලා යන ස්වභාවයට අයිති දේ ඔබ තුළ තියෙනවා. වැගිරිලා යන ස්වභාවයට අයිති දේත් ඔබ තුළ තියෙනවා. උණුසුම් ස්වභාවයට අයිති දේත් ඔබ තුළ තියෙනවා. හමා යන සුළඟට අයිති දේත් ඔබතුළ තියෙනව. මෙන්න මේවා අර හරක් මරණ මනුස්සයා හරකා මරල, මස් ටික වෙන්කරල තැබුවා වගේ ඔබ මේවා වෙන් වෙන් වශයෙන් බලන්න කියල බුදුරජාණන් වහන්සේ වදාළා.

පොළොවට පස් වෙලා යන දේ…

පස් වෙලා යන කොටස් මේවා. දිය වෙලා යන කොටස් මේවා. උණුසුම් කොටස් මේවා. ඒ වගේම හුළෙඟ් හමාගෙන යන කොටස් මේවා කියල වෙන් වෙන් වශයෙන් බලන්න කිව්වා. එතකොට ඔබ මෙන්න මේ විදිහටයි මේක බලන්නෙ. බුදුරජාණන් වහන්සේ වදාළා ඔන්න තැන්පත් වෙලා, හුදෙකලා වෙලා, ඔන්න පස්වෙලා යන කොටස් ටික වෙන් කරගන්නවා. මේ ශරීරයේ තියෙනවා පඨවි ධාතුව. මොනවද මේ ශරීරයේ තියෙන පඨවි ධාතුව? මොනවද පස්වෙලා යන දේ?

ලස්සනට තිබුණු කොණ්ඩෙට මොකද වුණේ…

බුදුරජාණන් වහන්සේ වදාළා කෙස් පස් වෙලා යන දෙයක්. දැන් ඔබට පුළුවන් කෙස් දිහා හොඳට සිහිය පිහිටුවාගෙන බලන්න. මේ කෙස්වල අවසාන දේ පස්වෙලා යනවා. දැන් ඔබ මොහොතක් හිතන්න, දැන් ඔබට කොණ්ඩෙ තියෙනවා. දැන් ඔබ කොණ්ඩෙ කපනවා. මේ කපපු කොණ්ඩෙ දැන් කෝ? මේ වෙන කොට පස්වෙලා ගිහිල්ල. ඔබ ජීවත් වෙලා ඉන්දැද්දිම ඔබේ ජීවිතයේ කොටසක් පස් වෙලා යනවා. අන්න කෙස් බලන්න කිව්ව පස් වෙලා යන දෙයක් හැටියට. ඊළඟට නියපොතු පස් වෙලා යන දෙයක් විදිහට බලන්න කිව්ව. දැන් ඔබ නියපොතු කපල තියෙනවා. කැපුව නියපොතු කෝ? දැන් ඒව මහපොළොවට එකතු වෙලා ඉවරයි. අන්න නියපොතු බලන්න කිව්ව පස් වෙලා යන දෙයක් විදිහට.

මුතු ඇට වන් දත් දෙපළක්….

