Headlines.lk

Headlines.lk Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Headlines.lk, News & Media Website, .

12/01/2024
10/01/2024

පාසල් සිසුන්ට අහිමි වූ පාසල් කාලය වෙනුවෙන් සකස් කළ අත්‍යවශ්‍ය ඉගෙනුම් ප්‍රතිසාධන සැලැස්ම (1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණි තෙක් සියලු ම විෂයයන් සඳහා).

மாணவர்கள் இழந்த பாடசாலைக் காலத்திற்காகத் தயாரிக்கப்பட்ட அத்தியாவசியக் கற்றல் மீளுருவாக்கல் பாடத்திட்டம் Channel NIE வழியாக Download செய்யலாம். (தரம் 1 தொடக்கம் 11 வரை அனைத்துப் பாடங்களுக்கும்)

සිංහල - https://bit.ly/3RvWsUm
தமிழ் - https://bit.ly/3egLbce
English - https://bit.ly/3q73Z07

Channel NIE YouTube නාලිකාවට පිවිස සියලුම ගුරුගෙදර පාඩම් සහ සියලුම ශ්‍රේණිවල සියලුම විෂයයන්ට අදාල පාඩම්, විෂය නිර්දේශ, ගුරු මාර්ගෝපදේශ, සම්පත් පොත් සහ අතිරේක කියවීම් පොත් ඇතුළු සම්පත් පරිහරණය කරමින් අධ්‍යයනය කරන්න.


31/12/2023
29/12/2023

හිරු නම් අප්‍රසන්නම උනා.

සහෝදර චාමර විතරක් නෙමෙයි මාවත් මේ රටටම නැති කරණ්න යන්නේ. නිසි බලදාරීන්ට මේ බව පෙනේවා. නඩු දාන්නේ නැ මම කාටවත්.

හැබැයි ඔයාලට අපේ රසිකයන්ට රටේ මිනිස්සුන්ට වන්දි ගෙවන්නම වෙනවා.

අනිවාර්යෙන් ම හිරු මාධ්‍ය ජාලයම වැඩිකල් නොගිහින් මේ ප්‍රවෘත්ති විකුර්ති කරලා බොරු මාතෘකා දාන නිසා වැහිලම යනවා.

මින් ඉදිරියට මගේ ගීතයක් වත් ප්‍රචාරය කරන්න එපා. අයින් කරන්න කලින් අයින් වෙලාම යන්න ඔබ තුමන්ලා. නටනවා කියලා ඔහොමත් නටන්න එපා අංග විකල වෙලාම යනවා.

කෝ මේ අපිට පිස්සු කියපු දොස්තර නෝනලා මහත්තයලා. බෙහෙත් කරොත් හොඳයි නේද මේ මිනිස්සුගේ ඔලුව හොඳටම නරක් වෙලා. මාලුවෙකුටවත් කන්න බැරි තැනකින් පොලවටම පස් වෙලා යනවා.

✍️ Damith Asanka Gunarathna

කතරගම කපුහොරුන්ගේ රෙදි ගැලවේ.. බැතිමතුන් පූජා වට්ටිවලට පඩුරු තැබීම නවතති…කතරගම දේවාලයේ පූජා වලට යන බැතිමතුන් පූජාවට්ටිව...
27/12/2023

කතරගම කපුහොරුන්ගේ රෙදි ගැලවේ..

බැතිමතුන් පූජා වට්ටිවලට පඩුරු තැබීම නවතති…

කතරගම දේවාලයේ පූජා වලට යන බැතිමතුන් පූජාවට්ටිවලට තබන පඬුරු මුදල් සියයට පනහකින් පමණ අඩු කර ඇති බව වාර්තාවේ.

එහි ප්‍රධාන කපුවා ඇතුළු අනෙකුත් කපුවන් දේවාලයට ලැබෙන රත්තරන් මුදල් ඇතුළු පඬුරු නිවෙස් වලට රැගෙන යන බවට හෙළිදරව් වීම වීමයි.

කතරගම දේවාලයට පූජා වට්ටියට ලබා මුදල් ලබාදීම වෙනුවට මහාදේවාල පරිශ්‍රයේ පිහිටා ඇති මහරගම පිළිකා රෝහලේ සංවර්ධන අරමුදලට මුදල් පරිත්‍යාග කිරීම ඉහළ ගොස් ඇත.

කතරගම දේවාලයේ රන්තැටියක් අතුරුදහන්ව පිළිබඳව ප්‍රධාන කපුවා හා දෙවන කපුවා අත්අඩංගුවට ගැනීමට නියෝග ලැබීමත් සමඟ මෙසේ පූජා වට්ටුවල පඬුරු මුදල් අඩු වී ඇත.

