A mom's life in Australia

  • Home
  • A mom's life in Australia

A mom's life in Australia Motherhood + Lifestyle + Minimalism
(4)

අපේ 3 දෙනාම කවදාවත් ලංකාව දැකල නෑ. ඒත් එයාලා සිංහල කතා කරන, සිංහල සිංදු කියන, අපේ culture එකට ආදරේ කරන දරුවෝ. මේ වගේ රටක...
27/08/2024

අපේ 3 දෙනාම කවදාවත් ලංකාව දැකල නෑ. ඒත් එයාලා සිංහල කතා කරන, සිංහල සිංදු කියන, අපේ culture එකට ආදරේ කරන දරුවෝ. මේ වගේ රටක ඉන්න අතරේ එහෙම ලමයි හදන එක ටිකක් අමාරු වුණත්, කරන්න බැරි දෙයක් නම් නෙවෙයි. මේ මම ඒ වෙනුවෙන් කරන දේවල් ටිකක්

A mum's life in Australia,sri lanka,Sri Lanka,sinhala,day in life sinhala,day in life sri lanka,day in life sri lankan mum,sri lankan in melbourne,sri lankan...

මේ සිද්ධිය උනේ දැනට ටික කාලෙකට කලින්.. දවසක් මගෙ ගාවට කවුන්සලින් ආවා ගෑනු කෙනෙක්.. ඇය කීව විදිහට ඇය ගුරුවරියක්.. ඇයගේ සැ...
07/08/2024

මේ සිද්ධිය උනේ දැනට ටික කාලෙකට කලින්.. දවසක් මගෙ ගාවට කවුන්සලින් ආවා ගෑනු කෙනෙක්.. ඇය කීව විදිහට ඇය ගුරුවරියක්.. ඇයගේ සැමියා බැංකුවක වැඩ කලේ...

ඔවුන්ට දරුවන් හිටියෙ නෑ...සැමියා දෙන මානසික හා කායික වද වේදනා ඉවසන්න බෑ කියලා තමයි ඇය කවුන්සලින් වලට ආවෙ.. මම ඒ දෙන්නව සමගි කරන්න මුලින් උත්සාහ කලා.. මම ඇගේ සැමියට කෝල් කලාම ඔහු මට කීවෙ ඔයා ගෑනු දැකලා නැති උනාට මට ගෑනු ලොකු නෑ .. මගෙ ගෑනි ගැන මම බලාගන්නම් කියලා... එතනින් එහාට මම ඔහු එක්ක කතාවට ගියේ නෑ ඇයට මම උපදෙස් දුන්නත් ඇයට සැමියාගෙන් වෙන වද හිංසා ඉවරයක් උනේ නෑ... කවුන්සලර් කෙනෙක් හැටියට මම කරන්නෙ මගෙ සේවා දායකයාට සමාජ සම්මත හොඳ ක්‍රමයට බැරිනම් තෝරාගන්නා අනිත් විකල්ප ක්‍රමයට හෝ අවශ්‍ය මානසික සනසීම ලබා දෙන එක.
. උදාහරණයක් විදිහට සැමියයි බිරිඳයි සමගි වෙලා වගේම දික්කසාදයක් වෙලා උනත් සැනසීමක් ලබාගන්න පුලුවන් නම් ඒ දෙකම මම එයාලට යෝජනා කරනව කැමති එක තෝරගන්න...ඉතින් මමත් ඔවුන්ව සමගි කරලා සැනසීම දෙන්න උත්සාහ කරලා බැරිම තැන ඇයට යෝජනා කලා කැමති නම් ඔයාට දික්කසාද වෙලා මේ ප්‍රශ්නෙන් ගැලවෙන්න පුලුවන් කියලා... ඒ ගමන ඇය කියනව අනේ මට ඒක කරන්න බෑ.. මම ජීවිතේ ඉස්සරලම ආදරේ කලේ එයාට.. අදටත් එයා එනකන් මම කන්නෙ නෑ මම දික්කසාද උනොත් එයාට බලන්න කෙනෙක් නෑ ... කියලා..

මගෙ රස්සාව අනුව කිසිම කෙනෙකුට කිසිම දෙයක් කරන්න කියලා බල කරන්න බෑ ඒක කවුන්සලින් වල නීතියක්... ඒ නිසා මම ඇයට සැමියගෙ හිරිහැර ඉවසගෙන ඉන්න ඕනෙ විදිහ කියලා දුන්නා ඒක අසාර්තක ක්‍රමයක් බවත් කියලා... ඇය ආයෙ කවුන්සලින් ආවෙත් නෑ.. කවුන්සලින් ඇවිත් යන අය ගැන මම පසු විපරම් කරන්නෙත් නෑ ඔවුන් නිහඬයි නම්.. ගිය සතියෙ මට වට්සැප් එකෙන් කෝල් එකක් එනව අර කාන්තාවගෙන්...

