SEEn ZONe

SEEn ZONe every thing

🤬
31/10/2022

🤬

Sri Lanka are through to the   Super-12 stage! 👊
20/10/2022

Sri Lanka are through to the Super-12 stage! 👊

16/09/2022

MEca DANNa 😁

15/09/2022

Welcome to my life 😁

විදේශ ගත ශ්‍රමිකයින්ට ඉලෙට්‍රික් වාහනයක් ආනයනය කිරීමට අවසර දෙන අයදුම්පත්‍රය නිකුත් කෙරේ.කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාං...
14/09/2022

විදේශ ගත ශ්‍රමිකයින්ට ඉලෙට්‍රික් වාහනයක් ආනයනය කිරීමට අවසර දෙන අයදුම්පත්‍රය නිකුත් කෙරේ.

කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයේ වෙබ් අඩවියට පිවිසීමෙන් හෝhttps://si.labourmin.gov.lk/wp-content/uploads/2022/08/02.2022-Application-Sinhala.pdf යන වෙබ් ලිපියන ඔස්සේ අදාල අයදුම්පත්‍රය භාගත කිරීමට හැකිය.

==============

විදේශ ගත ශ්‍රමිකයින් නීත්‍යානුකූලව බැංකු ක්‍රමය හරහා මෙරටට මුදල් එවීමේදී ඉලෙට්‍රික් වාහනයක් ආනයනයනය කිරීමට ආනයනය බලපත්‍රය ලබාගැනීම සදහා වන අයදුම්පත්‍රය ප්‍රසිද්ධියට පත් කර තිබේ.

කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයේ වෙබ් අඩවියට පිවිසීමෙන් හෝhttps://si.labourmin.gov.lk/wp-content/uploads/2022/08/02.2022-Application-Sinhala.pdf යන වෙබ් ලිපියන ඔස්සේ අදාල අයදුම්පත්‍රය භාගත කිරීමට හැකිය.

නීත්‍යානුකූලව බැංකු ක්‍රමය හරහා මුදල් එවන විදේශ ගත ශ්‍රමිකයින් සදහා සහන රැසක් ලබාදීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා කටයුතු කර ඇති අතර, විදේශ ගත ශ්‍රමිකයින්ට ඉලෙට්‍රික් වාහනයක් ආනයනය කිරීම සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන තිබුණි. ඒ අනුව ඉලෙට්‍රික් වාහන ආනයනය සදහා අවසර ලබාදෙන ගැසට් නිවේදනය සහ අයදුම්පත්‍රය නිකුත් කළේය.

ඒ අනුව මේ වසරේ මැයි පළමුවැනිදා සිට ලබන වසරේ අප්‍රේල් 30 වැනිදා දක්වා කාලය තුලදී ඇමරිකානු ඩොලර් තුන්දහකට වඩා වැඩි මුදලක් බැංකු ක්‍රමය හරහා මෙරටට එවා ඇති ශ්‍රමිකයින් සදහා තමන් එවා ඇති මුදල් ප්‍රමාණයෙන් සියයට පනහක වටිනාකමකින් යුත් ඉලෙට්‍රික් යතුරුපැදියක් ආනයනය කිරීම සදහා අවසර ලබාදේ. මේ වසරේ මැයි පළමුවැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා වන කාලයක තුළදී ඇමරිකානු ඩොලර් විසිදහක මුදලක් එවා ඇති ශ්‍රමිකයින් සදහා ඉලෙට්‍රික් වාහනයක් ආනයනය කිරීම සදහා අවසර ලබාදෙන බව චක්‍රෙල්ඛයේ වැඩිදුරටත් සදහන් වේ.

නීත්‍යානුකූලව බැංකු ක්‍රමය හරහා මුදල් එවන ශ්‍රමිකයින් සදහා ගුවන්තොටුපොලේදී ලබාගත හැකි තීරුබදු සහනය ඇමරිකානු ඩොලර් 6550 දක්වා ඉහළ නැංවීමටත් මනුෂ නානායක්කාර අමාත්‍යවරයා ඉදිරිපත් කර ඇති කැබිනට් පත්‍රිකාවටද කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. ඒ සදහා වන ගැසට් නිවේදනය ඉදිරියේදී නිකුත් කිරීමට නියමිතය.

Passport එක හදාගන්නේ කොහොමද.... Original ID එකයි photo copy 1යිහොදට තියෙන උප්පැන්නේයි photocopy එකයි.Google එකෙන් applic...
14/09/2022

Passport එක හදාගන්නේ කොහොමද....

