29/12/2022
ආර්ථික අර්බුදය:රටට ඩොලර් එවන විදෙස්ගත ශ්‍රමිකයන්ට ලැබෙන නව තීරුබදු සහනය ගැන ඔබ දන්නවාද?
නීත්‍යානුකූල මාර්ග ඔස්සේ මෙරටට මුදල් එවන විගමනික ශ්‍රමිකයින්ට විද්‍යුත් වාහන ආනයනය සඳහා අවසර ලබාදීමේදී යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මෙම යෝජනාව ක්‍රියාත්මක වන්නේ නීත්‍යානුකූල මාර්ග ඔස්සේ මෙරටට මුදල් එවීම දිරිගැන්වීමක් ලෙසය.
ඒ අනුව සුදුසුකම් ලබන විගමනික ශ්‍රමිකයින්ට අමෙරිකානු ඩොලර් 25,000 ක උපරිමයකට යටත්ව රෝද දෙකකින් යුත් විද්‍යුත් වාහනයක්ද, අමෙරිකානු ඩොලර් 65000 ක උපරිමයකට යටත්ව රෝද හතරකින් යුත් පූර්ණ විද්‍යුත් වාහනයක් වාහනයක්ද ආනයනය කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පසුගිය අගෝස්තු මස 8 වැනිදා කැබිනට් මණ්ඩලය වෙත මේ සඳහා යෝජනා ඉදිරිපත් කර තිබුණි.
විගමනික ශ්‍රමිකයින් එතෙරදී උපයනු ලබන විදේශ විනිමය ශ්‍රී ලංකාවට ප්‍රේෂණය කිරීම තවදුරටත් දිරිගැන්වීම අරමුණු කරගනිමින් තවදුරටත් සහන ලබාදීමට කැබිනට් මණ්ලය අනුමැතිය තිබේ.
වාහන තීරු බදු සහනය
• 2023/04/30 දින දක්වා හෝ වාහනයක් ආනනය කිරීම සඳහා අයදුම් පත්‍රයක් ඉදිරිපත් කරනු ලබන දින දක්වා ප්‍රේෂණය කරනු ලබන විදේශ විනිමය වටිනාකමින් 50% ක් දක්වා වන CIF වටිනාකමින් යුත් රෝද දෙකක් සහිත විද්‍යුත් වාහනයක් ආනයනය කිරීම සඳහා අවසර ලබාදී තිබේ.
•2022/05/1 වැනිදා සිට 2023/12/31 වැනිදා දක්වා මෙරටට ප්‍රේෂණය කරනු ලබන විදේශ විනිමය වටිනාකමින් 50% ක් දක්වා වන CIF වටිනාකමින් යුත් රෝද හතරක් සහිත විද්‍යුත් වාහනයක් ආනයනය කිරීම සඳහා අවසර හිමිවනු ඇත.
ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් වැඩි පිරිසක් සේවය කරනු ලබන්නේ මැද පෙරදිග රටවලය. ඒ අනුව කෙසේ වෙතත් මෙම සහනය ලබා ගැනීම සඳහා වසරකට මෙරට එවිය යුතු මුදල් ප්‍රමාණය අති විශාල බව විදෙස්ගත ශ්‍රමිකයෝ පෙන්වා දෙති.
යෝජනාව ඉදිරිපත් කළ අවස්ථාවේ අමාත්‍යවරයා කිව්වේ කුමක්ද?
අමාත්‍ය මනූෂ නානායක්කාර පැවසුවේ "විදෙස්ගත ශ්‍රමිකයන් මේ වෙලාවේ එවන මුදල් නිසා තමයි අපිට විශාල වශයෙන් යම් යම් මිලදී ගැනීම් කරන්න ඩොලර් ලබා ගන්න හැකි වෙලා තියෙන්නේ. පහුගිය කාලයේ එවූ මුදල් ප්‍රමාණයේ යම් කිසි අඩුවක් තිබුණත් ජූලි මාසේ වෙද්දී යම් වැඩිවීමක් තියෙනවා. මේ මුදල් නිසා තමයි අපිට තෙල් ටික, ගෑස් ටික, බෙහෙත් ටික ගන්න පුළුවන් වුණේ. ඒ නිසා තමයි අපි මුලින් ම ඉල්ලීමක් කළේ රටේ තියන ප්රශ්නය විසදාගන්න ඔබට පුළුවන් සහයෝගයක් දෙන්න කියලා."
අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, "සමහරු උන්ඩියල්,හවාලා වැනි ක්‍රම හරහා සල්ලි එවද්දී රටට ආදරේ මිනිස්සු ටික තමන්ගේ ඩොලර්, යෙන්, ඩිනාර් ටික බැංකු හරහාම එව්වා. ඒ ඩොලර් සංචිත වලින් මේ රටේ මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතා ටික සම්පූර්ණ කරන්න පුළුවන් වුණා. ඒ නිසා කැබිනට් මණ්ඩලයේ පූර්ණ එකඟතාවය මත අපේ අමාත්‍යංශය, මුදල් අමාත්‍යංශය සහ මහ බැංකුව එකතු වෙලා එවන ප්‍රේෂණ වැඩි කරන්න කැබිනට් මණ්ඩලයට යෝජනාවක් කළා."