Lanka24x7

Lanka24x7 Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Lanka24x7, News & Media Website, .

15/07/2022

ජනාධිපති අස්වුනා.. කතානායක නිවේදනය කරයි…

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස් වී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිල වශයෙන් දැනුම් දුන්නේය.

ඒ අනුව ඉදිරි ක‍්‍රියාමාර්ග සදහා හෙට දිනයේ පාර්ලිමේන්තුව කැදවන බවච ඔහු සදහන් කලේය.

15/07/2022

🔴 කොළඹට පැනවූ ඇඳිරි නීතිය ඉවත් කෙරේ

කොළඹ පරිපාලන දිස්ත්‍රික්කයට පනවා තිබූ ඇදිරි නීතිය අද අලුයම 5 න් අවසන් වුණා. ඇදිරිය පනවනු ලැබුවේ ඊයේ දහවල් 12 හේ සිටයි.

මහජන ආරක්‍ෂක ආඥා පනතේ විධිවිධාන යටතේ පැවරී ඇති බලතල ප්‍රකාරව වැඩබලන ජනාධිපති, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම නියෝගය පවා තිබුණා.

14/07/2022

ජනපතිගේ ඉල්ලා අස්වීමේ හෙට දක්වා ප්‍රමාද වෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට අදාලව යොමු කළ ලිපිය විද්‍යුත් තැපැල් මාර්ගයෙන් කතානායක කාර්යාලය වෙත ලැබි ඇති බව එම කාර්යාලය තහවුරු කර සිටිනවා.

එම ලිපියේ වලංගු භාවය තහවුරු කර ගැනීමෙන් පසුව ඊට අදාළ නිල නිවේදනය හෙට ප්‍රකාශයට පත් කරන බව කතානායක කාර්යාලය සඳහන් කර සිටියේ.

මෙම ලිපිය සිංගප්පුරුවේ සිට මෙරටට රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු විසින් රැගෙන ඒමට නියමිතයි

14/07/2022

Lank IOC සමාගම ඩොලර් වලට ඉන්ධන ලබා දීම අරඹයි

https://www.facebook.com/1414023538824284/posts/3856374784589135/

LIOC is open to register the exporters, tourism service providers registered under SLTDA, licensed telecommunication service providers and power generation companies for supply of diesel against receipt of US$ on Principal-to-Principal basis, within the regulatory framework. In this connection, the....

14/07/2022

ශ්‍රී ලංකා ජනාධිපති රාජපක්ෂගේ ඉල්ලා අස්වීමේ ලිපිය ඉක්මනින්ම සිංගප්පූරුවේ සිට කොළඹට ගෙන එයි – රොයිටර්

14/07/2022

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට අදාලව යොමු කළ ලිපිය විද්‍යුත් තැපැල් මාර්ගයෙන් කතානායක කාර්යාලය වෙත ලැබි ඇත. එම ලිපියේ වලංගු භාවය තහවුරු කර ගැනීමෙන් පසුව ඊට අදාළ නිල නිවේදනය හෙට ප්‍රකාශයට පත් කරන බව කතානායක කාර්යාලය සඳහන් කරයි.

14/07/2022

ජනාධිපතිවරයා විසින් එවන ලද ලිපිය සත්‍යාපනය කිරීමට උත්සාහ කරන ශ්‍රී ලංකා පාර්ලිමේන්තු කථානායක කාර්යාලය, නීතිපතිවරයා සමඟ සාකච්ඡා කරනු ඇත - රොයිටර්

14/07/2022

මෙට්‍රික් ටොන් 40,000 බැගින් වූ ඩීසල් නැව්ගත කිරීම් තුනක් සහ මෙට්‍රික් ටොන් 35,000, ඔක්ටේන් 92 පෙට්‍රල් තොගය ජූලි 17 වැනි දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය - (CPC)

14/07/2022
14/07/2022

හෙට සිට යළිත් සෞඛ්‍ය සේවය සඳහා ඉන්ධන නිකුත් කිරීම ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

හෙට දිනයේදී යළිත් සෞඛ්‍ය සේවය සඳහා ඉන්ධන ලබාදීම සිදුකරන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

යතුරුපැදියක් සඳහා ලීටර්
ත්‍රිරෝද රථයක් සඳහා ලීටර් 8
මෝටර් රථ සඳහා ලීටර් 20

යන සීමාවකට යටත්ව හෙට දිනයේදී සෞඛ්‍ය සේවය සඳහා ඉන්ධන නිකුත් කරන බවයි එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

14/07/2022

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිංගප්පූරුව වෙත ලගාවී ඇත

14/07/2022

🎈ඇඳිරි නීතිය තිබුණ ද කොළඹට පැමිණි දුම්රිය පස්වරුවේ නියමිත ගමනාන්ත වෙත

කොළඹ දිස්ත්‍රික්කයට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුව ද පෙරවරුවේ කොළඹට පැමිණි දුම්රිය පස්වරුවේ නියමිත ගමනාන්තය දක්වා ධාවනය කිරීමට පියවර ගන්නා බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

14/07/2022

🔴 පාර්ලිමේන්තුව හෙට නොකැඳවන අතර ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමේ ලිපිය ලැබී දින තුනක් ඇතුළත පාර්ලිමේන්තුව කැඳවනවා - කථානායක

13/07/2022

තුවාල ලබා රෝහල්ගත කල විරෝධතාකරුවෙක් මිය යයි…

අද දින පැවති විරෝධතාවලිදී තුවාල ලැබූ 26 හැවරිදි තරුණයෙකු මිය ගොස් තිබේ.

