Excise News

Excise News Taxes are for the benefit of the people of the country

තවත් අරක්කු ෆැක්ටරි 3ක්!  හැරිට, වජීරට, ශශීදරන්ට බලපත්‍ර!       රට කරවටක් ආර්ථික අර්බුද වල ගීලී ඇති අවස්ථාවක තමන්ගේ කොමි...
26/12/2021

තවත් අරක්කු ෆැක්ටරි 3ක්! හැරිට, වජීරට, ශශීදරන්ට බලපත්‍ර!

රට කරවටක් ආර්ථික අර්බුද වල ගීලී ඇති අවස්ථාවක තමන්ගේ කොමිස් මුදල් තරකර ගැනිම සදහා තවත් මද්‍යසාර නිෂ්පාදන කර්මාන්ත ශාලා තුනක් විවෘත කිරිම සදහා අලුතින් බලපත්‍ර නිකුත් කිරිමේ සුදානමක් ඇති බව වාර්තා වේ. රාජ්‍ය මූල්‍ය දෙපාර්තමේන්තුව හරහා සුරාබදු කොමසාරිස්වරයාට යවා ඇති ලිපියක් හරහා මෙම මද්‍යසාර කර්මාන්ත ශාලා තුනක් විවෘත කිරිමට අවසර පත්‍ර නිකුත් කරන ලෙසට නියෝග කර තිබේ.

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන හැරි ජයවර්ධන, ක්‍රිකට් ක්‍රිඩක මුත්තයියා මුරලිදරන්ගේ සොහොයුරු මුත්තයියා ශශීදරන් සහ එක්සත් ජාතික පක්ෂයේ පැරණී මන්ත්‍රීවරයෙකුගෙ පුත්‍රයෙකු වන වජිර ගුණසේකර යන අය සදහා මෙම බලපත්‍ර නිකුත් කරන ලෙසයි නියෝග කර ඇත්තේ.

ශශීදරන් නීලකාස වංචාවක චූදිතයෙකු වන අතර කෝටි 1200 ක පමන හොර එතනෝල් සමග සශීදරන් ගස් යාමට නියමිතව සිටියදි රාජපක්ෂලාට පිංසිදුවන්නට බෙරුනු අයෙකුද වේ.මේ වනවිට මුරලිදරන් පවුල සහ රාජපක්ෂ පවුල ඉතා කිට්‍ටු මිතුරන්ය. රාජපක්ෂ පවුල සහ මුරලිදරන් පවුල එක් කළේ එතනෝල් බව නොදන්නා අයෙක් නැත. හැරීද ඊට දෙවැනී නැත.කවුරුන් බලයේ සිටියද ඔහුන් සමග ඩිල් දමන්නට හැරිලාට හැකියාව තිබේ. මේ අතරට එන නවකයා වන්නේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රී ප්‍රේමරත්න ගුණසේකර නැමැත්තාගේ පුත්‍රයා වන වජීරය ඔහුගේ සබඳතාවයන් ගැන ඉදිරියේදි බලාපොරොත්තු වන්න.

ලෝකේ අනෙක් රටවල් මත්පැන් පරිභෝජන වේගය සියයට 55ක් වන විට ලංකාවේ සියයට 95ක් බවට පත්ව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවා පෙන්වා දී තිබියදි තමන්ගේ කොමිස් මුදල් ලබා ගැනිම සදහා මෙම බලපත්‍ර ලබාදිමට සුදානම් වන බවයි වාර්තා වන්නේ. ලෝකේ අනෙක් රටවල් මත්පැන් පරිභෝජන වේගය සියයට 55ක් පමණ වේ.
Excise Department of Sri Lanka

බැදුම්කර වංචාවට චොදනා ලබා සිටින අර්ජුන් ඇලෝසියස්ට අයත් Mendis සමාගම මේ වනවිට බිලියන 19 ක පමණ මුදලක් රටේ ජනතාවගේ බදු මුදල...
05/03/2021

බැදුම්කර වංචාවට චොදනා ලබා සිටින අර්ජුන් ඇලෝසියස්ට අයත් Mendis සමාගම මේ වනවිට බිලියන 19 ක පමණ මුදලක් රටේ ජනතාවගේ බදු මුදල් වංචා කරලා...

බැදුම්කර වංචාවට චොදනා ලබාසිටින අර්ජුන් ඇලෝසියස්ට අයත් Mendis සමාගම මේ වනවිට බිලියන 19 ක පමණ මුදලක් රටේ ජනතාවගේ බදු මුද...

sanitizer හදන මුවාවෙන් හොර අරක්කු හදලා.... sanitizer වෙනුවට  වතුර පිරවු බොතල් Hand sanitizer නිෂ්පාදනය කර විදේශ වෙළද පොල...
15/01/2021

sanitizer හදන මුවාවෙන් හොර අරක්කු හදලා.... sanitizer වෙනුවට වතුර පිරවු බොතල්

Hand sanitizer නිෂ්පාදනය කර විදේශ වෙළද පොලට යවන බව පෙන්වමින් වතුර පිරවු බොතල් තොගයක් රට යැවිමට ගත් උත්සහයක් රේගු බලධාරීන් විසින් නීතියේ රැහැනට හසුකරගෙන තිබේ.