මහ දේවාලයට ගොස් කපුවන් සමග හමුවී යාතිකා කිරීම වෙනුවට බැතිමතුන් කිරිවෙහෙර පසුපස දේවාලයට හා අභිනවාරාමයේ දේවාලයට යාමටද පටන් ගෙන තිබේ.

You Can Always Start Again 💚
20/12/2023

You Can Always Start Again 💚

19/12/2023
ප්‍රවීණ කාටූන් නිර්මාණ ශිල්පී කැමිලස් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී ඇත.මියයන විට ඒ මහතාගේ වයස අවුරුදු 84 කි.දශක ගණනාවකට එහ...
18/12/2023

ප්‍රවීණ කාටූන් නිර්මාණ ශිල්පී කැමිලස් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී ඇත.

මියයන විට ඒ මහතාගේ වයස අවුරුදු 84 කි.

දශක ගණනාවකට එහා දිවයන අතීත මතකයක් ඇති, මෙරට අතිශය ජනප්‍රිය කාටූන් නිර්මාණ රැසකට ඔහු දායකත්වය ලබා දී තිබේ.

ඔහු විසින් නිර්මාණය කරන ලද ගජමෑන්, සිරිබිරිස් සහ මගෝඩිස් ඇතුළු කාටුන් අතිශය ජනාදරයට පාත්‍ර විය.

ඔහු මිය ගියද තවත් දිගු කාලයක් මෙරට කාටූන් ලෝලීන්ගේ හදවත් තුළ කැමිලස් පෙරේරා යන නාමය සදා මතකයේ රැදෙනු ඇත,

16/12/2023
11/12/2023
09/12/2023

මොරටු සරසවි උපාධිධාරියාගෙන් දිවුල් මිශ්‍ර චොක්ලට්

සුචින්ද්‍ර දිළුම්ගේ නව නිපැයුම් වෙළෙඳ පොළට

මොරටුව විශ්වවිද්‍යාලයේ විලාසිතා නිර්මාණය පිළිබඳ උපාධිධාරියකු වන සුචින්ද්‍ර දිළුම් සංජීව මහතා දිවුල් මිශ්‍ර කර නව චොක්ලට් වර්ගයක් නිෂ්පාදනය කර තිබේ.

උපාධිය නිම කිරීමෙන් පසු ඇඟලුම් ක්ෂේත්‍රයේ රැකියාවක නිරතව සිටියදී කොවිඩ් හමුවේ ඇති වූ ආර්ථික අර්බුද සමඟ එම ක්ෂේත්‍රයෙන් ඉවත්ව පලතුරු විජලනය කර පිටරට යැවීමේ ව්‍යාපාරයක් ආරම්භ කර තිබෙන ඔහු දීර්ඝ කාලයක් තිස්සේ සිදු කරන ලද පරීක්ෂණවලින් පසු මෙම දිවුල් මිශ්‍ර චෝකලට් නිෂ්පාදනය කිරීමට සමත්ව ඇත. නව දිවුල් චොකලට් නිෂ්පාදනය සඳහා ප්‍රමිති සහතිකය මෙන්ම පේටන්ට් බලපත්‍රය ලබා ගැනීමට බලාපොරොත්තු වන බව සුචින්ද්‍ර මහතා කීවේය.

මේ වන විට අඹ, රඹුටන්, කොමඩු, කාමරන්කා, වරකා, කජු පුහුලන් වැනි පලතුරු විජලනය කර ජපානයට අපනයනය කරන සචින්ද්‍ර දිවුල් මිශ්‍ර නව චොකලට් නිෂ්පාදනය දේශීය වෙළෙඳ පොළට මෙන්ම විදේශීය වෙළෙඳ පොළට ද යොමු කිරීමේ අපේක්ෂාවෙන් පසුවෙයි.

‘විලාසිතාකරණය පිළිබඳ උපාධිය ලබා ගැනීමෙන් පසු මම දිවයිනේ ප්‍රධාන පෙළේ ඇඟලුම් කර්මාන්තායතන කිහිපයක සේවය කළා. පසුව 2022 වසරේදී මම රැකියාවෙන් ඉවත්ව මගේම ව්‍යාපාරයක් ආරම්භ කළා. ආර්ථික අර්බුදය හමුවේ අපට ජීවිතය ඉදිරියට ගෙන යෑමට විකල්ප සොයා ගැනීමට සිදු වුණා. මිනිසාගේ මූලික අවශ්‍යතා ලෙස සැලකෙන ආහාර, ඇඳුම් පැලඳුම් හා නිවාස කියන ත්‍රිත්වය අතුරින් ඒ වන විට මම නිරතව සිටියේ ඇඟලුම් ක්ෂේත්‍රයේ.

