10/08/2023
මිනිස්සු සම්බන්ධකම් ඇති කරගන්න ඕනේ , ආදරේ කරන්න ඕනේ ,කසාද බඳින්න ඕනේ ,හැබැයි ඒ ඔක්කොටම කලින් "තනිවෙන්න" දැනගෙන ඉන්න ඕනෙ .
තනියෙන් ජීවත් වෙන හැටි ඉගන ගන්න ඕනේ ,
තනියෙන් ඉන්න හුරු වෙන්න ඕනේ ,
තනියම ජීවිතේට මූන දෙන විදිහ image කරන්න ඕනෙ ..
ඕනම දවසක , ඕනම මොහොතක ,තමන්ගේ ආදරේ තමන්ව දාලා යන්න පුළුවන් ,තමන්ගේ දෙමවිපියෝ සහෝදරයෝ හිතලා හෝ නොහිතා තමන්ව තනි කරන්න පුළුවන්.
දරුවෝ දාලා යන්න පුළුවන් කියන එක අවබෝධ කරගන්න ඕනෙ .
අපෝ අපි වෙනස් වෙන්නේ නෑ ,එහෙම වෙන්නේ නෑ කියල මොන තරම් විශ්වාසෙන් පරසක්වල ගැහුවත් ,එහෙම වෙන්නත් පුළුවන් ,කියල හදවතට උගන්වලා තියාගන්න ඕනේ .
කාළය ,අත්දැකීම් ,වයස එක්ක මිනිස්සු වෙනස් වෙනවා ,
ඔයත් මමත් අපි හැමෝම වෙනස් වෙනවා ,සමහරවිට තමන්ටවත් නොදැනී තමන් වෙනස් වෙනවා ,
කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අපි ඒ වෙනස් වීම් වලට ගරු කරන්න ඕන ,ඒව දරාගන්න ඕනේ ,උපේක්ෂාවෙන් ඒ දිහා බලන් ඉන්නත් ඕනේ .
හැබැයි ,කව්රු මොන විදිහට වෙනස් උනත් ,තමන්ව දාලා ගියත් ,තමන්ට තමන්ව අහිමි කරගන්නේ නෑ කියල තමන් තමන්ටම පොරොන්දු වෙන්න ඕනේ .
අන්න ඒක නිසයි මොන කෙනා ජීවිතේට ලං කරගන්නත් කලින් තනිවෙන්න හුරු වෙලා ඉන්න ඕනේ කියල කිව්වේ .
එතකොට එයාලා අපි එක්ක හිටියොත් අපිට සතුටුයි ,
මොනම හේතුව නිසා හරි එයාලා අපිව දාලා ගියොත් ,ඒක කමක් නෑ ,අපිට තනිකම හුරුයි ,පුරුදුයි ,
හැමෝම අපිත් එක්ක ඉන්නෙ එක්තරා සීමාවකදි විතරයි ,ඇත්තම කිව්වොත් කාට වුනත් අපි එක්ක ඉන්න පුළුවන් වෙන්නෙත් එක්තරා සීමාවක් දක්වා විතරයි .එතනින් පස්සෙ තමන් ට ඉන්නෙ තමන් විතරයි ..අන්න ඒ සීමාවෙන් ඔබ්බටත් සතුටෙන් සැනසීමෙන් ජීවිතේට මුහුණ දෙන්න පුළුවන් වෙන්නෙ තනිවෙන්න දැනගෙන හිටියොත් විතරම තමයි .
ඉතින් ,මොන සබඳකමට හුරු වෙන්නත් කලින් ,හැම මිනිහෙක්ම තනියෙන් ජීවත් වෙන්න හුරු වෙලා ඉන්න ඕනේ ,
කෙටියෙන්ම කිව්වොත් අපි තනිවෙන්න දැනගන්න ඕනෙ ,එච්චරයි ...💜
අනිශා ජයකොඩි ✍🏻