Sakvahini - සක්වාහිනී

  • Home
  • Sakvahini - සක්වාහිනී

Sakvahini - සක්වාහිනී Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sakvahini - සක්වාහිනී, TV Channel, .

Happy Birthday Jerad Moraes
29/10/2023

Happy Birthday Jerad Moraes

නිවන් සුව! 🙏
28/06/2023

නිවන් සුව! 🙏

ඔයාටත් ලෝකෙ දිනන්න ඕනද?එහෙනම්, අනිවා මේ පාර  O/L වලින් පස්සේ කඩ්ඩ පොලිෂ් කර ගන්න ලෑස්ති වෙන්න.හරි හරියට ලෝකෙත් එක්ක හැප්...
04/06/2023

ඔයාටත් ලෝකෙ දිනන්න ඕනද?
එහෙනම්,
අනිවා මේ පාර O/L වලින් පස්සේ කඩ්ඩ පොලිෂ් කර ගන්න ලෑස්ති වෙන්න.
හරි හරියට ලෝකෙත් එක්ක හැප්පෙන්න ඉංග්‍රීසි කතා කරන කෙනෙක් වෙන්න.

After O/L
Spoken English
- Practical Course -

මෙහෙයවීම:-
ප්‍රවීණ ඉංග්‍රීසි භාෂා දේශක සචින් මොරායස්

සා.පෙළ විභාගයෙන් පසු ආරම්භ වන ප්‍රායෝගික ඉංග්‍රීසි කථන පුහුණු පාඨමාලාව.
******* පළමු දින නොමිලේ! *******

ආරම්භය
*ජූනි 11 ඉරිදා
සියත - හෝමාගම
උදේ 9.00 - 2.00

*ජූනි 12 සදුදා
දිදුල - ගෝනපොල
උදේ 9.00 - 2.00

*ජූනි 13 අගහරුවාදා
සිප්ලා - අතුරුගිරිය
උදේ 9.00 - 2.00

*ජූනි 14 බදාදා
මල්පි සිප්සා - කැලණිය
උදේ 11.00 - 2.00
(බදාදා හා බ්‍රහස්පතින්දා දෙදිනම පැවැත්වේ)

*ජූනි 22 බ්‍රහස්පතින්දා
Online Zoom - මුලු දිවයිනටම
රාත්‍රී 8.30 - 11.00

After O/L
Spoken English
Practical Course

ඔබ දන්නවාද ?
උසස් අධ්‍යාපනය ලබන්නත්, විවිධ පාඨමාලා හදාරන්නත්.
රැකියාවක් කරන්නත්, ව්‍යාපාර කරන්නත්
රට යන්නත්
රටේ ඉන්නත්
ඔබ මොනවා කරත්
ඔබ ඉංග්‍රීසි භාෂාවෙන් පරිපූර්ණ අයෙකු විය යුතුයි.

ඉතින්
ඔයත් එන්න....
ඇවිත් හරි ආසාවෙන් ඉංග්‍රීසි ඉගෙනගන්න.
ඇත්තටම ඉංග්‍රීසි කතා කරවන
සුපිරි ඉංග්‍රීසි පන්තිය

After O/L
Spoken English
- Practical Course -

මෙහෙයවීම,
ඔබේ ඉංග්‍රීසි භාෂා සිහිනය
සෑබෑ කරන
තාරුණ්‍යයේ ආදරණීය ඉංග්‍රීසි භාෂා දේශක,
වෙනින් කවුරුත් නෙවෙයි,
සචින් මොරායස්

Sachin Moraes Super English Academy

Watch it now on YouTubeBaiscope Wigadama - බයිස්කෝප් විගඩම Sakvahini - සක්වාහිනී | Atha Mita Kasi Panamhttps://youtu.be/...
26/04/2023

Watch it now on YouTube

Baiscope Wigadama - බයිස්කෝප් විගඩම
Sakvahini - සක්වාහිනී | Atha Mita Kasi Panam
https://youtu.be/B5196TEGOIY

Waiting for බයිස්කෝප් විගඩමA new production of Sakvahini - සක්වාහිනී බයිස්කෝප් විගඩම - Baiscope Wigadama
26/04/2023

Waiting for බයිස්කෝප් විගඩම

A new production of Sakvahini - සක්වාහිනී
බයිස්කෝප් විගඩම - Baiscope Wigadama

31/12/2022

කිරි පැණි ගාගෙනනම් එන්න එපා මල්ලි හරි...

සුභ උපන්දිනයක්! ❤️
29/10/2022

සුභ උපන්දිනයක්! ❤️

වෙල්ඩින් කාර්මිකයන්ට මෙන්න හොඳම හොඳ අවස්තාවක්.
11/09/2022

වෙල්ඩින් කාර්මිකයන්ට මෙන්න හොඳම හොඳ අවස්තාවක්.

රන්ජන් ගෙදර එයි...
26/08/2022

රන්ජන් ගෙදර එයි...

නිදහස් දවසේ රන්ජන් ගෙදර එයිද ?‌ 🤔

ඔයා මොකද හිතන්නේ ? 🙄
https://youtu.be/ytS7K5KBGF8

ප්‍රචණ්ඩත්වයෙන් හිංසනයෙන් තොර සැබෑ ජන විරෝධතාවයක් දක්වමු. 💪
08/07/2022

ප්‍රචණ්ඩත්වයෙන් හිංසනයෙන් තොර සැබෑ ජන විරෝධතාවයක් දක්වමු. 💪

හෝමාගමින් Voice Teen තරගයට සහභාගිවනඒෂල් පෙරේරාට අපේ SMS මනාපය අද රාත්‍රී 8.30ට ලබාදෙමු.*එක් සිම්පතකින් SMS 5ක් ලබාදිය හැ...
19/06/2022

හෝමාගමින් Voice Teen තරගයට සහභාගිවන
ඒෂල් පෙරේරාට අපේ SMS මනාපය අද රාත්‍රී 8.30ට ලබාදෙමු.

