Nisala Arana Tv

  • Home
  • Nisala Arana Tv

Nisala Arana Tv දුක් ගිනි නිවා සනහන සදහම් පුනරාගමනය

බුද්ධ ධර්මය නිසල අරණ තක්සලාව ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම බුද්ධ ධර්මය online  පංතිය  *පළමු සතිය නොමිලේ* ◼️ දෙවන වාර විභාගය අරම...
28/08/2023

බුද්ධ ධර්මය
නිසල අරණ තක්සලාව

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම බුද්ධ ධර්මය online පංතිය

*පළමු සතිය නොමිලේ*

◼️ දෙවන වාර විභාගය අරමුණු කරගත්
පසුගිය විභාග ප්‍රශ්නෝත්තර සාකච්ඡාව

◼️ නවීන ඉගෙනුම් ක්‍රම භාවිත කරමින් විෂයට අදාල පාඩම් ගැටලු සරලව සාකච්ඡා කිරීම

◼️කාල කලමනාකරණයට මඟ පෙන්වීම.

◼️යහපත් සමාජ සාරධර්ම හා විභාග ජය මඟ පිළිබඳ දරුවා පුරුදු පුහුණු කිරීම.

6 වසරේ සිට 11 වසර දක්වා

6 වසර - සඳුඳා ප.ව 8:30 සිට 9:45 දක්වා
7 වසර -අගහරුවාද ප.ව 8:30 සිට 9:45 දක්වා
8 වසර - බදාදා ප.ව 8:30 සිට 10:00 දක්වා
9 වසර - බ්‍රහස්පතින්දා ප.ව 8:30 සිට 10:30 දක්වා
10 වසර - සිකුරාදා ප.ව 9:30 සිට 11.30 දක්වා
11 වසර - ප.ව 9:30 සිට 11:30 දක්වා
*ඔබට හැකි තරම් මේ පොස්ට් එක ඔබේ මිතුරන් අතර shear කර දෙන්න.*

මෙහෙයවීම - බුද්ධ ධර්මය ප්‍රවීන දේශක පූජ්‍ය.මාටුවාගල පඤ්ඤාජෝති ස්වාමින්වහන්සේ

*වැඩි විස්තර -0765382991*

WhatsApp Group Invite

26/08/2023
ගමේ පන්සලේ හාමුදුරුවො එක්ක තරහ උනහම බුදු දහමට නිගරු කිරීමට තරම් අක්ඥානයකු නොවන්න. මන්දයත් බුදු දහමේ අයිතිකරු ගමේ පන්සලේ ...
03/08/2023

ගමේ පන්සලේ හාමුදුරුවො එක්ක තරහ උනහම බුදු දහමට නිගරු කිරීමට තරම් අක්ඥානයකු නොවන්න. මන්දයත් බුදු දහමේ අයිතිකරු ගමේ පන්සලේ හාමුදුරුවො නොවේ.

"ඒ මිනිස්සු ඇයි මෙහෙම වෙනස් වෙන්නේ කොච්චර හොදට හිටිය මිනිස්සුද මෙහෙම වෙනස් වෙයි කියලා කවදාවත් හිතුවේ නැහැ" ඔබටත් මෙහෙම හ...
30/07/2023

"ඒ මිනිස්සු ඇයි මෙහෙම වෙනස් වෙන්නේ
කොච්චර හොදට හිටිය මිනිස්සුද
මෙහෙම වෙනස් වෙයි කියලා කවදාවත් හිතුවේ නැහැ"

ඔබටත් මෙහෙම හිතිලා තියෙනවා නේද
ඇත්තටම මිනිස්සු වෙනස් වෙනවා.

දවසක කෙනෙක්ට ඔබ ගැනත් එහෙම හිතිලා ඇති කියලා ඔබට ඒ මොහොතේ දැනිලා නැහැ නේද

ඇත්තටම එහෙම ඔබට හිතුනා නම් කිසිම දවසක ඔබට තව කෙනෙක් ගැන වැරදියට හිතෙන්නේ නැහැ.

බුදු හාමුදුරුවෝ අපට සම්මා දිට්ඨිය කියලා පෙන්වලා දුන්නේ මොන වගේ දර්ශණයක්ද?

සම්මා දිට්ඨිය - නිවැරදි දැක්ම කියන බව අපි පුංචි කාලයේ ඉදලාම දහම් පාසල් පොත් වල දැකලා තියෙනවා.

ඇත්තටම සම්මා දිට්ඨිය කියන්නේ මොකක්ද?

නිවැරදි දැකිම කියන්නේ
නිවැරදි දර්ශණයක් තුළ අප විසිනි අවබෝධ කල යුතු ඉතාම සියුම් කාරණාවක්

අපි මේ ලෝකයේ සෑම ක්‍රියාවලියකම
අයහපත දකින්න හුරු වූ පිරිසක්
ඇත්තෙන්ම අද අපි යහපත දකිනවා කියන දැකිම තුළද දකින්නේ වැරදි දර්ශණයක්.

ඔබට පුලුවන්ද මේ ලෝකයේ ඔබට මුහුණ දීමට සිදුවන සැම සිදුවිමකම යහපත දකින්න.

ඇත්තෙන්ම අපහසුයි නේද?

ඔව් ටිකක් වගේ අමාරුයි.

