MenukaR

MenukaR Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from MenukaR, News & Media Website, Tricomalee Road, .

💀| The best villain in Marvel Universeඔන්න ඉතිම් අපි අද කතා කරන්න යන්නේ මේ මුලු කාලෙටම marvel comic universe එකේ හිටපු i...
05/04/2023

💀| The best villain in Marvel Universe

ඔන්න ඉතිම් අපි අද කතා කරන්න යන්නේ මේ මුලු කාලෙටම marvel comic universe එකේ හිටපු iconicම villain ගැන ඒ තමා Mad Titan එහෙමත් නැත්ත "Thanos",

ඉතිම් අපිට මේ චරිතය මුලින්ම මුණ ගැහෙන්නේ 1973දී Jim Starlin ලින් විසින් රචනා කරපු "Iron Man #55" comic book එකේදී කෙහොමහරි එතැන් සිට විවිධ Marvel comic පොත් මාලාවංගෙන් මෙන්ම Marvel Cinematic Universe හි ප්‍රධාන විරුද්ධවාදියා බවට පත්වෙනවා.

මේ විශිෂ්ට දුශ්ටයා ඉපදිලා තියෙන්නේ සෙනසුරු ග්‍රහයාගේ චන්ද්‍රයෙක් වන "Titan"හිදී. ඒ වගේම මේ කෙනා බලවත් හා දීර්ඝ ආයු කාලයක් ඇති "Eternals"ලට අයිති කෙනෙකි.කෙසේ වෙතත්, Thanos ඉපදුනේ ජාන විකෘතියක් සමඟින්. එකේ ප්‍රතිඵලයක් විදිහට, මෙයාව එයාගෙම මිනිසුන් විසින් නෙරපනවා, මේක එයාගේ දුශ්ටයෙක් කරන්න මුල් වෙනවා. පස්සේ කාලෙකදී මෙයා මයාගේම ලෝකය සම්පූර්ණයෙන් විනාශ කරනවා.

ඔන්න දැන් අපි මෙයාගේ ජිවිත කාලයේදී සිදු උන විශේෂ සිද්දි ටිකක් කතා කරමු, Thanos ගේ වඩාත්ම අමතක නොවන අවස්ථා බොහෝ විට එයාගේ බලය සඳහා වූ ගවේෂණය සහ මරණය කෙරෙහි ඔහුගේ උමතුකම ඇතුළත්ය. ඔහුගේ වඩාත්ම කැපී පෙනෙන කතාවක් වෙන්නේ Infinity Gauntlet saga, ඔහු සර්වබලධාරී වීමට සහ ඔහුගේ ඇඟිලි තුඩකින් විශ්වයේ ජනගහනයෙන් අඩක් මකා දැමීම සඳහා අනන්ත ගල්(Infinity stones) හයම එකතු කරයි. තවත් කැපී පෙනෙන මොහොතක් වන්නේ මෙයා "Infinity War" කතා මාලාවේ සමස්ත Avengers කණ්ඩායම පරාජය කිරීම වන අතර එය පසුව "blockbuster" වීමයි.

ම්ම් මේ වගේ කෙනෙක්ට ආදරයක් තියෙයිද, ඔව් තියෙනවා අපි දැන් ඒ ගැන බලමු, Thanos ගේ ප්‍රේම ආශාවන් ඉතා අඩුයි, ඒත් ඔහුගේ වඩාත්ම කැපී පෙනෙන සම්බන්ධතාවයක් වන්නේ "Death" එහෙමත් නැත්තම් මරණයෙ ප්‍රතිමුර්තිය. Thanos "Death" ගැන උමතු වී ඇති අතර බොහෝ විට මහා පරිමාණයෙන් ඝාතනය කිරීමෙන් එයාව පුදුම කිරීමට උත්සාහ කරලා තියෙනවා.

එහෙනම් අපි දැන් බලමු මේ චරිතයේ මොනවද තියෙන දුර්වලතා කියලා, ඔහුට අතිවිශාල බලයක් සහ බුද්ධියක් තිබ්බත්, Thanos සතුව යම් දුර්වලතා තිබුනා. එයාගෙ ලොකුම දුර්වලතාවයක් වුනේ එයාගේ චිත්තවේගයන් පාලනය කිරීමට නොහැකි වීම, ඒක ඉක්මන් තීරණ ගැනීමට ඔහුව යොමු කරයි. ඊට අමතරව, ඔහු සමහර අවස්ථාවලදී ඕනෑවට වඩා විශ්වාස කළ හැකි අතර, එය එක් වරකට වඩා ඔහුගේ පරාජයට හේතු වෙලා තියෙනවා.

අපි දැන් මේ විශ්ෂ්ට චරිතය අවසන් ගමන් ගිය විදිහ කතා කරමු, "The Thanos Imperative" නම් comic පොත් මාලාවේ, Thanos විසින් "Cancerverse" නම් ප්‍රබල වස්තුවක් විශ්වය පුරා මරණය සහ විනාශය පැතිරවීම නැවැත්වීමට එයා එයාවම කැප කරලා තියෙනවා. කොහොම උනත්, එයා පසුව නැවත පැමිනෙණ අතර විවිධ Marvel comic පොත් මාලාවල ප්‍රධාන දුෂ්ටයෙකු ලෙස දිගටම කටයුතු කරලා තියෙනවා.

අවසාන වශයෙන්, Thanos යනු Marvel Comic Universe මත සැලකිය යුතු බලපෑමක් ඇති කළ ආකර්ෂණීය හා සංකීර්ණ චරිතයකි. ඔහුගේ බලය සඳහා වූ ගවේෂණය සහ මරණය පිළිබඳ උමතුව ඔහුව අඳුරු මාවතකට යොමු කර ඇති අතර, ඔහුගේ අමතක නොවන අවස්ථා සහ දුර්වලතා ඔහු comic book ඉතිහාසයේ වඩාත්ම බලගතු දුෂ්ටයෙකු බවට පත් කර ඇත.

Written by:

🦹‍♂️| "Captain America" is The Symbol of Americaඔන්න ඉතිම් කාලෙකට පස්සේ අලුත් ලිපියක් එක්ක තමා ඔයාලා මේ සම්බන්ධ වෙන්නේ. ...
03/04/2023

🦹‍♂️| "Captain America" is The Symbol of America

ඔන්න ඉතිම් කාලෙකට පස්සේ අලුත් ලිපියක් එක්ක තමා ඔයාලා මේ සම්බන්ධ වෙන්නේ. ඔන්න මම කතා කරන්න යන්නේ අපි හැමෝම දන්න "Captain America" ගැන,

මේ Captain America කියන්නේ "Joe Simon" සහා "Jack Kirby" කියන කතු වරු විසින් 1941 දී නිර්මාණය කල "Captain America Comics #1" හිදි ප්‍රතමයෙන්ම ප්‍රෙක්ශකයා වෙත මුණ ගැසුනු චරිතයක්. ඒ වගේම මේ captain americaගේ ඇත්ත නම උනේ "Steve Rogers".

Captain America කියන්නෙ නිදහසේ , යුක්තියේ සලකුණයි. ඒ වගේම මෙයා marvel universe එකේ වීශේෂම චරිතයක් වෙනවා. මෙයා දක්ෂ සටන් කරුවෙක්, හොද උපායශිලීයෙක් ඒ ව‌ගේම විරුද්දවාදීන්ට හිසරදයක් වන වැඩිදියුණු කරපු ශරීරයකටද හිමිකම් කියනවා.

Cap ගේ ප්‍රධානම බලය වනුයේ නොසැලෙන හැගීම් සහා හරි දේ කිරීමට ඇති අධිෂ්ඨානයයි.මෙයා ස්භාවිකවම නායකයෙක් ඒ වගේම ඔවුන් විශ්වාස කරන දේ වෙනුවෙන් සටන් කිරීමට අසංක්‍යාත වීරයන්ව පොළබවා ඇත. ඒ වගේම එයාගේ "Vibranium" වලින් හදපු පළිහ cap විසින් බෙරීමට සහා ප්‍රහාර එල්ල කිරීමටද යොදා ගනී.