ඊළඟට දත්. සමහර විට මේක කියවන ඔබේ කටේ එක දතක් වත් නැතිවෙන්න ඇති. ඒ දත් ඔක්කොම සමහර විට මේ වෙන කොටත් පස් වෙලා ගිහිල්ල ඇති. අන්න දත් පස්වෙලා යන දෙයක් හැටියට බලන්න කිව්ව. කෙස්, ලොම්, නියපොතු, දත් පස් වෙලා යන දෙයක් හැටියට බලන්න කිව්වා. සම පස් වෙලා යන දෙයක් හැටියට බලන්න කිව්වා. මස්, මස් පිඬු පස් වෙලා යන දෙයක් හැටියට බලන්න කිව්වා. නහර වැල් පස් වෙලා යන දෙයක් හැටියට බලන්න කිව්වා. ඇට පස් වෙලා යන ස්වභාවයට අයිති දෙයක් හැටියට බලන්න කිව්වා. මේ ඇට ඇතුලෙ තියෙනවා ඇට මිදුළු කියල දෙයක්. මස් ජාතියක්. අන්න ඒක පස් වෙලා යන දෙයක් හැටියට බලන්න කිව්වා. ඒ වගේම වකුගඩු පස් වෙලා යන ස්වභාවයට අයිති දෙයක්. හෘද මාංසය පස් වෙලා යන ස්වභාවයට අයිති දෙයක්. පෙණහලූ පස් වෙලා යන ස්වභාවයට අයිති දෙයක්. ඒ වගේම කුඩා බඩවැල පස් වෙලා යන ස්වභාවයට අයිති දෙයක්. අක්මාව පස් වෙලා යන ස්වභාවයට අයිති දෙයක්. මහ බඩවැල පස් වෙලා යන ස්වභාවයට අයිති දෙයක්. අසූචි පස් වෙලා යන ස්වභාවයට අයිති දෙයක්. අන්න ඒවාට කියනවා පඨවි ධාතුව.

ධාතු මනසිකාරය වඩන්නේ ජීවිතාවබෝධයටමයි…

එතකොට බලන්න පින්වතුනි, බුදුරජාණන් වහන්සේ මේ ධාතු මනසිකාරය වඩන්න කියල වදාළේ, මේ මහපොළොවේ, වෙනත් ලෝකවල තොරතුරු හොයන්න නෙවෙයි. අභ්‍යන්තරික වශයෙන් අපි දුක් විඳිනවා. අභ්‍යන්තරික වශයෙන් අපි දුක් විඳිනවා කායිකවත්, මානසිකවත්. මේ කායිකව, මානසිකව දුක් විඳින්නෙ අපි සැප පත පතා. සැප හොය හොයා. සැපම පරීක්ෂා කර කර. නමුත් දුකමයි විඳින්නෙ. මෙන්න මේ නිසා බුදුරජාණන් වහන්සේ වදාළා සදාකාලික සැපක් ඕන නම්, දුකෙන් නිදහස් වෙන්නට ඕන නම් දුක හැදිච්ච තැන බලන්න කියල. අන්න ඒක තමයි මේ ධාතු මනසිකාරයෙන් කරන්නෙ.

ගුණධර්ම දියුණු වෙනවා…

මෙන්න මේ විදිහට පස් වෙලා යන දේවල් දිහා බලන කොට ඔබේ ජීවිතය ගැන ඔබට මනුෂ්‍ය ධර්ම දියුණු වෙනවා. දැන් ඔබ දන්නව මීට කලින් රජවරු හිටියා. සිටුවරු හිටියා. රජකම ගන්න මිනිස්සු මැරුවා. පාලනය කරන්න මිනිස්සු මැරුවා. නොයෙක් හානි කරන්න මිනිස්සු මැරුවා. නමුත් සියලූ දෙනා පස් වෙලා ගියා. අන්න එතකොට අපට පේනවා මේ ලෝකය බදාගෙන ඉන්න දෙයක් නෙවෙයි. අපට තියෙන්නෙ පස් වෙලා යන දේවල්. මේ අවබෝධයට එන කෙනා නිදහස් සිතකින්, ලෝභ නැති සිතකින්, කරුණාවන්ත සිතකින්, මෛත‍්‍රී සහගත සිතකින් ජීවත් වෙනවා. අන්න එයා ඊර්ෂ්‍යා කරන්නෙ නෑ. පළිගන්න යන්නෙ නෑ. එකට එක කරන්න යන්නෙ නෑ. මොකද එයා දන්නවා මේ ජීවිතය තුළ තියෙන්නෙ පස් වෙලා යන දේවල් කියල. දැන් බලන්න මේ ධාතු මනසිකාරය අපේ ජීවිතවලට කොයිතරම් වටිනවද අපි මේක පුරුදු කරගත්තොත්.

