05/02/2022
ඉතාලි කෙල්ලො වගේ හැඩට ඉන්න ,මොකක්ද මේ “මෙඩිටරේනියන්” ඩයට්? The Mediterranean Diet Explained
අපි කවුරුත් ආස කරන ඉතාලිය, ස්පාඤ්ඤය, ග්‍රීසිය වගේ ලෝකයේ සුන්දරම රටවල් මෙඩිටරේනියන් එහෙමත් නැතිනම් මධ්යධරණී රටවල් කියලා හඳුන්වනව. ඒ ඒවා මධ්යධරණී මුහුද අවට පිහිටා තිබෙන නිසා.
රටවල් වගේම මේවාගේ වැසියනුත් ඉතා සුන්දර රූපයකට උරුමකම් කියනවා. සිහින් කඩවසම් ශරීර, දීප්තිමත් සම සහ කොන්ඩය සහිත සිත් අදිනසුලු මිනිසුන්ගෙන් මේ රටවල් පිරී තියෙනවා. ඒ වගේම දිග ආයුකාලයකටත් මේ අය හිමිකම් කියනවා.
මේ සුන්දර රූපයන්ට හේතුව කියා සලකන්නේ මේ රට්වල වැවෙන එලවලු පලතුරු , ඔලිව් ගසින් ලැබෙන තෙල් සහ මධ්යධරණී මුහුදෙන් අල්ලා ගන්නා නැවුම් මාලුන්ගෙන් සමන්විත ඔවුන්ගේ ආහාර වේලයි
ඉතින් ලෝකයේ ආහාර වේල් අතරින් ඉතාම සවුක්යමත් රුව රකින බර අඩුකරන, ඒ වගෙම හර්ද රෝග , පිලිකා , ඩියවඒඩියාව ආදී බෝ නොවන රෝග වලින් ආරක්ෂා කරන ආහාර වේලක් ලෙස තමයි මේ මධ්යධරණී (මෙඩිටරේනියන්) ආහාර වේල සලකන්නේ.
අපටත් මේ ආහාර රටාව අනුගමනය කරන්න පුලුවන් නම් , බර අඩුකරගන්න, බෝ නොවන රෝග වලින් වැලකෙන්න, සුන්දර රූපයකට උරුමකම් කියන්න වගේම, ආයු කාලය දිගුකරගන්නත් හැකියාව තියෙනවා.
අපි බලමු මොනවාද මේ ආහාර එහෙමත් නැත්නම් මේ ඩයට් එක කියලා..
මෙහි ප්‍රධානම අංග තමයි වැඩි වශයෙන් එලවලු සහ පලතුරු , මාලු ,රතු වයින් සහ අඩුවෙන් චීස් ඇතුලු කිරි ආහාර. ඊට අමතරව පිශ්ටය හැටියට පාස්තා එහෙම නැත්නම් අපි දන්නා විදිහට පැස්ටා අඩංගු වෙනවා. ඒ වගේම ඇට වර්ග සහ ඔලිව් තෙල් අනිවාර්යයෙන් මෙයට ඇතුලත්.
ඉතින් ඉතාලියෙන් ඉතා ඈත අපි කොහොමද මේ ආහාර රටාව පිලිපදින්නේ. අපිට අපේ රටේ තියෙන ආදේශක වලින් ලොකු අමාරුවක් නැතිව මේ දේ කරන්න පුලුවන්.
මේ තියෙන්නේ සරලව අපි කල යුතු දේ..
වැඩිපුර - එලවලු පලතුරු පලාවර්ග ,සලාද , ඇට වර්ග සහ නිවුඩු සහිත ධාන්ය
පොඩි මාලූ , හුරුල්ලන්, සාලයන් , වැව් මාලු කදිමයි
මධ්‍යස්තව - කිරි ,මුදවපු කිරි සහ චීස්, කුකුලු මස්
අඩුවෙන්- රතු මස්, පැනි රස කෑම, සංතෘප්ත මේදය, සකස් කල ආහාර
රතු වයින් වෙනුවට අපට ග්‍රීන් ටී ,නැත්නම් සීනි රහිතව සාමාන්‍ය තේ උනත් පාවිච්චි කල හැකියි
හැබැයි මිල අධික උනත් ඔලිව් තෙල් වලට සමකරන්න දෙයක් නම් නැහැ!
මේ විදියට අපි අපේ ආහාර වේලවල් සකස්කර ගත්තොත් අපිටත් ඉතාලියේ එහෙමත් නැත්නම් ස්පාඤ්ඤයේ , ග්‍රීසියේ ජනතාව වගේ හැඩ වැඩියෙන් , ලෙඩ අඩුවෙන් , සතුටින් දිගු කාලයක් ජීවත් වෙන්න පුලුවන් වේවි.
අපිත් උත්සාහ කරමු!