SathsaRa

SathsaRa Hello ! I'm SathsaRa
An upcoming Tech youtuber / Vlogger in Sri Lanka 💻🖱️

08/09/2022

මිනිස්සු හැමදාම වැටිලා ඉන්නෙ නැහැ ✌️♥️

16/08/2022

"සල්ලි නෑ බං" කියාගෙන හොඳට වියදම් කරලා ආතල් එකේ ඉන්න එවුන් එක්ක සෙට් උනාට කමක් නෑ ඒක නිහතමානීකම.
හැබැයි....
"පාඩම් කරේ නෑ බං ඊයෙත් මහන්සියට නිදාගත්තා උඹලට කියලා දෙන්න තියා මට තේරෙන්නෙත් නෑ ඔහේ හිටියේ ඊයේ බිව්වා සුපිරියට" කියලා අන්තිමට first class දාන තරමේ result ගන්න එවුන්ව දෙපාරක් හිතන්න එපා අතෑරලා දාන්න. අහන්න දෙයක් නෑ සුපිරි කුහකයෝ !

12/08/2022

ජීවිතේටම වැඩිය කතා කරන්නෙ නැති , පොඩි circle එකක් තියාගෙන පැත්තකට වෙලා පාඩුවේ ඉන්න සමහර මිනිස්සු ඇතුළේ පුදුමාකාරයේ හොඳ ගති තියෙන ලස්සන චරිත ඉන්නවා. එහෙම කෙනෙක් එක්ක කතා කරලා බලන්න ඔයාගෙ ජීවිතේ ප්‍රශ්න බොහොමයකට උත්තර එයාලා ගාව තියෙයි. මේ වගේ මිනිස්සුත් ඉන්නවා නේද කියලා හිතෙයි.මොකද ඒ වගේ අය හරිම ගැඹුරු විදියට දේවල් දකිනවා/ හිතනවා. සෑහෙන වෙනස්ම කෝණ වලින් දේවල් දිහා බලනවා.

හැමවෙලාවෙම පානීය දාගෙන තමන්ට පිරිවර ගොඩක් සමාජේ ඉන්න/ ඉන්නවා කියලා පෙන්නන්න හදන, තව කෙනෙක්ට කරුණාව දක්වනවාට වඩා ඔලුව උදුම්මවා ගත්ත තමන්ගෙ පුහු නම්බුවක් රකින සමහර මිනිස්සුන්ගෙ මම දැක්කෙම පහත් ගති. සමහර අයගේ !

අහලා ඇතිනේ මේ කියමන.
"පිරුණු කළේ දිය නොසැලේ"
කළගෙඩිය හැම වෙලාවෙම හෙල්ලෙනවා නම් අස්සේ වතුර පොඩ්ඩයි තියෙන්නෙ.

ප්‍රයිවට් කැම්පස් වලදී ඔයාට හම්බවෙන්නෙ group members ලා,  batch mates ලා.... ඒ ඇරෙන්න එයාලගෙන් යාලුවෝ හොයන්න හදන්න එපා. ...
30/07/2022

ප්‍රයිවට් කැම්පස් වලදී ඔයාට හම්බවෙන්නෙ group members ලා, batch mates ලා.... ඒ ඇරෙන්න එයාලගෙන් යාලුවෝ හොයන්න හදන්න එපා.
මම ආයෙත් කියනවා.හොඳම යාලුවෝ ලිස්ට් එකට ඒකෙන් හම්බෙන අයව දාගන්න යන්න එපා. ප්‍රොජෙක්ට් වලදී assignment වලදී පණ දෙන්න කතා කරන්නෙ , ගෙවල් වලට එකතු වෙන්නෙ ආදරේටද? නෑ නෑ ඇත්ත කතාව ඔයත් දන්නවා. සල්ලි දීලා ඇවිත් හැමෝම දුවන්නෙ එක අරමුණකට! ඒ නිසා බොරු වලට අහු වෙලා එයාලා වෙනුවෙන් ඔයාගෙ වැඩ මග ඇරගන්න එපා. විශේෂයෙන් girls ලා සමහරු ඉන්නවා කොල්ලොන්ව shape කරගෙන වැඩ කරවගන්න අය. Friendships රකින්න ඕනෙකමට ඔයාගෙ වැඩ පැත්තක දාන්න එපා.
අවුරුදු හතරක කැම්පස් ලයිෆ් එකෙන් මම ගත්ත අත්දැකීම් එක්කයි මම මේ කියන්නෙ.

