Helabima News

  • Home
  • Helabima News

Helabima News Braking News science sinhala

පැය හයක් යනකල් ගිලන් රථයකටවත් එන්න දුන්නෙ නෑ..අරගලකරුවන්ගෙන් ආරක්ෂක අංශවලට චෝදනා !පහර දීම සිදුවී පැය හයක් පමණ ගතවනතුරුත්...
22/07/2022

පැය හයක් යනකල් ගිලන් රථයකටවත් එන්න දුන්නෙ නෑ..අරගලකරුවන්ගෙන් ආරක්ෂක අංශවලට චෝදනා !
පහර දීම සිදුවී පැය හයක් පමණ ගතවනතුරුත් කිසිඳු ගිලන් රථයක් අරගල භුමියට නොපැමිණි බවට අරගලකරුවන් චෝදනා කරනවා.

ඔවුන් කියා සිටින්නේ එම ප්‍රවේශයට පැමිණෙන මාර්ග වසා දමා ආරක්ෂක අංශ විසින් තුවාලකරුවන් රැගෙන යාමට පැමිණි ගිලන් රථයට පවා ඒමට ඉඩ ලබා නොදුන් බවයි.

පාන්දර 1 ට පමණ තමන්ට පහර දුන්නද ගිලන් රථයක් පැමිණියේ උදෑසන 7 ට පමණ බවයි ඔවුන් පවසන්නේ.

https://helabimanews.com/not-even-an-ambulance-was-allowed-to-come-to-galleface-for-six-hours-the-activists-accused-the-security-forces/

ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ කොළඹ අගනුවර පිහිටි ප්‍රධාන රාජ්‍ය විරෝධී විරෝධතා කඳවුර වටලා කූඩාරම් ඇද දැමීමට පටන් ගෙන තිබේ.සිය ...
22/07/2022

ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ කොළඹ අගනුවර පිහිටි ප්‍රධාන රාජ්‍ය විරෝධී විරෝධතා කඳවුර වටලා කූඩාරම් ඇද දැමීමට පටන් ගෙන තිබේ.

සිය ගනනක් හමුදා සහ පොලිස් කමාන්ඩෝ භටයින් විරෝධතාකරුවන් ප්‍රදේශයෙන් පිටවීමට පැය කිහිපයකට පෙර ජනාධිපති කාර්යාලයෙන් පිටත ගමන් කළහ.

බීබීසී වීඩියෝ මාධ්‍යවේදියෙකුට හමුදාව විසින් පහර දුන් අතර එක් සොල්දාදුවෙක් ඔහුගේ දුරකථනය උදුරා ගෙන වීඩියෝ මකා දමා ඇත.

ඒ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුවයි.

ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය සතියේ රටින් පලා ගියේය.

වික්‍රමසිංහ මහතා - හිටපු අග්‍රාමාත්‍යවරයා - මහජනයා අතර දැඩි අප්‍රසාදයක් ඇති අයෙකු ලෙස සැලකෙන අතර, පෙලපාලිකරුවන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට පොරොන්දු වී ඇත

https://helabimanews.com/an-attack-on-the-galleface-struggle-grounds-by-the-security-forces/

Mr.Lahiru Weerasekera, who represents the strugglers, says that the people engaged in the Gallface struggle were attacked last night (21). He mentions that special task force soldiers and security forces have attacked the people who were staying at the Gallface struggle ground in Colombo. Many peopl...

14/07/2022

ජාත්‍යන්තර වරෙන්තුවක් නිකුත් කර ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගතයුතු බවට Britain's Liberal Democrats පක්ෂයේ නායක Ed Davey එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුවෙන් ඉල්ලා තිබේ.

ජනපතිගේ ඉල්ලා අස්වීමේ ලිපිය භාරදීම සිංගප්පූරුවට ගිය පසුජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ සිය ඉල්ලා අස්වීමේ ලිපිය සිංගප්පූරුවට ළගා...
14/07/2022

ජනපතිගේ ඉල්ලා අස්වීමේ ලිපිය භාරදීම සිංගප්පූරුවට ගිය පසු
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ සිය ඉල්ලා අස්වීමේ ලිපිය සිංගප්පූරුවට ළගාවීමෙන් පසුව භාරදීමට නියමිත බව, පාර්ලිමේන්තුවේදී පැවති පක්ෂ නායක රැස්වීමේදී කතානායකවරයා දන්වා සිටි බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් සඳහන් කරනවා.

ඊයේ අලුයම මාලදිවයිනට ළඟා වූ ජනාධිපතිවරයා ඉන්පසු සිංගප්පූරුව බලා යෑමට නියමිත බවද, සිය ගමනාන්තය දක්වා රාජ්‍යතාන්ත්‍රික ආරක්ෂාව සහිතව ආරක්ෂිතව ගමන් කරන තෙක් ජනාධිපති ධුරයේ තවදුරටත් රැඳී සිටීමේ අවශ්‍යතාව මත මෙසේ ලිපිය ලබාදීම ප්‍රමාද වී ඇති බවද වාර්තා වනවා.

