21/09/2023
ඉන්දියාවෙන් ආරම්භ වුණු නීපා වයිරසය, මේ වනවිට බංගලාදේශය, සිංගප්පූරුව සහ පිලිපීනය යන රටවලටත් ව්‍යාප්ත වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
නීපා වවුලන්ගෙන් සහ ඌරන්ගෙන් මනුෂ්‍යයන්ට ආසාදනය වී ඉන්පසු මනුෂ්‍යයන් අතරේ ව්‍යාප්ත වන වෛරසයක් බව සඳහන්.
තද උණ, වමනය, ස්වසන ආසාදන මෙහි රෝග ලක්ෂණ වන අතර වයිරසය ආසාදනය වී රෝගී තත්ත්වය උත්සන්න වුවහොත් මොළයේ ඉදිමීමක් තෙක් එය වර්ධනය විය හැකි බව වෛද්‍යවරු පවසනවා.