Update2srilanka

  • Home
  • Update2srilanka

Update2srilanka Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Update2srilanka, News & Media Website, .

24/04/2022

අරගලයට ජයම වේවා! ❤️

මේ රටේ මිනිස්සුන්ව මරන් කාපන් රාජපක්ෂ.
19/04/2022

මේ රටේ මිනිස්සුන්ව මරන් කාපන් රාජපක්ෂ.

රඹුක්කන විරෝධතාකරුවන් පිරිසකට පොලිසිය වෙඩි තබයි.මර්ධනය අරඹයි!පොලිස් සහ STF වෙඩි ප්‍රහාර වලින් රඹුක්කන අරගලයේ සිටි තරුණයෙ...
19/04/2022

රඹුක්කන විරෝධතාකරුවන් පිරිසකට පොලිසිය වෙඩි තබයි.
මර්ධනය අරඹයි!
පොලිස් සහ STF වෙඩි ප්‍රහාර වලින් රඹුක්කන අරගලයේ සිටි තරුණයෙකු මිය යයි 😓

උදේ ඉදලා රඹුක්කන 'කෑගලු හන්දියේ' පෙට්‍රල් ෂෙඩ් එක ළග උද්ඝෝෂණ සටන් පාඨ කිය කිය අපි හිටියේ. කිසිම ප්‍රචණ්ඩ ක්‍රියාවක් කළේ ...
19/04/2022

උදේ ඉදලා රඹුක්කන 'කෑගලු හන්දියේ' පෙට්‍රල් ෂෙඩ් එක ළග උද්ඝෝෂණ සටන් පාඨ කිය කිය අපි හිටියේ. කිසිම ප්‍රචණ්ඩ ක්‍රියාවක් කළේ නෑ. හදිසියේම පොලිසිය ඇවිත් කදුලු ගෑස් ගහලා, වෙඩි තිබ්බා. කීප දෙනෙකුට තුවාලයි. මෙතන දරුණු ලේ ගැලීම් සහිත තුන් දෙනෙක් පේන්න ඉන්නවා. - සිදුවීම ඇසින් දුටුවෙක්

17/04/2022

ඥාණගෙ නූලද කල්ලු මලයාලම් පුහුලද බලමු ලොකු 😂
16/04/2022

ඥාණගෙ නූලද කල්ලු මලයාලම් පුහුලද බලමු ලොකු 😂


ගෝඨාගෝගමින් ඔබ්බට!ගොඩක් දෙනෙක් කියනවා දැන් මේක ආතල් එකක් කානිවල් එකක් වෙලා කියලා. පටන් ගත්ත දවසෙ ඉදලම හැමදාම වගේ ගියපු එ...
16/04/2022

ගෝඨාගෝගමින් ඔබ්බට!

ගොඩක් දෙනෙක් කියනවා දැන් මේක ආතල් එකක් කානිවල් එකක් වෙලා කියලා. පටන් ගත්ත දවසෙ ඉදලම හැමදාම වගේ ගියපු එකෙක් හැටියට මේක ලිව්වෙ නැත්තං මම ඇත්තටම වැස්සෙ තෙමීගෙන, සීතලේ වෙව්ල වෙව්ල, ටොයිලට් නොයා, කෝල් ගන්නවත්, ෆෝන් චාර්ජ් කරගන්නවත් විදියක් නැතුව මේක මුලින්ම ඇදපු අපේම සහෝදර සහෝදරියො සෙට් එකට කරන්නෙ අසාධාරණයක්.
මුලින්ම කියන්නම් අරගලයක් කියන්නෙ උගුර ලේ රහ වෙනකම් කෑ ගහන එකම නෙමේ. එහෙම කෑ ගහන්න පුළුවන් අය එහෙම කරද්දි එහෙම බැරි අය තමන්ට පුළුවන් විදියට අරගලයට සහය දුන්නා, දැනටත් දෙනවා සහ ඉදිරියටත් දේවි. සිංදුවෙන් වේවා, නාට්‍යයකින් වේවා තමන්ගේ විරෝධය ප්‍රකාශ කරන එක තමා වැදගත්ම. එහෙම බෑ අරගල කරන්න කියලා කවුරුහරි කියනවා නම් ලෝකෙ මීට කලින් මාස ගණන් තිබුණ ජන අරගල වල විස්තර කියවලා බලන්න. (කොරියාවෙ එහෙම)
හැබැයි එහෙම කියලා බීලා ඇවිල්ලා කුණුහරප කියන එක වත්, මේ පෙට්‍රල් නැති වෙලාවෙ ඇවිල්ලා බයිසිකල් සංදර්ශන දාන එකවත් අරගලයට දායක වෙන්නෙ නෑ කියලා මතක තියාගන්නත් ඕන.
ඉතිං දැන් අද වෙනකොට අරගලයට වෙනම අරුතක් එක් කරන්න තොවිල්, බලි සීන් එකක් යන්න යනවා. ඇත්තටම ඥාණා අක්කගෙ නූලට ඔක්කොම කරන්න පුළුවන් කියලා හිතාගෙන, වශී ඇට බෝලෙ මිරික මිරික ඉන්න මේ වගේ මිත්‍යා දෘශ්ටිකයො එළවන්න ඒක හොඳ දෙයක් වෙයි කියලා හිතනවා. ඉතිං මේ ගායක ගායිකාවෙ, නළු නිළියො, උඩරට/පහතරට කට්ටඩියො ඔක්කොම තමන් දන්න දේ කරන්නෙ මේ රට හොඳ තැනකට ගන්න නිසා අපි IT කරන උන් විදියට මොකක්ද කරන්න ඕන කියලා අපිත් දැන් හිතන්න ඕන.
මුලින්ම අපේ immediate goal එක ගෝඨා ඇතුළු රාජපක්ෂ හොර නඩය මේකෙන් අයින් කරන්න ඕන කියන එක. හැබැයි ඒක කරපු සැණින් මේ රට සුඛිත මුදිත වෙලා එන්නෙ නෑනෙ. ඒකට අපිට සිද්ධ වෙනවා මේ පාර්ලිමේන්තුවේ ඉන්න 225 අපිට ඕන විදියට හසුරවගන්න. ඔයාලාට තාම පේනවා ඇති සල්ලි වලට ඔලුගෙඩි මාරු කරගෙන, අනේ මගේ දුව කෑවෙ නෑ ගාගෙන වැලපෙන පිම්පියෝ. අන්න උන් ලව්වා අපිට සිද්ධ වෙනවා මේ 20 වෙනි ව්‍යවස්ථාව වෙනස් කරලා 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනල්ලා එක පුද්ගලයෙකුට (ජනාධිපති) කේන්ද්‍ර වෙලා තියෙන විශාල බලය එක තැනකට නැතුව කණ්ඩායමක් අතට දෙන්න මේ system එක, ව්‍යවස්ථාව වෙනස් කරගන්න.

ඊළඟ ප්‍රශ්නේ එහෙම හොඳ කණ්ඩායමක් මේ 225 ඉන්නවද කියන එක. මගේ පුද්ගලික මතය හොඳ අය ඉන්නවා හැබැයි බහුතරයක් හොඳ නෑ කියන එක. හැබැයි ඊළඟ පාරක හරි හොඳ අයව පාර්ලිමේන්තු යවන්න නම් මේ system එක වෙනස් කරවගන්න වෙන්නෙ මේ 225 ලවාම තමා. එතකොට තමා අපිට ඕන වෙන්නෙ decentralization කියන concept එක. ඒ කියන්නෙ දැනට ගෝටාගෝගමට කේන්ද්‍ර වෙලා තියෙන මේ ජනතා බලය අපේ ගමේ අපිව නියෝජනය කරන ඇමති හරි, පාර්ලිමේන්තු මන්ත්‍රී ළඟට හරි ගෙනියන එක. ඒකට ඇත්තටම Facebook එකේ කියලා විතරක් ගහලා බෑ. ජනතාවට, ඒ කියන්නෙ අපිට අවාසි වෙන කිසිම දේකට අත උස්සලා ගමට එන්න එපා කියන ඒ force එක අපි දෙන්න ඕන. මීට කලින් වාහන 10-12 පෝලිම් වල සැප වාහනවල ගියපු VIP සෙට් එක දැන් හොරාට "පාර්ලිමේන්තු මන්ත්‍රී" බෝඩ් ගලවගෙන යන්නෙ අපේ මේ බලය, අරගලය සහ එකමුතුකම නිසා තමා!

