Kandy News

Kandy News Welcome to Kandy News on Facebook - a hub for the latest news in Sinhala, & English.

දින සති මාස ගත වූ සැටි සිහිනයකි..තත්පර උනත් පැය උන සැටි අරුමයකි...කාලය ගෙවෙයි එහි වේගය කිව නොහැකි...නොදැනිම තවත් නව වසරක...
01/01/2024

දින සති මාස ගත වූ සැටි සිහිනයකි..
තත්පර උනත් පැය උන සැටි අරුමයකි...
කාලය ගෙවෙයි එහි වේගය කිව නොහැකි...
නොදැනිම තවත් නව වසරක ඇරඹුමකි...
පව් සිතුවිලි වලින් හැම විට ඈත් වෙමූ...
දුර් ගුණ පසෙකලා සැමටම මෙත් වඩමූ...
මිනිස් ගුණය ලොව හැම තැන පතුරවමූ...
සාමය සතුට පිරි සුබ වසරක් පතමූ...
පවතින අනුවන කම් දුරු වේවා..
සැණෙකින් මුළු ලොවම සුවයට පත් වේවා...
පණ ණළ රකින සුව විරුවන් රැක දේවා..
සුවයෙන් සපිරි සුබ නව වසරක් වේවා...
මැවූ සිහින ඒ ලෙසින්ම සැබෑ වෙන...
පැතූ පැතුම් ඉටුවී සුබ සෙත ගෙනෙන...
කල් වැසි ලැබී නිතියෙන් අටු කොටු පිරෙන...
රිසියෙන් සපළ වේවා සිතු පැතු සිහින...
2024 නව වසර , සුභ නව වසරක් වේවා...!!🥰❤️

29/06/2023

💚❕
29/06/2023

💚❕

28/06/2023
💙❕
27/06/2023

💙❕

Good Morning🍃💙❕  📷 credited to the respective owner
26/06/2023

Good Morning

🍃💙❕


📷 credited to the respective owner

21/06/2023

Felt it..🖤🌧️🌫️


Thejana Rathnayake ©

𝐑𝐨𝐲𝐚𝐥 𝐁𝐨𝐭𝐚𝐧𝐢𝐜𝐚𝐥 𝐆𝐚𝐫𝐝𝐞𝐧𝐬, 𝐏𝐞𝐫𝐚𝐝𝐞𝐧𝐢𝐲𝐚  💚👣🍃📷 ᴄʀᴇᴅɪᴛ ᴛᴏ ᴛʜᴇ ʀᴇᴤᴘᴇᴄᴛɪᴠᴇ ᴏᴡɴᴇʀ
09/06/2023

𝐑𝐨𝐲𝐚𝐥 𝐁𝐨𝐭𝐚𝐧𝐢𝐜𝐚𝐥 𝐆𝐚𝐫𝐝𝐞𝐧𝐬, 𝐏𝐞𝐫𝐚𝐝𝐞𝐧𝐢𝐲𝐚
💚👣🍃

📷 ᴄʀᴇᴅɪᴛ ᴛᴏ ᴛʜᴇ ʀᴇᴤᴘᴇᴄᴛɪᴠᴇ ᴏᴡɴᴇʀ

08/06/2023

You have yourself! 💐💙

Good Morning 💙❕
01/06/2023

Good Morning
💙❕

♥️ 🌿 🌻   📷 credit to respective owner
27/05/2023

♥️ 🌿 🌻




📷 credit to respective owner

The World's Largest   is located in Sydney Canada. The   is 60 feet tall. Made of solid steel, it was designed and built...
23/05/2023

The World's Largest is located in Sydney Canada. The is 60 feet tall. Made of solid steel, it was designed and built by Cyril Hearn in 2005. It is a tribute to the folk music and traditions of the province’s community.

ලොව ලස්සනම පළාතක් ලෙස හැදින්වෙන ඊසාන දිග  ඉතාලියේ අඩි 11,000 ක් උස ඩොලමයිට් කදු.
20/05/2023

ලොව ලස්සනම පළාතක් ලෙස හැදින්වෙන ඊසාන දිග ඉතාලියේ අඩි 11,000 ක් උස ඩොලමයිට් කදු.

The Bogambara Prison was the second largest prison in Sri Lanka, the first being the Welikada Prison in Colombo. It was ...
19/05/2023

The Bogambara Prison was the second largest prison in Sri Lanka, the first being the Welikada Prison in Colombo. It was built by the British Ceylon Government in the year 1876. The prison complex has gallows and was one of the two prisons in Sri Lanka where the death penalty was implemented. The prison was closed down in 2014 and the building is open for public viewing as a historic monument. It is one of the oldest existing buildings in Kandy and located in Bogambara.