(Government Universities වලට මේක apply කරන හැටි ගැන ඇත්තටම මම දන්නෙ නැහැ. හැබැයි මේක යම්තාක් දුරකට අදාළයි කියලා මම හිතනවා)

Work Together - Finish It well - Done and Dusted - Go Home

#ජීවිතඅත්දැකීම් #පසුතැවීමටපෙරසූදානම

26/07/2022

😂

23/07/2022

🚲 වල ගාණ, demand එක දෙකම වැඩිවෙනවා කියලා දන්නවා නම් අතේ තිබ්බ සල්ලි සේරම දාලා ගිය අවුරුද්දේ අන්තිම වෙද්දිත් 20,000 ගානේ තිබ්බ බයිසිකල් ටිකක් අරන් දානවා

ගණන් හදන්න ඕනෙ නැ, Profit එක හිතාගන්න පුලුවන් නෙ
😐👍

#ආවෙනැතිටිකිරිමොළේ

19/07/2022
අමතක කරන්නෙපා 😪
12/07/2022

අමතක කරන්නෙපා 😪

09/07/2022

චීනයේ Xiaomi සමාගම 2022 ජූලි 25 වෙළඳපොළට නිකුත් කරපු Xiaomi MI electric scooter pro 2 තමයි මේ තියෙන්නෙ.
සම්පූර්ණයෙන්ම විදුලි ආරෝපිත බැටරියකින් ධාවනය වෙන නිසා ඉන්ධන අර්බුදයට හොඳ විසදුමක්.

විශේෂයෙන්ම මේක කෙටි දුර ධාවනය සඳහා තමා වඩාත්ම සුදුසු වෙන්නෙ. ලිතියම් බැටරිය එක් වරක් ආරෝපණය කිරීමෙන් 45km දුරක් ධාවනය කරන්න වගේම උපරිම පැයට කිලෝමිටර 25ක වේගයක් ලබාගන්න පුලුවන්.

ඉතාමත් පහසුවෙන් නවා ඔසවාගෙන රැගෙන යා හැකි වීම, Front and back E-ABS+ double disk brake, 8.5" Pneumatic tires, Aerospace grade aluminum body, Night headlight/ tail light,
MI Home app එක හරහා remote locking,energy monitoring, overcurrent protection, temperature protection, ride status, energy recovery වැනි functions රාශියක් පාලනය කළ හැකි වීම මේ electric scooter එකේ තියෙන තවත් විශේෂාංග කිහිපයක් විදියටයි සඳහන් වෙන්නෙ.

Handle එකේ Smart Digital Dashboard එකේ එන One button - multiple functions feature එක හරහා Speed Mode Control, Power on/off වැනි කාර්‍ය්යන් 8 ක් පාලනය කරන්න පුලුවන්.

වඩාත්ම සුදුසු වන්නේ මාර්ගවල තත්වයන් හොඳ තත්වයේ පවතින නගරය තුළ ධාවනයට. මේ electric scooter එකේ මිල සඳහන් වෙන්නෙ ඇමෙරිකානු ඩොලර් 650 සිට 700 දක්වා අතර මුදලකට.

වැඩි විස්තර : https://www.mi.com/global/mi-electric-scooter-Pro2/

Thank you my boys and girls ♥️
07/07/2022

Thank you my boys and girls ♥️

29/06/2022

ඔයා ඔයාගෙම ලෝකේ වීරයා වෙන්න. හැමදේම පටන් ගන්න ඕන ඔයාගේ හිත ඇතුළෙන් ✨️

27/06/2022

ඉස්සර නම් හිටියා. ඒත් දැන් නම් "නිදාගන්නකො බබා" කියන්න කෙනෙක් නෑ. ඉතින් නින්ද යන්නෙ නෑ පාන්දර 1.30 වෙලාව.😒 කතාවක් මතක් වුණා.