ඉතිං අරගලයට තමන්ගේ සහයෝගය දෙන්න Gotagogama ට එන හැමෝම ගෝඨාගෝගම තියෙන ජනතා පාර්ලිමේන්තුව පැත්තට එන්න. ගෝටා යැව්වට පස්සෙ වෙන්නෙ මොකක්ද, අපේ ඊළඟ ඉල්ලීම් මොනවද කියන එක ගැන අපි හැමෝම දැනගන්න ඕන. දැනටත් අරගලයට එන බහුතරයකට මොකක්ද වෙන්න ඕන කියන එක ගැන අවබෝධයක් නෑ. අපිට මේ දේශපාලන සාක්ශරතාව නැති නිසා අපි හැමදාම ඇන්දුණා. පක්ශ දේශපාලනය වෙනුවට රට වෙනුවෙන් හොඳ වැඩපිළිවෙළක් හදන්න ඕන කියන එක, වෙන දියුණු රටවල් වල වගේ ආණ්ඩු මාරුවලින් සංවර්ධන ව්‍යාපෘති නැති වෙන්නෙ නැති, කොමිස් කාක්කො නැති, චන්දේ දීලා යැව්වට පස්සෙ හොරකම් කරන්න විතරක් මාන බලන මන්ත්‍රීලා නැති, කොටින්ම අපි දැකලාවත් නැති අලුත් system එකක් හදමු.
ආපහු මතක් කරන්නම් අපිට තනියම මේක කරගන්න බෑ. මේ ඉන්න එව්වො 225 ලවාම මේක කරගන්න ඕන. ඉතිං දෙන්න පුළුවන් හොඳම pressure එක මේ වෙලාවෙ දෙන්නම ඕන.. නැත්තං අපි හැමදාම එකම තැන. ඉතිං අපේ මේ බලාපොරොත්තු වෙනුවෙන් අපි එකතු වෙලා අරගල කරමු. අරගලේ හැඩය දිහා විතරක් නොබලා, අපේ රට, ශ්‍රී ලංකාව ලෝකෙ හොඳ තැනකට ආයෙම ගේනකම් මේ අරගලය දිගටම ගෙනියමු..
හැඩයක් නැති, නායකත්වයක් නැති සාමූහික සිවිල් ජන අරගලයට ජය!

විසෙන් විස නසනවා කියන්නේ මේකට....
16/04/2022

විසෙන් විස නසනවා කියන්නේ මේකට....

අහෝ මිලින්ද 😂😂😂
15/04/2022

අහෝ මිලින්ද 😂😂😂

  ට ඔන්න online TV channel එකකුත් එන්නයි යන්නේ.
14/04/2022

ට ඔන්න online TV channel එකකුත් එන්නයි යන්නේ.

ගැම්මක් තමා කොල්ලෝ 🔥😳🤩🇱🇰
13/04/2022

ගැම්මක් තමා කොල්ලෝ 🔥😳🤩🇱🇰

හරියට කියවා කමෙන්ට් කරන්න. විරෝධතා කරුවන් විසින් නිකුත් කල ලිපියේ Letter head එකක් නැත.මේ වන විට ගාලු මුවදොර විරෝධතාවයේ ...
13/04/2022

හරියට කියවා කමෙන්ට් කරන්න. විරෝධතා කරුවන් විසින් නිකුත් කල ලිපියේ Letter head එකක් නැත.

මේ වන විට ගාලු මුවදොර විරෝධතාවයේ යෙදී සිටින ජනතාව විසින් නිකුත් කලා යැයි "මෙම ලිපි ශීර්ෂය යටතේ සංසරණය වන ලිපිය" ව්‍යාජ ලිපියකි. අපට සංවිධානයක් නැත, නමක් නැත, අපි හුදෙක් පීඩාවට පත් ශ්‍රී ලාංකිකයන් වෙමු.

හැකි පමණ ශෙයාර් කරන්න හෝ කොපි කර යලි බෙදාහරින්න.

සගයනි, අරගලකරුවනි, මිතුරනි,අද අප්‍රේල් 13 වෙනිදාය. "සතියක් අල්ලගෙන ඉන්න. මම හිත වෙනස් කරන්නම්" කියූ ඥාණාක්කලාගෙ ගුරුකම් ...
13/04/2022

සගයනි, අරගලකරුවනි, මිතුරනි,

අද අප්‍රේල් 13 වෙනිදාය. "සතියක් අල්ලගෙන ඉන්න. මම හිත වෙනස් කරන්නම්" කියූ ඥාණාක්කලාගෙ ගුරුකම් වලටවත් අසංවිධානාත්මක මෙම අරගලය දියාරු කිරීමට නොහැකි විය. විව්ධ ආකාර වලින් ආ සේනාධිපතිලාගෙ, ඉරාජ්ලාගෙ සහ සිවුරු රදවන චීවරධාරීන්ටවත් මෙම ජනතා අරගලය දියාරු කරන්නට බැරි විය.

එයට ඉතාම වැදගත් හේතුවක් තිබෙන බව අප සියලු දෙනා තේරුම් ගත යුතුය. මා පෙර සදහන් කළාක් මෙන්ම මෙම අරගලය අසංවිධානාත්මක නිසාම ලස්සන වුනු අරගලයකි. මෙය ජනතා අරගලයකි. මෙම අරගලය මෙහෙයවන්නෙක් නැත. නායකයෙක් නැත. අරගලය ආරම්භයේදි ඉතා සංවිධානාත්මකව මෙම අරගලයේ නායකයා ලෙස පෙනී සිටින්නට ආ කළු කෝට් කාරයන්ට ක්ශණිකව ප්‍රතිචාර දැක්වීමේ සිට මෙම අරගලය අල කරන්නට සැලැසුම් හැදූ අයට වඩා සෑම විටකම පියවර දෙකක් ඉදිරියෙන් සිටීම නිසා තවමත් දිය නොවුනු අරගලයක් අප ඉදිරියේ ඇත. මෙයට ප්‍රධාන වශයෙන්ම මෙම අරගලය සදහා දායක වී සිටින විවිධ මතිමතාන්තර තිබෙන කොල්ලන් කෙල්ලන්ගෙ ප්‍රඥාව හේතුවකි. ඉතිහාසයේ ලංකාවේ පැවති විවිධ ජන අරගලයන් ලේ විලක්ව අසාර්ථක වන්නෙ හැඟීම් වලින් පමණක් තීරණ ගෙන පුපුරා ගිය නිසාය. නමුත් මෙම අසංවිධානාත්මක අරගලයේ තිබෙන වැදගත්මකද අසංවිධානාත්මක සංවිධානයක් තුළ තිබෙන එකිනෙකට වෙනස් වූ සිතුම් පැතුම් ඇති තරුණ තරුණියන්ගෙ ඉදිරිය දැකීමට හැකි හැකියාවයි.

මෙම අරගලයට උග්‍ර රාජපක්ෂවාදින්ව සිටි 69 ලක්ශයේ කොටස්ද සක්‍රීයව දායක වෙති. රාජපක්ෂලාගෙ සහ රාජපක්ෂලාට සහය දෙන අය මේ වෙලාවේ මෙම අරගලය අල කරන්නෙ කෙසේද යන්න බයියෙකු සේ සිතන්නට වැඩිම හැකියාවක් ඇත්තේ රාජපක්ෂලාට වැඩියෙන්ම ලව් කර අත හැර දැමූ පුද්ගලයන්ටය. මෙය ඉතුරුව සිටින රාජපක්ෂ කුක්කන්ට ඉතාම අවාසි සහගත තත්වයකි.

ඉතින් එවන් තත්වයක් තුළ රාජපක්ෂලා ඊළග චෙස් පිටියට බැස තිබේ. දැන් රාජපක්ෂලා මේ අදිමින් සිටින්නෙ අවසන් moves කීපය බව මම පුන පුනාම කියමි. මේ මොහොතේ රාජපක්ෂලා ළඟ පෙනෙන ලෙස අපට ඔවුන්ගෙ හොදම knights ලා දන් දිය හැකිය. Bishop ලා බිලි දිය හැකිය. ඉතා ඉක්මණින් queen වද දන් දිය හැකිය. නමුත් ඒ දන්දීම ගැන විමසිලිමත් නොවුනහොත් ඊළග ක්ශණියේදි අප checkmate විය හැකිය. එම නිසා අප තබන සෑම පියවරක්ම විමසිල්ලෙන් තැබීමට අප උත්සුක විය යුතුය.

