Mahaweli Media

  • Home
  • Mahaweli Media

Mahaweli Media Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Mahaweli Media, News & Media Website, .
(1)

02/07/2020

1978 වර්ෂයේ ඉදි කිරීම් ආරම්භ කෙරුණු මාදුරුඔය ජලාශයේ මංගල දියවර 1983 ජූලි 2 වෙනිදා නිකුත් කරමින් වැඩ නිම කෙරුණු මාදුරුඔය ජලාශය ජාතියට දායාද කොට තිබෙයි.

11/06/2020
15/04/2020

1979 අංක 23 දරණ ශ්‍රී ලංකා මහවැලි අධිකාරි පණතට අනුව 1988 අප්‍රේල් 15 වෙනිදා නිකුත් කරන ලද අංක 502 දරණ ගැසට් නිවේදනය මගින් වැලිඔය ප්‍රදේශය " මහවැලි එල් කලාපය " ලෙසින් ප්‍රකාශයට පත් කෙරිණි. එම නිවේදනයට අනුව හෙක්ටයාර 163000 ක භූමි ප්‍රදේශයක් මහවැලි එල් කලාපයට අයත් විය. පසුව 2007 මාර්තු 9 වෙනිදින නිකුත් කළ අංක 1487/32 දරණ ගැසට් නිවෙදනය මගින් භූමි ප්‍රමාණය හෙක්ටයාර 199209 දක්වා පුළුල් කෙරිණි.

09/04/2020

කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපාරය යටතේ වික්ටෝරියා ජලාශය ඉදිකිරීමට , එහි ජලාශ වේල්ලේ හා උමගේ ඉදිකිරීම් කටයුතු 1980 අප්‍රේල් 10 වෙනිදා ආරම්භ කෙරිණි .

03/04/2020

අභිනවයෙන් ඉදිකෙරුණු වික්ටෝරියා ජලාශයට මහවැලි ජලය පිරවීමේ කටයුතු 1984 අප්‍රේල් 4 වෙනිදා ආරම්භ කෙරිණි .

" අධ්‍යාපන ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක කරන අග්‍රගණ්‍ය පාසල් වැඩසටහන යටතේ අග්‍රගණ්‍ය පාසලක් සෞභාග්‍යයේ දැක්මෙන් ගොඩ නැගෙන අනාග...
06/03/2020

" අධ්‍යාපන ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක කරන අග්‍රගණ්‍ය පාසල් වැඩසටහන යටතේ අග්‍රගණ්‍ය පාසලක් සෞභාග්‍යයේ දැක්මෙන් ගොඩ නැගෙන අනාගත පොළොන්නරුව පස් අවුරුදු සංවර්ධන සැලැස්ම යටතේ අපි පොළොන්නරුව ගල් ලෑල්ල ප්‍රදේශයට ලබා දෙනවා.ඒ වගේම රටපුරා ආරම්භ කෙරෙන පාසැල් දහස වැඩසටහන යටතේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම නව පාසැල් දෙක බැගින් ලබාදීමට කටයුතු කරනවා "

රොෂාන් රණසිංහ හිටපු මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යතුමන් මේබව ප්‍රකාශ කළේ , රොෂාන් රණසිංහ ජන සහන පදනම යටතේ එතුමන්ගේ පුද්ගලික ධන පරිත්‍යාගයෙන් විජයරාජපුරදී පාසැල් සිසුන් උදෙසා කළ පාසැල් අභ්‍යාස පොත් බෙදාදීමේ වැඩසටහනකට එක්වෙමිනි.

" සෞභාග්‍යයේ දැක්මෙන් ගොඩනැගෙන අනාගත  පොළොන්නරුව පස් අවුරුදු සංවර්ධන සැලස්ම යටතේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මුල්කොට ගෙන ...
06/03/2020

" සෞභාග්‍යයේ දැක්මෙන් ගොඩනැගෙන අනාගත පොළොන්නරුව පස් අවුරුදු සංවර්ධන සැලස්ම යටතේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මුල්කොට ගෙන කෘෂි අධ්‍යාපන ආයතනයක් දිඹුලාගල ප්‍රදේශයේ අපි ආරම්භ කරනවා.ඒ වගේම දිස්ත්‍රික්කයේ සියළුම පාසල් වලට පිරිසිදු පානීය ජලය ලබාදෙනවා "

හිටපු මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ අග්බෝපුරදී පැවති පාසල් අභ්‍යාස පොත් බෙදාදීමේ වැඩසටහනට එක්වෙමිනි.රොෂාන් රණසිංහ මැතිතුමා සිය පුද්ගලික ධන පරිත්‍යාගයෙන් සිදුකරන පාසල් සිසුන්ට අභ්‍යාස පොත් බෙදාදීමේ වැඩසටහන දිස්ත්‍රික්කය පුරා මෙවර සිදුකරන්නේ දසවෙනි වතාවටය. මෙවර සිසුන් අනූදහසකට පොත් බෙදාදීමේ සිදුකෙරිණි .