මෙන්න දිය වෙලා යන දේ…

ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළා දිය වෙලා යන දේවල්, වැගිරිලා යන දේවල් ගැන. මේ ශරීරයේ තියෙනව ඒව. ඒ තමයි පිත. පිත කියන්නේ වැගිරිලා යන, දියවෙලා යන ජාතියක්. ඒක වතුරෙ දිය වෙලා යන ජාතියක්. ඒක ආපෝ ධාතුව. පිත ආපෝ ධාතුව. මේ ශරීරයේ හැදෙනවා සෙම. පෙණ සහිත දියරයක් ඒක. ඒක ආපෝ ධාතුව. වැගිරිලා යනවා. මේ ශරීරයේ හැදෙනවා සැරව. ඒ කියන්නේ ලේ නරක් වුණාම හැදෙනවා සැරව. ඒක ආපෝ ධාතුව. වතුරෙන් හෝදල දාන්න පුළුවන්. දිය වෙලා යන දෙයක්. මේ ශරීරයේ හැදෙනවා ලේ. ලේ ආපෝ ධාතුව. ඒ වගේම මේ ශරීරයේ හැදෙනවා දහඩිය. දහඩිය වැක්කෙරෙනවා. ඒක වතුරෙත් දියවෙලා යන දෙයක්. ඒ වගේම ඔබට දැනිල ඇති මේ දහඩියත් එක්කම ඇලෙන ගතියක් මේ ශරීරයේ තියෙනවා. ඇලෙන ගතිය හැදෙන්නෙ තෙල්මන්ද වලින්. තෙල්මන්ද රත්වීමෙන් තමයි ඇලෙන ගතිය එන්නෙ. ඒක වතුරෙ දියවෙලා යනවා. ඒ වගේම මේ ශරීරයේ හැදෙනවා කඳුලූ කියල ජාතියක්. ඒක වතුරෙ දියවෙලා යනවා. ඒ වගේම මේ ශරීරයේ හැදෙනවා සොටු කියල ජාතියක්. ඒවා දියවෙලා යනව වතුරෙ. කෙළ හැදෙනවා. දිය වෙලා යනවා. ඒ වගේම මේ අත පය නැවෙන තැන්වල හැදෙනවා ඉස්ම ජාතියක්. ඒවට කියන්නේ සඳමිදුලු කියල. ඒව දියවෙලා යනවා. මේ ශරීරයේ හැදෙනව මුත‍්‍රා කියල ජාතියක්. ඒවත් ජලයේ දියවෙලා යනවා. ඒ ඔක්කොම ආපෝ ධාතු.

උණුසුමට අයිති දේ….

ඒ වගේම පින්වතුනි, මේ ශරීරයේ තියෙනවා උණුසුම් ජාති. ඒ තමයි මේ ශරීරයේ තියෙනවා ස්වාභාවික උණුසුමක්. මේ ස්වාභාවික උණුසුම හැදිල තියෙන්නෙ තේජෝ ධාතුවෙන්. ඒ වගේම මේ ශරීරයේ තියෙනවා මේ ස්වාභාවික උණුසුම කිපෙන ගතියක්. ඒ වගේම මේ ශරීරයේ උණුසුමක්, දැවිල්ලක්, දාහයක්, උණ ගතියක් හටගන්නවා. ඒක හැදෙන්නෙ තේජෝ ධාතුවෙන්. ඊළඟට ඔබ කන බොන දේවල්, රස විඳින දේවල්, ඔබ අනුභව කරන දේවල්, මේ ශරීරයට ලැබුණට පස්සේ ශරීරය ඇතුලෙ ජීර්ණත්වයට පත්වෙනවා. අන්න ඒක වෙන්නෙත් තේජෝ ධාතුවෙන්. ඊළඟට ඔබ දිර දිරා යන්නෙත් තේජෝ ධාතුවෙන්. මේ දිහා බලන්න කියල බුදුරජාණන් වහන්සේ වදාළා.

හමාගෙන යන දේ….