රාජපක්ෂලාට දැන් ඕන සාකච්ඡාවකි. එයට හේතුව මෙයයි. කොතරම් උත්සාහ කරත්, කොතරම් ලඝු කරන්නට හැදුවත් මේ අරගලය පිටුපස සිටින්නෙ මෙන්න මේ නායකයායි හෝ කණ්ඩායමයි කියන්න කෙනෙක් නැති නිසා පැහැදිලි ඉළක්කයක් ගෙන පහර දෙන්නට බයි කඳවුරේ social media සහ භූමියේ පිරිසට නොහැකිය. එම නිසා ඔවුන් දැනට කරන්නෙ මෙම අරගලයේ තනි පුද්ගලයන් විසින් ඔසවන හුදකලා ඔවුන්ට වාසියක් ගත හැකි සටන් පාඨ ගෙන එයින් සමස්ත අරගලයටම නිර්වචන දෙමින් ලඝු කිරීමට කරන අසාර්ථක කෙටි කාලින උත්සාහයන් වල නියැලීමයි. උදාහරණයක් ලෙස " සාටකයයි සිවුරයි හරි අවදානම්" වැනි සටන් පාඨය සහ " Acknowledge tamil genocide" සටන් පාඨය දැක්විය හැකිය. මේවා අරගලයට පැමිණි හුදකලා මිනිසුන්ගෙ හුදකලා සටන් පාඨ මිස මෙම අරගලයේ තේමා පාඨය නොවන බව අප මෙන්ම රාජපක්ෂ ලොන්ඩරි පවා දනිති. නමුත් ඔවුන් වාසියට ගන්නෙ මේ හුදකලා සටන් පාඨයි. සමස්තයම එයින් නිරූපණය කරන්නට හදන ඔවුන් මෙය අපේ හමුදාවන්ට විරුද්ධ, බෞද්ධ සංස්කෘතියට වෛර කරන අරගලයක් ලෙස පෙන්නීමට උත්සාහ කරයි. නමුත් ඔවුන්ගෙ අවාසනාවට හමුදාව සහ පොලිසිය මේ අරගලකරුවන් සමඟ සමගියෙන් සිටීම රාජපක්ෂලාට දැවෙන දුකකි. හාමුදුරුවන් පැමිණ රාජපක්ෂලාගෙ ඥාණා ප්‍රේමය සහ මිත්‍යාව පට්ට ගහන කොට අර රාජපක්ෂ ලොන්ඩරි වලට තවදුරටත් බෞද්ධ ගාය, රණවිරු ගාය continue කරන්නට බැරිය. නිසි ඉළක්කයක් නැතිව රාජපක්ෂලා සෑහෙන්න අසරණව සිටිති. මේ සොයන්නෙ ඒ ඉළක්කයයි.

අර කළු කෝට් හැදි සංවිධායක මහතාව අපේ අරගලකරුවන් බැරි වෙලාවත් උඩ තිබ්බේ නම් අද රාජපක්ෂලා සමඟ සාකච්ඡාවට යෑමට නායකත්වය ගන්නෙ ඔහු බව මම කියමි. නමුත් මුලදීම ඔහු රාජපක්ෂලා විසින්ම ඇතුළට එවූ ත්‍රෝජන් අශ්වයෙකු බව තහවුරු කර ගැනීම තුළ අරගලයෙන් පිටමං කිරීමට අපට හැකි විය. දැන් රාජපක්ෂලා බලාගෙන සිටින්නෙ සන්නස්ගල- රැට්ටා- මෝටිවේශන් අප්පච්චි වැනි පිරිසක් නායකයො ලෙස පෙනී සිටිමින් සාකච්ඡා මේසයට එන තෙක්ය. රාජපක්ෂ ඩෝබියන්ට සටන පහසු කරලීම අරමුණයි.

රතුපස්වල කතාව සෑම තැනකම පාහේ දැන් දකින්නට ඇති නිසා මම ඊට වඩා ළඟ උදාහරණයක් ඔබට දෙන්නම්. පහුගිය දවස් වල තිබුනු ගුරු අරගලය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජෝසප් ස්ටාලින්ට අගමැතිතුමාව හම්බ වෙන්නට පැමිණෙන ලෙස ආරාධනා කරා ඔබට මතක ඇති. ජෝසප් ස්ටාලින් වැනි තෙම්පරාදු වුනු මනුස්සයෙක්වත් ඇතුළට ගෙන රාජපක්ෂ කුක්කන් කරේ මහින්ද රාජපක්ෂ ස්ටාලින් සමඟ හිනා වෙවී කතා කරන පොඩි වීඩියො ක්ලිප් එකක් එළියට දැමීමයි. මෙය දකින අරගලකරුවන් අධෛර්‍යමත් වීම අහන්නට දෙයක් නොවෙයි. මේවාට අපි කියන්නෙ neuroscience techniques කියලා. ලංකාවේ ඒ දේ හොදටම පාවිච්චි කරන දේශපාලනඥයා තමයි මහින්ද රාජපක්ෂ.. රාජපක්ෂලාට ඉළක්ක ලබා දීමට තරම් මෝඩයන් නොවෙමු.

වෙන දෙයක් ඕන නැත. මෙච්චර රටේ දේශපාලන අවුලක් ඇතිව තිබෙද්දි නිදහස් පක්ශයේ ශාන්ත බණ්ඩාරට වරප්‍රසාද දී බිලිබාගෙන ඇමති පට්ටම් දුන් රාජපක්ෂලාගෙ නෝන්ජල් දේශපාලනය අප විශ්වාස කළ යුත්තේ ඇයි? සමහර රාජපක්ෂ ලොන්ඩරි වලට අනුව " දේශපාලන යනු එයලු"... අපට කියන්නට ඇත්තේ " But not this time" කියා පමණි.

මෙම සටනේ ප්‍රධාන තේමාව පැහැදිලිය. ඒවා ආයෙ පුන පුනා ඇන ඇන කීමට අවැසි නැත. ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්විය යුතුය. රාජපක්ෂලා නැති රාජපක්ෂ කුක්කන් නැති තාවකාලික ආණ්ඩුවකින් රටේ දැවෙන ප්‍රශ්න වලට මුහුණ දිය හැකි ජනතාවගෙ සහ ජාත්‍යන්තරයේ විශ්වාසය දිනාගත හැකි පාර්ලිමේන්තුවේ සියලු පක්ශ නියෝජනය කරන වැදගත් අන්තර්වාර ආණ්ඩුවක් පිහිටවීම අරගලකරුවන්ගෙ ප්‍රධාන ඉල්ලීමයි.. රාජපක්ෂලාගෙ අයුතු දේපළ ඉපයීම් ගැන පරීක්ශා කරන ඒවා දැන්ම කරන්නට බැරි ඒවා නිසා සහ රාජපක්ෂලාව හිරේ දැමීම දැන්ම කරන්නට බැරි ඒවා නිසා සහ එයාව හිරේ දාන්න ඕන කියලා එයාගෙන්ම ඉල්ලන එක වැඩක් වෙන්නෙ නැති නිසා මහින්ද රාජපක්ෂ සමඟ හෝ කිසිදු රාජපක්ෂ කෙනෙක් සමඟ සාකච්ඡා කිරීමට අරගලකරුවන්ට අවශ්‍යතාවයක් නැත.

අපට නියෝජිතයන් නැත. අපට නායකයන් නැත. අපි සියල්ලන්ම නායකයො වෙමු. මහින්ද රාජපක්ෂට අවැසි නම් අපේ ගම්මානයට ඒමට හැකිය. එසේ ඒමට කැමති නම් කිසිදු ශාරීරික පීඩාවක් නොකරන බවට අපි සාක්ශාත් වන්නෙමු. එතනින් එහාට මෙම සටනේ ඉල්ලීම් ඉතා පැහැදිලිව දක්වා තිබියදී වැල් බයිලා සහ රාජපක්ෂලාගේ ගුණ්ඩු වලට අහුවීමට තරම් නූගත් තාරුණ්‍යයක් ගෝල්ෆේස් අරගල භූමියේ නැති බව තේරුම් ගන්නවා නම් යෙහෙකි.

අනව තප්ත විල

සාකච්ඡා කිරීමට එන්න ගමට, සාකච්ඡාව සම්පූර්ණයෙන්ම සජීවීව විකාශය විය යුතුයි
13/04/2022

සාකච්ඡා කිරීමට එන්න ගමට, සාකච්ඡාව සම්පූර්ණයෙන්ම සජීවීව විකාශය විය යුතුයි

ගාලු මුවදොරට නව පොලිස් කාණ්ඩයක් යෙදීමට යන බවට නිල නොවන ආරංචි මාර්ග වලින් වාර්තා වේ. හැකි තරම් ඉක්මනින් කූඩාරම් සහ සෑම තැ...
11/04/2022

ගාලු මුවදොරට නව පොලිස් කාණ්ඩයක් යෙදීමට යන බවට නිල නොවන ආරංචි මාර්ග වලින් වාර්තා වේ. හැකි තරම් ඉක්මනින් කූඩාරම් සහ සෑම තැනක්ම පරික්ෂා කරන්න. සෑම දෙයක්ම ආරක්ෂා කරන්න. විශ්වාසවන්ත අය පමණක් ඒවා හැසිරවීමට යොදවන්න. සියළු ප්‍ර්‍යත්න අසාර්ථක වීම් හමුවේ මත්ද්‍රව්‍ය ලඟ තබා ගැනීමේ චෝදනාවට හසු කිරීමට හැකියි.