*එක් සිම්පතකින් SMS 5ක් ලබාදිය හැක.

𝙇𝙞𝙫𝙚 𝙎𝙝𝙤𝙬𝙨 - 𝙏𝙤𝙥 𝟏𝟐
හෝමාගමින් - ඒශල් පෙරේරා (අංක 01)
The Voice Teens Sri Lanka | අද රාත්‍රී 8.30ට

18/06/2022

අශාන්‍යා ප්‍රේමදාස ඉහලම ප්‍රේක්ෂක මනාපයෙන් ඉදිරියටම. සංකජා දිසානායක ඉවතට.

ශ්‍රී ලාංකීක බහුතර ජන මතය සැමවිටම නිවැරැදිද ?

Sankhaja Dissanayaka

Comparision of Ashanya Premadasa and Sankhaja Dissanayaka who participated in Sirasa Voice Teen Sri Lanka - අශන්‍යා ප්‍රේමදාස, සංඛජා දිසානායක - Sirasa Voice Teen Sri Lanka

16/06/2022

Visekari - Eshal Perera

14/06/2022

සුරලෝකේ ඉඳන් ආවාදෝ
විසේකාරී
Sirasa TV - The Voice Teen Sri Lanka
Visekari New Version with Kaizer Kaiz's Rap
Eshal Perera

- Original Artists -
Composed & Produced by - Pasan Liyanage
Lyrics - Sampath Fernandopulle
Guitars - Primal Liyanage
Vocals - Bachi Susan & Rude Bwoy Shiraz
Mixed & Mastered by Pasan Liyanage @ Redfox

අනුරාගී නුවන් හිමිකාරී
උන්මාදී හැඟුම් මට දේවී
සිපගන්නටදෝ ලංවී
විසේකාරී

ශෘංගාරී දෙතොල් නලියාවී
හැඩකාරී සැනින් මත්වේවී
සුරලෝකේ ඉඳන් ආවාදෝ
විසේකාරී

ඔය පුළුලූකුල සුදු නෙරියේ නැලවෙන රඟේ
හිත ඔබ ගාව නවතී වගේ
ඔය මුදු සුවඳ ළය මඩල පැද්දෙන විසේ
මගෙ නෙන් සැරය ඔබ තුරුලේ නේ
මායම් රූ නාරී විසේකාරී
සායං ගෑ දල්ලෙ රසේ දේවි
කෝලං පෑ දෑසේ රැඟුම් පාවි
හීලෑ නෑ ආලේ විසේකාරී

කවිකාරී තෙපුල් මුමුණාවී
සඳයාවී උකුල් සුවදේවි
අදහන්නට බෑ පුදුමය
විසේකාරි

මනලෝලි දසුන් ඉගිලේවි
ඳගකාරි සිතුම් උතුරාවි
ඔබ කාගේ කවුරුන්දෝ
විසේකාරි

ඔය පුළුලූකුල සුදු නෙරියේ නැලවෙන රඟේ
හිත ඔබ ගාව නවතී වගේ
ඔය මුදු සුවඳ ළය මඩල පැද්දෙන විසේ
මගෙ නෙන් සැරය ඔබ තුරුලේ නේ

මායම් රූ නාරී විසේකාරී
සායං ගෑ දල්ලෙ රසේ දේවි
කෝලං පෑ දෑසේ රැඟුම් පාවි
හීලෑ නෑ ආලේ විසේකාරී

දේදුන්නයි ඇ මා මුවැත්ති
ඔව් ඈ හරි රුවැත්ති
ඔබ මා මුදු හිතැත්ති විසේකාරි
ඔබ ලඟින් ගෙවි යන වසන්තේ
පෙම් හැඟුම් ගලායයි අනන්තේ
හිත මගේ අරන් හැංගෙන්නද
විසේකාරි

ඔය පුළුලූකුල සුදු නෙරියේ නැලවෙන රඟේ
හිත ඔබ ගාව නවතී වගේ
ඔය මුදු සුවඳ ළය මඩල පැද්දෙන විසේ
මගෙ නෙන් සැරය ඔබ තුරුලේ නේ
මායම් රූ නාරී විසේකාරී
සායං ගෑ දල්ලෙ රසේ දේවි
කෝලං පෑ දෑසේ රැඟුම් පාවි
හීලෑ නෑ ආලේ විසේකාරී

Credit goes to Original owner
14/06/2022

Credit goes to Original owner

මෙ ඉන්නේ ජස්ටින් බීබර්  ඔහුගේ මුහුණේ එක් පැත්තක අංශභාග රෝගයෙන් පෙළෙන නිසා ඔහු ගායනයෙන්  විවේකයක් ගන්නා බව නිවේදනය කර තිය...
11/06/2022

මෙ ඉන්නේ ජස්ටින් බීබර්
ඔහුගේ මුහුණේ එක් පැත්තක
අංශභාග රෝගයෙන් පෙළෙන නිසා
ඔහු ගායනයෙන් විවේකයක් ගන්නා බව නිවේදනය කර තියෙනවා !

ඔහුට රැම්සේ හන්ට් සින්ඩ්‍රෝමය ඇති බවත්,
එමඟින් ඔහුගේ මුහුණෙන් අඩක් චලනය
කිරීමට නොහැකිය.එනම් ඇසිපිය සැලීම
සිනාසීමට නාස් පුඩු සෙලවීමට නොහැකි බව
ඔහුගේ ගිණුමෙ පවසා තියෙනවා !