මම දවසක් විවාහ වූ පුද්ගලයෙකුගෙන් ප්‍රශ්ණයක් ඇහුවා

දෙබස
මම -
ඔබට ස්වාමියෙක් ඉන්නවාද

ඔහු -
ඔව් නමුත් මම ඇයගෙන් ඈත් වෙලා ඉන්නේ.

මම -
ඇයි ඔබ ඇයගෙන් ඈත් වෙලා ඉන්නේ.

ඔහු -
ඇය විවාහා වූ මුල් කාලයේ හොදින් සිටියා නමුත් පසු කාලිනව ඇය වෙනස් වුණා. මම ඇය වෙනස් වෙන්න හේතුව හොයලා බලනකොට ඇයට වෙනත් පිරිමියෙකු සමග සම්බන්ධයක් තිබෙනවා ඒ නිසා දැන් මම ඇයගෙන් ඈත්වයි ජිවත් වෙන්නේ.

මම -
ඔබට ඇය සමග ජිවත් වෙලා සිටින කාලයේ වෙනත් සම්බන්ධ තිබුනේ නැද්ද?

ඔහු -
Facebook එකෙන් මම හදුන ගත්ත කන්තාවෝ හිටියා මම ඒ අය ඇසුරු කරලා තියෙනවා.
නමුත් මම මගේ බිරිදට කිසිම වෙනසක් කරලා නැහැ කන්න ටික ඇදුම් පැලදුම් ගෙදරට අවශ්‍ය අඩුපාඩු මම අඩුවක් නැතිව දුන්නා.
අපි පිරිමිනේ ටිකක් වෙනසක් තියෙන්නත් ඕන නේද?

මම -
ඇයි ඔබට ඔබේ බිරිද වරදක් කරලා හසුවූ මොහොතේ ඇය ගැනත් ඔබට ඒ විදිහටම හිතන්න තිබුණානේ.

ඔහු -
ඇයි මම එහෙම හිතන්නේ මම ඒ ගෑණිගේ මනුස්සයානේ මම හැමදේම අඩුවක් නැතිව කරලා එහෙම වෙනස් වෙන්නේ කොහොමද?

මම -
හරි මම ඔබෙන් මෙහෙම ප්‍රශ්ණයක් අහන්නම්
ඔබ බෝලයක් අරගෙන බිත්තියට ගැහුවාම මොකද වෙන්නේ

ඔහු -
නැවත මගේ පැත්තටම එනවා.

මම -
එහෙනම් ඔබ හොදට මතක තියා ගන්න
ඔබ වරදක් කළා නම් එකේ විපාකය විදින්න වෙන්නේ කාටද?

ඔහු -
මටමයි

මම -
දැන් ඔබ දන්නවාද ඔබ විවාහ වෙලා සිටියදි වෙනත් කාන්තාවන් ඇසුරු කළා.
ඒ වරදේ විපාකය හැටියට ඔබේ බිරිදත් වෙන පිරිමියෙකු ඇසුරු කළා.
හැබැයි ඔබ ඔබේ බිරිදගේ වරද දැක්කා ඔබ කළ වරද ඔබ දැක්කේ නැහැ
ඔබට ඔබේ බිරිද වැරදි සම්බන්ධයක් පවත්වනවා කියලා දැන ගත්ත දවසේම
ඔබට හැකියාව තිබුණා නම් මම කරපු වරද නිසානේ මගේ බිරිදත් වරදක් කළේ.
අද ඉදලා මගේ වැරදි මම හදාගන්නවා මගේ බිරිද සමග වෙනදාටත් වඩා සතුටින් සිටිනවා කියලා හිතලා ඇයට සමාව දීලා ඔබ නිවැරදි කෙනෙක් හැටියට කටයුතු කළා නම් අද ඔබට සතුටින් ඉන්න තිබ්බා.

මේ කතාව සමහර විට ඔබේ කතාවට ගැලපෙන්නේ නැහැ කියලා හිතෙන්න පුලුවන්

මොකද ඔබට මේ වෙලේ හිතෙනවා ඇති මම එයාට කොච්චර සමාව දීලා තියෙනවාද මම කවවදාවත් එයාට වරදක් කරලා නැහැනේ ඒත් එයා හැදුනේ නැහැනේ.

ඔව්
ඔබට පුලුවන් වෙන්න ඕන සමාව දෙන්න
ඒ වගේම හිතන්න මම මේ ජිවිතයේ වරදක් නොකලත් සසර මේ වගේම වැරදි කරලා ඇති ඒ නිසා හොදම දේ ඔහු හෝ ඇය සමග නොගැටෙන මානසික මට්ටමක් තුළ මට ලැබුණ මනුස්ස ජිවිතය ආධ්‍යාත්මිකව දියුණු කර ගන්න උත්සහාවත් වෙනවා කියන අධිෂ්ඨානය තුළ කටයුතු කරන්න.
ඒ උත්තරීතර යහපත දැකීම තුළ.
ඔබට සැනසීමක් වගේම
නිර්වාන මාර්ගය විවර ගන්නටද හැකියාව ලැබෙනවා.