මේ වගේ ශක්තියක් වගේම මෙයාට දුරවලාත් තියෙනවා. මෙයාගේ ලොකුම දුර්වලතාවය තමා "මනුස්සකම". මෙයා අමරනීය නෑෑ ඒ නිසා තුවාල හො මරණයට පත් වීමට හැකි. ඒ ව‌ගේම cap, "Captain America: The Winter Soldier" movie එකේ වගේ මනස පාලනය හෝ මානසික ප්‍රහාරවලටද ලක් වෙනවා.

ඉතිම් මෙයාගේ තවත් දුර්වලතාවයක් තමා එයාගේ වැඩි දියුණු කරපු භෞතික ගූණාංග වලින් ඔබ්බට අධිමානුෂික හැකියාවන් නැති වීමයි. ඒ කිව්වේ මෙයාට වඩා ශක්තියෙන් හෝ තාක්ෂණයෙන් දියුණු කෙනෙක්ට capව පරද්දන්න පුලුවන්.ඒ වගේම එයාගේ පළිහට හානි වුනොත් ඒක capට අවදානම වැඩි කරනවා.

මේ කොහොම වුනත් Captain America කියන්නේ අන් අයව දිරි ගන්වමින් ඉදිරියට ගෙනයන වීරයෙකී. ඒ වගේම මෙයා "Red Skull", "Thanos" වගේ marvel විශ්වයේ භයාණකම දුෂ්ඨයන්ට විරුද්දව සටන් කර ඇත. ඒ වගේම මෙයා "Avengers"හී ප්‍රධාන සමාජිකයෙක් වන අතර "Thor","Iron Man" වගේ අය එක්කත් සටන් කරලා තියෙනවා.

Captain Americaගේ කතාව වසර ගනණාවක් පුරාවට ඉදිරියට ගිය අතර විවිධ ලෙඛකයන් ඔහුගේ අතීතය වර්තමානය අනාගතය ගවේශෂණය කරනවා.. ඔහු දෙවන ලෝක යුද්ධයේදී අයිස්වලින් මිදුණු පසු වෙනස් වූ ලෝකයක ජීවිතයට හැඩගැසීම දක්වා බොහෝ අභියෝගවලට මුහුණ දී ඇත.

අවසාන වශයෙන්, Captain America යනු පොහොසත් ඉතිහාසයක් ඇති සහ පුළුල් පරාසයක ශක්තීන් සහ දුර්වලතා සහිත සුපිරි වීරයෙකි. අඩුපාඩු තිබුණත්, විපත්ති හමුවේ කිසිදා අත් නොහැර හරි දේ වෙනුවෙන් සටන් කිරීමට අපව පොළඹවන වීරයෙකි. ඔහු වීරත්වයේ සහ දේශප්‍රේමයේ සැබෑ සංකේතයක් වන අතර, ඔහු වසර ගණනාවක් පුරා මාර්වල් විශ්වයේ වැදගත් කොටසක් වනු ඇත.

Written by :

🦸‍♀️ | Who are the Valkyries ?ඔන්න ඉතිම් මම අද කතා කරන්න යන්නේ Valkyriesලා ගැන මන් හිතනවා ඔයාලා මේ Valkyriesලා කියන්නේ ක...
16/02/2023

🦸‍♀️ | Who are the Valkyries ?

ඔන්න ඉතිම් මම අද කතා කරන්න යන්නේ Valkyriesලා ගැන මන් හිතනවා ඔයාලා මේ Valkyriesලා කියන්නේ කවුදකියලා දන්නවා ඇති මොකද Thor Movies වල එහෙම මේ Valkyriesලා ගැන කියන නිසා.

Valkyries කියන්නේ සාමාන්‍ය දෙවගනන් සහ කන්තාරූපයට හිමිකම් කියන විශේෂ දෙවගනන් හය දෙනෙක්ටයි. මෙයාලා අනිත් අයට වඩා වෙනස් උනේ එයාලගේ දක්ශතාවය නිසා Norse Mythology වල දෙවියන්ගේ දෙවියන් විදිහට හදුන්වන Odin එයාලව Valkyriesලා කියලා නම් කරපු නිසා. මේ Valkyries ලව නිරූපනය කරන්නේ කඩුවක්,පලිහක්,හෙල්ලයක් හා සන්නාහකයක් අත දරන් ඉන්න රණශුරවරියන් විදිහටයි. Valkyriesලා රත්තරන් වගේ කොන්ඩයකටත් හිම වගේ සමකටත් හිමිකම් කිව්වා. ගොඩක් වෙලාවට මේ හය දෙනා ඇදපු ඇදුම් හංස පිහාටු වලින් සහා කපුටන්ගේ පිහාටු වලින් නිර්මානය කරපු ඇදුම් කියලත් mythologyවලදී කියවෙනවා. කතා වලට අනුව මේ Valkyriesලා කියන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට සහ "Demi gods" එහෙමත් නැත්තම් half bloodලා ඒ කියන්නේ දෙවිකෙනෙක්ට සහ සාමාන්‍ය කෙනෙක්ට දාව ඉපදුන ළමයි.

මෙකෙන් අපිට කියන්න පුලුවන් සාමාන්‍ය මිනිසුන් වෙලත් එයාලව Valkyriesලා කරනන තරම් ළග සම්බන්ධයක් odinට තිබ්බා කියලා මොකද myth වලදී මේ Valkyriesලව "Daughters of odin" ඒ කියන්නේ odinගේ දියන්යන් කියලත් හදුන්වනවා. කෙහොම උනත් Valkyriesලා කියන්නේ ගොඩක් දක්ශ එඩිතර රණශූරවරියන් ඉන්න කන්ඩායමක් වන අතර "berserkers" කියන්නේ Valkyriesලා වගේම රණශූරයන් හිටපු කන්ඩායමක්.

ඉතිම් මේ කියන කන්ඩායම් දෙකම odin විසින් පත්කලේ "ragnarok"කියන මහා යුද්ධය දින්නන තනන අඩිතාලමක් වශයෙන් මොකද සමහර කතා වලට අනුව odin විසින් Valkyriesලට පවරපු කාර්යන් අතර යුද පිටියේදි දක්ශ විදිහට සටන් කරන අයව "valhalla"වලට එක්ක ගියා කියලා සදහන් වෙනවා ඒ වගේම සමහරක් කතා වලදී යුද පිටියෙදි තුවාල වෙන රණශුරයන්ව ආරක්ශිතව "valhalla"වලට අරගෙන යන එකත් පැවරුනු කාර්යන් අතර වෙනවා. ඉතිම් odinට අනුව මෙයාලට පැවරුනු ලොකුම කාර්ය වුනේ යුද්ධය ජය ගන්න සහ පරාජය වන පිරිස තීරණය කරන එක. ඉතිම් මේ කියපු කාර්යන් අකුරටම ඉටු කරමින් odinට සහා freya දෙවගනට සේවය කිරීම Valkyriesලාගේ ප්‍රධානතම කාර්ය වුනා. යුද පිටියෙදී තමන්ගේ කාර්ය අකුරටම ඉටු කරන Valkyriesලා යුද පිටියට උඩින් පියාබන අශ්වයන්ගේ පිටේ එඩිතරව තමන්ගේ කාර්ය ඉටු කලා. ඒ වගේම freya දෙවගනව lady of Valkyries කියලා හදුන් වනවා මොකද මේ Valkyriesලව හරියටම පාලනය කරන්න පුලුවන් වුනේ freya දෙවගනට විතරයි. ඒ වගේම මේ freya දෙවගනත් මේ Valkyriesලා හය දෙනාගෙන් කෙනෙක් කියලා හදුන්වනවා.

හැමදිස්සෙම asgard වල ආරක්ශාව තහවුරු කරපු ඒ වගේම තමන්ගේ නායකයට පක්ශපාතීව ක්‍රියා කරපු තමන්ගේ යුතුකම හරියටම ඉටු කරපු මේ Valkyriesලා නිසා asgardian වලට සිද්ද වුන ගොඩක් යුද්ධ වලින් ජය ගන්න පුලුවන් උනා.