අගමැති කාර්යාලය අසල අද ඇති වූ නොසන්සුන්තාවය නිසා තුවාල ලත් 40ක පමණ පිරිසක් රෝහල්ගත කර තිබේ.

13/07/2022

අරගලකරුවන්ට නීතීඥ සංගමයෙන් විශේෂ දැනුම්දීමක්

අත්පත් කරගෙන ඇති පරිශ්‍රවලින් ඉවත්ව අදාළ අංශ වෙත එම ආයතන වහාම භාරදෙන ලෙසත්, සාමකාමී බල හුවමාරුවක් සඳහා දේශපාලන නායකයන්ට ඉඩ සලසන ලෙසත් ශ්‍රී ලංකා නීතීඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් අරගලකරුවන්ගෙන් ඉල්ලා සිටී.

ශ්‍රී ලංකා නීතීඥ සංගමය වැඩිදුරටත් පවසන්නේ සාමකාමී උද්ඝෝෂණ අනුමත කරන නමුත් නීතිවිරෝධී සහ ව්‍යවස්ථා විරෝධී තත්ත්වයන් ඇතිකිරීම සඳහා කිසිසේත්ම තම සංගමය සහාය නොදෙන බවය.

13/07/2022

ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගෙන් විශේෂ ඉල්ලීමක්

https://www.youtube.com/watch?v=JKj35913h5Q

රට තුළ නීතිය සහ සාමය පවත්වාගෙන යෑම සඳහා සහාය වෙන ලෙස ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා ජනතාවගෙන් ඉල්ලයි.

එහිදී අදහස් දැක්වූ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා

"ත්‍රිවිධ හමුදාව සහ ශ්‍රී ලංකා පොලීසිය මේ දක්වා පවතින ව්‍යවස්ථාවට අනුව කටයුතු කරනු ලැබුවා. විශේෂයෙන්ම අද දිනයේදී කථානායකවරයා අප වෙත දන්වා සිටිනු ලැබුවා. අතිගරු ජනාධිපතිතුමාගේ ඉල්ලා අස්වීම අද දිනයේදී සිදුවන බවට එතුමා විසින් අපට තහවුරු කරනු ලැබුවා. එහිදී විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමාගේ අස්වීමත් සමඟ ඉදිරියේදී පත්වීමට නියමිත ජනාධිපතිවරයා පත්වනතුරු කාලසීමාව තුළ ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳවත් අපි එතුමත් එක්ක සාකච්ඡා කරනු ලැබුවා. ඒ අනුව විශේෂයෙන්ම තිවිධ හමුදාපතිවරුනුත් පොලිස්පතිතුමත් කථානායකවරයාගෙන් ඉල්ලීමක් කරනු ලැබුවා, සියලුම පක්ෂ නායවරයන්ගේ රැස්වීමක් කැඳවා එහිදී දේශපාලන වශයෙන් ඉදිරි ජනාධිපතිතුමා පත්කරගන්නාතුරු කාළසීමාවේ ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව පැහැදිළි කිරීමක් කරලා දේශපාලන වශයෙන් ගනු ලබන තීරණ අපවෙත දැනුම්දෙන ලෙස ඉතින් ඒ නිසා විශේෂයෙන්ම ඒ තීරණ අද දිනයේ සවස් භාගයේදී විශේෂයෙන්ම කථානායකවරයාත් පක්ෂනායකවරුන් විසිනුත් රටේ මහජනතාව වෙත ප්‍රකාශ කරන බවට අපිට විශ්වාසයි මේ අනුව මේ රටේ ජනතාවගෙන් විශේෂයෙන්ම තරුණ ජනතාවගෙනුත් අපි විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා මේ තත්ත්වය ඔවුන් විසින් ප්‍රකාශයට පත්කරලා ඊළඟ ජනාධිපතිතුමා පත්වන තුරු ඉතාමත් සාමකාමීව රටේ සාමය පවත්වාගෙන යාම සඳහා ත්‍රිවිධ හමුදාව සහ ශ්‍රී ලංකා පොලීසියට සහයෝගය ලබාදෙන්න විශේෂයෙන්ම පෞද්ගලික හෝ රජයේ දේපළ විනාශ නොකර මේ ත්‍රිවිධ හමුදාවට සහ පොලීසියට රටේ සාමය පවත්වාගෙන යාමට ඔබගේ සියලුම ශ්‍රී ලංකාවාසී ආදරණීය ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා අපිට සහයෝගය ලබාදෙන්නට කියලා."

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Lanka24x7 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share