නිමකළ නොහැකිය  නුඹේ ගුණ මීටත් වඩා මගේ අප්පච්චිසාරා මිහි මඬල සරිකර ගෙන        තුට්ටූපීරා කැට කැබලි ගෙන නිල් කැට     ඔට්ටූ...
29/07/2023

නිමකළ නොහැකිය නුඹේ ගුණ මීටත් වඩා මගේ අප්පච්චි

සාරා මිහි මඬල සරිකර ගෙන තුට්ටූ
පීරා කැට කැබලි ගෙන නිල් කැට ඔට්ටූ
පාරා හද අඹර නුඹ යට වුන තට්ටූ
තෝරා නැත වටින මිණි නුඹටත් කිට්ටු

පොඩි හාමුදුරුවෝ

අවිද්‍යාවෙන් මිදි යථාර්ථය දකිමු.උඩුගම් බලා යථාර්තයේ සත්‍ය ගවේශනය.
27/07/2023

අවිද්‍යාවෙන් මිදි යථාර්ථය දකිමු.
උඩුගම් බලා යථාර්තයේ සත්‍ය ගවේශනය.

ලොකු ස්වාමින්වහන්සේ ලග කවුඩාගල ආරණ්‍ය සේනාසනය පිළිබදව බොහෝ ලිපි ලේඛන තියෙනවා. ඇත්තට ඒවා අපට දැනට සුරක්ෂිතව තබා ගන්න සුදු...
15/07/2023

ලොකු ස්වාමින්වහන්සේ ලග කවුඩාගල ආරණ්‍ය සේනාසනය පිළිබදව බොහෝ ලිපි ලේඛන තියෙනවා.
ඇත්තට ඒවා අපට දැනට සුරක්ෂිතව තබා ගන්න සුදුසු ස්ථානයක් නැහැ
මීයන්ගෙන් කරදර නිසා මේ වන විටත් බොහෝ දේවල් වලට හානි වෙලා තියෙනවා ඒ නිසා මම වැලිකන්ද කඩේකට ගිහින් බැලුවා දැනට අපට ඒ සදහා සුදුසු දෙයක් තියේද ගන්න කියලා
මෙන්න මේ පහත ඡායා රූපයේ ඇති ප්ලාස්ටික් පෙට්ටි කබඩ් එක වැලිකන්ද කඩේ නම් අපට එහි මිල කිව්වේ
9900/= යි කියලා
ඔබට හැකියාවක් තිබේ නම් අපට මෙවැනි කබඩ් 2ක් මිලදි ගැනිමට හෝ ඔබ දන්නා තැනකින් අඩු මුදලකට ලබා ගැනිමට උපකාරයක් කරන්න.

ඓතිහාසික කවුඩාගල ආරණ්‍ය සේනාසනයේ පටන් ගත්ත දා ඉදන් ඉන්න දායක උපස්ථායක මහත්මයෙක් තමයි T B මාමා. ටිකිරි බණ්ඩා කිව්වට වැඩිය...
12/07/2023

ඓතිහාසික කවුඩාගල ආරණ්‍ය සේනාසනයේ පටන් ගත්ත දා ඉදන් ඉන්න දායක උපස්ථායක මහත්මයෙක් තමයි T B මාමා. ටිකිරි බණ්ඩා කිව්වට වැඩිය දන්නෙ නෑ.

මහසෙන්පුර TB මාමා කිව්වම මුළු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයම දන්නවා. එතුමා දිවයිනටම සාම විනිසුරු කෙනෙක්.සමාජ සේවා අතරේ මේ දුෂ්කර පැත්ත යම් මට්ටමකට ඔසවා තබන්න කැප කිරීම් කරපු කෙනෙක්.

ඉතින් කවුඩාගල ආරණ්‍ය පටන් ගද්දි හිටපු හාමුදුරුවෝ එක්ක මේ ගලේ හැමතැනම ඇවිදලා පුරාවිද්‍යා වටිනාකම වටහාගෙන අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්න කැප උනා.

ඉස්සර වගේ තාමත් ⁣විශේෂ වැඩසටහනක් තිබ්බම වටේ ගම්මාන ටිකට වැඩ ටික බෙදලා ලස්සනට ඉවර කරනවා.

ඉතින් ඒ අල්ලපු ගමේ ඉදන් එන වාහනයකට අත දාලා කවුඩාගලට හැරෙන තැනට ඇවිත් කුඹුරු යන බයික් එකක නැඟලා වැව් බන්ට් එකේ ඇවිත් ඉතුරු ටික පයින්ම ආරණ්‍යයට එනවා නිතරම.

ඉතින් මාමාත් මේ දවස්වල වැඩ. නිතර ඇවිත් අලුත් හාමුදුරුවෝ ගැනත් වැඩ වාසය කරන හාමුදුරුවෝ ගැනත් හොයලා බලලා අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්නේ මාමා.

ඒක කොච්චර ලොකු ශක්තියක්ද කියලා දන්නෙ අපි විතරයි.දැන් වැඩිපුර හාමුදුරුවෝ වැඩ වසන නිසාම ගමේ පයින් ඇවිදලා දන් සීට්ටුව හදන්න ගිහින් ඊයේත්.

බුද්ධාගම එක්ක බැඳිච්ච මිනිස්සු අපි අතර බහුලයි.ඒකනෙ තාමත් කොච්චර මඩ ගැහුවත් බුද්ධාගම නොනැසී පවතින්නේ.

කෝමහරි මේ දවස්වල අහළ ගම්මාන හතම එකතු කරන් දන් සීට්ටුව හදනවා.යන්න එන්න දුෂ්කරතාව නිසා සමහර බෑ කියලා කියද්දි, උයාගෙන කන්න හරි අවශ්‍ය කළමනා ගේන්න ඒත් ඇති කියන්නත් අමතක කරන්නේ නෑ.