ඉන් ඉවත්ව නිවාස ක්ෂේත්‍රයට යනවා නම් ලොකු මුදලක් ආයෝජනය කරන්න වෙනවා. ඒ තරම් මුදලක් නොතිබූ නිසාත් ආහාර සඳහා කුමන ආර්ථික තත්ත්වයක් යටතේ වුවත් සැලකිය යුතු ඉල්ලුමක් තිබෙන නිසාත් මම ආහාර විජලනය කිරීමේ ක්ෂේත්‍රයට යොමු වුණා. මුලින් අන්තර්ජාලය ඔස්සේ දැනුම ලබාගෙන තමයි ව්‍යාපාරය ආරම්භ කළේ.

දිවුල් වාරයේදී අපේ රටේ වියළි කලාපයට අයත් ප්‍රදේශවල ගස් යට දිවුල් කුණු වෙනවා. මම කල්පනා කළා දිවුල්වලින් ඇයි චොකලට් එකක් නිෂ්පාදනය කරන්න බැරි කියලා. මුලින් දිවුල් විජලනය කිරීම මඟින් පවුඩර් එකක් හදා ගත්තා. කොකෝවා හා යම් අනුපාතයකට මිශ්‍ර කිරීම මඟින් ඉතා සාර්ථකව දිවුල් චොකලට් නිෂ්පාදනය කරන්න හැකි වුණා. ඉදිරියේදී තවත් නව නිෂ්පාදන කිහිපයක් බිහි කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.’ සුචී හෝල්ඩින්ස් නිර්මාතෘ සුචින්ද්‍ර දිළුම් සංජීව මහතා පවසයි.

සුමින්ද සිරිසේන සමුගෙන යයි!
04/12/2023

සුමින්ද සිරිසේන සමුගෙන යයි!

02/12/2023

ශ්‍රී ලාංකිකයකු වන Lakshika Udakandage මහතා ලෝ ප්‍රකට ත්‍රිමාණ සජීවීකරණ ආයතනයක් වන Dreamworks ආයතයන මගින් පිරිනමන Ingiunity Award 2023 ලබාගෙන තිබෙනවා.

උඩකන්දගේ මහතා ලංකාවේ අධ්‍යාපනය ලබා dreamworks ආයතනයේ දැන් Visual Effects Director කෙනෙකු ලෙස සේවය කරනවා.

ඔහුගේ දායකත්වය ලැබූ චිත්‍රපට අතර Aquaman (2018), Darkphonix (2019), The Croods(2020), The Boss Baby(2021), Puss in Boots(2022) වෙනවා.

✍️ Migara Kalubowila

මහින්ද සහ ජොන්ස්ටන් ගිය වාහනය මතට අධිවේගයේ බැරියරය වැටිලා.https://raawa.com/story/1432/
29/11/2023

මහින්ද සහ ජොන්ස්ටන් ගිය වාහනය මතට අධිවේගයේ බැරියරය වැටිලා.

https://raawa.com/story/1432/

29/11/2023

ලංකාවේ විශාලතම සෙල්ලිපිය, වසර 2,300කට වඩා පැරණියි!

26/11/2023

මල් පෝච්චි වලට අත දානකොට බලාගෙන !! 🪴🐍

කොට්ටාව දොලේකඩේ ප්‍රදේශයේ නිවසක මල් පෝච්චියක හිටපු මේ කුණකටුවො එහෙම නැත්තන් පොළොන් තෙලිස්සො (𝘏𝘺𝘱𝘯𝘢𝘭𝘦 𝘩𝘺𝘱𝘯𝘢𝘭𝘦) දෙන්නව නිවැසියෙක් දැකල තියෙන්නෙ අහම්බෙන් වගේ උදේ පෝච්චිවලට වතුර දානකොට.

මේ පින්තූරෙ හොඳට බැලුවොත් පේනවා කුණකටුවො දෙන්නාගෙ තියෙන්නෙ පාට දෙකක්. එතකොට මෙයාල ඉන්න මැටි බඳුන දිහා බැලුවොත්, වැඩි ප්‍රදේශයක් මැටි පාටෙනුත් එක කොටසක කලු පාට තීන්ත ගෑවිලා තියෙනවත් දකින්න පුළුවන්.

