Mr.කැන්ඩි - Mr.Kandy

  • Home
  • Mr.කැන්ඩි - Mr.Kandy

Mr.කැන්ඩි - Mr.Kandy මිනිසගේ පරම යුතුකම මිනිසට සෙවය කිරීම �

..✍️
04/03/2023

..✍️

රොබරෝසියා මලින් සුන්දර වන පින්බර ❤️රොබරෝසියා වසන්තය 🌸🌸🌸ආදරණීය මහනුවර ❤️🌳
03/03/2023

රොබරෝසියා මලින් සුන්දර වන පින්බර ❤️

රොබරෝසියා වසන්තය 🌸🌸🌸
ආදරණීය මහනුවර ❤️🌳

𝙒𝙝𝙖𝙩 𝙩𝙝𝙚 𝙒𝙤𝙧𝙡𝙙 𝙉𝙚𝙚𝙙𝙨 𝙉𝙤𝙬 𝙄𝙨 𝙇𝙊𝙑𝙀 𝘽𝙚 𝙩𝙝𝙚 𝙜𝙤𝙤𝙙, 𝙡𝙚𝙖𝙙 𝙬𝙞𝙩𝙝 𝙡𝙤𝙫𝙚 𝙖𝙣𝙙 𝙬𝙚 𝙘𝙖𝙣 𝙝𝙚𝙡𝙥 𝙩𝙝𝙚 𝙬𝙤𝙧𝙡𝙙 ..✍️ ❤️🌏
03/03/2023

𝙒𝙝𝙖𝙩 𝙩𝙝𝙚 𝙒𝙤𝙧𝙡𝙙 𝙉𝙚𝙚𝙙𝙨 𝙉𝙤𝙬 𝙄𝙨 𝙇𝙊𝙑𝙀

𝘽𝙚 𝙩𝙝𝙚 𝙜𝙤𝙤𝙙, 𝙡𝙚𝙖𝙙 𝙬𝙞𝙩𝙝 𝙡𝙤𝙫𝙚 𝙖𝙣𝙙 𝙬𝙚 𝙘𝙖𝙣 𝙝𝙚𝙡𝙥 𝙩𝙝𝙚 𝙬𝙤𝙧𝙡𝙙 ..✍️ ❤️🌏

.....✍️
03/03/2023

.....✍️

02/03/2023

සැර යැටියෙන් අපි යනෙන තුරා
සන්සාරේ අපි එකට ඉමූ...❤️

සන්සාරෙන් අපි සමුගන්නාදා
ඒ ගමනත් අපි එකට යමූ ..❤️.

02/03/2023

පැරණි දර්ශන හරිම සුන්දරයි 📷
Video Archive : National Library of Scotland
ැන්ඩිKandy

01/03/2023

සල්ලි පොකුරු මිල්ලේ අහුරු
සිහින විලේ බඹර රැගුම් පානා..

පුංචි රටක පුංචි අපිට
සිහින සැබෑ වෙන්න වරම් ඕනා..

සතුටු කඳුළු වැස්ස මතින්
මුතුකුඩ ඉහලන්න අපිට ඕනා..

හිතේ සවිය ග‍තේ විරිය
අපිට ඇතිම එකම හිරිය වීලා....

❤️
01/03/2023

❤️

28/02/2023

වලව්ව left 😂😁😂

Janai Priyai

✍️කන්ද උඩරට ඔබ සුදනම්ද?..ඔබේ සිහිනය හඹා යාමේ මීළඟ පියවර ගැනීමට ඔබ සූදානම්ද ?උසස් අධ්‍යාපනය, වෘත්තීය දියුණුව හෝ ව්‍යවසායක...
28/02/2023

✍️කන්ද උඩරට ඔබ සුදනම්ද?..

ඔබේ සිහිනය හඹා යාමේ මීළඟ පියවර ගැනීමට ඔබ සූදානම්ද ?