ඊළඟට මේ ශරීරයේ තියෙනවා හුළඟට අයිති දේවල්. ඒකට කියන්නෙ වායෝ ධාතු කියල. දැන් මේ ශරීරය ඇතුලෙ හැදෙනවා වාතය. උගුරෙන් උඩට එනවා. ඒකට කියනවා උඩට එන වාතය කියල. මේ බඩවැල් ඇතුලෙ හැදෙනවා වාතය. ඒක පසුපසින් පිටවෙනවා. ඒකට කියනව අධෝගමනීය වාතය කියල. ඊළඟට මේ කුස ඇතුලෙ වාතය පිරෙනවා. ඒකට කියනව කුස ඇතුලෙ තියෙන වාතය කියල. මේ ශරීරය පුරා සැරිසරන වාතයක් තියෙනවා. ඒකට කියනවා අංගමංගානුසාරී වාතය කියල. ඒ වගේම මේ හමා යන වාතය තමයි අපි ආශ්වාස කරන්නෙ, ප‍්‍රශ්වාස කරන්නෙ. ඒක වායෝ ධාතුව. එතකොට හමා ගෙන යන ස්වභාවය තියෙනවා.

එතකොට මෙන්න මේ කොටස ඔබ පුරුදු කළොත්, ඔබ වයසින් මුහුකුරා යන විට කොයිතරම් ජීවිතය අවබෝධ කරගත්ත කෙනෙක් වේවිද? ඉතින් මේ දෙය ඔබට ලබා දෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ඒ නිසා මේ ධාතු මනසිකාරය හොඳට පුරුදු කරන්න. කිසිම බයක් වෙන්න එපා. ජීවිතය අවබෝධයක් කරාමයි යන්නෙ.

– ධාතු මනසිකාර භාවනාව –

හොඳට අවධානය යොමු කරන්න තමන්ගේ ශරීරය ගැන. මේ ශරීරයේ ඔලුවේ තියෙන්නේ කෙස්. මේ කෙස් ඔක්කොම ගස්වල කොළ වගේ. ඉඳුණාම ගැලවෙනවා. ඉදිලා තිබිල වැටිලා යනවා. ඉතින් මේ කෙස් ටික ඔක්කොම ගැලවුණොත් පොලොවට වැටෙනවා. අපි කියමු මේ කෙස් ඔක්කොම ගැලවිලා තමන්ගේ අතට ආවා කියල. අපි ළඟ තියාගන්නෙ නෑ. වීසි කරනවා. විසි කළාට පස්සේ ඒ කෙස් පොළොවට වැටිලා පොළොවේම පරණ වෙලා ගිහිල්ලා දිරලා…. දිරල…. ගිහිල්ල පස්වෙනවා. එහෙනම් කෙස් කිව්වෙ පස්වෙලා යන ස්වභාවයට අයිති දෙයක්. පඨවි ධාතුව.

ලොම්, මේ ශරීරයේ තියෙන ලොම් කෙස් වගේම තමයි. ඉදිලා ගැලවිලා යනවා. ඒ ලොම් ඔක්කොම ගැලවිලා ගිහිල්ලා පොලොවට වැටුණට පස්සේ ඒ වැටිච්ච ලොම් අර ගස්වල කොළ වැටිලා පොලොවට එහෙම්මම එකතු වෙලා දිරල යනවා වගේ පොලොවත් එක්ක එකතු වෙලා දිරල…. දිරල…. පස්වෙලා යනවා.