අදාළ ව්‍යාපාරිකයා hand sanitizer නිෂ්පාදනය කරන මුවාවෙන් බදු සහන යටතේ එතනොල් භාවිතා කර හොර අරක්කු නිෂ්පාදනය කර එවා විවිධ ප්‍රසිද්ධ ව්‍යාපාරික සන්නාම යටතේ ඇති බොතල් වල හසුරා වෙළෙඳ පොලට එක්කිරිමට කටයුතු කර තිබේන බවයි පසුව සිදුකල විමර්ශන වලදි අනාවරණය වි ඇත්තේ.

ජාවාරමට සම්බන්ධ අදාළ ව්‍යාපාරිකයා ජා-ඇල Anton Sebastian ගේ පුත්‍රයා වන අතර පිය-පුතු දෙපලම කාලයක සිට මේ අකාරයට හොර අරක්කු නිෂ්පාදනයේ යෙදි තිබේන බවද අනාවරණය වි තිබේ.

ඔහුන් දෙපළ කාලයක සිට ගෙදරම පෙරන ප්‍රමිතියක් නැති අරක්කු DCSL බොතල් වලට අසුරා Bar සහ රෙස්ටුරන්ට් වල භාවිත කිරිම සදහා විකුණා ඇති අතර මේ වනවිට අනාවරණය ව්න තොරතුරු වලට අනුව දිනකට බොතල් 2000ක් පමණ නිෂ්පාදනය කරන අතර හොරට මුද්‍රණය කරන ලේබල් බොතල් වලට අලවන බවද අනාවරණය වි තිබේ.

කොතරම් තරු පටි තිබුණත් අමුඩයකින් පමණක් විලි වසාගෙන සිටි පොලිසියේ ඒ අමුඩයද පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් කඩා ද...
17/12/2020

කොතරම් තරු පටි තිබුණත් අමුඩයකින් පමණක් විලි වසාගෙන සිටි පොලිසියේ ඒ අමුඩයද පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් කඩා දමා සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවම නිරුවත් කර තිබියදි සුරාබදු දෙපාර්තමේන්තුව සහ බුද්ධි අංශ කල මෙහෙයුම අපකීර්තියට පත්කිරිමට දත කන්නේ ඔහුන්ගේ කප්පම් මල්ලට කෙලවුන නිසා බවයි සුරාබදු නිලධාරින්ගේ අදහස වි ඇත්තේ

​කොතරම් තරු පටි තිබුණත් අමුඩයකින් පමණක් විලි වසාගෙන සිටි පොලිසියේ ඒ අමුඩයද පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ව.....

මාස හයක සේවා දිගුවක් සදහා යෝජනා වි සිටි සුරාබදු කොමසාරිස් ඒ බොදරගමගේ වහාම ක්‍රියාත්මක වන පරිදි එම සේවා දිගුව අවසන් කිරිම...
07/12/2020

මාස හයක සේවා දිගුවක් සදහා යෝජනා වි සිටි සුරාබදු කොමසාරිස් ඒ බොදරගමගේ වහාම ක්‍රියාත්මක වන පරිදි එම සේවා දිගුව අවසන් කිරිමට තිරණය කර තිබේන බව පසුගියදා ඇතැම් වෙබ් අඩවි වාර්තාකර තිබුනා.පාර්ලිමේන්තුව තුලදිද සුරාබදු කොමසාරිස් ජනරාල් ආරියදාස බෝදරගම පසුගිය දින කිහිපයේම කතාබහට ලක්වු චරිතයක් බවට පත්වුනා.

සුරාබදු දෙපාර්ත්තුමේන්තුව පවසන්නේ මෑත ඉතිහාසයේ තම දෙපාර්තමේන්තුව මගින් සිදු කල විශාලතම වැටලීම මෙය බවයි.

මිට අමතරව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවට බිලියන 1.1ක බදු මුදලක් මේ දක්වා ගෙවා නොමැති බවද අනාවරණය වි තිබේ.
03/12/2020

මිට අමතරව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවට බිලියන 1.1ක බදු මුදලක් මේ දක්වා ගෙවා නොමැති බවද අනාවරණය වි තිබේ.

2006 අංක 10 දරණ දේශිය ආදායම් පනතේ 179(1)ක වගන්තිය යටතේ නිකුත් කර ඇති බදු මුදල වන රුපියල් 2,627,486,756ක මුදලක් මෙන්ම 2002 අංක 14 දරණ එකත.....

21/11/2020

කෝටි 100කට අධික බදු මුදල් වංචා කරමින් ඇමති ජොන්සටන් වයඹ ඩිස්ටලරීස් යලි විවෘත කරගැනිමේ රහස මෙන්න.....

