Osanda Prabath

  • Home
  • Osanda Prabath

Osanda Prabath I'll share it with you if I have any knowledge or news. If you find it useful, share it with someone else.
(3)

දත් බෙහෙත් ගැන දන්නවද..?ඔව් ගොඩක් දෙනෙක් දන්නවා. නමුත් මේ දන්නැති අයට🧐👇ඔයාල අහල තියනවද toothpaste තියරි එක ගැන?අහල නැත්ත...
18/01/2024

දත් බෙහෙත් ගැන දන්නවද..?
ඔව් ගොඩක් දෙනෙක් දන්නවා. නමුත් මේ දන්නැති අයට🧐👇

ඔයාල අහල තියනවද toothpaste තියරි එක ගැන?

අහල නැත්තම් දැන්ම බාත් රූම් එකට ගිහින් අරන් එන්න ටූත් පේස්ට් එක.ඔකෙ කෙලවරේ ඇති පාට කරපු කොටුවක් .එකේ තියන පාටේ තෙරුමක් තියනවා කියලා මුතුඇටේ වැසියො ගොඩ දෙනෙක් නම් දන්නෙ නැ .මේ කොටු වලට පාට හතරක් තියේ කොල රතු කලු කියලා දැන් අපි බලමු ඒවගෙ තේරුම් මොනවද කියලා

🟢කොල පාට කොටුවක් තියේ නම් එකේ අඩංගු වෙන්නෙ ස්වබාවික දේවල්

🔵නිල් පාට කොටුවක් තියේ නම් එකේ අඩංගු වෙන්නෙ ස්වබාවික දේවල් සහ බෙහෙත් ද්‍රව්‍ය

🔴රතු පාට කොටුවක් තියේ නම් එකේ අඩංගු වෙන්නෙ ස්වබාවික සහ රයායනික ද්‍රව්‍ය වල එකතුවක්

⚫️කලු පාට කොටුවක් නම් එකේ අඩඔගු වෙන්නෙ රයානික ද්‍රව්‍ය විතරයි

දැන් ටූත් පේස්ට් එක බලලා අනේ මෙකෙ කොටුවක් නෑ කියල නම් කියන්න එපා ඒ කියන්නෙ ඔයාගෙ එක හොර එකක්🫠

🖋️ PixelSail Books

රොමේනියාවේ ඇති පුරප්පාඩු
06/01/2024

රොමේනියාවේ ඇති පුරප්පාඩු

05/01/2024

----අකුලන පුටුව🪑🪚🪜----
වෙනස් විදියට හිතලා ගේමක් ග හ න උත්සාහවන්ත කොල්ලෙක් ❤️
මාතර - දික්වැල්ල පාරෙ තමයි මෙයා මේ පුංචි බිස්නස් එක කරගෙන යන්නෙ.
මේ දේවල්වලට අමතරව මෙයා වඩු කාර්මිකයෙක් විදියට තමයි වැඩ කරන්නෙ. ඔයාලගෙ ගෙවල්වල තියෙන දොර, ජනෙල් උලුවහු,පැන්ට්‍රි වගේ දේවල් හදවගන්නත් මෙයාව සම්බන්ධ කරගන්න පුලුවන්.

අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් එයාව සම්බන්ධ කරගන්න පුලුවන් මෙන්න මේ ෆෝන් නම්බර් එකට කෝල් එකක් දීලා
0719661771 - Sumith Premakumara සම්බන්ධ කරගන්න පුලුවන්.
හොරකම් නොකර අවංකව කීයක් හරි හම්බකරන්න කට්ටක් කන මේවගේ කොල්ලොන්ට දවසක උතුරන්න හරියන්න ඕනි ❤️

වීඩියෝ කලේ👇
©️Dilshan Eranga

තාත්තාගේ හා දුවගේ ආදරය...--💚❤️💛💚💛❤️--කෝ බලන්න දියණියන් ඉන්න තාත්තලා..තමන්ගේ තාත්තට ආදරේ දියණිවරුන්...
23/12/2023

තාත්තාගේ හා දුවගේ ආදරය...
--💚❤️💛💚💛❤️--
කෝ බලන්න දියණියන් ඉන්න තාත්තලා..
තමන්ගේ තාත්තට ආදරේ දියණිවරුන්...