උසස් අධ්‍යාපනය, වෘත්තීය දියුණුව හෝ ව්‍යවසායකයෙකු වීම වේවා, ඔබට මග පෙන්වීමට අපි සිටින්නෙමු...
EDEX Expo 2023 වෙත පැමිණ ඔබේ සිහිනය යථාර්ථයක් කරගන්න!!

මාර්තු 4,5 Kandy City Centre
කරදරයකින් තොර ප්‍රවේශයක් සඳහා දැන්ම ලියාපදිංචි වන්න!
ලියාපදිංචිය සඳහා පිවිසෙන්න https://registration.edex.lk/

28/02/2023

මෙහෙම වෙලා නැත්නම් උඹ මනුස්සයෙක් නෙවෙයි.. 🤪 💔 😬😬😁

28/02/2023

හැම උදේම තනියම මේසේ...🥶🎶🛵🥰🍃🎼

හිත නිවන තැන❤️☸️ලෝකෙ  #ලස්සනම තැන -   #පිං බිම 🙏..
28/02/2023

හිත නිවන තැන❤️☸️
ලෝකෙ #ලස්සනම තැන - #පිං බිම 🙏..

| දන්නවද දෙයක්...?  " මිනිස්සුන්ගෙ තේරීම් හරි වෙනස් බං"ආදරේ කියන්නෙ හරියට පරිප්පුවක් හදනකොට ඒකට ලුනු දානවා වගේ,ජීවිතේදි ...
28/02/2023

| දන්නවද දෙයක්...?
" මිනිස්සුන්ගෙ තේරීම් හරි වෙනස් බං"

ආදරේ කියන්නෙ හරියට පරිප්පුවක් හදනකොට ඒකට ලුනු දානවා වගේ,

ජීවිතේදි අපිව ජීවත් කරවන්න ඕනම දෙයක්...

හැබැයි පරිප්පුවට ලුනු වැඩි වෙද්දි කන්න බැරි උනාට,
ජීවිතේදි ආදරේ වැඩි වෙන්න වෙන්න තමයි ඒකෙ නියම රස දැනෙන්නෙ.

සමහර වෙලාවල් වට දකිනවා ඇති මහත උන් කෙට්ටු උන්ට ආදරේ කරනවා,
කොට උන් උස උන්ට ආදරේ කරනවා,
සුදු උන් කළු උන්ට ආදරේ කරනවා....

සමහරු ඒවා දැක්කම කියන දේ තමයි...

" ආපෝ අරුන් දෙන්නගෙ හැටි බලපන් කිසි ගැලපීමක් නෑ "

ඔව් ඒ ඉන්නෙ ඊර්ෂ්‍යා කාරයෝ 😂

මොකද ආදරේ කරන උන් දෙන්නගෙ හිත් එකට එක ගැලපෙනවා නම්,

උන්ට පේන බැරල් එක වගේ කෙල්ල ඒ කොල්ලට පුලුන් බෝලයක් වගේ පේනවා නම්,😍

උන්ට පේන කලු කැත කොල්ලව ඒ කෙල්ලට කුමාරයෙක් ගානට දැනෙනවා නම්,🖤

උන්ට පේන උස කෙල්ලව ඒ කොල්ලට උගේ හයි වගේ පේනවා නම්,☺️

ඉතින් ඇයි බං උන්ට බම්බු ගහන්න කියලා තමන්ට ආදරේ විඳින්න බැරි....? 🙄

සමහර උන් ආසම අදරේ ළඟ හුරතල් වෙන්න,
තවත් උන් ආස ආදරේ ගාව ආරක්ෂා වෙන්න,
තවත් උන් ආස ආදරේ ගාව සීමවක් නැතුව වල් වෙන්න,
තවත් සමහරු ආසම ඔය ඔක්කොම එක පාර ලබාගන්න...

ආදරේ පටන් ගද්දිම එක එකාගෙ තේරීම් හදුන ගන්න උන් තමයි ඒ ආදරේ ජීවිතේ ඇතුලෙ උපරිමෙන්ම බුක්ති විඳින්නෙ....

එතකොට තව දෙයක්....😒

ඔය එක එක ජෝඩු වලට ගැලපීම් නොගැලපීම් ගැන අදහස් දෙන උන් ඉන්නවා නේද උන්ට කියන්නෙ...