ඊළඟට මේ ශරීරයේ තියෙන නියපොතු දිගට වැවෙද්දී… වැවෙද්දී…. කැපුවා. වීසි කළා. පොළොවට වැටිච්ච වැටිච්ච තැන්වල පස් වෙලා ගියා දන්නෙම නැතුව. ඒ වගේ මේ ඇඟිලිවල තියෙන නියපොතු ඔක්කොම පොළොවට පස් වෙලා නැත්තටම නැතිවෙලා යනව.
ඊළඟට දත්, දත් කියන්නේ පොළොවට පස් වෙලා යන දෙයක්. මේ කට ඇතුළේ තියෙද්දිම මේ දත් දිරනවා නෙව. මේ දත් කුණු වෙනව. දත් දිරලා ගිහින් ගිහින් කුඩුවෙලා යනවා. දත් ගැලවුණාට පස්සේ ඒවා පොළොවට වැටුණට පස්සේ ඔක්කොම පස්වෙලා යනවා. කී කෝටියකගේ දත් මේ පොළොවේ පස් බවට පත්වුණාද? දත් කියලා කියන්නේ පස්වෙලා යන ස්වභාවයට අයිති එකක්.

මේ සම. සමත් එහෙමයි. මේ සම සීරෙනවා, තුවාල හැදෙනවා, හොරි හැදෙනවා, දද හැදෙනවා, මේ වයසට යන්න යන්න මේ හම ඇකිලෙනවා. පතුරු යනවා. මේ හම කවදාහරි පොළොවට වැටුණට පස්සේ පස් එක්ක එකතු වෙලා පස් බවට පත්වෙලා අවසන් වෙලා යනවා.

ඊළඟට නහර වැල්. නහර වැලුත් එහෙමයි. දැන් මේ නහර වැල් තිබ්බට මේවා ඔක්කොම කුණු වෙලා ගිහිල්ලා පොළොවට පස් වෙලා නැත්තටම නැතිවෙලා යන ජාතියක්.

ඊළඟට මේ ශරීරයේ තියෙන ඇට. අපි හැම එක්කෙනෙක් ළඟම මේ ඇටසැකිල්ලක් තියෙනවා. මේ වගේ ඇටසැකිලි කී කෝටියක් අපට තියෙන්න ඇද්ද? ඉපදිච්ච ඉපදිච්ච ජීවිතේදී මේ ජාතියෙ ඇටසැකිලි අපි මගේ කියල හිතාගෙන හිටියනෙ. මේ ජීවිතේ දිත් ඔන්න අපට හම්බවෙලා ආයෙමත් ඇටසැකිල්ලක්. මේ ඔළුවෙ අස්සෙ හිස් කබල. බෙල්ල අස්සෙ බෙල්ලෙ ඇට. උරහිස් ඇට. අත් අස්සෙ අත් ඇට. වැල මිට. මැණික් කටු තියෙනවා. අල්ලෙ ඇට, ඇඟිලිවල ඇට. පපුව අස්සෙ ඉල ඇට. පිට කොන්දෙ කොඳු ඇට. උකුල් ඇට. කළවා ඇට, දණිස් ඇට, කෙණ්ඩා ඇට. කොච්චර නම් ඇට තොගයක්ද මේ ශරීරයේ තියෙන්නේ. මේ ඇට ඔක්කොම යම් දවසක දිරලා ගිහිල්ලා, පොළොවට වැටිලා, පොළොවේ දිරල දිරල ගිහිල්ල සම්පූර්ණයෙන්ම පස්වෙලා නොපෙනී යන දවසක් එනවනෙ.

ඊළඟට මේ ශරීරයේ ඇට අස්සේ තියෙනවා මස්. ඒවාට කියන්නේ ඇට ලොඳ. ඇට මිදුලූ කියල. ඇටත් එක්කල ඒවා ඔක්කොම දිරලා දිරලා ගිහිල්ලා පස්වෙලා යනවා.

ඊළඟට මේ ශරීරයේ තියෙන වකුගඩු. නරක් වෙලා පොළොවට වැටුණට පස්සේ කුණු වෙලා ගිහින් පස්වෙලා යනවා.

හෘද මාංසය. හදවත. ඒකත් ඒ විදිහටම කුණුවෙලා ගිහිල්ලා පස් වෙලා යනවා.

අක්මාව. පීකුදුව කියන්නේ. අන්න ඒකත් පොලොවට වැටිලා පස්වෙලා යනවා.