20/11/2020

සර් ... Fail වෙන්න කලින් Action එකක් ගන්න ...

කෝටි  100ක බදු බයිට් වෙයි... ජොනීගේ වයඹ ඩිස්‌ටලරීස්‌ යලි ඇරේ ...     කෝටි  100කට අධික බදු වංචාවක් හේතුවෙන් සීල් තැබු ජොන...
17/11/2020

කෝටි 100ක බදු බයිට් වෙයි... ජොනීගේ වයඹ ඩිස්‌ටලරීස්‌ යලි ඇරේ ...

කෝටි 100කට අධික බදු වංචාවක් හේතුවෙන් සීල් තැබු ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් වයඹ ඩිස්‌ටලරීස්‌ සමාගමේ බලපත්‍රය යලි නිකුත් කර තිබේන බව වාර්තා වේ. ඒ අමාත්‍යවරයාගේ දැඩි බලපෑම මත රජයට අයවිය යුතු බදු මුදල් සතයක් හෝ පියවිමකින් තොරව මෙම බලපත්‍රය යලි ලබාදීමට කටයුතු කර තිබේන බවයි සුරාබදු දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කළේ.සුරා බදු කොමසාරිස්වරයාට කලයක සිටම වයඹ ඩිස්‌ටලරීස්‌ සමාගමේ බලපත්‍රය නිදහස් කරන ලෙසට බලපෑම් සිදුකල බවත් පසුගිය දින කිහිපය තුල එම බලපෑම් උග්‍ර වු අතර ඒ අනුව කොමසාරිස්වරයා බලපත්‍රය යලි නිකුත් කිරිමට කටයුතු කර තිබේන බවයි එම අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කළේ.

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පවුලේ ව්‍යාපාරයක් වන වයඹ ඩිස්‌ටලරීස්‌ සමාගමේ බලපත්‍රය 2015 වසරේ මැයි මාසයේ අහෝසි කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු කර තිබුනා.ඒ අනුව සුරා බදු සම්බන්ධ නීති රීති කඩකිරීම නිසා සුරාබදු දෙපාර්තමේන්තුව විසින් වයඹ අරක්කු නිෂ්පාදන ආයතනයට අයත් බලපත්‍ර තුනක් අත්හිටවු අතර එම ආයතනයට චෝදනා 11ක් චෝදනා පත්‍රයක් භාර දී තිබුනා.

මිට අමතරව දෙමටගොඩ ව්‍යාපාරික ස්‌ථානයක ලොරි හතරක ගබඩා කර තිබූ අරක්‌කු බෝතල් 68,000 ක පමණ ප්‍රමාණයක්‌ අත්අඩංගුවට ගැනීමෙන් පසු එම මත්පැන් බෝතල් වයඹ ඩිස්‌ටලරීස්‌ සමාගමට අයත් බව හෙළිවිණි. ඒ අනුව එම සමාගමටද මීට පෙර සීල් තබා තිබුණි.එ ඔහුට අයත් නරිතා ට්‍රේඩින් කොම්පැණි නම් වාහන අමතර කොටස් ගබඩා කරන ආයතනයේ තිබී මෙම මත්පැන් තොගය අත්අඩංගුවට ගනු ලැබ ඇත අතර රටපුරා තිබෙන 107කට අධික ජොන්ස්ටන් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරයාට අයත් සුරාසැල් වෙත නීති විරෝධීව ප්‍රවාහනයට සූදානම් කර තිබූ ඒවා බවද හෙළි වුනා.

ඇන්ටන්ගේ හොර අරක්කු ජාවාරම ...    මේ ඉන්නේ ජා-ඇල ඇන්ටන්  (Anton Sebastian)  හොරට ගෙදරම පෙරන ප්‍රමිතියක් නැති අරක්කු  DCS...
24/08/2020

ඇන්ටන්ගේ හොර අරක්කු ජාවාරම ...

මේ ඉන්නේ ජා-ඇල ඇන්ටන් (Anton Sebastian) හොරට ගෙදරම පෙරන ප්‍රමිතියක් නැති අරක්කු DCSL බොතල් වලට පුරවලා Bar සහ රෙස්ටුරන්ට් වල විකුණනවා.ආරංචි විදියට බොතල් 2000ක් විතර මිනිහා හොර අරක්කු හදනවා.ඒ විතරක් නෙවේ DCSL හිස් බොතල් අරන් ගිහින් එවා පිහදාලා එවට මේ අරක්කු පුරවන බව එහි සේවයේ යෙදෙනෙ කෙනෙක් අනාවරණය කරලා තියෙනවා. සමහර එවාට හොරට මුද්‍රණය කරන ලේබල් බොතල් වලට අලවන බවද ඔහු සදහන් කර තිබේ.

සුරාබදු දෙපාර්තමේන්තුවේ නිළධාරීන්ගේ අවධානයට.....

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Excise News posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Excise News:

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share