06/05/2022
🟥 REAL crisis .....
✅ ගෝඨාභය ජනපති ධුරයෙන් ඉල්ලා අස්වෙන්නෙ නෑ. මහින්ද අගමැතිකමෙන් අස්වෙන්නෙත් නෑ. සජිත් හෝ අනුර අගමැතිකම අරන් අන්තර්කාලීන ආණ්ඩුවකට සහාය දෙන්න එන්නෙත් නෑ. විශ්වාසභංගය ගෙනාවට ආණ්ඩුව ගෙදර යවන්න විපක්ෂයට 113 ඇත්තෙත් නෑ.
✅ මහින්ද ඉවත් කර වෙනත් අගමැති කෙනක් පත්කරනතුරු ආණ්ඩුවට සහාය දෙන්න ස්වාධීන පක්ෂ 11 හා ශ්‍රී.ල.නි.ප.ය කැමති නෑ. රනිල්ට අගමැතිකම දෙනවට මෛත්‍රී , විමල් , සජිත් , අනුර කැමති නෑ. මෛත්‍රීට අගමැතිකම දෙනවට අනෙක් පක්ෂ කැමති නෑ. ඩලස් දානවට ස්වාධීන පක්ෂ 11 හා ශ්‍රී.ල.නි.ප.ය කැමති වුණාට පොහොට්ටුවෙ පිරිස කැමති නෑ. පාටලීට අගමැතිකම දෙනවට සජිත් වගේම පොහොට්ටුවෙ පිරිසක් කැමති නෑ. ඒනිසා ආණ්ඩුවක් පිහිටුවන්න විපක්ෂයෙ එකඟතාවක් නෑ.
✅ දෝෂාභියෝගයක් ගෙනත් ගෝඨාභයව අයින් කරන්න ව්‍යවස්ථාපිත හේතු නෑ. ගෝඨාභය අයින් වෙනතුරු විසඳුමකට එන්න අනුර කැමති නෑ. දෙමළ සන්ධානයට ඕන ගෝඨාභය අයින් කරන්න. හැබැයි විශ්වාසභංගයකට එයාලගේ තීරණයක් නෑ. මැතිවරණයකට මේ මොහොතේ යන්න ගියත් මාස දෙකක් ගත වෙනවා. ප්‍රමාණවත් සම්පත් හා මුදල් නැති නිසා ඡන්දයක් කරන්න මැතිවරණ කොමිසම එකඟ නෑ.
✅ මේ සියල්ල අතරේ ලංකාවේ ආර්ථිකය වැටීම වළක්වාගෙන stable කරගන්න මුදල් ඇමති අලි ශබ්රි , මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන , මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ එකතු වෙලා අවංකවම උත්සාහයක් ගන්නවා. plan හදනවා. IMF , world bank, ADB , තව තව ආයතන හා රටවල් එක්ක සාකච්ඡා කරලා කෙටිකාලීන මූල්‍ය පහසුකම් ගන්න මහන්සි වෙනවා. ස්ථිර ආර්ථික සැලසුම් හදලා programme plan කරනවා. ලංකාවට අත දෙන්න හිතමිත්‍රරටවල් වගේම ජාත්‍යන්තර මූල්‍ය ආයතනත් සූදානම්. හැබැයි මුලින්ම රටේ දේශපාලන ස්ථාවරත්වයක් ඇති කරගන්න ඕන.
✅ තියෙන්නේ ආර්ථික අර්බුදයක්. දැන් ඒක මතට දේශපාලන අර්බුදයක් ඇවිත්. ඒක විසඳගන්නෙ නැතුව අරක විසඳුගන්න බෑ. හරියට බැලුවොත් පැය දෙකක සාකච්ඡාවකින් හැමෝටම එන්න පුළුවන් එක තැනකට. හැබැයි ඒක වෙන්නේ නෑ..... දේශපාලන න්‍යායපත්‍ර නිසා.
- Copied