On the 24th of August 2019, the Bogambara Prison was transformed into a cultural and tourism centre named “Bogambara Cultural Park”. The concept followed is similar to the concept of the Arcade Independence Square in Colombo. The project aims at transforming the former prison into a multi-use building with some cells and rooms turned into shops, budget accommodation, shared work spaces and hotels.

Credit goes to the respective owners ✨️💙

✨️❤️
18/05/2023

✨️❤️

🆆🅴🆆🅰🆃🅷🅴🅽🅽🅰Wewathenna is a camping site which is situated in Kandy. The route to this place is not an easy one and requir...
17/05/2023

🆆🅴🆆🅰🆃🅷🅴🅽🅽🅰

Wewathenna is a camping site which is situated in Kandy. The route to this place is not an easy one and requires the help of locals in the area. However, the plain at the top of Wewathenna gives amazing views of the surrounding valleys. Also known as Lake Plains, it is widely accepted as the beauty of Medamahanuwara. The popular Victoria Dam is situated along the route to Wewathenna and is a popular pit stop among visitors.

( 📷 credited to the respective owners )

❤️
16/05/2023

❤️

විස්මය දනවන රෝස පැහැති විල (Hillier)~~~~~~~~~~~තරමක් ලා රෝස පැහැයකින් යුත් මෙම විල බටහිර ඕස්ට්‍රේලියාවේ middle island නම...
14/05/2023