හරි වටිනාකමක් එකතු වෙන්නේ අපි විවිධ වයස්වල අයවළුන් මහත් සංයමයකින් ඒකරාශි වෙලා එක අරමුණකට කටයුතු කරන එක.

ඉතින් TB මාමාට මේ කටයුතු කරන්න තවත් ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා.

ඒ වගේම, නිදුක් නිරෝගී සුවයත් ප්‍රාර්ථනා කරන්නේ ඒ කැපකිරීම කරන්න තාම කෙනෙක් අහළ ගම් හතක තාමත් නැති නිසා.

ඉතින් අපේ TB මාමට තෙරුවන් සරණයි.
🙏🙏🙏

25/06/2023

ඔබට යම් කෙනෙකුගෙන් වරදක් සිදු වූ විට ඔබ එය මහත් සේ වරදක් ලෙස දුකට,කළකිරිමට,ගැටිමට පත් වෙනවා.
එහෙත් ඔබගේ ජිවතයේ එවැනිම වරදක් තව කෙනෙක්ට ජිවතයේ කිසිම දවසක සිදු වි ඇති බව නුවනින් දුටුවද? නැහැ නේද දැන් කල්පනා කරලා බලන්න ඔබම නෙවේ නේද ඔබට සිදු වූ සිද්දියේ වරද කරු වෙලා තියෙන්නේ.
නුවණින් විමසා බලන්න.

බුදුරජාණන් වහන්සේ උපන් පුණ්‍යභුමියේ පහන් ආලෝකයෙන් බබලවන්නට පහන් 53 ක දායකත්වය ලබා දුන්  ජානකි හේරත් මහත්මියටත් දුව සුසරා...
22/06/2023

බුදුරජාණන් වහන්සේ උපන් පුණ්‍යභුමියේ පහන් ආලෝකයෙන් බබලවන්නට පහන් 53 ක දායකත්වය ලබා දුන් ජානකි හේරත් මහත්මියටත් දුව සුසරා,පුතා සුසාර පියාණන් රංබන්ඩා ඇතුළු පවුලේ සෑම දෙනාගේ උතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් ඉෂ්ඨ වේවා.
ඔබ සැමගේ ඉස්මුදුනේ සිට පාදන්තය දක්වා
වා,පිත්,සෙම් ආදි තුන් දොස් නිසා ඔබට ඇතිවන සියලු ලෙඩක් දුක් දුරු වේවා. සියලු ග්‍රහ අපල දුරු වේවා.අනවින කොඩිවින ආදියෙන් ඇතිවන පීඩාවන් දුරු වේවා.
කායික සුවය ලැබේවා.
මානසික සුවය ලැබේවා. ඔබගේ රැකි රක්ෂා වෙළ හෙලදාම් දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා.
යන එන ගමන බිමනේදි කිසිදු කරදරයක් නොම වේවා.
පෙර කරන ලද අකුසල කර්මයක් ඔබට විපාක දී ඇත්නම් විපාක දීමට ඇත්නම් උතුම් කුසල බලයෙන් එම අකුසලයන් අහෝසි වේවා කුසලයන් තව තව වැඩේවා.
ඔබට උතුම් තුණුරුවන්ගේ ආශිර්වාදය ශ්‍රි දළදා වහන්සේගේ ආශිර්වාදය ලැබේවා ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩසිටින රුවන්වැලි මහා සෑ රජාණන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා. අටමස්ථාන සොළොස්මස්ථානයන්ගේ ආශිර්වාදය ලැබේවා.
මාතෘ දිව්‍ය පුත්‍රයා ඇතුළු සම්‍යක්දෘෂ්ඨික දෙවියන්ගේ දේව රැකවරණය නිරන්තරයෙන්ම ලැබේවා..

ශාසන ඉතිහාසයේ මෙම පෝය දින සිදුවූ සුවිශේෂ වූ කාරණා රාශියක්‌ සඳහන් වෙයි. සැරියුත්, මුගලන් දෙනමට අග්‍රශාවක තනතුරු පිරිනැමීම...
05/02/2023

ශාසන ඉතිහාසයේ මෙම පෝය දින සිදුවූ සුවිශේෂ වූ කාරණා රාශියක්‌ සඳහන් වෙයි. සැරියුත්, මුගලන් දෙනමට අග්‍රශාවක තනතුරු පිරිනැමීම ඉන් ප්‍රධාන වන අතර ප්‍රථම සංඝ සන්නිපාතය සිදුවීම, ඕවාද ප්‍රාතිමෝක්‍ෂය මහා සංඝයාට දේශනා කිරීම, බුදුහිමි පිරිනිවන් පෑමට තෙමසකට පෙර ආයු සංස්‌කාරය අතහැරීමට ඉටා ගැනීම බුදු හිමියන් විසින් ප්‍රකාශයට පත්කිරීම යන කරුණු ඒ සමග බැඳී ඇත.