සර් මම ඉතාලියට ආවා අපේ ෆැමිලි වල අය ඉන්නෙ මෙහෙ.. ලංකාවෙ හිටියෙ හස්බන්ඩ් නිසානෙ ...

දෙන්නම ආවද...

අනේ නෑ සර් මම තනියම ආවෙ...

එතකොට හස්බන්ඩ්...

ඒක මට අදාල නෑ සර් එයා උන්නත් එකයි මැරුනත් එකයි මට.. මගෙ ඉවසීමෙ සීමාව පැන්නුවා එයා... මට දැන් එයා වැඩක් නෑ.. දැන් අඬ අඬා වීඩියෝ එවනව මට... මම සතේකට ගනන් ගන්නෙ නෑ සර් මම කලින් හිටපු ගෑනි නෙවේ ....මාව යකඩ ගෑනියක් කලේ එයාමයි.. එයා දන්නෙ නෑ සර් අහිංසක ගෑනියෙක්ගෙ හයිය...

මට මේ කතාව එක්ක මතක් උනා කතාවක් මේ කතාව මට කීවෙ ප්‍රවීන මාධ්‍යවේදිනියක් සහ නිවේදිකාවක් වන තිලිනි අතුකෝරාල...

ධනුෂ්ක උඹ දන්නෙ නෑ ගෑනියෙකුට තියන ශක්තිය .. අපේ තාත්තා මැරෙනකොට මට අවුරුදු හතරයි මල්ලිට දෙකයි.... තාත්තා මැරිලා මිනිය ඉස්පිරිතාලේ තියලා ගෙදර එන ගමන් අම්මා මල්ලිටයි මටයි වෙනදා වගේම ලොලිපොප් දෙකක් අරන් ආවා...

මට ඒ කතාව ඇත්තටම දැනුනා.. ගෑනුන්ගෙ ශක්තියත් හරියට වාහන වල එයා බෑග් එක වගේ.. එයා බෑග් එකේ ක්‍රියාකාරීත්වය අපට දකින්න වෙන්නෙ අනතුරකදි විතරයි... එතකන් අපට ඒක දකින්න වෙන්නෙ නෑ.. ගෑනුන්ගෙ ශක්තියත් ඒ වගේමයි .. උන් ඉන්නෙ හරි සුකොමල විදිහට .. එදිනෙදා ජීවිතේදි කඩියෙක් කෑවත් හූ තියලා දුවගෙන මිනිහා ගාවට ඇවිත් ඌට කියලා එතන අතගාලා බාම් ටිකක් ගාවගන්න ආසා කරන බොලඳ ගෑනු තමන්ගෙ ම්නිහා ඒක නොකරන බව දැනුනම දෙයක් තේරුම් ගන්නවා තමන්ගෙ ජීවිතේටම ඇති වෙන්න.. ඊට පස්සෙ කඩියෙක් නෙවෙයි නයෙක් කෑවත් නයාවත් අල්ලලා මල්ලක දාගෙන තනියම ඉස්පිරිතාලෙට යන්නත් ඒ බොලඳ ගෑනිට පුලුවන්.. ගෑනු පිට යන්නෙ වල් කමට නෙවෙයි උඹට වටින්නෙ නැතිවට මාව පිට එවුන්ට වටිනව බොල කියලා මිනිහට ද්‍රෝහි වෙලා ලබන සතුට ලබන්නයි උන් පිට යන්නෙ.. . මාලුවන්ට ජීවත් වෙන්න වතුර ඕනෙ වගේ ගෑනුන්ටත් ආදරේ ඕනෙ.. ඒ ගෑනුන්ගෙ විදිහ.... එහෙම ගෑනුන්ට ආදරේ නැති උනාමයි උන් පිට යන්නෙ ආදරේ හොයාගෙන... ගෑනු ආදරේට පට්ට ආදරෙයි .. උන් ආදරේ කරන එකාගෙ දුක් එක සීමාවක් දක්වා ආදරෙන් උහුලනවා... වද දෙනකොට වැලපි වැලපි දුක් වෙනව හරියට බටර් වගේ.. බටර් ගින්දරට ලං කලාම උනුවෙලා වැක්කෙරෙනව.. හැබැයි ඒ දුක් ඉවසන්ඩ බැරි සීමාවෙන් එහාට ඒ ගෑනිව ගෙනිච්චොත් ඒ ගෑනි බිත්තර වගේ වෙනව... බිත්තර ගින්දරට ලං වෙනකොට ගල් වෙනව හයි වෙනව ....