Written by:

New one 👉👈 ❤️
16/02/2023

New one 👉👈 ❤️

🪄ඔන්න අද මම කතා කරන්න යන්නේ කෙහොමද කෙනෙක් spell එකක් හදන්නේ කියලා. මට මේක ගැන හොයන්න හිතුනේ "Harry Potter and the half-blood prince" කියන කතාවේදී මොකද එකේදී Severus Snape හදපු spell එකක් Harry පාවිච්චි කරනවා. එහෙනම් අපි දැන් කතාවට යන්,

මන් හිතනවා මන් වගේම ඔයාලත් කට්ටියට අලුතෙන් spells හදන්න පුලුවන් කියලා දැනගත්තේ snape විසින් නිර්මාණය කරපු "Sectumsempra" නිසා කියලා. ඒත් ගොඩක් මයාකාරයෝ එක එක මන්ත්‍ර හදලා තියෙනවා. Luna ගේ අම්මා වුන "Pandora Lovegood" මැරුනෙත් මේ වගේ spell එකක් අලුතින් හදන්න ගිහින් පරික්ශා කරද්දි ආපස්සට වැදිලයි. අන්න ඒ නිසා තමා "Spell Creation" එහෙම නත්තම් අලුතින් මන්ත්‍ර හැදීම බයානක වෙන්නේ. ඒත් කවදාවත් JK Rowling විසින් හරියටම පියවර වශයෙන් spell එකක් හදන්නේ මෙහෙමයි කියලා සදහන් කරලා නැතත් එක තැනකදී එයා කියලා තියෙනවා එයාට මයා අමාත්‍යංශයේ රැකියාවක් ලැබුනොත් එයා මන්ත්‍ර නිර්මාණය සහ ලියන්න වැඩ බාරගන්නවලු. කෙහොමහරි මේ Harry Potter කතා මාලාවට සම්බන්ද හැම මන්ත්‍රයක් වගේම Latin භාශාවට සම්බන්ධ වෙලා තියෙනවා කියලා අපි හැමෝම වගේස දන්නවා මොකද Latin American රටවල් 32 තිබිලත් ඒ රටවල් මේ භාශාව පාවිච්චි කරන්නේ නැති නිසා මේ භාශාව මිය යමින් හෝ මිය ගිය භාශාවක් වෙනවා ඒ කියන්නේ "Dead Languages" එකක්' Mythology ගැන පුලුල් දැනුමක් තියෙන JK Rowling මන්ත්‍ර සදහා latin භාශාව යොදාගන්න ලොකුම හේතුව ඒක වුනේ. JK Rowlingට අනුව මායාව සම්බන්ධව හොද පුලුල් දැනුමක් වගේම දක්ශතාවයක් තියෙන මයාකර්වන්ට විතරයි මන්ත්‍ර හදන්න පුලුවන්.

"Herpo the Foul" තමා මයා ලෝකයේ පළවෙනි horcrux එක හදපුකෙනා විදිහට හදුන්වන්නේ. ඒ කියන්නේ horcrux හදන මන්ත්‍ර හදලා හදලා අන්තිමේට හරියන මන්ත්‍රය හදපු කෙනා. ඊට පස්සේ Middle age කියන මධ්‍යන යුගයෙ ඉදන් කාලයත් එක්ක විවිධ මයාකරුවෝ විවිධ මන්ත්‍ර හොයාගත්තා ඒ අතර Jinxes,Hexes වගේම Cursesත් තියෙනවා. Jinxes කියන්නේ කොඩිවින ඒ කියන්නේ කෙනෙක්ට වින කරන්න පුලුවන් මයා කර්ම.

මේ Hexesකියන්නේ කොඩිවින වලට වඩා ටිකක් ප්‍රබ ශාප තරම් ප්‍රබල නැති මයා කර්ම ඒ වගේම ශාප කියන්නේ මේ ඔක්කෝගෙන්ම දරුණුම මයා කර්ම. Hex එකකදී කෙනෙක්ට සාමාන්‍ය වෙදනාවක් දැනෙන්නේ හරියට Hermioneට ලොකු දත් ආවා වගේ ඒ වගේම Imperio,Cruciatus වගේ ඒවා ශාප වලට අයත් වෙන්නේ.

අපි හැමොම දන්න Dumbledore එයාගේම මන්ත්‍රයකින් හදපු උපකරනයක් තමා Deluminator කියන්නේ Movies වලදිත් අපි ඒක දෙතුන පාරක් දැක්කනේ. Tom විසිත් විවිධ මන්ත්‍ර හැදුවා කිව්වට එවාගෙන් හරියටම සදහන් වෙලා තියෙන්නේ"Mormodre" කියන එයාගේ සලකුණ පෙන්නන මායාව(Harry Potter And The goblet of fire). ඒ වගේම තමා Gilderoy Lockhart විසින් එයා Hogwarts ව ඉගෙන ගන්න කාලයේදී තමන්ගෙම මුණ අහසේ මැවෙන්න Holographic spell එකක් හදනවා ඒකෙන්ම තෙරෙනවනේ Gilderoy Lockhart කොච්චර කපටි වැඩ කලත් දක්ශ මයාකරුවෙක් කියලා. අවසාන වශයෙන් අපි හැමෝම ආදරය කරන severus snape විසින් මන්ත්‍ර හතක් නිර්මාණය කරලා තියෙනවා.

"Muffiato Charm" කියන මේ මයාව පාවිච්චි කරාම ඒ මයා කාරයා අවට ඉන්න අයට ලාවට ස්ස්ස්... වගේ සද්දයක් ඇහෙනවා ඒකෙන් වෙන අයට ඒ මයා කාරයා කියන දේවල් හොරෙන් අහන්න බෑ. "Lang Lock" කියන එකෙන් කෙනෙක් කතා කරන එක නවත්තන්න පුලුවන් ඒ වගේම තමාට හයියෙන් ශබ්ද කරලා කරන මායාවක් නවත්තන්න පූලුවන් ඒ වගේම Levicorpus කියන්නෙත් snape හදපු spell එකක් ඒකෙන් වෙන්නේ අනිත් කෙනාව කකුල් දෙකෙන් උස්සන්න කෙහොමහරි snape හදපු මේ spell එක James Potter විසින් snapeව එල්ලන්නත් පාවිච්චි කලා ඉතිම් මේ උස්සපු කෙනාව පල්ලෙහාට දාන්න තමා Liberacorpus spell එක හැදුවේ. Toenail Growing Hex මෙකෙන් වෙන්නේ කෙනෙක්ගේ කකුලේ නියපොතු අසාමාන්‍ය විදිහට දික් වෙන එක. ඉතිම් හයවෙනි spell එක විදිහට අපි හැමොම දන්න Sectumsempra මායාව මේක එක යොමු කිරීමකින් කඩු පහරවල් කිහිපයක ප්‍රහාරයක් ලබා දෙන්න පුලුවන් භයානක spellඑකක් Vulnera Sanentur කියන්නේ මේ spell එකේම විරුද්ද මායාව ඒ කියන්නේ මේකෙන් හානි වුන කෙනාව ප්‍රකෘර්ති තත්වයට ගන්න මායාව හැබැයි මේ මායාවෙන් පුලුවන් කැපුම් එකට කරන එක විතරයි ඇගෙන් වෙන්වුන කොටස් එකට කරන්න බැ අන්න ඒ නිසයි snape විසින් goergeට එල්ල කරපු Sectumsempra එකෙන් goergeගේ කන වෙන් වුනේ.

