Different Radio Online

  • Home
  • Different Radio Online

Different Radio Online 24×7 Internet Radio Station

*News Update*Read more>>>👉https://bit.ly/3jIpJjo👉
09/02/2023

*News Update*

Read more>>>
👉
https://bit.ly/3jIpJjo
👉

රාජ්‍ය ආදායම් තත්ත්වය යහපත් වන තෙක් රාජ්‍ය සේවය පවත්වාගෙන යාමේ අරමුණින් අත්‍යාවශ්‍ය රාජ්‍ය වියදම් සඳහා පමණක් ප.....

*News Update*Read more>>>https://bit.ly/3jiacWZ👉
26/12/2022

*News Update*

Read more>>>
https://bit.ly/3jiacWZ
👉

මහජන ආරක්ෂක ආඥාපනතේ ජනපතිවරයාට පැවැරී ඇති බලතල අනුව මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකාවේ සියලුම පරිපාලන දි....

ජන අරගලය ඉන්දියාවේ Zee News නාලිකාව වාර්තා කළ අයුරු
11/07/2022

ජන අරගලය ඉන්දියාවේ Zee News නාලිකාව වාර්තා කළ අයුරු

26/05/2022

මුදල් ඇමති ධූරය අගමැති රනිල්ට

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍යවරයා ලෙස ඊයේ පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.

මීට පෙර අග්‍රාමාත්‍යවරයා කිසිදු අවස්ථාවක මෙරට මුදල් අමාත්‍යවරයා ලෙස එම ධූරයේ කටයුතු කර නැහැ.

මේ වනවිට නව රජයේ කැබිනට් අමාත්‍යවරුන් 20 දෙනෙකු ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම්දී ඇති අතර, පෙරේදා (24) පස්වරුවේ කොටුව ජනාධිපති මන්දිරයේදී නව අමාත්‍යාංශ ලේකම්වරුන් 23 දෙනෙකු වෙත පත්වීම් ලිපි ලබාදීම සිදු කෙරුණා.

#888

25/05/2022

*News Update*

වඳුරු උණ ආසාදිතයින් තවත් රටවල් 03කින් හඳුනාගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊශ‍්‍රායලය, ස්විට්සර්ලන්තය සහ ඔස්ට්‍රියාව යන රටවලින් එම ආසාදිතයින් හඳුනාගෙන ඇති බවයි.

ඒ අනුව එම වෛරසය වැළඳුණු බවට තහවුරු කළ මුළු රටවල් සංඛ්‍යාව සංඛ්‍යාව 15ක්.

ඊශ‍්‍රායලය සහ ස්විට්සර්ලන්තය සඳහන් කළේ මෑතකදී විදේශගත වූ එක් ආසාදිත පුද්ගලයෙකු බැගින් හඳුනාගෙන ඇති බවයි.

මෙම වෛරසය මිනිසුන් අතර පහසුවෙන් පැතිර නොයන අතර එය බටහිර අප‍්‍රිකානු කලාපවල බහුලව දක්නට ලැබෙන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කළේ.

20/02/2022

*News Update*

විදුලිය ගැන රාජ්‍ය ආයතනවලට උපදෙස් මාලාවක්

විදුලිය හා ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස සියලු රාජ්‍ය ආයතන වෙත උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.

රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා සඳහන් කළේ,මහජන උපයෝගීතා කොමිසම කළ ඉල්ලීමකට අනුව එම උපදෙස් ලබා දෙන බවයි.

මේ යටතේ රාජ්‍ය ආයතනවල වායුසමීකරණ හා අනවශ්‍ය විදුලි පහන් භාවිතය හැකිතාක් අවම කිරීමට උපදෙස් ලබා දී ඇති බවයි ලේකම්වරයා ප්‍රකාශ කළේ.

අත්‍යවශ්‍ය නොවන ගමන් සඳහා රජයේ වාහන සඳහා ඉන්ධන භාවිත නොකරන ලෙසට ද එමගින් උපදෙස් ලබා දී තිබෙනවා.

රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා වැඩි දුරටත් සඳහන් කළේ, පිට පළාත්වල සිට සාකච්ඡා හා සම්මන්ත්‍රණ සඳහා රජයේ වාහන භාවිත කර නිලධාරීන් කොළඹට කැඳවීම මේ වනවිටත් සීමා කර ඇති බවයි.

20/02/2022

🔴 *News Alert*
උතුර, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් අද (20) දිනයේ දී විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
*කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව*

*News Update*Link - 👉https://bit.ly/3uYCFVK👉
18/02/2022

*News Update*

Link -

👉
https://bit.ly/3uYCFVK
👉

ජූඩ් ක්‍රිශාන්ත පියතුමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට.February 17, 2022 5:17 pm Share This

17/02/2022

*News Update*

ළිඳකට වැටී ඉන්දියාවේ 13ක් ජීවිතක්ෂයට

උතුරු ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ විවාහ මංගල උත්සවයක් අතරතුර ළිඳකට ඇදවැටීමෙන් 13දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඒ අතර කාන්තාවන් 7 දෙනෙකු සහ ගැහැණු දරුවන් 6 දෙනෙකු වන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ඔවුන් අවුරුදු 20–35 අතර වයස්වල පසුවන්නන් වන අතර අවුරුද්දක් වයසැති බිළිඳියක්ද ඒ අතර වන බව සඳහන්.