පෙණහළු දෙක. හුස්ම ගන්න කොට ඒ පෙණහළු පිම්බෙනව. හුස්ම හෙළන කොට ඒවා ඇකිලෙනවා. අන්න ඒවා ඔක්කොම මහ පොළොවට වැටිලා කුණු වෙලා අවසන් වෙනවා.

ඊළඟට මේ ශරීරයේ තියෙනවා. කුඩා බඩවැලක්. ලොකු කඹයක් ගුලි කරලා ඔතලා තියෙනවා වගේ. දිග බඩවැලක් තියෙනවා. එව්වා ඔක්කොම කුණු වෙලා ගිහිල්ලා පොළොවේ පස් එක්ක එකතු වෙලා ගිහිල්ල පස් බවට පත්වෙනවා.

කාපු බීපු දේවල් දිරවලා මේ ශරීරයේ අන්තිමට ඉතුරු වෙනවා අසූචි හැටියට. ඒවාත් ඔක්කොම පොළොවට පස්වෙලා යනවා.

එහෙම නම් හැම එකකම තිබුණේ පස් වෙලා යන ස්වභාවය. පඨවි ධාතුව. ඒ වගේම මේ ශරීරයේ තියෙනවා දිය වෙලා යන ජාති. එව්වා දියවෙලා යනවා.

මේ ශරීරයේ තියෙනවා පිත කියල ජාතියක්. අන්න ඒවා වතුරේ දියවෙලා, නැතිවෙලා යන ජාතියක්. ආපෝ ධාතුව.

මේ ශරීරයේ තියෙනවා සෙම කියල ජාතියක්. පෙණ සහිත දියරයක්. ඒවත් වතුරේ දියවෙලා යනවා. දියවෙලා ගිහිල්ල නොපෙනී යනවා. ආපෝ ධාතුව.

මේ ශරීරයේ හැදෙනවා සැරව කියල ජාතියක්. ලේ නරක් වුණාට පස්සේ කහපාට වතුරක්. ඒ සැරවත් වතුරේ දියවෙලා නොපෙනී යනවා. ඒ සැරවත් ආපෝ ධාතුව.

මේ ශරීරයේ තියෙනවා ලේ කියලා ජාතියක්. ඒවත් වතුරේ දියවෙලා ගිහින් නොපෙනී යන ජාතියක්. ලේ. ආපෝ ධාතුව.

මේ ශරීරයේ හිස් මුදුනේ ඉඳලා යටි පතුලට යනකම්ම ගලන ජාතියක් තියෙනවා. ඒවාට කියන්නේ දහඩිය. අන්න ඒවත් දියවෙලා යනවා. වතුරේ දියවෙලා යන ජාතියක්. ආපෝ ධාතුව.

මේ දහඩියත් එක්කම තියෙනවා ඇලෙන ගතියක්. ඒ තෙල්මන්ද නිසා. දියවෙලා යන තෙල් ගතියක්. වතුරේ දියවෙලා යනවා.

ඊළඟට මේ ශරීරයේ තියෙනවා කඳුළු. ඇස් වලින් ගලන්නේ ඒවා. ඒවාත් ඔක්කොම වතුරේ දියවෙලා යනවා. කඳුළු කියන ජාතිය.

මේ ශරීරයේ ඒ වගේම ගලනවා සොටු. දැන් හිටපු ගමන් සොටු ගලනවා, බිංදු බිංදු වැක්කෙරෙනවා. ඒ ගලන්නා වූ සොටු දියවෙලා යනවා.
ඒ වගේම මේ ශරීරයේ ගලනවා කෙළ. දැන් අපි කට වහගෙන ඉන්න නිසා ගලන්නා වූ කෙළ ගිලින නිසා තමයි මේ කටින් වැක්කෙරෙන්නෙ නැත්තේ. ගලන කෙළ ගිල්ලෙ නැත්නම් මේ කටින් වැක්කෙරෙනවා. එක්කො පිහදාන්න ඕනෙ. එක්කො හෝදන්න ඕනෙ. ගලනවා කෙළ.

