CeylonWitness

  • Home
  • CeylonWitness

CeylonWitness Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from CeylonWitness, News & Media Website, .

2003 වසර පමණ වන විට ගෝඨාභය රාජපක්ෂ හා පවුල ඔවුනටම කියා නිවෙසක් මිලදී ගැනීමට උත්සාහ කරයි. නමුත් ගැටලුව වන්නේ ඔවුනට ලද වැට...
09/08/2019

2003 වසර පමණ වන විට ගෝඨාභය රාජපක්ෂ හා පවුල ඔවුනටම කියා නිවෙසක් මිලදී ගැනීමට උත්සාහ කරයි. නමුත් ගැටලුව වන්නේ ඔවුනට ලද වැටුප සමඟ බලන විට ගෝඨාභය රැකියාව කළ ලොයෝලා නීති විද්‍යාලය පිහිටි කැලිෆෝනියාවේ ලොස් ඒන්ජල්ස් ආසන්නයෙන් නිවසක් ගැනීමට තියා හිතන්නවත් බැරි තරම් මිල ගණන් ඉහල වීමයි. අවසානයේ සියල්ලෝ සාකච්ඡා කොට ලොස් ඒන්ජල්ස් සිට කිලෝමීටර් 50කට පමණ දුරින් නිවෙස් කිහිපයක් මිලදී ගැනීමට යම් උත්සාහයක් දරයි. එහි ප්‍රථිඵලයක් ලෙස....

Read More -
https://ceylonwitness.com/american-life-of-gotabaya-rajapaksa/

අපි මේ ගැන සොයන්නට ශ්‍රී ජයවර්ධනපුරයට ගියෙමු. ඒ ජයවර්ධනපුර 2000 ප්ලාසා නිවාස සංකීර්ණයේ 801 නිවෙස සොයාගෙන ය. පොලිස් දූෂණ ...
04/08/2019

අපි මේ ගැන සොයන්නට ශ්‍රී ජයවර්ධනපුරයට ගියෙමු. ඒ ජයවර්ධනපුර 2000 ප්ලාසා නිවාස සංකීර්ණයේ 801 නිවෙස සොයාගෙන ය. පොලිස් දූෂණ විමර්ෂණ ඒකකය විසින් පවරා ඇති බී වාර්ථා අංක 4389/06/18 දරණ අළුත්කඩේ අංක 06 දරණ මහේස්ත්‍රාත් අධිකරණ නඩුව අනුව හිරාන් පදිංචිව සිටිනා එක් නිවෙසක් වන්නේ එයයි. අපි එහි යන්නට පළමුව පොලිසියේ නිළධාරීන් එහි ගොස් තිබුණි. ඔවුනට අනුවට දැන් හිරණ්‍ය එහි නැත.

වෛද්‍ය හිරණ්‍ය හෙට්ටිආරච්චිගේ මව හා පියා පමණක් එහි වේ. ඔවුන්ගෙන් හෝ සිය ආදරණීය මහා ව්‍යාපාරික පුතුණුවන් ගැන යමක් දැනගනු පිණිස අපි එහි ගියෙමු. නමුත්, තම කුසින් වැදූ දරුවන් රටට, රටේ අහිංසකයින්ට කර ඇති මෙහෙය ගැන කතා කරන්නට ඒ මවුපියන් කැමැති වූයේ නැත. ඔවුන් තවමත් රිසිවන්නේ කෝටි පන්සියයකට ආසන්න මුදලක් වංචා කළ සිය ලොකු පුත්තන්ඩියා සඟවාගෙන සිටීමටදැයි සාධාරණ සැකයක් එහිදී අපිට ඇති විය. එපමණක් නොවේ. කොළඹ අළුත්කඩේ අධිකරණයන්හිදී විභාගවන මෙම නඩුවලට බලපෑම් කළහැකි තැනක මොවුන් සිටිනා වග බ්ලූ මවුන්ටන් වින්දිතයන්ගේ විශ්වාසයයි. ඒ ඔවුන් දරනා නීතියේ තනතුරු නිසාවෙනි. එබැවින් වගකිව යුත්තන් ඒ පිළිබඳවද සිය අවධානය වහා යොමුකළ යුතුය.