රොෂාන් රණසිංහ ජන සහන පදනම සංවිධානය කරනු ලැබූ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පාසල් දරුවන්ට පාසල් අභ්‍යාස පොත් බෙදාදීමේ තවත් වැ...
05/03/2020

රොෂාන් රණසිංහ ජන සහන පදනම සංවිධානය කරනු ලැබූ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පාසල් දරුවන්ට පාසල් අභ්‍යාස පොත් බෙදාදීමේ තවත් වැඩසටහනක් කහඹිලියාව විහාරස්ථාන පරිශ්‍රයේදී හිටපු මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවත්විණි.එහිදී අදහස් දක්වමින් අමාත්‍යතුමන් මෙසේ ප්‍රකාශ කළේය .

" අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්මෙන් ගොඩ නැගෙන අනාගත පොළොන්නරුව තුළ අධ්‍යාපන ක්‍රමයේ පැහැදිලි වෙනසක් සිදුකරනවා.පාසල් අධ්‍යාපනය ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයකට යොමු කරනවා.දිස්ත්‍රික්කය තුළ වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රයත් විධිමත් හා ක්‍රමවත් කොට දිස්ත්‍රික්කයේ විරැකියාව නැති කිරීමටත් උපරිමව කටයුතු කරනවා "

වසර දහයක් තිස්සේ රොෂාන් රණසිංහ මැතිතුමා තම පුද්ගලික ධන පරිත්‍යාගයෙන් මෙම පාසල් අභ්‍යාස පොත් බෙදාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන අතර මෙවර පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පාසල් සිසුන් අනූදහසකට පොත් බෙදාදීම සිදුවෙයි .

" වකුගඩු රෝගය ඇතිවීමේ අවදානම නැති කිරීමට හොදම පිළියම තමයි පිරිසිදු පානීය ජලය ජනතාවට ලබාදීම .අපේ අනාගත පොළොන්නරුව පස් අවු...
05/03/2020

" වකුගඩු රෝගය ඇතිවීමේ අවදානම නැති කිරීමට හොදම පිළියම තමයි පිරිසිදු පානීය ජලය ජනතාවට ලබාදීම .අපේ අනාගත පොළොන්නරුව පස් අවුරුදු සංවර්ධන සැලස්ම යටතේ මුළු දිස්ත්‍රික්කයේම සියළුම ජනතාවට අපි පිරිසිදු පානීය ජලය ලබාදෙනවා"

හිටපු මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මැතිතුමා ජනතාවට එලෙස ප්‍රකාශ කළේ මීගස්වැව විහාර පරිශ්‍රයේදී පැවති පාසල් සිසුන් උදෙසා අභ්‍යාස පොත් බෙදාදීමේ වැඩසටහනට එක්වෙමිනි. මෙවර පාසල් සිසුන් අනූදහසකට අභ්‍යාස පොත් බෙදාදුන් අතර වසර දහයක පටන් රොෂාන් රණසිංහ මැතිතුමා තම පුද්ගලික ධන පරිත්‍යාගයෙන් දිස්ත්‍රික්කය පුරා සියළු පාසල් සිසුන්ට අභ්‍යාස පොත් බෙදාදීම සිදුකරනු ලබයි.

"සෞභාග්‍යයේ දැක්මෙන් ගොඩනැගෙන අනාගත පොළොන්නරුව පස් අවුරුදු සංවර්ධන සැලැස්ම යටතේ අපි රජරට විශ්ව විද්‍යාලයට අනුබද්ධිත කෘෂි...
05/03/2020

"සෞභාග්‍යයේ දැක්මෙන් ගොඩනැගෙන අනාගත පොළොන්නරුව පස් අවුරුදු සංවර්ධන සැලැස්ම යටතේ අපි රජරට විශ්ව විද්‍යාලයට අනුබද්ධිත කෘෂි විද්‍යා පීඨයක් හා ඉංජිනේරු පීඨයක් පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළ ආරම්භ කරනවා."

හිටපු මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ වඩිගවැව විහාරයේදී පැවති රොෂාන් රණසිංහ ජන සහන පදනම මූලිකත්වයෙන් පැවති පාසල් දරුවන්ට අභ්‍යාස පොත් බෙදාදීමේ වැඩසටහනට එක්වෙමිනි

" පොළොන්නරුව දිස්ත්‍රික්කය අද වනවිට අධ්‍යාපන මට්ටම මුළු දිවයිනෙන්ම තියෙන්නෙ විසිතුන්වන ස්ථානයේ අතිගරු ජනාධිපති ගෝඨාභය රා...
04/03/2020

" පොළොන්නරුව දිස්ත්‍රික්කය අද වනවිට අධ්‍යාපන මට්ටම මුළු දිවයිනෙන්ම තියෙන්නෙ විසිතුන්වන ස්ථානයේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය යටතේ අපි මේ අඩු අධ්‍යාපන මට්ටම නැති කරල දිස්ත්‍රික්කයක් වශයෙන් අධ්‍යාපන මට්ටම ඉහලම තලයකට ගේනවා.ඒ වගේම දැනට 600 කට වඩා වැඩියෙන් තිබෙන ගුරු හිගය සම්පූර්ණයෙන් නැති කරනවා "