උඳුවප්, දුරුතු යන මාස ප්‍රධානව එළැඹි සිටි ශීත සෘතුව ගෙවී යද්දී එළැඹෙන හේමන්ත සෘතුව පසළොස්‌වක පෝය හෙවත් නවම් මාසේ පෝය උදාවත්ම බෞද්ධයාට වැදගත් වන බුද්ධ චරිතය හා බැඳුණු වැදගත් කාරණා රාශියක්‌ම සිතට නැඟෙන්නේ නිරායාසයෙනි. මෙම මාසය චන්ද්‍ර මාස රටාවේ හැටියට එකොළොස්‌වන මාසය වන අතර දහවල් කාලය දැඩි හිරු රැස්‌ පතිත වී උණුසුමත් රැය තුළ ශීතල ස්‌වභාවයත් ඇති කරන්නේ ස්‌වභාව ධර්මය වෙනස්‌කම් පාමිනි.
ශාසන ඉතිහාසයේ මෙම පෝය දින සිදුවූ සුවිශේෂ වූ කාරණා රාශියක්‌ සඳහන් වෙයි. සැරියුත්, මුගලන් දෙනමට අග්‍රශාවක තනතුරු පිරිනැමීම ඉන් ප්‍රධාන වන අතර ප්‍රථම සංඝ සන්නිපාතය සිදුවීම, ඕවාද ප්‍රාතිමෝක්‍ෂය මහා සංඝයාට දේශනා කිරීම, බුදුහිමි පිරිනිවන් පෑමට තෙමසකට පෙර ආයු සංස්‌කාරය අතහැරීමට ඉටා ගැනීම බුදු හිමියන් විසින් ප්‍රකාශයට පත්කිරීම යන කරුණු ඒ සමග බැඳී ඇත. එදා ඇසළ පෝදා ඉසිපතන මිගදායේ දී බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම මංගල ධර්ම දේශනාව ශ්‍රවණය කළ පස්‌වග තවුසන් පැවිදිව ඇරැඹි සංඝ සමාජය වසරක පමණ කාලයක්‌ ගතවෙද්දී නානා විධ දර්ශනයන් හි පිහිටා විවිධ ඇදහිලි විශ්වාස ඇතිව විමුක්‌තිය සොයා ගිය පිරිස්‌ බුදුරජාණන් වහන්සේගෙන් ශ්‍රී සද්ධර්මය අසා යථාර්ථය අවබෝධ කරගෙන පැවිදි වීමත් සමග සංඝ ශාසනය සංකීර්ණ එකක්‌ බවට පත්වූවේය.

උරුවෙල් කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප යන තුන්බෑ ජටිලයන් තම පිරිවර දහසක්‌ සමග පැවිදි වීමත්, සැරියුත් මුගලන් දෙනම ඇතුළුÊදෙසීය පනහක භික්‌ෂු පිරිසද, යසකුල පුතු ඇතුළුÊපිරිසද වශයෙන් එක්‌දහස්‌ තුන්සියය ඉක්‌ම වූ සංඝ සන්නිපාතයක්‌ එදා නවම් මස පෝය දින රජගහ නුවර වේළුවනාරාම පුණ්‍ය භූමියේ රැස්‌ව සිටි විට එහිදී සුවිශේෂ කරුණු කීපයක්‌ම සිදුවූ වග ඉතිහාසයේ සඳහන් වේ.

බුදුරජාණන් වහන්සේගේ දකුණත් සව් හා වමත් සව් වශයෙන් සැරියුත් මුගලන් දෙනම තනතුරුවලට පත් කෙරුණේ එදින රැස්‌වූ ඒ මහා සංඝ සභාව මධ්‍යයේය. බුදුරජාණන් වහන්සේ එසේ සිදුකළ පදවි ප්‍රදානය ප්‍රථම වතාවට සසුන්හි තනතුරු පිරිනැමීමය. එහෙත් ඒ දෙනමට ප්‍රථම සංඝ සමාජයට ඇතුළු වූ හිමිවරුන් සිටියදී නවක දෙනමකට පදවි පිරිනැමීම "මූණ බලා" සිදුකළ එකක්‌ බවට බුදුහිමියන් වෙතට සංඝයාගෙන් චෝදනා එල්ල විය. විශේෂයෙන්ම බුදු හිමියන් හා ගිහිකළ එක්‌ව සිටි ඡන්න හිමියන් (ඡන්න ඇමැති) තනතුරු ප්‍රදානයේ දී තමා අමතක කළ බවට චෝදනා කරමින් බුදු සසුන්හි පළමුවරට අර්බුදකාරී තත්ත්වයක්‌ ඇතිකළ බව සඳහන් වේ. බුදුන් වහන්සේ ඊට පිළිතුරු දෙමින් මේ අවස්‌ථාව දක්‌වා සංඝ සමාජයට ඇතුළත් වූ කිසිම හිsමිනමක්‌ පෙර අත් භවවලදී අගසව් තනතුරු නොපැතූ අතර මෙම සැරියුත් මුගලන් දෙනම අගසව් තනතුරු පතමින් පින් රැස්‌කළ බව පැහැදිලි කරමින් අපදාන පාලි දේශනාවෙන් අතීත කතාව ගෙනහැර පා සංඝයා අතරවූ දුර්මත නැති කළ සේක.
අගසව් තනතුරු ලැබූ මෙම දෙනම අනෝමදස්‌සි නම් බුදුවරයාණන් වහන්සේ දවස සරද හා සිරිවර්ධන යන නම් ලැබූ මහා සිටුවරු වූහ. අනේක විධ වූ සැප සම්පත් වින්දනය කරමින් බොහෝ කලක්‌ වැස ඉන් කළකිරී ප්‍රවෘජා භූමියට පත්වූහ. එහිදී ගෞතම නම් වන අනාගතයේ ලොව පහළව වදාරන්නා වූ බුදුන් වහන්සේගේ අග්‍රශ්‍රාවක තනතුරු සඳහා ඉහත කී අනෝමදස්‌සී බුදු හිමියන් ගෙන් නියත විවරණ ලද්දේය. මෙම දෙදෙන එම තනතුරු පතා සසර පුරා පින් දහම් හි හැසිර ගෞතම බුද්ධ රාජ්‍ය සමයෙහි සරද තවුසා උපතිස්‌ස නමින්ද සිරිවර්ධන තවුසා කෝලිත නමින්ද උපන්හ. සසර පුරුදු ලෙසින් දෙදෙනා මිත්‍රයෝද වූහ. එකල්හිද සැප සම්පත් අනුභව කොට එදා රජගහ නුවර පැවැති ගිරග්ගසමඡ්ජ නම්වූ ප්‍රීති උත්සවයට සම්බන්ධව විනෝද වෙද්දී එලෙස නිසරු බව අවබෝධ වූවෝ විමුක්‌තිය සොයා සංජය පිරිවැජි යටතේ පිරිවැජි වෙස්‌ගෙන භාවනායෝගී වූහ. කල්ගත වෙද්දී දෙදෙනා විමුක්‌තිය සොයා වෙන්ව දෙමඟක යන්නේ උපතිස්‌ස පිරිවැජියාට අස්‌සජී තෙරුන් වහන්සේ හමුවී පැහැද හේතු ප්‍රත්‍ය ධර්මය විස්‌තර වන "යෙ ධම්මා හේතුප්පබවා" නම්වූ ගාථාව අසා පැහැද ධර්මය අවබෝධ වී සිය මිතුරා සමග තවත් සිය ගණනක්‌ අතවැස්‌සන් කැටුව බුදුරජාණන් වහන්සේ හමුවට ගියහ.