21/12/2023

ලක්ෂ ගණනකගේ ඒ ප්‍රාර්ථනාවන් එකට එකතු වේවි..

09/12/2023

කාලෙකින් ගෙදර කට්ටිය ඔක්කොම එක ලාම්පුවක් යටට වෙලා..
සතුටු සමාගමේ..ඔක්කොම එක මේසෙක කනවා.
එහෙම නැත්තං වෙන්නේ තම තමන්ගේ ෆෝන්📵අරන් කාමරේ

07/12/2023

සෑම සැමියෙකුටම බිරිඳ විසින් කතාකිරීම බැලීම තහනම් කල ගමක් , පාරක් ,නමක් සහ ගෑණූ පරානයක් ඇත

වසර මිලියන ගණනක් එකම පින්තූරයකින්
06/12/2023

වසර මිලියන ගණනක් එකම පින්තූරයකින්

--කවි ලියවුනේ මේ බලන ඔබටය----👉මේ කවි වල අයිතිකාරි©️Rangani Fernando
06/12/2023

--කවි ලියවුනේ මේ බලන ඔබටය----👉

මේ කවි වල අයිතිකාරි
©️Rangani Fernando

මිහිතලය මත ඇති වටිනාකමින් අඩු ම ගල් වර්ගය කුමක්දැයි,  ෂීක්වරයා මගෙන් විමසූ කළ පිළිතුර වූයේ, " අඟුරු " යන්නයි.ඉනික්බිති ඔ...
06/12/2023

මිහිතලය මත ඇති වටිනාකමින් අඩු ම ගල් වර්ගය කුමක්දැයි, ෂීක්වරයා මගෙන් විමසූ කළ පිළිතුර වූයේ, " අඟුරු " යන්නයි.
ඉනික්බිති ඔහු, මිහිතලය මත ඇති වටිනාම ගල් වර්ගය කුමක්දැයි, විමසූ විට මා,
" දියමන්ති" යැයි පිළිතුරු දුනිමි.
" ඒ දෙවර්ගය ම සෑදී ඇත්තේ කුමකින්ද?"
,ශීක්වරයා විමසීය.
" කාබන්වලින්..." මම පැවසුවෙමි.
" ඒක නිවැරැදියි. " පැවසූ ඔහු," ඒ දෙවර්ගයෙහි ඇත්තට ම ඇති වෙනස කුමක්ද? " යි විමසී ය.
" පීඩනය... ", මම කීවෙමි.
පීඩනය ඉතා සුන්දර දේ නිර්මාණය කරයි. එය සොබාදහමේ දායදයකි ; ඔබව විවිධ අසීරු තත්ත්ව යටතේ පරීක්ෂා කරනු ලබයි. ස්වභාව ධර්මයට ඔබව වඩා සුන්දරත්වයෙන් යුතු අයකු බවට පත් කිරීමට අවශ්‍ය නිසයි ඒ අසීරුතා හමුවන්නේ...
~ සූෆී කියමනකි ~
උපුටා ගැනීමකි.

වැඩිම රසික ආකර්ශනයක් තියෙන්නෙ කාටද .....?(70/80/90 දශකයේ ඉපදිච්ච ගොඩක් අයගේ FB එකවුන්ට් නෑ..නමුත් හදවතේ ගායකයා ඉන්නවා)මම...
29/10/2023

වැඩිම රසික ආකර්ශනයක් තියෙන්නෙ කාටද .....?
(70/80/90 දශකයේ ඉපදිච්ච ගොඩක් අයගේ FB එකවුන්ට් නෑ..නමුත් හදවතේ ගායකයා ඉන්නවා)
මම නම් චාමරට..

හැකිද මසකට හෙදියක් වෙන්න ...බෑ නොකියා හතට ඩියුටි යන්නම ඕනිපරක්කු උනොත් බැනුම් අහන්නත් ඕනි..ඕෆ් වෙන්නට වෙලාවට කලියෙන්හීනය...
19/10/2023

