Scan-Breaking News

  • Home
  • Scan-Breaking News

Scan-Breaking News Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Scan-Breaking News, TV Network, .

ධර්මපාල කෙනෙක්නේ .......................තව මොනවද ඉතින්  පොලිස් ‌වැඩ ‌ඩොලර් හොයනවා ඉතින් රට හදන්නේ කොහොමද  බන් 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣...
07/12/2023

ධර්මපාල කෙනෙක්නේ .......................තව මොනවද ඉතින් පොලිස් ‌වැඩ ‌ඩොලර් හොයනවා ඉතින් රට හදන්නේ කොහොමද බන් 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

https://insidelk.com/daisy/
17/02/2022

https://insidelk.com/daisy/

D.AI.SY (Decentralized Artificial Intelligence System) ලෙස අදහස් කරන්නේ විමධ්‍යගත කෘතීම බුද්ධි පද්ධතියයි. Finance Technology සඳහා Crowd Funding Platform එකක්.

01/02/2022
https://www.youtube.com/watch?v=YrhBS_RacGc
12/01/2022

https://www.youtube.com/watch?v=YrhBS_RacGc

ගූගල් ඔයා ගැන දන්න දේවල් අනිවා පුදුම වෙයි. How to find out what Google knows about you and limit the data it collects. Google collects a lot of your personal...

මාස 6කට අවශ්‍ය ඖෂධ පිළිබඳ වාර්තාවක් කැඳවයිඉදිරි මාස හය සඳහා අවශ්‍ය ඖෂධ පිළිබඳ පූර්ණ වාර්තාවක් ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍ය ...
12/01/2022

මාස 6කට අවශ්‍ය ඖෂධ පිළිබඳ වාර්තාවක් කැඳවයි

ඉදිරි මාස හය සඳහා අවශ්‍ය ඖෂධ පිළිබඳ පූර්ණ වාර්තාවක් ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹූක්වැල්ල මහතා නිලධාරින්ට උපදෙස් ලබාදී තිබේ.

මාස තුන බැගින් වූ කාර්තු දෙකකට අවශ්‍ය ඖෂධ පිළිබඳ ගණනය කර එම වාර්තාව සකස් කරන ලෙස අමාත්‍යවරයා විසින් උපදෙස් ලබාදී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

එම වර්ෂය සඳහා මෙරටට අවශ්‍ය ඖෂධ සැපයුම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා විසින් එම උපදෙස් ලබාදී තිබේ.

ගෝලීය වසංගතය තුළ කුමන බාධා පැමිණිය ද ජනතාවට අවශ්‍ය ඖෂධ හිඟයකින් තොරව ලබාදිය යුතු අතර ඒ සඳහා රජය ප්‍රමුඛතාවයකින් යුතුව කටයුතු කළ යුතු බව අමාත්‍යවරයා එහිදී පෙන්වා දී ඇත.

ඖෂධ ආනයනයේදී මෙරට නිෂ්පාදනය කළ හැකි ඖෂධ පිළීබඳව සැලකිලිමත්ව ඖෂධ ගෙන්විය යුතු අතර ඒ සඳහා ඖෂධ පිළිබඳව නිසි අධ්‍යනයකින් ක්‍රියාකළ යුතු බව ද කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා එහිදී අවධාරණය කර තිබේ.

රට තුළ ඇතැම් ඖෂධ විශාල වශයෙන් නිෂ්පාදනය කරන නමුත් ජනතාව විවිධ සන්නාමයන් යටතේ නිකුත් කරන ඖෂධ සඳහා හුරුවී තිබීම හේතුවෙන් එම වර්ගයේම විවිධ සන්නාමයන්හි ඖෂධ ආනයනය කිරීමට සිදුවන බව එහිදී අනාවරණය වී ඇත.

