22/07/2022
"පින්තූරයත් සත්‍යය එකක් දැයි මා නොදනිමි"
කෙසේ වෙතත්,
රටේ ආරක්ෂක අංශ වෙත ආදරයෙන් ලියමි, 
පුරවැසියෝ අවිහිංසාවාදී අරගලය වටා පෙළ ගැහෙන්නේ
ආර්ථික අර්බුදය විසඳාගැනීමට පාර්ලිමේන්තුව තුළින් සාධනීය විසඳුමක් අපේක්ෂාවෙන් මිස, ලක්ෂ 3ක සන්නද්ධ හමුදාවක් සමග සටන් කොට රාජ්‍යයේ බලය අල්ලාගැනීමට නොවේ.
තලේබාන් ක්‍රමය, ගඩාෆි ක්‍රමය පොදුජනතාවට අවශ්‍ය නැත.
88/89 නිර්මාණය වූ ආයුධ සන්නද්ධ අරගලය
පාක්ෂික ය. 2022 දි එය නිර්පාක්ෂිකය.
30 වසරක යුද්ධය ජනවාර්ගිකය.
"අද සමස්ථ ශ්‍රීලාංකිකයන්ගේ ජන අරගලයකි"
ඔබ මේ දකින්නේ පොදු මහජනයාගේ කුසගින්නේ වේදනාවයි.
දේශපාලන පක්ෂ දෙක තුනක්, පවුල් කීපයක් බලය අල්ලාගන විනාස කළ තරුණ තරුණියන්ගේ වර්ථමානයේ, අනාගතයේ අඳෝනාවයි.
"එදා 88/89 ආර්මි එකේ කොල්ලන්ගේ ගෙදරට පහර දුන්නේ ද , ජනතාවට හානි කලේද එවකට ආණ්ඩුවම බව පොත්පත් වල ඇත"
"මෙදා මාස 3ක් අවිහිංසාවෙන් ක්‍රියාත්මක අරගලයේ
නුඹලාට පහරදුන්නේ ඔබලාට ස්තූතිය, ගෞරවය පුදකරන
පාලකයාම වන්නට පුලුවන්"
මාධ්‍ය සියල්ල රෙජිමයට පක්ෂපාතී මුත්,
88/89 නැති සමාජ මාධ්‍ය අද ඇත.
බහුතරය අත 📱 එකක් ඇත.
අන්තර්ජාතික ප්‍රජාව අවධියෙන් ය.
ආර්ථිකය විසඳීම සර්වපාක්ෂිකව කළ යුතු ය.
ජනතාව ඒ සඳහා ඉඩදීමට තීරණය කර ඇති මොහොතක මර්ධනය කරයි නම්,
"සියල්ල අනික් පැත්තට හැරෙන්නත් පුලුවන්"
රනිල් වික්‍රමසිංහ විශ්ම කර්මයා නොවේ.
ආර්ථික අර්බුදය විසදීමට
මුදල් ගලා එන ක්‍රම දෙකක් ඇත.
01. විදෙස් ප්‍රේෂණ
02. IMF සාකච්ඡා හරහා සහන පැකේජ/ විදෙස් ණය සහන
නමුත් අද ක්‍රියාත්මක රාජ්‍යය මර්ධනය තුළින් රටක් ලෙස අපට සියල්ල අහිමි වේවි.
ලෝකයේ මීට උදාහරණ ඕනෑතරම් ඇත.
පළි ගැනීම් කණ්ඩායම් ඇතිවේවි.
සිවිල් යුද්ධයකට මග පෑදෙවී.
ආරක්ෂක අංශ නියමුවනි,
දැන් තීරණය නුඹලා සතු ය.
රාජ්‍යය රැකීම වෙනුවෙන් වගකීම මා පිළිගනිමි.
ජනතාවගේ විසම්මුතිය ද ව්‍යවස්ථානුකූලය.
ඔබ තීරණාත්මක මොහොතේ හදවතේ ඕඩරය අහන්න.
නිරායුධ පුරවැසියාට අවිය දික් කරන්න ඔබට අයිතියක් තිබේද?
පහරදෙන්නට සදාචාරාත්මක අයිතියක් තිබේද?
ඔවුන් සටන් කලේ ඔබ වෙනුවෙන්.
අප වෙනුවෙන්.
ඔවුන්ට දැන් මහන්සියි.
හුස්ම ගන්න ඉඩදෙන්න.
ඔබට මාසයක් දෙකක් තුළ සත්‍යය වැටහේවි.
එදාට ඔබත් හර්දසාක්ශියට ඉඩදේවි.
තාරුක රණවීර