අවුරුදු එක හමාරකට කලින් දවසක් බෑන්ක් එකට ගියා. නම නොකියා ඉන්නම් ලංකාවේ ප්‍රසිද්ධම බැංකුවක නුවර KCC එකේ තියෙන branch එකක්. ඒකෙ මට account එකක් තිබුණ නිසා counter එකට ගිහින් ඇහුවා මට google adsens වලින් payment එකක් ගන්න තියෙනවා ඔයාලා ඒවට support කරනවද කියලා. හිටියේ මගෙ වයසෙම වගේ කෙල්ලෙක්. "ම්ම්ම්ම්..... අහ්...." එහා පැත්තේ counter එකේ කොල්ලගෙ මූණ දිහා බැලුවා. මම ආයෙත් repeat කළා. "අ....manager ගෙන් පොඩ්ඩක් අහනවද! අන්න අතන ඉන්නේ එයා"
මම ගියා පොඩ්ඩක් මැද වයසේ හොඳට ඇඟ දාලා හිටපු ලොක්කා ගාවට. හිටියේ නම් නිකන් දුප්පත් අයට නිකන් සල්ලි බෙදලා දෙන තැනක දානපතියෙක් වගේ. Loan service එකේ වෙන්න ඕන,වාඩි වෙලා කතා කරන්න තියෙන area එකේ lady කෙනෙක් එක්ක මොකක් හරි දෙයක් ගැන කතා කර කර හිටියේ කොළ වගයක් පෙන්නන ගමන්.මම ගිහින් ඇහුවා.
"Excuse me, මට google adsens වලින් පොඩි payment එකක් ගන්න තියෙනවා. ඔයාලා ඒවට support කරනවද?"
"මොකක්ද?"
මම ආයේ repeat කළා ටිකක් හයියෙන්.
"මොන සෙන්ස් ද?"
"ගුගල් ඇඩ්සෙන්ස්"
පොර අර lady ගෙ මූණ දිහා බැලුවා. එතන වටේ හිටපු දෙන්නෙකුත් අමුතු විදියට මම දිහා බැලුවා මම දැක්කා. තප්පර ගාණක් ගියා. මටත් ඒ වෙලාවේ සෑහෙන්න chater එකක් දැනුනා ඊළඟට කියන්න ඕනෙ මොනවද හිතාගන්න බැරුව.
"ඇද්හෙන්ස්...ම්ම්ම් නෑනෙද? නෑ නෑ... එහෙම ඒවා නම් මෙහෙ නෑනෙ" කියලා කට කොනෙන් දැම්ම හිනාව නිකන් පොඩි එකෙක් එළවලු කඩේකට ගිහින් ස්ටිකර් කාඩ් තියෙනවද ඇහුවාම දාන හිනාව වගේ එකක්. ළඟ හිටපු lady ත් පිටසක්වල ජීවියෙක් දිහා බලනවා වගේ කණ්ණාඩි දෙක අස්සෙන් බලාගෙන ඉන්නවා.
"ආහ් හරි. තැන්ක්ස්"
එහෙම්මම හැරිලා එළියට ආවා. එහෙම එන ගමන් හිතුණේ උදේ හවස අඩු පඩියට අනුන්ගේ රුපියල් තමන්ගේ වගේ ලොකු සීන් එක දාගෙන ගණන් කර කර ඉන්න වහල් සෙට් එකකගෙන් - නොදන්නවා වෙන්නැති කියලා දැන දැනමත් ඒ වගේ මඟුල් ඇහුවේ ගොනා මම නේද කියලා විතරයි.(මට තරහා ගිහින් ඉන්නෙ හරිතේ 😒 ඇයි යකෝ !)

ඊළඟට ගියේ private bank එකකට. ගිහින් අලුතෙන් account එකක් හදාගත්තා. බයිලා ගහන්න ගියේ නෑ online payment active කරලා දෙන්න කිව්වා එච්චරයි. Web cards එහෙමත් දෙන නිසයි , තවත් ටික දෙනෙක් use කරන්නේ ඒ වගේ private bank කියලා අහල තිබුණ නිසයි ආයෙත් අනුන්ගේ සල්ලි තමන්ගේ වගේ තියාගෙන ඒවයෙ අයිතිකාරයොන්ටම ලොකු සීන් දාන අය ඉස්සරහ ඇදගෙන නාගන්න ඕනෙ වුණේ නෑ. වෙන දෙයක් උනාවේ කියලා ගෙදර ඇවිත් ඒ account එකේ details add කළා. මාස දෙකකින් හරියටම වෙලාවට 110$ payment එකක් ආවා. ඒ කාලේ නම් 198යි rate එක තිබුණේ.

පුලුවන් නම් මේ අයට අලුත් වෙලා තියෙන ලෝකෙ ගැන training එකක් දෙන්න. 😒 අනික් අය ඉස්සරහ තමන්ට වඩා ඇඟෙන් පොඩියට පෙනුනම සේරම තුට්ටු දෙකට දාලා හිනා වෙන්නෙ නම් හැමදේම දන්නවා වගේ. අඩු තරමේ නමවත් අහලා නෑ support ද කියන්න කලින්. අද කාලේ foriegn currency වලින් account වලට හර වෙන සල්ලි කොරියා, සෞදි ගිහින් වැඩ කරන අය එවන සල්ලිම නෙවේ. මේක 21 වෙනි සියවසෙත් 22 වෙනි අවුරුද්ද !😒

මම නම් හැමදේම දන්නෙ නෑ. ඒ නිසා දෙයක් දන්නෙ නැත්නම් දන්නෙ නෑ කියන්නයි ඒ ගැන දන්න අයගේ පස්සෙන් ගිහින් වද දීලා හරි ඒ ගැන අහලා ඉගෙනගන්නයි ලැජ්ජාවක් දැනෙන්නෙ නැ.