කූඩාරම් වල සිට අරගලකරුවන්ට කෑම සහ බීම සැපයීමට කිහිප දෙනෙක් යොදවන්න. ගෝඨාගමේ කඩය හැසිරවීමට සීමිත පිරිසක් යොදවන්න. කෑම හෝ වෙනත් සැපයුම් අවශ්‍ය අරගල කරුවෙක් වේ නම් අහාර පාන සැපයීම සඳහා සිටින අයවලුන්ට දැන්වීමෙන් පසුව ඔවුන් අදාල ස්ථාන වෙත ගොස් ඒවා ගෙනැවිත් ඉල්ලුම්කරුවන්ට ලබා දෙන්න කටයුතු කිරීමෙන් අවදානම් තත්වයන් යම්තාක් දුරකට අවම කරගත හැකියි. 100% අවදානම පහවයාමක් සිදුවන්නේ නැත. එබැවින් ආරක්ෂාවට සැපයුම් මධ්‍යස්ථන වටා ආරක්ෂක කාණ්ඩ යොදවන්න. 🇱🇰💪🏻❤️ ජය...

11/04/2022



11/04/2022

ඊයෙ මීටිමෙන් ලීක් වෙච්ච ආරංචි.

1. "අපට ගෝඨා ඕන" යන සටන්පාඨය සහිත ව දිවයිනේ ප්‍රදේශ කීපයක මහජන මුදලින් රැලි සංවිධාන කිරීම සහ එයින් එක රැලියක් ගාලුමුවදොර දක්වා ගෙන ඒම

2. අද හවස හෝ හෙට පාන්දර සෙනඟ අඩු වන තුරු බලා සිට, උද්ඝෝෂකයන් සේ ගාලුමුවදොරට ඇවිත් ගැටුම්කාරී තත්ත්වයක් ඇතිකිරීම සඳහා කණ්ඩායමක් යෙදවීම - සහ ඊට සහයක් ලෙස දැනට එහි රාජකාරි කරන පොලිස් නිලධරයන්ගේ සංඛ්‍යාව අඩු කිරීම

3. සමාජයෙන් දැනටත් අපකීර්තිමත් ලෙස ප්‍රතික්ෂේප වී සිටින චීවරධාරියකුගේ නායකත්වයෙන් භික්ෂූන් පිරිසක් එම ස්ථානයට ඇතුළු වීමට උත්සාහ කිරීම සහ එහිදී ගැටුමකට මග පාදා ගැනීම - අමතර ව "උද්ඝෝෂකයෝ භික්ෂූන් පළවා හරිති" කියන නිවුස් එක අද රෑ ප්‍රවෘත්ති වලට දමාගැනීම

4. ගාලුමුවදොරදී තරුණියකට අතවර වුණා ය යන්න ස්ථාපිත වන ආකාරයේ සිද්ධියක් "ප්ලාන්ට්" කරගැනීම සහ එය හෙට නිවුස්වලට ඔබාගැනීම - නළුවන් සහ නිළිය දැනටමත් තෝරාගෙන අවසන්. ෂූට් එක අද රෑ හෝ හෙට පාන්දර කරන්න සූදානම් ලු. අරමුණ, මෙහි බර කරට ගෙන වැඩ කරන තරුණියන්ගේ සහභාගීත්වය අධෛර්යවත් කිරීම

5. ගාලුමුවදොරට කෑම, වතුර සහ අනෙකුත් දෑ ලැබීම වැළැක්වීම - දැනටමත් ජංගම වැසිකිළි ඉවත් කරගන්නැයි නාගරික සංවර්ධන අධිකාරිය දන්වා තිබෙනවා. ඊට අමතර ව උද්ඝෝෂණ ස්ථානයේ සිට පැමිණෙන කිසිවකුට වැසිකිළි පහසුකම් නොදෙන්නැයි අවට හෝටල්වලට බලපෑමක් ලැබී තිබෙනවා.

මේ සේරම අපට එව්වෙ ඔයාගෙ මීටිමේ ම වාඩිවෙච්ච කෙනෙක් තමයි අංකල්. අපේ ඉදිකටු හිල් හොයන්න කලින් ඔයාලගෙ අලි නාවන වළවල් වහගන්න.

අරගලකරුවනි, අවධානයෙන් සිටින්න. අලකරුවන් දැක්කොත් ආවේගශීලී නොවී පොලිසියට බාරදෙන්න.

Chameera Jeewantha Dedduwage

පොලිසියත් අපේ තමා - හමුදාවත් අපේ තමාඅරගලයත් අපේ තමා - ජය ධජයත් අපේ තමා
10/04/2022

පොලිසියත් අපේ තමා - හමුදාවත් අපේ තමා
අරගලයත් අපේ තමා - ජය ධජයත් අපේ තමා

මේ ගැහැණිය තමන්ගෙ රට වුණු ස්විට්සර්ලන්තය අත ඇරලා ඇයට අනුව ලෝකයේ ලස්සනම රට වුණු ලංකාවට ඇවිත් ජීවත් වෙන්න පටන් අරන් තියෙන්...
10/04/2022

මේ ගැහැණිය තමන්ගෙ රට වුණු ස්විට්සර්ලන්තය අත ඇරලා ඇයට අනුව ලෝකයේ ලස්සනම රට වුණු ලංකාවට ඇවිත් ජීවත් වෙන්න පටන් අරන් තියෙන්නෙ මීට අවුරුදු හතරකට කළින්. තව දුරටත් මේ රටේ ජීවත් වීම කිසිසේත්ම ඇය වගේ කෙනෙක්ට ආරක්ෂාකාරී නොවන නිසා දැන් ඇයට පිටවෙලා යන්න වෙනවා. ඒ ගැන ඇයට දැනෙන වේදනාව ඉතාම විශාලයි. හැබැයි ඇය එක දෙයක් පැහැදිළිව කියනවා.

" සටන් නොකර මම යන්නෙ නැහැ. සටන් කරලයි මම යන්නෙ"

ඉංග්‍රීසී සටහන : Tharushi Malaweera

මේ උපහාරය මේ ගැහැණියට

මේ මතක් කිරීම ඔබට!!!! ❤️

#සාටකයාඝාතකයා

ඊයෙ "කොළඹට මිලියනයක්" ✊ අද   ට මිලියනයයි!      #කොළඹටමිලියනයක්
10/04/2022

ඊයෙ "කොළඹට මිලියනයක්" ✊ අද ට මිලියනයයි!



#කොළඹටමිලියනයක්

පරිසසමෙන් කොල්ලනේ කෙල්ලනේ
09/04/2022

පරිසසමෙන් කොල්ලනේ කෙල්ලනේ



'රජ පවුලයි මාවවුලොයි එල්ලීගෙන රටම හපයි'අද ප්‍රගීත් එක්නැලිගොඩගේ උපන් දිනේ. ප්‍රගීත් අතුරුදන් කළාට පස්සේ එන 12වැනි උපන් ද...
09/04/2022

'රජ පවුලයි මාවවුලොයි එල්ලීගෙන රටම හපයි'

අද ප්‍රගීත් එක්නැලිගොඩගේ උපන් දිනේ. ප්‍රගීත් අතුරුදන් කළාට පස්සේ එන 12වැනි උපන් දිනේ...

2010 ජනවාරි 24 වැනිදා ඒ කියන්නේ ජනාධිපතිවරණයට සතියකට කලින් ප්‍රගීත් අතුරුදන් වුණා. ප්‍රගීත් අතුරුදන්වීම ගැන හමුදා නිලධාරියෙක් අධිකරණය ඉදිරියේ ප්‍රකාශයක් කරලා කියලා තියනවා ප්‍රගීත් පැහැරගෙන ගිය ටීම් එකේ ප්‍රධානියා කිව්වා කියලා මේක 'සෙකට්‍රිගෙ වැඩක්' කියලා. ඒ කාලේ හිටපු කුප්‍රකට සෙකට්‍රි තමයි දැන් ජනාධිපති වෙලා ඉන්නේ...

ප්‍රගීත් අතුරුදන් කරන්න ආසන්නම හේතුව විදිහට සඳහන් වෙන්නේ 2010 ජනාධිපතිවරණයට අසාන්න කාලයේදි 'රාජපක්ෂ පවුල් ගහ' නම් පොතක් ලිව්වා කියලා. දැන් රාජපක්ෂ පවුල් ගහ ගැන රටම කතා කරද්දි එදා ප්‍රගීත් එක්නැලිගොඩ ඒක ගැන කතා කළාම අතුරුදන් කළා. අතුරුදන් කරලා කිව්වා ප්‍රගීත් රට ඉන්නවා කියලා.

හැබැයි ශානි අබේසේකරලා, නිශාන්ත සිල්වලා වගේ නිලධාරීන් එකතු වෙලා ඇත්ත හොයාගෙන ගෝඨාගේ මේ අපරාධය කරන්න යොදාගත්තු හමුදාවේ ඉතාම කුඩා කණ්ඩායම හඳුනා ගත්තම රාජපක්ෂලා ප්‍රචාරය කරන්න ගත්තා එක්නැලිගොඩ කොටියෙක් කියලා. හැබැයි රාජපක්ෂලා නොදන්නවා වුණාට හමුදා බුද්ධි අංශ ඇතුළු රජයේ ආරක්ෂක අංශ 12කින් වාර්තා දීලා තියනවා ප්‍රගීත් කිසිම ත්‍රස්තවාදී කණ්ඩායමක් එක්ක සම්බන්ධයක් නෑ කියලා.

