Ceylon Money Journal

  • Home
  • Ceylon Money Journal

Ceylon Money Journal It's all about money & Sri Lanka

උද්ධමනය පරාජය භාරගෙන පසු බසී!කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය ගෙවුණු ඔක්තෝබර් මාසයේදී 66.0% දක්වා පහළ ගොස් ...
03/11/2022

උද්ධමනය පරාජය භාරගෙන පසු බසී!

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය ගෙවුණු ඔක්තෝබර් මාසයේදී 66.0% දක්වා පහළ ගොස් තිබෙනවා. සැප්තැම්බර් මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය ඉතිහාසයේ ඉහළම අගය වූ 69.8% වාර්තා කළ අතර ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය 73.7% තරම් ඉහළ මට්ටමක පැවතුණා.
ආහාර උද්ධමනය 94.9% සිට 85.6% දක්වා කැපී පෙනෙන ලෙස පහළ ගොස් ඇති අතර ආහාර නොවන භාණ්ඩ හා සේවා හා අදාළ උද්ධමනයද 57.6% සිට 56.3% දක්වා සුළු වශයෙන් පහළ ගොස් තිබෙනවා.

උද්ධමනය යනු පාරිභෝගික මිල දර්ශකයේ, එනම් සමස්ත මිල මට්ටමේ, වසරක් තුළ සිදුව ඇති වැඩිවීමයි. උද්ධමනය අඩුවීම යන්නෙන් මිල වැඩි වීමේ වේගයේ අඩුවීමක් මිස මිල අඩුවීමක් සාමාන්‍යයෙන් අදහස් වන්නේ නැහැ. එහෙත්, පසුගිය ඔක්තෝබර් මාසය තුළ මිල මට්ටමේද අඩුවීමක් දැකිය හැකිවීම විශේෂ කරුණක්. පහත පෙන්වා ඇත්තේ පසුගිය මාස කිහිපය තුළ කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ මාසික වෙනස් වීමයි.

2022 ජනවාරි - 2.4%

2022 පෙබරවාරි - 1.1%

2022 මාර්තු - 3.0%

2022 අප්‍රේල් - 9.3%

2022 මැයි - 8.3%

2022 ජූනි - 12.8%

2022 ජූලි - 4.5%

2022 අගෝස්තු - 2.5%

2022 සැප්තැම්බර් - 3.8%

2022 ඔක්තෝබර් - (-0.4%)

මේ අයුරින් කොළඹ නාගරික ප්‍රදේශ වල සමස්ත මිල මට්ටම 0.4%කින් පහළ ගොස් ඇත්තේ ආහාර මිල 2.0%කින් පහළ යාමේ හා ආහාර නොවන මිල ගණන් 0.7%කින් ඉහළ යාමේ සංයුක්ත ප්‍රතිඵලය ලෙසයි. මාසය තුළ සහල්, සීනි, අර්තාපල්, මිරිස් ඇතුළු ආහාර ද්‍රව්‍ය ගණනාවක මිල පහළ ගොස් ඇති අතර පැට්‍රෝල්, ඩීසල් හා ගෑස් මිල ගණන් වලද අඩුවීමක් සිදු වුනා.

නිල උද්ධමනය සේ සැලකෙන්නේ ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වන උද්ධමනයයි. කොළඹ මිල ගණන් රටාව අනුව, තවත් සති තුනකින් පසුව ප්‍රකාශයට පත් වීමට නියමිත මෙම අගයෙහිද යම් පහළ යාමක් අපේක්ෂා කළ හැකියි.

පසුගිය අප්‍රේල් මාසයේදී සිදු කළ පොලී අනුපාතික ඉහළ දැමීම මේ අයුරින් අධි-උද්ධමන තත්ත්වයක් කරා වේගයෙන් ගමන් කරමින් සිටි ආර්ථිකයේ අයහපත් ප්‍රවණතා ආපසු හැරවීමට ප්‍රධාන වශයෙන්ම දායක වූ අතර තාවකාලිකව පියවරක් ලෙස විණිමය අනුපාතය කෘතීම ලෙස පාලනය කිරීම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා එකඟතාවයක් ඇති කර ගැනීම මෙන්ම එම වැඩ පිළිවෙල යටතේ බදු ඉහළ දැමීමද මෙසේ තත්ත්වය හොඳ අතට හැරවීමට උදවු වී තිබෙනවා. මහජන නැගිටීම නොවන්නට මේ ආපසු හැරවීම මේ අයුරින් සිදු නොවී අධි-උද්ධමන තත්ත්වයක් ඇතිවිය හැකිව තිබුණා.

බැලූ බැල්මටම පෙනෙන්නේ බදු වැඩි කරන විට බඩු මිල ඉහළ යන බව වුවත්, එහිදී ඇත්තටම වෙන්නේ සල්ලි අච්චු ගැසීමේ අවශ්‍යතාවය පහළ ගොස් බඩු මිල වැඩි වීම නැවතීමයි. මෙහි වාසිය වැඩි වශයෙන්ම ලැබෙන්නේ අඩු ආදායම්ලාභීන්ටයි. කෙසේ වුවද, පසුගිය අප්‍රේල් මාසය පමණ දක්වා වසර දෙකකට ආසන්න කාලයක් මුදල් සැපයුමේ සිදු වූ ඉහළ යාමේ බලපෑම ඉවත් වීමට තවත් යම් කාලයක් අවශ්‍යයි. 2023 මාර්තු පමණ දක්වා උද්ධමනය යම් තරමකින් අඩු වීමට නියමිත නමුත් තව දුරටත් ඉහළ මට්ටමක පවතිනු ඇති ඇති අතර 2023 අප්‍රේල්-ජූනි මාස තුන අතර උද්ධමනයේ වේගවත්, විශාල පසුබැසීමක් අපේක්ෂා කළ හැකියි.

Address


Alerts

Be the first to know and let us send you an email when Ceylon Money Journal posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share