හිටපු මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ උණගලාවෙහෙර ග්‍රාම නිළධාරි කොට්ඨාසයේ ' මාර්තු 3 වෙනිදා සරුබිම ' පෙර පාසලේ පැවති පොත් බෙදාදීමේ වැඩසටහනට එක් වෙමිනි. 'රොෂාන් රණසිංහ ජන සහන පදනම ' මගින් , රොෂාන් රණසිංහ මැතිතුමාගේ පුද්ගලික ධන පරිත්‍යාගයක් ලෙසින් වසර දහයක කාලයක පටන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ළමුන්ට පාසල් අභ්‍යාස පොත් ලබාදෙන අතර මෙවර පාසල් සිසුන් අනූදහසකට පොත් බෙදාදීම සිදුවෙයි .

mahaweli media  ලෝගො එක  අලුත් කළාමහවැලි පුවත් සමාජගත කිරීම වෙනුවෙන්  අප පලකරන ඡායාරූප සහ සියලු පුවත්  පල කරනු ලබන්නේ මෙ...
04/03/2020

mahaweli media ලෝගො එක අලුත් කළා
මහවැලි පුවත් සමාජගත කිරීම වෙනුවෙන් අප පලකරන ඡායාරූප සහ සියලු පුවත් පල කරනු ලබන්නේ මෙමෙ ලොගෝ එක සහිත mahaweli media fb පිටුවෙන් පමණි.
මෙමෙ Fb පිටුව ලයික් කර අප සමග රැදෙන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි
ස්තූතියි..
මහවැලි මාධ්‍ය අංශය

" අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රට හදන ජාතික වැඩසටහන යටතේ ඉදිරියේදී මාර්ග ලක්ෂයක් රටපුරාම සංවර්ධනය වෙනවා.එහි...
02/03/2020

" අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රට හදන ජාතික වැඩසටහන යටතේ ඉදිරියේදී මාර්ග ලක්ෂයක් රටපුරාම සංවර්ධනය වෙනවා.එහිදී සෑම ග්‍රාම සේවා වසමක කිලෝමීටර 7 ක මාර්ග සංවර්ධන වෙනවා.මගේ අනාගත පොළොන්නරුව පස් අවුරුදු සංවර්ධන සැලසුම යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළ සංවර්ධනය විය යුතු සියළු මාර්ග අපි හදුනගෙන ඉවරයි "

මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මැතිතුමන් මේ බව ප්‍රකාශ කළේ , අද දින ( මාර්තු 2 වෙනි දින) ඇලහැර ප්‍රාදේශීය සභාවේ සරු බිම සිට ඉකිලි වැව බිංගෙය දක්වා කිලෝමීටර 7 ක මාර්ගය කාපට් කිරීමේ අවස්තාවට එක්වෙමිනි .මෙම අවස්ථාවට ප්‍රාදේශීය දේශපාලන නායකත්වය ඇතුළු ගම්වාසීන් විශාල ප්‍රමාණයක් එක්ව සිටියහ.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ "සෞභාග්‍යයේ දැක්ම" ජාතික ප්‍රතිපත්තිය මත පිහිටා ඉදිරි පස් වසර තුළ පොළොන්නරුව ද...
01/03/2020

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ "සෞභාග්‍යයේ දැක්ම" ජාතික ප්‍රතිපත්තිය මත පිහිටා ඉදිරි පස් වසර තුළ පොළොන්නරුව දිස්ත්‍රික්කය ගොඩ නගන ආකාරය පිළිබඳව මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මැතිතුමාගේ වැඩ පිළිවෙල ඇතුලත් මුද්‍රිත ග්‍රන්ථය වූ,

" අනාගත පොළොන්නරුව - පස් අවුරුදු සංවර්ධන සැලස්ම( 2020-2025)"
අතිගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට 2020 මාර්තු 1 වෙනිදා පොළොන්නරුව පුලතිසි බුද්ධි මණ්ඩපයේදී රාජ්‍ය අමාත්‍යතුමන් විසින් පිරිනැමිණි .