විස්මය දනවන රෝස පැහැති විල (Hillier)
~~~~~~~~~~~

තරමක් ලා රෝස පැහැයකින් යුත් මෙම විල බටහිර ඕස්ට්‍රේලියාවේ middle island නම් ජනශුන්‍ය දූපතේ පිහිටා ඇත.

මෙම විලෙහි සොයාගැනීම බ්‍රිතාන්‍ය ජාතික මැතිව් ෆ්ලින්ඩර්ස් වෙත හිමි වන අතර Hillier යනු මෙම ගවේශණාත්මක ගමනේදී මරණයට පත් වූ මැත්ව් ගේ මිතුරෙක් වන අතර ඔහුට ගෞරවයක් ලෙස මෙම විල මෙනමින් හදුන්වයි.

තවමත් පර්‍යේශණ මට්ටමේ පවතින මෙම විලෙහි දිස් වන රෝස පැහැයට හේතුව ලෙස සලකනු ලබන්නේ මෙම විලෙහි ඇති Dunaliella ලෙස හදුන්වන ඇල්ගී විශේශය බව පර්‍යේශකයින් පවසයි. එමෙන්ම සාමාන්‍ය මුහුදු ජලය මෙන් දසගුණයක් පමණ ඉහළ ලවණ සාන්ද්‍රණය ද මෙම රෝසපැහැයට හේතුවනබවට සැක පළකෙරේ

කෙසේ වුවද පසුකාලීනව සිදුකල පර්‍යේශණ මගින් හෙලි වී ඇත්තේ මෙම විල ස්නානයට හා පිහිනීමට නුසුදුසු වන බවයි. අධික ලවණ සාන්ද්‍රණය පිහිනුම්කරුවන්ට ආරක්ශිත වුවද එම ලවණ සාන්ද්‍රණය නිසා එම විලෙහි වර්ධනය වන ලවණකාමි ක්ෂුද්‍ර ජීවීන් හා සමහර ඇල්ගී වර්ග විශ සහිත නිසා කිසිසේත්ම පිහිනීම හා ස්නානයට සුදුසු නොවන බව පර්‍යේශකයින් පවසයි.

දැනටද පර්‍යේශණ මට්ටමේ පවතින විලක් බැවින් පාගමනින් මෙහි යාමට සංචාරකයන් හට අවසර නොමැති අතර ගුවනින් දැකබලා ගැනීමට හා ඡායාරූප ගැනීමට අවසර තිබෙනවා.

10/05/2023

Kandy

ප්‍රේමයේ නගරය
08/05/2023

ප්‍රේමයේ නගරය

සෙංකඩගල වෙසක් මංගල්‍යය 2023මැයි මස 5, 6 සහ 7 තෙදින පුරා..
05/05/2023

සෙංකඩගල වෙසක් මංගල්‍යය 2023
මැයි මස 5, 6 සහ 7 තෙදින පුරා..


KCC වෙසක් අසිරිය...
05/05/2023

KCC වෙසක් අසිරිය...

මහනුවර ✨️💙
03/05/2023

මහනුවර
✨️💙

මිහිමත ඇවිදගිය තල්මසුන්.තල් මසුන් කියන්නෙ කතා කරල ඉවර කරන්න පුළුවන් මාතෘකාවක් නෙවේ.මේ අයගෙ සන්නිවේදන හැකියාව මිනිස් මොළය...
01/05/2023

මිහිමත ඇවිදගිය තල්මසුන්.
තල් මසුන් කියන්නෙ කතා කරල ඉවර කරන්න පුළුවන් මාතෘකාවක් නෙවේ.
මේ අයගෙ සන්නිවේදන හැකියාව මිනිස් මොළය අභිබවා යන තරමට දියුණුයි... සංකීර්ණයි.
තල්මසුන්ගෙ භාශාව හා ශබ්දය ජලයේ කිලෝ මීටර් 10,000 ක් දක්වා දුර ගමන් කිරීමේ හැකියාව තියන බවට පර්‍යේශණ වලින් හෙලිවෙනව.
නිකමට හිතුවොත් පෘථිවියේ විශ්කම්භය කිලෝ මීටර් 12,742ක් වෙද්දි ඒ හා සමාන දුරකට සන්නිවේදනය කිරීමේ හැකියාව තල්මසුන්ට තියනව කියල.
ඒ කියන්නෙ නෝර්වේ උතුරු මුහුදෙ ඉඳල ඇන්ටාක්ටිකා ප්‍රදේශයේ මුහුදෙ පීනමින් ඉන්න තමන්ගෙ සගයෙක් එක්ක කතාභහ කරන්න මේ අයට හැකිවිය යුතුයි.
අයිෆෝන්... සැම්සන්ග් වගේ උපකරණ එක්ක මිනිසා ඒ තත්වයට ලඟා වුනේ පහුගිය අවුරුදු විස්සක් වගේ මෑත කාලයක් අතර තුරදියි.
පහුගිය දවසක තල්මස් හඬ සහිත සංගීත සීඩී පටියකට සවන් දෙද්දි හිතුනේ බීතෝවන් හෝ ඒ අර් රහ්මන්ල වගේ තල්මසුන්ටත් පුදුමාකාර හැකියාවක් සංගීතය සම්භන්ධයෙන් තියන බවයි.
මේ සංගීතය මානසික ආතතියට... අවපීඩනයට ප්‍රථිකාර වශයෙන් පවා අද දවසේ පාවිච්චි කෙරෙනව.
මේ වෙද්දිත් සී ශෙපර්ඩ් හා ග්‍රීන්පීස් ( Sea Sheperd , Green peace) වැනි සංවිධාන සීතල මුහුදේ තල් මසුන් දඩයමට එරෙහිව තනියම සටන් කරමින් ඉන්නව.
ජපානය , නෝර්වේ හා අයිස්ලන්තය තවමත් තල්මස් දඩයම විවෘත්තවම කරන්නෙ ලෝකයේ පරිසර සංවිධන වල හඬට ඇහුම් කන් නොදෙමින්.

අවුරුදු බිලියන 4,5 ක් වයස පෘථිවියේ දැනට වසර මිලියන 65 කට පමන කලින් ඩයිනෝසෝරයන් වඳවී ගිය බව අපි දන්නව.
ඉන්පස්සෙ ක්ශීරපායින් තමන්ගෙ බලය පෘථිවිය මත පතුරුවද්දි තල්මසුන් දැනට වසර මිලියන පනහකට පමණ පෙර ඉඳලම පොළවේ ජීවත් වුනු බවට සාක්ශි ලැබෙමින් තියෙන්නෙ මේ ක්ශේස්ත්‍රයේ හැම දෙනාවම පුදුම කරවමින්.