Original ID එකයි photo copy 1යි
හොදට තියෙන උප්පැන්නේයි photocopy එකයි.Google එකෙන් application එක download කරලා එක fill කරලා අරන් යන්න.(application download link -https://www.immigration.gov.lk/web/images/stories/pdf/form/passport/passport_application.pdf link එක උඩ touch කරන්න auto download වෙයි pdf එක) උප්පැන්නේ ඉරිලා පොඩි වෙලා නැති හොදට පෙන් එකක් තමා ඔනි. එහෙම එකක් නැත්තන් තියෙන එකක් අරන් යන්න එතන තැනක් තියෙනවා එතනින් රුපියල් 120 ට අලුත් එකක් ගන්න පුලුවන්.ගිහින් එතන තියෙන studio එහෙකින් ෆොටො ගහගන්න... එයාලා photo print කරන්නේ නැ කෙලින්ම passport office එකේ site එකට upload කරනවා.පස්සේ එයාලා එකට කොලයක් දෙයි එකයි අර application එකයි අනිත් ටිකයි අරගෙන යන්න ඇතුලට...

(https://www.immigration.gov.lk/web/index.php?option=com_content&view=article&id=302&lang=en මේ link එකෙන් authority studio එකක් බලාගන්න පුලුවන් ඔයාලගේ ගෙවල් පැත්තේ තියෙන. එතැනකින් උනත් photo ගහලා upload කරන්න පුලුවන්.)

Photo ටික විතරක් ගන්න 300 ක් ගනි.form එක එතනින් ෆිල් කරන් අනිත් photocopy ටිකත් එතනින් ගන්න ගියොත් 700 ක් ගන්නවා. ඇතුලට යන තැන ඉස්සෙල්ලා බලලා ඉන්න සෙනග ඉන්නවාද කියලා පොලීමේ.. ඉන්නවා නම් ආපහු ඇවිල්ලා අර studio එකෙන් අහලා බලන්න appointment time එකක් දාගන්න පුලුවන්ද කියලා. එකට 150 ක් ගන්නවා එතකොට පොලිමේ ඉන්න ඔන්නැ ඇතුලට යන්න තියෙන්නේ. එතන ඉන්න security කෙනෙක්ගෙන් ඇහුවා නම් පෙන්නයි යන්න ඔනි විදිහ.. ඇතුලට ගිහින් token number එකක් ගන්න තැන ඉදලා පල්ලේහා තියෙන ෆොටො එකේ විදිහට යන්න තියෙන්නේ.

Normal ගන්නවා නම් - 3500යි
One day service එකෙන් ගන්නවා නම්- 15,000 යි.

Ps - Passport ගන්න ලේසිම විදිහ online appoinment දාගන්න එක google එකෙන් search කරලා ෆිල් කරලා time select කරලා අපිට ඒකේ pdf එකක් එනවා ඒක අරන් පෝලිමේ ඉන් නැතිව යන්න පුලුවන්
සාමාන්‍ය පෝලිම තියෙන පැත්තෙන් නෙවේ අනික් පැත්තෙන් යන්න ඕනි.. බබාලගේ passport ගන්නවනම්
බබාගේ birth certificate orginal with photocopy
Mother & father NIC photocopy
Passport තියේනම් detail page & ලමයින්ගේ විස්තර ඇතුලත් පිටුවේ photocopies
Consent letter එක application එකත් එක්කම fill කරන්න ඕනි
Application & consent letter online printout ගන්න පුලුවන්..
10years වලට හා 3years valid විදිහට බබාලගේ වර්ග දෙකයි
බබාලට 10years ekata normal 3500/= ගියේ
මව සහ පියා දෙන්නම ඉන්න ඕනි නැතුව ගන්න විදිහ නම් දන්නේ නැහෑ
NIC එක්ක අපේ mask ගලවලා බලනවා.
Passport එක නෙවේ ID එකයි අපිව අදුරගන්න යොදාගන්නේ

Online Reservation Link :
https://eservices.immigration.gov.lk/appointment/pages/reservationApplication.xhtml

Burj Khalifa, Dubai 🇦🇪   🏆 Congratulations, Sri Lanka 🇱🇰 👏
11/09/2022

Burj Khalifa, Dubai 🇦🇪

🏆 Congratulations, Sri Lanka 🇱🇰 👏

champions
11/09/2022

champions

WHy 🥹🥹
09/09/2022

WHy 🥹🥹

එළිසබෙත් මහ රැජිණ මිය ගිය පසු සිදු වන පළමු ක්‍රියාව වන්නේ, බකිංහැම් මාලිඟයේ තිබෙන එම රැජිණිය විසින් දෙස් විදෙස් අමුත්තන්...
09/09/2022

එළිසබෙත් මහ රැජිණ මිය ගිය පසු සිදු වන පළමු ක්‍රියාව වන්නේ, බකිංහැම් මාලිඟයේ තිබෙන එම රැජිණිය විසින් දෙස් විදෙස් අමුත්තන් පිළිගන්නට භාවිත කරන ලද රාජකීය ආසනය සහ රැජිනිය සංකේතවත් කරන රාජකීය සෙංකෝලය කළු රෙදිවලින් වසා දැමීම යි.