මේ පහතින් තිබෙන්නේ ප්‍රගීත් රාජපක්ෂ පවුල ගැන ලිව්වා කියන එකෙන් කොටසක්....(පහත කොටස උපුටාගැනීමකි)

'රජ පවුලයි මාවවුලොයි එල්ලීගෙන රටම හපයි

රජ පවුලයි මාවවුලොයි. මමයි ලොකු අයියා

මට ඕන ඉඩම්. පොලිසියේ කොස්තාපල් කෙනෙක් වෙලා ඉන්න කාලේ ඉඳන්ම මට තිබච්ච හීනයක් ඒක. නමුත් කරගන්න බැරි වුණා. මල්ලි ජනාධිපති වුණ එක වාසනාවට හිටියා දැන් ඕන තරම් ඉඩම් තියෙනවා, සල්ලිත් කියෙනවා. මිනිහෙකුට කවදහරි චාන්ස් එකක් වදිනවා කියලා මට කිව්වේ අපේ තාත්තා. මං බලාපොරොත්තු වෙනව ලොකු වතු ටිකකුයි මුදු වෙරළ අයිනෙන් හෝටල් පේලියකුයි පටන් ගන්න. අපේ දියුණුව රටේ දියුණුව කියලයි අපි ඉගෙන ගත්තේ. මල්ලි මේපාර දිණුවොත් තමයි ඉතිරි ටික කරගන්න වෙන්නේ. දන්නවනේ ඔන්න කොහොම හරි මල්ලි දිනවන්න.

රාජාගේ ලොකු මල්ලි මමයි

මම අයියා ගේ ලොකු මල්ලි. රස්සාවක් නැති හින්දයි හමුදාවට ගියේ. ඒ වුණාට පළවෙනි ඔපරේෂන් එකේදිම බය හිතුණ. ඒකයි බලූ දුක් වින්දත් කමත් නෑ කියලා මල්ලිගෙ පිහිටෙන් ඇමරිකාවට පැන ගත්තේ. ඒකෙන් යන්තම් මේ කාලකණ්නි රටෙන් බේරිලා ළමයින් ට උගන්නව ගත්ත. එහෙදි මල්ලිගෙ ගැරේජ් එකේ මළකඩ හූරලා එපා වුණා. හවසට උරහිස් කැක්කුමයි. මං ඔෆිස්, එක්සෙල්, පවර් පොයින්ටට්, කෝස් ටිකක් ඉගෙන ගත්තා. ඒත් අපි වයස හින්දා වේගෙ මදි කියල හොඳ පඩියකට වැඩක් හම්බ වුණේ නෑ. වැලේ වැල් නැතිව ඉන්නකොට, අයියා ජනාධ්පති වෙච්ච එකෙන්, බැසිල් මල්ලිට වාත වෙවී, උගෙ ගෑනිගෙන් වචන අහන්නෙ නැතිව, හම්බකරගන්න රස්සාවක් හම්බ වුණා. කල දුටු කල වල ඉහගන් කියලා කියා දුන්නේ ගමේ හාමුදුරුවෝ. ඉතිං මං බල බලා ඉන්නෙ නැතිව දුන්නා පාර. වානේ සංස්ථාව ගත්තේ ඒ සල්ලි වලින්. ඉස්සර මට කොළඹ ගෙවල් තිබුණෙ නෑ. ඒක හින්දා ගෙවල් දෙකක් ගත්ත. අනිත් සල්ලි සේරම ආරක්‍ෂාවට කැරිබියන් බැංකුවෙ දැම්මා. අපේ අතේ මිටේ සල්ලි නැතුව කොහොමද අපි රටේ ජනතාව බලා ගන්නේ? අයියා දිණුවොත් තමයි ඔය ගොල්ලන්ට මගෙ සිරියාවන්ත මුණ බලන්න ලැබෙන්නේ. ඔය ගොල්ලො අයියට ඡන්දයක් දෙනවනේ. තෑන්ක්ස්.

යුවරජු මමයි

සල්ලි කියන්නෙ දෙයියන්ගෙ මල්ලි. මම තමයි ලොක්කගෙ බාලම මල්ල. සල්ලි තමයි මගෙ පන. කොමිස් තමයි මගේ හුස්ම. හුස්ම වැටුණොත් තමයි පණ රැකෙන්නේ. ඉතිං කොමිස් නැතුව මං කොහොමද හුස්ම ගන්නේ? මගේ සාක්කුවකින් තවත් සාක්කුවකට සල්ලි මාරු කරන්නේ නෑ කොමිස් නැතුව. මගෙ හුස්ම හිරවෙනවා දැකල ගාමිණි දිසානායක උදව් කළා. මං මහවැලියම හරවා ගත්තා මැදමූලනට. ගාමිණී වලට ගියා මං ගොඩ ආවා. පව්, මෑන් හොඳ මිනිහ. ඇමරිකාවට ගිහිල්ල පරණ කාර් රෙපෙයාර් කරලා ජීවත්වෙන්න සිද්ධ වුණේ ඊට පස්සේ. හොඳ වෙලාවට ඔය ගොල්ල අපේ අයිය ජනාධිපති කළේ. දැන් ප‍්‍රශ්නයක් නැහැ. කොමිස් කියලා මම ගන්නේ සීයට දහයක් විතරයි. ඉතිං ඒකටත් සමහරු බණිනව. මම මැඩගස්කරයෙන් මැණික් ඉඩම් විතරක් අක්කර 2000 ක් ම ගත්ත. මාතර ලලිත හෝටලෙත් ගත්ත. තව හෝටල් ගොඩාරියකුත් ගත්ත. පස්සේ කියන්නම්කෝ. නුවර ටවුන් එක මැද්දේ අර උසට උසේ හදපු බිල්ඩිමක් ගත්ත. එයාටෙල් කොම්පැනියත් ගත්ත. මයික්‍රෝ කොම්පැණියත් ගත්ත. සෙලින්කෝ එකත් ගත්ත. ඉතිං කාටද ආඩම්බර.

රන්දෝලිය මමයි

රූප රාජිනියකුත් වුණා. ඉස්සර, මම නං ඔය නැකැත් අරව මේව දන්නෙත් නෑ. ඕව මට විශ්වාසත් නෑ. ඔය බුද්ධාගම් කාරයන්ගෙ මළ විකාර අපේ ආගමේ නෑ නෙ. අපි බැන්දට එච්චර සරුවක් තිබුණෙ නෑ. මං හරි අමාරුවෙන් කරගෙන ගිය මොන්ටිසෝරියෙන් තමයි ජීවත් වුණේ. මහත්තයා පෙරකදෝරු රස්සාව කළාට එයාට හරියට නඩුවක් කතාකරගන්න බෑනේ. ඉතින් ආදායමක් නෑ. ඒ කාලේ හිතුණ අනේ කවදද මේ දුකෙන් මිදෙන්නෙ කියල. එහෙම ඉන්නකොට තමයි මහත්තය ට චාන්ස් එක වැදුණෙ. ජනාධිපති තරගේ ඔහොම දිනනව කියලා දන්නවනම් මහත්තය කවදාවත් සුනාමි සල්ලි හොරකම් කරන්නෙ නෑ. කොහොම වුනත් මට දැන් ලොකු ලොරි සීයක් තියෙනව. ඒව ඔක්කොම හම්බන්තොට වරායෙ වැඩට දාලයි තියෙන්නෙ. ඔය මහත්තයගෙ පවුලෙ අනිත් අය වගේ නෙමයි මම නම් මලෙන් රොන් ගන්නව වගේ තමයි කීයක් හරි හොයා ගත්තෙ. ගෑනු අපිටත් ඉතින් වියදමටත් කීයක් හරි ඕනනෙ. මිනිහගෙන්ම ඉල්ල ඉල්ල ඉන්න බෑනෙ. මහත්තය නිසා තමයි මේ ඔක්කොම ලැබුණෙ. ඉතිං මං ගැන හිතල මහත්තයට ඡන්දය දේ න්න. ප්ලීස්.