( අවුරුදු එක හමාරක් ගිහින්. එදා වගේම දැන් ගිහින් ඇහුවොත් තත්වේ වෙනස් නම් සතුටු වෙන්න පුලුවන්)

තාමත් නිදිමත නැ 😒 බබා කියන්න කෙනෙක් හොයාගන්න වෙනවා. (කොණ්ඩෙ කර්ල් නිකට දෙකට බෙදුන අය නම් එපා ✋)

අපි පුලුවන් උපරිමෙන් උත්සහ කළත් සමහර වෙලාවට දේවල් අහිමි වෙන්නෙ අපේම හොඳට. මට මීට ටික දවසකට කලින් වුණ job එකක් සම්බන්ධ සි...
27/06/2022

අපි පුලුවන් උපරිමෙන් උත්සහ කළත් සමහර වෙලාවට දේවල් අහිමි වෙන්නෙ අපේම හොඳට. මට මීට ටික දවසකට කලින් වුණ job එකක් සම්බන්ධ සිද්ධියක් එක්ක මට මේ ගැන ලියන්න හිතුණා.

ජීවිතේදී යම් දේකට ඔයා කොච්චර ආස වුනත් ඔයා යම් දෙයක් ගැන ලොකු බලාපොරොත්තු තියාගෙන හිටියත් ඒ දේ ඔයා හිතන විදියට ඔයාට නොලැබෙන්න පුලුවන්. ඒකට ඔයාගේ උත්සහයත් බලපානවා සෘජුවම.ඒ වගේ දෙයක් තමයි විභාගයක් ගත්තොත්. ඔයා පාඩම් කරන විදිය අනුව, ඔයා විෂය කරුණු අවබෝධ කරගන්න මට්ටම අනුව ඔයාට විභාගෙදී උත්තර ලියන්න පුලුවන් විදිය රඳා පවතිනවා.
හැබැයි අපිට පාලනය කරන්න පුලුවන් පරාසයේ ඉඳන් උපරිමේම දේවල් කළත් යම් දේවල් නොලැබී යනවා.ඔයා ආදරේ කරන ගැහැණු ළමයෙක්/ පිරිමි ළමයෙක්/ සමීපතමයෙක්, එහෙම නැත්නම් ඔයා ආස කරන වාහනයක් ගන්න තියාගෙන ඉන්න හීනයක්, එහෙමත් නැත්තම් ඔයා ආසාවෙන් බලාගෙන ඉන්න company එකේ job එකක්, නැත්නම් ආසාවෙන් යන්න ඉන්න ගමනක්....
එක දෙයක් අරන් පැහැදිලි කරන්නම්. ආදරේ...හිතන්න ඔයා කොල්ලෙක්, මාස ගාණක් තිස්සේ එක ගැහැණු ළමයෙක් ගැන ආදරයක් හිතේ තියාගෙන ඉන්නවා. ඒත් ඒ කෙනා ඔයාට කැමැති නැහැ. දුක් නොවී පොඩ්ඩක් වාඩි වෙලා, එයත් එක්ක ඔයා එකට ජීවත් වෙනවා මවාගෙන බලන්න. දැන් තේරෙනවද ආදරේ කොච්චර ලොකු උනත් එයත් එක්ක ජීවත් වෙන්න පොඩ්ඩක් අමාරු වෙයි නේද? එයත් එක්ක ඉද්දී වියදම් වැඩි වෙයි වගේ එකක් තේරෙන්න පුලුවන්, ඔයාගේ ආසම වාහනේ ගන්න , රණ්ඩු සරුවල් අඩුවෙන් එක ගෙදරක ජීවත් වෙන්න.... තේරුණා නේද? ඔයාට ඒ කෙනා ගැලපෙන්නෙ නැතුව ඇති. ඇයි දුක් වෙන්නේ? අපි ආදරේ හැමෝම අපිට ආදරේ නැති වෙයි. ඒක හැටි. ඔයාට ආදරේ කෙනෙක් ළඟ නවතින්න.

තවත් දෙයක් අරන් බලමු. මේක මට වුණ දෙයක්. එක company එකක job interview call කළා. මම ආසාවෙන් හිටියා. ඒත් interview එකේදී අහපු දේවල් මගෙ technology stack එකෙන් තනිකරම පිට ඒවා. හරි... තවත් language එකක් ඉගෙනගන්න එක මහ දෙයක් නෙවෙයි. ඒත් ඊළඟ දේවල් ටිකත් මම හිතුවා. මම use කරන lap එක එයාලගෙ තිබුණ projects කරන්න එතරම්ම හොඳ powerful එකක් නෙවේ. ඒ company ඒක තරමක් මධ්‍යම මට්ටමේ නිසා personal laptops ගෙදරට එවන්නෙත් නැහැ remotely වැඩ කරද්දී. මේ දවස්වල තියෙන මූල්‍යමය ගැටලු එක්ක අලුතෙන් PC එක්කට යන්නත් මට අමාරුයි. අනික් පැත්තෙන් acedamic වැඩ ඉවර වෙලත් නැහැ. අනිත් දේ මම දැනගත්තේ interview එකෙන් පස්සේ. එයාලගෙ office තියෙන්නේ උතුරු පළාතේ. මම එහෙ යන එක කොහෙත්ම කරන්න බැරි දෙයක් කොළඹ ඉඳන්.
සමහරවිට unfair interview එකත් එක්කම මට වුණේ හොඳක් වගේ නේද? සමහරවිට ලොකු වාසිදායක අවස්ථාවක් මගහැරුණා වෙන්නත් පුලුවන්. ඒත් අපි ඒ අවස්ථා ගැන දන්නෙ නැහැනෙ.