හැකිද මසකට හෙදියක් වෙන්න ...
බෑ නොකියා හතට ඩියුටි යන්නම ඕනි
පරක්කු උනොත් බැනුම් අහන්නත් ඕනි..
ඕෆ් වෙන්නට වෙලාවට කලියෙන්
හීනයක් ඒකනම් හිත හදන් ඉන්නෝනෙ..
මඟුලටයි මරණෙටයි දානෙටයි කිය කිය
නිවාඩුව ගන්නට බෑ ඉතින් හරිද...
ඉරිදද පෝයද අවුරුදුද නත්තල්ද අදාලම නැත..
වාට්ටුවෙ සිටිය යුතුමයි ඒකයි නීතිය..
කැතයි ගඳයි අප්පිරියයි කියලා වචන නැත..
සියල්ලම හරියටම විඳ ගත යුතුව ඇත..
නිදි මතයි මහන්සි අමාරුයි වචන තහනම්‍ ය..
වැඩ ටික වෙලාවට කලට තිබිය යුතුමය..
බබා ලෙඩ වෙලා අම්මට අසනීපයි කියා ඵල නැත..
විභාගෙයි පන්තියි දරුවගෙ වැඩයි කියලා ශෝට් ලීවුත් නැත.
අත්සන් කර ගිහින් එන ගමන බිමනත් නැත..
සමහර දවසට එනකොටත් පොඩි උන් නිදිය.. යනකොටත් නිදිය...
මාසෙට රෑ හත අටක්... සමහර විට දහයක් දොළහක් ගෙදරත් නැත..
කන් දෙකට කටවල් විස්සක තිහක පනහක සමහර වෙලාවට අසූවක..
පැමිණිලි අමාරුකම් උවමනාවන් කෙඳිරිළි සියල්ලක්ම ඇසිය යුතුය..
ලෙඩ්ඩු බලන වෙලාවට එය දෙගුණයක් තුන්ගුණයක් වී පිළිතුරු බැඳිය යුතුය.
නම කියා අසන විට මතක තිබිය යුතුය.
මිස් අරක කෝ මේක කෝ අහන විට සොයා දිය යුතුය ..
ඇවිත් යන්නට නොව
රාජකාරී වෙලාව ඇතුලත වාට්ටුවේම සිටිය යුතුය...
ඔය මේ අස්සෙ පවුලක් රැකගෙන ජීවත් විය යුතුය..
" මොකක්ද අනේ නිවාඩුවක් නැති ඔය රස්සාව.." පවුලෙ අය අහන්නේ එහෙමය..
" රස්සාව මොකද පඩිනෙ.." පිට අය කියන්නේ එහෙමය..
" හිනාවක් නැති ගෑණු " දහසක් ප්‍රශ්න සමබර කරමින් වැඩ කරන විට කියන්නේ එහෙමය..
" දෙයියොවත් දන්නෙ නෑ විඳින දුක.." අපට හිතෙන්නේ එහෙමය ...
" මේ උපන් දිනේටවත් අම්මා ගෙදර ඉන්න..".පොඩි පුතා කිව්වේ එහෙමය..
" පේරන්ට්ස් මීටින් එකට මේ පාරත් නැද්ද..? "
ලොකු දුව ඇහුවෙ එහෙමය..
" මරණෙටත් නැති නෑකම් මොකටද..?" ලොකු නැන්දා බැන්නේ එහෙමය...
" අපිටම කියලා ජීවිතයක් ඇත්තෙම නැද්ද..?"
සත්තකයි මට හිතුනෙ එහෙමය..
සමකරන්නට හැකී ඕනෑම කෙනෙකුට පඩි පත සසදලා..
කරන මෙහෙයක් දන්නවනම් ජීවිතේ සමහර තැන් පසෙකලා..
සල්ලිම නෙමෙයි ජීවිතෙ අතහැරෙන තැන් වටිනාකමක් බල බලා..
අහිමි උන තත්පර කෝටියයි සතුට සිනහව ළඟ කඳුළුම හෙල හෙලා..
ඉල්ලීම් තියෙන්න පුළුවන් එකිනෙකාට එක එක විදිහට
තමන්ගෙ පැත්තෙන් අසාධාරණ උනාට තව කෙනෙක්ට සාධාරණ වෙන..
තමන්ගෙ අහිමිවීම් බල බල තව කෙනෙක්ගෙ අයිතිවාසිකම් එපා කියන..
නොදැන ළිඳේ ගැඹුර නොබැස ළිඳට..
අහන්න එපා ළිඳේ ඉන්න එකාගෙන්...
" වතුර හීතලයිනෙ.. ඔයාටනම් මොකද..?"
" ඌ විතරයි දන්නෙ ළිඳේ අඳුර"
ඉතින් සබඳ.... මාසෙකට හෙදියක් වෙනවද..?
©️අහින්සා පැහැසරණි