මමත් නියම පුතෙක්

මට හොඳට කන්න ඕන. බොන්න ඕන. ඒත් මං ඒ වගේ ආතල් එකක් ගන්නෙ යාළුවොත් එක්ක ක්ලබ් ගියාම විතරයි. මට විභාගෙ පාස්වෙන්න බැරිවුණාට මට මොළේ තියෙනව. තාත්ත මට එයාටෙල් එකෙයි, මයික්‍රෝ එකෙයි ෂෙයාස් අරන් දුන්නෙත් මට වැඩ බෑ කියල හිතල වෙන්නැති. නමුත් මට වැඩ පුළුවන්. දඬුවම් මුදලාලිට මං දුන්න වැඬේ කොහොමද? තාත්ත මිනිස්සුන්ට මතට තිත පෙන්නද්දි අම්පාරෙ බාර් වල ගලන්නෙ මගේ අරක්කු. ඒත් තාත්ත කියන්නෙ මගෙම කියල දේශපාලන වැඩක් පටන් ගන්න කියල. ඉතින් නිලියො ටිකක් අල්ලගෙන ඒකත් හදා ගත්ත. ඇත්තටම හෙටක් තියා අදකුත් නෑ. හැබැයි මරු සැප. කොළම ටවුන් එකේ ගහන දැන්වීම පුවරුවකිනුත් සියේට දහයක් ගන්න හැටි කියල දුන්නෙනම් බාප්ප. කඩවලින්, කොම්පැනි වලිනුයි කප්පම් ගන්න කියා දුන්නේ අංකල්. තාත්තා ගානේ බිලියන දෙකක් දුන්න. ඒත් ඉතිං මගේ කොල්ලන්ටයි, කෙල්ලන්ටයි ඔය තුට්ටු දෙක මදි. මට නියම වයස එනකං දෙතුන් පාරක්වත් තාත්තම ජනාධිපති වෙන්න ඕන. එතකොට මගේ වයස හරි. ඒක හින්ද තාත්තට ඡන්දෙ දෙන්න. පුළුවන්නම් බෝධි පූජාවක්, ආශිර්වාද පූජාවක් එහෙම තියන්න හොඳේ.

ඇයි මම පුතෙක් නොවෙයිද?

මම කතාවට එන්න ටිකක් පරක්කු වුණේ කතරගම ඉඳන් එනකොට දෙය්යන්ට ගහපු පොල් බෑ ගෝනි ටික කොප්පරා වලට වේලන්න කියල, ගෙදර දාන්න ගිහින් ටිකක් පරක්කු වුණා. ඒකයි පරක්කු වුණේ. මොකද ඕව මම ම කරන්න ඕන. කපුවට කිව්වොත් ඌ ඉස්සර කලා වගේ පොල් ටික උගේ හොර ගෑනුන්ට දෙනව. දේවාලෙ සල්ලිත් එහෙමයි. මම දැන් ඒ සල්ලි පරිස්සමට ගෙදර ගිහින් තියනව. කාටවත් අල්ලන්න දෙන්නෙ නෑ. දෙයියන්ගේ දේ දෙයියන්ට දීල අනිත් ටික මම පරිස්සමට මගෙ එකවුන්ට් එකේ දානව. මං ළගවත් තියාගන්නෙ නෑ. ඒ වුණාට සමහර අදුර්මිෂ්ටයො මට දේවාල පුල්ලියා කියල කියනව. බලන්නකො මට අපහාස කරන්න ගිහිල්ල උන්ට වෙන දේ. දෙයියො නිකම් ඉන්නෑ. රන්මිණිතැන්නෙ උන්ට වෙච්ච දේ උන්ටත් වෙයි. මේ කතරගම දේවාල හරිම හාස්කම් තියෙනව. දැන් බලන්න කුඩු ලාල් අයිය, පොට්ට නවුෆර් මහත්තය එහෙම ඔය කුඩු ගේන්න එල්. සී. එක අරිනකොට මෙහෙට බාරයක් වෙනව. කොළඹ කස්ටම් එකේදි කරදරයක් නැතිව ඔන්න බඩු එළියට එනව. එදා ම ලාල් අයිය ඇවිත් පහුවදා පාන්දරම මැණික් ගගේන් නාලා, පේ වෙලා, බාරෙ ඔප්පු කරනව. මටත් ලොකු පඬුරක් දෙනව. කිසිම කිසි දවසක බඩු මාට්ටු වුණේ නෑ. ඇත්තට දෙහියංගෙ හාස්කම් ගැන මර්වින් අංකල් කියල දෙනකම් කවුරුවත් දැනගෙන හිටියෙ නෑ.

මම කඬේ යන ටීම් එකේ ලොක්කක්

මට සීගිරිය බලන්න වත් යන්න බැරිවුණේ, ඉගෙන ගන්න බැරිවුණේ, ජේ.වී.පී එකේ ෆුල් ටයිම් කරන්න ගිය හින්දා නොවෙයි. අපි දුප්පත් හින්ද, ජේ.වී.පී. එකේ ෆුල් ටයිම් කරන්න ගියායින් පස්සෙ තමයි හරියට කන්නවත් ලැබුණෙ. කොහොම වුණත් මට ප‍්‍රසිද්ධිය ලැබිල වාසනාව පෑදුනේ ජේ.වී.පී. එක නිසාම තමයි. පස්සේ තමයි අපට නැගිටින්න මාර්ග පෑදුනේ වාරායෙ පොල් තෙල් ටැංකි බෝකර් වැඩෙන් පස්සේ හැම දේම ලැබෙන්න පටන් ගත්ත. සල්ලි වතුර වගේ ගලන්න පටන් ගත්ත. ඉඩම් ගෙවල් දොරවල්, යාන වාහන ඔක්කොම ලැබුණ. මගේ වයිෆ් එයාටෙල් එකේ අධ්‍යක්‍ෂ කෙනෙක් වුණේ ඊට පස්සෙ. මං පස්සෙ ලොක්කන්ට කිව්ව අපි බැසිල් සර්ල එක්ක දිගටම ඉම්මු කියල. ශෂී කිව්ව විදියටම මං මෝඩයන්ගෙන් අයින් වුනා. නව විප්ලවීය මාවත මං විවර කළා. මීයෙකුට සිංහයෙක් වෙන්න පුලූවන් බව මම ඔප්පු කළා. ලංකාවෙ ඉන්න සිංහල මිනිස්සු හරි මෝඩයි. උං රවට්ටන්න හරිම ලේසියි. අපේ ගුණදාස අමරසේකර ලෝක්ක තමයි මට ඕක කිව්වෙ. නැතිනම් මිනිස්සු මං කියන දේ අහයිද? ජේ.වී.පී. එකත් කවදහරි ඕක තේරුම් ගනීවි. ලංකාවේ දේශහිතෛශී තරුණ තරුණියන්ට මං කියනනෙ, එන්න මා හා එක්වන්න. මගේ හඬ අහන්න. ඔබේ හඬ අවදි කරන්න. සංවේදී නායකායට ඡන්දය දෙන්න. ඔබට මං දිනවන්න ඕනනම් ජනා දිනවන්න.

මට තියෙන්නෙ ලස්සන නමක්

නිමල් කියන්නෙ කොච්චර ලස්සන නමක් ද? ඒ වුණාට වැදගත් මිනිහෙක්ගෙ වටිනාකම දන්නැති කඩප්පුලි හැත්ත මට කියන්නෙ ඇනිමල් කියල මං පොඩි තැනකින් ආව කෙනෙක් හින්ද තමයි ඔය සේරම. නමුත් මම ඉන්නේ කවදත් පොඞ්ඩන්ගෙ පැත්තෙ. ඒක නෙ මං ගමන් බිමන් යද්දි පොඩි ගෑනු ළමයි එක්කම යන්නෙ. අපේ ගමේ කතාවක් තියෙනව කොලේ යන හරක කොලෙන්ම කන්න ඕනෙ කියල. ඉතිං මං ඔය පොඩි ගතම් එකක් ගන්නව බෙහෙත් වලින්. ඒකට දොස්තරලට තමයි පීනසේ හැදිල තියෙන්නෙ. රටේ ජනතාවට කිසිම ප‍්‍රශ්නයක් නෑ. මට ඉස්සර හිටපු ඇමතිල, ඇමති නෝනල වගේ මම බේත් විකුනගන්නෙ නැති බව ඒ අය දන්නව. මම කොමිස් ගන්නෙ නියම මාත‍්‍රාවට අනුව බෙහෙත් කොම්පැනි කාරයින්ගෙන් විතරයි. ඒකේ වරදක් නෑ. අපේ රටට පාඩුවක් නෑ. ගාන කැපෙන්නෙත් පිට රටින්. ගාන තැන්පත් කරනනෙත් පිට රටමයි. දැන් බලන්න මං ඩෙංගු සම්පූර්ණයෙන් ම නැවැත්තුව. කුරුළු උණ, මී උණ, ඌරු උණ, චිකන් උණ සේරම කොහේ ගියාද නෑ. මම මදුරුවන් වඳ ම කරල දාන්න මැෂින් එකක් මගෙ ගෙදර වත්තේ හයි කරල තියෙනව. ඇමති හැටියට මං දෙන්නෙ අවවාද වලට වඩා ආදර්ශයක්. ඒක ගේන්න මං අමාත්‍යංශයෙ සල්ලි වලින් ලක්‍ෂ තුනක් වියදම් කළා. දැන් අවට ගෙවල්වලත් මදුරුවො නෑ. කොහොමද මගෙ වැඩ. රටේ ජනතාවත් මං වගේ ඒ ජාතියෙ මැෂින් හයි කරගන්න ඕන. ජීවිතේ මල් ලොක්ක ඉන්න කල්. ඒක හින්ද ලොක්ක දිනවන්න.