*එමෙන්ම රැජිනියගේ රාජකීය ආරක්ෂක බල සේනාව වන බ්‍රිතාන්‍ය හමුදාවේ රාජකීය ආරක්ෂක සෙනඟට අමතරව, රැජිනියගේ ගුර්යා රෙජිමේන්තු සහ මැරීන් කමාන්ඩෝ සේනාංක බකිංහැම් මාලිගය, ශාන්ත ජේම්ස් මාලිඟය අවට ආරක්ෂාව තර කරන අතර, රැජිනියගේ රාජකීය ඔටුන්න හෙවත් වසර 177ක් පැරණි "ඉමිපිරියල් ස්ටේට් කවුන් යන නිල නාමය සහිත ඔටුන්න තබා තිබෙන ලන්ඩන් කුළුණ (Tower Of London) තාවකාලික ව විශේෂිත අගුළු යොදා සීල් තබනු ලැබේ යි.

* මේ චාරිත්‍රය 16 වැනි සියවසේ සිට එන චාරිත්‍රයක්. එනම් රජෙකු හෝ රැජිනක මිය ගිය විට අලුත් රජු හෝ රැජින පත් වන තුරු රාජකීය ඔටුන්න සහ අනෙකුත් මෞලී ආභරණ තිබෙන ගබඩාව මුද්‍රා තබා, දැඩි රැකවල් මැද තබනු ඇති (එම රාජකීය ඔටුන්න ඇතුළු සමස්ත ආභරණ වල වටිනාකම පවුම් බිලියන 4ක් එනම් රුපියල් බිලියන 2000ක් පමණ වේ.

📌රැජිනියගේ අභාවයෙන් පසු සිදු වන සෙසු වෙනස්කම්

* බ්‍රිතානයයේ මුදල් නෝට්ටු විදේශ ගමන් බලපත්‍ර හා නිල ඇඳුම්වල ස්වරූපය වෙනස් වීම.

* චාල්ස් කුමරු රජ කිරුළ දැරීම හා ඒ සමඟම කැමිලා පාකර් නව රැජිනිය බවට පත් වීම

* මෙතෙක් කාලයක් බ්‍රිතාන්‍ය ජාතික ගීයෙහි කියවෙන 'දෙවියන් අපගේ රැජිනිය රැක දේවා' යන්න 'දෙවියන් අපගේ රජු රැක දේවා' යනුවෙන් සංශෝධනය වීම.

* පැරණි මුදල් නෝට්ටු බැංකුවලින් හා තැපැල් කාර්‍යාලවලින් කඩිනමින් එකතු කරගන්නා අතර ඒවා නැවත ජනතාවගේ පරිහරණය සඳහා මුදා නොහැරෙයි ඒ වෙනුවට නව රජුගේ රුව සහිත මුදල් නෝට්ටු නිකුත් කෙරෙයි.

*නගරවල කිසිදු අනවශ්‍ය ශබ්ධයන් නොනැඟිය යුතු අතර නිෂ්ශබ්ධතාව අගය කළ යුතු යි.

* සියලු ම බී බී සී මාධ්‍ය නිවේදකයන් හා කාර්‍ය මණ්ඩලය කළු ඇඳුමෙන් සැරසී රාජකාරි සිදු කරනු ලබන අතර බී.බී.සී ප්‍රවෘත්ති ලාංඡනය ද කළු පැහැයට හැරවෙයි.

* එසේම විකාශය වීමට නියමිත ව තිබූ කිසිදු විනෝදාත්මක හා හාස්‍යෝත්පාදක වැඩසටහනක් බී. බී. සී නාලිකාවේ විකාශය නොවන අතර ඒ වෙනුවට රැජිනිය පිළිබඳ වාර්තා වැඩසටහන් පමණක් විකාශනය කෙරෙයි.

* බකින්හැම් මාලිගයේ ගේට්ටුව ඉදිරිපස කළු පැහැති ශෝක පණිවිඩයක් ප්‍රදර්ශනය කෙරෙයි.

*සියලුම වාණිජ ගුවන් යානාවල රැජිනිය මිය ගිය පුවත නිවේදනය කරන අතර රාජකීය පවුල් නිල වෙබ් අඩ්වයේ ද රැජිනියගේ අභාවය ප්‍රකාශ කරයි.

* සියලු ම ජාතික කොඩි අඩකුඹු වන අතර පල්ලිවල සීනු නොකඩවා නාද වෙයි.

* චාල්ස් කුමරු චාල්ස් රජු බවට පත් වන අතර මීළඟ වේල්සයේ කුමරු බවට විලියම් කුමාරයා පත් වෙයි. ඒ සමඟම විලියම් කුමරුගේ බිරිඳ වන සෝට් මිල්ටන් වේල්සයේ කුමරිය බවට පත් වෙයි.

මෙම සම්පූර්ණ ක්‍රියාවලිය 'Operation London Bridge' ලෙස හඳුන්වයි.

Happy Bithday captain
09/09/2022

Happy Bithday captain

🤟❤️
08/09/2022

🤟❤️

08/09/2022
🤟
08/09/2022

🤟

16/12/2020
16/12/2020

Hello Every One we are 24/7..enjoy our content

Address


Website

Alerts

Be the first to know and let us send you an email when SEEn ZONe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share