හැමවෙලාවෙම ඔයාගේ limits පන්නලා පුලුවන් උපරිමෙන් දේවල් වෙනුවෙන් උත්සහ කරන්න. හැබැයි දේවල් වලින් පසු බහින්න උනොත්, ප්‍රතික්ෂේප උනොත්, හිමි කරගන්න බැරි උනොත්.... දුක් වෙන්න එපා. ඔයාට ඒ නිසා වෙන්න ගියපු ප්‍රශ්න ටික හිතලා බලලා ඒ දෙයින් පාඩමක් ඉගෙනගෙන අලුත් විදියට තවත් අවස්ථාවන් හොයාගෙන යන්න.

Good Luck !

Counting ♥️
24/06/2022

Counting ♥️

New items 🤩P47  5.0+EDR Wireless Headphone 🎧+ Celebrat stereo sound Earphone
16/06/2022

New items 🤩
P47 5.0+EDR Wireless Headphone 🎧
+ Celebrat stereo sound Earphone

රටේ ප්‍රශ්නයි - ඒවයි මේවයි සේරම අස්සේ මේ ප්‍රශ්නෙත් එක්ක සෑහෙන pressure එකේ නේද ඉන්නෙ?දුක් වෙන්න එපා. එන්න අපි ඒකත් ගොඩ ...
08/06/2022

රටේ ප්‍රශ්නයි - ඒවයි මේවයි සේරම අස්සේ මේ ප්‍රශ්නෙත් එක්ක සෑහෙන pressure එකේ නේද ඉන්නෙ?

දුක් වෙන්න එපා. එන්න අපි ඒකත් ගොඩ දාගමු.

මේ Zoom Session එකට join වෙන්න. IT Industry එකේ වැඩ කරන කෙනෙක් එක්ක එදාට මමත් එනවා මගෙ අත්දැකීමත් එකතු කරලා ඔයාගෙ ප්‍රශ්නෙට උත්තරේ හොයාගන්න හැටි කියලා දෙන්න.

🔖 මේ link එකෙන් ගිහින් Register වෙන්න.
https://docs.google.com/forms/d/e/1FA...

වැඩි විස්තර දැනගන්න 0755874032 number එකට whatsapp message එකක් දාන්න.

මේ වටින chance එක miss කරගන්න එපා ♥️

දවස - 2022 ජූනි 12 වෙනි ඉරිදා
වෙලාව - හවස 6.00

මොන දේ වුනත් අනිවාර්‍යයෙන්ම Event එක එදාට තියෙනවා කියන වගකීම Organizing team එක වෙනුවෙන් මම පෞද්ගලිකව භාරගන්නවා.

ජය වේවා ♥️👊

අම්මගෙ phone එක ඔබ ඔබ ඉද්දී අහම්බෙන් එයාගෙ whatsapp list එකේ කෙනෙක් status දාලා තිබ්බ එකක් මේක. ටිකක් මැදි වයසේ කෙනෙක්.ඒ...
03/06/2022

අම්මගෙ phone එක ඔබ ඔබ ඉද්දී අහම්බෙන් එයාගෙ whatsapp list එකේ කෙනෙක් status දාලා තිබ්බ එකක් මේක. ටිකක් මැදි වයසේ කෙනෙක්.
ඒ කෙනා මේ වගේ දෙයක් share කළේ පිරිසිදු සිතුවිල්ලකින්. ඒකෙ ආයෙ තර්කයක් නැ. ළමයා සුව වෙනවා බලන්නයි ඕන වුනේ.හැබැයි කිසිම තේරුමක් නැති දෙයක් නෙවේද?
තාක්ෂණය ගැන පොඩි හරි අවබෝධයක් තියෙන කෙනෙක්ට තේරෙනවා මේ කතාවේ කිසිම පදනමක් නැ කියන එක.
අපි 100% විශ්වාස කරමු මේ උදව් අවශ්‍ය මොහොත ඇත්තක් කියලා.හිතන්න...
ළමයගෙ දෙමාපියන්ගෙ/භාරකාරයෙක්ගේ account numbers,phone numbers,address දාලා උදව් කරන්න පුලුවන් අයගෙ උපකාරය ගන්න කටයුතු නොකර මේ වගේ නිෂ්ඵල දේවල් කරන එකෙන් කිසිම දෙයක් වෙන්නෙ නැ.
Whatsapp වගේ ඩොලර් බිලියන ගණන් ආදායම් උපයන ආයතනයක් මෙහෙම මෝඩ කොන්දේසි දාලා උදව් කරන්නම් කියන්නෙ නැ. අඩුම තරමේ මිලියන ගාණක් status,share count එකකින් මේක fiter කරන්න පුලුවන් කියලා මම පෞද්ගලිකව විශ්වාස කරන්නෙ නැ.