මෙරට තත්ත්වය ගැන රුසියාවෙන් ප්‍රකාශයක්ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන වත්මන් තත්ත්වය ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුත්තක් බව රුසිය...
14/07/2022

මෙරට තත්ත්වය ගැන රුසියාවෙන් ප්‍රකාශයක්

ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන වත්මන් තත්ත්වය ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුත්තක් බව රුසියානු විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශිකා මරියා සකරෝවා මහත්මිය ප්‍රකාශ කළාය.

ශ්‍රී ලංකාව රුසියාවේ මිත්‍ර රාජ්‍යයක් බවත් ශ්‍රී ලංකාවේ දේශපාලන ක්‍රියාවලිය රටේ පවතින නීතියට මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව ඉදිරියට යනු ඇති බවත් පත්වන නව පාලනාධිකාරය වත්මන් ආර්ථික අර්බුදයෙන් ශ්‍රී ලංකාව මුදවා ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ඇතැයි රුසියාව විශ්වාස කරන බවත් මරියා සකරෝවා මහත්මිය සඳහන් කළාය.

ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය ඉතා ඉක්මණින් සාමාන්‍ය තත්ත්වය පත්වේ යැයි බලාපොරොත්තු වන බව සකරෝවා මහත්මිය පැවසුවාය.

හෙට අලුයම 5 දක්වා දිවයිනටම ඇඳිරි නීතිය පැනවේවහාම ක්‍රියාත්මක වන පරිදි හෙට (14) අලුයම 5.00 දක්වා දිවයින පුරා ඇඳිරි නීතිය ...
13/07/2022

හෙට අලුයම 5 දක්වා දිවයිනටම ඇඳිරි නීතිය පැනවේ

වහාම ක්‍රියාත්මක වන පරිදි හෙට (14) අලුයම 5.00 දක්වා දිවයින පුරා ඇඳිරි නීතිය පනවන බව වැඩ බලන ජනාධිපති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

13/07/2022

පොලිසියේ සහ හමුදාවේ සිටිනා විරුවන් කිහිපදෙනෙක් සාමකාමී අරගලකරුවන් හා එක්වෙයි 👏

මේ වන විට අරගලය ශක්තිමත් කිරීම සදහා කොළඹට විශාල ජනතාවක් නැවතත් පැමිනෙමින් සිටී.
13/07/2022

මේ වන විට අරගලය ශක්තිමත් කිරීම සදහා කොළඹට විශාල ජනතාවක් නැවතත් පැමිනෙමින් සිටී.

අග්‍රාමාත්‍ය ලේකම් කාර්‍යාලය අසලදී සිදුවු ගැටුමකින් කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත් වී තිබ...
13/07/2022

අග්‍රාමාත්‍ය ලේකම් කාර්‍යාලය අසලදී සිදුවු ගැටුමකින් කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙන බව වාර්තාවේ.

" ජනාධිපති දිවයිනෙන් බැහැරව සිටින නිසා ආණ්ඩක්‍රම ව්‍යවස්ථාවේ 37/1 වගන්තිය යටතේ අගමැති රනිල් වික්‍රමසිංහ වැඩබලන ජනාධිපති ...
13/07/2022

" ජනාධිපති දිවයිනෙන් බැහැරව සිටින නිසා ආණ්ඩක්‍රම ව්‍යවස්ථාවේ 37/1 වගන්තිය යටතේ අගමැති රනිල් වික්‍රමසිංහ වැඩබලන ජනාධිපති ලෙස කටයුතු කරයි"
-කතානායක

මේ වන විට හෙලිකොප්ටර් යානා කිහිපයක් කොළඹ ප්‍රදේශ කීපයක පියාසර කරමින් පවතින බව වාර්තා වනවා.ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ...
13/07/2022

මේ වන විට හෙලිකොප්ටර් යානා කිහිපයක් කොළඹ ප්‍රදේශ කීපයක පියාසර කරමින් පවතින බව වාර්තා වනවා.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටරයක් කොළඹ ගාලු මුවදොර පිටියේ විරෝධතාව පැවැත්වෙන ස්ථානය ආසන්නයේ, ඉතා පහලින් පියාසර කරන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මධ්‍යයේ පළවී තිබුණා.

මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලය අසල ද හෙලිකොප්ටර් යානා කිහිපයක් පියාසර කරන බව වාර්තා වෙනවා.

13/07/2022

🔥 Breaking news 🔥
දේශප්‍රේමි අරගලකරුවන් විසින් අගමැති කාර්‍යාලය අත්පත් කරගනී.

400+ LikestTHANK YOU GUYS
10/06/2020

400+ Likest
THANK YOU GUYS

28/05/2020

Address


Alerts

Be the first to know and let us send you an email when Helabima News posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share