නමුත් මහා ලොකු බුද්ධිමත් සත්වයා යැයි කියන මිනිසාගේ මුල්ම අවධිය හෙවත් වානර අවධිය සටහන් වෙන්නෙත් දැනට වසර 315,000 ක් තරම් මෑත කාලයේදී.

චාර්ල්ස් ඩාවින් කියන්නෙ නෝවාගේ නැවටත්...මහා බ්‍රහ්මයාගේ කටින් පනින ජලයටත්.. දෙවියන් විසින් සතුන් මැව්වා යැයි කියන කතංදර වලටත් එහාට ගිහින් යම් පිලිගත හැකි න්‍යායක් ලොවට හඳුන්වාදුන් විශිෂ්ඨයෙක්... බුද්ධිමතෙක්.
1809- 1882 අතර කාලයේ ජීවත් වූ මේ මහත්තයා මිනිසුන්ගේ විශ්වාස වගේම දැනුම උඩු යටිකුරු කරන්න තරම් සමත් වුනු න්‍යායක් දැනුමක් ඉදිරිපත් කලේ අද තියන තාක්ශණය හා ඒ හරහා ලැබෙන සාක්ශි වල උදව් නැතුවයි.

ඊජිප්තු සහරා කාන්තාරයේ තල්මස් නිම්නයෙන් මේ දවස් වල ලැබෙන ෆොසිල සාක්ශි එක්ක තල්මසුන් ගැන පුදුමාකාර තොරතුරු රැසක් දනගන්න පුළුවන් වෙනව.
කයිරෝ නගරයෙන් ගිණිකොන දිශාවට වෙන්න කිලෝ මීටර් 150 කට පමණ දුරින් තියන වඩි අල් හිටන් ( Wadi Al hitan) හෙවත් තමස් නිම්නය තල්මසුන්ගේ ඇටසැකිලි ෆොසිල සිය ගනනක් යොයා ගැනුනු අමුතුම ස්ථානයක්. - (Valley of the whales)
දැනට අවුරුදු මිලියන පනහකට පමන කලින් ජීවත් වූ මේ තල්මසුන් හඳුනා ගැනෙන්නේ ලෙග්ඩ් වේල් ( Legged whales) හෙවත් පාද සහිත තල්මසුන් විදිහටයි.
තව විදිහකට කීවොත් පොළව මත ඇවිදගෙන ගිය තල්මසුන් විදිහට මේ අයව හඳුනා ගන්න පුළුවන්.
කිරි බී වැඩෙන හා මිනිස්සු වගේම වාතය ආශවාශ ප්‍රාශ්වාස කරන තල් මසුන් මිහිමත ඇවිද ගියා යැයි කියන කාරණය එක අතකට පුදුම විය යුතු කරුණක් නෙවේ.
එයින් අදහස් වෙන්නෙ අද සහරා කාන්තාරය කියන්නෙ ඒ කාලෙ ජලයෙන් පිරුණු සාරවත් බිම් ප්‍රදේශ... එහෙමත් නැත්තං මුහුද හා ගොඩබිම එකට යාවුනු ප්‍රදේශ.

මේ බිම් ප්‍රදේශයේ ඇති ෆොසිල අයිති වෙන්නෙ පැලියොජීන් (Paleogene) එහෙමත් නැත්තං ඉයෝසීන් (eocene) කියන යුගයට. ඒ කියන්නෙ වසර මිලියන 66 ත් 23 අත් අතර පුරාන ඓතිහාසික යුගයටයි මේ ෆොසිල අයිති වෙන්නෙ.
මේ කාලයේ තමයි තල් මසුන්... ඩොල්ෆින් වැනි සතුන් ජලය හා ගොඩ බිම දෙකේම වාසය කරා යැයි විශ්වාස කෙරෙන්නෙ.

මේ තල්මස් ඇටසැකිලි වල පැහැදිලිවම දකින්න පුළුවන් හොඳින් වැඩුනු පාද වලට ගැලපෙන අස්ථි කොටස්.
තව විදිහකට කීවොත් පාද හා අත් සහිත තල්මස් ෆොසිලයි අපි මේ පිංතූර වල දකින්නෙ.

අවුරුදු මිලියන ගානක් පුරා මේ අය පෘථිවියේ ඇතිවෙන විවිධ වෙනස්කම් වලට අනුගත වෙමින් වෙනස් වෙනව. තව විදිහකට කීවොත් ස්වාභාවිකවම හැඩගැහෙනව වෙනස් කම් වලට.
අලියන් හා ඇතුන් කොයිතරම් ඉක්මනට හැඩ ගැහෙනවද කීවොත් ඒ වේගයම ඒ අයගෙ විනාශයට මුල් වෙන බව වෙනම කතා කල යුතු මාතෘකාවක්.

තල්මසුන් හා ඩොල්ෆින් වැනි සත්තු වසර මිලියන ගාණක ඉඳල පෘථිවියේ ජීවත් වෙන්නෙ ස්වාභාවිකම අළුත් තත්වයන්ට හැඩ ගැහෙන්නෙ දෙවියන්... ශාස්තෲවරුන් ලොව පහල වෙන්න බොහොම කාලෙකට කලින්.
මිනිස්සු හිතනව මනුශ්‍යයා බොහොම බුද්ධිමත් කියල.
ඒ අයගෙ දුරදිග නොබලන අනුවණ ක්‍රියාවන් නිසා පෘථිවිය විනාශ වෙනව කියලත් ඒ අයගෙන් සමහරෙක් තේරුම් ගන්නව. නමුත් විනාශ වෙන්නෙ පෘථිවිය නෙවේ උඩඟු මනුශ්‍යයා පමණයි.
පෘථිවිය කැරකේවි වසර මිළියනයක් දෙකක්... අළුත් ජීවයක් පොළව මත බිහි කරාවි.
තල් මසුන්... ඩොල්ෆින් වැනි සත්ව විශේෂ සොයාගනීවි ක්‍රමයක් නැවත් මිහිමත නිදහසේ උපදින්න..සැරිසරන්න.
ඒ කාලෙදි හෝමෝ සේපියන්ස් මිහිමත ජීවත් වුනාද කියල කියන්න තරම් වත් සාක්ශියක් නැති වේවි.

picture curtsey - National Geographic

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Kandy News posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share