මෙම අනාගත පොළොන්නරුව ග්‍රන්ථය තුළ විවිධ ක්ෂේත්‍රයන් සංවර්ධනය උදෙසා ඉටුකරන කාර්ය රැසක් අන්තර්ගත වෙයි.
අධ්‍යාපන ක්ෂේත්‍රය සදහා අග්‍රගණ්‍ය පාසල් වැඩසටහන යටතේ පාසලක්, පාසල් දහස වැඩසටහන යටතේ පාසල් 20 ක් ,
තොරතුරු තාක්ෂණ විද්‍යා පීඨයක් ,රජරට විශ්ව විද්‍යාලයට අනුබද්ධ ඉංජිනේරු පීඨයක් හා කෘෂි විද්‍යා පීඨයක් ,
මාස හයකින් ගුරු හිගයට පිළියම්,
මැදිරිගිරියට අංග සම්පූර්ණ සම්මන්ත්‍රණ ශාලාවක්,
භාෂා මධ්‍යස්ථාන ,
මැදිරිගිරිය මහරෝහලක් කිරීම,
වී සදහා සයිලෝ තාක්ෂණය යොදාගැනීම,
සෑම පවුල් ඒකකයකටම හරිතාගාර කෘෂි නිෂ්පාදන ගොවිපොළක්,
සැමට පානීය ජලය ලබාදීමට 2014 වසරේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ආරම්භ කරපු යහ පාලන ආණ්ඩු කාලයේ අකර්මණ්‍ය වුනු පොළොන්නරුව ජල යෝජනා ක්‍රමය කඩිනමින් නිම කිරීම,
නැගෙනහිර අධිවේගී මාර්ගය මුල් කරගෙන මැදිරිගිරියෙ කර්මාන්ත පුරයක් ඉදිකිරීමට යෝජනා කිරීම ,
කිලෝමීටර 254 ක අලිවැට ප්‍රතිසංස්කරණ හා නඩත්තුව ,
ආර්ථික මධ්‍යස්ථාන ,මිරිදිය ධීවර කර්මාන්ත ප්‍රවර්ධනය , ගෘහ කර්මාන්ත , සංචාරක කර්මාන්ත ප්‍රවර්ධනය ,පළතුරු කර්මාන්ත ශාලා ඇතිකිරීම ,
#වැලි, ගල් , බොරළු ආදි ඛනිජ සම්පත් කැණීම, ප්‍රවාහනය , විකිණීම සැමට සාධාරණ ලෙස සිදු කිරීමට වැඩ පිළිවෙලක් සකස් කිරීම ,
වැව් ප්‍රතිසංස්කරණය , සූර්ය බල විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම ,හිගුරක්ගොඩ ගුවන් තොටුපොළ නවීකරණය කොට අභ්‍යන්තර ගුවන් ගමන් සදහා ප්‍රවර්ධනය කිරීම,
ඉදිරි පස් වසර තුළ රැකියා අවස්ථා 50000 ක් දිස්ත්‍රික්කය තුළ උත්පාදනයට කටයුතු කිරීම එම සංවර්ධන සැලසුම් අතර වෙයි.

අතිගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් උත්සව අවස්ථාවේදී මෙසේ අදහස් එක් කළේය. " රොෂාන් රණසිංහ තරුණ රාජ්‍ය අමාත්‍යතුමන් පසුගිය අවුරුදු පහ තුළ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අපේ පාක්ෂිකයන් ආරක්ශා කිරීම සදහා විතරක් නෙවෙයි මුළු රටේම අපේ ජනතාවගේ මතය වෙනුවෙන් පෙනී සිටියාය කියන එක මම අමුතුවෙන් කිවයුතු නැහැ.රොෂාන් ' අනාගත පොළොන්නරුව ' නමින් අද මේ ඉදිරිපත් කරපු පස් අවුරුදු සැලැස්ම හැම දිස්ත්‍රික්කයක් වෙනුවෙන්ම නිර්මාණය කලයුතුයි.එවිට මුළු රටම එක් සැලස්මකට සංවර්ධන වෙනවා"

මෙම අවස්ථාවට ගරුතර මහා සංඝරත්නය , අන්‍යාගමික පූජකවරුන් , දිස්ත්‍රික්කයේ දේශපාලන අධිකාරිය , අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු , දිස්ත්‍රික්කයේ විද්වත් වෘත්තීයවේදීන් ඇතුළු පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාව එක්ව සිටියහ.

මෙම අවස්තාවට එක්වූ වරාය හා මහාමාර්ග සංවර්ධන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මැතිතුමාද අදහස් එක් කළේය . "2015 න් පස්සෙ යහපාලන ආණ්ඩුව මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු පවුලේ හැමෝගෙන්ම පලිගන්නකොට තමන්ගෙ ජීවිතය ගැන නොතකා පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් රාජපක්ෂවරුන් වෙනුවෙන් පෙනීසිටියේ රොෂාන් රණසිංහයි.අපි ඒක කවදාවත් අමතක කරන්නෙ නැහැ "

මෙහිදී මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මැතිතුමාද තම අදහස් උත්සව සභාවට එක් කළේය . " පොළොන්නරුව වෙනුවෙන් විශාල මෙහෙයක් කළ නායකයා තමයි අතිගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා .එනිසයි පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඉදිරි පස් වසර සදහා මගේ සංවර්ධන සැලසුම වූ ' අනාගත පොළොන්නරුව ' පිරිනමන්නෙ.අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් , අතිගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මගපෙන්වීමෙන් , ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ ආශිර්වාදයෙන් අනාගත පොළොන්නරුව සංවර්ධන සැලසුමේ ඇති පරිදි පොළොන්නරුව දිස්ත්‍රික්කය අධ්‍යාපනයෙන් අගතැන් කරල , ආර්ථිකව ශක්තිමත් කරන ගමන් ජනතාව නිරෝගිමත් කිරීමට තමයි මම හදවතින්ම අපේක්ෂා කරන්නෙ"

මෙම අවස්ථාව සංස්කෘතිකාංග වලින්ද විචිත්‍රවත් විය.

මහවැලි සංවර්ධන ව්‍යාපාරයට පනස් වර්ෂයක් පිරීම නිමිත්තෙන් මහා සංඝරත්නය විෂයෙහි පැවත්වූ උතුම් දානමය පිංකම මහවැලි සංවර්ධන රා...
01/03/2020

මහවැලි සංවර්ධන ව්‍යාපාරයට පනස් වර්ෂයක් පිරීම නිමිත්තෙන් මහා සංඝරත්නය විෂයෙහි පැවත්වූ උතුම් දානමය පිංකම මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මැතිතුමාගේ සහභාගිත්වයෙන් පොල්ගොල්ල ජලාශ පරිශ්‍රයේදී පැවත්විණි.