එපමණක්ද නොවේ. බ්ලූ මවුන්ටන් සමූහයේ මේ මහා වංචාව පිටුපස සිටිනා කළමණාකාර අධ්‍යක්ෂක වෛද්‍ය හිරණ්‍ය හෙට්ටිආරච්චි නැමැත්තා මෙතරම් විනාශයක් කර ඇතත් ඔහුට ආරක්ෂාව සපයන්නේ කවුදැයි සියල්ලන්ම අසනා ප්‍රශ්ණයයි. ඔහුට ආරක්ෂාව සපයනා කොළඹ "මහා නගරය"ක් කරන්නට යන දේශපාලඥයාට අමතරව කරුණාවට බර හිටපු රටේ ආරක්ෂාවට සම්බන්ධ ලේකම් මට්ටමේ අයෙකුද වන බව තතුදත් ආරංචි මාර්ග පවසා සිටී. මෙකී ලේකම්වරයාද .....

Read More - https://ceylonwitness.com/blue-mountain-fraud-03/

දොස්තර මහත්තයාගේ ආදරණීය මෑණියන් නීතිඥවරියකි. ඇය දොස්තර මහත්තයා ඇතුළු තම දරුවන්ගෙන් පොරොන්දුවක් ලබාගෙන තිබුණි. දොස්තර මහත...
03/08/2019

දොස්තර මහත්තයාගේ ආදරණීය මෑණියන් නීතිඥවරියකි. ඇය දොස්තර මහත්තයා ඇතුළු තම දරුවන්ගෙන් පොරොන්දුවක් ලබාගෙන තිබුණි. දොස්තර මහත්තයාම වරක් රටට කියා තිබුණ වදනින්ම කියන්නේ නම්, "අම්මා අපෙන් පොරොන්දුවක් ලබාගෙන තිබුණා කවදාවත් කාගේවත් සතයක්වත් වංචා කරන්න හෝ හොරකම් කරන්න හෝ එපා කියලා..." ඒ මව දැන් කොහිදැයි දන්නේ නැත. දොස්තර පුතා කොහිදැයි දන්නේ නැත. මවට එලෙස පොරොන්දු වූ දොස්තර පුතා මේ ලියවෙනා මොහොතවන විට ශ්‍රී ලංකාව පුරා දහසකට අධික අහිංසක මිනිසුන්ගේ පපුවේ ගිනි අවුලවා තිබේ. ඔවුන්ගෙන් මිලියන ගණනින් මුදල් ගෙන, ඉඩම් ලබාදෙනවායැයි කියා රවටා තිබේ. අහිංසකයින් මුදල් ගෙවූ ඉඩම්වල ඔප්පු දහස් ගණනක් බැංකුවලට තබා වංචනික ලෙස කෝටි සිය ගණනින් මුදල් ගෙන තිබේ. සියල්ල අවසානයේ සත්ගුණවත් නීතිඥ නෝනාගේ දොස්තර පුතා ඉගැන්වීමට උපන් සක්විති ලොකු මහප්පා බවට පත්ව තිබේ. මේ ලියැවෙන්නේ ඒ "නිල් කන්දේ මුදල්කොල්ලයේ" කතාවයි.

ඒ 2016 වසරයි. අනුරාධා තම අනාගතය වෙනුවෙන් ඉඩමක් මිලදීගැනීමට සොයන්නේ යක්කලට ආසන්න ප්‍රදේශයෙනි. ඒ අනුව රටම දන්නා බ්ලූ-මවුන්ටන් ඉඩම් කොම්පැණියේ ඉඩම් කට්ටි කර විකුණන ආරංචියක් ඇයට ලැබේ. යක්කල වේරගුල ප්‍රදේශයේ "සිංහාසපුර" කට්ටි ඉඩම් විකුණන තැනට ඇය යන්නේ ඒ අනුවය. මුලින්ම අත්තිකාරම් මුදල් ලෙස රුපියල් 25,000ක් ගෙවූ ඇය දින 14ක් ඇතුලත රුපියල් ලක්ෂ නවය හමාරක් බ්ලූ මවුන්ටන් කොම්පැණියට ගෙවීය. මේ සියල්ල වෙනුවෙන් ඇයට ලැබෙන්නේ බ්ලූ මවුන්ටන් කොම්පැණියේ නම සඳහන් පත්‍රිකාවක් පමණි. ඉඩම වෙනුවෙන් ඇය තවත් ලක්ෂ 4ක් ගෙවිය යුතු අතර ඇය එම මුදලද දින කිහිපයක් තුල ගෙවාදමනු ලබන්නේ දැන් ඉඩමේ නීත්‍යානුකූල ලිපි ලේඛණ තම අතට ලැබෙනු ඇතැයි බලාපොරොත්තුවෙනි. එනම් ඉඩමට අදාල ඔප්පුවයි. 2016 වසරේ සියළු මුදල් ගෙවා අවසන් කළ අනුරාධා හට මේ ලියවෙන 2019 වසරේ ජූලි මාසය තෙක් ඉඩමේ සරළම හිමිකම වූ ඉඩම් ඔප්පුව ලැබී නැත. ඇය එය දුටුවේවත් නැත.