රත්තරන් විකිණුවා ද? – මහ බැංකුවෙන් පැහැදිලි කිරීමක්January, 11, 2022නිල සංචිත තත්ත්වයෙහි සංයුතිය පිළිබඳ පැහැදිලි කිරීමමහ...
12/01/2022

රත්තරන් විකිණුවා ද? – මහ බැංකුවෙන් පැහැදිලි කිරීමක්
January, 11, 2022

නිල සංචිත තත්ත්වයෙහි සංයුතිය පිළිබඳ පැහැදිලි කිරීම
මහ බැංකුවක ජාත්‍යන්තර සංචිත කළමනාකරණය යනු ගතික සහ තාක්ෂණික ක්‍රියාවලියක් වන අතර, එය සාමාන්‍යයෙන් සැලසුම් කර ඇත්තේ රටක විදේශ වත්කම් අවශ්‍ය විටෙක උපයෝගි කරගත හැකි බව සහ නිශ්චිත පරාසයක අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා පාලනය කළ හැකි බව සහතික කිරීම සඳහා ය. ඒ අනුව, ආයෝජන උපකරණවල වත්කම් සංයුතිය, ව්‍යවහාර මුදල් මිශ්‍රණය, ද්‍රවශීලතා අවශ්‍යතා, කල් පිරීමේ කාලසීමාව, ලාභදායිත්වය, ආරක්ෂාව යනාදිය සම්බන්ධයෙන් උචිත සංචිත කළමනාකරණ ප්‍රතිපත්ති අනුගමනය කිරීම රටින් රටට වෙනස් විය හැකි අතර, එය රටෙහි විශේෂිත තත්ත්වයන් සහ ආර්ථික ප්‍රමුඛතා මත රඳා පවතී.

මෙම පසුබිම තුළ, 2021 දෙසැම්බර් මස අවසන් වන විට ජාත්‍යන්තර සංචිත තත්ත්වයෙහි සංයුතිය වෙනස් වීම සම්බන්ධයෙන් නොමග යවන සුළු සහ වැරදි අර්ථකථන ගෙන දෙන මාධ්‍ය වාර්තා කිහිපයක් කෙරෙහි මහ බැංකුවේ අවධානය යොමු වී තිබේ. ඒ අනුව, ඉහත දක්වා ඇති සංචිත කළමනාකරණ ක්‍රියාවලියේ සියලුම අංශ සලකා බලා, නිල සංචිත සංයුතියේ වෙනස්කම් සංචිත කළමනාකරණ අවශ්‍යතා සහ ප්‍රමුඛතාවලට අනුකූල වන බව පැහැදිලි කිරීමට මහ බැංකුව අපේක්ෂා කරයි. ඇත්ත වශයෙන්ම, 2008 වසර අවසානය වන විට රටේ රන් සංචිතය එ. ජ. ඩොලර් මිලියන 92ක් (එ. ජ. ඩොලර් බිලියන 2.6ක දළ නිල සංචිතවලින් සියයට 3.6 ක්) පමණක් වූ නමුත්, 2014 වසර අවසානය වන විට, රන් සංචිතය එ. ජ. ඩොලර් මිලියන 893 (එ. ජ. ඩොලර් බිලියන 8.2 ක දළ නිල සංචිතවලින් සියයට 10.9ක්) දක්වා ක්‍රමයෙන් වැඩි විය. එබැවින්, විදේශ සංචිතයෙහි රන් වත්කම් කොටස, පවතින සංචිත කළමනාකරණ ප්‍රමුඛතාවලට අනුකූලව රන් සංචිත මිලදී ගැනීම, රඳවා ගැනීම හෝ විකිණීම පිළිබද මහ බැංකුවේ තීරණ පිළිබිඹු කරමින්, වරින් වර වෙනස් විය හැකි බව පැහැදිලි වේ.



ඒ අනුව, සංචිත කළඹේ ද්‍රවශීලතාව ඉහළ නැංවීමේ අවශ්‍යතාව මත පදනම්ව 2021 අවසන් වන විට මහ බැංකුවේ රන් සංචිතය ඩොලර් මිලියන 175 (එ.ජ.ඩොලර් බිලියන 3.1 ක දළ නිල සංචිතවලින් සියයට 5.6) දක්වා අඩු විය හැකි වුවත්, ඉදිරියේදී විදේශ සංචිත කළඹේ සංයුතියෙහි වෙනස් වීමක් අවශ්‍ය වන මට්ටමක් දක්වා වර්ධනය වන විට, එහි රත්‍රන් ලෙස පවතින ප්‍රමාණය වැඩි කිරීමේ අවශ්‍යතාව පිළිබඳ මහ බැංකුව සලකා බලනු ඇත.

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Scan-Breaking News posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share