29/02/2020
මහවැලි සංවර්ධන ව්‍යාපාරය ආරම්භ කෙරුණේ 1970 පෙබරවාරි 28 වෙනිදා පොල්ගොල්ල හැරවුමේ ඉදිකිරීම් ආරම්භ කරමිනි.2020 පෙබරවාරි 28 ...
29/02/2020

මහවැලි සංවර්ධන ව්‍යාපාරය ආරම්භ කෙරුණේ 1970 පෙබරවාරි 28 වෙනිදා පොල්ගොල්ල හැරවුමේ ඉදිකිරීම් ආරම්භ කරමිනි.2020 පෙබරවාරි 28 වෙනිදා මහවැලි සංවර්ධන ව්‍යාපාරයට පනස් වසර පිරුණු මොහොතේදී පොල්ගොල්ල ජලාශ පරිශ්‍රයේදී ආගමික වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරිණි .මෙම අවස්තාවට ප්‍රධාන ආරාධිතයා ලෙසින් මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මැතිතුමා එක්වූ අතර ආගමික වතාවත් ධර්මානුශාෂනාවකින් ආරම්භ කෙරිණි.ධර්මානුශාෂනාව මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මහනුවර මල්වතු මහා විහාර පාර්ශවයේ අති පූජ්‍ය සාහිත්‍ය චක්‍රවර්ති ආචාර්ය නියංගොඩ ධම්මකීර්ති ශ්‍රීසංඝරක්ඛිත ව්ජිතසිරි අනුනාහිමපාණන් වහන්සේ සිදුකලහ.අනතුරුව මහා සංඝරත්නය විසින් පිරිත් දේශණාව සිදුකලහ .මෙම අවස්තාවට ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යේෂ්ඨ ඉංජිනේරු සුනිල් පෙරේරා ඇතුළු නිළධාරින් රැසක් එක්ව සිටියහ.මෙදිනම මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යතුමන්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ මාධ්‍ය හමුවක්ද පැවත්වුනු අතර රාජ්‍ය අමාත්‍යතුමන් විසින් ජලාශ වේලි නිරීක්ෂණ මධ්‍යස්ථානය නිරීක්ෂණයටද එක්විය .

මහවැලි හුරුළු වැව කලාපයේ "වන් ස්ටොප් ෂොප්( one stop shop)" , මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මැතිතුමාගේ ප්‍ර...
29/02/2020

මහවැලි හුරුළු වැව කලාපයේ "වන් ස්ටොප් ෂොප්( one stop shop)" , මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2020 පෙබරවාරි 28 වෙනිදා මඩාටුගමදී ආරම්භ කෙරිණි .ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ව්‍යාපාර සංවර්ධන අංශය මගින් ක්‍රියාත්මක කෙරුණු one stop shop ආරම්භය සනිටුහන් කරමින් රාජ්‍ය අමාත්‍යතුමන් පැළයක් රෝපණය කිරීමද සිදුකෙරිණි . One stop shop පරිශ්‍රය තුළ මහවැලි හෙළ බොජුන් හලක්, පැළ අලෙවි මධ්‍යස්ථානයක් ඇතුළු ව්‍යාපාරික අංග රැසක් ඇතුලත් වෙයි.මෙම උත්සවය මහවැලි සංවර්ධන ව්‍යාපාරයට පනස් වසරක් සපිරීම වෙනුවෙන් මහවැලි කලාප දහය තුළ ක්‍රියාත්මක කෙරුණු වැඩසටහන් 50 න් එකකි.මෙයට අමතරව හරිත උයන ආරම්භ කිරීමද රාජ්‍ය අමාත්‍යතුමන් අතින් සිදුකෙරිණි

මහවැලි සංවර්ධන ව්‍යාපාරය අද දින (2020 පෙබරවාරි 28 )අඩ සියවසක කඩ ඉම පසු කළේය . ඒ වෙනුවෙන් වූ අභිමානවත් සැමරුම් උළෙල කෘෂි ...
28/02/2020

මහවැලි සංවර්ධන ව්‍යාපාරය අද දින (2020 පෙබරවාරි 28 )අඩ සියවසක කඩ ඉම පසු කළේය . ඒ වෙනුවෙන් වූ අභිමානවත් සැමරුම් උළෙල කෘෂි කර්ම , වාරි මාර්ග, මහවැලි සංවර්ධන හා ග්‍රාමීය කටයුතු අමාත්‍ය චමල් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මැතිතුමාගේ සහභාගිත්වයෙන් මහවැලි කේන්ද්‍ර පරිශ්‍රයේදී පැවත්විණි. මෙම සැමරුම් උලෙළේදී මහවැලි සමරු මුල්දින කවරය එළි දැක්වීම ,මහවැලි සංචාරක බංගලා පිළිබඳව අන්තර්ජාලයට නිකුත් කිරීම,නව මහවැලි වෙබ් අඩවිය විවෘත කිරීම,මහවැලි යූ ටියුබ් නාලිකාව ආරම්භ කිරීම, මහවැලි වෙබ් ගුවන් විදුලිය ආරම්භ කිරීම,මහවැලි පුවත්පත් අතිරේකය එළි දැක්විම සිදුවුන අතර ප්‍රධාන කාර්ය ලෙසින් වසර 30 ක සේවා කාලය සැපිරූ නිළධාරින් ,ගොවි නායකයන් ඇගයීමද ගරු චමල් රාජපක්ෂ අමාත්‍යතුමන් සහ ගරු රොෂාන් රණසිංහ රාජ්‍ය අමාත්‍යතුමන් අතින් සිදු කෙරිණි.
මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මෙම උත්සව අවස්තාවට මෙසේ අදහස් එක් කළේය .