ගෑනියෙකුට නොපෙනෙන ශක්තියක් තියනව තමන් ආදරේ කරන මිනිහෙක්ව අනතුරකින් ගලවගන්න ඕනෙ උනාම ඌව වහගෙන යකඩ තාප්පයක් වගේ වෙන්න.. හරියට වාහනේක සීට් බෙල්ට් එකක් වගේ.. සීට් බෙල්ට් එක දාගෙන අපි ගමන යනකොට අපිට ඕනෙ තරම් එහා මෙහා වෙන්න අපිට සීට් බෙල්ට් එක ඉඩ දෙනව එයා එහා මෙහා වෙවී අපිට නිදහසේ ඉන්න දෙනව.. ඒත් එක පාරටම අපිට අනතුරක් වෙන්න යනකොට සීට් බෙල්ට් එක අපිට හෙල්ලෙන්න වත් බැරි විදිහට අපිව සීට් එකට අල්ලලා බැඳගන්නවා... ඒ අපිව බේරගන්න.. තමන්ගෙ මිනිහට ගහන්න ආව මිනිස්සු හතරපස් දෙනෙක්ට පොලුපාර දීලා එලවලා මිනිහව බේරගත්ත ගෑනු ඉන්නව .. හැබැයි උන් වෙනදට පොඩි දේටත් අඬන ගෑනු...

ගෑනු තමන් ගාව කකුල් ලෙවකකා ඉන්න බව තේරුම් ගත්තම ඒ ගෑනිව ඕනෙවට වඩා පෙලන මිනිස්සු හිතාගෙන ඉන්නවා තමන් හෙන පොරක් කියලා සහ ඒ ගෑනු හරි දුර්වලයි ඒ ගෑනිට තමන් නැතිව ජීවත් වෙන්ඩ බෑ කියලා.. ඊට පස්සෙ ඌ උගෙ ආතල් එක කරගන්නෙ ගෑනිට අපහාස කරන එක සහ බැන බැන වද දෙන එක ගහන එක.. ඌට තේරෙන්නෙ නෑ තමන් ගහන ගල් වලින් ඒ ගෑනිගෙ හදවතේ ඉස්සරහින් කොංක්‍රීට් තාප්පයක් හැදෙන බව.. ඊට පස්සෙ එක වෙලාවක් එනව ඒ ගෑනි අරූව අතාරිනවා ආයෙ ඌට අම්මගෙන් බීව කිරි මතක් වෙන්නම.. වෙනදා බැල්ලියෙක් වගේ මුල්ලට වෙලා අඬන ගෑනි ගාව ඌ දන ගෑවත් ආයෙ ඒ ගෑනි හැරිලවත් බලන්නෙ නෑ.. ඒක නිසා ගෑනු එක්ක වැඩ කරන්නෙ පරිස්සමෙන් ... ගෑනු ගොඩක් දුර්වලයි.. ඒ උන් ගෑනු නිසා.... ගෑනු ගොඩාක් ශක්තිමත්. ඒ උන් ගෑනු නිසා.!

✍️ ධනුෂ්ක කාංචන ජයවීර

පොත් ගැන අහපු අයට සුබ ආරංචියක්
28/07/2024

පොත් ගැන අහපු අයට සුබ ආරංචියක්

...

28/07/2024

That "Thank you, I love you " at the end 😅😅

23/07/2024

The reason for not getting done anything properly 🫠🫠

22/07/2024

When you have 100% body flexibility ..........And guess the name of the dance

21/07/2024

This will make your day.....😍😍

19/07/2024

A mum would do anything to save her baby🐘🐘🐊🐊

කාලෙකට පස්සෙ අපි.... Toy organisation and toys I use
18/07/2024

කාලෙකට පස්සෙ අපි.... Toy organisation and toys I use

A mum's life in Australia,sri lanka,Sri Lanka,sinhala,day in life sinhala,day in life sri lanka,day in life sri lankan mum,lankan in melbourne,sri lankan mom...