එදවසැ වේළුවනාරාමයෙහි ධර්ම සභා මධ්‍යයේ බුදු හිමි වැඩ වසන්නා වූ ඈතින් එන පිරිස්‌ දැක "අර එන්නේ මාගේ ශාසනයෙහි අග්‍රශ්‍රාවක දෙනම යෑයි පැවසු සේක. පැමිණි පිරිස ඒහි භික්‌ෂු භාවයෙන් පැවිද්ද ලද අතර සැරියුත් හිමි දකුණත් සව්ද, මුගලන් හිමි වමත් සව් ලෙසටද නම්කරනු ලැබූ සේක.

සාරි නම් බැමිණියගේ පුතා සාරිපුත්ත (සැරියුත්) නමින්ද, මොග්ගලී බැමිණියගේ පුතා මොග්ගල්ලාන (මුගලන්) නමින්ද හැඳින්වූයේ මවුවරුන්ට ගරු කිරීමක්‌ හැටියට ය. පැවිදිව සත් දිනකින් මුගලන් හිමි රහත් ඵලයට පත් විය. දීඝනක පරිභ්‍රාජකයාට දේශනා කළ දහම් අසා සැරියුත් හිමිද රහත් භාවය ලද්දේ ය. අගසව් දෙනම පිළිබඳව බුදුරජාණන් වහන්සේ වරෙක මෙලෙසට ප්‍රකාශ කළ සේක.

"එතදග්ගං භික්‌ඛවෙ මම සාවකානං භික්‌ඛූ නං පඤ්Æ වන්තානං යදිදිං සාරිපුත්තො ඉද්ධිමන්තානං මහා මොග්ගල්ලානො" (අංගුත්තර නිකාය) "මහණෙනි, මාගේ ශ්‍රාවකයන්ගෙන් මහා ප්‍රාඥයන් අතුරෙන් සැරියුත් තෙරුණුවෝද, සෘද්ධිමතුන් අතුරෙන් මුගලන් තෙරණුවෝද අග්‍රවෙති. තවද "සෙවෙථ භික්‌ඛවෙ සාරිපුත්ත මොග්ගලීලාතො භජථ භික්‌ඛවෙ සාරිපුත්ත මොග්ගල්ලානො.." යන ලෙසට සැරියුත් මුගලන්a දෙනම ඇසුරු කිරීමේ වැදගත්කමද සච්ච විභංග සූත්‍ර දේශනාවේදී බුදුන් වහන්සේ දේශනා කළ සේක.
මෙලෙසට ශාසනයේ චිරස්‌ථිතිය උදෙසා අගසව් තනතුරු ආදී තනතුරු ප්‍රදානය කරන්නට සිදුවු බව බුදු හිමි අපේක්‌ෂා කළහ. එපමණක්‌ද නොව තනතුරු නොලද හිමිවරුන්ගේ දුර්මත නැති කිරීම් වස්‌ ප්‍රථම "ඕවාද ප්‍රාතිමෝක්‌ෂය" (අවවාද කිරීම) දේශනා කළේ ද නවම් පෝ දිනයේය. මුල් යුගයේද භික්‌ෂු සමාජයට අවවාද විනය නීති අවශ්‍ය වූයේ නැති අතර සිහි කිරීම පමණක්‌ ප්‍රමාණවත් වූ බව පාරාජිකා පාලි දේශනාවට ඇතුළත්ව තිබේ. බුද්ධත්වයෙන් මුල් විසිවස (පඨමාභිසම්බෝධි සමය) තුළ භික්‌ෂු සමාජයේ විනය ශික්‌ෂා නොමැති වුවද පසුව කල්යැමේදී ඕවාද ප්‍රාතිමෝක්‍ෂය අවශ්‍ය බව සඳහන් කළ හැකිය.