"මහවැලි සංවර්ධන ව්‍යාපාරය අද දින වර්ෂ පනහක් සපුරනවා.අපේ බලාපොරොත්තුව තව ශත වර්ෂයකට මහවැලිය සංවර්ධනයෙන් යාවත් කාලීන කිරීම.ඒ වෙනුවෙන් අපි කොත්මලේ වේල්ල මීටර් 30 කින් උස් කිරීමට , කැළණි ගගේ ජලය මහවැලියට ලබාදීම , නුවරඑළිය දිස්ත්‍රික්කයේ නව ජලාශ තුනක් ඉදිකිරීම ආදි සැලසුම් රැසක් සිදුකොට තිබෙයි. ඒ වගේම මහවැලි වෙනුවෙන් මෙතෙක් කැපවූ සියළුම ජනතාවටත් මාගේ ප්‍රණාමය පුද කරන්නෙමි ".

ප්‍රධාන ආරාධිතයන් ලෙසින් මෙම අවස්ථාවට එක්වූ ගරු චමල් රාජපක්ෂ මැතිතුමන්ද සිය අදහස් එක් කළේය .

" මගේ පියා ඩී. ඒ. රාජපක්ෂ මැතිතුමන් ජීවත්ව සිටි කාලයේදී මට මතකයි පාසල් ශිෂ්‍යයෙකු වශයෙන් ජනපද ව්‍යාපාර පිළිබඳව , විවිධ ජලාශ ව්‍යාපෘතින් පිළිබඳව මා ලැබූ අත්දැකීම් සමුදාය .ඒ නිසා අද දින පනස් වසර සපුරන මහවැලිය අපේ ජන ජීවිතයට හරි සමීපයි.මේ අවස්ථාවේදී මා කියන්න කැමතියි අපි රටක් විදියට සංවර්ධිත මට්ටමට පැමිණීමට නම් අපි හැමෝම කැපවිය යුතුයි.මහවැලිය නවලෝකය හා බද්ධව අලුත් ආර්ථික උත්පාදන ව්‍යාපාර කරා යොමුවිය යුතුයි.මහවැලියේ හැම ක්ෂේත්‍රයකටම අලුත් අර්ථ කථනයක් ලබා දිය යුතුයි."

මෙම අවස්තාවට මහවැලි සංවර්ධන අමාත්‍යංශයේ නිළධාරින් ,ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යේෂ්ඨ ඉංජිනේරු සුනිල් පෙරේරා , මහවැලි කේන්ද්‍රයේ අධ්‍යක්ෂ දයාශ්‍රිත තිසේරා ඇතුළු සියළු නිළධාරි මහත්ම මහත්මීන්ද එක්ව සිටියහ.එමෙන්ම ගොවි නායකයන් , විශ්‍රාම ගිය මහවැලි නිළධාරින් , සීලරත්න සෙනරත් , සතිස්චන්ද්‍ර එදිqරිසිංහ මහතා ඇතුළු කලා කරුවන් රැසක්ද එක්ව සිටියහ.උත්සව අවස්ථාව මහවැලි සංස්කෘතික බලකාය විසින් වර්ණවත් කරනු ලැබිණි.

මහවැලි සංවර්ධන ව්‍යාපාරයට 2020 පෙබරවාරි 28 වෙනිදාට වර්ෂ පනහක් පිරීම නිමිත්තෙන් ඉකුත් පෙබරවාරි 22 වෙනිදා මහවැලි සතිය ආරම්...
27/02/2020

මහවැලි සංවර්ධන ව්‍යාපාරයට 2020 පෙබරවාරි 28 වෙනිදාට වර්ෂ පනහක් පිරීම නිමිත්තෙන් ඉකුත් පෙබරවාරි 22 වෙනිදා මහවැලි සතිය ආරම්භ කෙරුණු අතර ඒ වෙනුවෙන් විවිධ වැඩසටහන් රැසක් දිවයින පුරා මහවැලි කලාපවල ක්‍රියාත්මක කරමින් තිබෙයි. පෙබරවාරි 28 වෙනිදාට පැවත්වෙන ප්‍රධාන සැමරුම් උත්සවයට සමගාමීව අද දින ( පෙබරවාරි 27 ) මහවැලි කේන්ද්‍ර පරිශ්‍රයේදී මහවැලි කලාපවල දරුවන් මහවැලි පනස්වෙනි සැමරුම තේමා කරගෙන අදින ලද සිතුවම් ඇතුලත් ප්‍රදර්ශනය ආරම්භ කෙරිණි .මෙම අවස්ථාවට ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යේෂ්ඨ ඉංජිනේරු සුනිල් පෙරේරා සහ මහවැලි කේන්ද්‍රයේ අධ්‍යක්ෂ දයාශ්‍රිත තිසේරා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියහ.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹුලාගල බල ප්‍රදේශයේ ඉදිරි සංවර්ධන කටයුතු සැලසුම් කිරීමේ විශේෂ ජන සංවාදයක් මහවැලි සංවර්ධන රාජ...
27/02/2020