මේ කුණකටුවො දෙන්නා කොච්චර හොඳට වේෂාන්තරනය (camouflage) වෙලාද කියනවනම්, මැටි පාටට හුරු කුණකටුවා ඒ පාට පසුබිම තියෙන කොටසෙත්, තද පාට කුණකටුවා කලු තීන්ත ගෑවුන කුඩා කොටසෙත් ඉන්න විදිහට කෙනෙක්ට හදිස්සියෙ එක පාරටම නොපෙනෙන්න හැකියාවක් තියෙනවා. එහෙම නොදැක, නොසැලකිලිමත්ව මෙහෙම පෝච්චියකට අත දැම්මොත් අවාසනාවන්ත විදිහට දෂ්ඨණයකට ලක්වෙන්නත් පුළුවන්. කුණකටුවන්ගෙ දෂ්ඨණ වලින් පුද්ගලයින් මි ය ගිහින් තියෙන නිසා කුණකටුවා උග්‍රවිෂ සර්පයෙක් විදිහටයි මේ වෙනකොට සැලකෙන්නෙ. කුණකටුවො ගොඩක් වෙලාවට මේ වගේ මල් පෝච්චිවලට අමතරව ඇන්තූරියම් වගාවෙදි භාවිතා කරන පොල් ලෙලි කැබලි, වතුවල තියෙන පොල් ලෙලි ගොඩවල්, උලු ගොඩවල් වල වගේ දිවා කාලයෙදි සැඟවී ඉන්න ලොකු කැමැත්තක් පෙන්නන්නව.

ඒ නිසා මේ වගේ තැන් පිරිසිදු කරද්දි ගොඩක් අවධානෙන් කටයුතු කරන්න ඕනි වගේම මේ වගේ පෝච්චි පිරිසිදු කරන්න අත දාන්න වෙනවනම් හොඳ ගනකම අත්වැසුම් (glowes) භාවිතා කරන එකෙන් දෂ්ඨයකට ලක්වීමේ අවධානම අවම කරගන්නත් පුළුවන්.

බස්නාහිර පළාත තුල සර්පයින් ආරක්ෂිතව අල්ලා ඉවත්කරගැනීමට අවශ්‍ය ඕනම වෙලාවක දැනුම්දෙන්න

☎ 0774 078871 - 0752 098871

සටහන Bhasiru Prabhaswara ✍️

26/11/2023

"සංසාරේ පිය සටහන් " පෝදින ටෙලිනාට්‍යමාලාව මේ මස පුන් පොහොයදා වසර 30 සපුරයි.

1993 නොවැම්බර් මස පොහොයදා විකාශයවූ ප්‍රථම පෝදින ඒකාංගික ටෙලිනාට්‍යය " තවත් පෙරහරක් " මේ මස 26 වන පුන්පොහෝදා රාත්‍රී 7.30 ට ජාතික රූපවාහිනියෙන් විකාශය වන අතර එදිනම රාත්‍රී 8.00ට "Ananda Abeynayake Productions " YouTube චැනලය ඔස්සේ ...

මෙහි ජයලත් මනෝරත්න සහ චාන්දනී සෙනෙවිරත්න රංගනයෙන් දායක වන අතර මෙය ආනන්ද අබේනායක නිර්මාණයකි.

21/11/2023

71 හැවිරිදි ශ්‍රි ලාංකික කාන්තාවක් පිලිපීනයේදී මළල ක්‍රිඩාවෙන් ශ්‍රි ලංකාවට රන් පදක්කමක් දිනා දෙයි. 🇱🇰 😍 ✊

මුලතිව් ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි කාන්තාවක් පිලිපීනයේ පැවති මාස්ටර් මලල ක්‍රීඩා තරඟාවලියේදී රන් පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කමක් දිනාගෙන තිබෙනවා.

මෙම තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ අකිලා තිරුනායකී (Akila Thirunayaki) මීටර් 1500 සහ 5000 ඉසව්වලින් රන් පදක්කම් දෙකක් සහ මීටර් 800 ධාවන ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගත්තාය.

මීටර 400 ධාවන ඉසව්වේ සිවුවැනි ස්ථානයද ඇයට හිමිව තිබේ. මුලතිව් මුල්ලියාවලෙයි ගම්මානයේ පදිංචි ඇය විශ්‍රාමික බන්ධනාගාර නිලධාරිනියකි.

Proudly Made in Sri Lanka 🇱🇰 🙏

19/11/2023

Travis Head becomes just the SECOND MAN to hit a century while chasing in a World Cup final!

A hundred bigger than any other 🙌

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Headlines.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share