ඉතිම් මන් කලින් කිව්වා වගේම JK Rowling මේ මායාවක් අලුතෙන් හදන්නේ කෙහොදමද කියලා හරියටම පැහැදිලි කරලා නැතත් මේකට Harry Potter කතාව ගැබුරින් අධ්‍යනය කරපු fansලා theory එකක් නිර්මානය කරල තියෙනවා. ඒකට අනුව , පළවෙනියට අලුතෙන් හදන spell එකෙන් මොක්කද වෙන්න ඔනී කියලා එක අරම්ණක් තියෙන්න ඔනී දෙවනියට ඒක ක්‍රියාවට ගන්වන්න යොදාගගන්නා වචන හැබැයි කටින්උච්චාරනය නොකර spell වලට මේ පියවර අයිති වෙන්නේ නෑ මේ spell එකකට යොදාගන්න වචන වලට english වලින් කියන්නේ Incatation ඒ කියන්නේ ජප කිරීම මේක තමා පියවර වින් වැදගත්තම පියවර මොකද නිකන් latin වචන දෙක තුනකින් කරන්න බෑ හරියටම වචන එන්න ඔනී විදිහ සිය දහස්පහරක් උත්සහ කරලා බලන්න ඔනී. අන්න ඒ නිසයි spell හදන්න අමාරු වෙන්නේ එක අකුරක වෙනස් වීමකින් ලොකු විනාශයක් උනත් වෙන්න පුලුවන්. Sectumsempra එක නිර්මානය වෙලා තියෙන්නේ Sectum කියන්නේ කපනවා කියන ඒක එතකොට sempra කියන්නේ සදහටම කියන එක එතකොට ඒකේ තේරුම සදහටම කපනවා කියන එක. මේක හැදුවේ ඉතිම් snape නේ ඒ්ත් Rictusempra කියන්නේ මීට ශතවර්ශ ගානකට කලින් හැදුන spell එකක් මේක tickling spell එකක් ඒ කියන්නේ කිචිකවන spell එකක් මේක හැදිලා තියෙන්නේ Rictus කියන්නේ කට අරිනවා ඒ වගේම sempra කියන්නේ සදහටමනේ ඒ කියන්නේ මේකේ තේරුම සදහටම කට අරිනවා කියන එක. මේ spell එකක් හැදෙන්නේ බලවත් මයා කාරයෙක් බලවත් සිතුවිල්ලක් වගේම බලවත් මයායශ්ටියක් කියන මේ තුනේම එකතුවක් වශයෙන්.

✍️Admin: • ශ්‍රී කොම්

🧙🏻‍♂️| Is merlin went to hogwarts ?ඔන්න අද මම ගේන්න යන්නේ Merlin, Hogwarts ගියාද කියලා.Harry Potter කතාවට කලින් Jk Rowli...
15/02/2023

🧙🏻‍♂️| Is merlin went to hogwarts ?

ඔන්න අද මම ගේන්න යන්නේ Merlin, Hogwarts ගියාද කියලා.

Harry Potter කතාවට කලින් Jk Rowling ඉපදෙන්නත් කලින් Merlinකියන නම නොදන්න කෙනකේ නැති තරම්. මෙයාව තමයි ඉතිහාසයේ උපන් බලගතුම මයාකාරයා කියලා විශ්වාස කරනවා. කොහොම නමුත් මේ Merlin කියන නම Harry Potter පොත් මාලාවේ කිප තැනකම හමු වෙනවා ඒ වගේම එයා Hogwarts ශිෂයෙක් කියලත් සදහන් වෙනවා. හැඉැය මේ JK Rowling කියන Merlin සහ BBC Merlin කතා මාලාවේ එන Merlinගේ වෙනස්කම් කිහිපයකම තියෙනව.

JK Rowlingට අනුවනම් ක්‍ර.ව.979 වර්ශයේදී Merlin උපත ලබනවා. ඉතිම් මේ Hogwarts ආරම්බ වෙන්නේ ක්‍රි.ව 990දී ඒ කියන්නේ එතකොට Merlinට හරියටම අවුරුදු 11 යි. එහෙම බැලුවොත් merlin කියන්නේ Hogwartsවල පළවෙනි badge එකේ ළමයෙක්. මේ කාලයේදී නිර්මාතෘන් හතර දෙනා Hogwartsවල ඉගැන්වීම් කටයුතු සිදු කලා. JK Rowlingට අනුව Merlinගේ ගතිගුන සහා දක්ශතා වලට අනුව Salazar Slytherin විසින් Merlinව තමන්ගේ නිවාසෙට බාරගෙන තියෙනවා. ඒ කියන්නේ ඉතිහාසයේ බලගතුම මයාකරුගේ ගුරුවරයා උනෙත් Salazar Slytherin. මේ ගැන අදටත් Slytherin නිවාසේ අය අදටත් පුරාජේරු කියවනවා කියලා සදහන් වෙනවා. Merlin එයා විසින්ම එයා Hogwartsවල ඉගෙන ගන්න කාලයේදි එයා වයසට ගියාම ඉන්න විදිහ සිතුවමට නගනවා. ගොඩක් අය කියන විදිහට එයා ඒක කරලා තියෙන්නේ කාලයහරහා ගමන් කරපු කෙනෙක් විදිහට කියලයි. කෙහොමහරි "five cursed vaults" කියන මේ ශාපලත් කුටි ගැන පස්සේ කාලයකදී Hogwarts වල අයට කියලා දීලා තියෙන්නෙත් Merlin චිත්‍රය කියලයි සදහන් වෙන්නේ.

මේ JK Rowling කියන මර්ලින් Pure Blood කෙනෙක් කියලා ගොඩක් අය කියනවා ඒත් මෙයා සාමාන්‍ය මිනිස්සුත් එක්ක මායාකරුවන් සමගියෙන් තියන්න ඔනී එහෙම පූවන් කියලා විශ්වස කරපු කෙනෙක් කොටින්ම කිව්වොත් මෙයා සාමාන්‍ය අයව ආරක්ශා කරන්නත් කටයුතු කලා. මෙන්න මේ නිසා සාමාන්‍ය කෙනෙක් වුන King Arthur ගේ උපදේශකයා විදිහටත් වැඩ කලා. කෙහොමහරි JK Rowling කියන මේ මර්ලින් "Order of Merlin" කියලා සංගමයක් පිහිටුවනවා ඉතිම් මෙකේ ප්‍රධාන අරමුන වුනේ සාමාන්‍ය අයගේ අයිතීන් රකින එක සහ එයාලව ආරක්ෂා කිරීම කෙහොමවෙතත් කාලයත් සමග Merlin ගේ මරණයත් සමග මේ සංගමය මායා ලෝකය ආරක්ෂා කරගන්න සාමාන්‍ය ලෝකය ආරක්ෂා කරගන්න නිර්බීතව සේවය කරපු මායාකරුවන්ට ප්‍රධානය කරන ඇගයීම් ප්‍රධානය කරන සම්මාන කමිටුවක් බවට පත් වෙනවා.

"Oder of Merlin First class" සම්මානය පිරිනැම්වේ සුවිශිෂට නිර්බිතබාවය සහා උසස් බව මුල් කොට ජයග්‍රහනය කරා ගෙනයෑම අගය කරමින් මේ සම්මානයේ පටිය කොල පාට වුනේ ගොඩක් විශ්වාස කරන විදිහට merlinගේ නිවාසය slytherinවුන නිසයි. "Oder of Merlin Second class" සම්මානය පිරිනැමුවේ සාමාන්‍ය බවින් ඔබ්බට ගිහින් ජයග්‍රහනයට ලගා වීම සදහා මෙය පිරි නැමුවා ඒ වගේම මෙකේ පටිය දම් පාට වුනා. "Oder of Merlin Third class" සම්මානය පිරිනැම්වේ දැනුමෙන් සහා ක්ෂමයෙන් ගෙන යෑම සදහා ඒ වගේම මෙකේ පටිය සුදු පාටයි. ඒත් සමහර සිද්දීන් නිසා මේ සම්මාන ලබන්න නුසුදුසු අයටත් ලැබුනා.

JK Rowling ගේ කතාවේදී මර්ලින් pure blood කෙනෙක් වුනත් ප්‍රබන්ධ කතා වලදී මර්ලින් කියන්නේ රාක්ශයෙක්ගේ සහා කන්යාවියකගේ ළමයෙක්. ඒ කියන්නේ එයා half blood කෙනෙක් ඉතිම් ඔයාලට තේරෙනවා ඇති මේ BBC මර්ලින් සහ harry potter මර්ලින් කොජ්ජර වෙනස්ද කියලා. ඒ වගේම අපි බලපු මර්ලින් කතා මාලාව කියන්නේ කතුවරයන් දහතුන් දෙනෙක්ගේ එකතුවක් ඒ කියන්නේ ඒකත් නෙමේ ඇත්තම මර්ලින්ගේ කතාව.

එහෙනම් තවත් මේ වගේ ලිපියකින් හම්බවෙමු...

Written by:

🦉| How students are chosen to Hogwarts?ඔන්න ඉතිම් මන් අද කතා කරන්නේ අපි හැමෝම ආසාවෙන් බලන් ඉදපු Hogwarts ලියුම අපිට ආවේ ...
12/02/2023

🦉| How students are chosen to Hogwarts?