ඒ වගේම මේ ශරීරයේ තියෙනවා මුත‍්‍රා. ඒවාත් වතුරේ දියවෙලා නොපෙනී යනවා. ආපෝ ධාතු.

ආපෝ ධාතු – ශරීරයේ තියෙන දියවෙලා යන දේ අපි ඔය කිව්වෙ. එව්වා ඔක්කොම මේ ශරීරයේ තියෙනවා.

ඒ වගේම මේ ශරීරයේ තියෙනවා උණුසුම් දේවල්. ඒ රස්නෙ ගතියත් එක්ක තමයි මේ ශරීරය හැදිලා තියෙන්නේ.

ඒ වගේම මේ රස්නෙ වැඩිවුණාම දාහය ඇතිවෙනවා. උණ ගන්නවා.

ඒ වගේම මේ අනුභව කරන දේවල්, ඒ කියන්නේ කන බොන දේවල් ශරීරය ඇතුළට ගියාට පස්සේ ඇඟේ රස්නෙන් ඒවා තැම්බි තැම්බි ඕජාව උරා ගන්නවා. අන්න ඒක වෙන්නෙ තේජෝ ධාතුවෙන්.

ඊළඟට මේ ශරීරය ජීර්ණ වෙනවා. මේ ශරීරය වර්ධනය වෙලා නැසිලා යන්නත් හේතු වෙන්නේ තේජෝ ධාතුවෙන් තමයි. ශරීරය දිරවලා දිරවලා යන්නේ. ඒවා ඔක්කොම අනිත්‍ය දේවල්.

ඊළඟට මේ ශරීරයේ තියෙනවා හුළගේ ගහගෙන යන දේවල්. උගුරට එනවා වාතය. ඒක හුළෙඟ ගහගෙන යනවා.

පසුපසින් පිටවෙනවා වාතය. ඒකත් හුළෙඟ ගහගෙන යනවා.

ඊළඟට හුළෙඟ ගහගෙන යන දෙයක් තමයි ආශ්වාස කරන්නේ. ඒකත් වාතය. ඊට පස්සේ පිට කරනවා. ප‍්‍රශ්වාස කරනවා නාසයෙන්. ඒත් වාතය හුළෙඟ ගහගෙන යනව.

මේ ශරීරයේ ඇතුළෙ තියෙනවා එහා මෙහාට යන වාතය. මෙන්න මේවා වායෝ ධාතු.

ඉතින් මේ ශරීරයේ තියෙන්නේ ඔව්වනෙ. පස්වෙලා යන දේවල් පඨවි ධාතුව. දියවෙලා යන ජාති ආපෝ ධාතුව. රස්නෙ ජාති තේජෝ ධාතුව. හමාගෙන යන ජාති වායෝ ධාතු. ඕවා තමයි තියෙන්නේ. ඉතින් මේ ආකාරයේ දෙයක් මේ ශරීරයේ තියෙනවා කියල විමසලා බලන්න කිව්වා හොඳට. මස් විකුණන ළමයෙක් හරකෙක් මරලා හිට හන්දියක තියාගෙන කෑලි කෑලි විකුණනවා වගේ හොඳට බලන්න කිව්වා. අන්න එහෙම බලන කොට තමයි මේකෙ ඇත්ත පේන්නෙ. එතකොට මේ හිතේ තියෙන මේ බැඳීම මධ්‍යස්ථ වෙනවා.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසිනි

බහුම්පි චේ සහිතං භාසමානෝන තක්කරෝ හෝති නරෝ පමත්තෝගෝපෝ’ව ගාවෝ ගණයං පරේසංන භාගවා සාමඤ්ඤස්ස හෝතිප්‍රමාදී පුද්ගලයා අනික් උදවි...
15/07/2020