මෙම පෝය දින වැදගත් වන තවත් එක්‌ කරුණක්‌ වන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑම සඳහා ආයු සංස්‌කාරය අතහැරීමට තීරණය කර ප්‍රකාශ කිරීමය. මෙම අනුවේදනීය අවස්‌ථාව වන විට බුදු හිමිට වයස අවුරුදු අසූව සම්පූර්ණ වීමට මාස තුනක්‌ තිබිණි. මෙම අවස්‌ථාව වන විට බුදුරජාණන් වහන්සේ අග්‍ර උස්‌ථායක ආනන්ද හිමියන් සමග රජගහ නුවර චාපාල චෛත්‍ය නම්වූ ස්‌ථානයේ වැඩ විසූහ. මහා පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් ලෙසට බුදුවරයකුගේ ආයු සංස්‌කාරය අත්හැරීම් අටක්‌ පිළිබඳව ආනන්ද හිමිට දේශනා කොට තිබේ. "ඡන්ද, වීරිය, චිත්ත, විමංසා" යන සතර සෘද්ධිපාද වැඩූ බුදුවරයකුට කල්පයක්‌ කාලයක්‌ වැඩ සිටිය හැකි බවද බුදුහිමි තෙවරක්‌ම ආනන්ද හිමිට ප්‍රකාශ කළද "එසේ කල්පයක කාලයක්‌ වැඩ සිටින ලෙසට" බුදු හිමියන්ගෙන් ආනන්ද හිමිට ඉල්ලා සිටීමට තරම් සිහි කල්පනාවක්‌ ඒ මොහොතේ පහළ නොවූයේ දුකට පත්ව වික්‌ෂිප්තව සිටි නිසා බව පසුව අනාවරණය විය. ප්‍රථම ධර්ම සංගායනා අවස්‌ථාවේදී මේ ගැන ආනන්ද හිමියන්ට චෝදනා එල්ල වී ඉහත කී ලෙසින් පිළිතුරු දීමටද සිදු වූයේය.

මෙපරිද්දෙන් සලකා බලන කල්හි නවම් පුර පසළොස්‌වක පෝය දින බුද්ධ චරිතය හා සම්බන්ධ සුවිශේෂ සිදුවීම් රාශියකට මුල්වූ බව පැහැදිලි වෙයි. ලෝක සත්වයාට වසර හතළිස්‌ පහක්‌ පුරා ධර්මය දේශනා කරමින් විමුක්‌ති මාර්ගය පෙන්වා සිය දහසක්‌ ලෝ සතුන්ට යහපත සලසා දුන් ශාස්‌තෘවරයාණන් වහන්සේගේ ජීවිතයෙහි අවසාන තුන්මස ඇරැඹෙන්නේ මෙකී ඓතිහාසික පෝයත් සමගය.

තෙරුවන් සරණයි..

19/01/2023
31/12/2022

අප ප්‍රර්ථනා කරනවා ඔබ සැමට..
මේ ලැබුවාවූ අලුත් අවුරුද්ද
සුභ
ලස්සන,
ධනවත්,
නිරෝගීමත්,
ශක්ති සම්පන්න,
උද්වෙගකර,
ආදරණීය,
අති උත්ක්‍රිෂ්ට,
සෞභාග්‍ය,
වාසනාවන්ත,
සතුට පිරුණු අවුරුද්දක් වේවා....!

ලොව ලස්සන වන්නේ දූ දරුවන්ගෙනි. එමෙන්ම රටක මෙන්ම ලෝකයේ අනාගතය රැඳී ඇත්තේ ළමා පරපුර මතය. ඔවුන්ගේ ලෝකය වැඩිහිටියන්ගේ ලෝකයට ...
01/10/2022

ලොව ලස්සන වන්නේ දූ දරුවන්ගෙනි. එමෙන්ම රටක මෙන්ම ලෝකයේ අනාගතය රැඳී ඇත්තේ ළමා පරපුර මතය. ඔවුන්ගේ ලෝකය වැඩිහිටියන්ගේ ලෝකයට වඩා අතිශය සුන්දරය. ඒ මිහිර ඔවුන්ට බාධාවකින් තොරව හිමිකර දීම වැඩිහිටියන් සතු වගකීමකි. එබැවින් වැඩිහිටියන් වන ඔබ ඔබේ දරුවාව ආදරණිය හදවත් තුළින් රැක ගන්න. ඔබේ දරුවාගේ අනාගත සුන්දර වන්නට එයම උපකාරයක් වනු ඇත. දරුවන්ගේ අනාගතය සුන්දර වන්නේ ඔහුන්ගේ හදවත් අද දවස සුන්දර වන තරමටය. එබැවින් සුන්දර දරුවන් තනන්නට සෑම දිනයක්ම සෑම මොහොතක්ම සුන්දර ළමා දිනයක් වේවා...

මීට
නිසල අරණ තක්සලාවේ නිර්මාතෘ
බුද්ධ ධර්මය ප්‍රවිණ දේශක
මාටුවාගල හාමුදුරුවෝ

11/09/2022

දුක ඇතිවන තැනට
තණ්හා කළ නිසා නේද
ඔබට දුක ආවේ..
ඒ කියන්නේ
දුක හදාගත්තේ ඔබමයි නේද?