17/07/2024

සමහර අය මම දරුවෝ හදන විදිය දැක්කම හරියට කම්පා වෙනවා. 🤭🤭 "අනේ පව් චූටි ලමයගෙන් වැඩ ගන්නවා, එයාගේ ලේසියට ලමයට තනියම වැඩ කරගන්න දීලා, ලමයින්ව තනියම නිදි කරවනවා, ආදරේ නම් ලගින් තියාගන්න එපැයි" කිය කිය කතා ගොඩයි.
ඒ වගේ මෝඩ මිනිස්සුන්ව දැක්කම ඉතින් අනුකම්පා කරනවා ඇරෙන්න කරන්න දෙයක් නෑ. මොකද නොදැනුවත්වම එයාලා පෙන්නුම් කරන්නේ එයාලගේ දැනුමේ අඩුකම. එහෙම අය මේ Dr. Chaminda Weerasiriwardana ගේ කතාව අහන්න. මොලය සහ විද්‍යාව ගැන ඉගෙන ගන්න. 🤓🤓
මේකේ සම්පුර්ණ video එකේ මීට වඩා ගොඩක් විස්තර කියනවා වගේම ගොඩක් දේවල් පැහැදිලි කරනවා. සම්පුර්ණ video එක බලන්න ඕන අය මේ link එකට ගිහින් බලන්න පුළුවන්.
https://youtu.be/HybztKocf3o?si=rjruMKGzzViYEllr

17/07/2024

What do you think?

15/07/2024

Best way to get the attention. who wants to cross the road???😁😁

09/07/2024

😼😼

මම බබාලට තනියම වැඩ කරගන්න කියලා දෙන හැටි
23/05/2024

මම බබාලට තනියම වැඩ කරගන්න කියලා දෙන හැටි

A mum's life in Australia,sri lanka,Sri Lanka,sinhala,day in life sinhala,day in life sri lanka,day in life sri lankan mum,sri lankan in melbourne,sri lankan...

16/05/2024
උත්සහ කරන එක නවත්තන්න හිතෙනවද?මේ පොස්ට් එක ලියන්න initiative එක ගොඩක් දේවල් try කරලා මහන්සියෙන් ඉන්න නංගි කෙනෙක් "උත්සහ ...
16/05/2024

උත්සහ කරන එක නවත්තන්න හිතෙනවද?

මේ පොස්ට් එක ලියන්න initiative එක ගොඩක් දේවල් try කරලා මහන්සියෙන් ඉන්න නංගි කෙනෙක් "උත්සහ කරන එක නවත්තන්න" කියල මගේ Facebook group එකට දාපු පොස්ට් එක. ඉතින් ඒකට මගේ අදහස කියන්න කියල තව කෙනෙක් request කරලා තිබුනා. උඩින් පල්ලෙන් comments බැලුවම තවත් ඒ වගේ මහන්සියෙන් ඉන්න ගොඩක් අය ඉන්නවා කියලා මට තේරුණා. ඉතින් ඒ නිසා ඔන්න මේ මගේ අදහස සහ මගේ අත්දැකීම අවුරුදු 4ට අඩු දරුවෝ 3 දෙනෙක් ඉන්න අම්මා කෙනෙක් විදියටත් health sector එකේ ඉන්න කෙනෙක් විදියටත්. ඒ වගේම මම මේ පොස්ට් එක චූටිම දරුවෝ ඉන්න අම්මලට වගේම ටිකක් ලොකු බබාලා අම්මලටත් ගැලපෙන්න ලියන්නම්.

ඔයා අළුත් අම්මා කෙනෙක් වුනත් දැනට දරුවෝ ඉන්න අම්මා කෙනෙක් වුනත් දරුවෙක් හදන්න හිතනවා නම් අනිවාර්යයෙන්ම ඒකට ready වෙන්න ඕන. හැබැයි දැන් කාලේ එක එක අදහස් සහ ක්‍රම ගොඩක් තියන නිසා අපි බුද්ධිමත් වෙන්න ඕන වඩා ගැලපෙන ක්‍රමය මොකද්ද කියල තෝරාගන්න. මම මේක උදාහරණ එක්ක කියන්න try කරන්නම්.