රාජාගේ අතිජාත මිත‍්‍රයා මමයි

මම විමල් අඳුරන්නෙ බොරැුල්ලේ මැස්සො මාර්කට් එකේ පත්තර ගහන කාලෙ ඉඳල. තව තවත් අය හිටියට මට දැන් ඕකුන් මතක නෑ. පෙරේත හැත්ත. මමත් හරි අමාරුවෙන් තමයි ජීවත් වුණේ. සුදුසුකම් නැති නිසා රස්සාවල් හෙව්වට හම්බ වුණේ නෑ. උස මදි හින්දා පොලීසියටවත් ගත්තෙ නෑ. හුගක් අය වගේ මමත් බැරිම තැන තමයි පත්තර රස්සාවට ගියේ. ලියනව කිව්වට මං ලියන්නෙ හරියට බොරැල්ලෙ මිහිරි බත් කඬේ මැල්ලූම් ලියනව වගේ කියල. දවසක් එකෙක් මට කීව ඒ බත් කඬේ මැල්ලූම් ලියන්න පලයන් කියල. හැබැයි මං ඒවෙනකොටත් ඉගෙන ගෙනයි තිබුනෙ තණකොල මැල්ලූම් ලිව්වත් කන පාටකයො ජාතියක් රටේ ඉන්න බව. එහෙම නැත්නම් බොලේ මම ඡන්දෙකින් දිනයිද? වාසනාව තියෙන්නෙ කුණු මුල්ලෙ නොවෙයි වලස්මුල්ල කියල මමයි ඔප්පු කළේ. පත්තරෙන් පාර්ලිමේන්තුවටත්, පාර්ලිමේන්තුවෙන් ඇමරිකාවටත්, ඇමරිකාවෙන් ආපහු ලංකාවට ඇවිත්, නිකම් නිල නො ළත් අගමැතිකමටත් ගිය එකම දස්සයා මමයි. දියුණු වෙනවනම් දියුණු වෙන්න නියම ආදර්ශයක් මම තරුණයන්ට පෙන්නල තියෙනව. බලන්න රේල්ලූවේ එහෙ මහෙ තිබිච්ච යකඩ කඳන් මේ තිබුණ. මේ නෑ. අන්න ඒ වගේ විශ්මය දනවන දේ තරුණයො කළ යුතුයි. අද රේල්ලූවෙවත්, සී.ටී.බී. යෙ වත් ප‍්‍රශ්ණ තියෙනවද? නෑ. සේරම විසඳුව. බස් ගාස්තු අඩු කළේ නැද්ද? අඩු කළා. ඉදිරි කාලෙදි මගේ වෙනම වැඩ සටහනක් තියනව, බස් වෙනුවට පාරවල් ඒ. සී. කරන්න. පයින්, බයිසිකලෙන් යන අයටත් නියම සැපක් දෙන්න. මට ඔය අයිඩියා එක ආවේ ප‍්‍රදීපත් එක්ක හැරී පොටර් පිචර් එක බලද්දි. පාරවල් ඒ.සී. කරන්න ඕන නම් ලොක්ක ජනාධිපති කරල මාව අගමැති කරන්න. බොහොම ස්තූතියි.

හැම කරුමෙටම කරගහන්නෙ මමයි

අලින්ට උදව් කරන්න ගියහම තමන්ගෙ බූල් ෂූට් එක තමයි සවුත්තුවෙන්නෙ කියල වඳුර කිව්වලූ. මට වෙච්ච දේවල් ගැන බලනකොට ඒ කතාව ඇත්ත කියලයි මට හිතෙන්නෙ. මම උපන්නෙ කුරුණෑගල පිරිසර ගමක. යන්තම් පේරාදෙනියෙ විශ්ව විද්‍යාලයට යන්න වාසනාව තිබුණ. මම රස්සාව කළේ අවංකවමයි. ඒත් ඉතින් ඕනම රස්සාවක ඉහළටම යනකොට බෙල්ල බේරගන්න අමාරුයි. බුදුහාමුදුරුවො කියල තියෙනව ගින්නෙන්, ගංවතුරෙන්, හොරුන්ගෙන් වාගෙම රජුන්ගෙනුත් තමන්ගෙ වස්තුව රැක ගන්න කියල. ඒ ඒකාලෙ. ගංවතුර, ගින්දර දැන් කිසිම ප‍්‍රශ්ණයක් නොවෙයි. නමුත් රජුන්ගෙන් කොහොමද මේ සල්ලි පරිස්සම් කරගන්නෙ. ඔයගොල්ලන්ට තේරෙනවනෙ මං මොන තරම් අමාරු රස්සාවක්ද කරන්නෙ කියල. ලොක්කයි, ලොක්කගෙ අයියල, මල්ලිලයි, පුතාලයි, අර කොට ඩලසයයි, සචින් කාරයයි, පියදාස කාරයගෙ කොල්ලොයි කොච්චරවත් සල්ලි ඉල්ලනව. ටිකක් නොවෙයි බිලියන ගණන්. දුනනෙ නැත්නම් බණිනව. දුන්නම රටේ මිනිස්සු බණිනව. මට එතකොට මතක් වෙන්නෙ රජකාලේ යිටපු සමරජීව මුදලිගෙ කවි. භාණ්ඩාගාරෙට හොර පොතක් තියෙනව. ඒකට කියන්නෙ අවිනිශ්චිත ගිණුම කියල. කවුරුවත් වැඩිය ඒක දන්නෙ නැ. උං ඉල්ලන ඉල්ලන වෙලාවට සල්ලි දීල, ඒකෙන් තමයි මං ජාම බේරගෙන හිටියෙ. ඒත් ඒක මාට්ටු වුණා. හිරේ යන්නෙ නැතිව නූලෙන් බේරුණේ. යන්තම් සරත් කාරයා චුතවුනායින් ආයෙත් හුසුමක් කටක් ගත්ත විතරයි, තවත් සරතෙක් ආපි. අනේ මං වැරදි කාරයෙක් නෙවෙයි. ඔය සරත පරද්දන්න ලොක්කට ඡන්දෙ දෙන්න.

මම මොකාද කියල මමවත් දන්නෙ නෑ

මට ගණන් බෑ. කොපි කරලයි හැමදාම ගොඩ ගියේ. නුගේගොඩ සෙන් ජෝන්ස් ඉස්කොලෙ, ඒ කාලේ මගෙ පන්තියෙ හිටපු ළමයි කවුරුත් ඒක දන්නව. මගේ ළමයින්ටත් මට වාගෙම ගණං බෑ. අනිත් විෂයනුත් එහෙමයි. නමුත් අධ්‍යාපන ඇමති වෙච්ච එකෙන් යන්තම් ලකුණු ලෙවෙල් වෙනස් කරල ළමය ගොඩ දා ගත්ත. මම නෙවෙයි. ඕන තාත්තෙක් ඒක කරනව. මගෙ ළමය විතරක්යැ, ඒකෙන් අනික් ළමයින්ටත් වාසියක් වුණේ නැද්ද? ජේ.වී.පී. කාරයො ඒ ගැන කතා කරන්නෙ නෑ. උන්ට මං කරපු උදව් මතක නෑ. මගෙ කුණු විතරයි උන්ටත් පේන්නෙ. අධ්‍යාපන ඇමති වෙලත් තමුන්ගෙ ළමය විශ්ව විද්‍යාලෙට දා ගන්න බැරි නම් මොකටද ඒ අධ්‍යාපන ඇමතිකම. දැන් බලන්න මේ ප‍්‍රශ්න පත්තර ප‍්‍රශ්නයක් අල්ලගෙන මට බණිනව. ඕව මං හදපු ප‍්‍රශ්නපත්තර නොවෙයිනෙ. මමත් ඕව දැක්කෙ ඔයගොල්ලන්ගෙම මාධ්‍යයෙන් ම තමයි. සමහර ප‍්‍රශ්න පත්තරවල උත්තර අච්චු ගහල තිබුණලූ. ඉතින් ඒකෙන් ළමයින්ට ලේසි නැද්ද මං අහන්නෙ. ආයෙ කියනව ප‍්‍රශ්න පත්තරේක ලෝක සිතියම කණපිටට අච්චු ගහල තිබුණ කියල. අධ්‍යාපන ඇමති හැටියට මං අන්තිමේට මේව හොයල බැලූව. එතකොට තමයි දැන ගත්තේ ඒක එහෙම අච්චු ගහල තිබුණෙ හරි පැත්තට හරවගන්න ළමයින්ය දැනුම තියෙනවද කියල බලන්න. ඒකත් පරීක්‍ෂණයක්. මේ දැන් ප‍්‍රශ්න පත්තරවල වැරැදි කියල කියන ඒව ඔක්කොම මහින්ද චින්තනයට අනුව හදපු අලූත් අධ්‍යාපන ක‍්‍රමයයි, ඒක නවීන ක‍්‍රමයක්. ඉස්සර වාගේ පොතටම සීමාවෙලා නෑ ශිෂ්‍යයො මහන්සි වෙලා වැරදි ප‍්‍රශ්න නිවැරදිව හදා ගන්න ඕන. මං ඔයගොල්ලන්නට කියන්නම් රහසක්. මේ පාර අධ්‍යාපනය ගැන නොබෙල් සම්මානය හම්බවෙන්නේ මහින්ද චින්තන අධ්‍යාපන ක‍්‍රමයටයි. ඒක ගන්න යන්න තව කල් තියෙනවා. ඔය ගොල්ල අතිගරු ජසාධිපති තුමාට මේ පාරත් ජනාධිපති වෙන්න ඡන්දය දුනනොත් අපට අර කොබෙල් සම්මානයත් ගන්න පුළුවන්.