අතහැර දමා තිබූ ළිඳක අබලන් වූ කොන්ක්‍රීට් ආවරණය මත මොවුන් රැඳී සිට ඇති අතර, එය කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ

17/02/2022

🔴 *News Alert*
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතියි.
*කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව*

17/02/2022

*News Update*

මෙරට කොවිඩ් රෝගීන් සියයට 20කින් ඉහළට

පසුගිය සතියට සාපේක්ෂව කොවිඩ් රෝගීන් සියයට විස්සකින් පමණ ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

රෝහල් තුළ ඔක්සිජන් මත යැපෙන කොවිඩ් රෝගීන්ගේ සහ දැඩිසත්කාර ඒකක වල ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන්ගේ ප්‍රතිශතයද සැළකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවයි කොවිඩ් ව්‍යාප්තිය පාලනය පිළිබඳ ප්‍රධාන සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි මහතා සඳහන් කළේ.

ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ කොවිඩ් මරණ සියයට 17 කින් පමණ ඉහළ ගොස් ඇති අතර ඉන් බහුතරය බූස්ටර් මාත්‍රාව ලබා නොගත් අය බවයි.

*News Update*දිවයිනපුරා රෝහල්වල අද සංකේත වැඩ වර්ජනයක්ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් සෞඛ්‍ය සේවාවේ වෘත්තීය සමිති ඒකාබද්ධව...
16/11/2021

*News Update*

දිවයිනපුරා රෝහල්වල අද සංකේත වැඩ වර්ජනයක්

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් සෞඛ්‍ය සේවාවේ වෘත්තීය සමිති ඒකාබද්ධව අද දිනයේදී දිවයින පුරා පැය 24ක සංකේත වැඩ වර්ජනයක නිරත බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ බලමණ්ඩලයේ සම කැදවුම්කරු සමන් රත්නප්‍රිය මහතා පවසනවා.

අද පෙරවරු 07ට එම වර්ජනය ආරම්භ කිරීමට නියමිතයි.

සමන් රත්නප්‍රිය මහතා කියා සිටියේ වෘත්තීය සමිති 16කට අයත් සෞඛ්‍ය සේවකයින් පනස් දහසකට අධික පිරිසක් අද දිනයේදී මෙම වැඩ වර්ජනයට එක්වන බවයි.

කෙසේ වෙතත් අත්‍යවශ්‍ය කටයුතු සහ ළමා සහ පිළිකා රෝහල්වල කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යන බවද හෙතෙම කියා සිටියා.

07/11/2021

*News Update*

අද එන්නත්කරණය බස්නාහිර මධ්‍යස්ථාන 29කදී.

අද දිනයේ කොළඹ,ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කයේ මධ්‍යස්ථාන 29කදී කොවිඩ් මර්දන ප්‍රතිශක්තිකරණ වැඩසටහන ක්‍රියාත්මක බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළා.

කොළඹ දිස්ත්‍රික්කයේ සියලු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වලදී සයිනොෆාම් එන්නත ලබා දීමට කටයුතු කර තිබෙනවා.

ගම්පහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට මධ්‍යස්ථාන රැසකදී තුන්වන මාත්‍රාව හෙවත් බූස්ටර් එන්නත ලබාදීම සිදුකෙරෙන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

කළුතර,බේරුවල බණ්ඩාරනාායක මහා විද්‍යාලයේදී සහ සමුද්‍රදේවී මහා විද්‍යාලයේදී පාසල් ළමුන් සඳහා එන්නත්කරණ කටයුතු ක්‍රියාත්මකයි.

බස්නාහිර පළාතේ රෝහල් රැසකදී සංකූලතා සහිත දරුවන්ට අද දිනයේ කොවිඩ් මර්දන එන්නත් ලබා දීමටද පියවර ගෙන තිබෙනවා.

06/11/2021

*News Update*

ග්‍රාමීය මාර්ග 1500 ක් අද ජනතා අයිතියට

අභ්‍යන්තර ග්‍රාමීය හා අතුරු මාර්ග කිලෝමීටර් 100,000ක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන යටතේ වැඩ අවසන් කළ මාර්ග 1,500 ක් එක් දිනක් තුළ ජනතා අයිතියට පත් කිරීමේ සමාරම්භක උත්සවය අද පැවැත්වෙනවා.

සෞභාග්‍යයේ මංපෙත් විප්ලවයේ දහසකුත් වැඩ නිම වන දවස යන තේමාව යටතේයි එය සංවිධාන කර ඇත්තේ.

ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් වීරකැටිය, මන්ඩාඩුව ක්‍රීඩාංගණයේදී අද මෙම උත්සවය පැවැත්වෙනවා.

දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක හා මැතිවරණ කොට්ඨාස ආවරණය වන පරිදි මෙම මාර්ග 1,500 නිම කර ඇති අතර මෙම මාර්ග සියල්ල මාස 03ක් ඇතුළත නිම කිරීම විශේෂත්වයක්.

08/09/2021
30/06/2021

Cloud Radio Live Stream

17/05/2021
13/03/2021

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Different Radio Online posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share