SLPP Social Media Team

  • Home
  • SLPP Social Media Team

SLPP Social Media Team Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SLPP Social Media Team, News & Media Website, .

10/04/2024
21/02/2021

2020 දිහා හැරිලා බලමු
28/12/2020

2020 දිහා හැරිලා බලමු

අභිනව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්, එම ධුරයේ දිවුරුම් දීමේ අවස්ථාව සනිටුහන් කරමින් අතිගරු ජනාධිපති ගෝඨාභය ර...
10/08/2020

අභිනව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්, එම ධුරයේ දිවුරුම් දීමේ අවස්ථාව සනිටුහන් කරමින් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කැලණිය රජ මහා විහාරස්ථානයේ දී පැවැත්වූ උත්සවය සදහා නාමල් රාජපක්ෂ මැතිතුමන් සහභාගි විය.

The ceremony marking the swearing in of the new Prime Minister Mahinda Rajapaksa was presided over by His Excellency the President Gotabhaya Rajapaksa at the Kelaniya Raja Maha Viharaya. Winning candidate Namal Rajapaksa was also present at the occasion.

18/06/2020
29/10/2019



පාස්කු ප්‍රහාරය ගෝඨාට පටවන්න එජාපයෙන් ව්‍යාජ වීඩියෝවක් – කෝටි ගණන් ගෙවා ප්‍රචාරය කරවීමටත් යයි ජනපතිවරණ ප්‍රචාරණ ව්‍යාපෘත...
28/10/2019

පාස්කු ප්‍රහාරය ගෝඨාට පටවන්න එජාපයෙන් ව්‍යාජ වීඩියෝවක් – කෝටි ගණන් ගෙවා ප්‍රචාරය කරවීමටත් යයි


ජනපතිවරණ ප්‍රචාරණ ව්‍යාපෘතියේ වාසිය තමන් සතු කර ගැනීමට සජිත් ප්‍රේමදාස ඇතුළු කණ්ඩායම ඉතාම නින්දිත ක්‍රියාමාර්ගයකට සුදානම් වන බවට එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර වාර්තා මගින් හෙළිදරව් වී තිබෙනවා. මේ අනුව නුදුරු දිනකදී එළිදැක්වීම සඳහා සජිත් ප්‍රේමදාසගේ මාධ්‍ය මෙහෙයවන පුද්ගලයින් ලහි ලහියේ වීඩියෝ පටයක් නිෂ්පාදනය කරමින් සිටින බවට වාර්තා වනවා.

එම වීඩියෝ පටය මගින් ව්‍යාජ නලුවෙක් යොදවා ඔහු ISIS සාමාජිකයකු බවට ප්‍රකාශ කිරීමට තිර පිටපත ලියා තිබේ.

ඉන්පසුව මෙම රංගන ශිල්පියා විසින් සිදුකරන පාපොච්චාරණයක් ලෙසට වීඩියෝව ගලා යයි. එම වීඩියෝවේදි ඔහු ප්‍රකාශ කරන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ISIS ක්‍රියාකාරිත්වය සඳහා මුදල් ලබාදුන් බවටයි.

මෙම වීඩියෝව නිපදවන එජාප සමාජජාලා බලකාය වෙනුවෙන් සජිත් ප්‍රේමදාස මහතා කෝටි අටක අතිවිශාල මුදලක්ද ලබා දී තිබෙන බව වාර්තා වේ.

ඉන්පසුව මෙම වීඩියෝව “මහා හෙළිදරව්ව” නමින් එජාප හිතවාදී මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ජාල භාවිතා කරමින් විශාල මුදලක් වියදම් කොට ප්‍රචාරණය කිරීමට කටයුතු සුදානම් කර තිබේ.

මේ වනවිටත් එජාපයේ සජිත් ප්‍රේමදාස මහතාට හිතවත් කොළඹ පිහිටි මාධ්‍ය ආයතනයක රූපාගාරයක් තුල (ස්ටුඩියෝ) මෙම වීඩියෝව රූගත කරමින් තිබෙනා බව වාර්තා වේ.

අදාළ වීඩියෝව පල කර ඉන් පසු දිනම එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන රෝසි සේනානායක, කාවින්ද ජයවර්ධන, චිත්‍රාල් සෝමපාල, හෙක්ටර් අප්පුහාමි, යන පුද්ගලයන් විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් කතෝලික ජතාවට එරෙහිව ප්‍රහාර එල්ල කිරීම සඳහා ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පිරිස කටයුතු කල බවට ප්‍රකාශ කිරීම සැලසුමයි.

ඉන්පසු කතෝලික ජනතාව ගෝඨාභය පරාද කිරීමට කටයුතු කලයුතු බවට දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කිරීමටත් ඉන් අනතුරුව කතෝලික ජනතාව කැඳවා විශාල උද්ගෝෂණ මාලාවක් පැවැත්වීමටත් කටයුතු සුදානම් කොට ඇති බව විශ්වාස වන්ත ආරංචිමාර්ග හෙළි කර සිටී.

එක්සත් ජාතික පක්ෂයේ සමාජ ජාල හා මාධ්‍ය කටයුතු සම්බධව ක්‍රියාකරන තුෂාර වන්නිආරච්චිගේ සැලසුමකට අනුව මේ මඩ ව්‍යාපාරය ක්‍රියාත්මක බවද පැවසෙනවා. ඒ සදහා ශිරාල් ලක්තිලක හා අමාත්‍ය මංගල සමරවීර ප්‍රධාන දායකත්වය ලබා දෙන බව වාර්තා වේ.

එජාපය විසින් රූගත කරනා මෙම වීඩියෝව අනුව රිෂාඩ් බදියුදීන්ලා, රාවුෆ් හකීම්ලා නිර්දෝෂිය.

97 වතාවක් පාස්කු ප්‍රහාරය එල්ලවන බවත් ප්‍රහාරය එල්ල කරන ත්‍රස්තයන්ගේ නම් ගම දුරකථන අංක පවා ලැබී තිබියදී ප්‍රහාරය දවසේ උදේ පවා විදේශ බුද්ධි අංශ පවා තහවුරු කරද්දී මෙන්ම රජයේ අමාත්‍යවරු ප්‍රහාරය ගැන තොරතුරු දැන සිටිද්දී එය වලක්වා ගැනීමට නොහැකි වූ කාලකන්නි වැඩබැරි ආණ්ඩුව දැන් මිනිස් ජිවිත 300ක් පරලොව යවමින් ඒ මිනී මත සිට දේශපාලනය කරන්නට සුදානම් වීම නින්දිතය.

සිය රජය අන්තවාදය පෝෂණය කිරීම හේතුවෙන් සිදු වූ රටක් වැනසු ප්‍රහාරයක සැබෑ වරදකරුවන් සිය වේදිකාවේ තබාගෙන, වැරදි කරුවන්ට දඬුවම් නොදී ඒ මතින් දේශපාලනය කරනා සජිත් ප්‍රේමදාස දේශපාලනයේ වැටිය හැකි පහතම අඩියට වැටී තිබීම කණගාටුදායකය

දස වැදෑරුම් ප්‍රතිපත්ති ය
28/10/2019

දස වැදෑරුම් ප්‍රතිපත්ති ය

28/10/2019

27/10/2019

සාර්ථක දැක්මක් ✔

Address


Website

Alerts

Be the first to know and let us send you an email when SLPP Social Media Team posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share