කෙනෙක්ට උදව් ඕන උනාම ඒ අදාළ ගැටලුවට පිළියමක් හොයන්න නම් ප්‍රායෝගික දේවල් කරන්නයි ඕන ♥️

තවමත් මිත්‍යා දේවල් පස්සේ පන්නන අපේ වැඩිහිටි පරපුරේ අයගෙ මොළ සුද්ද කරලා මේ දේවල් පැහැදිලි කරලා දෙන එක ඔයාගෙ වගකීමක් ♥️ රට හදන්න නම් ඒක කරන්නම වෙනවා !

02/06/2022

අලුත් අවුරුද්දේ පටන් ගන්න අලුත්ම program එක.𝗚𝘂𝗲𝘀𝘁 𝗧𝗮𝗹𝗸𝘀 𝘄𝗶𝘁𝗵 𝗦𝗮𝘁𝗵𝘀𝗮𝗥𝗮🎙️ අද කතාවට එකතු වෙන්නෙ Kasun 👇https://youtu.be/iJw...
22/02/2022

අලුත් අවුරුද්දේ පටන් ගන්න අලුත්ම program එක.
𝗚𝘂𝗲𝘀𝘁 𝗧𝗮𝗹𝗸𝘀 𝘄𝗶𝘁𝗵 𝗦𝗮𝘁𝗵𝘀𝗮𝗥𝗮

🎙️ අද කතාවට එකතු වෙන්නෙ Kasun 👇https://youtu.be/iJwCIh4GLP0

ඉස්සරහට තවත් ඔයාලා ආදරේ කරන social media personalities එක්ක කතා කරන්න මම සූදානම් 🥂

කාලෙක ඉඳන් ඔයාලා ඉල්ලපු Flutter App Developement  වලට introduction එක 👇https://youtu.be/ydHpVkM_6GQ
17/01/2022

කාලෙක ඉඳන් ඔයාලා ඉල්ලපු Flutter App Developement වලට introduction එක 👇
https://youtu.be/ydHpVkM_6GQ

අලුත් සතියක හිතන්න යමක්...ඔයාගේ අරමුණ වෙනුවෙන් මහන්සි වෙන්න.දිනන්න පුලුවන්.ජීවත් වෙන්න ආදරේ ඕන උනාට ආදරේ, කසාද බඳින එකම ...
06/12/2021

අලුත් සතියක හිතන්න යමක්...

ඔයාගේ අරමුණ වෙනුවෙන් මහන්සි වෙන්න.දිනන්න පුලුවන්.
ජීවත් වෙන්න ආදරේ ඕන උනාට ආදරේ, කසාද බඳින එකම ජීවිතේ කරගන්න එපා. ඒක තාවකාලිකයි කියලා තේරෙන්න සෑහෙන කාලයක් යනවා.
AL, OL ඉවර උන ගමන් මොකක්හරි කමක් නෑ රස්සාවක් කරනවට වඩා, දවසක තමන් කැමතිම රස්සාව කරන්න ටික කාලයක් දුක් විඳින්න පුරුදු වෙන්න.

Have a good week !

නොවැම්බර් 06 සෙනසුරාදා හවසට ඔයාලත් එක්ක කතා කරන්න මම එනවා. Live එකෙන් හම්බවෙමු ♥️ touch එකේ ඉන්න.චැනල් එකේ කතා කරන topic...
04/11/2021

නොවැම්බර් 06 සෙනසුරාදා හවසට ඔයාලත් එක්ක කතා කරන්න මම එනවා.
Live එකෙන් හම්බවෙමු ♥️ touch එකේ ඉන්න.
චැනල් එකේ කතා කරන topics ගැන / මම ගැන ඕන දෙයක් එදාට අහන්න 😛

19/10/2021

ඔබ තනිව යාමට සිතන්නේ කොපමණ දුරක්ද, ඔබට එපමණ දුරක් යා හැකිය.

17/10/2021

පොඩි පොඩි ෆයිට්ස්
පොඩි පොඩි ෆයිටස්ලාටම
තියාගන්න දීලා
අයින් වෙන්න.