තමංගෙ පාඩුවෙ වැඩක් බලන් විඳවන ජීවිතේ විඳින්න උත්සහ කරපන් අනිත් උන්ගෙ ඇද හොයන්නෙ නැතුව...🤘
..✍️

28/02/2023

නුඹේ ලෙංගතුකමට
හිතින් මා පෙම් කළ තරම්
නොකිව්වට මම
කියයි නුඹහට
වැව රවුමෙ රොබරෝසියන්
ගිහින් අහපං
අහසින් සෙංකඩ
ප්රේමයේ පරිමාව දැන්
හෙලන වැහිකැට
ගණිනු හැකිනම්
ආදරෙයි එපමණකි මං……❤️🌼✨...✍️

සැනසෙන්නම් මා ❤️රෑ අහසේ තරු තිබුණට...නෑ එළියා.ක්. හඳ වාගේ...ජීවිතයට මොනවා තිබුණද...නෑ කිසිවක් නුඹ වාගේ...සැනසෙන්නම් මා.....
28/02/2023

සැනසෙන්නම් මා ❤️

රෑ අහසේ තරු තිබුණට...
නෑ එළියා.ක්. හඳ වාගේ...
ජීවිතයට මොනවා තිබුණද...
නෑ කිසිවක් නුඹ වාගේ...
සැනසෙන්නම් මා...

නුඹ ළඟනම් හැම මොහොතෙම
හඳුනාගන්නට ජීවිතයට
සරලයි නම් මා..
නුඹ හා ගෙවනා කාලය...
සෙනෙහස විඳ ඉපිලෙයි සිත...//..✍️

27/02/2023

මා මිහිදන් වුණාම
මේ කොඩිවැල් කියද්ද
තුන් සිත වින්ද වේදනා
සෝ ලතැවුල් මවාන
සුදු සළුපිළි දරාන
කිම ඔබ හඩන.කාරණා...🥹

සෙවනට උන්නු ගසේ
අතු සිද බින්ද මිනිස්සු
පාඩුවේ දිලුණු සදට
කැබළිති ගැසුව මිනිස්සු 🙏

කන්නට දුන්නු අතම
හිමිහිට හැපුව මිනිස්සු
ඇතිදා නැති බුහුමන්
නැතිදා පිදුව මිනිස්සු 🙏

සේසත් පාවඩ මැද අභිමන් හරසර රන්දා
අවසන් ගමනට ඇයි දහසින් සැරසිලි බන්දා
හදවත් නැතිවුන් ලෙස
පෙරදා දුන්නු වේදනා
දෙසවන් බිහිරියි අද
මිතුරනි කුමට වර්ණනා🙏

27/02/2023

අපුරුයි. සාර්ථකයි.
ප්‍රතිපලදායකයි 💯

නයිජීරියාවේ ඡායාරූප  ශිල්පියෙක් හිටියා බෙලෝ (Bello) කියලා. ඔහු ලාගොස් වල එක් අපූරු විදිහකට ඡායාරූපයක් ගන්නවා. අරමුණ තමයි...
27/02/2023

නයිජීරියාවේ ඡායාරූප ශිල්පියෙක් හිටියා බෙලෝ (Bello) කියලා. ඔහු ලාගොස් වල එක් අපූරු විදිහකට ඡායාරූපයක් ගන්නවා. අරමුණ තමයි ප්‍රසිද්ධ රැප් ගායක මිනි ටෙම්ප්ව ඡායාරූපයට ගන්න එක. Bello ඒ දේ හරි විදිහට කරනවා. ඒ ඡායාරූපයට අහම්බෙන් වීදිය දිගේ පාන් විකුණන ගැහැණු ළමයෙක් හසු වෙනවා.

ඒක හරිම අහම්බයක්.

මිනි ටෙම්ප් ගේ ඡායාරූපය ඊට පසු සතියේ ප්‍රධාන පුවත්පතක පල වෙනවා. ඡායාරූපය දකින හැමෝම බෙලෝ ගෙන් හරි අපූරු ප්‍රශ්නයක් අහනවා.