ඔන්න ඉතිම් මන් අද කතා කරන්නේ අපි හැමෝම ආසාවෙන් බලන් ඉදපු Hogwarts ලියුම අපිට ආවේ නැත්තේ ඇයි කියලා,

ඉතිම් අපි කෙහොම කැමැත්තෙන් හිටියත් Hogwarts වලට ළමයි තෝරගන්න එක හරිම අමාරු වැඩක්. Hogwarts නිර්මාණය කරද්දි නිර්මාතෘන් හතර දෙනා Hogwartsවල උඩ lock කරපු කාමරයකුත් හැදුවා ඒ වගේම ඒ කාමරය ඇතුලේ මෙයාලා පොතක් තිබ්බා ඒ වගේම මේ පොත ළගින් රිදි තීන්න කුප්පියකුත් තිබ්බා. ඒ කුප්පිය හිස් එකක් උනත් Augury වරගයේ කුරුල්ලෙකුගේ පිහාට්ටෙන් තමා තින්ත එලියට ආවේ ඒත් ඒ රිදි පාට දියරය මොකක්ද කියලා තාම කව්රුත් දන්නේ නෑ.

"The quill of acceptance" පිහාටුවත් "The book of admittance" පොතත් තමා Hogwarts වලට ළමයි තොරාගන්නේ. මේ පොතේ නම නොලිය වෙන කිසිම ළමයෙක්ව කවදාවත් Hogwartsවලට බාරගෙන නෑ. ඒත් ළමයෙක් පලවෙනි වතාවට තමන්ගේ magic බලය පෙන්නුවාම පිහාටුව තීන්ත කුප්පියෙන් එලියට ඇවිත් පොතේ ඒ ළමයගේ නම ලියන්න උත්සහ කරනවා ඒත් පොත ඒකට ඉඩ දෙන්නේ නෑ මොකද පිහාටුව ළමයෙකුගේ සුලු මායා හැකියාවක් පෙන්නුවත් නම ියන්න උත්සහ කරනවා ඒත් පොත බලවත් මායා හැකියාවක් සාක්ශි එක්ක පෙන්නුවොත් විතරයි නම ලියන්න ඉඩ දෙන්නේ. ඉතිම් ඒකට හොදම උදාහරනය තමා Neville Longbottom එයා ඉපදුන ගමන් පොරවලා තිබුන blanket එක පා කරා පිහාටුව Neville‌ගේ නම ලියන්න හැදුවත් පොත ඒකට ඉඩ දුන්නේ නෑ මොකද ඒ වගේ සුලු මායාවක් පොත පිලිගත්තේ නෑ. Nevilleට අවුරුදු 8ක් වුනාට පස්සේ තමා පොත Nevilleව wizard කෙනෙක් කියලා පොත පිලිගත්තේ. පොතේ මේ හැකියාව ගොඩක් වැදගත් වුනා මොකද එතකොට Squib ලව wizardලා කියලා වරදවා වටහා ගෙන Hogwartsවලට බාරගත්තේ නෑ. Squibලා කියන්නේ මයා දෙමාපියන්ට දාව ඉපදුන මායා බලයක් නැති ළමයින්ට ඒ කියන්නේ Mubblesලා වගේ ළමයි.

ඒ වගේම නිර්මාතෘන් හතර දෙනා මේ පොතයි පෑනයි හැදුවට පස්සේ කිසිම මිනිහෙක් මේක අල්ලලා නෑ ඒ වගේම කිසිම ළමයෙක් මේ tower එකට ගිහිල්ලත් නෑ."The quill of acceptance" පිහාටුවත් "The book of admittance" පොතත් බලවත් මයා කර්මයකට උදාහරණයක් මොකද මේක කවදාවත් කාටවත් වෙනස් කරන්නවත් මෙක සිද්ද වෙන්නේ කෙහොමද කියලවත් හොයාගන්නවත් දක්ශ වෙලා නෑ. එක පාරක් Professor Dumbledore කියලා තියෙනවා තමන්ගේ ළමයින්ව Hogwartsවලට බාරගත්තේ නෑ කියලා දෝශාරෝපනය කරන්න එන ළමයින්ගේ දෙමාපියන්ගෙන් නිර්‌දෝශි වෙන්න පුලුවන්ලු. Mcgonagall වසරකට සැරයක් පොත බලලා ඒකේ නම් තියෙන ළමයිට තමා Hogwartsවල ලියුම් යවන්නේ.

The quill of acceptance පිහාටුවේ සංවේදිකමත් The book of admittance පොතේ මුරන්ඩු කමත් හින්දා කවදාවත් Hogwarts වලට වැරදිලා නෑ.

එහෙනම් ඉස්සරහටත් මේ වගේ ලිපියකින් හමුවෙමු.

Written By:

🤺|The story of Sir.lancelotමේක කියවන ඔක්කොම වගේ දැනටමත් දන්නවා ඇති මේ Lancelot කියන්නේ කවුද කියලා මොකද ලන්කාවේ කාලයක් වි...
11/02/2023

🤺|The story of Sir.lancelot

මේක කියවන ඔක්කොම වගේ දැනටමත් දන්නවා ඇති මේ Lancelot කියන්නේ කවුද කියලා මොකද ලන්කාවේ කාලයක් විකෘශනය වුන Merlin කතා මාලාවේ හිටපු King Authur ට පක්ශපාති Merlinගේ හොද යාලුවෙක් උන නිසා. පවුද්ගලිකව මාත් මේ character එකට කැමති.

හරි අපි දැන් කතාවට එමු, වර්තමානයේ තියෙන ප්‍රංශය ඉස්සර පාලනය කරපු රජ කෙනෙක් උන King Ban ට සහා Queen Elaine ට දාව ඉපදුන එකම සහ පළමු දරුවා උනේ මේ Lancelot. ඉතිම් king ban ගේ කාලයේදී සතුරන්ගේ ඉහල අවදානයක් ලැබුනු රාජදානියක්. මේ දේවලුත් සමග Lancelot පොඩි කාලයේදීම Lancelot ගේ තාත්තා උන king ban මැරෙනවා. king ban ගේ මරනයෙන් පසුව queen elaine සහ Lancelot ළගට එන "lady of the lake", Lancelotව එයාගේ අම්මගෙන් උදුර ගෙන එක්කගෙන යන්නේ "avalon"වල Lancelotව හදා වඩා ගන්න. මෙහෙම Lancelotව avalon වලට ගෙනාවට පස්සේ මෙයාව හදාවඩා බලාගන්න සුරතීන්වයි සටන් ක්‍රම උගන්නවන්න දක්ශ knight වරුත් හිටියා. මෙහෙම කාලයක් යන විට avalonවල හැදුන වැඩුන නිසා Lancelot ගොඩක් දක්ශ එඩිතර තරුණයෙක් බවට පත් වෙනවා. කෙහොමහරි Lancelotට අවුරුදු 18 සම්පූර්ණ වෙනවත් සමගම king arthur ගේ අධිකරනයට lancelot lake කියන නමින් ඇතුල් වෙන්න lancelotට පුලුවන් වෙනවා. ඒ වගේම camelot වල knight කෙනෙක් වෙන්න පුලුවන් වෙන්නෙත් මෙයාට තිබ්බ දක්ශතාවය නිසයි. මෙහෙම කාලයක් ගත වෙනකොට lancelotට එයගේ එකම සහ පළමු ආදරය වන queen Guinevereව එමෙත් නැත්තම් king authurගේ බිරිදව පළමු වතාවට මුනගැහෙන්නේ ක්‍රිස්තියානු බැතිමතුන් පිරිසක් උත්සවයක් සමරන අතරතුරකදි. Lancelot තමන්ගේ රජතුමා උන king authurට ගොඩක් පක්ශපාති කෙනෙක් ඒ වුනත් queen Guinevereට එයගේ හිතේ තිබුන ආදරය නිසා Lancelot හැමදිස්සෙම වගේ හිත් තැවුලෙන් හිටියේ. මේ මොනවා උනත් මෙයා ලොකය පුරා ගවේශනය කරමින් කාටවත් පරාද කරන්න බැරි දුශ්ටයන්ව ඒ වගේම කාටවත්ම පරාද කරන්න බැරි knight වරුන්ව පරද්දලා මෙතෙක් කාටවත් නෙලුබුනු අසමසම කීර්තී නාමයක් ලබා ගන්නවා. මේ නිසාම Lancelotගේ නම ලෝකය පුරා වේගයෙන් පැතිරුනා. camelot පුරාවුර්ත වල sir.Lancelotව මෙතෙක් බිහිවුන දක්ශම සහා කැපිපෙනෙනම knight වරය විදිහට හදුන්වලා තියෙනවා. King Authurගේ round table එකේ හිටපු හැම knight කෙනෙක්ම Lancelot වගේ වෙන්න හීන දැක්ක ඒ වගේම අපිට Lancelotව එඩිතරකමේ ප්‍රතිමූර්තිය විදිහටත් හදුන්වන්න පූලුවන්. ඉතිම් මේ හේතුන් නිසා Lancelotව king authur's champion කියලා හැදින් වෙවුවා. ඒ වගේම ඔහුගේ ගති ගුණත් කැපී පෙනෙන දෙයක් වුනා.