නිකමට හිතන්න රූපය ගැන අධිමාත්‍රාවෙන්
ඇලිල නඩත්තු කරන මිනිස්සු ඉන්නවා !
අපිට වෙනස් වීමක් අහිමි වීමක් වුන විටක
අපි හිතන්නේ "අපිටමයි මෙ හැමදේම,
හැම දුකක්ම අපිටමයි කියල "

කොචිචර ධනයෙන් බලයෙන්
අගතැන්පත් වුනත්
කොහොම කෙසේ කෙනෙක් වුනත්
මෙ අනිත්‍යය වු විශ්විය න්‍යාය
හැමොටම පොදුයි !

⁣ජිවිතයේ කුමක් හෝ වෙනස් වි ඇත්නම් !
කුමක් හෝ අහිමි වි තියෙනවා නම් !
කුමක් හෝ අඩුපාඩුවක් තියෙනවා නම් !

ට්ක වෙලාවක් මෙ කෙනා දිහා බලන්න !

ඇත්තටම ජිවිතය මොන වගේද !
කොචිචර රැකගත්තත් කෙතරම්
නැසෙන සුලුද !
කොතරම් අනිත්‍යයද !

අවසාන වශයෙන්
මෙ දිහා බලා⁣ගෙන සිටියම
ඇත්තටම අපි කවිරුද !
අපිට කවර කතාද කියල
හිතේව් !

ඉතිං! යථාර්ථයට මුහුණ දෙමු !😇

ලෝක 🌍 සවාරිය නිම කර ‘මැණිකේ’ යළි දිවයිනට 🇱🇰ශ්‍රී ලාංකික පර්යේෂකයින් පිරිසක් මෙරට පක්ෂි සංක්‍රමණ අධ්‍යයනයේ සුවිශේෂි මං සල...
29/04/2022

ලෝක 🌍 සවාරිය නිම කර ‘මැණිකේ’ යළි දිවයිනට 🇱🇰

ශ්‍රී ලාංකික පර්යේෂකයින් පිරිසක් මෙරට පක්ෂි සංක්‍රමණ අධ්‍යයනයේ සුවිශේෂි මං සලකුණක් සනිටුහන් කිරීමට සමත්ව තිබේ.

ඒ, - ටැග් කරනු ලැබූ හියුග්ලින් ගලුවියෙක් (Heuglin’s Gull) කිලෝමීටර් 20,000කට ආසන්න සංක්‍රමණ චක්‍රයක් සම්පූර්ණ කර යළි දිවයිනට පැමිණීමේ පර්යේෂණයක් මෙහෙයවමිනි.

කොළඹ විශ්ව විද්‍යාලයේ ක්ෂේත්‍ර පක්ෂි විද්‍යා අධ්‍යයන කවයේ පර්යේෂණ කණ්ඩායම මෙහෙය වූ මෙම විස්මය ජනක චාරිකාවේ නිරත වූ හියුග්ලින් ගලුවියා ( ) නම් කර ඇත්තේ, #මැණිකේ යන අන්වර්ථ නාමයෙනි.

ඇයගේ සුරක්ෂිත පැමිණීමත් සමග අනාවරණ චන්ද්‍රිකා කේන්ද්‍රණ සවි කරන ලද පක්ෂීන් අතුරින් පූර්ණ සංක්‍රමණ චක්‍රයක් අවසන් කළ ප්‍රථම පක්ෂියා ලෙස මැණිකේ ඉතිහාසයට එක්වනු ඇති.

ඒ අනුව මන්නාරම සිට යුරෝපීය ආක්ටික් කලාපය කරා පියාසර කළ මැණිකේ උතුරු සංක්‍රමණික මාර්ගය හා නැවත ශ්‍රී ලංකාවට පැමිණි දකුණු සංක්‍රමණික මාර්ගය එක්ව ගත් කළ සංක්‍රමණ චක්‍රයේ සම්පූර්ණ දුර කිලෝමීටර් 19,360 කි.

2021 අප්‍රේල් මාසයේදී මැණිකේට අනාවරණ චන්ද්‍රිකා කේන්ද්‍රණ සවිකිරීම (sattelite-tagging) සිදු කෙරුණේ, මන්නාරම දූපතේදී ය.

පුරා දින 20 ක් මන්නාරම දූපත සහ රාමාගේ පාලම ආශ්‍රිතව නැවතී සිටි ‘මැණිකේ’ අප්‍රේල් මස අග භාගයේදී මන්නාරමෙන් පිටත් වූ බව පර්යේෂණ කණ්ඩායම පැවසී ය.

තරමක වෙනස් මාර්ගයක් භාවිත කරමින් යමල් අර්ධද්වීපයට ළඟා වූ මැණිකේ යමල් අර්ධද්වීපයේ කැදලි තනන්නට පෙර යුරෝපියානු රුසියාවට ඇතුළු වී ඇත්තේ, යූරල් කඳු තරණය කරමිනි.

ජුනි සිට අගෝස්තු දක්වා වූ ආක්ටික්හි ග්‍රීෂ්ම සෘතුවේදී අභිජනනයේ නිරත වූ මැණිකේ, ආපසු හැරී පළමුවෙන්ම දකුණු සංක්‍රමණය ආරම්භ කරන්නේ, අගෝස්තු අගභාගයේදී ය.

ආක්ටික්හි තම ග්‍රීෂ්ම නිවහනෙන් ප්‍රථමයෙන් පිටත් වූ මැණිකේ, ශ්‍රී ලංකාවෙන් පිටත්ව මාස 06 කට සහ දින 09 කට පසු පසුගිය නොවැම්බර් 04 වැනි දින, තම සිසිර ගමනාන්තය වූ ශ්‍රී ලංකාවේ මන්නාරමට යළි ළඟා වූවා ය.