මිනිස්සුන්ගේ මැදිහත් වීමක් තියෙන ප්‍රශ්න ආවම මැරෙන එකවත්, පලිගන්න එකවත් නෙවේ කරන්න ඕනේ.ඔව් මැරෙන්න හිතෙයි සමහර දේවල් සිද...
16/09/2021

මිනිස්සුන්ගේ මැදිහත් වීමක් තියෙන ප්‍රශ්න ආවම මැරෙන එකවත්, පලිගන්න එකවත් නෙවේ කරන්න ඕනේ.
ඔව් මැරෙන්න හිතෙයි සමහර දේවල් සිද්ධ උනාම. ඒත් හැමදේම තාවකාලිකයි නේ? ඉතින් ඔයාට ඇතිවෙලා තියෙන දුක විතරක් ස්ථිර වෙන්නෙ කොහොමද? හිතන්න.
දුෂ්ටකම් කරන - ඉරිසියා කරන එවුන්ව අතාරින්න,යන අයට යන්න දෙන්න,
තමන්ට ආදරේ කරන අතේ ඇඟිලි ගානට ඉන්න අය ටික දෙනා වෙනුවෙන් ජීවත් වෙන්න.
ඔයාට පලිගන්න ඕනෙම නම්, එවුන් ආස වුනාට එවුන්ට කරන්න බැරි දේවල් කරන්න පටන් ගන්න. උන් ඉස්සරහදීම දවසක ඔයාට ආදරේ කරන වෙන කෙනෙක්ට අම්මට වගේ සලකන්න. හොඳට කාලා බීලා උන්ට එනවා තියා හිතන්නවත් බැරි සමාජ මට්ටමක ජීවත් වෙන්න.
පව් සිද්ධ වෙන්නෙ නැති විදියට පලි ගන්න ක්‍රමේ ඒක. ළඟදීම දවසක උන් ඒවා දැකලා අනේ අපිට මොකෝ මට නම් ගානක්වත් නෑ කියනවා ලැජ්ජාව පෙන්වන්න බැරි කමට. ඒත් උන් ඇතුලෙන් පිච්චෙනවා.

නැගිටලා හිනාවෙයං මගෙ එකෝ. උඹට හරියනවා! උන් කරගත්ත දේවල්වල හොඳ නරක උන්ට ආයෙම කැරකිලා එයි.



( පුලුවන් නම් මනසින් වැටිලා - හිරවෙලා - තුවාල වෙලා - හදවතෙන් ලේ ගලාගෙන ඉන්න තව කෙනෙක්ව ගොඩ දාන්න මේක share කරන්න )

Are you interested in front-end and back-end developement handling? Then this is for you.Join and expand your skills set...
13/08/2021

Are you interested in front-end and back-end developement handling? Then this is for you.

Join and expand your skills set in Full Stack developement.

Register 👇
https://forms.gle/DPfkcRRrioFpKrLb7

📅 Date : 15th August 2021
🕑 Time : 6pm
⛔ Via : Zoom

How to work with Reddit upvoting in Picoworkers 💰✔ youtube එකෙන් දැන් බලන්න https://youtu.be/gu1WkznzBfw
06/08/2021

How to work with Reddit upvoting in Picoworkers 💰

✔ youtube එකෙන් දැන් බලන්න
https://youtu.be/gu1WkznzBfw

PC එකෙන් whatsapp පාවිච්චි කරන හැටි.අපි හැමෝම වගේ smartphone එකෙන් whatsapp පාවිච්චි කළාට PC එකෙන් යන්නෙ නැති තරම්. හැබැ...
02/08/2021

PC එකෙන් whatsapp පාවිච්චි කරන හැටි.

අපි හැමෝම වගේ smartphone එකෙන් whatsapp පාවිච්චි කළාට PC එකෙන් යන්නෙ නැති තරම්. හැබැයි PC එකෙත් whatsapp තිබුණා නම් කියලා හිතෙන අවස්ථා ඇවිත් ඇති documents වගේ දේවල් whatsapp හරහා share කරන්න ගියාම.
ගොඩක් අය මේ ගැන දන්නෙ නැති නිසා කියන්න හිතුවා.

01.)මුලින්ම කරන්න ඕන පහළ ලින්ක් එකෙන් ගිහින් whatsapp setup එක download කරගන්න. 125MB වගේ වෙන්නෙ.
https://www.whatsapp.com/download

02.) DOWNLOAD Location එකෙන් double click කරලා open කරගන්න. දැන් එනවා screen එකක් QR code එකකුත් එක්කම.

03.) දැන් ඔයාගේ smartphone එකේ whatsapp open කරගන්න.

04.)දකුණු කොනේ උඩම තියෙන menu එකෙන් ගියාම තියෙනවා linked device කියලා option එකක්.ඒක touch කරගන්න.

05.) දැන් link a device click කරලා PC එකේ පේන QR code එක scan කරගන්න.

06.)දැන් වැඩේ හරි. ඔයාගෙ whatsapp එකම PC එකට එන්න තප්පර කිහිපයයි යන්නෙ.හරිම ලේසියි.මතක තියාගන්න PC එකේ වගේම phone එකෙත් Connection on කරලා වැඩේ කරන්න.