අනිවාර්යයෙන් කියවන්න.. දැනුවත් වෙන්න තමන්ගෙ 4ටො එකක් දාලා ෆේක් එකවුන්ට් එකක් හදලා ඒක අයින් කරගන්න බැරුව දඟලන අය අනිවාර්ය...
02/10/2023

අනිවාර්යයෙන් කියවන්න.. දැනුවත් වෙන්න

තමන්ගෙ 4ටො එකක් දාලා ෆේක් එකවුන්ට් එකක් හදලා ඒක අයින් කරගන්න බැරුව දඟලන අය අනිවාර්යෙන්ම කියවන්න.

අද නොයෙකුත් හේතූන් මත කාගෙහරි පොටෝ එකක් තමන්ගෙ වගේ දාගෙන ගොඩාක් fb එකවුන්ට් දකින්නට ලැබෙනවා.. හුඟක්ම තරහවක් පිරිමහගන්න තමයි මේ වැඩේ කරන්නෙ..

ඒකත් වැඩිපුරම කෙල්ලන්ගෙ පොටෝ තමයි උස්සලා දාගන්නෙ.. එහෙම දෙයක් වුනොත් හුඟාක්ම අය කරන්නෙ කලබල වෙන එක සහ බයවෙන එක විතරයි.. කොච්චර බයවෙනවද කිව්වොත් තමන් fb ප්‍රොෆයිල් එකේ දාගෙන තියෙන හැම රියල් පොටෝ එකක්ම ඩිලීට් කරනවා.. තමන්ගෙ බය නිසා එතන කරන්නෙ සම්පූර්ණම මෝඩ වැඩක්..

තමන්ගෙ පොටෝ එකක් අවසරයකින් තොරව කාගෙහරි ප්‍රොෆයිල් එකක ප්‍රොෆයිල් පික්චර්, කවර් පොටෝ, වෝල් එකේ හෝ කමෙන්ට් එකකට යන ඕනෑම විදිහට දාලා තිබුණහොත් අපිට ඒ එකවුන්ට් එක එක රිපෝට් එකකින් පැය 24ක් ඇතුලත ඩිසේබල් කරලා දාන්න පුලුවන් බව ඔබ දන්නවාද..?

මෙහෙමයි තමන්ගෙ නම චායාරූප විස්තර යොදාගෙන කවුරුහරි ෆේක් එකවුන්ට් හැදුවොත් මුලින්ම කලබල නොවී ඉන්න, බය වුනොත් මුකුත්ම කරගන්න බෑ.. තමන්ගෙ පොටෝ කිසිසේත්ම ඩිලීට් කරන්න එපා මොකද ප්‍රිටෙන්ඩින්ග් ඩිසේබල් එක සාර්ථක ඉක්මණින් සාර්ථක වෙන්න පොටෝ එකක් තිබිය යුතුයි.. එහෙනම් මං ප්‍රිටෙන්ඩින්ග් රිපෝට් එකක් ගහන විදිහ කියලා දෙන්නම්...

මුලින්ම fb එකට ලොග් වෙන්න. (UC බ්‍රවුසරයකින් ලොග් වුනොත් වඩාත්ම සාර්ථකයි.) අදාල ෆේක් එකවුන්ට් එක සර්ච් කරන්න.. ඒ එකවුන්ට් එක විව් වුනාට පස්සෙ දකුණු පසින් ඩොට් 3ක් පෙන්නනවා ඒ ඩොට් 3 ක්ලික් කරන්න.. ඊටපස්සෙ එතන එන ඔප්ෂන් වලින් Give a feedback or report ඔප්ෂන් එක කිලික් කරන්න..