මැණිකේගේ මෙම ගමන තවත් සුවිශේෂී වන්නේ, ඇය ශ්‍රී ලංකාව සහ යුරෝපියානු ආක්ටික් කලාපය අතර පවතින පාරිසරික සබැඳියාවට ප්‍රථම සාක්ෂිය ද සපයන බැවිනි.

මෙම සුවිශේෂි චාරිකාව සඳහා මැණිකේ ගෙවූ කාලය සහ දුර

උතුරු සංක්‍රමණයේ දී පුරා දින 35 ක් කිලෝමීටර 7880ක දුරක් ගමන් කළ මැණිකේට දකුණු සංක්‍රමණය සඳහා දින 91 ක් ගත වූ අතර, මෙහි දී ඇය සම්පූර්ණ කළ දුර කිලෝමීටර 11,480 කි.

ඒ අනුව, මන්නාරමේ සිට ආක්ටික් දක්වා සහ නැවත මන්නාරම දක්වා දිවුණු සම්පූර්ණ චාරිකාව තුළදී මැණිකේ ගෙවා දැමූ දුර , කිලෝමීටර් 19,360 කි.

හියුග්ලින් ගලුවියා යනු ශ්‍රී ලංකාවේ වයඹ සහ උතුරු දිග වෙරළබඩ ප්‍රදේශවල පමණක් දක්නට ලැබෙන මනහර, සාගරවාසී සංක්‍රමණික පක්ෂියෙකි.

හියුග්ලින් ගලුවියා පෙනුමෙන් බොහෝ සමාන වූ විශේෂ පහකින් සමන්විත Lesser Back-backed Gull (Larus fuscus) යන ගලුවියන් කාණ්ඩයට අයත් එක් විශේෂයක් බව කොළඹ විශ්ව විද්‍යාලයේ ක්ෂේත්‍ර පක්ෂි විද්‍යා අධ්‍යයන කවයේ පර්යේෂණ කණ්ඩායම පවසයි.

තව ද පර්යේෂණ කණ්ඩායම පවසන්නේ දකුණු ආසියාවේ අනාවරණ චන්ද්‍රිකා කේන්ද්‍රණ තාක්ෂණය (satellite tracking technology) ඔස්සේ සලකුණු කරන ලද, ප්‍රථම හියුග්ලින් ගලුවියන් අතරින් මැණිකේ සිය ගෝලීය සංචාරයේදී එක් රැස් කර ගත් අතිවිශාල දත්ත සමුදාය, ඉමහත් වටිනාකමක් උසුලන බව ය.

මෙම පර්යේෂණය මෙහෙයවනු ලබන කොළඹ විශ්ව විද්‍යාලයේ ක්ෂේත්‍ර පක්ෂි විද්‍යා අධ්‍යයන කවයේ පර්යේෂණ කණ්ඩායමට මහාචාර්ය සම්පත් සෙනෙවිරත්න (Principal Investigator), මහාචාර්ය සරත් කොටගම සහ ආචාර්ය උපාධි අපේක්ෂිකා ගයෝමිණි පනාගොඩ යන අය ඇතුළත් වෙති.

පර්යේෂණය සඳහා Chinese Academy of Sciences, Palmyrah House (Pvt) Ltd, Vayu Resort සහ Wetlands International යන ආයතන දායකත්වය සපයා ඇති අතර වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා නාවික හමුදාව ද පර්යේෂණය සඳහා සහයෝගීතාව සපයා තිබේ.

Copied

Source: Field Ornithology Group of Sri Lanka / NEWS1ST

ගෙදරදීම සබන් හදමු.මිලියන ගානක් වටින බිස්නස් අයිඩියා එකක්.ගොඩක් අය හෑල්ලුවට හිතන සබන්.. ඇත්තටම සුලු මුදලක් වැය කරලා හදාගන...
25/04/2022

ගෙදරදීම සබන් හදමු.
මිලියන ගානක් වටින බිස්නස් අයිඩියා එකක්.

ගොඩක් අය හෑල්ලුවට හිතන සබන්.. ඇත්තටම සුලු මුදලක් වැය කරලා හදාගන්න පුලුවන් (මමත් මේ විදියට අත්හදා බැලුවා ) වගේම හොද වෙලද පොලක් තීනවා. මම දැක්කා මෙහෙම හදපු සබං කෑලි 3ක් රු.100 අලවි කරනවා හොද ඉල්ලුමක්ත් තිබුනා මොලද වෙලදපොලේ තීන අනෙකුත් සබං එක්ක බලනකොට මේ සබං මිලෙන් අඩුයි හදන්නන්යන පිරිවැයතෙක්ක වෙලෙන්දාට හා පාරිබෝගිකයාට ගොඩක් ලාභයි.

හදන විදිය(ඔයාලට පුලුවන් මේක ඩිවලොප් කරලා අලුත් ව්දියයකට හදන්න)

★උසස් තත්වයේ සබන් නිවසේදීම.★

සබන් යනු තෙලක් භස්මයක් සමග ප්‍රතික්‍රියා කිරීමෙන් ලැබෙන ලවණයක්. එය ජලයේත් තෙල් වලත් යන දෙකේම දියවීමයි විශේෂත්වය.

සබන් වල තත්වය මනින එක් මිනුමක් වන්නේ total fatty matter (TFM) අගයයි. එය සන්ලයිට් වැන්නක 54% ක්. TFM අගය 60% ට අඩු ඒවා තුන් වන ගනයේ ලෙස සැලකෙනවා. TFM අගය පහල යන්නේ වියදම අඩු කර ගැනීම සඳහා ඊට fillers එකතු කරන නිසා. එය 70% ට වැඩි නම් පළමු ගනයේ සබන් ලෙස සැලකෙනවා. ශාක තෙල් වලට අමතරව සබන් සෑදීමට සත්ව තෙල් ලාභදායී අමුද්‍රව්‍යයක් ලෙස යොදා ගැනෙනවා. ලක්ස් වැනි සබං වල සත්ව තෙල් අඩංගු නොවන බව සඳහන් වෙනවා.