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹුලාගල බල ප්‍රදේශයේ ඉදිරි සංවර්ධන කටයුතු සැලසුම් කිරීමේ විශේෂ ජන සංවාදයක් මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 2020 පෙබරවාරි 26 වෙනිදා මහවැලි රංගශාලා පරිශ්‍රයේදී පැවත්විණි.එහිදී පසුගිය ජනාධිපතිවරණයේදී අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ගේ විජයග්‍රහණය උදෙසා කැපවු පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹුලාගල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරී සාමාජිකයන් ඇගයීමද රාජ්‍ය අමාත්‍යතුමන් අතින් සිදුකෙරිණි

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ "සෞභාග්‍යයේ දැක්ම" ජාතික ප්‍රතිපත්තියට අනුව රට ගොඩ නගන වැඩපිළිවෙළ යටතේ අතිගරු ...
26/02/2020

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ "සෞභාග්‍යයේ දැක්ම" ජාතික ප්‍රතිපත්තියට අනුව රට ගොඩ නගන වැඩපිළිවෙළ යටතේ අතිගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මගපෙන්වීම යටතේ ඵලදායි පුරවැසියකු සහ සතුටින් ජීවත්වන පවුලක් නිර්මාණය කිරීම සදහා සෑම පවුලකටම සුව පහසු නිවසක් ලබාදීමේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ "ඔබට නිවසක් -රටට හෙටක්"වැඩපිලිවෙල යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නව නිවාස 15 කට මුල්ගල් තැබීමේ දෙවන අදියරේ කටයුතු මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රොෂාන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2020 පෙබරවාරි 26 වෙනිදා දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 298 මුදුන්ගම ග්‍රාම නිළධාරි බල ප්‍රදේශයේදී පැවත්වණි . මෙම අවස්තාවට රාජ්‍ය අමාත්‍යවරයා සිය අදහස් එක් කළේය .

" අතිගරු ජනාධිපතිතුමාගේත්, අගමැතිතුමාගේත් නායකත්වය යටතේ මෙරට සියළු ජනතාවගේ නිවාස අවශ්‍යතාව සපුරාලීමට අපි කටයුතු කරනවා.ඒ වගේම සමස්ථ ජනතාවගේ ආර්ථිකය නගාසිටුවීමටද කටයුතු කරනවා "
මෙම උත්සව අවස්ථාවේදී ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් නිවාස උපකරණ හා පැළ බෙදාදීමක්ද සිදුවිය .ප්‍රදේශයේ දේශපාලන අධිකාරියද මෙම අවස්තාවට එක්ව සිටියහ.

" ප්‍රතිභානි " නමින් අර්ථ නැංවූ පොළොන්නරුව සේවා මුක්ත කදවුර මහා විද්‍යාලයේ 70 වෙනි සංවත්සර සැමරුම 2020 පෙබරවාරි 25 වෙනිද...
26/02/2020

" ප්‍රතිභානි " නමින් අර්ථ නැංවූ පොළොන්නරුව සේවා මුක්ත කදවුර මහා විද්‍යාලයේ 70 වෙනි සංවත්සර සැමරුම 2020 පෙබරවාරි 25 වෙනිදා මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවත්විණි.මෙහිදී විද්‍යාලයේ සිසු දරුවන් අගයමින් ත්‍යාග හා සහතිකපත් අමාත්‍යතුමන් අතින් ප්‍රදානය කෙරුණු අතර විද්‍යාල භූමියේ පැවති ප්‍රදර්ශනය නැරඹීමටද අමාත්‍යතුමන් එක්විය .

" එළඹෙන පෙබරවාරි 28 වෙනිදාට මහවැලි සංවර්ධන ව්‍යාපාරයට අවුරුදු 50 ක් පිරෙනවා.අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞ...
24/02/2020

" එළඹෙන පෙබරවාරි 28 වෙනිදාට මහවැලි සංවර්ධන ව්‍යාපාරයට අවුරුදු 50 ක් පිරෙනවා.අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම රට හදන වැඩපිළිවෙළ යටතේ මහවැලියට නව ජන්මයක් ලබාදීමට කටයුතු කරනවා.එහිදී කෘෂි කර්මාන්තයෙන් ඔබ්බට යමින් නව මහවැලි ජනපදික පරම්පරාවට අලුත් ආදායම් උත්පාදන ව්‍යාපෘති රැසක් හදුන්වා දීමට කටයුතු කරනවා.ඒ වගේම අවුරුදු 50 ක් පිරෙන මහවැලිය තව අවුරුදු 100 කට යාවත්කාලීන කිරීමට නව ව්‍යාපෘති රැසක්ද ක්‍රියාත්මක කරනවා.කොත්මලේ ජලාශ වේල්ල මීටර් 30 කින් උස්කිරීම , කැළණි ගංගාවේ ජලය උමගක් මගින් මහවැලි ගංගාවට ලබාදීම , නුවරඑළිය දිස්ත්‍රික්කයේ නව ජලාශ 3 ක් ඉදිකිරීම ඉන් ප්‍රමුඛ වෙනවා "

මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ අද උදෑසන ( පෙබරවාරි 24 ) මහවැලි කේන්ද්‍රයේදී පැවති පුනර්ජන්ම මහවැලි නමින් මහවැලි පනස්වසරක සැමරුම් උළෙල පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ අවස්ථාව අමතමිනි. මෙම අවස්ථාවට එක්වූ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යේෂ්ඨ ඉංජිනේරු සුනිල් පෙරේරා සහ මහවැලි කේන්ද්‍රයේ අධ්‍යක්ෂ දයාශ්‍රිත තිසේරා යන මහත්වරුන්ද මහවැලි සංවර්ධනයේ ඉදිරි සැලසුම් පැහැදිලි කිරීම සිදුකරනු ලැබිණි.

පොළොන්නරුව දිස්ත්‍රික්කය පුරා ගමින් ගමට යමින් ඔවුන්ට ඇති ගැටළු සාකච්ඡා කරමින් ඉදිරි සංවර්ධන කටයුතු සැලසුම් කිරිම මහවැලි ...
23/02/2020

පොළොන්නරුව දිස්ත්‍රික්කය පුරා ගමින් ගමට යමින් ඔවුන්ට ඇති ගැටළු සාකච්ඡා කරමින් ඉදිරි සංවර්ධන කටයුතු සැලසුම් කිරිම මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සිදුකරනු ලබයි.මේ පෙබරවාරි 22 වෙනිදා මැදිරිගිරිය බල මණ්ඩලයේ එලෙස පැවත්වූ ජනහමුවකි.

" අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ වැඩ කරන රටක් තුළ වැඩකරන දිස්ත්‍රික්කයක් ලෙස පොළොන්නරුව අපි ඉහලටම ඔසවා තබනවා...
23/02/2020

" අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ වැඩ කරන රටක් තුළ වැඩකරන දිස්ත්‍රික්කයක් ලෙස පොළොන්නරුව අපි ඉහලටම ඔසවා තබනවා.ඒ වෙනුවෙන් , ඔබේ දායකත්වය අපි ඉහලින්ම අගය කරනවා "

මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය , ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් නායක රොෂාන් රණසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ ලංකාපුර බල මණ්ඩලයේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයන් අගයමින් පැවති අභිමන් ප්‍රණාම උළෙල අමතමිනි.මෙහිදී ලංකාපුර බල මණ්ඩලයේ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳවද සාකච්ඡා කෙරිණි .

" අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ 'සෞභාග්‍යයේ දැක්ම' ජාතික ප්‍රතිපත්තිය අපි පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළ යථාර්...
22/02/2020

" අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ 'සෞභාග්‍යයේ දැක්ම' ජාතික ප්‍රතිපත්තිය අපි පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළ යථාර්ථයක් බවට පත් කරනකොට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පමණක් රැකියා පනස්දහසකට (50000) වැඩි ප්‍රමාණයක් උත්පාදනය කරන්න අපි සියළු සැලසුම් සකස් කරල ඉවරයි "

මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා තමන්කඩුව රාමදා හෝටලයේදී පැවති අභිමන් ප්‍රණාම උළලේදී මේ බව ප්‍රකාශ කළේය . ඉකුත් පෙබරවාරි 21 වෙනිදා පැවති මෙම අභිමන් ප්‍රණාම උලෙළ පසුගිය ජනාධිපතිවරණයේදී අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ විජයග්‍රහණය වෙනුවෙන් කැපවූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තමන්කඩුව බල ප්‍රදේශයේ සාමාජිකයන් ඇගයීම උදෙසා සංවිධානය කර තිබුණි.මෙහිදී රාජ්‍ය අමාත්‍යතුමන් අතින් ඇගයීම් සහතික පත්‍ර පිරිනැමුණු අතර මෙම අවස්තාවට ප්‍රාදේශීය දේශපාලන නායකයන් රැසක්ද එක්ව සිටියහ.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ විජයග්‍රහණය වෙනුවෙන් කැපවූ දිඹුලාගල බල මණ්ඩලයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහෘදය...
22/02/2020

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ විජයග්‍රහණය වෙනුවෙන් කැපවූ දිඹුලාගල බල මණ්ඩලයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහෘදයින් ඇගයිමේ අභිමන් ප්‍රණාම උළෙල මහවැලි ශාලිකා ශාලාවේදී 2020 පෙබරවාරි 21 වෙනිදා මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් නායක රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවත්විණි.මෙහිදී මෙම ඇගයීමට පාත්‍රවූ ජනතාව ප්‍රකාශ කළේ මෙවැනි කෘත ගුණ දැක්වීම අගය කරන බවත් එළඹෙන මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය ලබාදීමට උපරිමව කැපවී කටයුතු කරන බවයි.

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Mahaweli Media posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share