අකුසලයට එහෙරෙහි නැගිසිටින කුසලයට නැඹුරු වූ සිතුවිලි              පහළවන               පිංසාර                බිනර පොහොය දි...
10/09/2022

අකුසලයට එහෙරෙහි නැගිසිටින
කුසලයට නැඹුරු වූ සිතුවිලි
පහළවන
පිංසාර
බිනර
පොහොය දිනයක් වේවා

කරුණා ධාරාව ගලා යෑමෙන් මහ පොළොවේ අජිව සජීව හැම වස්තුවක් ම නිවී සැනහීම් බවට පත් කළ ශාන්ත ධර්මයේ ආලෝකයෙන් මුළු තුන්ලොව සතු...
14/05/2022

කරුණා ධාරාව ගලා යෑමෙන්
මහ පොළොවේ අජිව සජීව හැම වස්තුවක් ම
නිවී සැනහීම් බවට පත් කළ
ශාන්ත ධර්මයේ ආලෝකයෙන්
මුළු තුන්ලොව සතුන්ගේ සිත් එළිය කළ
වීතරාගී තිලෝගුරු බුදුරජාණන් වහන්සේ ගේ
ලොව පහළවීම - බුදුවීම - පිරිනිවන් පෑම යන අසිරිමත් මංගල කරුණු රැසකින් දේවත්වයට පූජනීයත්වයට පාරිශුද්ධත්වයට ඓතිහාසිත්වයට පත්වුණු
ශ්‍රී වෛශාඛ පෞර්ණමී #වෙසක්_දිනය_අදයි..!
බුදු ගුණයෙන් සියලු සිත් සැනසේවා.!
ඔබ සැමට පිංබර වෙසක් මංගල්‍යයක් වේවා..!!
ආසිරි පතනය
#මාටුවාගල_හාමුදුරුවෝ

වැරදි විදිහට සිතීම.. ඔබේ විනාශයට හේතු වේ.www.youtube.com/NisalaAranaTv9 hamuduruwo Nisala Arana Tv Nisala Arana Tv
05/01/2022

වැරදි විදිහට සිතීම.. ඔබේ විනාශයට හේතු වේ.
www.youtube.com/NisalaAranaTv9
hamuduruwo
Nisala Arana Tv
Nisala Arana Tv

https://youtu.be/BPIkkCLGamIසති අන්තයේ දී ආරණය වාසි පිංවත් ස්වාමින්වහන්සේලා විසින් දේශනා කරනු ලබන උතුම් ධර්මය ශ්‍රවණය කර...
26/12/2021

https://youtu.be/BPIkkCLGamI
සති අන්තයේ දී ආරණය වාසි පිංවත් ස්වාමින්වහන්සේලා විසින් දේශනා කරනු ලබන උතුම් ධර්මය ශ්‍රවණය කරන්න එකතු වෙන්න සති Tv youtube නාළිකාව සමග..

I'm Rev.Matuwagala Paghghajothi thero who is the director of Nisala Arana TV. As a Buddhist monk I wish to create a peac...
12/12/2021

I'm Rev.Matuwagala Paghghajothi thero who is the director of
Nisala Arana TV.

As a Buddhist monk I wish to create a peaceful younger generation with full of good thoughts and activities as well as exellent Education in Buddhism .

Our vision is to develop well rounded, confident and responsible individuals who aspire to achieve their full potential and targets.As well we will do this by providing a welcoming, happy, safe, and supportive learning environment in which everyone is equal and all achievements are celebrated.

" happy child is
a successful one."

We are committed to providing a positive, safe and stimulating environment for children to learn, where all are valued. We intend that all children should enjoy their learning, achieve their potential and become independent life-long learners too.

And also we hope to do a huge social service through this channel such as,

* Changing peoples thinking method
* How to face for the problems
* How to achieve life targets
* Entertainment programmes
* Bodhi pooja ,pirith and sermons
* How to build up our body health

So keep in touch with Nisala Arana TV.

YOUR SUCCESS IS OURS
Join with us...
TO CHANGE THE WORLD ...
WISELY AND NICELY ❤🙏
www.youtube.com/NisalaAranaTv9

My name is Ven. Matuwagala Pannajothi Thero. I am a Buddhist monk. I am the director of Nisala Arana and my main objective is to impart Buddhist education to...

https://youtu.be/NAjFvEpVousඊයේ දිනයේ දී අපගේ Nisala Arana Tv පළ කරන්නට යෙදුන මෙම විඩියෝවට Views 200000 ක්. Subscribe 50...
10/12/2021

https://youtu.be/NAjFvEpVous
ඊයේ දිනයේ දී අපගේ Nisala Arana Tv පළ කරන්නට යෙදුන මෙම විඩියෝවට
Views 200000 ක්. Subscribe 5000 ක් හැම දෙනාටම තෙරුවන් සරණයි..!!
පිය සෙනෙහ වෙනුවෙන් පුතෙක් ගැයු නෙතට කදුළක් ගෙන දෙන සංවේදී ගීතය.

ගායනය - නෙතුළ ගෙත්මික කුරේ
පද රචනය - අතුල නිශාන්ත
තනු නිර්මාණය/සංගීතය පැතුම් කුරේ
නිෂ්පාදනය - ගනේෂන් ගනේෂ්වරන්

( රටවිරුවෝ පදනම)
ගීතයේ මුල් අයිතිය - (රටවිරුවෝ පදනමට අයිතිය)

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Nisala Arana Tv posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Nisala Arana Tv:

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share