පොල් තෙල් හා කෝස්ටික් සෝඩා භාවිතා කර උපරිම TFM අගයට ලඟා වෙමින් ඉතාමත් පහසුවෙන් උසස් තත්වයේ සබන් ගෙදරදීම හදාගන්න පුලුවන්.

අවශ්‍ය දේ

පිරිසිදු පොල් තෙල් : කලවම් තෙල් ගන්න එපා මිනුම් වරදිනවා. පාම් තෙල් හෝ වෙනත් තෙල් ජාති ගන්න එපා. හොඳ පොල් තෙල් ලීටරයක් 600/- විතර වෙයි.

කෝස්ටික් සෝඩා (NaOH) : පිටකොටුවේ භංගසාල වීදියෙන් ගන්න පුලුවන් ග්‍රෑ. 250ක් 50/- යි.

පිරිසිදු වතුර

සුවඳ කාරකයක් : මම දාන්නේ කේක් වලට දාන එසන්ස්. කුප්පියක් 75/- යි.

සබන් අච්චු : ඕනෑම සැහැල්ලු ප්ලාස්ටික් භාජනයක්. සබන් පෙට්ටි පියන්, අයිස්ක්‍රීම් යෝගට් කප්…

මිශ්‍ර කිරීමට ප්ලාස්ටික් භාජනයක් : අයිස්ක්‍රීම් කප් එකක් වගේ.

Hand mixer හෝ be**er එකක්.

සැ.යු.

කෝස්ටික් සෝඩා ප්‍රබල භස්මයක්. අතේ ගාගන්න එපා. අතේ ටිකක් ගෑවුනා කියලා මුකුත් වෙන්නේ නෑ. ගොඩක් ගාගත්තොත් හම යයි. අතේ ගෑවුනාම අතේ තියෙන තෙල් සබන් බවට පත් වන නිසා සෙවල ගතියක් දැනෙනවා. වතුරෙන් ටික වේලාවක් හේදුවාම ඉවත් වෙලා යනවා. කොහොම වුනත් අතින් අල්ලන්න යන්න එපා.

කෝස්ටික් සෝඩා ඇලුමීනියම් සමඟ හොඳින් ප්‍රතික්‍රියා කරන නිසා මේ වැඩේට ඇලුමීනියම් සම්බන්ධ කරගන්නේ නෑ.

ක්‍රමය:

සබන් හදන එක සම්බෝලයක් හදනවාටත් වඩා ලේසියි. මේකේ අමාරුම වැඩේ තමයි කෝස්ටික් සෝඩා ටික හරියට කිරාගන්න එක.

ආසන්න ග්‍රෑම් 5 ට වත් සෝඩා ටික කිරාගන්න ඕනෑ. ඒක නිසා දල වශයෙන් සෝඩා ටිකක් මැනගෙන ලඟ තියෙන කඩේට ගිහිල්ලා ඉලෙක්ට්‍රොනික් තරාදියෙන් ග්‍රෑම් එකටම මැනගෙන එන්න. සෝඩා වාතයේ තියෙන ජල වාශ්ප උරාගෙන දියවෙන නිසා ග්‍රොසරි බෑග් එකේම තියෙන්න අරින්න. වතුරයි තෙලුයි චුට්ටක් වැඩි වුනාට ප්‍රශ්නයක් නෑ. ඒවා ගෙදර තරාදියෙන් මැනගත හැකියි.

අනුපාතය: තෙල් ග්‍රෑ. 540 ට සෝඩා ග්‍රෑ. 97 යි, වතුර ග්‍රෑ. 242 යි.

1. ප්ලාස්ටික් භාජනයකට වතුර ටික දාලා සෝඩා ටික ටික දදා දිය කරගන්න. ටිකක් රත් වෙනවා.

2. තෙල් ටික ප්ලාස්ටික් භාජනයකට දාලා මේ මිශ්‍රනය තෙල් වලට ටික ටික දදා හොඳට බීට් කරන්න. මිශ්‍රනය කහ පාටට හැරෙයි. හදිස්සියක් නැතුව දිගටම හොඳට බීට් කරන්න. ටික වෙලාවක් යනකොට උකු ගතිය වැඩි වෙයි.

3. සුවඳ කාරක දාන්න. පාට ඕනෑ නම් food colouring ටිකකුත් දාන්න. පාට නොදැම්මොත් හැදෙන්නේ කහපාට සබන් නෙවෙයි. කිරි සුදු පාට සබන්.

4. විනාඩි 10ක් විතර බීට් කරලා අච්චු වලට වක් කරලා වහලා තියන්න.

5. දවසකින් දෙකකින් හයි වෙනවා. ඊට පස්සේ අච්චු වලින් ගලවලා සති දෙකක් පරන කරන්න ඕනෑ. ඒ කාලය තුලත් ප්‍රතික්‍රියාව දිගටම වෙනවා. ඊට පස්සේ පාවිච්චියට ගන්න පුලුවන්.

මේ අනුපාතයන්ට මිශ්‍ර කලාම ලැබෙන්නේ moisturizing සබන් කියලා කියනවා. ඇඟේ ගාන්න හොඳයි. චුට්ටක් ගෑවත් හොඳට පෙන එනවා. අත්දුටුවයි.

උපුටා ගැනීමකි.

25/04/2022
හදිසි අවස්ථා තත්වයක් යනු,*අන්තර්ජාලයෙන් උපුටා පල කිරීමකි.
01/04/2022

හදිසි අවස්ථා තත්වයක් යනු,

*අන්තර්ජාලයෙන් උපුටා පල කිරීමකි.