" සිංහාසනපුර ඉඩම අක්කර 25ක ඉඩමක්. මේ ඉඩම කොටස් 150කට විතර කට්ටි කරලා තමයි විකුණන්න දැම්මේ. මම ඉඩමට අදාල සියළුම මුදල් එයාලා කිව්ව විධියට ගෙව්වා. මම ඉඩමේ ඔප්පුව ලියන්න කියලා බ්ලූ මවුන්ටන් ඔෆිස් එකේ අයට කියද්දි එයාලා කියනවා මොකද්ද යෝග්‍යතා සහතිකයක් නැති නිසා ලියන්න බෑ කියලා. අවුරුදු එක හමාරක් විතර අපිව රැවැට්ටුවා. සිංහාසනපුර ඉඩම් වලට මුදල් ගෙව්ව හැමෝම රවට්ටලා කියලා මම දැන ගත්තා. පස්සේ තමයි ආරංචි වුනේ බ්ලූ මවුන්ටන් එක අපෙන් සල්ලි ගන්න අතරේම මේ ඉඩම සෙලාන් බැංකුවට උකස් කරලා බැංකුවෙනුත් සල්ලි අරගෙන කියලා. ඒ විධියට බැංකුවෙන් රුපියල් කෝටි 17ක් අරගෙන තියෙනවා. අපි සල්ලි ගෙවලා බලන් ඉද්දී බැංකුව අපේ ඉඩම් වෙන්දේසි කරන්නයි ලැහැස්තිය. බ්ලූ මවුන්ටන් එකේ ලොක්කෝ ඔක්කොම ෆෝන් නම්බර් මාරු කරගෙන දැන් හැංගිලා..."

පසුගියජූනි 11 වැනිදා ලංකාදීප පුවත්පතේ සෙලාන් බැංකුව විසින් අදාල වෙන්දේසි කිරීම උදෙසා වන ප්‍රසිද්ධ නිවේදනය පළකර තිබේ. එම නිවේදනය අනුව මේ වන විට බ්ලූ මවුන්ටන් සමාගම සියයකට අධික පිරිසකට විකුණා ඇති යක්කල වේරගුල ඉඩම එම හිමිකරුවන් සියල්ලම හූල්ලමින් බලා සිටියදී බැංකුව විසින් වෙන්දේසි කිරීමට නියමිතය. දරුණුම අවාසනාව වන්නේ .....

Read More - https://ceylonwitness.com/blue-mountain-fraud-01/

බ්ලූ මවුන්ටන් හොරුන්ගේ අළුත්ම ගේම් එක
03/08/2019

බ්ලූ මවුන්ටන් හොරුන්ගේ අළුත්ම ගේම් එක

අලි පැටියෙක් මෛත්‍රී කරයි
01/08/2019

අලි පැටියෙක් මෛත්‍රී කරයි

රටේ ඉහලම මන්දිරයක ඉන්න ප්‍රධාන උපදේශකයෙකුත්, පළාත් ආණ්ඩුකාරකමට පත්වෙලා ඉන්න නීතිඥ සයිස් මහත්තයෙකුත් අළුත් දේශප...

28/07/2019
28/07/2019

කැකිරාව කලාවැව විජිතපුර බලකොටුවේ කොටසක් සුද්ද  පවිත්‍ර කොට ඩෝසර් දමා පුරාවිද්‍යා ස්මාරක විනාශ කොට අඹ හා පොල් වග.....

Address


Alerts

Be the first to know and let us send you an email when CeylonWitness posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to CeylonWitness:

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share