( PC එකේ whatsapp application එකට මොනාහරි security method එකක් දාන්නත් අමතක කරන්න එපා. Phone එකේ නම් pin/password/finger print දාලානේ තියෙන්නෙ අපි whastapp එකට )

මේ ගැන නොදන්න කෙනෙක්ට දැනගන්න share කරන්න.

©All rights reserved | Thathsara Hewage - Sri Lanka

28/07/2021

හිතට එන අදහස් ඒ වෙලාවටම කරන්න පටන් ගන්න. ඔව්...එහෙම කරන හැම එකම හරි යන එකක් නැහැ. ඒත් අසාර්ථකව හරි මගක් දුර ගිහින් ඔයා ඒකෙන් ගන්න අත්දැකීම් සල්ලි වලට ලබාගන්න බැරි වෙයි.
සමාජයේ එක එක මට්ටම්වල මිනිස්සු හැමෝවම හරි විදියට ආශ්‍රය කරන්න බලන්න. උඩකට ගියපු මිනිස්සුන්ගේ කතාවෙන් ගන්න තියෙන දේ ගන්න 'හම්මේ ඔන්න දුක කියන්න ඇවිත්' කියලා මගහරින්නෙ නැතුව. ඒ වගේම තමයි උඩට එන්න හදන අයට පුලුවන් විදියට අත දෙන්න.
අන්තිම සුභවාදී විදියට ඔයාට එන ප්‍රශ්න දිහා බලන්න. ගොඩක් වෙලාවට හැම දෙයක්ම සිද්ධ වෙන්නෙ හේතුවක් ඇතුව.

කාලයක් තිස්සේ මේ විදියට සමාජය එක්ක හැප්පෙද්දී, මානසිකව දුක් විදින ගමන් හිස් පර්ස් එකක් සාක්කුවේ දාගෙන, කෑම සුවද ගහන වෙලාවක බඩගින්නේ කැෆේ ලගින් යන්න සිද්ධ වේවි.ඉවසන්න ,දවසක ඔයා ඒ කැෆේ එකේ වාඩි වෙලා තියෙන රසම කෑම කනවා මවාගෙන හිතට එන පසුබෑම දරාගෙන ඉන්න.

ජීවිතේ එක තැනක් - එක වයස් මට්ටමක් පහු කළාම ඔයාට දැනෙන්න ගන්නවා මගේ දේවල් මටම කරගන්න පුලුවන් නේද කියලා.අන්න එදා ඉදන් ඔයාව ඉස්සරහට අරන් යන්නේ වෙන කිසිම දෙයක් නෙවෙයි,අර මුලින් සදහන් කරපු ඔයාගේ ජීවිත අත්දැකීම්.

This is a quick review on one of my semester project named ICAF (International Conference on Application Framework) whic...
23/07/2021

This is a quick review on one of my semester project named ICAF (International Conference on Application Framework) which is a progressive web application working as a conference management tool.
MERN was used as the main technology stack and bootstraps, css for styling.
Admin, Editor, Reviewer and the User ( Attendee, Researcher, Workshop conductor ) are main 4 user roles.
👇
https://youtu.be/yIgCPp4h_k0

✔ Now follow me on tiktok for more stuff on tech.Youtube Channel එකෙන් බලන්න නැති දිනපතා අලුත්වෙන තාක්ෂණික තොරතුරු සිංහල...
21/07/2021

✔ Now follow me on tiktok for more stuff on tech.
Youtube Channel එකෙන් බලන්න නැති දිනපතා අලුත්වෙන තාක්ෂණික තොරතුරු සිංහලෙන්ම දැනගන්න.
tiktok.com/

Tech | Code | LifeStyle

#වපරඇහෙන්ඔබ්බට

Email Signature එකක් add කරගෙන 👉• ඔයා යවන e-mails වල වෘත්තීමය ස්වභාවය වැඩි කරගන්න.• Job interviews වලට e-mail එකකින් අයද...
07/07/2021

Email Signature එකක් add කරගෙන 👉
• ඔයා යවන e-mails වල වෘත්තීමය ස්වභාවය වැඩි කරගන්න.
• Job interviews වලට e-mail එකකින් අයදුම් කරද්දී, email signature සුදුසුකමක් විදියට සලකනවා වගේම ඔයාගේ වටිනාකම වැඩි වෙනවා.
• ගුරුවරයෙක්, ව්‍යාපාර හිමිකරුවෙක් විදියට ඔයා යවන e-mails වල වෘත්තීමයභාවය වැඩි කරගන්න.

Click here 👉
https://youtu.be/iuvkyTyaINU

Youtube එකේ අලුත්ම feature එක. Youtube shorts ගැන හැමදේම •https://youtu.be/E9MyL8HoYCk
21/06/2021

Youtube එකේ අලුත්ම feature එක. Youtube shorts ගැන හැමදේම

https://youtu.be/E9MyL8HoYCk

Address


Website

Alerts

Be the first to know and let us send you an email when SathsaRa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share