“ඔබ හරිම දක්ෂයෙක්.

පිටුපස්සේ ඉන්න පාන් විකුණන ගැහැණු ළමයෙක් ඔතනට ගැලපෙනවා කියලා කොහොමද හිතුවේ?”

බෙලෝ කියනවා ඒක හරිම අහම්බයක් කියලා. අවසානයේ මොකද දන්නවාද වෙන්නේ?

ඇමෙරිකාවේ ප්‍රධාන මොඩ්ලින් ආයතනයක් මෙන්න මේ නයිජීරියානු කළු කෙල්ල සොයාගෙන යනවා. ඇය අද ඩොලර් මිලියන ගාණක් වටිනාකමක් තියන නිරූපිකාවක්. පාන් විකුණපු Olajumoke Orisaguna කියන ගැහැණු ළමයෙකුගේ මුළු ජීවිතයම හරි අපූරු අහම්බයක් නිසා වෙනස් වෙනවා.

මතකද අපි අර පුංචි කාලේ අහපු රත්තරන් පොරවේ කතාව. ගස් කපන මනුස්සයෙක් යනවා ගසක් කපන්න කැලේට. ගහ කප කප ඉන්න කොට පොරව වැටෙන්නේ ගඟට. ගඟ දිහා බලාගෙන කඳුළු පෙර පෙර අඬන මනුස්සයා දකින රුක් දෙවියෝ ගහෙන් මතුවෙලා ගේන්නේ රත්තරන් පොරවක්.

ඕක දිග කතාවක්. ඔතන තියන දේත් ජීවිත අහම්බයක්.
හන්තානට පායන සඳ ලස්සනයිද කියන්න? කියලා අපෙන් අහන අමරසිරි පීරිස් මහත්තයා එක පාරක් කියනවා තමන්ගේ ජීවිතය වෙනස් වුන විදිහ ගැන. අමරසිරි පීරිස් කියන්නේ බටනලා වාදනය කරන ශිල්පියෙක්. දවසක් ගීතය ගායනා කරන්න හිටපු ගායකයා එන්නේ නෑ.

සංගීත කණ්ඩායමේ වාද්‍ය ශිල්පීන් ගැන හොඳටම දන්න ප්‍රේමසිරි කේමදාස මහත්තයා කියනවා දැන් කරන්න දෙයක් නෑ. අමරසිරි ඔයාවත් මේ සිංදුව කියන්න කියලා.

ජීවිතයේ හුඟක් දේවල් සිද්ධ වෙන්නේ අහම්බෙන්. සමහර විට ආදරයක්. බස් රථයේදී, දුම්රියේදී අහම්බෙන් නෙතු ගැටෙන තරුණ තරුණියෝ දැන් දරුවෝ ඉන්න දෙමව්පියෝ.

මම දන්න යහළුවෙක් හිටියා මාත් එක්කම කෝච්චියේ කොළඹ ගියපු. මේ කියන කතාව වෙන කොට අපි උසස්පෙළ. දවසක් ඔය යාළුවා ගෙදර ඉන්න වේලාවක පාරේ නවතිනවා වාහනයක්. හේතුව කාර්මික දෝෂයක්. මේ මගේ යහළුවා අර නොදන්න මිනිසුන්ට උදව් කරනවා. ඒත් හරි ගියේ නෑ. පස්සේ තල්ලු කරලා ඒ කාර් එක අර යාළුවාගේ ගෙදරට දමලා අර මිනිස්සු බස් එකේ යන්න යනවා. ඊට පහුවෙනිදා බාස් කෙනෙක් එක්ක එනවා කියලා.

ඔය කතාවේ හොඳම හරිය ඔතන නෙවෙයි. අර කාර් රථයේ හිටපු අය අතර ලස්සන තරුණියක් ඉන්නවා. මේ යාළුවාට අවුරුදු කිහිපයකට පස්සේ අර තරුණිය නැවත කොළඹ දී හමුවෙනවා.