බබා ඉපදුන අලුතම නම්, බබා ඉවරයක් නැතුව අඬනවා නම් එකට හේතු ගොඩක් තියෙන්න පුළුවන්. හැමෝම කියන්න පුළුවන් කිරි මදි ඇති කියලා. ඒකත් හේතුවක් තමයි. ඒත් ඒක ඇරුනම බබාට සීතල/රස්නේ වැඩි වෙලා, බඩේ හුලං පිරිලා, කිරි උගුරට එන ගතිය(reflux), කොලික්, witching hour, cluster feeding time ......වගේ නොයෙකුත් හේතු වෙන්න පුළුවන්. ඉතින් එතකොට මේ දේවල් ගැන දැනුවත් අම්මා කෙනෙක් නම් ඔයාටම පුළුවන් හේතුව මොකද්ද කියලා හොයාගන්න. හැබැයි හේතුව හොයාගත්තා කියලා ඒ ගොඩක් conditions වලට magic විසදුම් ක්‍රම නම් නෑ. සමහර වෙලාවට තියන විසදුම් ක්‍රම වලින් පොඩි relief එකක් විතරයි ලැබෙන්නේ. උදාහරණයකට බබාට reflux නම් ඔළුව පැත්ත ඉස්සෙන්න wedge එකක් use කරන්න පුළුවන් . හැබැයි ඒක දාපු ගමන් reflux හොඳ වෙන්නේ නෑ. කොලික් වලත් එහෙමයි. එතකොට මහන්සි වැඩි වුනාම, කරන කිසිම ක්‍රමයක් 100% සාර්ථක නැති වුනාම අම්ම stress වෙලා, මේ කිසිම දෙයක් කරලා වැඩක් නෑ කියල හිතෙන්න පුළුවන්. එහෙම අම්ම කෙනෙක් reflux තියන බබෙක්ට අඬන හැමවෙලේම කුක්කු උර උර ඉන්න දෙනවා කියලා හිතුවොත් මොකද වෙන්නේ? (මොකද බබාලා මොන ප්‍රශ්නේ තිබුනත්, බඩගිනි නැති වුනත් කුක්කු කටට දීපු ගමන් උරන්න ගන්නවා ) එතකොට reflux/colic වැඩි වෙලා බබාට තව අමාරු වෙනවා. අනික reflux සහ කොලික් වගේ ප්‍රශ්න ගොඩක් තියෙන්නේ මුල් මාස 3 විතරයි.

තව ලොකු ප්‍රශ්නයක් නේ බබාගේ නින්ද. බබෙක් ඉපදුනු දවසේ ඉඳන් sleep training කරන්න ඕන. එතකොට හරි ලේසියි. sleep training කිව්වම ඒකට ක්‍රම ගොඩක් තියනවා. හැබැයි ඔයාට පුළුවන් ඒ ක්‍රම හැම දේකින්ම හොඳ දේවල් විතරක් අරන් වෙනම ක්‍රමයක් හදා ගන්න. ගොඩක් අය හිතන්නේ sleep training කියන්නේ බබා නලවන්නේ නැතුව cot එකේ තියලා තනියම නිදාගන්න දෙන එක කියලා. ඒ ක්‍රමයට කියනවා cry it out method කියලා. ඒ ක්‍රමයට මම සම්පුර්ණයෙන්ම විරුද්ධයි. ඒක හරිම අමානුෂික ක්‍රමයක්. මුල් මාස ගානෙම මගේ නම් sleep training කියන්නේ දවල් රෑ වෙනස දරුවට පුරුදු කරන එක. මොකද එයාලා ඉපදෙද්දී දවල් රෑ වෙනස දන්නේ නෑ.( day-night confusion). මුල් මාස කීපයේදී මේක පුරුදු කරගත්තේ නැති වුනාම තමයි "අනේ මගේ බබා රෑ 12 වෙනකම් නිදාගන්නේ නෑ නේ." කියල කියන්න වෙන්නේ. ඊට පස්සේ ටිකෙන් ටික තමයි දවල්ට නිදා ගන්න එකට routine එකක් හදන්නේ. උදාහරණයක් විදිහට මාස 7 ක් වගේ වෙනකම් මම බබාට ඕන කියලා පේන වෙලාවට දවල්ට නිදාගන්න දෙනවා. මාස 7 වගේ වෙද්දී කෑමත් පටන් අරන් නිසා දවල්ට දෙපාරක් විතරක් නිදාගන්න පුරුදු කරනවා. මේ දවස් වල මම මගේ 3 වෙනි බබා ඒකට පුරුදු කරන ගමන් ඉන්නේ. කලින් එයා හිතෙන හිතෙන වෙලාවට දවල්ට විනාඩි 30-45 නිදාගත්තා. දැන් naps 2 ක් විතරක් දෙන නිසා එක දිගට උදේට පැය 1.5 කුත් හවසට විනාඩි 30-45 ක් වගෙත් නිදාගන්නවා. (හවස නින්ද නම් බලෙන් ඇහැරවනවා. නැත්තම් රෑට එයාට නිදිමත නැතිවෙන නිසා) සමහර බබාලට 2 naps මාස 7 වෙනකම් ඉන්නේ නැතුව කලින් පටන් ගන්නත් පුළුවන්. ඒක එක එක බබාගේ නින්දේ අවශ්‍යතාවය අනුව වෙන වැඩක්. බබා අඬවන්නේ නැතුව කිරිත් නැතුව තනියම නිදා ගන්න පුරුදු කරවන්න පුළුවන්. හැබැයි ඒකට අවුරුද්දක් ඉවසීමෙන් sleep regression එක්ක ටික ටික තමයි train කරන්නේ. මෙහෙම පුරුදු කරගත්තේ නැති වුනාම තමයි ගොඩක් අම්මලා කියන්නේ "අපෝ මට නම් රෑට නින්දක් නෑ මේ දරුවා නිසා" කියලා. මට අවුරුදු 4 ට අඩු 3 දෙනෙක් ඉඳලත් මම රෑට පැය 6 ක් එක දිගට නිදා ගන්නවා. දරුවෝ කීයක් හිටියත් එහෙම සැහැල්ලුවෙන් ඉන්න නම් try කරන එක නවත්තන්නේ නැතුව අවබෝදයෙන් ගැලපෙන වෙලාවට ගැලපෙන ක්‍රමය use කරන්න ඕන. ඒ වගේම අවුරුද්දෙන් පස්සේ එකදිගට පැය 10-12 ක නින්දක් ලැබෙන එක හරිම වැදගත් දරුවන්ගේ මොලය වර්ධනයට.