ඊටපස්සෙත් අපිට ඔප්ෂන් ටිකක් දෙනවා එතනින් pretending to be කියන ඔප්ෂන් එක ක්ලික් කරන්න.. ඊට පස්සෙ අපෙන් අහනවා කාටද මෙයාගෙන් හිරිහැරයක් වුනේ කියලා එතන ඔප්ෂන් 3ක් දෙනවා, Me , A friend and Celebrity කියලා එතනින් Me කියන ඔප්ෂන් එක දෙන්න ඊටපස්සෙ submit to report කියන එක ක්ලික් කරලා ඊටපස්සෙ එන ඔප්ෂන් එකේ තියෙන පුංචි කොටුවට ටික් එකක් දාලා Done කරන්න.
ඔන්න දැන් ප්‍රිටෙන්ඩින්ග් ඩිසේබල් එක වැදිල ඉවරයි එතනින් නවතින්න එපා.

ආයෙ පස්සට ගිහින් රිපෝට් ඔප්ෂන් එකට ගිහිල්ලා This is a fake එකවුන්ට් කියන ඔප්ෂන් එකෙනුත් රිපෝට් එක සබ්මිට් කරන්න.. ඊට පස්සෙ ඒ එක්වුන්ට් එකේ තමන්ගෙ පොටෝ දාලා තියෙනව නම් ඒ පොටෝ එකෙ දකුණු පැත්තෙ උඩ තියෙන ඩොට් 3 ක්ලික් කරලා Give a feedback or report කියන ඔප්ෂන් එක ක්ලික් කරලා එන ඔප්ෂන් වලින් Harrasment කියයන ඔප්ෂන් එක ක්ලික් කරන්න..

ඊටපස්සෙ සබ්මිට් කරාම ඔප්ෂන් 5ක් දෙනවා එතනින් this shouldn't be on facebook කියන ඔප්ෂන් එක ක්ලික් කරාම තවත් ඔප්ෂන් 5ක් දෙනවා එතනින් 4වෙනි එක ක්ලික් කරන්න ඊටපස්සෙ Me , A friend and celebrity කියලා ඔප්ෂන් 3ක් දෙනවා එතනින් Me කියන ඔප්ෂන් එක ක්ලික් කරලා ෆේස් බුක් සබ්මිට් කරන්න.. එච්චරයි වචන ගොඩකින් පැහැදිලි කරාට කරද්දි හරිම ලේසියි..

හොඳට මතක තියාගන්න කිසිම විටෙකත් ඒ එකවුන්ට් එක බ්ලොක් කරන්න එපා.. දැන් පැය 24ක් ඇතුලත ඩිසේබල් එක වැඩ කරනවා.. වැඩේ ඊටත් වඩා ඉක්මණ් කරගන්න නම් තමන්ගෙ ලිස්ට් එකේ ඉන්න තව යාලුවො දෙන්නෙකු ලව්වා උඩ කියපු පිලිවෙලටම අර Me කියලා දෙන්න ඕනි තැන්වල A friend කියන ඔප්ෂන් එක දීලා එතන එන සර්ච් බාර් එකේ තමන්ගෙ ඔරිජිනල් එකවුන්ට් එක සර්ච් කරලා රිපෝට් එක සබ්මිට් කරන්න කියන්න..

එතකොට ෆේස්බුක් හෙල්ප් සෙන්ටර් සිස්ටම් එකෙන් ඉක්මණින්ම රිපෝට් එක රිවිව් වෙනවා.. සපෝට් ඉන්බොක්ස් එකට නොටිෆිකේෂන් එකක් එනවා ඉන් අ රිවිව් කියලා.. එකවුන්ට් එක ඩිසේබක් කරාමත් නොටිෆිකේෂන් එකක් එනවා ඔයාලට තියෙන්නෙ බලාගෙන ඉන්න විතරයි...

Copie

අද  ආසියානු කුසලාන අවසන් මහා තරඟය පවත්වන රෑට බෝල ගහන්න මාස 6න් හදපු ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ ඔබ නොදත් අපූරු කතාව... ශ්...
17/09/2023

අද ආසියානු කුසලාන අවසන් මහා තරඟය පවත්වන
රෑට බෝල ගහන්න මාස 6න් හදපු ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ ඔබ නොදත් අපූරු කතාව...