Chatted ක්ලාස් එකේදී. කාර් එකේ හිටපු තරුණියගේත් මගේ යාලුවාගේත් පුතා ලබන අවුරුද්දේ උසස් පෙළ කරනවා.
ඕස්ට්‍රේලියාවේ ඇඩ්ලේඩි විශ්ව විද්‍යාලයේ DNA පිළිබඳ මහාචාර්‍යවරයෙක් වන ඇලන් කූපර් අපූරු සොයා ගැනීමක් කරනවා. ඒ නියන්ඩකාල් මානවයා ගේ යුගයේ සිට මේ ලෝකයේ ප්‍රතිජීවක භාවිතා කරපු බව. ඒ කියන්නේ මීට අවුරුදු 40,000කට විතර කලින්. අපේ ඉතිහාසය තුල වුනත් එළාර - දුටුගැමුණු යුද්ධයේදී දුටුගැමුණු රජතුමා ප්‍රතිජීවක භාවිතා කරපු බවට සාක්ෂි දරන්නේ අපේ ඉතිහාසය.

ඔය කොහොම වුනත් ප්‍රතිජීවක පිළිබඳ මුල්ම විද්‍යාත්මක පරීක්ෂණය කරයි කියන්නේ 1920 දී ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමන්. ඒ තමයි පෙන්සිලින්.

ලෝකයේ පෙනිසිලින් සොයා ගැනීමත් හරිම අහම්බයක්. දවසක් ෆ්ලෙමින්ට තමන්ගේ පරීක්ෂණ දීසියක් වසා ගන්න අමතක වෙනවා. ඊට පහු වෙනිදා පරීක්ෂණාගාරයට ආපු ෆ්ලෙමින් දකිනවා අර දීසිය මත වැඩුණු දිලීරයක් විසින් බැක්ටීරියා විනාශ කරලා තියන බව. අවසානයේ එම දිලීරය පිළිබඳ දිගින් දිගටම සිදු වෙච්ච පරීක්ෂණයේ ප්‍රතිඵලය තමයි පෙන්සිලින්.

අහම්බයක් ලෙස ජීවිතයට එන අහම්බය මුළු ජීවිතයම වෙනස් කරන බවට හොඳම උදාහරණය තමයි ඉන්දියාවේ රානු මොන්ඩාල්.

ඉන්දියාවේ දුම්රියක් තුල සිංදු කිය කිය හිඟා කාපු රානු මොන්ඩාල් කියන ගැහැණිය ගේ වීඩියෝවක් තරුණයෙක් විසින් අන්තර් ජාලයට මුදා හරිනවා. වියපත් ගැහැණිය සතු මේ තරුණියන් අභිබවා යන හැකියාව ගැන ඉන්දියාවේ මිනිස්සු පුදුම වෙනවා. මේ අහම්බය තව දුරටත් අහම්බයක්ම කරමින් ඉන්දියාවේ ජනප්‍රියතම සංගීතය වන හිමේෂ් රෙෂ්මියා රාහු මොන්ඩාල් ගේ වීඩියෝව දකිනවා. ඔහු ඇය සොයාගෙන දුම්රිය පොළට එනවා.

අද රාහු මොන්ඩාල් කියන්නේ ඉන්දියාවේ සුපිරිම තරුවක්. අහම්බයන් ජීවිතයට හොඳ වගේ නරකටත් බලපාන බව අප අමතක නොකල යුතු ඒවා ගැන ලියන්න ඉඩ මදි නිසා අවසන් කරනවා.

බලන් ගියාම ජීවිතයම කියන්නේ,
අහම්බ‍යෙන් හමුවන අහම්බයක්……..

උපුටා ගන්නා ලදී.

27/02/2023

Kandy , Sri Lanka ❤️🇱🇰
Feel the Nature ☘️

Spend your vacation with us.The best destination in the world..🇱🇰

••• ශ්‍රි •••••




🇱🇰 Sri Lanka

Address

කැන්ඩි

20000

Website

Alerts

Be the first to know and let us send you an email when Mr.කැන්ඩි - Mr.Kandy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share