Lancelot තමන්ගේ මුලු හදවතින්ම අවන්කවම queen Guinevereට ආදරය කලා. ඒ වගේම අනිත් knight වරු වගේ වගේම ආදරවන්තියො හිටියේ නෑ. එයා අනිත් අය වගේ වෙනත් කාන්තාවන් ඇසුරු කරන්නෙ නැතුව Guinevere අවන්කවම ආදරය කරමින් පක්ශපාතීවම හිටියා. ඉතිම් මේ Lancelot අවන්ක ආදරයෙන් ප්‍රයොජනයක් ගන්න හිතපු King Pelleas, Magic trick එකකින් Lancelotව එයගේ දුව වුන Elaineට වශි කරව ගත්තා මේ magic trick එක නිසා Lancelot හිතුවේ එයාගේ ඇත්ත ආදරය Elaine කියලා. King Pelleas මෙහෙම දෙයක් කරලා තමන්ගේ දුවව Lancelotට කසාද බන්දවලා දෙන්නේ එතකොට මේ රණශුරයාව දිගටම මෙහෙ තියාගන්න පූලුවන් නිසා. ඉතිම් මෙන්න මේ සිද්දියත් සමග තමා Lancelotටත් වඩා බලවත් Galahad උපත ලබන්නේ. ඉතිම් මේ මොනවා උනත් තමන්ගේ සහ Elaine ගේ සැබෑ සම්බන්ධය දැනගත්ත ගමන් එයා King Pelleaseගේ රාජධානියෙන් පලා යනවා. King Pelleaseගේ රාජධානියෙන් පැනලා ආපු lancelotට එයගේ සැබෑ ආදරය වුන Guinevere ගැන තියෙන ආදරය තවත් වැඩි වෙනවා. මේ නිසාම මේ දෙන්නා හැමදාම හොර රහසේ මුනගැසුනා.

ඒ අතරෙම lancelotට holy grailඑක ඒ කියන්නේ jesus වහන්සේ අවසන් ‌භොජන සංග්‍රහයේ පාවිච්චි කරපු බදුන ගවේශනය කරන්න යන්න සිද්ද වෙනවා. කෙහොම අනත් Lancelotට මේ ගමන යන්න වෙන්නේ නෑ. මේ නිසා camelotවල ද්‍රොහියෙක් උන Mordred,Lancelot තමන්ගේ රජතුමාට සහා රාජධානියට ද්‍රොහිවූණා කියලා චොදනා කලා. ඉතිම් මේ නිසා Lancelotට විරුද්දව camelotවල මහා යුද්දයක් ඇති වෙනවා. තමන්ට මෙහෙ තවත් ආරක්ශිත නැති බව තේරුන Lancelot තමන්ගේ රාජධානිය වුන ප්‍රංශයට පලා යනවා. King authur යුද්දයට ගියපු නිසාත් Lancelot ප්‍රංශයට ගියපු නිසාත් ඒ මෙහොතේ camelot පාලනය කරන්න කවුරුත් සිටියේ නෑ. මේ අවස්ථාවෙන් උපරිම පුයොජනය ගත්ත Mordred තමන්ගේ සැලසුම ක්‍රියාත්මක කරනවා. ඉතිම් Mordred මේ සේරම කලේ camelotවල සිංහාසනය ලබා ගෙන රාජධානිය පාලනය කරන්න. තමන්ගේ රාජධානිය අල්ලාගෙන ඇති බව දැනගත්ත authur යුද්දය මැද නවතා නැවත තමන්ගේ රාජධානිය බේරගන්න යනවා. ඉතිම් මේ දේවල් ආරංචි වුන lancelot, King authurට තමන්ගේ රාජධානිය ලබා ගන්න උදව් කරන්න ගියත් lancelot යද්දි වෙන්න තිබ්බ ඔක්කොම වෙලයි තිබුනේ. Mordred මේ වෙනකොටත් Aurthurව පරාද කරලා camelotවල පාලකයා වෙලයි හිටියේ. ඒ වගේම බරපතල විදිහට තුවාල ලබලා හිටපු king authurව avalonවට නැවත නොයෙන්නම රැගෙන ගිහිල්ලා.

තමන් ගොඩක් පක්ශපාතීව හිටපු රාජධානියත් තමා ගොඩත් ආදරය කල Guinevereවත් දැක ගන්න නොමුති වීමත් කියන මේ දෙකම එකපාර දරාගන්න Lancelotට බැරි වුනා. camelot වල ආරක්ශකයා වුනු එඩිතර බවේ ප්‍රතිමුරුතිය වු Lancelot තමන්ගේ එකම ආදරය වුනු Guinevereගේ වියෝව ගැන දැන ගැනීමෙන් පසුව ඉතාමත් දුකින් සහ පීඩාවිදිමින් මේ ලෝකයා හැර දාලා යනවා.

Written By:

Read 👉👈❤️
11/02/2023

Read 👉👈❤️

ඔයාලා දන්නවා ඇති "Zeus" කියන්නේ දෙවියන්ගෙත් රජු කියලා ඒ වගේම අහස , අකුණු වලට වගේම "olympus" කන්දත් අධිපති මෙයා තමා.මේ කාලයේදී Zeus නුවණට හා ඤාණයට අධිපති "Metis" දෙවගනට ආදරය කරන්න පටන් ගන්නවා.ඒත් Metisහැමදිස්සෙම Zeusව මගහැරියා. මෙයාට තිබ්බ තමන්ගේ රූපය තවත් රූපයකට හරවාගන්න පුලුවන් බලය(metamorphosis) නිසා මෙයා එක එක සත්තුන්ගේ ස්වරූප අරගෙන Zeusගෙන් හැංගිලා හිටියා කොහොමත් හැමදාම Zeusගෙන් හැංගිලා ඉන්න බෑනේ කොහොමහරි Metisව හොයාගත්ත Zeus,Metisව බලෙන්ම තමන්ගේ බිරිද කරගන්නවා.මේ කාලයේදීම Metis ගැබ් ගන්නවා. කොහොම නමුත් මේ අතරේ "oracle of gaya" ඒ කියන්නේ දිවැසින් අනාගතය කියන Gaya, Zeusට කියනවා මේ දෙවගන කවදාහරි දරුවන් දෙදනෙක් බිහි කරනවා ඒ අතරින් පළවෙනි දරුවා තමන්ගේ පියාගේ නුවණත් ශක්තියත් තියෙන දුවෙක්.දෙවැනියා තාත්තටත් වඩා ශක්තිමත් පුතෙක් ඒ වගේම කවදාහරි Zeusව බලයෙන් නෙරපන්නේ කියලත් කියනවා. Zeusගේ තාත්තා වෙන "Cronus"ටත් තමන්ගේ සීයා වෙන "Ouranus"ට වෙච්ච දේම තමන්ටත් වෙයි කියලා Zeus බය වෙනවා. මොකද තමන්ගේ සීයාව බලයෙන් නෙරපලා බලය ගත්ත තමන්ගේ තාත්තාව නෙරපලා තමා Zeus බලය ගත්තේ. තමන්ගේ තාත්තගේ අඩිපාරේ ගියපු Zeus, Metisට බලකරනවා වතුර බිංදුවක් වෙන්න කියලා. Metis ගැබිනි මවක් වෙලා හිටියත් තමන්ගේ දරුවන්ට උපත දෙන්නත් කලින්ම වතුර බිංදුවක් උන Metisව Zeus ගිල දැම්මා මේ නිසා Metis දෙවගනගේ බලයත් Zeusට ලැබෙනවා. දැන් Zeus තවත් බලවත් නුවණක්කාර දෙවිකෙනෙක් බවට පත්වෙනවා.