ශ්‍රී ලාංකිකයන්ගේ ක්‍රිකට් මහ ගෙදර හෙවත් කෙත්තාරාම ක්‍රීඩාංගනය (R.Premadasa Stadium ) ඉඳිකිරීමේ අපූරු කතා පුවත පිළිබඳව අද නවක පරපුර දැණුවත් කිරීම වැඳගත් යයි මා විශ්වාස කරමි. 1985 වර්ෂයේදී එවක්ට අගමැතිවරයාව සිටි රණසිංහ ප්‍රේමදාස මහතා නිළ සංචාරයක් සඳහා Australia ව බලා ගමන් ගන්නා අතර එහිදී එතුමාට “පර්ත්” ක්‍රීඩාංගණයේ පැවති දිවා රාත්‍රී ක්‍රිකට් තරඟයක් නැරඹීමේ අවස්ථාවක් හිමිවෙනවා.

එහිදී තමන්ගේ රටේත් මෙවැනි ක්‍රීඩාංගණයක් ඉදිකිරීම සඳහා ඔහුට දැඩි ආශාවක් ඇතිවූ අතර ඔහු ලංකාවට පැමිණි වහාම ඉංජිනේරු සංස්ථාවේ එවකට සිටි ප්‍රධාන ඉංජිනේරුවරයා කැඳවා “අපිට රෑට බෝල් ගහන්න පිට්ටනියක් හඳන්න පුළුවන්දැයි” ඔහුගෙන් විමසා සිටිනවා. එහිදී ඔහු වික්ෂිප්ත වී ටික වේලාවක් බලා සිට “පුළුවන් සර්” යැයි පිළිතුරු ලබා දෙනවා. ඒ ඔහුට පුළුවන් නිසා නොව තමාගේ රැකියාවට ඇති ආදරය හේතුවෙන්, මොකද ප්‍රේමදාස මහතා තුල නැහැ, බැහැ කියන වචන ඇසීමට ඇති අකමැති බව ඔහු දැන සිටියා. ඉන් පසුව ප්‍රධාන ඉංජිනේරුවරයාට ප්‍රේමදාස අගමැතිවරයා “ මම ඔයාට මාස 6 ක් දෙන්නම් මේක හදන්නයැයි “ පවසා සිටිනවා. ප්‍රධාන ඉංජිනේරුවරයා කරකියා ගැනීමට දෙයක් නොමැතිව එම ස්ථානයෙන් පිටව යනවා.

ප්‍රේමදාස අගමැතිවරයා අවශ්‍ය මුදල් සියල්ලම ඉංජිනේරු සංස්ථාවට ලබාදෙනවා. මෙහිදී මාස 4 ක කාලයක් තුල ඔවුන විදුලි ආලෝක කුළුණු හැර අනෙකුත් ඉඳිකිරීම් සිදු කරනු ලබනවා. මෙම ක්‍රීඩාංගනය ඉදිකිරීමේ කාලය තුල බොහෝ වතාවක් අගමැතිවරයා මෙය නිරීක්ෂණය කිරීම සඳහා පැමිණෙනවා. ක්‍රීඩා භූමිය නිර්මාණය කිරීමෙන් පසුව අගමැතිවරයා ඉංජිනේරු සංස්ථාවෙන් අසා සිටින්නේ ඔබට මාගෙන් තවදුරටත් අවශ්‍යවන්නේ කුමක්ද යන්නයි. එහිදී ඔවුන් පවාසා සිටින්නේ මෙම ක්‍රීඩාංගණයට විදුලි බුබුළු සවිකිරීම සම්බණ්ධයෙන් ඔවුන්ට දැණුමක් නොමැති බවයි. එය විමසීමෙන් පසුව අගමැතිවරයා සංස්ථාවේ ඉංජිනේරුවන් Australia ව බලා පිටත් කර යවන්නේ විදුලි බුබුළු දැමීම සඳහා අවශ්‍ය දැනුම හා තාක්ෂණය ලබා ගැනීම සඳහායි.

ඔවුන් පර්ත් ක්‍රීඩාංගනය ඉඳිකල ඉංජිනේරුවන් හා ක්‍රීඩාංගනය බාර ප්‍රධාන නිළධාරියාද හමුවෙනවා එහිදී ඔවුන් අවශ්‍ය තාක්ෂණය ලබාදෙන අතර ඔවුන් විමසා සිටිනවා “මේ දේවල් කරන්න ඔයාලට කොච්චර කල් තියෙනවාද “ යන්නයි.