උම්බලකඩ කුඩු සමග ජනතාවගේ ලිවර් එක දිය කිරීම...අනාදිමත් කාලයක සිට මේ රටේ ජනතාව උම්බලකඩ කෑමට පුරුදු වී සිටියහ. ලුනුමිරිසට,...
17/02/2022

උම්බලකඩ කුඩු සමග ජනතාවගේ ලිවර් එක දිය කිරීම...

අනාදිමත් කාලයක සිට මේ රටේ ජනතාව උම්බලකඩ කෑමට පුරුදු වී සිටියහ. ලුනුමිරිසට, පොල් සම්බෝලයට පමණක් නොව උයන පියන ව්‍යංජන රසවත් කරන්නටත් උම්බලකඩ නැතුවම බැරි අංගයක් විය.

ගිරයකින් උම්බලකඩ උලුප්පා ගත් යුගයක් අප රටේ විය.
ඉන්පසු උම්බලකඩ කැබලි කර පැකට් ලෙස වෙළඳපොළට නිකුත් කරන්නට විය.

ලංකාවේ කිසිම දවසක උම්බලකඩ විකුණන්නට රූපවාහිනී දැන්වීම් ප්‍රචාරය කළේ නැත.

උම්බලකඩ කෑල්ල අද ඒ තත්ත්වයට පත්ව ඇත්තේ බහුජාතික සමාගම් උම්බලකඩ බිස්නස් එකට අත දැමීමත් සමගය. බොහෝ සමාගම් උම්බලකඩ විකුනන්නෙ උම්බලකඩ පවුඩර් මිශ්‍රණයක් නමිනි.

එම ලේබලයේ සැබෑ උම්බලකඩ සමගින් යනුවෙන් තවත් සඳහනක් ඇත. එයින් කියැවෙන්නේ සැබෑ උම්බලකඩවලට අමතරව තවත් ඒවා ඇති බවයි.

ඒවා මොනවාදැයි සොයා බැලූ විට පෙනී යන්නේ අප උම්බලකඩ කුඩු කියා කන්නේ අජිනොමොටෝ බවයි.

මෑතකදී පිළිකා රෝහලේ වෛද්‍යවරයෙකු පවසා සිටියේ පිළිකා රෝහලට අතීතයේදී දිනකට පැමිණෙන නවක රෝගීන් ගණන 7-8 පමණ වූ බවයි. වර්තමානය වන විට එම සංඛ්‍යාව දිනකට 80 පමණ වන බව ඔහු ප්‍රකාශ කළේය.

පිළිකාව අප උපතින් අරන් එනවාද, නැතිනම් බහුජාතික සමාගම් අපට පිළිකා හදනවාද යන්න වටහාගත යුතු කාල සීමාව දැන් එළැඹ ඇත.

ඉස්සර අප දැන සිටියේ ක්ෂණික මෝචනය පමනි. දැන් ක්ෂණික නූඩ්ල්ස්වල සිට හැම කන කෑමක්ම, බීමක්ම ක්ෂණික වී තිබේ.

අපේ ජීවිත ක්ෂණික කරදී ක්ෂණිකව ස්වර්ගයට යන පාර කපාදීම බහුජාතික සමාගම්වල ක්ෂණික කාර්යභාරය වී තිබේ.

මෙකී බහුජාතික සමාගම් ජනතාවගේ ඇස්වලට වැලි ගසන තවත් උපාය මාර්ගයක් ඇත. එනම් ඔවුන් විකුණන ආහාර වර්ග ඇසුරුම්වල ඉදිරිපස 'no added msg' යනුවෙන් ලොකුවට සඳහන් කර තිබීමයි. අපේ රටේ මෝඩ ජනතාව සිතන්නේ මේක මරු කෑමක් කියායි.

එහෙත් ඇසුරුම පිටුපස බැලූවිට යථාර්ථය මොනවාට පැහැදිලි වෙයි. ඉහත 'no added msg' යන පාඨයෙන් කියවෙන්නේ අමතරව msg අඩංගු කර නැති බවයි. එහෙත් ඔවුන් සාමාන්‍යයෙන් එක් කරන msg ප්‍රමාණය එහි අඩංගුව ඇත.

බහුජාතික සමාගම් මෙරට ජනතාවට මෙලෙස වස ගිල්ලවද්දී සෞඛ්‍ය බලධාරීන් නිසොල්මනේ බලා සිටීම විමතිය දනවන කරුණකි. පාරිභෝගික ආරක්ෂා පනත්, පාරිභෝගික අධිකාරිය යනාදී වශයෙන් නහුතයක් අධිකාරි හා සංවිධාන මේ රටේ පිහිටුවා තිබේ. නිදි වැද සිටීම හැර මෙම සංවිධාන කරන වෙනත් කාර්යභාරයක් නැතිදැයි ඇතිවන්නේ බලවත් සැකයකි.

පැණිබීම සම්බන්ධයෙන් ඇති අපූරු කතාවක් මෙහිදී සිහිපත් වේ.

දිනක් පැණිබීම නිෂ්පාදකයකුගේ ගෙදරට ඔහුගේ හිතවතෙකු පැමිණියේය. තම හිතවතාට ඔහු නිෂ්පාදනය කරන පැණි බීම වීදුරුවක් පිළිගැන්වීය.

එහෙත් නිෂ්පාදකයා එය පානය නොකළ බැවින් හිතවතා ඒ පිළිබඳ විමසීමක් කළේය. එවිට පැණි බීම නිෂ්පාදකයා දී ඇත්තේ මෙවැනි පිළිතුරකි.

"පිස්සුද මගේ බල්ලාටවත් දෙනවාද ඔය ජරාව...."