ගොඩක් අම්මල හිතන්නේ අමාරුම කාලේ කිරිදෙන කාලේ කියලා. ඒත් ඇත්තටම බැලුවොත් අමාරුම, වැදගත්ම කාලේ තමයි අවුරුදු 1 -5 අතර කාලය. මොකද මේ කාලේදී තමයි එයාලා ලොකු වුනාම කොයි වගේ කෙනෙක් වෙනවද කියන එක තීරණය වෙන්නේ. දරුවාගේ මොලයේ වැඩි කොටසක් හැදෙන්නෙත් මේ කාලේදී. ඉතින් ඒ නිසා මේ කාලේදී දරුවෙක්ට routine එකක් තියෙන්න ඕන. වගකීම් දෙන්න ඕන. තනියම වැඩ කරන්න පුරුදු කරවන්න ඕන. තමන්ගේ හැඟීම් කොහොමද express කරන්නේ කියල උගන්නන්න ඕන. ඒ හැමදේම කරන්න නම් ඔයා අනිවාර්යයෙන්ම මේ දේවල් ගැන හොයල බලල ඉගෙන ගන්න ඕන. ඒවා කරන්න try කරන්නත් ඕන.

ඒ වගේම බබාට routine එකක් හදාගන්නේ අපිට වැඩ පහසු කරගන්න විතරක් නෙවෙයි. දරුවෝ ගැන කරපු පරීක්ෂණ වලින් ඔප්පු වෙලා තියනවා දරුවෙක්ගේ වර්ධනයට routine එකක් තියන එක උදව් වෙනවා කියන එක. අපි සරල උදාහරණයක් ගමුකො. මෙච්චර ලොකු අපිට වුනත් එකම වෙලාවට හැමදාම සතියක් කන්න දුන්නොත් ඊළඟ සතියේ ඉඳන් අපිට ඉබේටම ඒ වෙලාවට බඩගිනි වෙනවා. ඒ වගේම තමයි දරුවොත්. එකම වෙලාවට කන්න, නිදාගන්න, සෙල්ලම් කරන්න දුන්නම එයාලා ඒ ක්‍රමයට පුරුදු වෙනවා. හැබැයි ඒකට මාස ගානක් මහන්සි වෙන්න ඕන. මොකද වැඩිහිටි අපි වගේ නෙවෙයි දරුවනට මාස කීපයකට වතාවක් ලොකු growth sprout එකක් වෙනවා. මේ routines තියන එකේ benefits කීපයක්.
- දවසේ වැඩ පිලිවෙල දන්නා නිසා දරුවට මානසිකව ආරක්ෂාවක් දැනීම
- නිසි නින්දක් සහ පෝෂණයක් ලැබීම
- tantrums සහ අනෙකුත් "දඟ වැඩ" අඩු වීම
- දරුවන්ට self control වෙන්න පහසුවීම
- දරුවන්ට අලුත් දේවල් ඉගැන්වීම පහසුවීම
- අපිට දරුවාව තේරුම් ගන්න පහසු වීම ( කිරි දෙන එකට routine එකක් තියෙද්දී අසාමාන්‍ය වෙලාවක අඬද්දී බඩගිනි ඇති කියලා හිතන්න අවශ්‍ය වෙන්නේ නෑ)
- පෙරපාසලට හුරුවෙන්න පහසුවීම

ඒ නිසා තේරුම් ගන්න ඕන දේවල් කීපයක් තියනවා.