බහුම්පි චේ සහිතං භාසමානෝ
න තක්කරෝ හෝති නරෝ පමත්තෝ
ගෝපෝ’ව ගාවෝ ගණයං පරේසං
න භාගවා සාමඤ්ඤස්ස හෝති

ප්‍රමාදී පුද්ගලයා අනික් උදවියට කොයිතරම් ධර්ම දේශනා කළත්, තමන් ඒ ධර්මය අනුගමනය කරන්නේ නෑ. ඔහු අනුන්ගේ ගව පට්ටියක් පෝෂණය කරන ගොපල්ලෙක් වගෙයි. තමන්ගේ ශ්‍රමණ ජීවිතයෙන් මාර්ග ඵල අවබෝධයකට හිමිකාරයෙක් වෙන්නෙ නෑ.

ඉධ නන්දති පෙච්ච නන්දතිකතපුඤ්ඤෝ උභයත්ථ නන්දතිපුඤ්ඤං මේ කතන්ති නන්දතිභීය්‍යෝ නන්දති සුග්ගතිං ගතෝහොඳට පින් දහම් කරගත්ත කෙනා...
14/07/2020

ඉධ නන්දති පෙච්ච නන්දති
කතපුඤ්ඤෝ උභයත්ථ නන්දති
පුඤ්ඤං මේ කතන්ති නන්දති
භීය්‍යෝ නන්දති සුග්ගතිං ගතෝ

හොඳට පින් දහම් කරගත්ත කෙනා තමයි මෙලොවදී සතුටු වෙන්නේ. පරලොවදී සතුටු වෙන්නෙත් ඔහුමයි. දෙලොවදීම ඔහු සතුටු වෙනවා. ‘මං පිං කරගත්තා’ කියලා සතුටු වෙනවා. සුගතියේ ඉපදුණාට පස්සෙ ගොඩක් සතුටු වෙනවා.

(ජේතවනාරාමයේදී සුමනා සිටුකුමරිය අරභයා වදාළ ගාථාවකි.)

ඉධ සෝචති පෙච්ච සෝචතිපාපකාරී උභයත්ථ සෝචතිසෝ සෝචති සෝ විහඤ්ඤතිදිස්වා කම්මකිලිට්ඨමත්තනෝපව් කරන පුද්ගලයා තමයි මෙලොවදී ශෝක වෙ...
12/07/2020

ඉධ සෝචති පෙච්ච සෝචති
පාපකාරී උභයත්ථ සෝචති
සෝ සෝචති සෝ විහඤ්ඤති
දිස්වා කම්මකිලිට්ඨමත්තනෝ

පව් කරන පුද්ගලයා තමයි මෙලොවදී ශෝක වෙන්නේ. පරලොවදීත් ඔහුමයි ශෝක වෙන්නේ. දෙලොවදීම ඔහු ශෝක වෙනවා. තමන් විසින් සිදුකරගත්තු කිලිටි අකුසල කර්ම දැකලා, ඔහු ශෝක වෙනවා. පීඩාවට පත් වෙනවා.

(වේළුවනාරාම

🌷යථාගාරං දුච්ඡන්නංවුට්ඨි සමතිවිජ්ඣතිඒවං අභාවිතං චිත්තංරාගෝ සමතිවිජ්ඣතිගෙයක වහලය සෙවිලි කරලා තියෙන්නෙ වැරදි පිළිවෙළට නම්,...
10/07/2020

🌷යථාගාරං දුච්ඡන්නං
වුට්ඨි සමතිවිජ්ඣති
ඒවං අභාවිතං චිත්තං
රාගෝ සමතිවිජ්ඣති

ගෙයක වහලය සෙවිලි කරලා තියෙන්නෙ වැරදි පිළිවෙළට නම්, වැස්ස වහිනකොට ඒ වහලය තුළින් ගෙට වතුර ගලනවා. සමථ විදර්ශනා භාවනාවෙන් දියුණු නොකළ සිතත් ඔය වගේම තමයි. ඒ සිත තුළට රාගය ඇතුල් වෙනවා.🌷

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Apramado posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share