අපි දැන් උම්බලකඩ කුඩු දෙසට හැරෙමු.
උම්බලකඩ කුඩු පැකට්ටුවක් පිටුපස දෙස බලන්න .

එහි සඳහන්ව ඇත්තේ මොනවාද...?

Salt, monosodium glutamate, disodium guanylate, disodium 5- inosinate, corn starch, sugar, palm fat, caramel powder, silica ආදිය එහි අඩංගු බව සඳහන් වේ. මෙයට අමතරව උම්බලකඩ කුඩුද ඇතුළත් කර තිබේ.

ගෙදර උම්බලකඩ කුඩු ටික කොටා ගන්නට කම්මැලි අමන මෝඩ පාරිභෝගිකයෝ උම්බලකඩ නාමයෙන් තම දරුවන්ට අජිනොමොටෝ ගිල්ලවා තමනුත් ඒවා ගිල දමති.

Made in China චිත්‍රපටයේ මෙවන් ප්‍රකාශයක් එයි.
'පාරිභෝගිකයා මෝඩයෙකි'

ලංකාව සම්බන්ධයෙන් නම් එය 100% ක්ම නිවැරදිය. මෝඩයින්ට අමතරව අපි හරකුන්ද වන්නෙමු.

කඩේ උම්බලකඩ කිලෝව රුපියල් 2000 කට ගත හැකිව තිබියදී ඒ වෙනුවට අපි අජිනොමොටෝ දැමූ උම්බලකඩ කුඩු මිශ්‍රණය කිලෝවට රුපියල් 3000 ක් වැයකරමු. (ග්‍රෑම් 40 රුපියල් 120 බැගින් කිලෝ එකට රුපියල් 3000)

අප කන උම්බලකඩ කුඩු මිශ්‍රණයේ තිරිඟු පිෂ්ඨය සහ සීනි ඉහළ ග්ලයිසමික් දර්ශකයක් ගන්නා අතර දිගු කලක් පාවිච්චි කිරීමෙන් ඉන්සියුලින් ප්‍රතිරෝධයක් වීමටත් ඉඩ ඇත. ඒ සමගම මෙහි අඩංගු පාම් මේද මගින් ක්‍රියාශීලී ජීවන රටාවක් නැති අපට අධික රුධිර පීඩනය, කොලොස්ටරෝල් සහ අක්මාව එසේත් නැත්නම් සිරෝසීස් වැනි රෝග තත්ත්වයන්ට අත වනනු ඇත.

මේ බහුජාතික සමාගම් අපට වස කවනුයේ පාරිභෝගිකයා නොමඟ යවන සුළු වාක්‍යවල සඟවාය. ඒවා මෙසේය.

ස්වභාවික රසකාරක, අනුමත රසකාරක, රස යාමනයන්, මෝල්ටඩ් බාර්ලි, වැඩි දියුණු කළ ආහාරමය පිෂ්ඨය, මෝල්ට් සාරය, ස්වභාවික චිකන් රස, ආහාර පදම් කාරක, තිරිඟු සිරප් යනාදී වශයෙනි.

මේවා සියල්ලේම අඩු වැඩි වශයෙන් සඟවා ඇත්තේ අජිනමොටෝය. නැතිනම් msg ය.

අජිනොමොටෝ නම් වෙළඳ නාමයෙන් කවුරුත් දන්නා මොනෝසෝඩියම් ග්ලූටමේට් නැතිනම් msg යන මෙම රසායනිකය මදසරුභාවයට, ලිංගික බෙලහීනතාවයට ප්‍රධාන වශයෙන් බලපායි.

Msg මගින් මොළයේ ඇති රසය හඳුනා ගන්නා සෛලය අධි උත්තේජනයට ලක් කරයි. ඒ අනුව කටේ දමා ගන්නා ඕනෑම දහජරාවක් ඉතාමත් ප්‍රනීත රසයෙන් යුක්ත බව මොළයට සන්නිවේදනය කරයි.

අවසානයේ පුන්නක්කු වුවත් msg දමා එව්වොත් අපේ ජනතාව විසින් ඉමහත් අතිරුචියකින් බුදින තත්ත්වයකට දැන් පත්ව ඇත. අද අප කරමින් සිටිනුයේ එයයි.

පරිප්පුවලටත් අපට සුප් කැටය දැමීමට අවශ්‍යය. පරිප්පු අප කෑවේ දශක ගණනක් එහා සිටයි. අද ඒ පරිප්පුම අජිනමොටෝ දමා චිකන් රසට කන්නැයි බහුජාතික සමාගම් අපට උගන්වයි.

අපි හිස් මුදුනින්ම ඒවා පිළිගන්නෙමු.

අවසානයේ මේ සියලු දෙනාම ගොඩවන්නේ 119 මහරගම- දෙහිවල බස් එකටය. ගමනාන්තය වන්නේ මහරගම පිළිකා රෝහලයි.

උපුටා ගැනීමකි

Happy Independence Day!
04/02/2022

Happy Independence Day!

03/02/2022

Ranjan Nidahas Dawase Gedara Ei Da ? - රන්ජන් නිදහස් දවසේ ගෙදර එයිද ?

09/01/2022

ලොව මිල අධිකම සිතුවම හා කැපවීම.

Christmas Special 🎅
02/01/2022

Christmas Special 🎅

පියුමිගේ තෑග්ග - Piyumige Thagga A production of Sakvahini-CAST-*Jerad Moraes*Lakitha Lakmal*Amila Abeysinghe*Ushan Perera*Shalika Gunawardane-Story & Direct...

ළමයො..... හැපී නිව් ඉයර්......අහ් ස'.... නෑ වැරදියි. ස'මට කියන්ඩ ඕනෙ "Same to you" කියලා..... විකාරද ළමයො....... පටන් ගන...
31/12/2021

ළමයො..... හැපී නිව් ඉයර්......