අනේ මාව බේරගන්න

ඇත්තම කියනවනම් මම බොරු කියන්නෙ නෑ. කිව්වට පස්සේ ඒව බොරු වෙනව. සැකකරයගෙ පුතා වයිමටවත් ඒක නවත්වන්න බෑ. ඉතින් ඒක මගෙ වරදක් යෑ? ඒ කාලේ බඩු මිල ඉහළ යෑම නවත්වන්න පුළුවන් කියල මං කිව්වෙ ඇත්තටම යි. ලොක්කයි, පවුලෙ කට්ටියයි රටම ගිලිනව කියල මගෙ පොතේ තිබුණෙ නෑ. ඒකයි වැරදුණේ උද්දමනය නවත්වන්න බෑ බඩු මිල ඉහළ යන එක නවත්වන්න බෑ. ඉතින් ඒකට මං මක්කොරන්නද? ඒ වුනත් ලොක්ක බේරුණොත් තමයි මමත් බේරෙනනෙ. මගේ මිහිරි කටහඬ අහන්න ඔය ගොල්ල කැමති නම් ඍන ධන කරගන්න ඕන නම් මාව බේරගන්න. ඒක හින්ද ලොක්ක දිනවන්න ටටා බායි.

මමයි රජා

මම කනව බොනව කියල කිව්වට කවදාවත් මගෙ සාක්කුවෙන් වියදම් කරල බීල නෑ. දැනුත් බොන්නෙ රජාගේ සංග‍්‍රහ වියදම් සල්ලි වලින්. බුදුහාමුදුරුවො සුරාවත්, ස්ත‍්‍රී ඇසුරත් අත්හරින්න කිව්වෙ තමන්ගෙ ධනය විනාශ වෙන හින්ද. මම ඕවට ධනය වියදම් කරන්නේ නෑ. ඒ නිසා මම බුදුන්ගෙ ධර්මයට විරුද්ධව වැඩ කරල නැ. මම දේශපාලනය කළාට කවදාවත් ජනාධිපති වෙනව තියා ඇමති කෙනෙක්වත් වෙයි කියල හිතුවෙ නෑ. ඒකයි ඉස්සර ඇමති කෙනෙක් හැටියට ටෙලියක රගපෑවෙ. ඔය කලා කාරයෝ වැඩිහරියක් ම යාලූ වුණෙත් ඒකාලේ තමයි. මට ඇත්තටම කණා චාන්ස්මයි දිගටම වැදුනෙ. අර කාලේ ගමේ හිටිය ජේ.වී.පී. කාරයො ටික උඩුගම්පොලට කියල සුද්ද කරගත්ත. පව් ටික යූ.එන්.පි. යට දාලා පින් ටික මං අරන් ජිනීව ගිහිල්ල විකුණ ගත්ත. කුසල් ඇවිත් පාද යාත‍්‍රාවද මොකක්ද එක හදල මට ගොඩ යන්න පාර කැපුව. පස්සෙ කම්කරු ප‍්‍රඥප්තියද තවත් මොකක්ද එකක් කුසලූයි, වාසුයි එකතු වෙලා හදල දුන්නත් චන්ද්‍රිකා මට හරස් වුණා. එයාට වරදිනකම් මමත් හිටිය. එයාට වැරදුනා. මගෙ පිහිටට ජේ.වී.පී. එක ආවා. වෙලාවටම එල්.ටී.ටී.ඊ එකත් අමර පිස්සුවක් කෙලිය. මට නිකම්ම ජනාධිපති වෙන්න පාර කැපුන. මට ඇදුනෙ සුයිප් එකක්. තෑගි බෙදාගන්න ජේ.වී.පී. කාරයොයි, අපේ පක්ෂෙ ශ‍්‍රී ලංකා කාරයොයි පොර කන්න ගත්ත. කල්පනා කරල බලන්න හරිද වැඬේ කියල. ඔය ගොල්ල වුණත් ස්විප් එකක් ඇදුනම දිනුම වෙන කාටවත් දීල නිකම් ඉන්නවද? නෑනෙ. ඉතින් මේ දෙමළෙනෙ මුන්ට තේරෙන්නෙ නැත්තේ. මං නෑදෑයින්ට සලකනවලූ. ඉතින් මගෙ දිනුම මගෙ නෑයන් එක්ක බෙදාගත්තට ඒකෙ ඇති වැරැුද්ද මොකක්ද? මම තනියම කෑවනම් තමයි ජරා වැඬේ. මං එහෙම කළේ නෑ. නියම බෞද්ධයෙක් හැටියට ඥාතීන්ට සංග‍්‍රහ කළා. මේ පාර මං දිනුවොත් රටේම ජනතාවට සංග‍්‍රහ කරනව. දැනටමත් අරලියගහ මන්දිරෙන් දන් සැලක් පටන්ගෙනයි තියෙන්නෙ. මට මේ පාරත් ඔබේ වටිනා ඡන්දය ලැබෙන බව මං දන්නව. ස්තූතියි. පළමුව මව් බිම. දෙවනුව පියා බිම. තුන්වෙනුව රටේ හැමෝම බිම. මම විතරක් කෙලින්.

ප්‍රගීත් එක්නැලිගොඩ'

දහස් ගණන් ජනතාව ගෝල්ෆේස් පිටිය කලාපයට එක්රැස් වෙමින් සිටී..❤✌
09/04/2022

දහස් ගණන් ජනතාව ගෝල්ෆේස් පිටිය කලාපයට එක්රැස් වෙමින් සිටී..❤✌



කැපකිරීම්..මතකයට එන සිංදුවක් බුකියෙ නොදමන්නෙ,යන එන තැනක ෆොටෝ නොදමන්නෙ,ආතල් පෝස්ට් නොදමන්නෙ,සෙල්ෆී නොදමන්නෙ,මෙමරීස් උඩට න...
09/04/2022

කැපකිරීම්..

මතකයට එන සිංදුවක් බුකියෙ නොදමන්නෙ,
යන එන තැනක ෆොටෝ නොදමන්නෙ,
ආතල් පෝස්ට් නොදමන්නෙ,
සෙල්ෆී නොදමන්නෙ,
මෙමරීස් උඩට නොගන්නෙ..

කැපකිරීමක් නිසා.

ටයීම් ලයින් එක අරගලයෙන් ඇක්ටිව් තියන්න මහන්සි වෙන්නෙ කැපකිරීම් කරන්නෙ එහෙමයි මිනිස්සු.

අද මිලියනයක් කොළඹ එනවා. උද්දච්ච මැටි මෝල් නායකයා ගෝල්ෆේස් එක වහලා. මිනිස්සු අව්වෙ පිච්චෙන උණු තාර උඩ තියන්න වෙන්න ඇති. 🖕

එතනට එකතු වෙන්න බැරි සාධාරණ හේතුවක් තියෙනවා නම්,

බුකියෙ ටයිම් ලයින් එක අරගලයෙන් ඇක්ටිව් තියන්න.
ආතල් පෝස්ට්, ගෙදර හදන කෑම, සෙල්ෆි, ජෝගි
අපි දිනුවට අස්සෙ දාමු.
පක්ෂ වලින් පාට වලින් නොබෙදී දිනලා
හැම හන්දියකම කිරිබත් කමු.
එතකල් ටයිම් ලයින් එක ජනතාව වෙනුවෙන් තියන්න.

ජය ✌

Via Samindika

බඩු ලෑස්තිද !!!
08/04/2022

බඩු ලෑස්තිද !!!



අන්තරේ අරගලය 💛🌻
08/04/2022

අන්තරේ අරගලය 💛🌻

ගෝල්ෆේස් අලුත්වැඩියාවට සහය දක්වන්න ඔබත් හෙට උදෑසන 9.00ට ගෝල්ෆේස් එන්න! #කොළඹටමිලියනයක්
08/04/2022

ගෝල්ෆේස් අලුත්වැඩියාවට සහය දක්වන්න ඔබත් හෙට උදෑසන 9.00ට ගෝල්ෆේස් එන්න!

#කොළඹටමිලියනයක්

දෙවියනේ 🥺
08/04/2022

දෙවියනේ 🥺



Address


Website

Alerts

Be the first to know and let us send you an email when Update2srilanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share