Voice of Central Bank Employees

  • Home
  • Voice of Central Bank Employees

Voice of Central Bank Employees Voice of Central Bank Employees

13/12/2023
13/12/2023
13/12/2023

අසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහිව වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව විසින් අද දින පැවැත්වූ විරෝධය, ප්‍රවෘත්ති වාර්තාකරණය

ශ්‍රී ලංකා මහ බැංකුවට කළමනාකරණ අභ්‍යාසලාභීන් (Management Trainees) බඳවා ගැනීම සඳහා වන තරඟ විභාගය පැවැත්වීම මෙවර විභාග දෙ...
13/12/2023

ශ්‍රී ලංකා මහ බැංකුවට කළමනාකරණ අභ්‍යාසලාභීන් (Management Trainees) බඳවා ගැනීම සඳහා වන තරඟ විභාගය පැවැත්වීම මෙවර විභාග දෙපාර්තමේන්තුවෙන් බැහැර කොට ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය (IBSL) වෙත පැවරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉහළ කළමනාකාරීත්වය තීරණය කොට ඇත.

රටේ තීරණාත්මකම තරඟ විභාගයක් වන ඉහත කී තරඟ විභාගය පැවැත්වීමේ සියලු බලතල පෞද්ගලික ආයතනයක් වෙත පැවරීම හුදෙක් මෙම විභාගයෙහි පමණක්ම නොව සියළු රාජ්‍ය තරඟ විභාගවල විනිවිදභාවය අභියෝගයට ලක් කිරීමක් වන බැවින් මෙම තීරණාත්මක තරඟ විභාගය විභාග දෙපාර්තමේන්තුව ඔස්සේ පවත්වන ලෙස ඉල්ලා ඒ සඳහා අවශ්‍ය නීතිමය පියවර ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුව තීරණය කොට ඇත.

මෙහි පළමු පියවර වශයෙන් සේවකයින් මේ පිළිබඳ දැනුම්වත් කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන ගොඩනැගිල්ලෙහි පිවිසුම් දොරටුව ඉදිරිපිට පත්‍රිකාවක් බෙදා දීම අද දින උදෑසන සිදු කෙරුණි. තවද, මේ සඳහා අවශ්‍ය අධිකරණ ක්‍රියාමාර්ගයන්හි පළමු පියවරද අද දිනයේදීම ගනු ලබන අතර මෙහි ඉදිරි ක්‍රියාමාර්ග සඳහා එක්ව කටයුතු කිරීම සඳහා සියළු ශ්‍රී ලාංකීය ජනතාවට ඇරයුම් කරමු.

මහ බැංකු ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුව

26/04/2023
21/04/2023

2023.04.21 (අද දින) පෙරවරු 8:45 න් ඇරඹෙන විනාඩි දෙකක නිශ්ශබ්දතාවක්

2019 පාස්කු ඉරු දින කතෝලික බැතිමතුන් සහ සංචාරක හෝටල් ඉලක්ක කොට සිදු වූ පාස්කු ත්‍රස්තවාදී ප්‍රහාරයට අදට වසර 4කි.

ඉන් අපගේ සහෝදර පුරවැසියන් සහ විදේශිකයින් 300 කට ආසන්න පිරිසක් මරා දැමූ අතර බොහෝ පිරිසක් සදාකාලික ආබාධිත තත්වයට පත් කරනු ලැබීය.

මෙකී ත්‍රස්තවාදී ප්‍රහාරය අරභයා සිදුවන යුක්තිය පසිඳිලීමේ ක්‍රියාවලිය පිළිගතහැකි පාරදෘශ්‍යභාවයකින් හෝ නිසි අභිලාෂයකින් ක්‍රියාත්මක නොවීම කණගාටුවට කරුණකි.

එබැවින්, මෙම ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් අගතියට පත්වූ පාර්ශ්වයන් සිහිකිරීම / ඉක්මන් සුවය පැතීම සඳහාත්, වින්දිතයින්ට යුක්තිය ඉටුකිරීම අරභයාත්,

2023.04.21 (අද දින), පෙ:ව: 8:45ට සේවා ස්ථානයේ සිය අසුන්වලින් නැගිට විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පළකරන මෙන් සියලු මහ බැංකු වෘත්තිකයන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

මීට,

ශ්‍රී ලංකා මහ බැංකු වෘත්තීය සමිති එකමුතුව

16/03/2023
Concerns on proposed new Central Bank Act ❗️
15/03/2023

Concerns on proposed new Central Bank Act ❗️

අසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහිව මහ බැංකු සේවකයින්ගේ විරෝධය - 2023.03.14
15/03/2023

අසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහිව මහ බැංකු සේවකයින්ගේ විරෝධය - 2023.03.14

14/03/2023

අසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහිව මහ බැංකු සේවකයින්ගේ විරෝධය

Address

No. 30, Janadhipathi Mawatha, Colombo 01

Website

Alerts

Be the first to know and let us send you an email when Voice of Central Bank Employees posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share