කාලයක් මෙහෙම ගත උනාට පස්සේ මේ බලවත් Zeusට දරා ගන්න බැරි හිස රදයක් එනවා ඒ වගේම එයාගේ ඔලුවත් බයානක විදිහට ලොකු වෙන්න ගන්නවා. මේ වේදනාව දරාගන්න බැරි වුන Zeus කෙනෙක්ව ගෙන්නලා ඒයාට කියනවා මේ වේදනාව ඔලුවෙවන් අයින් කරන්න කියලා ඉතිම් මේ හින්දා කම්හල් වැඩ වලට අධිපති දෙවියන් උන "hephaestus" පොරවකින් Zeusගේ හිස විවෘත කරනවා ඉතිම් මේ විදිහට Zeusගේ හිස විවෘත කරනවාත් එක්කම Zeusගේ ඔලුව ඇතුලෙන් ආයුධ සන්නද්ද අංගසම්පූර්ණව වැඩුණු කාන්තාවක් එලියට එනවා ඉතිම් ඒ තමයි "Athena" දෙවගන.

කොහොමහරි Zeus මේ ගැන ආඩම්බර උනා මොකද Athenaට වීශෙෂ උප්පත්තියක් තියෙන නිසා. මේ Athena දෙවගන තමන්ගේ අම්මා වගේම ගොඩක් නුවනක්කාර වෙච්චනිසාම ඤාණයට අධිපත් දෙවියන් බවට පත් වුනා. ඒ වගේම ආයුධ එක්කම උපත ලබපු Athena දෙවගන "Goddess of defence" ඒ කියන්නේ ආරක්ෂක උපක්‍රම වලටත් අධිපති දෙවගන විදිහට පත් වුනා. මේ නිසා Athena ට යුද්ධයට අධිපත් දෙවියන් වුන "Ares" එක්කත් සටන් කරලා දිනන්න පුලුවන් වෙනවා. කෙහොමහරි Gaya කිව්ව විදිහට Metisට තමන්ගේ දෙවෙනි දරුවව බිහිකරන්න වෙන්නේ නැත්තේ Metis දිගටම වතුර බිංදුවක් විදිහට Zeusගේ උදරයේ හිටපු නිසයි. කොහොමහරි Athena දෙවගනව ගොඩක් ලස්සන නූවණක්කාර නිර්භිත දෙවගනක් විදිහට ප්‍රසිද්ධ වෙනවා. ඒ වගේම Zeus ගේ කැමතිම දියණයත් Athena දෙවගන තමා. ඉතිම් මේ කරුණු නිසා Zeusගෙන් පස්සේ දේව ලෝකයේ හරිම උරුමක් කරු හැටියට පත් වෙන්න ඔනී කියලා ගොඩක් අයගේ විශ්වාසය දිනාගන්න Athena දෙවගනට පුලුවන් වෙනවා.

මෙඩුසා යක්ශයෙක් උන එකටත් මූලික හේතුවක් වශයෙන් Poseidon සහා Athena දෙවගන අතර "athens" නගරය පිළබද ඇති වුන ප්‍රශ්නය පෙන්වා දෙන්න පුලුවන්. ඒ වගේම තව ගොඩක් සටන් වලට මේ Athena දෙවගන සම්බන්ද වෙලා තියෙනවා ඒ අතරින් "GIANT TYPHOEUS" අතර සටන එහෙම විශෙෂයි. ඒ වගේම Zeusට විතරක් කරන්න පුලුවන් ගොඩක් දේවල් මේ Athena දෙවගනටත් කරන්න පුලුවන් වෙනවා ඒ අතරින් Olympus කන්ද හෙලවීම වගේ දේවල් පෙන්වන්න පුලුවන් ඒමෙන්ම Athenaව පරද්දන්න පුලුවන් එකම කෙනත් Zeus කියලා ගොඩක් මුලාශ්‍ර වල සදහන් වෙලා තියෙනවා.

ඔන්න කෙහොමහරි Athena දෙවගන ගැනත් විස්තර හොයලා ගොඩක් දුරට නිවැරදි මූලාශ්‍ර වල තිබ්බ තොරතුරු පාවිච්චි කරලා මේ ලිපිය ලිව්වා. ඒ වගේම කියන්න ඔනී සමහර දේවල් එක එක මුලාශ්‍ර අනුව වෙනස් වෙනවා ඒකට එක උදාහරණයක් තමා එක මුලාශ්‍රයක සදහන් වෙන විදිහට Athena කියන්නේ Poseidonගේ දුවෙක් කියලත්. ඉස්සරහට තවත් මේ වගේ ලිපියකින් හම්බ වෙමු.

Written by: • Cinematic Universe ©

පහල පේජ් එකටත් ලයික් එකක් දාන්න 😌👇🏻
MenukaR

🦉| The beginning of hogwarts. ඉතිම් මන් කතා කරන්න යන්නේ Hogwarts වල ආරම්බය ගැන මේ Hogwarts කියන්නේ මොක්ද කියලනම් දන්නැති...
10/02/2023

🦉| The beginning of hogwarts.

ඉතිම් මන් කතා කරන්න යන්නේ Hogwarts වල ආරම්බය ගැන මේ Hogwarts කියන්නේ මොක්ද කියලනම් දන්නැති කෙනෙක් නැති තරම් මන් හිතන්නේ හරි හරි දැන් අපි කතාවට එමු,

Rodrick Gryffindor,Helga Hufflepuff,Rowena Ravenclaw සහ Salazar Slytherin විසින් ක්‍රි.ව.990 දී Hogwarts නිර්මණය කරනවා. ඉතිම් මේ හතර දෙනා ඒ කාලයේ හිටපු හොදම මයාකාරයෝ දෙන්නෙක් සහ මයාකාරීයෝ දෙන්නෙක්. ඉතිහාසයේ සදහන් වෙන විදිහට Rowena Ravenclaw තමා Hogwarts වල නමයි හදන ස්ථානයයි තීරණය කරලා තියෙන්නේ. සදහන් වෙ විදිහට Rowena Ravenclawව හිනෙන් වල් ඌරෙක් වැව එහා පැත්තේ තියෙන කදු මුදුනකට එක්කගෙන යනවා ඉතිම් එතන තමා Hogwarts නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම තමා පැත්ත වෙනස් වෙන පඩි පෙලවලුත් මෙයාගේ අදහසක්. Hogwarts වල දැනටත් පාවිච්චි කරන්නේ Helga Hufflepuffගේ කෑම වට්ටෝරු. ඉතිම් මේ හතර දෙනාම ගොඩක් spells and charms යොදාගතතා Hogwarts සාමාන්‍ය මිනිස්සුන්ගෙන් ආරක්ෂා කරගන්න ඒක නිසා තමා සාමාන්‍ය මිනිස්සුන්ට Hogwarts අවදානම් පුවරු තියෙන නටබුම් ස්ථානයක් වගේ පෙන්නේ.

Hogwarts කියන්නේ ආරක්ශාව අතින් වගේම අධ්‍යාපනය අතින්ද පොහොසත් තැනක් Charms,defence against the dark arts,තාරකා විද්‍යාව,ශාක විද්‍යාව,Positions,transfiguration,Muggle Studie වගේම මයා ඉතිහාසය තව ගොඩක් විශයන් වලින් පිරුණු තැනක් තමා අපි කවුරුත් යන්න අසාවෙන් හිටිය Hogwarts කියන්නේ.