එහිදී අප ඉංජිනේරුවන් පවසා සිටින්නේ “තව මාස 3 ක් විතරයි කියායි” එසේ කියූ සැණින් ඔවුන් සිනාසී “අපිට මේකෙ බල්බ දාන්න අවුරුද්දක්ට වැඩියෙන් ගියා ඕක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි” කියා පවසා සිටිනවා. ලංකාවට පැමිණිමෙන් පසු මාසයක් තුල අවශ්‍ය උපකරණ සියල්ල ලබා ගන්නා අතර තවත් මාසයක කාලයක් සඳහා කල් ලබා ගැනීමට අගමැතිවරයා අවස්ථව ලබා දෙනවා.

පසුව ඔවුන් මාස 3 ක කාලය තුල විදුලි බුබුළු සවිකිරීමට සමත් වෙනවා. නමුත් එම විදුලි ආලෝකය තුල තරඟ ක්‍රීඩා කල හැකි වුවත් කැමරා කිරීම සඳහා එම එළිය ප්‍රමාණවත් වන්නේ නැහැ. ඉන් පසුව ඔවුන් මේ පිළිබඳව අගමැතිවරයා දැනුවත් කරනවා. එහිදී අගමැතිවරයා සඳහන් කරන්නේ දැන් කුමක් සිදුකල කලයුතුද යන්නයි. එහිදී ඉංජිනේරුවරුන් මේ පිළිබඳව තව දුරටත් සොයා බැලීමෙන් පසුව මෙම විදුලි බුබුළු වලට වඩා දීප්තියෙන් ඉහල විදුලි බුබුළු ගෙන්වා ගැනීමට සමත් වන අතර පැරණි විදුලි බුබුළු නැවත හරවා යැවීමට සමත් වෙනවා.

මෙය ඉදිකිරීමෙන් පසුව විවෘත කිරීමේ උළෙල සඳහා පර්ත් ක්‍රීඩාංගනය බාර නිළධාරියාටද ආරාධනා කරනු ලබනවා. එහිදී ඔහු ක්‍රීඩාංගනය දැක විශ්මයට පත්වෙන අතර “ මෙම ක්‍රීඩාංගනයේ තත්වය පර්ත් ක්‍රීඩාංගනයටත් වඩා හොඳයි” කියා සටහනක් තබනු ලබනවා.

එවකට ඉංජිනේරු සංස්ථාව වැනි දේශීය ආයතන යොදාගෙන කාර්යක්ෂමව යොදා ගන්නේ කෙසේදැයි රණසිංහ ප්‍රේමදාස මහතා පෙන්නුම් කලා. මෙම ක්‍රීඩාංගනය “කෙත්තාරාම” ක්‍රීඩාංගනය ලෙස නම් කරනු ලැබුවා. ප්‍රේමදාස මහතාගේ අභාවයෙන් පසු මෙම ක්‍රීඩාංගනය “R. PREMADASA” අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනය ලෙස නම් කරනු ලැබුවා.

coppied

2023 අලුත්ම සන්ගනනය අනුව ලෝකයේ බුද්දිමත්ම ජාතිය ජපානය බවට යලිත් සනාත වී ඇත. 😍වටිනාම කරනය වන්නේ ලංකාව එහි 12 වන ස්තානයට ප...
15/09/2023

2023 අලුත්ම සන්ගනනය අනුව ලෝකයේ බුද්දිමත්ම ජාතිය ජපානය බවට යලිත් සනාත වී ඇත. 😍

වටිනාම කරනය වන්නේ ලංකාව එහි 12 වන ස්තානයට පැමිනීමයි.

හැබැයි ජපානය ලෝකයේ තුන්වන ආර්තිකය බවටත් ලංකාව බන්කොලොත් රාජ්‍යක් වීමටත් හේතුව කුමක්ද??? 😔😔😔

උපුටා ගැනිමකි

👽| ‘Alien’ bodies displayed during public hearing in Mexico Congressමෙක්සිකානු සම්මේලනයේදී පිටසක්වල ජීවීන් දෙදෙනෙකුගේ මළ...
13/09/2023

👽| ‘Alien’ bodies displayed during public hearing in Mexico Congress

මෙක්සිකානු සම්මේලනයේදී පිටසක්වල ජීවීන් දෙදෙනෙකුගේ මළ සිරුරු දෙකක් ප්‍රදර්ශනය කරයි.