1. මොන දේ දැනගෙන හිටියත් දරුවන්ගේ හැම ප්‍රශ්නෙකටම 100% සාර්ථක විසඳුම් හොයාගන්න බැරි වෙන එක සාමාන්‍ය දෙයක්. මොකද දරුවෝ කියල කියන්නේ තවත් එක tiny human කෙනෙක්. ඒ නිසා අපිට කිසිම වෙලාවක perfect බබෙක් හෝ perfect solutions ලැබෙන්නේ නෑ. ඒ නිසා ප්‍රශ්නයක් ආවම මහන්සි වෙලා ඒකට වඩා ගැලපෙන උත්තරයක් හොයන්න.

2. වයස කීය වුනත් දරුවෙක් අඬන එක සාමාන්‍ය දෙයක්. කතා කරන්න බැරි දරුවෝ communicate කරන්නේ අඬන එක හරහා. කතා කරන්න පුළුවන් දරුවෝ අඬන්නේ හිතේ තියන දුක හෝ පීඩනය අඩු කරගන්න. මොකද එයාලට emotion controlling හැකියාව නෑ තාම. ඒ නිසා අම්මා කෙනෙක් වුනාම තියෙන්න ඕන main quality එකක් තමයි දරුවෝ අඬන එක දැක්කම stress නොවී ඉන්න එක. මොකද ඔයා stress වෙලා අඬන එක නවත්තන්න විතරක් focus කරාම ඇත්ත ප්‍රශ්නේ මග ඇරෙන්න පුළුවන්. මේකට reflux ගැන උදාහරණයක් දුන්න නේ. ඒ නිසා මෙතන මම අවුරුදු 2-3 වයසේ බබෙක් ගන්නම්. කීප වතාවක් පැහැදිලි කරලත් දරුවා ඉවරයක් නැතුව අඬද්දී සාමාන්‍යයෙන් ගොඩක් අය stress වෙනවා. මේකේ ප්‍රථිපල කීපයක් තියෙනවා. එක්කෝ ඔයා පුරුදු වෙනවා දරුවා ඉල්ලපු දේ දෙන්න. (මේකෙන් වෙන බලපෑම දකින්න වෙන්නේ දරුවා ලොකු වුන කාලෙට. එතකොට ඒ වරද ආයේ හදන්න බෑ ). නැත්තම් ඔයා දරුවට කෑ ගහලා බය කරලා අඬන එක නවත්තන්න බලනවා. (දරුවා emotion control zero කෙනෙක් වෙනවා ඔයා වගේම) ඉතින් මේ වැරදි 2 ම නොකර ඉන්න නම් දරුවා අඬද්දී ඉවසීමෙන් බලන් ඉන්න හෝ අවශ්‍ය දේ කරන්න ඔයාව පුරුදු කරගන්න. මේක ලොකු topic එකක් ඒ නිසා අපි ඒ ගැන වැඩිදුර පස්සේ කතා කරමු.

3. අම්මා කෙනෙක් වෙනවා කියන්නෙම ලොකු වගකීමක්. ඒ නිසා අනිවාර්යයෙන් ඔයා මොන දෙකින්වත් වැටෙන්නේ නැති ශක්තිමත් කෙනෙක් වෙන්න ඕන. ඒකට ඔයා ඔයාට වෙලාව වෙන් කරගන්න, ඔයා ඔයාවම බලාගන්න. දවසේ කොතන හරි "me time " එකක් තියාගන්න. බබාට සහ ඔයාට routine එකක් තියනවා නම් ඔයාට me time හදාගන්න පහසුයි. එතකොට ඔයත් මානසිකව සැහැල්ලු වෙනවා. එතකොට ඉබේටම ඔයා වඩා efficient සහ understanding අම්මා කෙනෙක් වෙනවා.

4. ඔයාගෙම වුනත් එක දරුවෙක් අනිත් කෙනාට වඩා වෙනස්. ඒ නිසා හැමදේම ඒ දරුවට ගැලපෙන්න පොඩි පොඩි වෙනස්කම් එක්ක කරන්න. හැබැයි ඒකෙ තේරුම දරුවට ඕන විදියට අපි හැඩගැහෙනවා කියන එක නෙවෙයි. අම්මා තාත්තගේ වගකීම දරුවට අවශ්‍ය මගපෙන්වීම/ guidance එක මුල ඉඳන්ම දෙන එක.

5. මේ හැමදේම මේ කියපු විදියට try කරන්න නම් හොඳ supportive husband කෙනෙක් ඉන්න එකත් අනිවාර්යයි. මොකද මට වුනත් ඒ support එක නැති වුනානම් මේ දේවල් මෙහෙම කරගන්න ලැබෙන්නේ නෑ.

