08/07/2022
අසමත් පාලකයිනි, දැන්වත් ගෙදර පලයව්!
අපට පුළුවන් අපේ රට ගොඩ නගන්න.......
රටේ මිනිස්සුම සෞඛ්‍ය සේවය අත්‍යවශ්‍ය සේවාවක් නෙමෙයි කියද්දිත්, අපේම එවුන්
අපට බයියො කියල බනිද්දිත්, රජයෙන් අපට ඉන්ධන නොදෙන්න තීරණය කරල තියෙද්දිත් හිතේ හයියට බයිසිකලෙන් හරි වැඩට එන්නෙ පීඩිත මිනිස්සුන්ගෙ සෞඛ්‍යය ගැන හිතලයි. මම කකුල් කඩුත්තුව හැදෙනකල් බයිසිකලේ පැද්දට හැමෝටම එහෙම වැඩට එන්න බැහැ. අපේ හිතේ හයියට ඇදගෙන යන සෞඛ්‍ය සේවයද නුදුරේදීම බිඳ වැටෙයි.
දරුවන්ගෙ අධ්‍යාපනය, අනාගතය ඉවරටම ඉවරයි. මේ තරම් විනාශයක් වෙලා තියෙද්දිත් එක ඇමතියෙක් ජපන් සමාගමකින් අල්ලස් ඉල්ලල මාට්ටු වුනා. තව එකෙක් වැඩි මිලට ගෑස් අරගෙන රුපියල් බිලියනයක් ගසාකාල.
අපේ කැපකිරීම් වලට සත පහක ගෞරවයක් නෑ. මිනිස්සු දින ගනන් තෙල් පෝලිම් වල. ඒත් පාලකයො විළි ලැජ්ජාවක් නැතුව උන්ටම වෙන්කරපු ෂෙඩ් එකෙන් නොමිලෙම තෙල් ගහගෙන තවමත් යන්නෙ V8 වල.
රටේ කර්මාන්ත ඉන්ධන හිඟයෙන් එකින් එක කඩා වැටෙනව. තේ කර්මාන්තය ඉවරෙටම ඉවරයි. කෘෂිකර්මාන්තය හාන්සියි. පාලකයන් විසින් කාලකණ්නි කරල දාපු රට දිහා එක සංචාරකයෙක්වත් හැරිලවත් බලන්නෙ නැහැ.
විදුලිය සහ වෙනත් යටිතල පහසුකම් නැති නිසා තොරතුරු තාක්ෂණ ක්ෂේත්රය බරපතල ලෙස කඩාවැටිල. ඇඟලුම් කර්මාන්තය පණ අදිමින් ඉන්නෙ. අපට ලැබුණු ඇණවුම් එකින් එක වෙනත් රටවලට ඇදෙමින් තියෙන්නෙ.
පාලකයො කෙරෙහි විශ්වාසය නැති නිසා විදේශ මුදල් ප්‍රේෂණ 50% කින් අඩු වෙලා.
මේ කිසිම ගැටලුවකට පාලකයො ළඟ විසඳුම් නැහැ. ඔහේ බලාගෙන ඉන්නව විතරයි.
දැන්නං උඹල හිටිය හොඳටම ඇති. පව් නොදී දාල පලයව්. අපේ අප්‍රමාණ කැපකිරීම් වලට වටිනාකමක් දෙන්න පුළුවන් එකෙකුට අගමැතිකම දීල, මේ වෙලාවෙ ජනතාවගෙ දුක බෙදාගෙන රට හදන්න පුළුවන් පිරිසක් ඇමති මණ්ඩලයට පත් කරගන්න ඉඩ දීපල්ල.
බැසිල්ල, කබ්රාල්ල, මහින්දල, නාමල්ල හොඳටම කරද්දිත් මොනවත්ම නොකර ඔහේ උඩබලාගෙන හිටිය වගේ ගෝඨාභය මහත්තය දැනුත්, කරන කෙනෙකුට පාඩුවෙ කරගන්න දීල පැත්තකට වෙලා හිටියනං ඒක හොඳටෝම ප්‍රමාණවත්.