අද දිනයේදී පිටසක්වල ජීවීන්ගේ යැයි විශ්වාස කෙරෙන මළ සිරුරු දෙකක් මහජනතාව සඳහා මෙක්සිකානු සම්මේලනයේ විසින් ප්‍රදර්ශනය කල අතර මෙම මළ සිරුරු අවම වශයෙන් වසර 1,000 ක් පමණ පැරණි බවත් බවත් පේරු හි කුස්කෝ සිට ලබා ගත් බවත් වාර්තා වෙයි. මෙක්සිකානු මාධ්‍යවේදියෙකු සහ යූෆොලොජිස්ට්වරයෙකු වන Jaime Maussan සහ මෙක්සිකානු විද්‍යාඥයන් පිරිසක් මෙම කොන්ග්‍රස් රැස්වීමට අදහස් දක්වමින් මෙම තොරතුරු නිරාවරණය කර ඇත. මෙම පිරිස අතර Ryan Graves නම් US Navy ගුවන් නියමුවෙක් (Executive Director of Americans for Safe Aerospace) ද සිටි අතර, ඔහුද අදහස් දක්වා ඇත.
මෙම සිදුවීම සජීවිව මාධ්‍ය හරහා නිකුත් කර ඇති අතර.

මෙම නිදර්ශක මෑතකදී මෙක්සිකෝවේ ස්වජාතික විශ්ව විද්‍යාලයේදී (UNAM) අධ්‍යයනය කළ බවත්, එහිදී විද්‍යාඥයින් විසින් රේඩියෝ කාබන් කාල නිර්ණය සහ DNA සාක්ෂි විශ්ලේෂණය කළ අතර
මේවා පෘථිවියේ ජීවයේ පරිණාමයට අයත් නොවන අතරම මේවා UFO සුන්බුන් වලින් හමු වූ ජීවීන් නොවන බවත්. ඒවා diatom (ඇල්ගී) පතල්වල තිබී සොයා ගන්නා ලද අතර පසුව පොසිල කරන ලද බවත් Maussan විසින් මෙම හමුවේ දී පවසා ඇත. තවමත් මෙම සිදුවීමේ සත්‍ය අසත්‍ය තාවය තවමත් තහවුරු කර නැත.

උපුටා ගත්තේ
ශ්‍රී කොම්

මළසිරුර ප්‍රදර්ශනය කරන වීඩියෝ පටය: https://fb.watch/n1hspxhjKG/?mibextid=cr9u03

සියලුම පහසුකම් තියෙන ලංකාවේ මැච් එකක් බලන්න කියාපුම තැන...😁😁😁පෙශර් පෙතිත් අතලගම...😁
10/09/2023

සියලුම පහසුකම් තියෙන ලංකාවේ මැච් එකක් බලන්න කියාපුම තැන...😁😁😁
පෙශර් පෙතිත් අතලගම...😁

නවතම ශ්‍රී ලංකා මහ බැංකු දත්ත වලට අනුව අගෝස්තු මස විදෙස් ශ්‍රමිකයින් නීත්‍යානුකූල මාර්ග ඔස්සේ එවූ ප්‍රේෂණ වල වටිනාකම ඇමෙ...
09/09/2023

නවතම ශ්‍රී ලංකා මහ බැංකු දත්ත වලට අනුව අගෝස්තු මස විදෙස් ශ්‍රමිකයින් නීත්‍යානුකූල මාර්ග ඔස්සේ එවූ ප්‍රේෂණ වල වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 499.2 වේ.
මෙය පෙර වසරෙහි සමාන කාලය හා සසදන විට 74.4% ක වර්ධනයකි.

රටේ ආර්ථික උන්නතිය වෙනුවෙන් කැපවෙන ඔබ සැමට අපගේ ආචාරය 🙏

The latest data from the Central Bank of Sri Lanka (CBSL) reveals some inspiring figures. In August 2023, workers' remittances surged to USD 499.2 million. What's even more striking is the cumulative figure for January to August 2023, which stands at an impressive USD 3,862.7 million.

What does this mean? It signifies a staggering 74.4% increase compared to the same period in 2022.

ඇත්තටම හොද දෙයක්..👇
07/09/2023

ඇත්තටම හොද දෙයක්..👇

Address


Telephone

+35677137392

Website

Alerts

Be the first to know and let us send you an email when Osanda Prabath posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Osanda Prabath:

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share