ඒ නිසා උත්සහ කරන එක අතාරින්න එපා. ඔයාට මහන්සි නම් පොඩි break එකක් ගන්න. ඊට පස්සේ ආයේ හොඳට හොයල බලලා නිවැරදි දේ කරන්න. හැමදේකදිම වගේ අම්මා කෙනෙක් වෙන එකෙත් වැරදි පාරේ යන්න ලේසියි. හරි පාරේ යන්න අමාරුයි. මොකද අපි මේ වැඩ කරන්නේ තවත් පොඩි ජිවිතයක් එක්ක. අපි කරන කියන හැමදේම එයාගේ හොඳට හෝ නරකට බලපානවා. අමතක කරන්න එපා අපිට මහන්සි වෙන්න තියෙන්නේ බොහොම පොඩි අවුරුදු ගානක් විතරයි. ඕනෑම දරුවෙක් අවුරුදු 6-7 වෙද්දී එයාගේ ජීවිතේට මුලික foundation එක වැටිලා ඉවරයි. ඒ මුලික foundation එක හරියට දාගත්තොත් එතනින් එහාට අපිට තියෙන්නේ දරුවා දිහා බලාගෙන ඉන්න විතරයි.

14/05/2024

There's no time to feel alone 😜😜

🙄🙄
12/05/2024

🙄🙄

Life goals🤭🤭
11/05/2024

Life goals🤭🤭

කාලෙකට පස්සේ vlog එකක් කරා
08/05/2024

කාලෙකට පස්සේ vlog එකක් කරා

Hi! I'm Paba. I'm a healthcare professional (medical scientist), living in Australia with three gorgeous babies and a handsome husband. I started this channe...

08/05/2024

External cephalic version (ECV).

මේක කරන්නේ breech (ඔළුව උඩට) ඉන්න බබෙක්ව ඔළුව පහළට හරවන්න. මොකද නැත්තම් normal delivery කරන්න බැරි වෙන නිසා. සති 36 වගේ වෙද්දිත් බබා හැරිලා නැත්තම් මේ ECV එකක් කරගන්න එක ගැන හිතලා බලන්න ඕන. සාමාන්‍යයෙන් මේක කරන්නේ සති 37 න් විතර. හැබැයි මෙහෙම කරන්න නම් ඔයාට හෝ බබාට වෙනත් සෞඛ්‍ය ප්‍රශ්න නැති වෙන්න ඕන. ඒ වගේම මේක කරන්න පුළුවන් ඒක ගැන දැනුමක් තියෙන කෙනෙක්ට විතරයි.

07/05/2024

Portable patio pond with a fairy garden for my kids. I made the pond from an old storage container. I even added 2 water fountains.
If you want to try to make this, I mentioned all the product links in the first comment.




Music by

04/05/2024

අපිට වෙච්ච දෙයක් 🤭🤭

01/05/2024

😂😂😂

30/04/2024

ලෙල්ලත් එක්ක කෙසෙල් කන්න පුළුවන්.... 😁😎

26/04/2024

අපේ කොල්ලගෙයි බල්ලගෙයි බරපතල කතාව.....තේරෙන කෙනෙක් translate කරන්න අප්පා. 🧐🧐කොයි වෙලේ හරි අයිතිකාරයාගෙන් අපිට ගුටි කන්න වෙනවා බල්ලව කෑ ගස්සනවට 😬😬

boxing ring එකක ඉන්නවා වගේ feeling එකක් තමයි එන්නේ..... 🥴😝
26/04/2024

boxing ring එකක ඉන්නවා වගේ feeling එකක් තමයි එන්නේ..... 🥴😝

25/04/2024

job එකක් නොකර "නිකම් ගෙදරට වෙලා ඉන්න" අම්මලාගේ ඇත්ත තත්වේ 🥴🥴😌😌
සම්පුර්ණ video එක - https://youtu.be/l13HyAxlUyA?si=EPUcCflqAqdOff7A

I was thinking about giving the experience of having a pond to my kids. But we live in a rental home and it's not possib...
23/04/2024

I was thinking about giving the experience of having a pond to my kids. But we live in a rental home and it's not possible to do it here. So I made a mini pond (a portable pond🫢) from a storage container. 🫣🫣. I made a fairy garden with a water feature on the top of it to make it more attractive. Didn't want to buy any fish. Because if I put them there, they are going to be a meal for my cat Cloe. 😅😅. This was the best I could do.

This is how I did it.
https://youtu.be/FUV-reBU2dg

Address


Website

Alerts

Be the first to know and let us send you an email when A mom's life in Australia posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to A mom's life in Australia:

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share