අහ් ස'.... නෑ වැරදියි. ස'මට කියන්ඩ ඕනෙ "Same to you" කියලා.....

විකාරද ළමයො....... පටන් ගන්න කෙනයි Happy new year කියන්නෙ......

නෑ නෑ......මේ අවුරුද්දේ විදිය වෙනස්..... අද වෙනකොට HAPPY NEW YEAR කියන්නේ තඩි පැරඩියක්නෙ ස'. නමුත් Same to you එහෙම නෑ. එතකොට එතකොට ස' ට පුළුවන් මට Same to you කියන්න....... මට පුළුවන් ස'ට Same to you කියන්ඩ........

ඇයි ලකෝ අපි HAPPY NEW YEAR නොකියා SAME TO YOU කියන්නේ......

කේන්ති ගන්න එපා ස'... ගෑසුත් නැතුව, පෙට්‍රලුත් නැතුව, කිරිත් නැතුව මොකක්වත් නැතුව, පුප පූංචිවෙලා ඉන්න අපිට ස' උණත් හැපී නිව් ඉයර් කිව්වම ඒක offensive ගතියයිනෙ, අනික නිකං හින්ට් එකක් වගේනේ ස'..... මෙච්චර කෙලවිලා ඉද්දි මලපයිනවනෙ මේ අස්සේ හැපියක් ගැන කිව්වම.......

අම්මට උඩු..... .. එහෙමද ළමයො ඇත්තටම...... එතකොට.....

දැන් ස'ට සී ජිං පින් හරි, මෝදි ලොක්ක හරි අඩුම ඉම්‍රාන් කාන් හරිකතාකරලා කට කොනකින් හිනාවෙලා "Happy new year" මචෝ කිව්වොත් මල පයින්නැද්ද මේ වෙලාවේ...... ජනතාවටත් Same....... නමුත් ඉතිං ස'ලටනං හැපියක් ඇති මම කියන්නෙ.....

අන්න බලනවකො කැත හිත.....ලකෝ තමුසෙ හිතන්නෙව මෙච්චර ප්‍රශ්ණ මැද මම හෙණ හැපියෙන් ඉන්නවා කියලා නේද...... තමුසෙලා කවුරුත් තාම මාව දන්නෑ ලකෝ.....

අනේ එහෙම නෙවී ස....... ස' ලට ඉතිං ලොකු අවුලක් නෑනෙ. මම කියන්නේ අපිට වඩා හරි හැපියක් තියෙනවනෙ........ හා නැද්ද.....

හාකො ඉතිං..... දැන් මට කවුරු හරි හැපී නිව් ඉයර් කිව්වම මම මොකද කරන්නේ......

SAME TO YOU කියන්ඩ....

එතකොට මට කෙනෙක් හම්බුණාම මම ඉස්සරලාම මොකද්ද කියන්නේ....

ඒත් SAME TO YOU ම කියන්ඩ..... අනික තව දෙයක් ස'.....

මොකද්ද......

අර මාද්දිය ඒකකේ ඉන්න මහත්තුරුන්ට කියන්ඩ අර හැමදාම ස' ගෙන් එන 'කිරියෙං පැණියෙන් ඉතිරේවා,ඔබ සැමට සුබ නව වසරක් වේවා' කියන එකනං එවන්ඩ හිතන්ඩවත් එපා කියලා මේ පාර.....

එහෙම කොහොමද...... ඒක චාරිත්‍රයක්නෙ මගේ රස්සාවේ......

දැන් අවුරුදුගාණක් තිස්සේ ඔය රස්සාවම චාරිත්‍රයක් විතරයිනෙ ඒකනං...... මේ වෙලාවෙනං හිතන්ඩවත් එපා ඒක එවන්ඩ....

එතකොට මොකද්ද මම කරන්ඩ ඕනෙ.....

SAME TO YOU කිය කියම ඉන්ඩ සද්දම නැතුව......ජනතාව සුබ නව වසරක් වේවා කියලා ස' ලට කියනකල්ම ඉවසලා ඉන්ඩ...........

කියයි කියයි මේං කියලා..... අනේ මේ ලකෝ....

කියනවා..... බයවෙන්ඩ එපා.... දැං ඔය මොනා කිව්වත් 2025 වෙනකොට ජනතාව ස'ලට සුබ පතනවම තමයි...... බලන්ඩකෝ..... මේ අනුරයියැලෑ ඒවා ස'ලත් සීරියස් ගන්නවනෙ. මලවිකාර......හා දැං මේක ආයෙම මුල ඉඳල පටං ගමු..... ට්‍රීං ට්‍රීං....

ඇයි ඒ......

ෆෝන් එක රින්ග් වෙනව කියලා හිතලා ස' හලෝ කියන්න.....

මේ ළමයගෙ විකාර....... හලෝ......

SAME TO YOU ස'.....

බොහොම ඉස්තූතියි ලකෝ...... ඔයාටත් SAME TO YOU........

දැක්කනෙ හරි සරලයි. සැහැල්ලුවක් දැයෙනවා නේද..... මොකද දන්නවද ඒ. අපිට දැන් රටක් විදියටම එකතුවෙලා මූණෙන් මූණ බලං ඇත්තටම කියන්ඩ පුළුවන් එකම දේ... "Same to you..." විතරයි..... ඒක හරි අවංකයි HAPPY NEW YEAR කියනවට වඩා......

අන්තිම ටික කියද්දි ෆෝන් එක තියලා...
එහෙනං හැමෝටම "සේම් ටු යූ හොඳේ..."

- Laka Darmarathna -
*Copied

Spider Manට ගෑස් නැති උනහම.
30/12/2021

Spider Manට ගෑස් නැති උනහම.

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Sakvahini - සක්වාහිනී posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share