ඉතිම් මේ නිරුමාතෘන් හතර දෙනා නිවාස හතරක් හැදුවා ඒ වගේම ඒ ඒ නිවාස ඒඒ නිර්මාතෘගේ නමින් නම් තැබුවා. ඒ වගේම ඒ ඒ අය එයාලගේ නිවාස වලට තොරගන්න අයගේ බලපු විශෙෂ ලක්ශනද තිබුනා. Gryffindorට තමන්ගේ නිවාසයට ඔනී උනේ ධෛරයවන්ත නිර්භිත ළමයි ඒ නිසාම Gryffindor නිවාසයේ නිළ ලාංඡනයට සිංහයෙක්ව තොරගත්තා. Salazar Slytherinට ඔනී වුනේ තමන්ගේ නිවාසෙට තෝරගන්න අය පරමාර්ථශිලි උපායශිලි අදිශ්ඨානශිලි වගේම හොද piyo blood උරුමයකින් පැමිනෙන් ඔනි කියලා එයා විශ්වාස කරා ඒ වගේම එයා තමන්ගේ නිවාසේ නිල ලාංඡනය විදිහට සර්පයාව තෝරගන්නවා. Helga Hufflepuff තමන්ගේ නිවාසෙට තොරගද්දි බැලුවේ සත්‍යවාදි අවංක ඉවසමක් සහිත ළමයි ඒ වගේම විශෙෂයෙන් අනිත් නිවාස වලට ගැලපුනේ නැති සිසුන්වත් Helga Hufflepuff තමන්ගේ නිවාසෙට ගත්තා Hufflepuff නිවාසයේ නිල ලාංඡනය විදිහට යොදාගත්තේ badger කෙනෙක්ව. Ravenclaw තමන්ගේ නිවාසෙට තෝරගත්තේ බුදිදිමත් නිර්මාණශිලි ප්‍රඤාවන්ත ළමයින්ව ඒ වගේම නිල ලාංඡනයට එයා යොදාගත්තේ රජාලියෙක්ව.

මේ ඔක්කොම එක්ක හැම නිවාසෙකටම ආවේනික common room එකක් තිබ්බා. Gryffindorලගේ common room එක තිබුනේ 7වෙනි මහලේ fat lady ගේ පිංතූරයට පිටුපාලා ඒ වගේම password එක fat ladyට කිව්වාම තමා ඇතුල්වෙන්න පුලුවන්. Hufflepuff නිවාසේ common room එක තිබ්බේ kitchen එක ළග Helga Hufflepuff කියන තාලයට බැරල් එකට තට්ටු කාරාම තමා Hufflepuffලගේ common room එකට යන්න පුලුවන් වෙන්නේ. ඒ වගේම විශෙෂයෙන්ම මේ නිවාසේ විතරක් charm එකක් කරලා තියෙනවා අනවසරයෙන් ඇතුල් වෙන්න හදන අයව එලියට විසි කරන විදිහට. Ravenclaw නිවාසයේ common room එක තබ්බේ Hogwarts වල උසම ගොඩනැගිලි වලින් එකක ඒ වගෙම මේකට ඇතුල් වෙන්න උකුසු අගුලේ තේරවිල්ලට උත්තර දෙන්න ඔනී. ඉතිම් මේ Slytherin නිවාසේ common room එක තිබ්බේ black lake dungeons ළග ඒ වගේම මේක කලුගල් බිත්ති වලින් මේක හොදටම ආවරණය කරලා තිබ්බේ මේකට ඇතුල්වෙන්න තියෙන්නෙත් Gryffindor වල වගේ password එකක් කියලා.

ඉතිම් කාලයත් සමග මේ හතර දෙනා හිතනවා මෙයාලා හතර දෙනා නැති කාලෙක නිවාස වලට කට්ටිය බදවගන්නේ කෙහොමද කියලා ඉතිම් මේක නිසා තමා Rodrick Gryffindor තමන්ගේ hat එක දීලා ඒක අනිත් අයත් එක්ක එකතු වෙලා sorting hat එක කරන්නේ.

Hogwarts වල මුල් කාලය සාමකාමීව තිබුනත් පස්සේ පස්සේ මෙයාලා හතර දෙනා අතර ප්‍රශ්න ඇතිවෙනවා එකට හේතුව වුනේ Salazar Slytherin, Muggle Born ළමයිව පාසලට ගන්න එකට විරුද්ද වීම නිසයි. මෙයා මෙයාගේ මේ අදහසට අනිත් අයවත් නම්ම ගන්න හැදුවට ඒ වැඩෙ හරි ගියේ නෑ මේ නිසාම Rodrick Gryffindor සහ Salazar Slytherin දරුණු සටනකුත් ඇති වෙනවා. ඊට පස්සේ Slytherin, Hogwarts වලින් යන්න තීරණය කරනවා.

ඉතිම් මේ හතර දෙනාම එයාලට ආවේනික සමරු හතරක් school එකේ තියලා ගියා. Rodrick Gryffindor එයාගේ කඩුවත් Helga Hufflepuff රත්තරන් cup එකක්ද Rowena Ravenclaw එයාගේ හිස පලදනාවත් වගේම Slytherin එයා එයාගේ මාලය පාසලට ලබා දෙනවා.

මේ යාලුවෝ හතර දෙනාගෙන් මුලින්ම මැරුනේ Rowena Ravenclaw ඒ එයාගේ දුව නිසාමයි අනිත් අය මැරුන එක ගැනනම් හරි සදහනක් නෑ.

මන් දැන් හිතනවා අපි කවුරුත් යන්න ආසාවෙන් හිටපු ඒ Hogwartsවල ආරම්බය ගැන අදහසක් ඇති කියලා.

Written By:

🔭 | මොකක්ද මේ "wormhole" එකක් කියන්නේ ?ඉතිම් මේ "Wormhole"එකක් කියන්නේ අවකාශ කාලයේ අසමාන ලක්ෂ්‍ය සම්බන්ධ කරන උපකල්පිත ව්...
21/12/2022

🔭 | මොකක්ද මේ "wormhole" එකක් කියන්නේ ?

ඉතිම් මේ "Wormhole"එකක් කියන්නේ අවකාශ කාලයේ අසමාන ලක්ෂ්‍ය සම්බන්ධ කරන උපකල්පිත ව්‍යුහයක් ඒ වගේම මේක "Sir. Albert Einstein"ගේ "අයිස්ටයින් ක්ෂේත්‍ර සමීකරණ (Einstein field equations)"වල විශේෂ විසදුමක් මත පදනම්ව නීර්මාණය වූ Theory එකක්.

Wormhole එකක් අවකාශ කාලයේ වෙන වෙනම ලක්ෂ්‍යවල කෙළවර දෙකක් සහිත උමගක් ලෙස උපකල්පනය කරන්න පුලුවන්.ඒත් තවමත් wormhole ඇත්තටම තියෙනවද කියලා සොයාගෙන නෑ මොකද විද්‍යාඥයන් කියන විදිහට wormhole එකක් කියන්නේ "සිව් මානයක(4D)" සංසිද්දියක් ඒ කියන්නේ අපේ දෘෂ්ඨි පාරසයට මේක දැකගන්න බෑ ‌මොකද අපිට තියෙන්නේ "ත්‍රිමාණ දෘෂ්ඨියක් (3D)" මන් මේක තවත් පැහැදිලි කරන්න උදාහරනයක් දෙන්නම් : "ද්විමාන දෘෂ්ඨියක් (2D)" තියෙන සතෙක්ට ත්‍රිමාන වස්තුවක කොටසක් විතරයි බලන්න පුලුවන් ඉතිම් මේක ගැන පොඩ්ඩක් හිතලා බලන්න මේ සිද්දිය වගේම තමා සිව්මාන සහ ත්‍රිමාන දෘෂ්ඨිය අතර වෙන්නෙත්.

න්‍යාත්මකව, Wormhole එකක් ආලේක වර්ශ බිලියනයක්වැනි ගොඩක් දිගු දුරක්ද මීටර කිහිපයක් වැනි පොඩි දුරක් වගේම විවිධ ස්ථාන වලට හරි එහෙමත් නැත්තම් "විවිධ විශ්වයන්ට (different universes)"වලට ගමන් කරන්න පුලුවන් කෙටි මාර්ගයක්.

හරි ඉතිම් මන් හිතනවා දැනට මන් කියපුවා ඔයාලට තේරෙනවා ඇති කියලා මන් මේකේ ඉතුරු විස්තර ටික තව ලිපියකින් ගේන්නම් මොකද ගොඩක් දිග වැඩි වුනොත් එපා වෙනවනේ.ඉතිම් මේ කියපු දේවල් ගැන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවනම් කියන්න.

Written by:

Address

Tricomalee Road

50150

Website

Alerts

Be the first to know and let us send you an email when MenukaR posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to MenukaR:

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share